24 April, 2024

Blog

දෙස් පාලුවන්ගේ ගස් ගල් වැඳීම

හේමන්ත වර්ණකුලසූරිය

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය​

ඒ කාලේ 1976 අපි යූඇන්පී එකට යමරෙට වැඩ කරන විට අපි දැක්කා නිව්ස් අයිටම් එකක් මැතිණිය කතරගමට ගොස් විශේෂ භාරයක් ඔප්පු කරනවා. අපි මේ ප්‍රවෘත්තිය දැකලා අන්දුන්කුන්දුන් වුණා. ඒ පාර අපි කට්ටියක් දවසක් ගිහිල්ලා ජේ.ආර්. ව සිරිකොතේදී හමුවුණා. එක්කෙනෙක් ඇහුවා ජේ.ආර්. ගෙන් සර්, අපි කතරගම යමුද? කියලා. ජේ.ආර්. නිශ්ශබ්දව ඉඳලා මෙහෙම ඇහුවා. ඇයි අපි කතරගම යන්නේ? කතරගම දෙයියන්ට​ ඡන්දයක් නෑනේ. ඡන්දයක් තිනෙවනම් කියන්න එතකොට මම යන්නම්. අපි හිනාවුණ මුත්, අපි හොඳටම බයවුණා ජේ.ආර්. පරදියි කියලා. මෙහෙම අදේව චින්තනයක් තිබු ජේ.ආර්. බලයෙන් ඉවත්ව පැන්ෂන් ගියපසු එයයි එයාගේ මල්ලී, රාජනීතීඥ එච්.ඩබ්ලිව් ජයවර්ධනයි ගිහින් තියෙනවා සායිබාබා හමුවීමට. මට පුදුම හිතුනා ජේ.ආර්. ගේ වෙනස්වීම ගැන. ඔවුන් සායිබාබා සම්පූර්ණයෙන්ම විශ්වාස කලා පමණක් නොව, එච්.ඩබ්. කිව්වා එයාගේ අත දිගු කලාම අල්ලේ සායිබාබාගේ රුව මැවෙන බව. හැබැයි සායිබාබාට එච්.ඩබ්. ගේ මරණය නවත්වන්න පුළුවන් වුණේ නෑ.

මේ ළඟදී රනිල් වික්‍රමසිංහ ශ්‍රී මහා බෝධියට ගිහිල්ලා වැන්දාම, ඒක පුදුමයක් නොවේ. මන්ද, ඊට සුමාන කීපයකට ඉස්සෙල්ලා එයාගේ මහ අපල කාලය ගෙවෙන්න තිරුපති ගිය බව අපි දැනගත්තා. ඒ ගමනේ දී විශාල ප්‍රශ්ණයක් වුණා තිරුපති යන්න තිබූ හෙලිකොප්ටරයට වැස්ස නිසා වෙලාවට පූජාවට යන්න බැරිවුණු කථාව.

අපේ ඉස්ලාම් බැතිමතුන් ඇරුණම සියළුම ආගම් අදහන අය ගස්, ගල්, පිළිම වඳිනවා. ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ බණ හුඟාක් ඉස්ලාම් භක්තිකයනුත් ඇහුවා. ඒ බුදුබණ ඉගෙන ගන්න නෙවෙයි. පිළිම වන්දනාව හා කතරගම දෙවියන් වන්දනාවට විරුද්ධව සෝම හාමුදුරුවෝ කරපු කථා නිසා. ඕක සාමාන්‍ය දෙයක්. රනිල් කලා කියලා ඕකට කථා හැදීම වැරදියි. කිසි කලෙක රනිල් තියා කිසිම දේශපාලුවෙක් ඕකෙන් මිදෙන්නේ නෑ.

ළඟදී කථාවක් පතල වෙලා ගියානේ එක්තරා මෑණි කෙනෙක් ගැන. ඒ වගේම කථාවක් ගියානේ ඒ මෑණියෝ කියපු නිසා ඇමතිවරයෙක් අස්වුණා කියලා. දැන් මිනිස්සු ඒ මෑණි හොයාගෙන යන්නේ පෝලිමේ. අපේ නිලුකා ඒකනායක දන්නවනේ. එයා මධ්‍යම පළාතේ ආණ්ඩුකාවරිය කියලත් දන්නවනේ. එයා ගෑණියෙක් ද, පිරිමියෙක් ද කියලත් ප්‍රශ්ණ කරනවා. එයා මෛත්‍රීගෙත්, රනිල්ගෙත් කේන්ද්‍ර බලලා ශාස්ත්‍ර කී නිසා එයාට ආණ්ඩුකාර පදවිය දුන්නා කියලා කියනවා. ලංකාවේ විතරක් නෙවේ ඉන්දියාවෙත් එහෙම නේද?

මතකද? ගාන්ධිට වෙඩි තියන්න ඉස්සරවෙලා හොඳ මිනිහෙක් මරන්න හොඳ නැකතක් හොයා දෙන්න කියලා ගෝඩ්සේ ශාස්ත්‍රකරුවන් පස්සේ ගිය හැටි. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවෙත් එහෙම නේද? ඉතින් ඕකට මෛත්‍රී ලොක්කට, රනිල් ලොක්කට, මහින්ද ලොක්කටවත් දොස් කියලා හරියනවද? හා!

අර දැක්කා නේද බැසිල්ගේ කරේ තිබ්බ සුර? බැසිල් හිතනවා ඒ සුර නිසා තමයි එයා ආරක්ෂා වෙන්නේ කියලා. එයා රිමාන්ඩ් ඉන්න කොට සුරේ දාන්න බැරි නිසා ලෙඩ වෙනවාලු. ලෙඩ වෙලා රජයේ රෝහලට ගෙනියනවලු. ඒත් සුරේ දැම්මම ලෙඩ සුව වෙනවලු. අපි ලංකාවේ දේශපාලඥයන් ගැන ඔහොම හිතන එක හරි නෑ. හැම එක්කෙනාම ධර්ම චක්‍රය හරි, කුරුසිය හරි, කුරාණය හරි, ගණ දෙවියන් හරි, කතරගම දෙවියන් හරි අදහගෙන ඉන්නේ අපට කෙලවලා හරි සාක්කු පුරවා ගන්න ආශිර්වාද බලාපොරොත්තුවෙන්.

ඉතිහාසය ගත්තම ලෝකයේ වැඩියෙන්ම මිනිස්සු මැරිලා තියෙන්නේ මේ ආගම් නිසා කියලා කිව්වොත් එය නිවැරදියි කියලා මම හිතනවා. ඉස්ලාම් මිනිසුන් එංගලන්තයේ ෂරියා නීතිය පනවන්න කියලා සටහන් කරන්නේ ෂරියා නීතිය දෙවියන්ගේ නීතිය කියලා ඔවුන් සිතන නිසා.

මිනිස්සු ආගම් භක්තියෙන් දෑස් අන්ධ කරගෙන තමන්ගේ භක්තිය හරියි කියලා අනෙක් භක්තිකයන් මරන්න ලෑස්ති වෙන්නේ මේ නිසයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    This person I dont know how to call Mrs or Mr.president Sirisena to cast his vote started his jerney from her house in colombo.reword was that she was appointed governer of Central province.There are lot of first hand information ,what is the use.

  • 0
    0

    අපේ ඉස්ලාම් බැතිමතුන් ඇරුණම සියළුම ආගම් අදහන අය ගස්, ගල්, පිළිම වඳිනවා කියන කාරණය මුළුමනින්ම නිවැරැදි නෑ. ඉස්ලාම් අයත් යම් යම් ද්‍රව්‍ය වන්දනා කරනවා. මම වරක් මන්නාරමට ගිය විට අාදම් හා ඒ්ව ෙග් ෙසාෙහාන කියා හඳුන්වන තැනකට ගියා. ශ්‍රී මහා ෙබා්ධිය ළඟ, නල්ලූර් ෙද්වාලය ළඟ, ෙකාච්චිකෙඩ් පල්ලිය ළඟ සිදුවන අාකාරයටම ෙමම ස්ථාන ෙයත් ෙනාෙයක් අවශ්‍යතා ගැන බාරහාර වන ඉස්ලාම් බැතිමතුන් ෙග් පඬුරු ගැට ගසා තිබුණා. ෙමම ෙසාෙහාන ගැන බ්‍රිතාන්‍ය නිලධාරියකු වන ෙලනාඩ් වුල්ෆ් පවා ඔහු ෙග් ෙපාත්වල ලියා අැත. ඉස්ලාම් බැතිමතුන් ෙග් ෙමවැනි ස්ථාන තවත් අැති බව අන්තර්ජාලය පරීක්ෂා කරන විට දැන ගත හැකියි

  • 0
    0

    [Edited out] Comments should not exceed 300 words. Please read our Comments Policy for further details.

  • 1
    0

    මේකට මට ලියන්න දෙකක් තියෙනවා. එකක් මේ පින්තූරු ගැන. අනික හේමන්තගේ ලිපියේ බෞද්ධාගමට අදාල කොටස ගැන. දෙවෙනි එක වෙලාව තියෙන හැටියට ලියනවා.

    රනිල් ගිහින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට දෑත තියලා වඳින කොට මට හිනා යනවා. අරහේ එයාගේ ඇමතිවරු හාමුරුවරුන්ට පිස්සු චීවරධාරියා කියල බනිනවා, මැරයෝ කියනව, සත්තු කියනව. මෙහෙ තමන් බෞද්ධ කියලා පෙන්වන්න ලොකු සංදර්ශනයක් කරනවා. මේවා කලාට බෞද්ධ චන්ද ආයේ හම්බ වෙන්නේ නැහැ ඒ මොකොද කිව්වා නම් මොන හේතුවක් නිසාවත් බෞද්ධාගමට, හාමුදුරුවරුන්ට සහ බෞද්ධයන්ට ගැරහීම, නින්ද අපහාස කිරීම සහ පහත් කර සැලකීම බෞද්ධයෝ අනුමත නොකරන නිසා.

    පහුගිය අවුරුදු දෙකහමාර පුරාම මම දැක්කේ බෞද්ධාගමට සහ හාමුදුරුවරුන්ට එක විදියකටත් අනිකුත් ආගම් වලට වෙන විදියකටත් සැලකීම. බෞද්ධාගමට සහ හාමුදුරුවරුන්ට ගැරහීම අන්‍ය ආගමිකයන්ට සහ ඇමතිවරුන්ට තියෙන ප්‍රජාතාන්ත්‍රික අයිතියක් විදියටත්, අන්‍ය ආගමිකයන් කරන අසාධාරණකම් වලට විරුද්ධව හඬ නගන බෞද්ධයන් සහ හාමුදුරුවරුන් ජාතිවාදීන්, ආගම්වාදීන් සහ නීතියට විරුද්ධ යන පිරිස් විදියට සැලකීමත් මේ ආණ්ඩුවේ දකින පැහැදිලි ලක්ෂණයක්.

    රටේ පාලකයෝ බෞද්ධාගම අදහන්නේ වත් පිලිපදින්නෙවත් නැතුව බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරන එක විහිළුවක්. මේක අද ඊයේ නෙමෙයි සෑහෙන කාලෙක හිටන් වෙනවා. මිනිස්සුන්ව ඉස්සර රැවට්ටුවට දැන් කවුරුවත් රැවටෙන්නේ නැහැ.

    රනිල්ගේ පන්සල් යාම, ශ්‍රී මහා බෝධිය වැඳීම, තිරුපති යාම, බැසිල්ගෙ කරේ තියෙන සුර පොකුර සහ මහින්දගේ අතේ තියෙන මුදු සහ බෝල bracelet වලට රටේ ඉරණම තීරණය කරන්න බැහැ. ඒ මොකොද කිව්වා නම්, ඒ ගොල්ලෝ ඒවා ඇඳලා හිටියට මිනිස්සු ඒවා ඇඳලා නැති නිසා. මොනවා කෙරුවත්, මොන සෙල්ලම් දැම්මත් තමන් තමන්වම රවටා ගැනීමක් විතරයි, රාජපක්ෂලවත් රනිල්වත් ආපහු මේ රටේ බලයට එන්නේ නැහැ.

    Contd’ 1/2

  • 0
    0

    Contd’ 2/2

    හැම මිනිහෙකුගේම ඉරණම උපදින කොටම ලියවිලා ඉවරයි. සමහරු අකාලයේ මැරෙන්නෙත් සමහරු වයස්ගත වෙලා මැරෙන්නෙත් තමන් පෙර ආත්ම වල කරපු කුසල අකුශල කර්ම නිසා කියලයි බුදු දහමේ ඉගැන්වෙන්නේ. පෙර ආත්ම වල… වෙන ආගම් වල ඒ ගැන කියන්නේ මොකක්ද මම දන්නේ නැහැ. සුර, මුදු, අරක මේක නොදැම්මත් සමහර මිනිස්සු විපත් වලින් ගැලවෙනවා. එහෙම වෙන්නේ කලින් කරලා තියෙන කුසල කර්ම නිසා.

    මිනිස්සු සමහර වෙලාවලට කියනවා අපරාධකාරයෝ සහ වැරදි කරන මිනිස්සු හොඳින් ජීවත් වෙනවා හොඳ මිනිස්සු ඉක්මනට මැරිලා යනව කියලා. මේ ආත්මේ මොනවා කලත්, පෙර ආත්මෙක කුසල් කරලා තියෙනවා නම් මේ ආත්මේ නරක මිනිහෙක් වුනත් කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. මම මෙහෙම කිව්වට, බෞද්ධයෙක් විදියට කාටවත් කරදරයක් වෙන්න එපා කියලා හිතනවා. ඒ වුනාට රට පාවා දෙන මිනිස්සු සහ බලයෙන් උමතු වෙලා හරි වැරැද්ද නොපෙනෙනුනු මිනිස්සු ආයේ කිසි දවසක මේ රටේ පාලකයෝ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා රටේ යහපත වෙනුවෙන්.

    සැප දුක, ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා බෞද්ධ හෝ අබෞද්ධ හැමෝටම පොදුයි. ඒ දිහා උපේක්ෂාවෙන් බලලා, අවබෝධයෙන් බාර ගන්නවා මිසක්, ඒවා නැති කරගන්න හෝ ඇති කරගන්න කියලා සුර දැම්මට මුදු දැම්මට ඒවා වෙනස් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒ තත්වය විදින්න වෙනවා.

    බුදුදහමේ “මධ්‍යම ප්‍රතිපදාව” කියලා දෙයක් ඉගැන්වෙන්නේ හැමෝම මුහුණ දෙන අෂ්ඨ ලෝක ධර්ම චක්‍රයට එනම්; සැප, ලාභ, යස සහ ප්‍රශංසා ඉදිරියේ අන්ධ නොවී අන්තයට නොගිහිනුත්, දුක, අලාභ, අයස, නින්දා ඉදිරියේ මානසිකව සහ ශාරීරිකව ඇද නොවැටී ජීවත් වෙන්නත් අවශ්‍ය ශක්තිය ලබා දෙන්න. නිතර පන්සලට නොයන මිනිස්සුත් කරදයක් වුනහම පන්සලට යන්නේ බෝධි පූජා තියන්නේ කරදර වලට මුහුණ දෙන්න අවශ්‍ය මානසික ශක්තිය ලබා ගන්න ඒවා ඉවහල් වෙන නිසා.

    ලැබෙන්න තියෙන දෙයක් වලක්වන්න කාටවත් බැහැ වගේම නොලැබෙන්න තියෙනවා නම් කොච්චර දැඟලුවත් ලැබෙන්නේ නැහැ. සමහරු කියනව උත්සාහ කලොත් අනිවාර්යයෙන්ම දෙයක් ලැබෙනවා. කොච්චර උත්සහ කලත් සමහරුන්ට තමන්ට ඕනේ දේ ලැබෙන්නේ නැති වුනාට, කිසි උත්සහයක් නොකර තමන් හිතන දේ දෙපතුල ලඟට කඩා වැටෙන මිනිස්සුත් ඉන්නවා.

  • 0
    0

    HEMANTHA WARNAKULASURIYA MATHITHUMAGE LIPIYE AHAKADANNA KIYALA DEYAK NAHA ATTHAMA KATHAWA ADUWENMA AGAM ADAHANA RATWAL WALA PRASNA ADUI

  • 0
    0

    අලස් මහත්තයා‌ෙග ‌ෙපා‌ෙත් ති‌ෙයනවා, 71 කැරැල්ලට සම්බන්ධ උනු සමහර ‌ෙජ්වීපීකාර‌ෙයා සටනට යන්න කලින් ජය පරාජය ගැන අංජනම් බැලුවා කියලා. මහ ‌‌ෙලාකු භව්තිකවාදීනුත් එහෙම කළා නම් අන් අය ගැන කවර කතා ද! ‌

    ‌ෙම් ර‌ෙට් සංස්කෘතිය ගැන මැතිනියට තිබුණු දැනීම සහ ඒ සමග බද්ධ වීමට ඇයට තිබූ හැකියාව ‌ෙජ් ආර්ට ‌ෙනාතිබීම සම්බන්ධ‌ෙයන් ‌ෙහාද උදාහරණයක් ඉහත කතාව. එ‌ෙස්ම, වර්ණකුලසූරිය උන්නැහේ 70 ගණන්වලත් යූඇන්පියට ක‌ෙඩ් ගිහිල්ලා. ඒ කියන්‌ෙන ‌ෙම් රට විනාස කරන්න උන්නැ‌ෙහත් සෑහෙන්න දායක ‌ෙවලා!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.