27 April, 2024

Blog

ගෝඨාගෝගම අරගලය සහ රාජපක්ෂ උපායමාර්ගය

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතිය අමතා දුන් පණිවිඩය එතරම් අවධානයකට ලක් වූයේ නැත. සැබවින්ම ජාතිය ඇමතිය යුතුව තිබුණේ ජනාධිපතිවරයා විසින් නොවේදැයි ඇතැමුන් විමසූහ. නමුත්, ජනාධිපතිවරයා වෙනුවට අග්‍රාමාත්‍යවරයා ආදේශ වීම ඔවුනගේ පැත්තෙන් ගත් කල ඉතාම නිවැරදිය. එය පාලක හවුලේ ඉතාම සබුද්ධික තෝරා ගැනීමකි. ඒ මන්ද? අග්‍රාමාත්‍යවරයාගේ කතාව නොවැදගත් හරසුන් එකක් යැයි සලකා බැහැර කරන්නවුන් හට පහසුවෙන් මග හැරී යා හැකි ඉතාම වැදගත් කාරණා කිහිපයක් එම කතාවේ ගැබ්ව තිබුණු බැවිනි. එක් අතකින් පාලනාධිකාරය නියෝජනය කරමින් ජනාධිපතිවරයා වෙනුවට අග්‍රාමාත්‍යවරයා මහජනයා ඉදිරියේ පෙනී සිටීමම එක්තරා පණිවිඩයකි. නමුත්, මගේ අවධානය යොමු වන්නේ එම සංකේතීය පණිවිඩය ගැන නොව ඔහුගේ කතාව තුළ අන්තර්ගත වූ පණිවිඩ ගැනයි.

ජාතිය සහ ගොවිජනයා

තරමක් කුතුහලය දනවන කරුණකින් පටන් ගනිමු. මහින්ද රාජපක්ෂ වත්මන් පාලනාධිකාරයේ පොහොර ප්‍රතිපත්තිය තරමක් ව්‍යංගයෙන් වුවත් විවේචනයට ලක් කළේය. යළිත් ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දෙන බවට පොරොන්දු විය. මතබේදයට ලක්ව ඇති පොහොර ප්‍රතිපත්තිය ජනාධිපතිවරයාගේ කතෘත්වය සහිත එකක් යැයි පිළිගැනෙන බැවින් මේ පණිවිඩය දීමට ජනාධිපතිවරයා සුදුසු නොවේ. දකුණේ ගොවිජන ප්‍රජාවේ සහයෝගය දිගු කලක් තිස්සේ දිනාගෙන සිටි ජ්‍යෙෂ්ඨ රාජපක්ෂ ඒ සඳහා වඩාත් සුදුසුය.

හොඳයි. රාජපක්ෂ පාලනය ගොවිජනයා හට යළිත් වරක් ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම කුමක්ද? 2005 සිට මේ දක්වා රාජපක්ෂ පාලනය ගොඩ නැගුණේ ප්‍රධාන සමාජ පදනම් දෙකක් මතය. එනම්, දකුණේ කෘෂිකාර්මික ප්‍රජාවත් නාගරික සහ අර්ධ නාගරික නව මධ්‍යම පන්තික ප්‍රජාවත්ය. ගෝඨාභය ජනාධිපතිවරයාගේ මූලික ආමන්ත්‍රණය එල්ල වූයේ නාගරික මධ්‍යම පන්තික කොටස් වෙතය. දැන් රාජපක්ෂ පාලනයට මේ සමාජ පදනම් දෙකම අහිමි වී යමින් පවතී. පළමුව, විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වූ අප්‍රායෝගික පොහොර ප්‍රතිපත්තිය මගින් අර්බුදයේ බර ගොවිජනයා මත පැටවීමත් සමග සාම්ප්‍රදායිකව රාජපක්ෂ පාලනයට සහාය දෙමින් සිටි දකුණේ කෘෂිකාර්මික ප්‍රජාව පාරට බසින්නට තීරණය කළේය. ගොවිජනයා දේශපාලනීකරණය වීම, මෙරට එතෙක් පැවති දේශපාලන සමතුලනය වෙනස් කරන්නට සමත් විය. දෙවනුව, වේගයෙන් ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය හමුවේ නාගරික සහ අර්ධ-නාගරික මධ්‍යම පන්තික කොටස්ද රාජපක්ෂ පාලනාධිකාරයෙන් දුරස් වන්නට පටන් ගත්තේය. ඒ අතුරින් බරපතල අපේක්ෂා භංගත්වයකට පත් වූ තරුණ ප්‍රජාව ගෝඨාගෝගම ගොඩ නැගීමේ රැඩිකල් බලවේගය බවට පත්ව සිටී.

මේ බරපතල දේශපාලන අර්බුදය හමුවේ රාජපක්ෂ පාලනාධිකාරයට කළ හැකි තෝරාගැනීම කුමක්ද? නාගරික සහ අර්ධ-නාගරික මධ්‍යම පන්තික කොටස් යළි දිනාගැනීම ඔවුනට එතරම් පහසු නැත. එක් අතකින් මෙම මධ්‍යම පන්තියේ කොටසක් සාම්ප්‍රදායිකව එජාප/සජබ හිතවාදීන් වන අතර සැලකිය යුතු සුළුතර ජනවාර්ගික නියෝජනයක්ද එහි පවතී. අනෙක් අතින්, පවත්නා ආර්ථික තත්ත්වය තුළ මේ සමාජ තීරුවේ විශ්වාසය නැවත දිනා ගැනීම සඳහා අවශ්‍ය අධික වියදම දරන්නට වත්මන් පාලනයට නොහැකිය. එසේ නම්, ග්‍රාමීය ගොවිජන ප්‍රජාව නැවත දිනා ගැනීම සඳහා කිසියම් ප්‍රයත්නයක් දැරිය නොහැකිද? මහින්ද රාජපක්ෂගේ ජාතිය ඇමතීමේ සැඟවුණු අරුත එය විය හැකිය. ජාතිය ඇමතීම සඳහා ජනාධිපතිවරයා වෙනුවට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් වූයේ මන්ද යන්නද එයින් පැහැදිලි කෙරේ.

ග්‍රාමීය ප්‍රජාතන්ත්‍රවාදය සහ කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය

මීට තරමක් සමීප විදේශීය අත්දැකීමක් සමග රාජපක්ෂ උපායමාර්ගය සසඳා බැලීම ඇතැම්විට ප්‍රයෝජනවත් වනු ඇත. විසිවන සියවසේ මුල්භාගයේ ඉතාලියේ පාලකයින් හටද තම සමාජ පදනම් පවත්වා ගැනීම පිළිබඳ අර්බුදයකට මුහුණ දෙන්නට සිදු විය. ඉතාලියේ දකුණුදිග ප්‍රදේශය ඒ වනවිටත් පැවතුණේ නොදියුණු කෘෂිකාර්මික ප්‍රදේශයක් ලෙසයි. ධනවාදී සංවර්ධනය නාගරික උතුරට සීමා වී පැවතිණ. දකුණේ ගොවි කැරළිද උතුරේ කම්කරු ව්‍යාපාරද හිස ඔසවමින් තිබුණි. මේ අර්බුදකාරී වාතාවරණය තුළ ඉතාලි පාලකයින් විසින් කරන ලද උපායමාර්ගික තෝරාගැනීම් දෙකක් ගැන අන්තෝනියෝ ග්‍රාම්ස්චි කතා කරයි.

පළමු උපායමාර්ගය හඳුන්වන ලද්දේ “කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය” ලෙසයි. එයින් අදහස් වූයේ උතුරුදිග ඉතාලියේ කාර්මික ධනේශ්වරය සහ වෘත්තීය සමිති මගින් නියෝජනය වූ කම්කරු පන්තිය අතර ප්‍රාදේශීය හවුලක් ගොඩ නගා ගැනීමයි. ඒ යටතේ කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීම, වෘත්තීය සමිති නිදහස, ළමා ශ්‍රමය තහනම් කිරීම, කාර්මික නිපැයුම් සඳහා බදු සහන සැලසීම, බලය මධ්‍යගත කිරීම වැනි ප්‍රතිපත්ති අනුගමනය කෙරිණ. නමුත්, එම උපායමාර්ගය යටතේ දකුණුදිග ගොවිජන ප්‍රජාව නොතකා හරින ලදී. ගොවි කැරළි මර්දනය කර දැමිණ. දෙවැනි උපායමාර්ගය හඳුන්වන ලද්දේ “ග්‍රාමීය ප්‍රජාතන්ත්‍රවාදය” ලෙසයි. එයින් අදහස් වූයේ උතුරුදිග කම්කරු පන්තිය නොතකා හරිමින් උතුරුදිග ධනපති පන්තිය සහ දකුණුදිග ඉඩම් හිමියන් හා ගොවි ජනයා අතර සන්ධානයක් ගොඩ නගා ගැනීමයි. ඒ යටතේ කෘෂිකාර්මික යෙදවුම්වල මිල පහත හෙළීම, පරිපාලන බලය ප්‍රාදේශීයව විමධ්‍යගත කිරීම වැනි ප්‍රතිපත්ති අනුගමනය කෙරිණ. කම්කරු අරගල මර්දනය කර දමන ලදී.

රාජපක්ෂ ව්‍යාපෘතියේ සමාජ කුළුණු බිඳ වැටීම

වත්මන් ශ්‍රී ලංකාව බොහෝ පැතිමානවලින් දැනට සියවසකට පෙර පැවති ඉතාලියෙන් වෙනස් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. මෙරට තුළ ඉතාලියේ පැවතියාක් වැනි කාර්මික උතුර හා කෘෂිකාර්මික දකුණ වශයෙන් වූ බෙදීමක් පවතින්නේ නැත. එසේම මෙරට පවතින්නේ කාර්මික ධනවාදයක් නොව සේවා අංශය සහ වෙළඳාම මුල් කොටගත් පරිවාර ධනවාදයකි. නමුත්, ඉතාලියානු කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය සහ ග්‍රාමීය ප්‍රජාතන්ත්‍රවාදය සමග කිසියම් දුරකට සැසඳිය හැකි අත්දැකීමක් අපට ශ්‍රී ලංකාව තුළද හඳුනාගත හැකිය. ඒ, පසුගිය දශක කිහිපය තුළ මෙරට ප්‍රධාන ධාරාවේ දක්ෂිණාංශික දේශපාලන නායකයින් නාගරික මධ්‍යම පන්තික ප්‍රජාව සමග සහ ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රජාව සමග ගණුදෙණු කිරීමේ වෙනස් උපායමාර්ග දෙකක් පැවති බැවිනි.

පාලකයින් ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රජාව සමග ගණුදෙණු කිරීමේදී අනුග්‍රාහක දේශපාලනය ඉතාම වැදගත් භූමිකාවක් රඟ දක්වයි. එම අනුග්‍රාහක දේශපාලනය ප්‍රධාන මාධ්‍යයන් දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. පළමුවැන්න වන්නේ පාලක පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලන ප්‍රභූන් ඔස්සේ සෘජුවම බෙදා දෙනු ලබන අනුග්‍රහයන්ය. දේශපාලන අනුග්‍රහය යටතේ රැකියා ලබා දීමේ පටන් අරක්කු බෝතල් බෙදා දීම දක්වා වූ පුළුල් පරාසයක දේවල් මීට අයත් වේ. මෙම අනුග්‍රහයන් සඳහා බොහෝ විට අවභාවිතා කරනු ලබන්නේ මහජන දේපළය. බොහෝ දුරට මෙකී දේශපාලන අනුග්‍රාහකවාදය පිළිබඳව චෝදනා එල්ල කරනු ලබන්නේ “රාජ-පක්ෂයට” වුවත් මංගල සමරවීර වැනි ඊනියා යහපාලන දේශපාලකයින්ද පෘථුල ලෙස එවන් දුෂිත භාවිතයන්හි යෙදී ඇත. මෙරට රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව ගැන චෝදනා කරමින් පෞද්ගලීකරණය දිරිමත් කරන නව-ලිබරල් යහපාලනවාදී දේශපාලකයින් අපෙන් සඟවන කාරණය වන්නේ රාජ්‍ය ආයතනවලට තම අනුගාමිකයින් දහස් ගණනින් ඇතුල් කොට ඒවා අකාර්යක්ෂම සහ වියදම් අධික තත්ත්වයකට පත් කරන්නට ඔවුන් කොතරම් දායක වී තිබේද යන්නයි. නිදසුනක් ලෙස මංගල වරාය ඇමති ධූරය දැරූ කාලයේදී වරාය මාතර වැසියන්ගෙන් පිරී ගිය බව ප්‍රසිද්ධ කාරණයකි.

අනුග්‍රාහක දේශපාලනයේ වඩාත් සංකීර්ණ සහ වක්‍ර මාධ්‍යය වන්නේ තම පක්ෂවල දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති හැසිරවීමයි. ගොවිජනයාගේ ජන්දය අපේක්ෂාවෙන් ඔවුන් ඉලක්ක කොට ගත් අනුග්‍රහයන් රාජ්‍යය ඔස්සේ ලබා දීම මේ සඳහා නිදසුනකි. මහින්ද රාජපක්ෂ විසින් ගොවිජනයාට ලබා දුන් පොහොර සහනාධාරය එක් අතකින් රාජ්‍ය සුභසාධනයක් වන අතරම අනෙක් අතින් ඉතාම සියුම් අනුග්‍රාහකවාදී ප්‍රතිපත්තියක් ලෙසද කියැවිය හැකිය.
ශ්‍රී ලංකාවේ අනුග්‍රාහක දේශපාලනය ගමට පමණක් සීමා වූ එකක් යැයි මෙයින් කිසිසේත්ම අදහස් නොවේ. විශේෂයෙන්ම 1970 දශකයේ අගභාගයේ ආර්ථික විවෘතකරණයෙන් පසුව මෙරට ප්‍රසාරණය වූ වෙළඳපල ආර්ථිකය වනාහී ආරම්භයේ පටන්ම දේශපාලන අනුග්‍රහයන් මත පදනම් වූ එකක් බව අප අමතක නොකළ යුතුය. නමුත්, පසුගිය දශක හතරක කාල පරිච්ජේදය තුළ ආර්ථික විවෘතකරණය මාධ්‍යය කොටගෙන ක්‍රමානුකූලව ගොඩ නැගුණු නාගරික සහ අර්ධ-නාගරික පුළුල් මධ්‍යම පන්තික තීරුවක් පවතින අතර මේ වනවිට දේශපාලනිකව ඉතාම බලපෑම්සහගත වී සිටින එම මධ්‍යම පන්තික කොටස් හුදෙක් අනුග්‍රාහක දේශපාලනයේ උපායන් මගින් පමණක් දිනාගත නොහැකිය. ඔවුන් එක් අතකින් බරපතල ලෙසම පාරිභෝජනවාදී ජීවන නිෂ්ටාවන් වැළඳගෙන සිටින අතර, අනෙක් අතින් දෘෂ්ටිවාදී දේශපාලනය කෙරෙහි වේගයෙන් ආකර්ෂණය වේ. රාජපක්ෂ ව්‍යාපෘතිය වෙත මෙම නව මධ්‍යම පන්තික කොටස් ආකර්ෂණය වීම මේ අනුව පුදුමයට කරුණක් නොවේ. මන්දයත්, රාජපක්ෂ ව්‍යාපෘතිය ඔවුනගේ පාරිභෝජනවාදී ජීවන විලාසිතාවට පහසුකම් සපයන අතරම ආකර්ෂණීය දෘෂ්ටිවාදී ආමන්ත්‍රණයක්ද (රණකාමී ජාතිකවාදය) ප්‍රදානය කරන්නට සමත් වූ බැවිනි. කෙසේ වුවත්, මේ “පාරිභෝජනවාදී ජාතිකවාදීන්” දැන් වේගයෙන් රාජපක්ෂ පාලනාධිකාරයෙන් දුරස් වෙමින් සිටී. ඒ, අල්තුසරියානු වචනයෙන් කිව හොත්, ජාතිකවාදය වනාහී ඔවුනගේ පාරිභෝජනවාදී පැවැත්මේ සැබෑ සම්බන්ධකම් කෙරෙහි දක්වන ලද පරිකල්පනීය සම්බන්ධයක් බැව් මනාව ගම්‍ය කරමිනි.

එබැවින්, වත්මන් ආර්ථික බංකොලොත්භාවය හමුවේ අපේක්ෂාභංගත්වයට පත්ව සිටින නාගරික මධ්‍යම පන්තික කොටස් යළි දිනා ගැනීම දෘෂ්ටිවාදී මාධ්‍යයන් මගින් පමණක් කෙසේවත් සිදු කළ නොහැකිය. ඔවුනට ආර්ථිකමය වශයෙන් ඉතාම ප්‍රායෝගික ඉක්මන් විසඳුම් වුවමනාය. ඔවුනගේ ජීවන නිෂ්ටාවන් සහ ජීවන තත්ත්වය අතර පරතරය එන්ට එන්ටම පළල් වෙමින් තිබේ. දෘෂ්ටිවාදීමය තලයෙහි වුවද නාගරික මධ්‍යම පන්තියේ ලිබරල් හා නිරාගමික කොටස් දැන් දේශපාලනිකව වඩා බලවත් වෙමින් සිටින බවට ගෝඨාගෝගමේ නව සටන් පාඨ සාක්ෂි දරයි. අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති මතට ප්‍රොජෙක්ටරයක් මගින් “එක්සත් ශ්‍රී ලංකාවක්” යන උදෘතය ප්‍රක්ෂේපණය කිරීමෙන් ඔවුන් දුන් එක් පණිවිඩයක් වන්නේ එයයි. (ඊට එරෙහි ඇතැම් අභ්‍යන්තර මතබේද තිබිය හැකි වුවද එසේ කළ හැකි වීමම දේශපාලනිකව ඉතාම වැදගත්ය. සජබ හෝ ජාජබ විරෝධතා තුළ එක්සත් ශ්‍රී ලංකාවක් පිළිබඳ සටන් පාඨය ප්‍රදර්ශනය කිරීමක් ගැන සිතිය හැකිද?). මේ තත්ත්වය තුළ ඉන්ධන හා තෙල් අර්බුදය තාවකාලිකව විසඳීම මගින් පවා රාජපක්ෂ පාලනාධිකාරයට තම නාගරික මධ්‍යම පන්තික සමාජ පදනම යළි ගොඩ නගා ගැනීම බෙහෙවින්ම අසීරු වනු ඇත.

ප්‍රති-උපායමාර්ගය විය යුත්තේ කුමක්ද?

මේ අනුව රාජපක්ෂ පාලනාධිකාරයට දැන් කිසියම් හෝ බලාපොරොත්තුවක් තබා ගත හැක්කේ තම සුපුරුදු අනුග්‍රාහක දේශපාලන යාන්ත්‍රණය යළි පන ගන්වමින් ග්‍රාමීය කෘෂිකාර්මික හවුල ප්‍රතිස්ථාපනය කර ගැනීම කෙරෙහිය. පොහොර සහනාධාරය පිළිබඳ පොරොන්දුව යළි ඉදිරිපත් කිරීම එහි එක් සලකුණක් පමණි. පොහොට්ටු පක්ෂයේ සංවිධාන ජාලය ඔස්සේ පහතට සම්පත් ගලා යාමට සැලැස්වීමේ බැසිලියානු ක්‍රමවේදයට වැඩි බරක් තැබෙනු ඇත. ඊනියා වැඩ ලක්ෂය සහ ප්‍රාදේශීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන්ද මේ උපායමාර්ගය සමග ගැලපේ. කෙසේ වුවත්, මේ උපායමාර්ගයේ සාර්ථකත්වය සඳහා ඉතාම ප්‍රබල දෘෂ්ටිවාදී ව්‍යාපෘතියක් වුවමනා වේ. ගාලු මුවදොර විරෝධතාව “නාගරික, මධ්‍යම පන්තික, තරුණ සහ හැකි නම් ඩයස්පෝරා හිතවාදී සහ අසංවර” එකක් ලෙස දෘෂ්ටිවාදීව පින්තාරු කිරීමට වුවමනා වේ. එසේම එය ඇතුළතින් බෙදීමට වුවමනා වේ; එහි අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතා ඉස්මතු කිරීමට වුවමනා වේ; එහි සුවිශේෂකත්වය ලකුණු කිරීමෙන් එය සීමිත අරුතකට කොටු කිරීමට වුවමනා වේ.

එසේ නම්, ප්‍රති-උපායමාර්ගය විය යුත්තේ කුමක්දැයි වටහා ගැනීම අසීරු නැත. ගාලු මුවදොර තනි නොකරමින් ප්‍රාදේශීයව ගෝඨාගෝගම් ගොඩ නැගීමේ නැඹුරුව වනාහී වත්මන් පාලනාධිකාරයේ උපායමාර්ගය සෘජුවම අභියෝගයට ලක් කිරීමකි. දැනට ප්‍රාදේශීය ගෝඨාගෝගම් නිර්මාණය කිරීමේදී විපක්ෂයේ පක්ෂ කිහිපයක් තරඟ කරමින් සිටින බව පෙනේ. පිටතින් පෙනෙන ආකාරයට රත්නපුර ගෝඨාගෝගමක් සඳහා 43 සේනාංකයට සම්බන්ධ පිරිස් පුරෝගාමීත්වය ගෙන ඇති අතර ගාල්ල ගෝඨාගෝගම තුළ රැඩිකල් වාමාංශික කොටස් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරයි.

නමුත්, මෙම ව්‍යාපාරය තුළ තරඟකාරී පක්ෂ දේශපාලනය ඉස්මත්තට ඒමට කිසිසේත් ඉඩ නොදිය යුතුය. එවැනි තත්ත්වයක් රාජපක්ෂ පාලනාධිකාරයට වඩා වාසිදායක වනු ඇත. සමකාලීන ස්වායත්ත මහජන ක්‍රියාකාරීත්වයේ සුවිශේෂකත්වය අප වටහාගත යුතුය. එහි බහුවිධත්වය සහ නව්‍යතාව ආරක්ෂා කර ගත යුතුය. වත්මන් මොහොතේ තීරණාත්මක වැදගත්කම වන්නේ මෙතෙක් දේශපාලනීකරණය වී නොසිටි ජනයා දේශපාලනීකරණය වීමයි. එම දේශපාලනීකරණයේ ගතිකත්වය පවත්වා ගැනීමට නම් පුරවැසි ක්‍රියාකාරීත්වය දිරිමත් කෙරෙන ආකාරයෙන් විපාක්ෂික බලවේග කටයුතු කළ යුතුව ඇත. පෙරට පැමිණ ඇත්තේ ජන අරගල දේශපාලනයයි. ඉහළට එසවෙමින් ඇත්තේ දියවන්නාවෙන් පිටත මහජන බලයක් පිළිබඳ සටන් පාඨයයි. ග්‍රවුන්ඩ් එක වෙනස් වී ඇති බව වටහා නොගෙන පැරණි තාලයට දේශපාලනය කරන්නට උත්සාහ කරන පක්ෂ සහ සංවිධාන ඉක්මනින්ම මේ අවකාශයෙන් ඉවතට විසි වී යනු ඇත.

ප්‍රාදේශීය ගෝඨාගෝගම් නිර්මාණය වීමේ තවත් වැදගත්කමක් වන්නේ කෘෂිකාර්මික ප්‍රජාව මුහුණදෙන පොහොර ප්‍රශ්නය, ක්‍ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නය, ග්‍රාමීය දරිද්‍රතාව වැනි කාරණා ප්‍රජාතාන්ත්‍රික මහජන අරගලයේ කේන්ද්‍රයට රැගෙන ඒමට අවස්ථාව ලැබීමයි. එනයින්, අනුග්‍රාහක දේශපාලනයේ රාමුව තුළ නිර්මාණය කර තිබෙන ලාංකීය කෘෂිකාර්මික හවුල බිඳ දමා ග්‍රාමීය ප්‍රජාවත් නාගරික ප්‍රජාතාන්ත්‍රික බලවේගත් අතර ඓන්ද්‍රීය බැම්මක් ගොඩ නැගීමට අවස්ථාව විවර වීමයි. ඒ අතරම සුළුතර ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික ප්‍රජාවන්ගේ ඉල්ලීම් පෙරට ගෙන ඒමේදීද ජන අරගලය රට පුරා ව්‍යාප්ත කිරීම ප්‍රයෝජනවත් වනු ඇත. ජන අරගලය එසේ ව්‍යාප්ත වීමට සමාන්තරව එයට සහභාගී වන පිරිස් අතුරින් මහජන සභා ගොඩ නැගීමක්ද එම මහජන සභා අතර සබඳතා ගොඩ නැගීමක්ද සිදු විය යුතුව ඇත. ඉදිරියේදී කවර පක්ෂයක් බලයට පත් වුවද, කවර ආර්ථික සහ රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් වුවද ඒ සියල්ල මෙලෙස ගොඩ නැගෙන ජනතාවගේ ස්වාධීන නියෝජන ආයතනවල පරීක්ෂාවට ලක් විය යුතුය. දියවන්නාවෙන් එළියේ ජනතා පාර්ලිමේන්තුවක් පිළිබඳ සටන් පාඨය යථාර්තයක් බවට පත් කිරීම දැන් අප කලින් අපේක්ෂා කළාට වඩා ඉක්මණින් සිදු කළ හැකි බව පෙනේ.

මේ ප්‍රති-උපායමාර්ගය ක්‍රියාවට යෙදවීමේ ගාමක බලවේගයක් ලෙසින් තරුණ වාමාංශය සහ ශිෂ්‍ය ව්‍යාපාරය ගැන කිසියම් බලාපොරොත්තුවක් තබා ගත හැකිය යන්න මගේ විශ්වාසයයි. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පා ගමනකින් පැමිණ ගාලු මුවදොර විරෝධතාවට පැමිණෙන විට ඔවුන්ව සාදරයෙන් පිළිගනු ලැබූ බව අමතක නොකළ යුතුය. එසේම, ගෝඨාගෝගම තුළ ජන අරගල ව්‍යාපාරය, අන්තරය, වෘත්තීය සමිති, බේකරියේ කට්ටිය සහ සමාජවාදී තරුණ සංගමය නියෝජනය වන ඉතාම ක්‍රියාකාරී වාමාංශික කලාපයක් නිර්මාණය වී තිබේ. ගාලු මුවදොර කොමියුනය සහ ප්‍රාදේශීය ගෝඨාගෝගම් අතර සබඳතා ගොඩ නැගීමේ ජැකොබින් කාර්යභාරය ඉටු කිරීමේදී ශිෂ්‍ය ව්‍යාපාරයට තිබෙන අමතර වාසියක් වන්නේ එහි සාමාජිකයින් රට පුරා ප්‍රාදේශීයව විසිර සිටින ක්‍රියාකාරී තරුණ පිරිසක් වීමයි.

අවසන් වශයෙන් මේ නව දේශපාලන ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගිය හොත් ඒ විසින් මෙතෙක් මෙරට පැවති සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනයේද රැඩිකල් පරිවර්තනයක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ජන අරගලයෙන් ඉගෙනීමට අසමත් වන පක්ෂවලට අනාගතයේදී ස්වකීය දේශපාලන දැක්මේ අසමත්කමේ විපාකවලින් ඉගෙන ගැනීමට සිදු වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 8
    0

    රාජපක්ෂලා තමන්ගේම මිනිසුන්ට එරෙහිව තවත් සැතපුමක් යාවි යැයි කිසිදා සිතුවේ කවුද?පසුගිය වසර 15 පුරාවටම මුල සිටම මහා අපරාධකාර පවුලට එරෙහිව මා නැගී සිටියත් ඔවුන් ලබා ගත් ජනවරම දෙස බලන විට මගේ විශ්වාසය කාලයත් සමඟ සමනය විය කෙසේ වෙතත්, අද, මට හැඟෙන්නේ, මම මුල සිටම නිවැරදි බවයි.

    පළමු පෙළපාළියේදීම පින්තූරය පින්තාරු කිරීම සඳහා ඔවුන් විසින්ම බස් රථයක් පුළුස්සා දැමූ නමුත්, එතැන් සිට සති කිහිපයක් ගතවී තිබියදීත්, සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සහ හෙළිදරව් කිරීමක් තවමත් සිදු කර නොමැත.

    ඔවුන් අද මිනිසුන්ගේ අංශු මාත්‍ර දැනුවත් කිරීමක් ගැන තැකීමක් නොකරන අතර විරෝධතාකරුවන් විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් ගැන ඔවුන් තවදුරටත් නොදැන සිටිති. රජයට එරෙහිව ශීඝ්‍රයෙන් වර්ධනය වන විරෝධතා මධ්‍යයේ, ඔවුන්ට කිසිඳු බාධාවක් නොවන බැවින්, ජනාධිපතිවරයා ඇතුළු පිරිස අද කුඩා කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දී තිබේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විරෝධතා දක්වන ජනතාවගේ සැබෑ කනස්සල්ල ගැන අවම දැනුමක් හෝ උත්සුකතාවකින් ඔබ්බට ගිය අය වෙති. ඔවුනොවුන්ගේ ම්ලේච්ච නායකයන් තවදුරටත් ආරක්ෂා කර ගැනීමට ඔවුන් ඕනෑම දෙයක් කරනු ඇත. ශාන්ත බණ්ඩාර හෝ වැන්නෝ තම දේශපාලන ජීවිතය සදහටම විනාශ කර ගත්හ.

    • 8
      0

      17:54
      ලංකාවේ ජනමාධ්‍ය එයාලගේ කාර්යය ඉටු කරන්නේ නැහැ

      මෙය මා කියන්නේ

      දැනට වසරකට පෙර තමයි මුද්‍රිත හොණ්ඩර ගාණක් බඩු තොගයක් Ugandawata ඇරියා කියලා කිව්වේ🤔 එක sunday times වල ලියලා තිබුනා ලංකාව ඇතුළත ඒකෙත් සාකච්ඡාවක් ගොඩ නැගුනේ නැහැ🤔

      අද වෙනකොට අවුරුද්දක් විතර ගිහිල්ලා ඉවරයි දැන් තමයි ඒක එළියට පොඩ්ඩක් hari එන්නේ????
      _
      මොකක්ද හේතුව හේතුව තමයි ලංකාවෙ මාධ්‍ය විචාරකයන් එයාලගේ කාර්ය කිසිසේත් ම ඉටු කරන්නේ නැහැ🤔

      ඔව් මන්දගාමී එහෙම නැත්තං ගණන් ගන්නේ නැහැ🐕🐕 අහිංසක මිනිස්සුන්ට මිනිස්සුන්ගේ බදු මුදල් අමුතු විදියට 🤔පොdhi ගහගෙන එක පවුලක් එවුන්ගෙ සුඛ විහරණයට විතරක් යොදා ගන්නවා 🤔

      නං ඒක හෙනගහන අපරාධයක් 🤔🤔 මේක අවුරුදු පහළොවක් තිස්සේ දැනට මෙය ලංකාවේ සිදු වෙනවා 🤔🤔

      මිනිස්සු 69නම ලක්ෂයක් ඡන්දය දුන්නා දැන් 2019නොවැම්බර් වෙනකොට මිනිස්සු හෝයිය kiwwa රාජපක්ෂවරුන්ට තිබුන රජයේ වැරදි තියෙන පුළුවන් එනමුත් ඒ රජයටත් වැඩ කරන්න දුන්නේ නැහැ රාජපක්ෂවරු ඒකට හේතුව තමයි
      🤔🤔🤔
      ගොඩ ගැහුනා හරියට රාජපක්ෂ වරුන්ට විරුද්ධව නඩු හබ
      🤔🤔🤔
      මේ නඩුහබ වලින් ගැලවෙන්න කළ යුතුව තිබුණ එකම දෙය තමයි බලයෙන් රජය උදුරා ගැනීම උදුරාගෙන ඒ නඩුහබ වලින් නිදොස් කොට නිදහස් වීම 🤔🤔

      අද අපි ආපස්සට හැරිලා බලමු🤔🤔 බලනකොට දැන් දෙයක් තමයි මේ අවුරුදු දෙක තුන ක තුළ රාජපක්ෂවරු ඇවිල්ල ගෝඨාභය කියන නූගත් මිනිහා ජනාධිපති පුටුවේ ඉඳගෙන කරපු දේවල් මොනවාද 🐕🐕🐕මිනිස්සුන්ට කරපු දෙයක් නැහැ

      • 6
        1

        Isn’t that tiring work; LM?
        .
        I admire yo for doing it.

        • 6
          0

          Thank you.
          Indeed tiring, but no choice we have to transport the message to sinhala readers.

          Jit will join me next days. He is currently on holidays.

        • 3
          0

          විනාශයට පත් මිනිසුන් නායකයන් බවට පත් විය. ඉතින්, අපේ අනාවැකි හමුවීමෙන්, වසර 2 කට පසුව හෝ ඊටත් පෙර, රාජපක්ෂගේ සැබෑ මුහුණ මිනිසුන්ට වැටහුණි.
          අප සෑම කෙනෙකුම උපක්‍රමවලට හසු වනු ඇත, නමුත් අපි නැවත නැවතත් ඔවුන්ගේ පහසු ගොදුරක් නොවනු ඇත, කෙසේ වෙතත්, අපේ මිනිසුන්ගේ ඉරණම නම්, ඔවුන් නැවත නැවතත් හසු වේ.
          එහි ප්‍රතිවිපාක අද අපේ ඇස් ඉදිරිපිට තිබෙනවා. අප ඉදිරියේ ඇති අනතුරේ ප්‍රමාණය ගැන අපි කී වතාවක් අනතුරු අඟවා ඇත්තෙමු. මිනිසුන්ගේ දැනුවත්භාවය, ඔවුන් උපාධිධාරීන් හෝ මහාචාර්යවරුන් වුවද, එය ප්‍රමාණවත් නොවීය, මන්ද බෞද්ධ පූජකයන්ගේ බලය සහ ඔවුන් GOTA ගැන ප්‍රවාහනය කළ පණිවිඩය ඉහළින් තිබූ බැවිනි. ඒ හැර ජාතිවාදය සහ සිංහලකම පිළිබඳ ගෝඨාගේ නොයෙකුත් බලවේගවලට ඇති හිතවත්කම ඔවුන්ගේ ලැයිස්තුවේ ඉහළින් තබා ඇත. මිථ්‍යාව, මිථ්‍යාදෘෂ්ටිය ඔවුන්ට සදාකාලික අන්ධභාවයට මඟ පෙන්වීය. තවමත් කැලණියේ අති පූජනීය බෞද්ධ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ නමක් විසින් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයත් සමඟ නාගය: කැලණිය ගඟෙන් ධාතු වැඩමවීම වැනි ව්‍යාජ පුවත් කෙටි කාලයක් තුළ එකසේ ප්‍රචාරය විය.

      • 7
        0

        Mahinda Rajapakshe may be the owner of all properties being revealed these days.
        .
        https://www.youtube.com/watch?v=3uWDiRfTfCY
        .
        If all tehse are the truth, he has no right to be free a single day. Please FOLKS …. wake up.

    • 6
      0

      ගෝඨා ඒක ඊයේ ආයෙත් ඔප්පු කළා, තමන් හැමෝගෙම ජනාධිපති නෙවෙයි හොඳම “අලුගෝසුවා”…ඊයේ මැරිලා තුවාල උන එවුන්, ඊයේ ඉඳන් උන්ගේ Mlechcha ඉතිහාසේ කොටසක් වෙනවා. ඔවුන්ගේ ප්‍රතික්‍රියා වඩාත් මිනිසුන්ට හිතකර වනු ඇතැයි කිසිවකු අනුමාන කළේ නම්, එය නැවත වරක් වටහා ගන්නේ නම්, මැදමුලන සතුන්ගේ සැබෑ ජාතිය පැහැදිලි වනු ඇත. ඔවුන් කවදාවත් මිනිසුන්ට මානුෂිකව සලකන්නේ නැහැ. ඔවුන්ගේ බල තණ්හාව ඔවුන් සදහටම අන්ධ හා බිහිරි බවට පත් කරනු ඇත.
      රටෙහි මෙම තීරණාත්මක අවස්ථාවේදී, IMF ක්‍රියාවලිය ආරම්භ නොකළේ නම් සහ ක්‍රියාවලිය නොයන්නේ නම්, ගෝඨා ආරක්ෂක හමුදාවන්ට තවත් දහස් ගණනක් මරා දැමීමට බල කරනු ඇත. ඕනෑම ජාත්‍යන්තර ආයතනයක්, එම රටවල ඕනෑම ආර්ථික අර්බුදයකදී පැන නැගී උදව් කිරීමට පෙර, මානව හිමිකම් මට්ටම් සහ රජයන්හි උල්ලංඝනය කිරීම් මට්ටම් පිළිබඳව නැවත නැවතත් පරීක්ෂා කරනු ඇත.
      රතුපස්වල පිරිසුදු ජලය ඉල්ලා උද්ඝෝෂණ කළ පිරිසට ක්‍රියා කළ හෝ බල කළ ජාතියේ අලුගෝසුවා වූ ගෝඨාභයට සැලකූ ආකාරය අපි දනිමු.
      අපේ මෝඩ මිනිස්සු හරියට ක්‍රියා කරන බවක් පෙනෙන්නේ නැහැ, එහෙම කළා නම් මේ ම්ලේච්ඡ පාලකයෝ මේ ජීවිතේ ආයේ එන්නේ නැහැ. නමුත් මෝඩ ජනතාව නැවතත් ඔවුන්ව අවතක්සේරු කළා. නැවත නැවතත් එකම වළේ වැටුණාක් මෙන් විය. දේශපාලඥයින් පමණක් නොව, දැනුම නොමැතිකම, මූලික දැනුම හෝ දේශපාලන සාක්ෂරතා අනුපාතය ඕනෑම ශිෂ්ට සම්පන්න ජාතියකට සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම එය වඩාත් නරක අතට හැරී ඇත.

      මගේ ආයාචනය ජනතාවනි, කරුණාකර ප්‍රචණ්ඩත්වයෙන් තොර වන්න, නමුත් මෙම ම්ලේච්ඡයන් අපට නොපෙනී යන තුරු දිගටම විරෝධතාවයේ යෙදෙන්න. එවිට මෙම උත්සාහයේ අපගේ සාර්ථකත්වය නොවැළැක්විය හැකිය. මේ සුන්දර විරෝධතාවයේ අවසානය සාර්ථක වේවා! සියලු දෙනාටම සියලු ශක්තියෙන් බල ගැන්වේවා. !!
      .

    • 7
      0

      LM, රාජපක්ෂ ලා වුනත් 2005 දී හීනෙකින් වත් හිතන්න නැතුව ඇති මෙච්චර දුරකට ආණ්ඩු බලය අල්ලං ඉන්ට පුළුවන් ද කියල. හැබැයි ලොතරැයිය ඇදුනේ මේ ගොල්ල යුද්දය දිනපු අහම්බය මත ම විතරයි, ඒකෙන් මේ හොර නඩේ ලංකාවම සින්නක්කරේට ලියා ගන්න හිතුවා. ඒකටම උඩ ගෙඩි දීමට සැදී පැහැදී ඉන්න බෝතල් පත්තර කාරයෝ ටිකයි, සිවුරු කාර මුදලාලිලා ටිකයි, කුළියට කහින ආචාර්ය මහාචාර්ය රොත්තයි, නළා කාරයෝ ටිකයි කොන්දේසි විරහිතව මේ ලෝක ප්‍රකට හොර නඩේට උදේ හවා කඩේ ගියානේ? ඉතින් තව මොනවාද අඩු උනේ ජරාපක්ෂලාට රටේ ජනතාව ගොනාට අන්දන්න?? අද මේ ගොල්ල ඔක්කොම ගෝල් පේස් එනවා පවු සමා කර ගන්න. මතකද ජැක්සන් ඇන්තනී කිවුවා නාකි මයින ගෞතම බුදුන් ගේ නෑදෑයෙක් කියල? ඒ ප්‍රලාප කියවල හම්බන්තොට පුස් වරාය අරින දවසේ උත්සවයෙන් කෝටි ගානක් ගැහුවා. දැන් හොටු පෙර පෙර FB එකේ බයිලා ලියනවා මේවට එයා නෑල්ලු කියල. මම නම් කියන්නේ මේ ඔක්කොමගෙන්ම රටේ ජනතාවගෙන් හූරන් කාපු සල්ලි ඔක්කොම රිටන් කරන කන් ඔය ලොට් එකම මහගෙදර උළු ගණන් කරන්න යවන්න ඕන කියලයි!

      • 5
        0

        ඝනක්කාගේ ධනය විගණනය කිරීමට ජනතාව ඉදිරිපත් විය යුතුයි. ප්‍රශ්න කරන්නම්, අද නොවේ නම්, කවදාද?

        මෙය ඉතා පහසුවෙන් කළ හැකිය. නිවැරදිභාවයේ පළමු පියවර ලෙස අප අභියෝග කළ යුත්තේ මෙයයි.

        මේ මොහොතේ, LAWYER ප්‍රජාව ක්‍රියාශීලී වීම නිසා ඔවුන්ට ක්‍රියාවලියට පළමු පියවර තැබීමෙන් ආරම්භ කළ හැක. එතුමියට විරුද්ධව නඩුවක් දාන්න ඕන…. ප්‍රදේශයේ ජනතාව සහයෝගය දෙයි. ඒ වාලම්පුරි මිනිසා කීර්ති ධිසනායකටද මෙය කළ යුතුව තිබුණි.

        රාජපක්ෂ සැබෑ අපරාධකරුවන් බව ජනතාව කිසිවිටෙක බැරෑරුම් ලෙස සැලකුවේ නැත. ඒ වන විට ඔවුන් නැවත බලයට පත් වූ අතර, ඔවුන්ට සහ 2005-2015 දක්වා ඔවුන්ගේ කාර්ය සාධනයට එරෙහිව විවිධ චෝදනා එල්ල විය.
        අපි හැම විටම මෙය කළේ, අපි ඔවුන්ව ව්යාජ දේශප්රේමීන් ලෙස හඳුනා ගත් නමුත් සංස්කෘතික නොවන සහ අන්ත අවස්ථාවාදීන් ලෙස හඳුනා ගත් බැවිනි.
        මෙය සාමාන්‍ය ජනතා සටන් පාඨය නොවේද? එනම්, එකම ජාතියට නිසි අවබෝධයක් නොමැතිව, කිසිම ප්‍රගතියක් සඳහා කිසිවක් සාර්ථක නොවනු ඇත. ජාතිය යළි ගොඩනැගීමට ප්‍රමුඛත්වය දිය යුතුව තිබුණේ, සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් වසර ගණනාවකට පසුව තවත් ආයෝජනය කළ යුතුව තිබුණේ එබැවිනි. මුළු ලෝකයම එය නිරීක්ෂණය කළ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා රටට එරෙහිව අඛණ්ඩව යෝජනා නිකුත් කළේය.

        මෙතරම් කාලයක් corURPTED පද්ධති තවදුරටත් මුල් බැස ඇත, මිනිසුන් වෙනත් ආකාරයකින් ප්‍රතික්‍රියා නොකරනු ඇත. වඩා හොඳ පද්ධති ක්‍රියාත්මක කිරීමට පෙර එය පළමුව නිවැරදි කළ යුතුය.
        නමුත් ඔප්පු වී ඇති අපරාධකරුවන් ඉවත් කිරීමට ජනතාව අව්‍යාජ සහ කැමැත්තෙන් සිටියේ නම්, ඔවුන් නැවත බලයට පත් කිරීමට දේවල් ක්‍රියාත්මක නොවනු ඇත.

        මීළඟට කවුරු ආවත් නීතිය හා සාමය අන් සියල්ලටම වඩා ඉහළින් තැබිය යුතුය.

        අද ඇතැමුන් සන්නස්ගලට සහ තාරුණ්‍යයට ඇගිල්ල දිගු කරන්නේ කෙසේදැයි සිතා බලන්න, පසුගිය කාලයේ තමන්ට අත්වැලක් වූ කුමන්ත්‍රණ න්‍යාය මත නැවත නැවතත් එකම ටේප් වාදනය කරමින්. ස්වභාවිකවම සුන්දර වූ මේ රටේ ම්ලේච්ච දේශපාලකයන්ගේ දේශපාලන ක්‍රීඩා බලය ලබා ගැනීමට ඕනෑම දෙයක් කරනු ඇතැයි මම සිතමි, ඉතා අහිංසක මිනිසුන්ගේ මළ සිරුරු මත පවා

    • 3
      0

      මෙම තීරණාත්මක අවස්ථාවේ දී ඔවුන්ට උපදෙස් ලබාදීමට අන්‍යයන්ට සම්බන්ධ වීමට වත්මන් රජය ඉඩ නොදෙන අතර, විරෝධතාවයේ යෙදෙන තරුණයින් ඒ පිළිබඳව පැහැදිලි ඉල්ලීම් ඉදිරිපත් කළද ඔවුන්ට ඉල්ලා අස්වීමට අවශ්‍ය නැත. ඔවුන් පාර්ලිමේන්තුවේ ඔවුන් ඉදිරියේ වටිනා කාලය නාස්ති කරති. සති ගෙවී යයි, දරිද්‍රතාවයේ මට්ටම් වේගයෙන් වර්ධනය වේ. මේක සාපකාර තත්ත්වයක්. බිම් යථාර්ථය අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාව ගරු රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කරයි. අපට අසන්නට ලැබෙන පරිදි, රාජ්‍යයට කඩිනම් සහන ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී නැති නිසා, ඔවුන්ට ආපසු ගෙවීමේ කොන්දේසි අනුව ඔවුන් හැකියාවන් ඔප්පු නොකරනු ඇත. පළපුරුදු නායකයින්ට වැඩ කරන්න දෙන්නෙත් නැහැ.

    • 3
      0

      1,262 / 5,000
      Translation results
      අද සමහර විශ්‍රාමික නිලධාරීන් බණ කියන පරිදි – විශ්‍රාම ගිය පසු පමණක් නොව, බොහෝ කලකට පෙර ඔවුන් එය හෙළි කළ යුතුව තිබුණි. අපගේ ලොකුම අසාර්ථකත්වය නම්, අපි සියල්ලෝම ඇඟිල්ල දිගු කළත්, කිසිවකට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමයි. විවේචන සමුදාය සෑම කෙනෙකුගේම සෑම අස්සක් මුල්ලක් නෑරම වේ, නමුත් කිසිවක් අප විසින්ම සිදු නොවේ. ඊළඟට එය වළක්වා ගැනීමට කිසිදු පිළියමක් හෝ නව යාන්ත්‍රණයක් අප විසින් ගනු නොලැබේ.
      දැන් සාන්තුවරයෙකු හෝ පණ්ඩිතයෙකු වීමට උත්සාහ කරන එම විගණකාධිපති ආචාර්ය විජේසිංහට තවත් බොහෝ දේ හෙළි කළ හැකි විය, ඔහු තවමත් සිටියේ ඔහුගේ තනතුරේය. ඔහු මේ රටේ ඉහවහා ගිය දූෂණයට එරෙහිව නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බොහෝ දෙනාගෙන් එක් අයෙකි. අනෙක් තැනැත්තා මහ බැංකුවේ වඩාත් ප්‍රසිද්ධ ආර්ථික විද්‍යා පණ්ඩිත ආචාර්ය විජේවර්ධනය. ඔහු දැන් ඔහුගේ විශ්‍රාම යාමේදී දිගටම ලියමින් සිටින නමුත්, CB හි නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස, ඔහු බැංකුව කොල්ලකෑ හෝ ඔහුගේ හෝ ඇයගේම තනතුරට වරප්‍රසාද දුන් අන් සියල්ලන්ටම වෙනස් නොවීය.

      මම හිතන්නේ එය පිළිකාවක් වගේ – ආරම්භයේදීම සොයාගතහොත්, තිරසාර බවට පත්වන ඕනෑම සුවයක් සෙවිය හැක්කේ ඔබට පමණි, කෙසේ වෙතත්, එය ප්‍රමාද වුවහොත්, ජීවිතය බේරා ගැනීම පහසු නැත. එසේම, ශ්‍රී ලාංකිකයන් පසුගිය දශක කිහිපය තුළ අධික දූෂණයට සහ වෙනත් විවිධ අපයෝජනයන්ට හසු වූ නමුත්, නායකයින් සටන් කළ හැකි නමුත් ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය.

  • 7
    0

    එක් මිනිසෙක් ඔවුන්ගේ ගොදුරු බවට පත් විය. අද ඔහුගේ ජීවිතය කෙසේ වේදැයි මේ මිනිසා දැන සිටියේ නැත. ඉන්ධන හෝ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල දරාගත නොහැකි මිල ඉහළ යාමට පෙර ජීවිතයට මුහුණ දීමට නොහැකි වීම ඔහුගේ හැඟීම් ය. ඇයි පාලකයන්ට මහජනයාගේ පැත්තෙන් බලන්න බැරි. වත්මන් පොකුරේ සිටින බොහෝ දෙනෙකුට මනුෂ්‍ය ජීවිතයක් පිළිබඳ අවම ගෞරවයක් හෝ ගෞරවයක් නැත.
    .
    මේ මිනිසුන්ට ඉක්මනින්ම නිසි දඬුවම්වලට මුහුණ දීමට සිදු විය යුතුය. ජනයනි, කිසිවිටක නිෂ්ක්‍රීයව ක්‍රියාශීලී නොවන්න, නමුත් ඔබේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න…. මේ ජාතියේ සෑම පුරවැසියෙකුටම මූලික අයිතිවාසිකම් ලැබිය යුතුය. වත්මන් ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ ජීවත් වූ බැවින් පුරවැසියන්ට මනුෂ්‍ය ලෙස සැලකීමට හැකි විය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ඕනෑම පුරවැසියෙකුට තිබෙන විරෝධතා දැක්වීමේ අයිතිය ඕනෑම කෙනෙකුට දිය යුතුයි. මෙම නායකයින් බොහෝ දෙනා විසින් තෝරා පත් කර ගැනීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ඇති ඔවුන්ගේ සබඳතා අවසන් කරයි. ඔවුන් නිතරම ලැජ්ජාවකින් තොරව එය කරයි.

  • 8
    0

    මා ඇසූ, දුටු කාරණාවලින් මට නම් පැහැදිලිවෙන්නේ ගොටාගෝගම (GGG) තුල අද දක්නට ඇති දේශපාලනික ක්‍රියාන්විතය හා ඒ ආශ්‍රීත සෙසු පළාත් වල නිතරම ඇවිලෙන උද්ගෝෂණ උද්දීපනය ඔබ කියනා තරුණ වාම ශිෂ්‍ය බලවේගයක අයිතියට පමණක් පංගාර්තු කල නොහැකි දෙයක් කියලයි. ඇත්තෙන්ම “ජනාධිපති උතුමා” යනුවෙන් දැඩි ලෙස සමාජගත වී තිබූ, සෙලවිය නොහැකි, අත තැබිය නොහැකි ‘උත්තරීතර’ සංකල්පයට ඉස්සෙල්ලාම කුඩු වෙන්න ගැහුවේ හිරුණිකා ඇතුළු කාන්තා කන්ඩායමක් මීට සති කීපයකට ඉස්සෙල්ල මිරිහානේ ගෝටා ගේ ගෙදර ඉස්සරහම! ඇය බය නැතිවම කෑ ගැසුවේ ඥානක්කා ගෙන් සාස්තර අහන ජනාධිපතියෙක් ගෙන් ලංකාවට ඇති වැඩේ මොකද්ද කියලයි! මෙහි ඇති වැදගත් කම නම් එතෙක් කල් ඔය එක වාමාංශිකයෙක් වත් එවැනි අභියෝගශීලී, මහා පොළොවේ පය ගහමින්, ජීවත් වීමේ අමාරුව පාලකයන්ගේ මර්මස්තානයටම එල්ල කරන්න බිය වී හිඳීම යි. හිරුනිකා ඇතුළු පිරිස කලේ අන්න ඒ කාර්යයයි. මං හිතන්නේ ඔය වැඩේ කරන කන් සජිත් වත් දැනන් හිටියද කියල, ඒ තරමට ක්ෂණිකව ඇය මේ කටයුත්ත මෙහෙයවලා කළා. එයින් කුළු ගැන්වී, ඊට ඌන පූරකයක් සේ ඇතිවූ 31 දා රෑ මිරිහානේ මහ පාරේ අරගලය තමා අද වෙනකං දිගටම නොනැවතී යන්නේ. GGG හි ඇති වැදගත් ම අරුත නම් අර හැම ගමකම, නගරයකම, හැම තැනම සිදුවන මහා පාරේ අරගල වල තේමාවේ කේන්ද්‍රස්ථානය ලෙස ඉටු කරන කාර්‍යයයි. YT clip වල අපි දකින්නේ වැඩි හරියක්ම තරුණ පිරිස් බව ඇත්ත. නමුත් ඒ අය උගත් අසරසවි සිසුන් පමණක් නොවේ. උගත්, නූගත්, වාමාංශික හෝ සජබ හෝ ශ්‍රීලනිප හෝ ද්‍රවිඩ මුස්ලිම් පක්ෂ…….ඔය හැමෝම සහ මැදි වයසේ හෝ මහලු අයත් සෑහෙන ඉන්නා ප්‍රජාවක්. ලංකාවට ඉතාම නවමු මේ සක්‍රිය දේශපාලන ප්‍රපංචය ගැන ඉතාම හොඳ අර්ථ කථනය දෙන්නේ මහාචාර්ය උයන්ගොඩ යි. මේ බලන්න: https://www.youtube.com/watch?v=MQ2aHiqfngs

    • 5
      0

      Dear JIT, thanks for your comments.
      .
      අපට අනාගත නායකයින් සෙවිය යුත්තේ දැනටමත් කුණු වී ඇති එම පොකුරෙන්ම ය. ඒ නිසා JVP ලා සිහින දකින 100% පිරිසිදුකම, මනෝරාජික ලෝකයක් නොවේ නම් එය සාර්ථක නොවනු ඇත. ජනතා විමුක්ති පෙරමුණේ න්‍යායික දැනුම ඔවුන්ගේ මනා විනය විරෝධී රැලි වේගයෙන් පැතිර ගියද ප්‍රායෝගිකව සිදු නොවනු ඇත.
      කවුරු මොනවා කීවත් සිහින මැව්වත්, වෙනත් විකල්ප නැත, මන්ද මුළු මහත් ජනතාවම ප්‍රතිවිරුද්ධ දෙයට වඩා දූෂිත හෝ දූෂණයට අනුබල දෙන බැවිනි. මිනිසුන් සමගි වූ සහ අයිතිවාසිකම්වලට බැඳී සිටින ජාතීන්ගෙන් බොහෝ දුරස් ය. ඔවුන් ඕනෑම දූෂිත හැසිරවීමක ශූරයන් වේ. ඔවුන් කොල්ලකාරී දේශපාලනඥයන්ගේ පහසු ගොදුරක් පමණි. රාජපක්ෂ සහ ඔහුගේ දේශපාලන ක්‍රමය ධ්‍රැවීකරණය වූවක් බවට පත් වූයේ එය විසින්ම පරිණාමය වූවක් නොවන බවත්, එයට අනුග්‍රහය ඇතිවය.Who supported them if not very same people in this country ?

      සියල්ලටමත් වඩා, එසේ නම්, සංඝ මුදලාලිවරුන් සමාජය නිවැරදි කිරීමට හෝ නැවත ගොඩනැගීමේ දිශාවට ඔවුන්ගේ සිතුවිලි බෙදා නොගනී. දැන් අර තරුණ හාමුදුරුවෝ; හිටපු ශ්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවෙක් නොයෙකුත් බොරු ප්‍රචාර කරනවා, ඒ young monk තුවාලය තවත් දරුණු කරලා. ඔහුගේ සහ ඊනියා දේශප්‍රේමීන්ට අවශ්‍ය වන්නේ එය තරුණ පරපුරේ සහ ඔවුන්ගේ අනාගතයේ සීමාවෙන් ඔබ්බට දැකීමට නොව, “සිංහල බුද්ධාගමේ විනාශ කරන්නන්” සහ “බටහිර කුමන්ත්‍රණකරුවන්” මත පදනම් වූ ඊනියා න්‍යායන් ගැන ය. Fact is the west dont know the depths of local politics of our country. Political games of a country can only be known if they know the culture of the country. Srilanken culture is based on BUDDHAGAMA – which is actually not real buddhism based on NON-VIOLENCE, rather is connected with various kind of hatreds and diviousness above anything else. This si the reason why I dont respect SINHALA budhdism being practised in my home country.
      නීති සම්පාදකයින් යම් ප්‍රමාණයකට තම කාර්යය ඉටු කළේ නම්, දේවල් මේ තරම් නරක අතට හැරෙන්නේ නැත, ඒ සමඟම, රාජ්‍යයේ සෘජු මැදිහත්වීම ඇතිව “අපරාධ සහ අපරාධ හැසිරවීම්” සඳහා ප්‍රසිද්ධිය හිතුවක්කාර ලෙස ලබා දුන්නේය. … ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නැවත නැවතත් “ව්‍යාජ මහජන සංජානන” ඇති කිරීම සම්බන්ධයෙන් ඉතා වගකීමෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතු බව මා නිරතුරුවම පැහැදිලි කිරීමට හේතුව මෙයයි.

    • 4
      0

      Beloved Jit, you are spot on. Had Hirunika not risked her life on that day, …. our people would not have come out of from their long slumber. I hat off to our dear Hirunika the IRON LADY: This was what I happened to discuss with HT lately. Hirunika is similar to someone form south india, even if HIRUNIKA is a lawyer by her education.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.