15 October, 2024

Blog

මේ සියල්ල වන තුරු විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා සිටියේ කොහිද? 

සඳගෝමි හීන්පැල්ල

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයෙට අනුයුක්ත ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධරයෙක් නීතිවිරෝධී ලෙස මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කිරීම පිලිබඳ සත්‍යය කුමක්දැයි රටම බලා සිටින මොහොතක මෙම සිද්ධිය වෛද්‍ය වෘත්තීය හා බැඳුනු වැදගත් ප්‍රශ්න රැසක් මතු කරයි. ඉන් මතුවන බරපතල සහ විනාශකාරී කරුණු  වෛද්‍ය වෘත්තීය නමැති උතුම් වෘත්තයේ චිරස්ථිතිය ටද අභියෝග කරනු ඇත. 

සිංහල බෞද්ධ මවුවරුන් ව අනුමැතියකින් තොරව වඳ කිරීමේ සැත්කමක් සිසේරියන් සැත්කම් සමග කිරීම පිලිබඳ චෝදනා සමගම, එහා බැඳුනු වැදගත් ප්‍රශ්න රැසක් මතුව ඇත. 

1. ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධරයකුට  සිරේරියන් සැත්කම් කීයක් දිනකට කළ හැකිද? ඔහුගේ වෘත්තීය ජීවිතය තුල එවන් සැත්කම් කීයක් කළ හැකිද? 

2. ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධරයකුට විශේෂඥ වෛද්‍යවරයකුගේ සුපරීක්ෂණයෙන් තොරව සිසේරියන් සැත්කම් කල හැකිද? 

3. රෝගියා ගේ සුරක්ෂිතතාවයෙහි සහ ප්‍රතිකාර වල ප්‍රාමාණික භාවයෙහි අවසාන වගකීම කවූරුන් පිට පැටවී ඇතිද? 

4. වෘත්තීය අවභාවිතය වැලක්වීමට සහ රෝගියාගේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමට තිබෙන ක්‍රමවේදයන් මොනවාද? 

රජයේ රෝහල් වල රෝගී ප්‍රතිකාරය සිදු කරනු ලබන්නේ රජයේ චක්‍රලේඛ සහ වෘත්තීය ආයතන වලින් නියම කර ඇති ක්‍රමවේදයන්ට අනුවය. 1993 ඔක්තෝබර් 5 වන දින එවක සෞඛ්‍ය ලේකම් වරයා වූ වෛද්‍ය ජෝ ප්‍රනාන්දු මහතා විසින් ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධාරීන් ගේ සුපරීක්ෂණය පිළිබඳව නිකුත් කළ චක්‍රලේඛය අදටද ඒ හා සම්බන්ධව වලංගු එකම චක්‍රලේඛය වෙයි. 

එම චක්‍රලේඛයට අනුව ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධරයා විසින් විශේෂඥ වෛද්‍යවරයාට ශල්‍යකර්ම වලදී සහය දීම සිදු කළ යුතුය. ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධරයා ව සුළු හා  මධ්‍යම ප්‍රමාණයේ ශල්‍යකර්ම සිය සුපරීක්ෂණය යටතේ සිදු  කිරීමට පුහුණු කිරීම විශේෂඥ වෛද්‍යවරයාගේ වගකීමකි. විශේෂඥ වෛද්‍යවරයා ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධරයාගේ කෞශල්‍යය ගැන සෑහීමකට පත් වෙයි නම් සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ශල්‍ය කාර්ම විශේෂඥ වෛද්‍යවරයාගේ සෘජු සුපරීක්ෂණය නොමැතිව සිදු කිරීමට අනුමැතිය දිය හැකි වුවද එසේ ශල්‍ය කර්ම සිදු කරන හැම  අවස්ථාවකදීම විශේෂඥ වෛද්‍යවරයා ශල්‍යාගාරය තුළ සිටිය යුතුය. ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධරයාගේ කෞශල්‍යය පිළිබඳව සම්පුරණයෙන් සෑහීමට පත් වෙයි නම් පමණක් විශේෂඥ වෛද්‍යවරයා ශල්‍යාගාරය තුළ නැති විට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ශල්‍යකර්ම කිරීමට ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධරයාට අනුමැතිය දිය හැක. නමුත් එවැනි අවස්තාවක වුවද විශේෂඥ වෛද්‍යවරයා රෝහල තුළ සිටිය යුතුය. 

දැනට පවතින රෙගුලාසියට අනුව සියානු සංකීර්ණ /බැරෑරුම් ශල්‍යකර්ම ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධරයාට පැවරීම සිදු කල නොහැකි අතර ඒවා අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍ය වරයා විසින සිදු කළ යුතුය. 

මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණ වන්නේ ප්‍රසව හා නාරිවේදයේදී , කාන්තවකට දෙවන වර කරන සිසේරියන් ශල්‍ය කර්මය බැරෑරුම් ශල්‍ය කර්මයක් ලෙස සලකන බවය. 

ඉහත කරුණු සැලකීමේදී පැහැදිලි වන්නේ වලංගු චක්‍ර ලේඛයට අනුව පමණක් කටයුතු කළහොත් අද වනවිට රෝහල් වල කෙරෙන ශල්‍යකර්ම ප්‍රමාණය එලෙසින්ම කළ නොහැකි බවය. එසේ වුයේ නම මූලික රෝහල්, දිස්ත්‍රික්ක මහා රෝහල්, ශික්ෂණ රෝහල් ආදී සියලු රෝහල් වල මෙතරම් ශල්‍ය කර්ම කළ නොහැක. සැබවින්ම සිදු වන්නේ ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධරයා ලවා ශල්‍ය කර්ම වල වැඩි කොටස කරවා ගනීමය්. මෙය එසේ නොවන්නේ පශ්චාද් උපාධි පුහුණුවට රෙජිස්ට්‍රාර් වෛද්‍ය  වරු සිටින රෝහල් වල පමණි. ඒවාගේ ශල්‍යකර්ම වැඩි කොටස රෙජිස්ට්‍රාර් වරුන් විසින් කරනු ලැබේ.  

චක්‍ර ලේඛයට පටහැනි වුවද යතාර්ථය නම් විශේෂඥ වෛද්‍යවරයා ශල්‍යාගාරයේ තබා රෝහලේවත් නොමැති විට සුපරීක්ෂණයෙන් තොරව සැත්කම් කරන්නේ ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධරයා බවය. පශ්චාද් පුහුණු රෙජිස්ට්‍රාර්වරුන් නැති කාල වලදී එම බර ඇදීමද ඔවුහු සිදු කරති. විශාල ශල්‍ය කර්ම ලැයිස්තු සම්පුර්ණ කරන අතර ඔවුහු සංකීර්ණ ශල්‍ය කර්මද කරති. ඔවුහු “ සුදුසුකම් නොලද්දන්” වන්නේ ඔවුන් ට ඒ සඳහා අත්දැකීම් නැති වීම  හෝ කෞශල්‍යය නැති නිසා නොව ඔවුන් අදාළ විභාග සමත් වී නොතිබීමය.  

පශ්චාද් වෛද්‍ය විභාග වලින් සිසුන් මහත් සේ අසමත් කිරීම සහ ඔවුන්ගේ පුහුණුවට එසේ නම් රෙගුලාසිය හා යතාර්ථය අතර හිඩැසට හේතුව කුමක්ද?

1. ශික්ෂණ රෝහල් වල හැරුණු කොට අනෙක් රෝහල් වල රෙජිස්ට්‍රර්වරුන්ගේ දරුණු හිඟයක් පවතී. එයට හේතුව පශ්චාද් උපාධි විභාග වලින් සිසුන් සමත් වීම ඉතා අඩුවීම සහ සමත් වන්නන් පුහුණු කිරීමේ අවස්ථා විරල වීමයි.  

2. වසර ගණනාවක් විශේෂඥ වෛද්‍යවරයකු යටතේ පුහුණු වී එම අංශය පිලිබඳ දැනුමක්  සහ කුසලතාවයක් ඇති ජ්‍යෙෂ්ට වෛද්‍ය  නිලධරයන්ට යම් අංශයක “අංශ රෙජිස්ට්‍රාර්“ වැනි පදවියක් ලබා දුන්නේ නම් මෙම තත්ත්වය තරමක් සමනය විය හැක.  

3. මෙසේ අතරමැදි කාඩරයක් නිර්මාණය කර රෝගී සුරක්ෂිතතාවය වෙනුවෙන් වැඩපිළිවෙලකසකස් කරන ලෙස කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිරන්තරයෙන් ඉල්ලා සිටියද එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.

4. වැඩිදුරටත් සඳහන් කළ යුතු කරුණ වන්නේ විශේෂඥ වෛද්යවරුන් බිහි කරන වේගය ඉතා මන්දගාමී වීමය. වෛද්‍ය ක්ෂේත්‍රය තුළ පොදු පිළිගැනීම නම් අද දින බිහි වන විශේෂඥ වෛද්‍යවරයාට ඔහුගේ වෘත්තීය ජීවිතයේ අවසාන භාගය වන තුරුම ශික්ෂණ රෝහලක සේවය කිරීමට නොහැකි වනු ඇති බවය. 

5. සුදුසුකම් සපිරූ විශේෂඥ වෛද්‍යවරුන් බිහි කිරීමට ඇති ප්‍රධානතම බාධාව වන්නේ මුළු රටටම විශේෂඥ වෛද්‍යවරුන් බිහි කිරීමට ඇත්තේ එකම පශ්චාද් උපාධි වෛද්‍ය ආයතනයක් වීමය. අද වන විට ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥයන් බිහි කරන පශ්චාද් උපාධි පාඨමාලාවේ සමත් ප්‍රතිශතය සලකන විට ම විශේෂඥයින් මුහුණ දෙන ගැටලුව පිලිබඳ හොඳ අදහසක් ලබා ගත හැක. අද වන විට ප්‍රසව  හා නාරි විශේෂඥ විභාගයේ දෙවන කොටසට පෙනී සිටින (Part II) අපේක්ෂකයන් (මොවුන් හඳුන්වන්නේ රෙජිස්ට්‍රාර් යන නමිනි) 51ක් දෙනෙක් සිටින අතර ඉන් 37 දෙනෙකු එම විභාගයට ප්‍රථම වරට පෙනී සිටින්නන්ය. සෙස්සන් එම විභාගය වරක් , දෙවරක් හෝ තෙවරක් අසමත් වුවන්ය.  

6. සුසුසුකම් සපිරූ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් තිබුනද එම හිඟය පිරවීමට කිසිදු උනන්දුවක් සෞඛ්‍ය අමාත්‍යංශයට හෝ පශ්චාද් උපාධි වෛද්‍ය ආයතනයට නැත. 

මෙවැනි උදාසීන ආකල්ප වලින් සිදු වනුයේ මුළු මහත්  යාන්ත්‍රණයම අසමත් වීම සහ සදාචාර විරෝධී සහා වෘත්තීය අවභාවිතය නැගී ඒමයි. රටෙහි ප්‍රධාන රෝහල් ඇතුළු අන් රෝහල් ගණනාවක විශේෂඥ වෛද්‍ය පුරප්පාඩු තිබියදී එම පුරප්පාඩු පුරවන්නේ නැතිව සිටින්නේ  මක් නිසාද? මේ නිසා සිදු වන්නේ නනිෂ්ට වෛද්‍ය නිලධාරීන්ව නිසි ලෙස සුපරීක්ෂන්යට භාජනය නොවීමය. චක්‍රලේඛය කුමක් කීවද අවසානයේ සිදු වන්නේ විශේෂඥ වෛද්‍යවරුන් පෞගලික රෝහල් වල චැනල් කරද්දී ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධාරීන් විසින් අදාළ එකක වල රෝගීන් රැක බලා ගැනීම සහ ශල්‍ය කර්ම සිදු කිරීමය. 

කලම්බු ටෙලිග්‍රාෆ් හි පළවූWhere Was Dr Shafi’s Supervising Consultant While “All This” Was Happening?” ලිපියේ සිංහල පරිවර්තනයකරනු ලැබුවේ ගෘෂා ඇන්ඩ්රූස් විසිනි. 

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.