Colombo Telegraph

ආරක්ෂක අංශයේ පාරාන්ධතාව ආරක්ෂක අනතුරක් වශයෙන්

සිලෝන් ටුඬේ – Integrity Avenue –

ආරක්ෂක අංශය තුළ ඇති පාරාන්ධතාව හෙවත් විනිවිද නොපෙනෙන ගතියම, ආරක්ෂක අනතුරකි. සුළු පිරිසක් අසාධාරණ අන්දමින් පොහොසත් වීම එම අංශයේ වැඩි පිරිසකගේ සිත් පාරවන බැවින් එය අවසානයේ තුඩුදෙන්නේ ආරක්ෂාවම අනතුරට හෙලීමටයි. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ දත්ත මත පදනම්ව ට‍්‍රාන්ස්පැරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය ඇස්තමේන්තු කරන ආකාරයට, ලෝකයේ විවිධ රටවල ආරක්ෂක අංශවල ¥ෂණය වෙනුවෙන් වසරකට නාස්ති කෙරෙන අවම මුදල ඩොලර් බිලියන 20 කි. (කෝටි 2000 කි*. මෙය, 8 කණ්ඩායම (ලෝකයේ පොහොසත් රටවල් අටේ කණ්ඩායම* ලෝකයේ දිළිඳුකම දුරැුලීම සඳහා 2009 වසර සඳහා වැය කිරීමට පොරොන්දු වූ මුළු මුදලට සමානයි. ආරක්ෂක අංශ තුළ නාස්ති කෙරෙන මේ කියන මුළු ගණන, ඒ අංශය කෙරෙහි ඇති මහජන විශ්වාසය දැදුරු කිරීමට කෙතරම් සමත් වේ ද යන්න පෙන්නුම් කෙරෙන එක් බාහිර දර්ශකයක් පමණි. නීතියට පිටින් කටයුතු කිරීමේ හැකියාවත් හමුදා අංශවල බලගතු කණ්ඩායම් සතුව ඇතොත්, රටක ජනතාවගේ ආරක්ෂාවට ඒ මගින් එල්ල විය හැකි තර්ජනය සුළුපටු නොවේ. මෙය, යුද්ධයක් ජයග‍්‍රහණය කළ ආණ්ඩුවක විවිධාකාරයේ පාලනයන්ට යටත්ව වෙසෙන දෙමළ සුළු ජන කොටස් සහිත ලංකාව වැනි රටක ජීවමාන සත්‍යයකි.

ට‍්‍රාන්ස්පැරන්සි ඉන්ටර්නැෂනල් මගින් මෑතක දී කරන ලද අධ්‍යයනයක් තුළ, ලෝකයේ රටවල් 82 ක් අවදානම් ක්ෂේත‍්‍ර පහක, එනම් ¥ෂණයට අවකාශ ඇති ක්ෂේත‍්‍ර පහක පදනම යටතේ, මෑතක දී වර්ගීකරණය කෙළේය. ඒවා නම්: දේශපාලනික, කාර්ය මණ්ඩල, කළමනා සම්පාදන, මූල්‍ය සහ කාර්යකරණ නම් වෙයි. ¥ෂණයේ අවදානම ඇති මේ සෑම ක්ෂේත‍්‍රයක්ම, අනතුරුව තවත් උප=ප‍්‍රවර්ග ගණනාවක් යටතේ නැවතත් විශ්ලේෂණය කෙරුණි. උදාහරණයක් වශයෙන්, මූල්‍ය ක්ෂේත‍්‍රයට ගැනෙන ¥ෂිත කලාපය විශ්ලේෂණයට භාජනය කෙරුණේ, වත්කම් හමාර කිරීම, රහස් අයවැය ලේඛන, හමුදාවට අයත් ව්‍යාපාර සහ අනීතිික පෞද්ගලික ව්‍යවසාය යන කරුණු ආශ‍්‍රයෙනි. කාර්ය මණ්ඩල පිළිබඳ අවදානම් කලාපය විශ්ලේෂණය කෙරුණේ, නායකත්ව කල්ක‍්‍රියාව, සේවක පඩි ලැයිස්තු, උසස්වීම්, පත්වීම්, පාරිතෝෂ, වැටුප් දාමය, සාරධර්ම, ප‍්‍රමිති, සුළු අල්ලස් සහ බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම් ආදී ක්ෂේත‍්‍ර හරහා ය. මේ සමස්ත විශ්ලේෂණ ක‍්‍රියාවලිය තුළ වර්ග 6 කට රටවල් ලේබල් කෙරුණි. ‘ඒ’ ලේබලය යනු ¥ෂණයේ අඩුම අගය වන අතර ‘එෆ්’ යනු වඩාත්ම ¥ෂිත වර්ගය යි.

අවාසනාව කෙතෙක් ද යත්, ‘ඒ’ ලේබලයට හිමිකම් කීවේ ලෝකයේ රටවල් දෙකක් පමණි. බොහෝ රටවල්, එනම් සංඛ්‍යාත්මකව ගතහොත් රටවල් 82 න් සියයට 69 ක් අයත් වුණේ, ‘ඞී’ ‘ඊ’ හෝ ‘එෆ්’ යන ලේබල්වලට ය. ලෝකයේ වැඩිම ආයුධ ප‍්‍රමාණයක් ආනයනය කරන රටවල් 30 න් 20 ක්ම ඉහත කී සියයට 69 ට අයත් වෙයි. එසේම, ලෝකයේ වැඩියෙන්ම ආයුධ අපනයනය කරන රටවල් 30 න් 16 ක්ම මේ අධ්‍යයනයට ඇතුළත් විය. ඒ නිසා මේ ප‍්‍රතිඵලය හිත් පාරවන සුළු බව කිව යුතුය. මෙයින් පෙනී යන්නේ, බොහෝ රටවල ආරක්ෂක අංශයේ ¥ෂණය පාලනය කෙරෙන්නේ ඉතාම අඩුවෙන් බවයි.

ශ‍්‍රී ලංකාව ගැනෙන්නේ ‘ඊ’ ලේබලයට ය. එනම්, ‘ඉතා ඉහළ’ ¥ෂණයක අවදානම ඇති බවයි. පසුගිය අවුරුදු ගණනාව තුළ ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක ක්ෂේත‍්‍රයේ ¥ෂණය පාලනය කිරීමේ දේශපාලනික පියවර ගැනී ඇත්තොත් ඒ ඉතා අඩුවෙනි. අනිත් පැත්තෙන්, ශ‍්‍රී ලංකාවේ අල්ලස් කොමිසමේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය කෙරෙහි අහිතකර අන්දමින් බලපාන දේශපාලනික මැදිහත්වීම් ද දක්නට ලැබේ. ඊට අමතරව, රාජ්‍ය බුද්ධි අංශය කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ද අපේ ජනාධිපතිවරයාට ඇත්තේය. මේ ආකාරයෙන් සළකන කල, සමස්තයක් වශයෙන්, ජනාධිපතිවරයාගේ පවුල මත කේන්ද්‍ර වන බලගතු ජනාධිපති ක‍්‍රමයකින් බිහිකොට ඇති, අර්ථවත් සුපරීක්ෂාව හෝ පාරදෘෂ්‍ය භාවය අකර්මණ්‍ය කෙරෙන විධායක බලය නිසා, ආරක්ෂක අංශයේ පවතින මේ තත්ත්වය ගැන විවෘත සාකච්ඡුාවකට ඇති ඉඩකඩ ඇහිරෙයි.

ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ වත්කම් විකිණීම් හෝ තොරතුරු වර්ගීකරණය පිළිබඳ විනිවිද භාවයක් නොපෙනේ. රහස්‍ය භාවයෙන් යුත් අයිතම වෙනුවෙන් වැය කළ මුදල් පිළිබඳ විස්තර වාර්තා සොයා ගැනීමට නැති අතර, ආණ්ඩුවේ මූල්‍ය රෙගුලාසි හරහා ‘රහස් ගෙවීම්’ සඳහා ද, ජනාධිපතිවරයාගේ පාලනය යටතේ අවසර සැපයේ. එසේම, පශ්චාත්=යුද වකවානුවේ කරලියට විත් ඇති ආරක්ෂක අංශයෙන් මෙහෙයැවෙන විස්තීරණ වාණිජ ව්‍යාපාර නිසා නගර සංවර්ධන අධිකාරියත් ආරක්ෂක වැය ශීර්ෂය තුළට අන්තර්ග‍්‍රහණය කර ගැනීමේ අවකාශ පවතී. එය, ඉහත කී ¥ෂණයේ අවදානම තවත් තීව‍්‍ර කරයි.

කාර්ය මණ්ඩල ¥ෂණ අවදානම සම්බන්ධයෙන් සළකන කල, බලධාරීන්ගේ ¥ෂණ සහ අකටයුතුකම් හෙළි කිරීම ශ‍්‍රී ලංකාවේ දී ද්‍රෝහී කමක් වශයෙන් සැළකීමට බොහෝ ඉඩ තිබේ. උසස් තනතුරු සඳහා පුද්ගලයන් බඳවා ගැනීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. වෙනත් උසස් මට්ටමේ බඳවා ගැනීම් කෙරෙහි ද අනුග‍්‍රහ දැක්වීම් සහ දේශපාලනික මැදිහත්වීම් දක්නට ලැබේ. කාර්යකරණය සම්බන්ධයෙන් ඇති විය හැකි ¥ෂණයට අදාළව බලන කල, ¥ෂණ=විරෝධී නෛතික ප‍්‍රතිපාදන හමුදා අංශ තුළ දක්නට නැති බව කිව යුතුය. සන්නද්ධ සේවාවන්ට අදාළ ක‍්‍රියාකාරකම් තුළ ¥ෂණ=විරෝධී යාන්ත‍්‍රණයක් නැත්තේය. කාර්යකරණයට සම්බන්ධ කොන්ත‍්‍රාත් පිළිබඳ මගපෙන්වීම්, ¥ෂණ=විරෝධී පුහුණු පාඨමාලා හෝ අධීක්ෂණය කිරීම් ඇති බවකට සාක්ෂි නැත.

අවසාන වශයෙන්, කළමනා සම්පාදන හෙවත් මිළදී ගැනීම් සම්බන්ධ ¥ෂණ අවදානම සළකා බලන විට, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඒකාබද්ධ ක‍්‍රියාන්විත මූලස්ථානය විසින් මිළදී ගැනීම් කෙරේ. එහෙත් ඊට අදාළ නෛතික පරිපාටි ප‍්‍රසිද්ධ නොකෙරේ. ‘ජාතික ආරක්ෂාව’ නැමති නිල අවසරය ඊට ඇති බැවිනි. මිළදී ගැනීම් සම්බන්ධයෙන් තිබිය යුතු විවෘත තරගකාරීත්වය මෙහි දී ක‍්‍රියාත්මක වන බවක් නොපෙනේ. එසේම ටෙන්ඩර් පරිපාටි සහ සමාගම් අතර සාංගම් කිරීම් ආදියට එරෙහි පියවර ගැනෙන බවක් නොපෙනේ.

වෙළඳ ඒජන්තවරුන්, උප=කොන්ත‍්‍රාත්කරුවන් හෝ මූල්‍ය පැකේජවලට අදාළ පාරදෘෂ්‍ය භාවයක් ඇත්තේම නැත. අවසාන වශයෙන් ගත් කල සිදුවන්නේ, ආරක්ෂක අංශයේ මිළදී ගැනීම් සඳහා වැදගත් වන්නේ දේශපාලනික සම්බන්ධතා බවයි.

මහජන මුදලින් නඩත්තු කෙරෙන ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශය බොහෝ ¥ෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් අභියෝගයට ලක්කෙරේ. මෙය සාකච්ඡුා කිරීමට අසීරු මාතෘකාවකි. මේ ප‍්‍රශ්න මතුකරන අයවළුන් දේශද්‍රෝහීන් වශයෙන් හංවඩු ගැසීමේ අවදානම පවතින බැවිනි. එහෙත් සැබෑ දේශපේ‍්‍රමය වන්නේ, මහජනතාව වෙනුවෙන් සද්භාවයෙන් යුතුව මේ ප‍්‍රශ්න මතුකිරීම යි.

*2013 මාර්තු 04 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ In The Defence Sector Opacity As A Security Threat නැමති තීරු ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Back to Home page