23 October, 2017

දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම: ‘සෙප්පඩ විජ්ජා’ හරහා ඇතැමුන් ජනතාව මුළා කිරීමට ගන්නා නිවට වෑයමක්

හර්ෂ ද සිල්වා

ආචාර්ය හර්ෂ ද සිල්වා

සිල්ලර දේශපාලඥයන් ගමේගොඩේ මිනිසුන්ව මුළා කිරීමට කයිකතන්දර ගෙතීම නරකයි. වෘත්තීය සුදුසුකම් ඇත්තන් පුහුදුන් ජනතාව නොමග යැවීමට එවැනි කයිකතන්දර ගෙතීම ඊටත් වඩා නරකයි. මේ කෙටි ලියමන, මෑතකදී ඇති වූ එවැනි සිද්ධියක්, ඇත්තෙන්ම එවැනි සිද්ධි දෙකක් ගැන පැහැදිළි කිරීමක් වෙනුවෙනි. ඒ සිද්ධි සඳහා, විශේෂයෙන් සමාජ මාධ්‍යවල, විශාල අවකාශයක් වෙන් කොට තිබුණි.

සුරැුකුම් සහ විනිමය කොමිසමේ අරමුදල් අපහරණය කිරීමට අදාළ දූෂණ චෝදනා යටතේ දැනට ඇප මත නිදහස්ව සිටින එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා කොළඹ පැවති උත්සවයකදී කතාවක් පවත්වමින් වර්තමාන ආණ්ඩුවට එරෙහිව දූෂණ චෝදනා වැලක් එල්ල කෙළේය. තමා වැඩකාරයෙකු නිසා, රාජ්‍ය ආයතන කිහිපයක් ගොඩගැනීම සඳහා, හිටපු පාලක පවුලේ එක් සහෝදරයෙකු විසින් පමණක් නොව, සහෝදරයන් තුන් දෙනෙකු විසින්ම තමන්ව තෝරා ගන්නා ලදැයි ඔහු එහිදී පාරම්බෑවේය. ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගොඩ ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ විසින් ඔහුව තෝරා ගත්තේලූ. නාගරික සංවර්ධන අධිකාරිය ගොඩ ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඔහුව තෝරා ගත්තේලූ. ලංකා සංචාරක කර්මාන්තය සහ ශ‍්‍රී ලංකා කේටරින් ගොඩ ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ ඔහුව තෝරා ගත්තේලූ. ඉතා නිහීන භාෂාවකින් වර්තමාන ආණ්ඩුවට ඔච්චම් කළ ඔහු, පොදුවේ ගත් විට, ඉස්සර සිදු වූ ආකාරයේ ප්‍රෝඩාකාරී පිළිවෙල අනුමත කෙළේය.

සිරිසේන සහ වික‍්‍රමසිංහගේ ‘ගොබ්බ’ ආණ්ඩුව?

දැන් මහ ලොකු දේශපාලඥයෙකු වී සිටින මේ උගත් හිටපු රාජ්‍ය නිලධාරියා, ඔහුගේ පි‍්‍රයතම තුන් බෑයන්ගේ අනුග‍්‍රහයෙන් පවත්වන ලද ‘වියත් මග’ නැමැති රැුස්වීමේ කතා කරමින්, අමු ප‍්‍රබන්ධ සහ මිථ්‍යාවන් ගොඩක් එකට ගෙන අතිශය විකාරරූපී ආර්ථික විග‍්‍රහයක් තුළ දවටා, වර්තමාන ආණ්ඩුවේ සාමාජිකයන් ‘ගොබ්බයන්’ සහ වංචාකාරයන් බවට චෝදනා කෙළේය. විවිධ නම් පටබඳිමින් කෙනෙකුට ගැරහීම ලේසි ය. එහෙත් වෘත්තීය මට්ටමකින් එසේ කරන විට, තමා කියන කාරණයේ ඇති තතු ඊට කලින් සහතික කර ගැනීම සඳහා මුලින්ම ඒවා ගැන මනාව පිරික්සා බැලිය යුතුය.

මේ ලිපියේ දී මගේ අවධානය යොමු වන්නේ, ඔහු නැගූ චෝදනා අතරින් එකක් ගැන පමණි. එනම්, ආර්ථිකයේ වර්ධන වේගය ගැන ය. ඔහුගේ චෝදනාව වුණේ, හිටපු ආණ්ඩුව කාලයේ සැබෑ ආර්ථික වර්ධන වේගය ඔවුන් කියූ තරම් වේගවත් එකක් නොවුණු බව පෙන්වීම සඳහා වර්තමාන ආණ්ඩුව විසින් ආර්ථිකයේ වර්ධන අනුපාතිකය සංශෝධනය කළ බව ය. එසේ කෙළේ, මුළුමණින්ම දේශපාලනික හේතු මත යැයි ඔහු කීය. එහි අවසාන ප‍්‍රතිඵලය වුණේ, රට කෙරෙහි තිබූ විශ්වසනීයත්වය විනාශ වීම බව ඔහුගේ තර්කය විය.

සමහර විට ඔහු මේ චෝදනාව නගන්ට ඇත්තේ, මහ බැංකුවේ හිටපු අධිපති සහ ඔහුගේ දේශපාලනික මිතුරෙකු වන අජිත් නිවාඞ් කබ්රාල් ඊට සති කිහිපයකට පෙර නැගූ චෝදනාවක් මතම පදනම් වෙමින් විය හැකිය. පුවත්පත් වාර්තා කළ පරිදි, දළ දේශීය නිෂ්පාදිතය, කබ්රාල්ගේ වචනවලින් කිවහොත්, වර්තමාන පාලකයන් විසින් ‘යළි ගණනය’ කොට තිබේ. ඒ ගැන ඔහු මෙසේ කියයි: ‘‘වෙනස් කොට ඇත්තේ සංඛ්‍යාවන් පමණක් නොව. අපි අපේ විශ්වසනීයත්වයත් නැති කරගෙන තිබේ. දළ දේශීය නිෂ්පාදිතය යළි ගණනය කිරීමෙන්, මහ බැංකුවේත්, ජන සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේනිතුවේත් ගාම්භීරත්වය අප අවුල් කොට තිබේ. ආපසු හැරී බලන විට අප කර ඇත්තේ විශාල වරදක් බව මම සිතමි.’’

කබ්රාල් මෙන් නොව, ගොඩහේවා ඊට වඩා සැර පරුෂ ය. ඔහු මෙසේ කියයි: ‘‘ආණ්ඩුව තමන්ගේම විශ්වසනීයත්වය අභියෝගයට ලක්කරමින් තමන්ගේම බඩ කපා ගත්තේ කෙසේදැ යි මං තමුන්නාන්සේලාට විස්තර කරන්නං. මේක ඒගොල්ලෝ පටන් ගත්තේ, මහ බැංකුව දීපු සංඛ්‍යා ලේඛනවලට අභියෝග කරලා. තිබිච්ච ආණ්ඩුව කියපු තරං, 2014 ආර්ථික වර්ධන වේගය ඉහළ එකක් නෙවෙයි කියලා පෙන්නන්න, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගයේ අනුපාතිකය ගණනය කිරීමට යොදාගන්න පාදක වර්ෂය මේ ආණ්ඩුව වෙනස් කළා. එහෙම කිරීමෙන් තමයි, 2014 සඳහා එදා වාර්තා වෙලා තිබුණු සියයට 7.4 ආර්ථික වර්ධන අනුපාතිකය, සියයට 4.9 ක් දක්වා අඩු කරලා පෙන්වන්න ඔවුන්ට පුලූවන් වුණේ. මෙච්චර මොට්ට කමක් කරන්න පුලූවන්ද මනුස්සයෙකුට? මේකෙන් මේගොල්ලෝ ලෝකෙට කියන්නේ මොකක්ද? අපේ තියෙන්නේ, කියන තරං වර්ධන වේගයක් සහිත ආර්ථිකයක් නෙවෙයි කියන එක. එහෙම කියලා ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා, විදේශ ආයෝජකයෝ උඩ පැනගෙන අපේ රටට එයි කියලත්. අනිත් පැත්තෙන් බැලූවහම, මහ බැංකුවෙන් දෙන සංඛ්‍යා ලේඛන ආණ්ඩුව විසින්ම අභියෝගයට ලක්කරන කොට, ලංකාවෙන් සපයන කිසි තොරතුරක් විදේශීය ආයෝජකයෝ විස්වාස කරයිද? ඒක නිසා, මේ දුරදිග නොබලන දේශපාලනික හැසිරීම නිසා අපේ රට ගැන තියෙන විශ්වාසයට වැදුණේ මරු පහරක් බව කියන්න ඕනේ.’’

ඉහත සඳහන් ප‍්‍රකාශයේ කරුණු දෙකක් ගැන මම වැඩි අවධානයක් යොදවමි. එකක් වන්නේ, ආර්ථික වර්ධන වේගයේ අනුපාතිකය ගණනය සඳහා යොදාගන්නා ‘පාදක වර්ෂය’ වර්තමාන ආණ්ඩුව විසින් වෙනස් කිරීම, පැවති රජය කාලයේ කියූ තරමේ ආර්ථික වේගයක් නොතිබුණු බව කියාපෑම සඳහා යොදාගත් දේශපාලනික තීන්දුවක් වන්නේය යන්නයි. දෙවැන්න වන්නේ, එදා දෙන ලද සංඛ්‍යා ලේඛන සහ දත්ත වැරදි වුවත්, විදේශ ආයෝජකයන්ගේ හිත දිනා ගැනීම සඳහා ඒ වැරදි තොරතුරුම දිගටම අප පාවිච්චි කළ යුතුව තිබුණේය යන්නයි.

මේ සමස්ත කතාව සමාජ ජාලවල බෙහෙවින් සැරිසැරීය. හාන්සිපුටු විවේචකයෝ මේ ‘ගැලවිජ්ජා සත්‍යයට’ අදාළ විවිධ දත්ත වෙබ් පර්යන්ත තුළට මුදා හැරියහ. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම සම්බන්ධයෙන් කළා යැයි කියන මේ වෙනස පසුපස ඇති සැබැ කරුණු ඔබ හමුවේ තැබීමට මට අවසර.

දළ දේශීය නිෂ්පාදිතය, එය ගණනය කිරීම සහ ජන සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

දළ දේශීය නිෂ්පාදිතය යනු රටක පවතින ඉතා වැදගත් සාර්ව-ආර්ථික දර්ශකයන්ගෙන් එකකි. රටක ආර්ථිකයක තරම මැන බැලීම සඳහා පොදුවේ පාවිච්චි කරන්නේ ඒ දර්ශකයයි. ඉතා සරළව කිවහොත්, දළ දේශීය නිෂ්පාදිතය යනු, වසරක කාලයක් තුළ රටක ජනතාවක් විසින් නිෂ්පාදනය කරනු ලබන සමස්ත භාණ්ඩ සහ සේවාවන්ගේ මූල්‍ය වටිනාකමයි. මේ දර්ශකය හරහා ආර්ථිකයක සාමාන්‍ය ශක්තිය හඳුනා ගැනීමේ අංශ වන ආදායම, වියදම, හිඟය සහ ණය බර ආදියේ වැදගත් අනුපාතිකයන් විදහා දැක්වෙන නිසා, දළ ජාතික නිෂ්පාදිතය නිවැරදිව ගණනය කිරීම ඉතා වැදගත් ය.

2007 වසර දක්වා ශ‍්‍රී ලංකාව තමන්ගේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී ආකාර තුනක එළැඹුමක් අනුගමනය කෙළේය. එනම්, නිෂ්පාදනය, වියදම සහ ආදායම යනුවෙනි. එම ගණනය කිරීම්, ආයතන දෙකකින් සිදු කරන ලදි. එකක් වුණේ, ජන සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවයි. අනික, මහ බැංකුවයි. කෙසේ වෙතත්, 2007 සිට මේ ගණනය කිරීම් කරන ලද්දේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් පමණි. අද ආචාර්ය අමර සතරසිංහගේ ප‍්‍රධානත්වයෙන් මේ දෙපාර්තමේන්තුව වෘත්තීය සංඛ්‍යානවේදීන් සහ විශේෂඥයන් විශාල ප‍්‍රමාණයක් සේවයේ යොදවා පිරිමැනීම් සමීක්ෂණ කොට, අවශ්‍ය සියලූ සංඛ්‍යාන දත්ත සම්පාදනය කරයි. රටේ සමාජ ආර්ථික විචල්‍යයන් හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබඳ උනන්දුවක් දක්වන ප‍්‍රතිපත්ති සම්පාදකයන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් සහ ශිෂ්‍යයන් පාවිච්චියට ගන්නේ එම සංඛ්‍යා ලේඛනයන් ය.

මේ දෙපාර්තමේන්තුව අවුරුදු දහයකට වරක් ජන සංගණනයක් ගන්නා අතර, අවුරුදු හතරකට හෝ පහකට වරක් ජාතික මට්ටමින් ගෘහ ආදායම් සහ වියදම් සමීක්ෂණය කරයි. මීට අමතරව, මාස තුනකට වරක්, ශ‍්‍රම බලකාය, කර්මාන්ත සහ වෙනත් අංශවල සමීක්ෂණත් සිදුකරයි. එසේම, මාස් පතා ජීවන වියදම සහ දිළිඳු භාවයට අදාළ සමීක්ෂණත් සිදු කරනු ලැබේ. වැටුප් වෙනස්කම් සිදු කිරීම සහ සහනාධාර ආදිය සඳහා පාවිච්චියට ගන්නේ එම දත්ත ය. මේ අනුව, වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම සඳහා වඩාත් හැකියාවෙන් යුත් රාජ්‍ය ආයතනය වන්නේ එම දෙපාර්තමේන්තුවයි.

දළ දේශීය ආදායමට අදාල සංඛ්‍යා දත්තවල තිබිය යුතු ජාත්‍යන්තර සන්සන්දනාත්මක භාවය: එක්සත් ජාතීන්ගේ කාර්ය භාරය

රටක මධ්‍යම සංඛ්‍යා ලේඛන කාර්යාලවලින් (මහ බැංකුවලින් නොව) දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරනු ලැබීමේ ජාත්‍යන්තර ක‍්‍රමවේදය පදනම් වන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය යොදාගන්නා ක‍්‍රමවේදයන් මතයි. එවැනි ලෝක සංවිධානයක ආදර්ශය අනුගමනය කිරීමට හේතු වන්නේ, ලෝකයේ විවිධ රටවල ආර්ථික මට්ටමේ මානක දර්ශකය වශයෙන් වැඩියත්ම යොදා ගැනෙන්නේ දළ දේශීය නිෂ්පාදිතය වන බැවිනි.

ජාතික ගිණුම් සම්පාදනය කිරීමෙහි ලා සැපයෙන එක්සත් ජාතීන්ගේ නිර්දේශ ‘ජාතික ගිණුම් පද්ධතිය’ තුළ සඳහන් වෙයි. ලෝකයේ සෑම රටක්ම පාහේ තමන්ගේ තමන්ගේ ජාතික ගිණුම් ගණනය සඳහා යොදාගන්නේ එකී ‘ජාතික ගිණුම් පද්ධතියයි’. මේ ‘ජාතික ගිණුම් පද්ධතිය’ කලින් කලට වෙනස් කොට තිබේ. ඒ, ආර්ථිකයන් තුළ ඇති වන ව්‍යුහාත්මක වෙනස්කම් නවතමයෙන් අන්තර්ගත කර ගැනීම සඳහා ය.

දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම සඳහා යොදාගන්නා පාදක වර්ෂය: එය වෙනස් කළ යුත්තේ හෝ වෙනස් නොකළ යුත්තේ ඇයි?

පාදක වර්ෂයක් යනු කුමක්ද? ඉතා සරළව කිවහොත්, වෙනත් වර්ෂවල යම් සංසිද්ධියක් සන්සන්දනාත්මකව ගණනය කිරීම සඳහා යොදාගන්නා සූචියක් සේ පාවිච්චියට ගැනෙන වර්ෂයයි. දළ දේශීය නිෂ්පාදිතයන් ගණනය කිරීම සඳහා එම වර්ෂය පාවිච්චියට ගන්නේ කෙසේද? මෑත කාලයේ ශ‍්‍රී ලංකාවේ, එනම් 2014 වර්ෂය දක්වා, දළ දේශීය නිෂ්පාදිතය ගණන් ගැනුණේ, 2002 පාදක වර්ෂය වශයෙන් යොදාගනිමිනි. එසේ කෙළේ, 1968 සහ 1993 ‘ජාතික ගිණුම් පද්ධතිය’ මගින් සැපයුණු මාර්ගෝපදේශ සහ නිර්දේශ අනුව යමිනි.

එහෙත් වර්ෂ 2002 පටන් අපේ ආර්ථිකයේ ව්‍යුහය සහ සාපේක්ෂ මිල ගණන් බරපතල වෙනස්කම්වලට ලක්විය. ආර්ථිකය පිළිබඳ වඩාත් නිවැරදි තක්සේරුවක් නිරූපණය කිරීම සඳහා ඒ වෙනස්කම් සැලකිල්ලට ගත යුතුය. උදාහරණයක් වශයෙන් ගතහොත්, ජංගම දුරකථන භාවිතය, දුරකථන කාඞ් විකුණන වෙළඳසැල්, පාරේ දුවන ත‍්‍රීවීලර් ප‍්‍රමාණය, උපකාරක පංති ප‍්‍රමාණය හෝ නාගරික පරිසරයක දක්නට ලැබෙන රූපලාවණ්‍ය සාප්පු ප‍්‍රමාණය ආදිය බරපතල වෙනසකට ලක්විය. සාපේක්ෂ මිල ගණන් ද මෙසේම වෙනස් විය. උදාහරණයක් වශයෙන් ගතහොත්, එක මිනිත්තුවක දුරකථන ඇමතුම් ගාස්තුව සහ හාල් කිලෝවක් අතර වියදම, 2002 සමග සසඳද්දී විශාල වෙනසකට භාජනය විය. මෙවැනි වෙනස්කම් දීර්ඝ ලැයිස්තුවක්ම තිබේ.

එබැවින් 2002 නැමැති පාදක වර්ෂයේ සිට ශ‍්‍රී ලංකා ආර්ථිකයේ සිදුවී ඇති ව්‍යුහාත්මක වෙනස්කම් සහ මිල ගණන්වල වෙනස්කම් නිරූපණය කිරීම සඳහා, එතෙක් පැවති 2002 පාදක වර්ෂය වඩාත් මෑත පාදක වර්ෂයකට ගෙන ඒමට සංඛ්‍යා ලේඛන කාර්යාලය පියවර ගත්තේය. ඒ අනුව, වඩාත් පුළුල් විග‍්‍රහයකින් පසුව, නව පාදක වර්ෂය වශයෙන් 2010 යොදා ගැනුණි. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර විශේෂඥ ආයතනවල තාක්ෂණික සහාය ද ඊට ප‍්‍රයෝජනවත් විය. මෙසේ පාදක වර්ෂයේ වෙනසක් අවශ්‍ය කෙළේ මන්දැයි, ජන සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පහත සඳහන් කරුණු ඉදිරිපත් කෙළේ, කඩාකප්පල්කාරීන් අද චෝදනා කරන්නා සේ, 2015 දී නොව, 2011 දී තරම් ඈතකදී ය.

2002, පාදක වර්ෂයක් වශයෙන් තවදුරටත් නිවැරදි මාපකයක් නොවේ. මන්ද යත්, ආර්ථිකය තුළ බොහෝ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති වී තිබුණු බැවිනි. ඒ දශකය තුළ, බොහෝ නව සේවාවන් ආර්ථිකයට ඇතුලූ වී තිබුණු අතර තව බොහෝ සේවාවන් ආර්ථිකයෙන් පිටමංව තිබුණේය. දළ දේශීය නිෂ්පාදිතය ගණන් ගැනීමේදී, ආර්ථික ව්‍යුහයේ පවතින යථා තත්වය හැකි තාක් නිවැරදිව එම ගණනය තුළින් නිරූපණය විය යුතුය.

මේ අරභයා වන ජාත්‍යන්තර නිර්දේශය වන්නේ, අඩු වශයෙන් සෑම අවුරුදු පහකට වරක්ම පාදක වර්ෂය සංශෝධනය විය යුතු බවයි. මන්ද යත්, පාදක වර්ෂය යල්පැනගිය වර්ෂයක් වන විට, ඒ මත පදනම්ව ගණනය කෙරෙන දර්ශකයන් නිවැරදි නොවන්නේය. රටේ ආර්ථිකයේ පවතින යථා තත්වය නිරූපණය නොකරන්නේය. එහෙත් ජාත්‍යන්තරයේ නිර්දේශිත ඒ කාලය මෙන් දෙගුණයකට ආසන්න කාලයක් ගතව තිබියදීත් ලංකාව තමන්ගේ පාදක වර්ෂය වෙනස් කොට තිබුණේ නැත.

2010 වන විට එක්සත් ජාතීන්ගේ සංගමය ඔවුන්ගේ නවතම ‘ජාතික ගිණුම් පද්ධතිය’ ප‍්‍රකාශයට පත්කොට තිබුණි. එනම්, 2008 ‘ජාතික ගිණුම් පද්ධතියයි. රටවල්වල ආර්ථිකයන්හි ඒ වන විට ඇතිව තිබූ ව්‍යුහාත්මක වෙනස්කම් එහිදී සැලකිල්ලට ගෙන තිබුණි. ඒ අනුව, මේ සංඛ්‍යා අලූතෙන් සංගෘහිත කිරීමේ නව විධි ක‍්‍රම ආදියත් ප‍්‍රකාශයට පත්කෙරුණි. එබැවින් 2011 වන විට ශ‍්‍රී ලංකාව අවශ්‍ය වෙනස්කම් කිරීමට සූදානම් විය.

පාදක වර්ෂය 2002 සිට 2010 දක්වා ගෙන ඒමට කටයුතු පටන් ගැනුණේ පැවති රජය සමයේ ය. ඇත්ත වශයෙන්ම 2015 ජනවාරි වන විට ඒ කටයුත්ත මුළුමණින්ම පාහේ අවසන්ව තිබුණි. ‘සුරැුකුම් සහ විනිමය කොමිසමේ’ හිටපු සභාපතිවරයා වශයෙන් නාලක ගොඩහේවාත්, මහබැංකු අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඞ් කබ්රාලූත් මේ බව හොඳාකාරවම දනී. එහෙත් ආර්ථිකයේ පවතින සැබෑ තත්වයට වඩා ඉහළ තත්වයක් බොරුවට පෙන්වීම සඳහා වැරදි ගණන්හිලව් ජාත්‍යන්තර ආයෝජකයන්ට පෙන්විය යුතුව තිබිණැයි ගොඩහේවා කියන විට, පැවති වංචනික ආණ්ඩුව මැතිවරණය පරාජය වන තෙක්ම සත්‍යය සැඟවූයේ මන්ද යන්න නිරාවරණය කෙරේ. ඒ මගින් ඔවුන් සඟවා තබා ගත්තේ දළ දේශීය නිෂ්පාදිතයේ සැබෑ ගණන්හිලව් පමණක් නොවේ. රටේ ණය කන්දරාවත් ඒ මගින් ඔවුන් වැසැංගුවේය. රුපියල් බිලියන 1000 කට ආසන්න ණයක් භාණ්ඩාගාර බිල්පොත්වල සඳහන්ව නොතිබුණි. ඒවා සඟවා තිබුණේ, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ආයතන තුළ ය. අප අමතක නොකළ යුතු කාරණය වන්නේ, ඒ ණයත් අවසානයේ ගෙවන්නේ භාණ්ඩාගාරයෙන්ම බවයි.

දළ දේශීය නිෂ්පාදිතය: පාදක වර්ෂය යළි සැකසීම තුළින් ජන සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ලත් සාර්ථකත්වයන්

2002 පාදක වර්ෂය, 2010 වර්ෂයට වෙනස් කිරීම, ශ‍්‍රී ලංකාවේ ‘ජාතික ගිණුම්’ යළි පදනම්ගත කිරීමේ සිරිතේ ප‍්‍රථම අවස්ථාව නොවේ. මේ විදිහටම, 1958, 1963, 1975, 1990 සහ 2002 යන වසරවලදීත් පාදක වර්ෂ එසේ වෙනස් කොට තිබේ. එහෙත් අවසාන වරට කරන ලද පාදක වර්ෂ වෙනසේදී, වසර වෙනස් කිරීමට අමතරව තවත් වර්ධනයන් ගණනාවක් ද සාක්ෂාත් කරගනු ලැබීය. ජන සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ඒවායින් සමහරක් මෙසේ ය:

(අ) නව ආර්ථික ක‍්‍රියාකාරකම් ද ආවරණය වන සේ නිෂ්පාදන මායිම ව්‍යාප්ත කිරීම,
(ආ) සංගෘහිත කිරීමේ පරිපාටිය සඳහා අලූත් සහ වඩාත් දියුණු තාක්ෂණ ක‍්‍රමවේද පාවිච්චි කිරීම
(ඇ) වඩාත් නිවැරදි දත්ත මූලාශ‍්‍ර පාවිච්චි කිරීම
(ඈ) එක්සත් ජාතීන්ගේ 2008 ‘ජාතික ගිණුම් පද්ධතිය’ භාවිතයට ගැනීම
(ඉ) අපේ දළ දේශීය තක්සේරු වටිනාකම්, ජාත්‍යන්තරය සමග සන්සන්දනය කිරීමේ හැකියාව වර්ධනය කිරීම

සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ, විශේෂයෙන් සේවා අංශය තුළ, කලින් සැලකිල්ලට නොගෙන තිබූ අවිධිමත් අංශයේ ආර්ථික ක‍්‍රියාකාරකම් සමහරක් ද මේ නව ක‍්‍රමය යටතේ, දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී සැලකිල්ලට ගැනුණු බවයි.

පැරණි (2002) පාදක වර්ෂය සහ නව (2012) පාදක වර්ෂය අනුව සංගෘහිත දළ දේශීය නිෂ්පාදිතයන් අතර සන්සන්දනය: ගොබ්බ කමක්?

2011 සිට 2015 දක්වා වන කාලය තුළ ලංකාවේ වර්ධන වේගය, 2002 පාදක වර්ෂය කර ගනිමින් සහ 2010 පාදක වර්ෂය කර ගනිමින් වෙන වෙනම, පහත සඳහන් වගුවේ දක්වා තිබේ. 2011 සහ 2012 යන වර්ෂ දෙකේ ආර්ථික වර්ධන වේගය, 2002 පාදක වර්ෂය කර ගනිමින් ගණනය කළ විට ලැබන අගය, 2010 පාදක වර්ෂය වශයෙන් ගනිමින් ගණනය කළ විට ලැබෙන අගයට වඩා අඩු බව පෙනී යනු ඇත. එසේම, 2013, 2014 සහ 2015 යන වසරවල අගය එහි අනිත් පැත්ත පෙන්නුම් කරන බවත් දැක ගත හැකිය.

යුද්ධයෙන් පසුව ඇති වූ ආර්ථික පිම්ම, රටේ විධිමත් ආර්ථිකය තුළට අලූතෙන් භූගෝලීය කලාපයක් එක්ව තිබියදීත්, එක දිගට පවත්වාගෙන යාමට එදා ආණ්ඩුවට නොහැකි වුණේ මන්ද යන්නත්, දේශපාලනික හේතු පෙරදැරිව ගත් ණය හරහා ගොඩනැගූ මායාව 2012 අවසන් විට පිපිරුවේ මන්ද යන්නත්, 2013 දී ආර්ථිකය එක තැන පල්වුණේ සහ 2015 බලයට පත් නව ආණ්ඩුවට යෝධ අභියෝගයක් බවට පත්වෙමින් 2014 වසර තුළ ඉතා හෙමිහිට පමණක් ආර්ථිකය ඉදිරියට ගියේ මන්ද යන්නත්, වෙනත් අවස්ථාවක සාකච්ඡුාවට ගත හැකි මාතෘකාවන් ය. එහෙත්, ගොඩහේවා සහ කබ්රාල් පන්නයේ වෘත්තිකයන්, ‘අපේ ආර්ථිකයේ වර්ධන වේගය එදා දෙවැනි වුණේ චීනයට පමණකි’ යි පාරම්බෑම පට්ට කෙබරයක් බව මේ දර්ශකයන්ගෙන් පෙනී යනු ඇත.

ඒ කෙසේ වෙතත්, දළ දේශීය නිෂ්පාදිත අගයන් 2002 පාදක වසරේ සිට 2010 පාදක වසර වෙතට මාරු කිරීම ගැන වටහා ගැනීමට ප‍්‍රමාණවත් කෙටි, තාක්ෂණික වශයෙන් වැදගත් විස්තරයක් දැන් අප සතුව ඇති තත්වය තුළ, උගත් ආචාර්යවරයා කියන ‘ගොබ්බ’ කතාව ගැන සැලකිල්ල යොමු කරමු: ‘‘2014 වර්ධන වේගය එදා ආණ්ඩුව කියූ තරම් ඉහළ අගයක් නොගත් බව පෙන්වීම සඳහා, දළ දේශීය වර්ධනය ගණනය කෙරෙන පාදක වර්ෂය මේ ආණ්ඩුව වෙනස් කළා. එහෙම කිරීමෙන් ඒගොල්ලන්ට පුලූවන් වුණා, 2014 තිබිච්ච සියයට 7.4 වර්ධන වේගය සියයට 4.9 දක්වා පහළ බස්සලා පෙන්නන්න. මෙහෙමත් ගොබ්බකමක් මනුස්සයෙකුට කරන්න පුලූවන්ද?’’

මෙවැනි අයවළුන් මෙසේ ජනතාව නොමග යැවීම මොන තරම් සාධාරණ ද යන්න තීරණය කිරීම මම උගත් ජනතාවට භාර කරමි. එසේම, මේ කාලයේදීම තමන්ගේ පාදක වර්ෂ වෙනස් කළ තවත් බොහෝ රටවල් ද ඇති බව කිව යුතුය. ඒ අතරට, යුරෝපා සංගමයේ සියලූ රටවල් පාහේ ගැනේ. එසේම ඉන්දියාව සහ නයිජීරියාව වැනි විශාල ආර්ථිකයන් ද ඒ මාර්ගයම අනුගමනය කොට තිබේ.

දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම්: සැබෑව

2002 පාදක වර්ෂය 2010 වශයෙන් වෙනස් කිරීමේ වෘත්තීයමය සහ තාක්ෂණික තීරණය ජන සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ගනු ලැබුවේ 2011 දී ය. එසේ කෙළේ, අදාළ නිර්දේශිත මග පෙන්වීම් සහ ජාත්‍යන්තර මාර්ගෝපදේශ පිළිපදිමින් සහ ශී‍්‍ර ලංකාවේ මහ බැංකුව ඇතුළු එම අංශයට අදාළ පරදු දරන්නන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය. එය, 2015 දී බලයට පත් අලුත් ආණ්ඩුව ගත් දේශපාලනික තීන්දුවක් නොවේ. මේ ආණ්ඩු දෙක අතර ඇති වෙනස වන්නේ, හිටපු ආණ්ඩුව සත්‍යය වසං කොට, මේ රටේ ජනතාවත්, ජාත්‍යන්තර ආයෝජකයන් සහ බහු-පාර්ශ්වීය සංවර්ධන සහකරුවන්වත් නොමග යැවීමට එක පැත්තකින් තීරණය කොට තිබීමත්, අලුත් ආණ්ඩුව තමන් දෙන ලද පාරදෘෂ්‍ය භාවය පිළිබඳ වචනයට ගරු කරමින් සත්‍යය ඉදිරිපත් කිරීමත් ය.

නියමිත කාල පරාසයන් තුළ පාදක වර්ෂ වෙනස් නොකරන්නේ නම් සහ ජාත්‍යන්තර මාර්ගෝපදේශ පිළිනොපදින්නේ නම්, එසේ සකසා ගන්නා ‘ජාතික ගිණුම්’ තුළ රටේ ආර්ථිකයේ නිවැරදි චිත‍්‍රයක් නිරූපණය නොකෙරෙන නිසා, අවසානයේ පහර වදින්නේ ජාතික ගිණුම්වල විශ්වසනීයත්වයටම ය. වර්තමාන පාදක වර්ෂයත් වැඩි කල් නොගොස් යථා කාලයේදී යළි වෙනස් කළ යුතුව තිබේ. සත්‍යය වන්නේ එයයි.

*2017 අපේ‍්‍රල් 17 වැනි දා ‘ඩේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ “Calculating GDP Growth: A Sorry Attempt by Some to Mislead People with ‘Alternate Facts” යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    වොල්ක්ස්වෑගන් ජොකර්,
    අවුරුදු දෙකක් තිස්සේ රාජගිරියේ ගුවන් පාලමක බේස් එක දමන ..වට්ස් ඇප් මගින් තානාපති කටයුතු කිරීම ලොවට දායාද කල හු ඇන්පී මහා ආර්ථික ඔස්තර් ආචාරි ජොකර හර්ෂ ද සිල්වා ගේ කෑලෑ ප්ත්තර ගහහ ආර්ථිකය!!

    sir, පත්තර වලට ලිය ලිය ඉන්නෙ නෑතුව, මහ බෑන්කු වාර්තා වෑරදිනම් එව හදපියකො..

    all in all stop wasting peoples valuable time by writing meaningless bias articles which doesn’t answer the basic buring questions of the common man..

  • 1
    0

    මහබැංකු දර්ශක යොදාගෙන නාලක ගොඩහේවා විසින් පෙන්වා දුන් ‘යහපාලන’ අාර්තික ඔස්තාර්ලාගෙ නොහැකියාව ගැන හර්ෂ ද සිල්වාට හොඳටම තදවී මහබැංකු දර්ශක ගැන බය්ලා (economic jargon) කියන බව මගේ අදහසය්.

    ‘යහපාලන’ අාණ්ඩුව බලයට පත්වී දින 50 ක් තුල මහබැංකු බැඳුන්කර විකිනීමේදී රනිල්ගේ ගජමිතුරෝ සෙප්පඩ විජ්ජාවක් කර ලංකාවෙ අාර්තිකයට කෙලෙව්වේය.
    මහබැංකු අධිපති අර්ජුනගේ බෑනා අැපයක් නොතබා අඩු පොලියට ‘ලංකා බැංකුවෙන්’
    බිලියන ගනනක් ණයට ගෙන මහබැංකුවට වැඩි පොලියට (බැඳුන්කර මිලට ගත්තේය) දුන්නේය. පසුව අර්ථ සාධක අරමුදලටද කෙලෙව්වේය. ඉදිරි වසර ගනනාවකට බෑනාගේ සමාගමේ ලාබය බිලියන ගනනින් කොටා ගැනීමට එක දවසින් රනිල්ගේ ගජ මිතුරෝ අත්තිවාරම දැම්මේය. බෑනාගේ සමාගමේ (Perpetual Treasuries Limited) 2016 මාර්තු දක්වා වසරක ශුද්ධ ලාභය රු.ලක්‍ෂ 51,000 ක් බව 28/09/16 දින ‘Daily Mirror’ කියය්. එදා සිට ලංකාවේ අාර්තිකයට කෙලවෙන බව අප වැනි බන්ඩලාගේ ඔලුවට වැටෙන්නේ බඩු මල්ල අරන් කඩේ යන විටය. ත්‍රිවීලයක් ගන්න පත්තරේ බලන විටය.

    අපට ප්‍රශ්ණය වන්නේ අර්ජුන සහ බෑනා බැඳුන්කර කොල්ලයක් නොකල බව සනාථ කිරීමට අාර්තික ඔස්තාර් හර්ෂ ද සිල්වා ජනාධිපති කොමිසමට ගොස් මහ බැංකු දර්ශක බොරු බවත් පහදා නොදෙන එක ගැනය.

  • 1
    0

    If the data provided by the Central Bank had deficiencies, the World Bank and Asian Development Bank would not have accepted that data. But they accepted the data provided by CB without reservations. Do not try to fool us. You guys deliberately made this change to belittle the achievements of Rajapakse regime. From the day this government came to power, the economy is going downhill.

    By the way what happened to the ‘Socialist Market Economy’ that you were talking,foreign investors that were waiting impatiently to come to Sri Lanka and that new system from Singapore to increase the profitability and efficiency of SOEs.

    “We’re not the same guys who used to tell you various things and then forget about it three days later… We want the world to know that we’re different—that we’re going to do what we say we’re doing.”
    –Harsha de Silva, Sri Lanka’s deputy minister of foreign affairs, to National Geographic (November 2016)

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.