27 April, 2024

Blog

යෝශිතගේ හෝටලයෙන් හා ගොංගල මාර්ග සංවර්ධනයෙන් සිංහරාජ අඩවියට දැඩි හානි

සජීව චාමිකර

සජීව චාමිකර

2019 වසරේ දී සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කිරීම සඳහා ඉතා ම වැදගත් තීරණයක් ක්‍රියාත්මක කෙරින. ඒ 1988 වසරේ ජාතික උරුම වන භූමි පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 11187 ක් සිංහරාජ ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ලබා දී තිබූ නීතිමය ආරක්ෂාව තව දුරටත් වර්ධනය කරමින් 2019 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 36475 ක්, වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර සිංහරාජ අඩවියේ පෙර පැවති රක්ෂිත වනාන්තර ප්‍රමාණයට තවත් දෙගුණයකට වඩා වැඩි වනාන්තර ප්‍රමාණයක් එක් කිරීම ය. නමුත් ඉන් පසු ව ගෙවී ගිය වසර දෙකකට වැඩි කාල පරාසය තුළ වත්මන් ආණ්ඩුව විසින් ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස රක්ෂිත නොවන සුවිශේෂී වනාන්තර බිම් විශාල ප්‍රමාණයක් සිංහරාජ අඩවියට අහිමි වීම සිදු විය.

රක්ෂිත නොවන රජයට අයත් වනාන්තර ඉඩම් වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියේ පාලනයට යටත් කළ 5/2001 අංක දරන චක්‍ර ලේඛය ඉවත් කර එම ඉඩම් ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් යටතට පත් කිරීමේ 1/2020 අංක දරන චක්‍ර ලේඛය හා එම ඉඩම් මැනීම් කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට බලය පැවරූ 2/2021 අංක දරන චක්‍ර ලේඛය පදනම් කර ගෙන දේශපාලන බලය හා ව්‍යාපාරික බලය හිමි පුද්ගලයන් විසින් මහ පරිමාණයෙන් සිංහරාජ අඩවියේ පිහිටි රක්ෂිත නොවන වනාන්තර එළි කිරීම ආරම්භ කෙරින.

මීට අමතර ව සිංහරාජ අඩවියේ පිහිටි සුවිශේෂී මාර්ග දෙකක් පුළුල් කිරීම ද සිදු කෙරිනි. ඒ අතුරෙන් ලංකාගම මාර්ගය පුළුල් කිරීම මගින් බොහෝ ජනතාවකට මාර්ග පහසුකම් ලැබීම තුළින් යහපත් කාර්යයක් ඉටු වුව ද එම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය විධායක බලය භාවිත කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යුධ හමුදාව යොදවා බලහත්කාරයෙන් ඉදි කිරීම හා නිවැරදි සංරක්ෂණ උපායමාර්ග අනුගමනය නොකිරීම නිසා යම් යම් හානි කර තත්ත්වයන් උද්ගත ව තිබේ. එපමණක් නොව පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් බලහත්කාරය භාවිත කර සිදු කළ මෙම සංවර්ධනය හේතුවෙන් මෙරට නීතියේ ආධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සම්පූර්ණයෙන් ම හෑල්ලුවට ලක් වී වැරදි පූර්වාදර්ශ සමාජගත වීම ද සිදු විය.

දෙවන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සිදු කෙරෙමින් පවතින්නේ දෙනියාය – රක්වාන මාර්ගයේ හේයස් වත්ත හන්දියේ සිට ගොංගල කඳු මුදුන දක්වා ය. මෙම මාර්ගය සංවර්ධනය කිරීමේ ප්‍රධාන අරමුණ යෝශිත රාජපක්ෂට අයත් නමුත් ඔහු ගේ නමට නොමැති හෝටලයට පිවිසීමට ය. කාපට් අතුරා සකස් කරන කිලෝමීටර 7 ක් පමණ දිග මෙම මාර්ගයෙන් ගමන් කිරීමට ඇත්තේ ගොංගල කඳු මුදුනේ පිහිටි විවිධ මාධ්‍ය ආයතනවලට අයත් රූපවාහිනී හා ගුවන්විදුලි විකාශන කුළුණුවලට හා ආරක්ෂක අංශවල සංඥා කුළුණුවලට පමණි. මෙම මාර්ගයේ පහළ හේයස් වත්තේ කම්කරු ජනතාව පදිංචි ව සිටින වතු නිවාස සංකීර්ණයක් පමණක් පිහිටා තිබේ. ඊට අමතර ව මෙම මාර්ගයෙන් පිවිසිය හැකි වන්නේ මෙම හෝටලයට පමණි.

මෙම මාර්ගය සංවර්ධනය කරන බොහෝ ප්‍රදේශ සිංහරාජ වන රක්ෂිතයට අයත් වන අතර කිසිදු සංරක්ෂණ ක්‍රමවේදයක් හෝ පාරිසරික අනුමැතිය ලබා ගැනීමක් හෝ සිදු නොකර මෙම මාර්ගය ඉදි කෙරෙමින් පවතී.

මෙම මාර්ගය ඉදි වන හා යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටි සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපය මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික සත්ත්ව විශේෂ අතුරෙන් වැඩි ම ප්‍රමාණයක් වාර්තා වන කලාපය යි. එම කලාපය හඳපාන් ඇල්ල, මෝර්නිග් සයිඩ්, ගොංගල හා එන්සල්වත්ත යන ප්‍රදේශවලින් සමන්විත වේ. මෙම කලාපයේ ජීවීන් වසර මිලියන ගණනක් හුදෙකලා ව පරිණාමය වී තිබේ.

යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටා ඇත්තේ ගොංගල කන්දේ නැගෙනහිර බෑවුමේ සිංහරාජ වන රක්ෂිතයට ආසන්නයේ ය. රත්නපුර දිස්ත්‍රික්කයේ, කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවාගේ අයින ග්‍රාම නිලධාරී වසමේ මෙය පිහිටා තිබේ. අක්කර 12 ක පමණ භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම හෝටලයේ මුල් හිමිකරු වන්නේ දෙනියායේ, ආසිරි කේක් ව්‍යාපාරයේ හිමිකරු වන රොෂාන් විජේසිංහ මහතා ය. ඔහුගෙන් බලහත්කාරයෙන් යෝශිත රාජපක්ෂ විසින් රුපියල් කෝටි 4 කට මෙම හෝටලය මිල දී ගෙන තිබේ. එය මිල දී ගෙන ඇත්තේ රාජපක්ෂ පවුලේ සේවකයකු ලෙස කටයුතු කරන රවිදු සොයිසා ගේ නමට බව වාර්තා වේ. දැනට එම හෝටලයේ පාලන කටයුතු සිදු කරනු ලබන්නේ ද ඔහු විසිනි.

අක්කර 12 ක භූමියක පිහිටි මෙම හෝටලය ලබා ගැනීමෙන් පසු ව ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉඩම් කිහිපයක් ම යෝශිත රාජපක්ෂ විසින් මිල දී ගෙන තිබේ. ඊට අමතර ව මතුරට වැවිලි සමාගමට අයත් හේයස් වත්තෙන් මෙම හෝටලය හා සම්බන්ධ ව පිහිටි තේ ඉඩම් අක්කර 20 ක් මෙම හෝටලයට නොමිලේ ලබා දී තිබේ. ඊට හේතු ව හෝටලය හා සම්බන්ධ සම්පූර්ණ වතු යාය අත්පත් කර ගැනීමට යෝශිත රාජපක්ෂ උත්සාහ දැරීම ය. ඒ තත්ත්වය පිටුදැකීම සඳහා ඊට විරුද්ධ ව කටයුතු කළ මතුරට වැවිලි සමාගමේ අධ්‍යක්ෂවරයකු විසින් ගත් තීරණයක් මත මෙම ඉඩම් කොටස හෝටලයට ලබා දී තිබේ.

පසුගිය කාලය තුළ මෙම හෝටලයේ සිදු කළ සියලු අලුත්වැඩියා කටයුතු හා නව ඉදිකිරීම් සියල්ල හා හෝටලයට ආරක්ෂා ව සැපයීම සිදු කරන්නේ නාවික හමුදාවේ සෙබලුන් විසිනි. එපමණක් නොව යෝශිත රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මෙම හෝටලයට පැමිණෙන විට නාවික හමුදාවේ නිලධාරීන් හා සෙබලුන් යොදවා විශේෂ ආරක්ෂාවක් ද ලබා දේ. මෙම හෝටලයේ හෙලිකොප්ටර් ගොඩබෑම සඳහා විශේෂ හෙලිකොප්ටර් අංගනයක් ද ඉදි කර තිබේ. එය ඉදි කර ඇත්තේ ප්ලාස්ටික් කාපට් ඇතිරූ පාපන්දු පිටියක ස්වරූපයෙනි.

යෝශිත රාජපක්ෂට අයත් මෙම හෝටලය මෑතක් වන තුරු ම පළමු හිමිකරු සඳහන් කර තිබූ සිංහරාජ ග්‍රීන් ඉකෝ (Sinharaja Green Eco Lodge) නාමයෙන් පවත්වාගෙන ගිය නමුත් අද වන විට එම නාමය සඳහන් පුවරුව ඉවත් කර හෝටලය දක්වා පිවිසීමට ඇති කිලෝමීටරයක් පමණ වන අතුරු මාර්ගය අලුත්වැඩියා කරමින් පවතී.

මෙම හෝටලයෙන් ඇති වෙමින් තිබෙන ප්‍රධාන අවධානම් තත්ත්වය වන්නේ ගොංගල කඳුවැටියට අයත් අක්කර 1000 ක වනාන්තර ප්‍රමාණයක් අත්පත් කර ගෙන මෙම හෝටලය හා සම්බන්ධ සමස්ත සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් සකස් කිරීමයි. ඒ යටතේ ගොල්ෆ් ක්‍රිඩාංගනයක් හා කේබල් කාර් ව්‍යාපෘතියක් ඇතුළත් වේ. 2011 මාර්තු 01 වන දින අංක 1695/16 දරන ගැසට් නිවේදනය මගින් එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඔහුට ඇති බලතල භාවිත කර ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 27අ(4) උප වගන්තියට අනුව හේයස් වත්තට පවරා දී තිබූ අක්කර 2210 ක භූමි ප්‍රමාණයෙන් අක්කර 1000 ක් නැවත ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාව වෙත පවරා ගෙන තිබේ. මෙම සමස්ත වනාන්තර ප්‍රදේශය දැනට සිංහරාජ වන රක්ෂිතයට අයත් වේ. නමුත් මෙම හෝටලය හා සම්බන්ධ ව මෙම වනාන්තර ඉඩම් පිහිටා තිබීම නිසා රාජපක්ෂවරුන් ගේ බලය හා අධික කෑදරකම ඉදිරියේ එම වනාන්තර දැඩි අවධානම්කාරී තත්ත්වයක පවතී.

වැඩි කොටසක් සිංහරාජ වන රක්ෂිතය තුළින් විහිදී ඇති ගොංගල මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් වනාන්තර පද්ධතියට හා ජෛව ප්‍රජාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. මාර්ගය පුළුල් කිරීම හා පස් ලබා ගැනීම සඳහා කැනීම් කිරීම හේතුවෙන් වනාන්තර පද්ධතියට දැඩි හානි සිදු කර තිබේ.

ගොංගල වනාන්තරයෙන් මුළු ලොවින් ම මෙම කලාපයේ පමණක් ජීවත් වන උරග හා උභයජීවී විශේෂ ගණනාවක් වාර්තා වේ. එම විශේෂ සියල්ල ම වඳවීමේ තර්ජනයට ලක් වූ ඉතා ම සීමිත ව්‍යාප්තියක් ඇති විශේෂ වේ. මීට අමතර ව මෙතෙක් විද්‍යාත්මක ව නාමකරණයට ලක් නොකළ ගොන්ගල කන්ඳ ඇතුළු සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපයේ පමණක් ජීවත් වන ලක් හීරළු (Lankascincus) ගනයට අයත් හිකනළුන් විශේෂයක් ද මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම කලාපයේ පමණක් වාර්තා වන ලංකාවට ආවේණික ගනයකට අයත් වන කරූ ගේ අඟ කටුස්සා (Ceratophora karu) සහ අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni) ගොංගල කන්ඳෙන් වාර්තා වේ. මීට අමතර ව මෙම කලාපයට ආවේණික දසිල්වා ගේ පදුරු කටුස්සා (Calotes desilvai) හා මෝර්නිග් සයිඩ් මහ කැලෑ හූනා (Cyrtodactylus subsolanus) මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙරටට ආවේණික ගනයකට අයත් වන කුඩා මැඩිල්ලා (Aspidura guentheri) ද මෙම වනාන්තරයෙන් වාර්තා වෙයි.

මෙම කලාපයට ආවේණික උභයජීවීන් වන පළා පඳුරු මැඩියා (Pseudophilautus femoralis), හඳපාන් ඇල්ල පඳුරු මැඩියා (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඩියා (Pseudophilautus ocularis) හා සිංහරාජ පඳුරු මැඩියා (Pseudophilautus simba) යන විශේෂ ඉතා ම සංවේදී ගොංගල කන්ඳේ උප කඳුකර වැසි වනාන්තර තුළින් වාර්තා වේ. මීදුමෙන් නිතර වැසී පවතින මෙම වළාකුළු වනාන්තර සහිත ප්‍රදේශ තුළ සිදු කෙරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත. ඒ නිසා ම කිසිදු සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමකින් තොර ව ඉතා ම හානි කර ලෙස මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ව සොයා බැලීමක් මේ වන තුරුත් සිදු කර නොමැත.

මෙවන් තත්ත්වයක් තුළ අනාගතයේ දී ගොංගල කඳුවැටියට කුමන ඉරණමකට මුහුණ දීමට සිදු වේ ද යන්න සිතා ගැනීමට අපහසු ය. බෙවර්ලි වත්තේ සිට සූරියකන්ඳ දක්වා පැතිරුණු මෙම කඳුවැටිය මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්දිල්පාන හා විහාරහේන යන ග්‍රාම නිලධාරී වසම් දෙකට හා රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උල්ලිදුවාව හා බොරළුවාගේ අයින යන ග්‍රාම නිලධාරී වසම් දෙකට අයත් වේ. පනිල්කන්ඳ හා සම්බන්ධ ව ඇති මෙම කඳුවැටි පද්ධතියෙන් ගිං, නිල්වලා, වලවේ හා කළු ගංගා පෝෂණය වෙයි. මේ නිසා මෙම ප්‍රදේශයේ සමස්ත ආර්ථිකය රැදී ඇති තේ වගාව සුරක්ෂිත වී ඇත්තේ මෙම ජල පෝෂක වනාන්තර පද්ධතිය මත ය.

නමුත් මේ සියල්ල දේශපාලන බලය මත සොබාදහමේ සියලු ජීවී ප්‍රජාවන්ට අහිමි කරමින් දේශපාලන බලය හිමි පුද්ගලයන් අතට පත් කර ගනිමින් තිබේ. වත්මන් හා අනාගත පරපුරේ පැවැත්ම වෙනුවෙන් මේ කඳුවැටිය, ජල පෝෂක වනාන්තර පද්ධතිය හා එහි ජෛව ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට කිසිදු රාජ්‍ය ආයතනයක් මැදිහත් වී නොමැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මධ්‍යම පරිසර අධිකාරිය හෝ මේ විනාශය මැඩපැවැත්වීම සඳහා කිසිදු ආකාරයක මැදිහත්වීමක් සිදු කර නොමැත. මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපයේ පමණක් දිවි ගෙවන ජීවීන්ට සිදු වන විනාශය පිළිබඳ ව සොයා බැලීමට රාජ්‍ය ආයතනයක් නොමැති තත්ත්වයකට අද වන විට අප රට පත් ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස ජෛව විවිධත්ව සම්මුතියට අත්සන් තබා ඇති අප, තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් කටයුතු කරන අප, ජල පෝෂක බිම්, වනාන්තර පද්ධති, එහි ජෛව විවිධත්වය හෝටලයකට පිවිසීමට හා එහි සංචාරක ව්‍යාපෘතිය සඳහා මාර්ග සකස් කිරීමට විනාශ කළ හැකි මට්ටමට පත් ව සිටීම කනගාටුවට කරුණකි. රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනින් කොල්ලකා, එම මුදල්වලින් හෝටල් මිල දී ගෙන, ඒවා පවත්වාගෙන යාමට ස්වාභාවික සම්පත් විනාශ කරමින් රජයේ බදු මුදල් වලින් එම හෝටල්වලට පිවිසීමට මාර්ග සකස් කර ගනිමින්, එම හෝටලය ඉදි කිරීමට හා ආරක්ෂාව සැපයීමට ජනතාව ගේ බදු මුදල් වලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් යොදා ගනිමින් සිදු කරන මෙම සමස්ත විනාශකාරී ක්‍රියාවලිය ම නතර කළ යුතු ව ඇත. එය පුරවැසියන් වන අප සැම ගේ යුතුකමකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    මහින්දගේ අවජාතක පුත්තු දිවයින පුරා බොහෝ දේපොළවල හිමිකරුවන් වීමට නියමිත බව කියවන විට මට පිස්සු හැදෙනවා. යමෙක් නිශ්ශබ්දව හෝ නිශ්ශබ්ද වන්නේ නම්, ඔහු හෝ ඇය සාමාන්‍ය නොවිය යුතුය.
    මගේ ප්‍රාර්ථනාව අනාගතය සඳහා අනුප්‍රාප්තික පාලකයන් වන මේ මිනිසුන්ට ඉහළම දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම් ලැබිය යුතුය යන්නයි.
    ඔවුන් ජීවිත කාලය පුරාම නිදහස් නොකළ යුතුය. යමෙක් අවම වශයෙන් පාසල් අධ්‍යාපනය හෝ සම්පූර්ණ කර ඇත්නම්, ඔවුන්ගේ දූෂිත දෙමාපියන් සහ ඥාතීන් ඔවුන් සතු නීත්‍යානුකූල නොවන දේපළ උදුරා ගැනීමට සෑම උත්සාහයක්ම ගත්තද එය ප්‍රතික්ෂේප කිරීමට හැකි විය යුතුය. ඒකට කියන්නේ මවුපියන් විසින්ම ශබ්ද උපාදානය කියලා. ශිරන්ති රාජපක්ෂ දුෂ්ඨ මවක් විය යුත්තේ තම දරුවන්ට හොඳ නරක ප්‍රමාණවත් ලෙස ඉගැන්වූයේ නැති තරම්ය.
    ඇයට දාව උපන් මේ තරුණයන් සහ අද ගාලුමුවදොර විරෝධතාවයේ යෙදෙන තරුණයන් – සම්පූර්ණයෙන්ම වෙනස් තරුණ හා ලඳුන්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් යහපත් අනාගතයක් සඳහා විරෝධතාවයේ නිරත වන අතර, දුෂ්ට දේශපාලනයෙන් ඉවත් වන ලෙස Mlechcha රාජපක්ෂගෙන් ඉල්ලා සිටිති.
    අපේ COLOMBO විශ්වවිද්‍යාල තරුණ තරුණියන් පෙරේදා නොබියව විරෝධතා පාගමන් පැවැත්වූ ආකාරය දැකීමෙන් මම ආඩම්බර වුණා, අනාගතයේ දී නිසැකවම මේ ජාතියත් රටත් යහපත් තැනක් බවට පත් කරන තම සහෝදර තරුණ තරුණියන්ට ඔවුන්ව ICON බවට පත් කරමින්. ඔවුන් ප්‍රසිද්ධියේ බොහෝ අපවාදාත්මක පක්ෂග්‍රාහී රූපවාහිනී මාධ්‍ය නාලිකාවලට පහර දුන් ආකාරය අපගේ ඇසට විශිෂ්ට විය. දෙරණ සහ හිරු ටීවී නාලිකා තමයි ගෝඨාභය ඇතුළු සමස්ත රාජපක්ෂලා නැවත දේශපාලනයට පැමිණීම සඳහා අමූලික බොරු ප්‍රචාරය කරන්නේ.

    කොල්ලකෑමේ සම්බන්ධකම්වල සීමාවක් තිබිය යුතුය. රතු සිවුරු පොරවාගත් හාමුදුරුවරු ඉස්සරහා තියාගෙන මේ පවුල මුළු කාලයම රට මංකොල්ල කනවා හරියට වැඩ කරන්න ඉපදිලා වගේ.

    තම දේශපාලන පැවැත්ම සඳහා නූගත් පහසු බහුතරයක් පවා රැවටීම ඔවුන්ගේ පළමු දිනයේ සිටම හිතාමතා කළ ක්‍රියාවන් විය. අනේ අපේ මිනිස්සුන්ට ඒක හරියට පේන්නෙත් නෑ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, රාජපක්ෂ නිර්දේශ කළේ නම්, ඔවුන්ගේ ප්‍රධාන ආහාරය ලෙස ගව ගොම පවා අනුභව කරනු ඇත.

    අපේ බහුතර ජනතාවගේ මෝඩකම රාජපක්ෂ ධනවත් කළ අතර දුප්පතුන් තවත් ගැඹුරට ඇද දමන ලදී.

    • 1
      0

      පොදු ප්රකාශය සහ එහි අර්ථයන් පිටුපස. මට බැලූ බැල්මට දැනුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම පහර දීම හරිම අසාධාරණයි කියලා.
      .
      “225” යන සටන් පාඨය ප්‍රතික්ෂේප කළ යුතුය. …
      1) මම හිතන්නේ මෙය ප්‍රවර්ධනය කරන්නේ රාජපක්ෂගේ සහ ඔහුගේ හෙංචයියන්ගේ මහා අපරාධ ක්‍රියාකාරකම්වල ම්ලේච්ඡත්වය දියාරු කිරීමටයි. විරුද්ධ බලවේගවලට වඩා පාලකයන් තමයි මේක පටන් ගන්නේ

      බලන්න රාජපක්ෂගේ පසුපෙළ කාරයන්ගෙන් කොටසක් තවමත් ඔහුට ඉදිරියට යන්න කියා අත්පුඩි ගසන ආකාරය. එක්කෝ Mlechcha මිනිසුන් සම්පූර්ණයෙන්ම අන්ධ විය යුතුය, නැතහොත් ඔවුන් ආපසු හැරවිය නොහැකි ලෙස මොළය සෝදා ඇත.
      .
      2) එසේම විය හැක, මිනිසුන් වත්මන් ක්‍රමය සහ පාර්ලිමේන්තු සංස්කෘතිය ප්‍රතික්ෂේප කරයි
      .
      3) සාම්ප්‍රදායික දේශපාලනයේ සම්පූර්ණ වෙනසක් ඇති කිරීමට ජනතාව ආශා කිරීම ද විය හැකි ය.

    • 0
      0

      Sujeewa,
      .
      අද වන විට, ඔවුන් සිංහරාජ වන සංරක්ෂණයට තබා ඕනෑම දෙයකට හා සෑම දෙයකටම හානියක් කරයි. ඔවුන් ජනතාවගේ උග්‍ර අවශ්‍යතා ගැන එතරම් තැකීමක් නොකරන්නේ නම්, පරිසර පද්ධති සහ ඒවායේ සංරක්ෂණය පසෙක තබා.

      යම් යම් හේතූන් මත, රාජපක්ෂලා මේ ජාතියට සහ රටට කරමින් සිටින සියලු දේ අපකීර්තියට හසු වී ඇත. මම හිතන්නේ මේ රටේ මිනිස්සු, …. මේ රටේ නිහඩ බහුතරයක් දැන් අවදි වෙලා – ඔවුන් තමන්ගේම තරුණයන්ට ඇහුම්කන් දෙනවා, සහ තරුණයන් වැඩිවෙමින් පවතින අසාධාරණයට එරෙහිව නිරන්තරයෙන් විරෝධතා දක්වන්නේ ඇයි? මේ සියල්ල ඔවුන්ගේ ස්ථිර ප්‍රතික්ෂේප කිරීම් බිඳ දමමින් වඩාත් සාර්ථක වෙමින් පවතී. සිංහල බුද්ධාගම ප්‍රමුඛ ලාංකීය සමාජය තුළ මිනිසුන්ගේ උදාසීනත්වය සහ උදාසීනත්වය දිගටම පැවතුණේ සංස්කෘතියයි. එබැවින් දේශපාලන අභිමතාර්ථයන් සහ සංස්කෘතිය පමණක් නොව, සිංහල බෞද්ධ සංස්කෘතිය ද සුසමාදර්ශී වෙනසකින් වෙනස් කළ යුතුය. ඒක වෙයි… අනිවාර්යෙන්ම වෙයි.

  • 1
    0

    සජීව, ප්‍රබල ලේඛකයන් වන ඔබට තවත් බොහෝ දේ කළ හැකිය. ඔබේ හඬ අනෙක් අයට වඩා අවදානමට ලක් වූ අයට ඇසේවා. ඒ ක්‍රියාවලියට අපට සම්බන්ධ විය නොහැකි නිසා මම දිගටම ප්‍රාර්ථනා කරනවා…. මම හිතන්නේ අපි බොහෝ දෙනෙක් පුරවැසියන් ලෙස නිෂ්ක්‍රීයව, අප වෙනුවෙන් කාර්යය කිරීමට අන් අයට ඉඩ සලසමින් සිටි කාලය ගෙවී ගොස් ඇත.
    රටේ සෑම පුරවැසියෙක්ම තමන්ට හැකි පමණින් දායක විය යුතුය.
    අවාසනාවකට මෙන් ශ්‍රී ලාංකේය ජනගහණයෙන් පැටලී ඇති උදාසීන සංස්කෘතියට හසු වී සිටින අපේ මුළු ජනතාවම අදටත් උදාසීනයි. උදාසීනත්වය සහ උදාසීනත්වය බලවත් ක්‍රියාකාරකම බවට පත් කළ යුතුය. එය පැමිණිය හැක්කේ තමා විසින්ම පමණි. පුළුල් ලෙස සිතීම දුෂ්කර කාර්යයකි, කෙසේ වෙතත්, අවම වශයෙන් සමහර කොටස් වතුර වීදුරුවේ පුරවා නැති කොටස දුටුවහොත්, ජනතාවගේ ප්‍රගතිය දෙසට දේවල් වෙනස් විය හැකිය.

    CT හෝ සමාන අදහස් ඇති සංසදවලට ඔවුන්ගේ සිතුවිලි එකතු කිරීමට ශ්‍රී ලාංකිකයින් කී දෙනෙක් එකතු වන්නේද යන්න දෙස බලන විට අපි මෙය හොඳින් දනිමු. එය අවම මට්ටමක පවතී. හාස්‍යයට කරුණක් නම්, ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ වයස අවුරුදු 55 දී විශ්‍රාම ගැනීම සඳහා පිටත්ව යන අතර රටින් පිට ජීවත් වන අයට එවැනි වරප්‍රසාද නොමැත- යුරෝපයේ එය 65 හෝ ඊට වැඩි ය.. මම අදහස් කරන්නේ විශ්‍රාම යන වයසයි. මම අදහස් කළේ, ටෙලිනාට්‍ය මාලාවක් විකාශය කරන රූපවාහිනී සැසිවලට පෙර නිකරුණේ වාඩි වී සිටීම වෙනුවට, මිනිසුන් අවදි වී ඔවුන්ගේ හදවත් ප්‍රකාශ කළ යුතුය – සාකච්ඡා අනිවාර්යයෙන්ම අපට ඉදිරියට යාමට උපකාරී වේ.
    .
    මේ පණිවිඩය රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර යා යුතුයි. අපි විදේශගත ශ්‍රී ලාංකිකයන් ලෙස සමාජ මාධ්‍ය හෝ රූපවාහිනී නාලිකා හරහා ප්‍රවෘත්ති වෙත ප්‍රවේශය ලබා ගනිමු. කෙසේ වෙතත්, අපි රටින් ඈත් වී සිටිමු, අපගේ පෑනට කළ හැක්කේ ප්‍රවේශ වීමට වඩා බොහෝ දේ ය.

    • 0
      0

      මයිනා තම අගමැතිකම රැකගැනීමේ තරඟයේදී මැරිලා වැටෙන්න තිබුණා නම් හොඳම සටන් පාඨය සහ දවසේ තරුණයන්ගේ පැතුමයි. “මම මේ බිම භීෂණයෙන් බේරා ගත්තා” කියා ඔවුන් තවදුරටත් ගරු නොකරනු ඇත්තේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමෙන් පසු නැවත නැවතත් දූෂණයට ලක් වූවාක් මෙන්, MR සහ ඔහුගේ මිනිසුන් මේ රටට සලකන ආකාරය සදාචාරයට හා සදාචාරයට ඔබ්බෙන් වන බැවිනි.
      එහෙත් සති කිහිපයකට පෙර, ප්‍රසිද්ධියේ බගර්ට පහර දීමට නොහැකි විය, දැන් එම පුද්ගලයින්ම නිශ්ශබ්දතාවය බිඳ දමා ඊටත් වඩා මතු වී ඇත. එය තරුණ රැලියේ දැවැන්ත දියුණුවකි. එබැවින් GFG හි තරුණ අරගලය සාර්ථක වී ඇති බව අපට එකඟ විය යුතුය.

  • 0
    0

    මුළු ලෝකයම පාකිස්ථානයේ දේශපාලනය විවේචනය කළත්, අකුරු කරන්නන්ට වඩා නූගත් අයගෙන් පිරුණු රටක්. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ කළමනාකරුවෙකු මුස්ලිම් මැරයන් විසින් ඝාතනය කරන ලද, ම්ලේච්ඡ ඝාතනයෙන් මාස 4 ක් ඇතුළත විමර්ශනය කර වරදකරු කරන ලද සල්කොට් පිළිබඳ විමර්ශනය, බලන්න, සාක්ෂරතාවයෙන් ඉහළම රටක සිටින අපේ රටේ නීතියට සාපේක්ෂව ඔවුන්ගේ නීතිය හා සාමය කෙතරම් නිර්භීතද? කලාපය, සිංගප්පූරුව හා සැසඳිය හැකිය. සෑම රජයක්ම නීතිය හා සාමය ඉහළින් තබා ගත යුතු බව, සල්කෝට් වරදකරු වීමෙන් පැහැදිලි වන බව මම සිතමි.

    මම විශ්වාස කරන්නේ අපේ දිවයිනේ නීතිය හා සාමය වෙනත් ක්ෂේත්‍රවලට වඩා කිහිප ගුණයකින් දූෂිත වී ඇති බවයි.
    හාස්‍යයට කරුණක් නම්, මෙවැනි අවස්ථාවක අධිකරණය විහිළුකාරයාගේ තැනක් බව දැන දැනත්, රන්ජන් වැනි සුපිරි මානවවාදියෙකු සිරගත කරනවාද?

    මේ අසාධාරණකම් මීට වසර කීපයකට පෙර වඩා අද පැහැදිලි වෙමින් පවතින නිසා, ඉදිරි දිනවලදී සියලුම මානව හිමිකම් ආයතන අපේ රජයට තව තවත් නැගී සිටින බවට මට සැකයක් නැත.
    :
    සිවිල් වැසියෙකු වෙඩි තබා ඝාතනය කරන ලද රටක් සහ එම ස්ථානය තවමත් මායිම් කර නොමැති අතර එම ස්ථානයේ සිදු වූ කුරිරු සිදුවීමෙන් පැය 24 ක් ගතවී ඇත. මානව ගරුත්වය සහ අයිතිවාසිකම් අලුගෝසුවාගේ පාලනය යටතේ තබා ඇති රාජ්‍ය මට්ටම් මෙයින් පෙන්නුම් කෙරේ. ඒ නිසා mlechcha සීමාවන් ඉක්මවා යනවා.
    https://www.youtube.com/watch?v=mYufF8JrYQw

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.