19 April, 2024

Blog

මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් මාව එලවන්නේ ඇයි? රටම දැනගත යුතු තිත්ත ඇත්ත මෙන්න!

Jayasin

හර්ෂ ද සිල්වා

මුදල් කාරක සභාව යනු පාර්ලිමේන්තුවේ තිබෙන වැදගත්ම කාරක සභාවකි. පාර්ලිමේන්තුවට තිබෙන මුදල් බලය ක්‍රියාත්මක කිරීමේ යතුර තිබෙන්නේ මෙම කාරක සභාවටයි. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවට මුදල් පනතක් සම්මත කර ගැනීමට ඉදිරිපත් කිරීමට පෙර එයින් රටට ජනතාවට වෙන බලපෑම සොයා බලා මූලික අනුමැතිය ලබාදෙන්නේ මුදල් කාරක සභාව මගිනුයි. මේ නිසා, මෙම කාරක සභාවේ තිබෙන වැදගත්කම පිළිබඳව මා තුළ ගැඹුරු අවබෝධයක් තිබුණු අතර මා මුදල් කාරක සභාවේ සභාපතිවරයා වූ පසුව කිසිදු යෝජනාවක් විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ විටෙක එම යෝජනා අනුමත කිරීමට කටයුතු කළේ නෑ.

ඒ තුළ තිබුණේ බංකොලොත් වූ රටක ජනතාවගේ බදු මුදල් රටට උපරිම ප්‍රතිලාභ ලැබෙන සේ යෙදවිය යුතුයැයි මා තුළ තිබුණු දැඩි විශ්වාසයයි. ඕනෑ කමයි. කැසිනෝ නියාමන අධිකාරියක් පිහිටවිය යුතුයැයි මා මුදල් කාරක සභාවේදී අවධාරණය කළා. ආයෝජන මණ්ඩලය විසින් මහා පරිමාණ ව්‍යාපෘති සඳහා බදු සහන ලබාදෙන විට එයින් රටට ලැබෙන වාසිය ගණනය කර විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන්නැයි මා අවධාරණය කළා. එසේ කරන තුරු මුදල් කාරක සභාව එම යෝජනාව අනුමත කළේ නෑ. මෙය මේ රටේ චෞර වලල්ලට ඉමහත් හිසරදයක් වූ බව දැන් පැහැදිලියි. මාව මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් අනීතිකව එලවන්නේ මේ හොර රැළට නැවතත් රිසිසේ ජනතා ධනය මංකොල්ල කෑමට බව පැහැදිලියි. රට සහ ජනතාව වෙනුවෙන් වැඩකර මා දේශපාලන ගොදුරක් වීම පිළිබඳව කණගාටුවන නමුත් මේ චෞර වළල්ල පරාජය කිරීමට මා වෙනදාටත් වඩා ශක්තිමත්ව නැගී සිටින බව මේ අවස්ථාවේ අවධාරණය කරනවා. මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට මා සියළු සුදුසුකම් සම්පූර්ණ කර ඇතැයි මා සිතනවා.

නමුත්, හොරුන් රැකීමට ඔවුන්ට හොරා කෑමට අවස්ථාව ලබාදීමට මා සූදානම් නොවීම මා එම තනතුරින් එළවා දැමීමට එකම හේතුවයි. මේ අසාධාරණයට එරෙහිව සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය නැගී සිටිනු ඇතැයි මා සිතන අතර ඔවුනොවුන්ගේ හැසිරීම මත ජනතා අධිකරණයේදී සියල්ල මැනවින් විසඳෙනු ඇතැයි මා දැඩිව විශ්වාස කරනවා.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.