24 April, 2024

Blog

කාන්තාවෙනි, ඔබේ පැලෝපීය නාලත්, මොළයත් පටලවා නොගන්න !

ගෘෂා ඇන්ඩ්රූස් –

වෛද්‍ය ශාෆි සියාබ්දීන් පිළිබඳව සත්‍යය සොයා යන්නේ නම් අප විසින් පළමුව කළ යුත්තේ සන්සුන් වීමය.

දෙවනුව කළ යුත්තේ මනුෂ්‍ය ලේ, මස්, වැදෑමහ කවා සිය බෙලහීන දේශපාලන මළකුණු වලට ප්‍රාණය කවන්නට උත්සාහ කරන අපතයන් හට ප්‍රසිද්ධිය ලබා දීමෙන් වැළකීමය. ඔවුන්ගේ නම් වත් අප විසින් කිසි තැනක නොලියවිය යුතුය. එම ජාතිවාදී මළ කඳන් විසින් කර ඇත්තේ වෛද්‍ය වෘත්තියේ ගෞරවයේ මිනී පෙට්ටියේ අවසාන ඇණය ගැසීම පමණි. 

මා පෞද්ගලිකව සිතන ආකාරයට වෛද්‍ය ශාෆි සියාබ්දීන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට තව දුරටත් සුදුසු නොවේ. තවද මා සිතන ආකාරයට පශ්චාත් පාස්කු ශ්‍රී ලංකාවේ ඔහුගේ ජීවිත් ආරක්ෂාව සහ වෘත්තීය ගරුත්වය විනාශ වී හමාරය. 

අසිරිමත් ලෙස හෙට එලි වන විට ඔහුව සියලු චෝන්දනා වලින් නිදහස් කලද (බදුර්දීන්, හිස්බුල්ලා, සාලි, මුජිබර් ව සිහි කර ගමු, මිතුරනි!), වෛද්‍ය ශාෆි ට සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමට වර්තමාන සමාජය ඉඩ නොදෙනු ඇත. එයට හේතුව නම් බදුර්දීන්, හිස්බුල්ලා, සාලි, මුජිබර් වැනි වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට තරම් ඔහු තව මැර දේශපාලකයකු නොවීමය. සිය පෙනහළු වල හුස්ම පොදක් ඉතිරි වී ඇති තුරු කෑ ගැසීම, තමාව සාධාරණීකරණය කර ගැනීම, බලයට හෙට්ටු කිරීම, රජුන් තැනීම ඉහත දේශපාලකයින් කරනු ඇත. ඔවුන්ගේ අවසන් සුසුම පිටවූ දින ට පසු දින ඔවුන්ගේ පුතුන් එම අඩුව පුරවනු ඇත. 

ශාෆි ඉවරයි!

නමුත් වෛද්‍ය ශාෆි එතරම් වාසනාවන්ත නැත. 

ඔහුගේ අවාසනාවට ඔහු බදුර්දීන්, හිස්බුල්ලා, සාලි හෝ මුජිබර් නොවේ. 

ඔහු විනාශනය වූ මිනිසෙකි. 

එහි වරද කාගේද? 

මා සිතන ආකාරයට එහි වරද වෛද්‍ය ශාෆිගේමය. ඔහු සිය චන්ද ව්‍යාපාරය සඳහා ප්‍රතිරූපය පුම්බා ගැනීමට තමා සිසේරියන් සැත්කම් 8000 ක් කර ඇති බවට පුවත් පතකට පම්පෝරි ගැසුවේය. වෛද්‍යවරයකු ලෙස සිය තත්ත්වය පෞද්ගලික ප්‍රයෝජයන සඳහා එසේ අපයෝජනය කිරීම හිපොක්‍රටීස් ප්‍රතිඥාව මෙන්ම සෙසු නීති රීති වලද උල්ලන්ඝනයකි. 

තවද ඔහු විසින් උපයා ඇති කියන අසීමිත ධනය පිලිබඳ ප්‍රශ්නයද වෙයි. 

මේ පිබඳ මගේ පෞද්ගලික මතය මෙයයි: වෛද්‍ය ශාෆි ට වුවමනා වුයේ දේශපාලන බලය හා ගෙන පාර්ලිමේන්තුවට යාමයි. ඔහුට ඒසඳහා බලවත් මුස්ලිම් දේශපාලකයාගේ උදවු ලැබුණි. එම බලවත් දේශපාලකයෝ අඩු වැඩි වශයෙන් වහබ්වාදීන් හෝ මුලධර්මවාදීන් ඇසුරු කළ අය වෙති. හිස්බුලා අප්‍රේල් 21 මරාගෙන මැරෙන බෝම්බ කරුවා සමග ගත් පින්තුරය පිළිඹිඹු කරන්නේ දේශපාලනයේදී එවැනි හමු වීම් සිදුවන බවය.

ඔහු වහබ්වාදී අන්තවාදීන් ට, ඉහත පුවත් පත් සාකච්චාවේ කළ පරිදී තමා සිංහල ජන විනාශනය කරන බවට පාරම් බාන්නට ඇත. ඔහු අන්තවාදීන්ගේ මුදල් ලබා ගැනීමට තමා ඔවුන්ගේ න්‍යායපත්‍රයට කටයුතු කරන බව පෙන්වන්නට ඇත. මිලියන හෝ බිලියන ගණන් මුදල් ලබා ගන්නට ඇත.පාරම් බෑමට ඔහුට වැය වන්නේ වචන පමණි. මා සිතන්නේ ඔහු මෙම බොරුව පවත්වාගෙන යාමෙන් අන්තවාදීන්ගෙන් මුදල් සහ දේශපාලන උපකාර ලබා ගත් බවය. 

මා සිතන්නේ වෛද්‍ය ශාෆි කාන්තාවන් වඳ නොකරේ ඔහු හොඳ මිනිසෙක් නිසා නොවේ. මා  අදහන්නේ ඔහු එය නොකළේ එය ශල්‍ය වෛද්‍ය කණ්ඩායමේ සම්පුර්න  සහයෝගය නොමැතිව, සාක්ෂි සඟවා කාන්තාවන් 4000ක් වඳ කිරීම සාමාන්‍යයෙන් සිදු කළ නොහැකි නිසාය. 

මගේ අනුමානය නම් වෛද්‍ය ශාෆි සිදු කලේ දේශපාලන තැරවූකරුවන් සාමාන්‍යයෙන් කරන දෙයයි. පගාව ගෙන “උපකාරය“ සිදු නොකිරීමයි. උපකාර කරන බව පෙන්න පෙන්නා එය නොකරන නමුත් තවත් පගාව ගැනීමයි. මා විශ්වාස කරන්නේ සිංහල ජන විනාශනය පෙන්වා, ඒ හරහා මුදල් ලබා ගෙන, මුදල් විශුද්ධිකරණය සිදු කල සංකීරණ ජාලයක කොටසක් වූ බවයි. ඔහු මෙය කලේ දේශපාලන බලය ලබා ගැනීමටය. 

නමුත් මේ මගේ අදහසක් පමණි 

නමුත් මෙය අපට සිහි ගන්වන්නේ දේශපාලන ආශාව හිස අරක් ගත විට කොයි තරම් කෘර යක්ෂයන් උතුම් වෘත්තියක් කරන්නෙකුට පවා ආරූඪ වනු ඇතිද යන්නයි. 

නිවැරිදි විමර්ශනයක් කළ හැක්කේ කෙසේද? 

1. සාධාරණ නියැඳියක් ලබා ගැනීම

මෙම කරුණ පිළිබඳව සත්‍යය සෙවීමේ අරමුණින් සාධාරණ පරීක්ෂණයක් කෙරෙයි නම් පළමුව රජය විසින් කළ යුත්තේ මොලේ කලඳක් නොමැති, ලේ පිපාසිත දේශපාලන අපතයන් ලවා “වෛද්‍ය ශාෆි විසින් වඳ කරනු ලැබූ කාන්තාවන පෙරට එන“ ලෙස සමාජය කළඹවමින් අඬබෙර ගැසීම වහා නැවත්වීමයි .

මෙවැනි භාරධුර වමර්ශන්යක් සඳහා සාධාරණ නියන්දියක් (සාම්පලයක් )ලබා ගැනීම ජන මාධ්‍ය ඔස්සේ කිසිසේත්ම කල නොහැක. සෞඛය අමාත්‍යංශයේ අඳ බාලයන්ට සහ ශෆිගේ ලේ ඉල්ලන මහාචාර්යවරුන යයි  කියා ගන්නා අඳ බාලයන්ට මෙය නොතේරෙයි. 

සැම රෝහලකම වෛද්‍ය වාර්තා වසර 10ක් යනතුරු පවත්වා ගෙන යනු ලබයි. 

ශල්‍යාගාරය තුල සිදු කරන ශල්‍ය කාර්ම සියල්ල ලේජරයක සටහන් කරන අතර සැම ශල්‍ය කර්මයක් ම සිදු කලේ කවර වෛද්‍යවරයාද යන්න එහි සටහන් වෙයි. සෑම ඇඳ ඉහ පතකම රෝගියාව සම්බන්ධ කර ගත හැකි ලිපිනයක් හා/ හෝ දුරකථන අංකය සඳහන් වෙයි. සිදු කළ යුත්තේ වෛද්‍ය ශාෆි විසින් සිසේරියන් සැත්කම සිදු කළ කාන්තාවන් ගෙන් නියැඳියක් අහඹු ලෙස ලබාගෙන ඒ අය අතරින් වඳ භාවයට පත්වූවන් ප්‍රතිශතය කවරක් දැයි ගණනය කිරීමයි. රට කළඹවා ජන මාධ්‍ය තුලින් කෑ ගසා සාධාරණ නියැඳියක් ලබා ගත නොහැකිය. 

2. චෝදනා තහවුරු කර ගැනීම 

සාධාරණ නියැඳිය ක් ලබා ගත පසු කළ යුත්තේ එම නියැඳියෙන් මවුවරුන් කී දෙනෙකු වඳ භාවයට පත්ව ඇත් දැයි ප්‍රථමයෙන් සොයා බැලීමයි. “වෛද්‍ය ශාෆි සැත්කමක් කිරීම”  හැරුණු කොට එක දරුවෙක් ලැබුණු පසු වඳ භාවයට පත්වීමට හේතු වන වෙනත් හේතු ඔවුන් තුල වෙයි දැයි සෙවිය යුතුය. 

වෛද්‍ය ශාෆි මවකට සැත්කමක් කල පමණින් ඔහු විසින් ඇයව වඳ භාවයට පත් කල පවා ඔප්පු නොවේ. මානව ජීවවිද්‍යාව සහ මානව ප්‍රජනන විද්‍යාව ඊට වඩා බොහෝ සංකීර්ණ වෙයි. වෛද්‍ය ශාෆිව කුරුසයේ ඇණ ගසන්නට යමෙකුට සිතුනු පමණින් එය සිදු කළ නොහැක. 

පැලෝපීය නාල අවහිර වීමට හේතුවන හේතු රාශියකි:

ශ්‍රෝණි ආසාදනය 

කලින් අවස්තාවක උණ්ඩුක පුච්චය පිපිරීම

ගොනොරියාව , ක්ලමීඩියා ආදී ලිංගිකව බෝවන ආසාදන 

උදර කුහරයේ ශල්‍යකර්ම නිසා සිදු වන පටක ඇලීම් 

පැලෝපීය නාල අග ඉදිමීම – “හයිඩ්රො සැල්පිනක්ස්“

එම හේතු සොයා බැලිය යුතුය. 

3. වෛද්‍ය ශාෆි අවසරයකින් තොරව වඳ සැත්කම් කළාද? 

පැලෝපීය නාල අවහිර කරන අනෙකුත් සාධක නොමැති බව තහවුරු කර ගත පසු අදාළ මවගේ අන්ද ඉහපත ගෙන ය වන්ධ්‍යකරණයට අනුමැතිය දෙන පත්‍රිකාව අත්සන් කර ඇතිදැයි බැලිය යුතුය. එසේ නොමැතිනම්, ඇයවවෛද්‍ය  ශාෆි විසින් බලහත්කාරයෙන් වන්ධ්‍යකරණය කරන ලද්දී දැයි සනාථ කිරීමට හිස්ටෙරෝසල්පින්ගෝග්‍රෑම් පරීක්ෂණයක් හෝ ලැපරෝස්කොපි පරීක්ෂණයක් කිරීම සඳහා වෛද්‍ය ශාෆි ට චෝදනා කරන මව කැමති විය යුතුය. වෛද්‍ය ශාෆිට ශල්‍යකර්ම කිරීමට සහය දුන් වෛද්‍ය වරුන් සහ හෙදියන්ගේ සාක්ෂිද ලබා ගත යුතුය. 

මධ්‍යස්ත විද්‍යාත්මක ක්‍රියාවලියකින් මෙම අපරාධය සිදු කරන ලදී යයි ඔප්පු වෙයි නමවෛද්‍ය ශාෆි ට උපරිම දඬුවම් හිමි විය යුතුය. 

රුපවාහිනි කැමරා ඉදිරියේ ඉන්දියානු ටෙලි නාටක වල දකින ආකාරයේ නාටක රඟන කාන්තාවන් මෙම ක්‍රියාදාමයට එකඟ නොවේ නම් තමාගේ හැසිරීම පාලනය කර ගෙන පසෙකට විය යුතුය. අපි උදෑසන අවදි වූ විට මිනිසෙකු එල්ලා මැරීමට සිතුනා කියා අපට එසේ කළ නොහැකිය. 

කාන්තාවෙනි, සිහි එලවා ගන්න!

ඔබ ඔබෙන්ම පහත ප්‍රශ්න අසන්න: 

1. කනිෂ්ට වෛද්‍යවරයකු මෙවැනි විනාශයක් (කළා නම්) කරද්දී, ඔහු ව සුපරීක්ෂණයට බැඳී සිටින විශේෂඥ ප්‍රසව හා නාරී වෛද්‍යවරයා කොහේ මක බෑවී සිටියේද? 

2. කනිෂ්ට වෛද්‍යවරයකු සිංහල ජාතිය විනාෂනයකරන බවට රාවයක් පැතිරෙද්දී,ඔහු  සිසේරියන් සැත්කම් 8000ක් සිදු කරන තුරු විශේෂඥ ප්‍රසව හා නාරී වෛද්‍යවරයා සැබවින්ම රෝහල තුල සිටියේද? 

3. එම විශේෂඥ ප්‍රසව හා නාරී වෛද්‍යවරයා ඇත්තටම සිටියේ කුරුණෑගල, මහනුවර හෝ කොළඹ පෞගලික රෝහලක පෞද්ගලික චැනල් සේවයේ යෙදෙමින්ද? 

4. මේ සැත්කම් වෛද්‍ය ශාෆි කරන අතරතුර එම විශේෂඥ ප්‍රසව හා නාරී වෛද්‍යවරයා සැබවින්ම කුරුණෑගල රෝහලේ සිටියේදැයි පොලිස් අපරාධ පරීක්ෂකයන් විමසිය යුතුය. 

5. තමාගේ පෞද්ගලික චැනල් කිරීමට සහ සුව පහසුවට ඉඩ සලසා අපරාධකාරී ලෙස සිය වගකීම පහර හැර , කනිෂ්ට වෛද්‍යවරයකුට හිතුමතයේ ජන විනාශනය (කළා නම්) කිරීමට ඉඩ දුන් එම විශේෂඥ ප්‍රසව හා නාරී වෛද්‍යවරයා නෛතිකව, ධූරවලියෙන්, සදාචාරාත්මකව මේ සියල්ල සඳහා වග කිව යුතුය. 

6. සමාජමාධ්‍ය වල සහ අතන මෙතන, තමා මේ අපරාධය දුටු බවද, 4000ක් මවුවරුන්ට මෙය සිදු වූ බව දැන සිටි බවද ප්‍රකාශ කරන සියලු වෛද්‍ය වරු, හෙද හෙදියන් , මහාචාර්යවරුන් මෙම අපරාධයේ (සිදු වුවා නම්) වග උත්තර කරුවන්ය. ඔවුන්ගේ දඬුවම කුමක් විය යුතුද?

වසර දහයක් තිස්සේ කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ ආදර්ශ පාඨය අපට කියන පරිදි “ජනමාධ්‍යකරණයේදී සත්‍යය ක්‍රියාදාමයකි “  

එය වෛද්‍ය විද්‍යාවටද වලංගුය. 

එය දේශපාලනයටද වලංගුය 

එය ජීවිතයටද වලංගුය. 

මූලාශ්‍ර :

Ott, Johannes et al. Assessment of Tubal Patency: A Prospective Comparison of Diagnostic Hysteroscopy and Laparoscopic Chromopertubation. Journal of Minimally Invasive Gynecology, Volume 0, Issue 0

Khalaf Y. ABC of subfertility. Tubal subfertility. BMJ. 2003; 327(7415):610–613. doi:10.1136/bmj.327.7415.610

කලම්බු ටෙලිග්‍රාෆ් හි පළවූGet A Grip, On Your Tubes And Brains, Ladies!ලිපියේ සිංහල පරිවර්තනය කරනු ලැබුවේ ගෘෂා ඇන්ඩ්රූස් විසිනි. 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    ගුර්ශා ගේ ඉංග්‍රීසි ලිපියෙහි ඉතා පැහැදිලිව කියා ඇති පිස්සු ප්‍රකාශයක් නම්, මෙම ව‍යිද්‍ය වරයා තමා වංද බවට පත් කලායයි කියන ගැහැනුන් එකතු කොට ඔවුන් වෙනුවෙන් නඩු දැමීම වැරදි බවය! ගුර්ශා අනුව, කලයුත්තේ මෙම දොස්තර ගෙන් පිලිකම් ගත් ගැගැනු සාමපලයක් අහම්බාකාරයෙන් (රන්ඩම් random sample) තොරා ගෙන, ඔවුන් අතර කී දෙනෙක් ගේ ගැබ් වීමේ හැකියාව සා කොට තිබේදැයි විමසීමය!
    කැකිල්ලේ රජ්ජුරුවන් ගේ කාලයේ වත් එවැනි වික්‍රියා ක්‍රමයක් කලේ නැත. උසාවියක් ඉදිරියෙහි ඕනෑ කෙනෙකුට යම් අයෙකුට විරුද්දව චෝදනාවක් ගෙන ඒමට මානුෂික අයිතිවාසිකමක් ඇත. එයවත් අපගේ දුප්පත් අම්ම වරුන්ට නැති කිරීමට මේ පිස්සු ලේඛකයා පුදුම අන්දමේ තර්කයක් මෙම ලිපියෙන් ඉද්‍රි පත් කොට ඇත. මීට කලින් සුප්‍රකට ක්‍රිකට් සූරයෙක් වන ලෝක ගෞරවය ලබා ගත් සංගක්කාර මහතා ට ද මේ ලේඛකයා නොගරු බසින් නිග්‍රහ කලේය. අන්තර් ජාතීය ගෞරවයක් ලද සුප්‍රකට විද්‍යාඥයෙක් වන මහාචාර්ය ධර්මවර්ධනට ද අහේතුකව පහර දුනි. ඇත්ත වශයෙන්, ගුර්ශා නම් ලේඛකයා සොයන්නේ කොහොම හරි, අනුන්ට කුනු ගහා හෝ, එක්කෝ විකාර මතයක ප්‍රකාස කොට හෝ, කරලියට පැමින ප්‍රසිද්ධ වීමය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.