26 April, 2024

Blog

මහ බැංකුවේ අධිපතිට පමණක් මේ අර්බුදයෙන් ගැලවීමට උරදිය හැකිද?

ගුණතිලක තන්තිරිගම

ආචාර්ය ගුණතිලක තන්තිරිගම

මහ බැංකුවේ අධිපති තනතුරට දශක තුනක දිගු සේවයකින් පසු මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස විශ්‍රාම ගිය මනා පළපුරුද්දක් ඇති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත් කිරීමට ගත් බුද්ධිමත් තීරණය යම් සහනයක් ගෙන දෙයි. මේ ජේෂ්ඨ නිලධාරියා පත් කිරීම නිසා යම් විශ්වාසයක් මහජනයා තුළ ද සෙසු පාර්ශවකරුවන් තුළ ද ඇති වී තිබෙන බවට සැකයක් නැත. දැනටමත් කඩා වැටී ඇති මහ බැංකුවේ ප්‍රතිරූපය නගා සිටුවීමට එතුමා වැදගත් පියවරයන් ගනු ඇත. ඔවුන්ගේ හැකියාවේ තරමට මේ අර්බුදයෙන් ගැලවීම උදෙසා යම් සාධනීය පියවරයන් ගැනීම සම්බන්ධයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට අපේ සුභපැතුම් හිමි වේ.

මුදල් මණ්ඩලයේ පළමු රැස්වීමේදීම අහස උසට යමින් තිබෙන මේ වනවිට සියයට හතලිහත් ඉක්මවමින් තිබෙන උද්ධමනය පාලනය කිරීම සඳහා වැදගත් වන සියයට 7 ව පැවති ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 13.5 දක්වා ඉහළ දැමීම වැනි තීන්දු දැනටමත් ඔහු විසින් ගෙන තිබේ. ඒ තීරණය මුදල් වෙළඳපොල තුළ ද ආර්ථිකය තුළ ද තවදුරටත් දිගින් දිගට විහිදී යන වෙනස්කම් ඇති කිරීමට නියමිත ය. පසුගිය දශක දෙකක පමණ වන යුගයේ ආර්ථිකයේ ඇති වූ තිබූ අර්බුදය උග්‍රකිරීමට මීට කලින් මහ බංකු අධිපති ධුරය දැරූ දෙදෙනාම දායක වූ බව පිළිගත යුතු ය. ඔවුන් ආර්ථිකයේ හා මුදල් වෙළඳපොලේ යථාර්තයන්ට පිටුපා කටයුතු කරමින් ආඩම්බර ප්‍රකාශ නිකුත් කිරීමටත් මුග්ධ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කර තිබුණි. ආර්ථිකය අගාධයකට තල්ලු වී යනු දැක දැකත් එය පාලනය කිරීමට කිසිවක් කිරීමට ඔවුහු අපොහොසත් වූහ. මිනිසුන් තමන්ගේ ජීවිතය ගැට ගසා ගැනීමේ අරගලයක නියුතු වෙද්දී ඒ ගැන මුළුමණින් අසංවේදී වීමේ මහ බැංකුවක් ලෙස විරුදාවලියක් ලබා දීමටද ඔවුහු දායක වූහ.

නව මහ බැංකු අධිපතිගේ පත් වීම අප විමසිය යුත්තේ මේ පසුබිමේ පිහිටා ය. අප ඔහුගෙන් කෙටිකාලීන ආශ්චර්යයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කිරීම අසාධාරණ ය. එහෙත් සමහරු සිතන්නේ ඒ පත් වීම ආර්ථිකයේ හා මුල්‍ය ක්‍රමයේ වැරදි සියල්ල නිවැරදි කරනු ඇති බව ය. එසේ වන එකක් නැත. එයට හේතුව මහ බැංකුවේ අධිපතිගේ විෂය පථය ඉක්මවන බොහෝ සාධක ද ඒ සඳහා වෙනස් විය යුතු ව තිබෙන නිසා ය. ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් ලද්දෙකුට වුවුද මහ බැංකු අධිපතිට ඔහුට හිමි බලතල ප්‍රකාරව කළ හැකි හා කළ නොහැකි දේ කවරේදැයි නිර්ණය කිරීමට අපහසු නැත.

මහ බැංකුවේ අධිපතිට පමණක් මේ අර්බුදයෙන් ගැලවීමට තනිවම උර දිය හැකිද එසේ නැතහොත් ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදය තුනී කිරීම සඳහා මහ බැංකු අධිපතිට ඔහුගේ සීමාවන්ට යටත්ව කළ හැක්කේ කුමක්ද එතුමාගේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම සදහා ඉටු විය යුතු අවශේෂ සාදක මොනවාද යන්න පිළිබඳව සරලව පැහැදිලි කිරීමට මම මෙම ලිපියෙන් උත්සහ කරමි.

මූලිකව ඕනෑම ආර්ථික ක්‍රමයක ප්‍රධාන අංශ දෙකක් ඇත. ඒ මුල්‍ය අංශය සහ මූර්ත අංශය වේ. මුල්‍ය අංශය මෙහෙයවන්නේ රටක මහ බැංකුව වන අතර මූර්ත අංශය මෙහෙයවන්නේ මුදල් අමාත්‍යංශය වේ. ඒ ආයතන දෙක කටයුතු කළ යුත්තේ බර කරත්තයක් අදින ගොනුන් දෙදෙනෙක් මෙන් එකිනෙකා අතර සහයෝගයක් පවත්වා ගනිමින් ය. මූල්‍ය අංශය සමාන වන්නේ බර කරත්තය අදින එක් ගොනෙකුට වන අතර මූර්ත අංශය සමාන වන්නේ අනෙක් ගොනාටය.

මූල්‍ය අංශය මෙහෙයවන ප්‍රධාන උපකරන වන්නේ පොලී අනුපාතිකය විනිමය අනුපාතිකය සහ මුදල් සැපයුම යනාදිය වේ. මහ බැංකුවට ඒවා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගැනීමට සම්පූර්ණ බලය ඇත. එහෙත් ඔවුන්ට මූර්ත අංශය පිළිබඳව ප්‍රතිපත්ති තීරණ ගැනීමට බලතල නැත.

මූර්ත අංශය හැදින්වීම සදහා “අය වැය අංශය“ හෝ “ෆිස්කල් අංශය“ යන නම්ද භාවිතා කරනු ලැබේ. මූර්ත අංශයට සමිබන්ධ මූලික උපාංගයන් වන්නේ රාජ්‍ය ආදායම සහ වියදම, තැන්පතු සහ ආයෝජන රාජ්‍ය ව්‍යවසාය යනාදී සාධක වේ. මේ සාධක ආර්ථිකයේ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය සහ බෙදා හැරීම කෙරෙහි ඍජුව ම බලපායි. ඒවා නියාමනය කරනු ලබන්නේ මුදල් ඇමතිවරයා හරහා කැබිනට් මණ්ඩලයෙනි. උදාහරණයක් ලෙස බදු ප්‍රතිපත්ති රාජ්‍ය වියදම් සඳහා ප්‍රමුඛතා නිර්ණය කිරීම සහ ආයෝජන පිළිබඳ තීරණ සැලකිය හැකි ය. මුදල් අමාත්‍යංශය හා රාජ්‍ය භාණ්ඩාගාරය මේ තීරණ කිුයාත්මක කිරීම සම්බන්ධයෙන් වගකීම දරයි. වර්තමානයේ පවතින දුර්වල කැබිනට් මණඩලය සමඟ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ ක්ෂේත්‍රයට අදාල ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි වගකීමක් පැටවේ. අනෙත් අතට මුදල් අමාත්‍යංශයට ඒවා පිළිබඳ සෑම බලපෑමක්ම කළ හැකි මුත් ඔවුන්ට මහ බැංකුවට හෝ එය විසින් නියාමනය කරන මුල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පාලනයක් නැත. ඒ මහ බැංකුව ස්වාධීන ආයතනයක් වශයෙන් කටයුතු කරන නිසාය.

බර කරත්තය මුල්‍ය අංශය එක පැත්තකින් ද මූර්ත අංශය තව පැත්තකින්ද වශයෙන් සිටින ගොනුන් දෙදෙනා විසින් ස්වාධීනව ඇදගෙන යනු ලබයි. එසේ වුව ද මේ ගොනුන් දෙදෙනාම එකම ජවයකින් ඉදිරියට යෑම කරත්තයේ ස්ථායීතාවයට මෙන් ම ඉදිරියට යෑමට ද අත්‍යවශ්‍ය ය. වසර 74 ක දිගු ඉතිහාසයේ පැවති ආණ්ඩු විසින් කරන ලද අතාර්කික හා අමනෝඥ තීරණ නිසා කවදාවත් නොතිබූ ලෙස උග්‍ර වී තිබෙන වර්තමාන අර්බුදය හමුවේ ගොනුන් දෙදෙනාට ඉතා පරිස්සමින් එකිනෙකා ගැන වූ අවබෝධයකින් මේ ඇදගෙන යෑම කිරීමට සිදු වී තිබේ. මෙහි යථාර්තය නම් ගොනුන් දෙදෙනා කරත්තය ඇදගෙන යා යුත්තේ අධික බෑවුමකින් යුතු කන්දක බව ය. මහ බැංකු අධිපතිතුමා හා මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා ගෙන් නියෝජනය වන මේ ගොනුන් දෙදෙනාට ඉදිරි වසර කීපය තුල යෝධ කර්තව්‍යයක් පැවරී ඇත. නැවත නැවතත් කිව යුත්තේ තනි ගොනෙකුට මේ කර්තව්‍ය කෙසේ වත් ඉටු කළ නොහැකි බව ය.

ජනාධිපති හා අගමැති අත මේ කරත්තය දක්කන කෙවිට ඇතැයි ද එය භාවිතා කොට ආණ්ඩුවේ මුඛ්‍ය ඉලක්ක සපුරාලීම උදෙසා ගොනුන් දෙදෙනා මෙහෙයවීම සිදුවීම වේ. ආණ්ඩුවේ වර්තමාන මුඛ්‍ය ඉලක්ක වන්නේ අර්බුදවලින් තොර ආර්ථිකයක් ඇති කිරීමත් ජනයාගේ ජීවන තත්වය ඉහළ දැමීමත්ය.

අද අප මුහුණ දෙන අර්බුදයට ආසන්න ම සාධක වන්නේ වත්මන් පාලනය විසින් කලක් තිස්සේ අනුගමනය කරන්නට යෙදුණු වගකීම් විරහිත මුල්‍ය හා මූර්ත ප්‍රතිපත්ති වෙී. වත්මන් ආණ්ඩුව බිහි වූ ක්ෂණයෙන් සිය අනුගාමිකයන්ට අනවශය ලෙස බදු සහන සැලසූ බව මේ සටහන කියවන පාඨකයින්ට මතක ඇතුවාට නිසැක ය. කුප්‍රකට සීනි මගඩිය භාණ්ඩාගාරයට අය විය යුතු විශාල මුදලක් අහිමි කළේ ය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොල, සූරිය වැව ක්‍රිකට් ක්‍රීඩාංගනය හා නෙළුම් කුළුන වැනි ප්‍රතිලාභයක් නොලබන සුදු අලි ව්‍යාපාර සඳහා ආණ්ඩුව ඩොලර් බිලියන ගණනක් වියදම් කළේ ය. ඒ අති විශාල ව්‍යාපෘති අද රට මුහුණ පාන විනිමය අර්බුදය උග්‍ර කිරීමට හේතු විය.

මේ පසුබිම යටතේ මහ බැංකුවේ කටයුතු කළ කෙනෙකු මුදල් අමාත්‍යංශයේ ලේකම් පදවියට පත් කිරීම ද නිර්භීත මෙන් ම බුද්ධිමත් ද වන තීරණයකි. ඒ නිසා ම මහබැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්ට එකට අත්වැල් බැඳගෙන අද දවසේ ඇති ව තිබෙන පොදු අරමුණු ජය ගැනීමට ඉඩ කඩ ලැබෙනු ඇත.

මුල්‍ය අංශයේ අධිකාරිත්වය දරන ආයතනය හැටියට මහ බැංකුව උද්ධමනය පාලනය කිරීමටත් ස්ථාවර විනිමය අනුපාතිකයක් සහතික කරනු වස් සහ මුල්‍ය ඉලක්කයන් ළඟා කර ගැනීම උදෙසා වගකීමකින් යුක්තව කටයුතු කළ යුතුය. මහ බැංකුව ස්වාධීනව කටයුතු කරන අතර මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය අතර ඒකාග්‍රතාවයක් පවත්වා ගැනීම සඳහා මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම ද අත්‍යාවශ්‍ය වේ.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඔහු විසින් පවත්වන්නට යෙදුණු මාධ්‍ය සාකච්ඡාවේදී තම ඉදිරි ප්‍රතිපත්ති පැහැදිලි කිරීමද මුදල් අමාත්‍යංශය සමග සමීපව වැඩ කිරීම තම අභිලාෂය බවද ප්‍රකාශ කිරීම සතුටට හේතු වේ. මගේ හැගීමේ හැටියට ඒවා සුභ දායක පුවත් ය. එහෙත් ඒවා ප්‍රමාණවත් වන්නේ නැත. අප දැනට දන්නේ ඔහුගේ උපාය මාර්ගයන් පමණ ය. පවතින අර්බුදය විසඳීම සඳහා මුල්‍ය ප්‍රතිපත්ති පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. මේ දැවැන්ත කටයුත්තේ දී මූර්ත අංශයේද නිසි උපාය මාර්ගයන් ද තිබිය යුතු ය. එක ගොනෙකු හරියට අදිද්දී අනෙකා අවශ්‍ය සහය නොදෙන්නේ නම් හෝ කර හරී නම් ඉලක්කය කරා යා නොහැකි ය. ඒ නිසා ම මුදල් අමාත්‍යංශයේ ලේකම් ද මුල්‍ය ප්‍රතිපත්ති ඌන පූර්ණනය කළ හැකි වන පරිද්දෙන් සිය ප්‍රතිපත්ති සකස් කරන්නේ කෙසේ දැයි ජනතාවට පැහැදිලි කළ යුතු ය.

මෙය මගේ කතාවේ අවසානය නොවේ. හැකි ඉක්මණින් පවතින අර්බුදයෙන් ගොඩ ඒම එකකි. එය තිරසාර හා නව සංවර්ධන මාවතකට යොමු කර ඉදිරියට ගෙන යෑම තව එකකි. ඒ සඳහා සමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම හා ස්ථාවර ආර්ථිකයක් ගොඩ නැගීම යන දිගු කාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා දැනට පවතින “ආනයන මත රඳා පවතින ආර්ථිකය” “නිෂ්පාදන ආර්ථිකයක්” බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය ය. මෙහිදී දේශපාලන නායකත්වයේ භූමිකාව වන්නේ මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය විසින් ඉටුකිරීමට නියමිත කාර්යයන් අගතිගාමී දේශපාලන අරමුණු උදෙසා කඩා කප්පල් කරන්නේ නැතිව ඒවාට සහය දැක්වීමට කටයුතු කිරීම ය.

නිවැරදි මාර්ගයට රට නැවත ගෙන ඒමට නායකත්වයට හැකි වී අපේ දරුවන්ට ඔවුනට උරුම සමෘදිමත් සහ වාසනාවන්ත රටක දිවි ගෙවන්නට ලැබේවා යැයි පතමි.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    1 of 2….ගුණතිලක මහතාණෙනි, අවංකවම කියනවා නම් මා ඔබේ ලිපියේ අඩංගු කාරණා වචනයෙන් වචනය ට නම් කියෙවුවේ නෑ. දළ වශයෙන් කියවාගෙන ගියා මා දන්නා ආර්ථික විද්‍යාවේ හුරු පුරුදු වාක්‍ය ඛණ්ඩ ගොඩක් එහි තිබුන නිසාත් නැවත ඒවා කියවීමේ තේරුමක් නැති නිසාත්. මොකද, මේ දවස්වල ඔක්කොම වාගේ ‘උගතුන්’ ගිරවුන් සේ කියන්නේම ඔබ කියනා දේම තමා. මුල්‍ය සහ මූර්ත ආර්ථික සංකල්ප, සාර්ව ආර්ථික න්‍යායයන්, මුල්‍ය සහ බදු ප්‍රතිපත්ති, රාජ්‍ය ණය, විදේශ සංචිත ….යනාදී වශයෙන්.
    ඇත්තටම මහත්මයෝ අද අපේ රටේ ආර්ථිකයට ඉතාම ඉක්මනින්ම අවශ්‍ය වෙලා තියෙන්නේ ඔය කියන ආර්ථික විද්‍යා න්‍යායයන් ක්‍රියාත්මක කිරීමද, නැත්නම් මේ අතිශය දුෂ්ට ආර්ථික විනාශය නිර්මාණය කල මගෝඩි හොරු ටික එළවා දැමීමද? ඔබ බෞද්ධයෙක් කියා මා උපකල්පනය කිරීමට කැමතියි, ඉතින් ඔබ හේතු ඵල වාදය ගැන යමක් දන්නවා ඇතිනේ? නැත්නම් වෛද්‍ය විද්‍යාවට අනුව ලෙඩේ රෝග ලක්ෂණ වලට බෙහෙත් කරනවාද නැත්නම් ලෙඩේ හදපු බැක්ටීරියාවට නැත්නම් වයිරස් එකට බෙහෙත් දෙනවද? ඒත් නැත්නං අර අපේ ගං ගොඩවල් වල කියන විදියට අතීසාරෙට අමුඩ ගහනවද? මේ මහා ආර්ථික ව්‍යසනයට සම්පූර්ණයෙන් වග කිව යුතු ජරාපක්ෂ පවුලම ඇතුළු මේ හොර නඩය පාර්ලිමේන්තුවෙන් අතු ගා එළවන තුරු, ඔය කිසිම ආර්ථික සංකල්පයකින් වැඩක් ගන්නවා බොරු! හැබැයි ඔබ දක්වා ඇති එකක් නම් හරිම ඇත්ත. එනම් ලංකාවේ මහා බැංකුවයි භාණ්ඩාගාරෙයි නම් අර පිංතූරේ ඉන්න හරක් දෙන්නාටත් වඩා හරක්!

  • 2
    0

    2 of 2…ඇත්තටම මහත්මයෝ අද අපේ රටේ ආර්ථිකයට ඉතාම ඉක්මනින්ම අවශ්‍ය වෙලා තියෙන්නේ ඔය කියන ආර්ථික විද්‍යා න්‍යායයන් ක්‍රියාත්මක කිරීමද, නැත්නම් මේ අතිශය දුෂ්ට ආර්ථික විනාශය නිර්මාණය කල මගෝඩි හොරු ටික එළවා දැමීමද? ඔබ බෞද්ධයෙක් කියා මා උපකල්පනය කිරීමට කැමතියි, ඉතින් ඔබ හේතු ඵල වාදය ගැන යමක් දන්නවා ඇතිනේ? නැත්නම් වෛද්‍ය විද්‍යාවට අනුව ලෙඩේ රෝග ලක්ෂණ වලට බෙහෙත් කරනවාද නැත්නම් ලෙඩේ හදපු බැක්ටීරියාවට නැත්නම් වයිරස් එකට බෙහෙත් දෙනවද? ඒත් නැත්නං අර අපේ ගං ගොඩවල් වල කියන විදියට අතීසාරෙට අමුඩ ගහනවද? මේ මහා ආර්ථික ව්‍යසනයට සම්පූර්ණයෙන් වග කිව යුතු ජරාපක්ෂ පවුලම ඇතුළු මේ හොර නඩය පාර්ලිමේන්තුවෙන් අතු ගා එළවන තුරු, ඔය කිසිම ආර්ථික සංකල්පයකින් වැඩක් ගන්නවා බොරු! පොඩිම උදාහරණයක් ගන්න. රුපියල් මිලියනයකට හදන්න පුළුවන් පාරකට බැසිල් ගේ කොමිස් 40% එකතු කරලා ඒකට චීනෙන් 10% පොළියට සල්ලි ණයට අරගෙන අවුරුදු දහයකින් ගෙවන්න පොරොන්දු උනොත් එතන මිලියන 2.8ක් ගෙවන්න ඕන. කොමිස් නැතුව වැඩේ කරලා IMF එකෙන් 1.5% පොළියට වැඩේ කළා නම් ගෙවන්න වෙන්නේ මිලියන 1.15 නේ? ඒ කියන්නේ මෙතන හොරකම නිසා රටේ මිනිස්සුන්ට ණය මුදල් දෙගුණයකටත් වැඩියෙන් ගෙවන්න වෙලානේ? මේක මේ මිලියනයක් එහෙම නෙවෙයිනේ? ට්‍රිලියන ගණන් වලින් වැඩකට නැති, ආදායම් එන්නේ නැති ප්‍රොජෙක්ට් හදල, එකෙන් බාගයක් හොරකං කරල ඒවා උගන්ඩාවට පටවලා …..මේකනේ පහුගිය අවුරුදු 10ක් 15ක් ම උනේ? රටකට ආයේ ඉතින් තව මොනවා ඉතිරි වෙන්නද? ඉතිං ආයේ මොන ආර්ථික න්‍යායන්ද, මොන ප්‍රතිපත්තිද, මොන නන්දලාල්ටද මොන කුමාරස්වාමිටද මේක ගොඩ ගන්න පුළුවන් මේ හොරු ටික එළවන්නේ නැතුව?? නන්දලාල් ලා මේ වෙලාවේ කරන්නේ තමන්ගේ මහ බැංකු අධිපති හීනය සැබෑ කර ගන්නා හුදු ආත්මාර්ථකාමී අදහසක ඉන්නවා මිස වෙන කරන්ට පුළුවන් ඉටි ගෙඩියක් වත් නැති බව නොදන්නවා නොවේ! කොච්චර මුලාවේ වැටුණු මිනිස්සුද මේ! කල යුතු එකම දේ මේ ව්‍යසනය ගෙනා මේ කාලකන්ණි පාලකයෝ රාජ්‍ය තන්තරයෙන්ම එළවා දමා රටට හිතැති මිනිසුන් ටිකකට මේ ආර්ථිකය බාර දීමයි. නැතුව ඔය කෙස් පැලෙන ආර්ථික න්‍යායයන් කෝටියක් ගෙනාවත් වැඩක් නෑ මේ හොරු ටිකම තියා ගත්තොත් මොකද උන් භාන්ඩාගාරේ පතුලේ යකඩ තහඩුවත් හොරකම් කරලා තමයි නවතින්නේ!

    • 0
      0

      srilanka යනු මිනිස් වෙස් ගත් සතුන්ගෙන් පිරුණු දූපතකි. ඔවුන් තම මව්වරුන් පවා පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා විකුණයි. නමුත් ඔවුන් එසේ කරන්නේ පිරිත්නූල් ඇතුළු බෞද්ධ ආභරණ දාගෙන මහින්ද මෝඩයා කළ ආකාරයටය.
      මගේ සහෝදරයා ජිත් ඉතා පැහැදිලිවම ප්‍රකාශ කළ පරිදි, 69,000,000 කට අධික ඡන්දදායකයින් පිරිසක් හිතාමතාම ගෝඨා තෝරා පත් කර ගත් අතර, ගෝඨාට නීති විරෝධී නාමයෝජනා දෙන විට කුඩා ළමයින් පවා ඔවුන්ගේ වාර්තාවන් පැහැදිලි විය. 2016 තරම් ඈත කාලයකදී ගෝඨාට විරුද්ධව නඩු 34ක් පවරලා තිබුණා. ආපසු හැරී බලන විට ඔහුගේ මැතිවරණය බොහෝ දුරට සමාන වන්නේ කුකුළු ගොවිපළක් නරියාට පැවරීමටයි. ඉතින් එවැනි සන්දර්භයක් තුළ යුක්තිය ඉටු වේ යැයි අපේක්ෂා කරන්නේ කෙසේද?

      දැන් මහජන මතය දියාරු කිරීම සඳහා විසකුරු සර්පයන් වැනි රාජපක්ෂ හෙංචයියන් දැන් සියලු රහස් සෙල්ලම් කරමින් සිටිති. තම ලේ පුජා කර නිහඩතාවය බිඳ දැමූ අහිංසක අවංක තරුණයින් දැනටමත් බොහෝ ජයග්‍රහණ ලබාගෙන ඇති අතර, එයින් එකක් වන්නේ සියලු අවුලෙහි ප්‍රධාන පුද්ගලයා මහින්ද රාජපක්ෂ බව ජනතාවට පැහැදිලි කර දීමයි. එය විශාල ජයග්‍රහණයක් වන්නේ ඔවුන්ගේ දේශපාලන පැවැත්ම සඳහා ඔවුන්ගේ පක්ෂග්‍රාහී මාධ්‍ය විසින් මිනිසුන් සදාකාලික මෝඩයන් බවට පත් කර ඇති බැවිනි. කෙසේ වෙතත්, අද වන විට, මිනිසුන් දින ගණන් කරන්නේ මැලේච්ච මිනිසා අවසන් හුස්ම හෙළන තෙක් … සමහරු අනාවැකි පළ කරන්නේ එය හෙට වනු ඇති බවයි. නැතහොත් අප අනුමාන කරන පරිදි ආසන්න වේ.

  • 2
    0

    එය එසේ වුවත්, මෙම විශේෂිත ආචාර්ය වීරසිංහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා වශයෙන් වැරදි ක්‍රියාවක් කළ බවට චෝදනා එල්ල විය. රාජපක්ෂ – කබ්රාල් ඒකාබද්ධ අපරාධ සම්බන්ධයෙන් යහපාලන රජයේ විමර්ශනවලදී මතු වූ ඇතැම් සිද්ධීන්වලට ඔහු හවුල් වීමට හේතුව එයයි. මතකද?
    සමහර විට ඔහු දක්ෂ හොඳ මිනිසෙක් විය හැකිය, කෙසේ වෙතත් ඔහු සහ අනෙකුත් හොඳ නරක කණ්ඩායම් සාමාජිකයින් ලෙස කණ්ඩායම් සාමාජිකයින් ලෙස වෙනත් අපරාධ මනසක් ඇති පුද්ගලයින්ට වංචාවෙන් බිලියන ගණනක පාඩුවක් කරමින් බැංකුව කොල්ලකෑමට ඉඩ දීම සමාව දිය නොහැක. එකල බැංකුවේ තවත් නියෝජ්‍ය අධිපතිවරයකු වූ නිසා CT පාඨකයන් විසින් නිතර නිතර ලිපි කියවන ආචාර්ය විජේවර්ධනටද මෙය වලංගුය. මහින්ද රාජපක්ෂගේ රජය යටතේද එම කඩකිරීම් නැවත නැවතත් සිදු වූයේ කබ්රාල් ආණ්ඩුකාරවරයාව සිටියදීය.

    කවුරු මොනවා කිව්වත්, හයියෙන්, දිගින් දිගටම මොනවා කිව්වත්, RW-MS විසින් මගහැරිය යුතු බැඳුම්කර මගඩියක් නිර්මාණය කළා කියලා මම තවම පිළිගන්නේ නැහැ. අදටත් මම කියන්නේ නැහැ, මගඩියක් වුණේ නැහැ කියලා. රාජපක්ෂලා ම්ලේච්ච මිනිස්සු, ඔවුන්ට අවශ්‍ය වුණේ ලොකුම වංචාව චෝදනා කරලා තමන්ගේ ප්‍රතිවාදී පක්ෂය කොන් කරන්න, ඒකට එජාපය මූලික වුණා වගේ. 89 කැරැල්ලේදී JVP කාරයින්ට සැලකූ ආකාරය ගැන සලකා බලමින් එජාපය සමඟ පරම හතුරන් වන JVP සමඟ එක්ව ඔවුන් කළ දේ. අඩුම ගානේ අදවත් JVP කාරයෝ තමන්ගේ වැරදි හදාගන්න ඕනේ. යහපාලනය යටතේ සිදු වූ ඊනියා බැංකු මංකොල්ලයට නායකත්වය දුන්නේ එජාප කාරයන් නොව රාජපක්ෂලා බව ඔවුන් ඉදිරිපත් වී පාපොච්චාරණය කළ යුතුය. JVP කාරයෝ ඒක නොකරනකම් මම හිතන්නේ නෑ මිනිස්සු කවදාවත් JVP කාරයින්ට බරපතල පක්ෂ දේශපාලකයෝ කියලා ගරු කරයි කියලා. කෙසේ වෙතත්, පාලකයන්ගේ දූෂිත හැසිරීම් වලට එරෙහිව නැගී සිටීම ඔවුන්ට හොඳ වනු ඇත, කෙසේ වෙතත්, එය පාලක රටක එකම කොටස නොවේ. ඔවුන් අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය, ආදී විවිධ ක්ෂේත්‍රවල සෑම අංශයකටම හොඳ යැයි ජනතාව තුළ ඇති සැකයන් දුරු කළ යුතුය.
    කෙසේ වෙතත්, මම නම් කියන්නේ මේ බැංකු මගඩිය 2008 තරම් ඈත කාලයේ කබ්රාල් සහ මහින්ද විසින් නිර්මාණය කරන ලද්දකි. ඔබ දන්නා පරිදි මහා ජල කඳ ගලා යන්නේ නම්, එය කුඩා හැන්දකින් අල්ලා ගැනීමට ඔබට නොහැකි වනු ඇත. එලෙසම රාජපක්ෂ හෙවත් රාජපක්ෂ දේශපාලන තක්කඩියෙකු විසින් ගොඩනගා තිබූ මහා මගඩියකට සම්පූර්ණ වරද රනිල් පිට පැටවීම පූර්ව සැලසුම් සහගත ක්‍රියාවක් විය යුතුය. අද ආපසු හැරී බලන විට මට හැඟෙන්නේ පසුගිය රජය (2015-2019) ගෙනා රනිල්ගේ බදු ප්‍රතිසංස්කරණ දිගටම ක්‍රියාත්මක වූයේ නම්, එය රාජ්‍යයට විශාල සහනයක් වනු ඇත්තේ 2015 තරම් ඈතක දී රාජ්‍යය තමන් ඉදිරියේ තිබූ ණය බර ගැන දැන සිටි බව දන්නා බැවිනි. අනික, බදු ගැහුවත් මිනිස්සුන්ට ජීවිතේ අමාරු වුණේ නැහැ, යහපාලන ආණ්ඩුව කාලේ එක දවසක්වත්, මිනිස්සු අද ඒ තත්ත්වයට මුහුණ දෙන තත්ත්වයකට පත්වුණා. රාජපක්ෂලාගේ නූගත් ආධාරකරුවන්ගේ වැඩෙන ප්‍රතිරෝධය සහ විවේචන මධ්‍යයේ “මිල සමීකරණ සූත්‍රයක්” මගින් ඉන්ධන මිල සමතුලිත කිරීමට යටත් විය. ඔවුන් සමච්චලයට ලක් කළේ එවකට මුදල් අමාත්‍ය දිවංගත සමරවීර මහතාට ඇඟිල්ල දිගු කරමිනි. කෙසේ වෙතත්, අද වත්මන් පිරිමින් ද එම ස්වභාවයේ සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරති. ඔයාට හිතාගන්න පුලුවන්ද ? රාජපක්ෂ දේශපාලනය පුරවා ගත්තේ, තම අතට පාලන බලය අල්ලාගෙන මේ රට විනාශ කිරීමට සටන් කළේ වරදකරුවන් පමණි… ඔවුන්ගේ අභිප්‍රාය වූයේ තමන් කළ මහා අපරාධවලට එරෙහිව ගොනු කර තිබූ නඩුවලින් ගැලවීමයි.
    මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මහ බැංකුවට ස්වාධීන නෛතික ආයතනයක් නොතිබූ බව අර්ජුන මහේන්ද්‍රන් හෙළි කළ බව මගේ හෘද සාක්ෂියට තවමත් මතකයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.