28 March, 2024

Blog

වරාය නගර පනත් කෙටුම්පත පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව: මූලික අයිතිවාසිකම් සහ බලය බෙදීමට ඇති බලපෑම්

ජයම්පති වික්‍රමරත්න

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රම​රත්න

කොළඹ වරාය නගර ර්ථි කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ප්‍රතිපාදන විසි හයක් තරම් සංඛ්‍යාවක් ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට පාර්ර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. ඉන් ප්‍රතිපාදන නවයක් සඳහා ජනතාවගේ අනුමැතිය ජනමත විචාරණයකදී ලබා ගත යුතු බවද තීරණය විය.

කෙටුම්පතට වූ අභියෝග අතර වූයේ එය ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවය මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝනය කරන බවය. පාර්ලිමේන්තුව වෙත පවරා ඇති ජනතාවගේ ව්‍යවස්ථාදායක බලතල වගන්ති කීපයකින් උල්ලංඝනය කෙරෙන බවද සඳහන් විය. වගන්ති කීපයක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් හේතුවෙන් ව්‍යවස්ථාවේ 3 වන සහ 4 වන වගන්තිද උල්ලංඝනය වන බවද සඳහන් විය. අභියෝගවල තව පදනමක් වූයේ පනත් කෙටුම්පතේ සමහර වගන්ති පළාත් සභා ලැයිස්තුවේ සඳහන් කාරණා පිලිබඳ හෙයින් කෙටුම්පත  පිලිබඳ තම අදහස් ප්‍රකාශ කිරීමට එය 154(3) වගන්තිය ප්‍රකාර පළාත් සභා වලට යොමු කල යුතුව තිබුණු බවය.

අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන

අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එය අත්හල නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුලත්ය. 83 වන වගන්තියේ දක්වා ඇති ව්‍යවස්ථා ප්‍රතිපාදන වලට අනුකූල නොවන යම් ප්‍රතිපාදනයක් පනත් කෙටුම්පතක වුවහොත් එය සම්මත කිරීමට තුනෙන් දෙකක වැඩි ඡන්දයට අමතරව ජනමත විචාරණයකදී ලබා ගන්නා ජනතාවගේ අනුමැතියද අවශ්‍යය. 3 වන වගන්තිය එවැනි විශේෂිත වගන්තියකි.

ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන  සහ භුක්ති විඳින ආකාර 4 වන වගන්තියේ පැහැදිලි කර ඇත. අනුව, “මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කල යුත්තේය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේය; ර්ධන කරනු ලැබිය යුත්තේය; තවද මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේයයනුවෙන් 4() වගන්තියේ දක්වා ඇත. 4 වන වගන්තිය 83 වන වගන්තියේ ලැයිස්තුගත කර ඇති ප්‍රතිපාදනයක් නොවේ. එහෙත් 2002 වසරේ දහඅට වන සහ දහනව වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිශ්චය සභාවක් ප්‍රකාශ කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට පෙරද කීප වතාවක් සඳහන් කල පරිදි 3 වන වගන්තිය 4 වන වගන්තියට සබැඳි බව සහ වගන්ති දෙක එකට කිවයුතු බවය. මෙම ර්ක රේඛාව පසුගිය වසරේ දී විසිවන සංශෝධනය පිලිබඳ සිය තීරණයේදී ශ්‍රේෂ්ඨාධිකරණය නැවත අනුගමනය කළේය.

පළාත් සභා ලැයිස්තුවේ සඳහන් කරුණු පිලිබඳ නීති සැදීමට පාර්ලිමේන්තුවට හැකි වුවද, 154(3) වගන්තිය පිලිබඳ කොන්දේසි නියම කර ඇත. එවැනි කාරණයක් පිලිබඳ පනත් කෙටුම් පතක් ගැසට් පත්‍රයේ පලකල පසු සහ එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට පෙර ජනාධිපතිවරයා පිලිබඳ සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා සියලු පළාත් සභාවකටම යොමු කල යුතුය. සියලු පළාත් සභා කෙටුම්පතට එකඟ නම් එය සරල බහුතරයකින් සම්මත කල හැක. එක් පළාත් සභාවක් හෝ එකඟ නොවේ නම් එකඟ නොවූ පළාත් සභා පිහිටුවා ඇති පළාත්ද  ඇතුළුව මුළු රටටම එම කෙටුම්පත අදාළ කිරීමට නම් එය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කල යුතුය. එවැනි අවස්ථාවක එය සරල බහුතරයකින් පමණක් සම්මත වුවහොත්, එය අදාළ වන්නේ එකඟත්වය පලකල පළාත්වලට පමණි.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය සහ ජනමත විචාරණයක අවශ්‍යතාවය

වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙත්සම්කරුවන් ර්ක කළහ. 12(1) වගන්තියෙන් සහතික කර ඇති සමානත්වය සහ සර්ව සාධාරණත්වය, 14(1)() වගන්තියෙන් සහතික කෙරෙන නීත්‍යානුකූල රැකියාවක, වෘත්තීයක, ර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ති වීමේ නිදහස සහ 14(1)() වගන්තියෙන් සහතික කර ඇති යාම් ඊම් නිදහස අතර ප්‍රධාන විය. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ හේතුවෙන් 3 වන සහ 4 වන වගන්තිද උල්ලංඝනය වන බැවින් සඳහා ජනමත විචාරණයකදී අනුමැතිය ගත යුතු යයි සමහර පෙත්සම්කරුවන් ප්‍රකාශිතවම සඳහන් කළහ.

පනත් කෙටුම්පතේ වගන්ති කීපයක් මූලික අයිතිවාසිකම් වලට පටහැනි බැවින් ඒවා තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කල යුතුයයි  ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. එහෙත් එම හේතුවෙන් එම වගන්ති ව්‍යවස්ථාවේ 4() වගන්තියත්, අනුව 3 වන වගන්තියත් උල්ලංඝනය කරන නිසා ජනමත විචාරණයකදී අනුමත කල යුතුද යන කාරණය පිලිබඳ විනිශ්චයක් නොදෙන ලදී.

1979 අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා පනත් කෙටුම් පත ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය (කෲර, අමානුෂික හෝ අවමන් සහගත දඬුවම් වලට භාජනය නොකළ යුතු බව) සහ 14 වන වගන්තිය උල්ලංඝනය කරන බවට අභියෝග කරන ලදී. එහිදී එච්. එල්. සිල්වා මහතා ර්ක කලේ ඕනෑම මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වන විට ව්‍යවස්ථාවේ 4() වගන්තියත්, අනුව 3 වන වගන්තියත් උල්ලංඝනය වන බවය. එකී පනත් කෙටුම්පත 11 වන වගන්තිය පමණක් උල්ලංඝනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. 11 වන වගන්තිය ජනමත විචාරණයක් අවශ්‍ය එකක් ලෙස 83 වගන්තියේ දක්වා ඇති එකකි. “ආණ්ඩුක්‍රම නීතිය පිලිබඳ වාද කරුණක් අධිකරණය ඉදිරියේ ඇති නඩු කටයුත්තට ඍජුවම අදාළ නම් මිස, ගැන තීන්දුවක් නොදිය යුතුයනම් වූ සුප්‍රසිද්ධ ආණ්ඩුක්‍රම නීති මූල ධර්මය අනුව යමින්, පනත් කෙටුම්පත මගින් 3 වන වගන්තියද උල්ලංඝනය වන්නේද යන්න තීරණය කිරීමට අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර සිටියේය.

2002 වසරේ ඉදිරිපත් කරන ලද 18 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ අභියෝගය විභාග කල සත්පුද්ගල විනිශ්චය සභාව මේ පිලිබඳ පැහැදිලි තීරණයක් ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථාවේ 12(1) සහ 17 (විධායක ක්‍රියා මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට ප්‍රතිකර්ම) වගන්ති වලට පටහැනි බවද හේතුවෙන් 3 වන වගන්තියද උල්ලංඝනය වන බැවින් සඳහා ජනමත විචාරණයකදී අනුමැතියද  අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ජනාධිපති වරයාට මූලික අයිතිවාසිකම් නඩු වලින් හිමිව තිබූ මුක්තිය 19 වන සංශෝධනය මගින් ඉවත් කරන ලදී. 20 වන සංශෝධනයෙන් එම මුක්තිය නැවත දීමට උත්සාහ කල අවස්ථාවේ  ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කලේ “17 වන වගන්තිය යටතේ ප්‍රතිකර්මයට ජනතාවට ඇති අයිතිවාසිකම නිරපේක්ෂ වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය යටතේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වල ඍජු ප්‍රකාශනයක්වන බවය.

එහෙත් වරාය නගර කෙටුම් පත පිළිබඳව තීරණයේදී එහි සමහර වගන්ති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන්  තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලද, අනුව ජනමත විචාරනයක්ද අවශ්‍ය බව කියා සිටියේ නොමැත. අභියෝගයට ලක්වූ ප්‍රතිපාදන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන බවට නඩු විභාගයේදී නීතිපතිවරයා දුන් සහතිකය අධිකරණය සැලකිල්ලට ගත්තා විය හැක.

එහෙත්, නීතිපතිවරයා දෙන සහතික වලින් පාර්ලිමේන්තුව නොබැඳේ. අදාළ වගන්ති සම්මත කිරීමට ජනමත විචාරණයක්ද අවශ්‍ය බවට  අධිකරණයේ තීරණයේ ප්‍රකාශිතව සඳහන් නොවන්නේ නම් තුනෙන් දෙකක බහුතරයෙන් පමණක් ඒවා සම්මත කිරීමට පාර්ලිමේන්තුවට බාධාවක් නොමැත. පනත් කෙටුම්පතක ප්‍රතිපාදනයක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිඊමේ හේතුවෙන් එයට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බව පවසා එහෙත් ජනමත විචාරණයක අවශ්‍යතාවය පිළිබඳව සඳහනක් නොකිරීමේ තීරණයක භයානක ප්‍රතිපලයක් විය හැක්කේ තුනෙන් දෙකක බහුතරයක් ඇති ආණ්ඩුවකට එම බහුතරය පාවිච්චි කර මූලික අයිතිවාසිකම් මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමට හැකි වීමය. යම් ප්‍රතිපාදනයක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන හැම අවස්ථාවකම, කලින් සඳහන් අවස්ථා වලදී කලාක් මෙන්, එයින් 3 වන වගන්තියද උල්ලංඝනය වන බවත් අනුව ජනමත විචාරණයක් අවශ්‍ය බවත් ප්‍රකාශ කල යුතු බව ලියුම්කරු ගෞරවයෙන් කියා සිටී.

කෙටුම් පත පළාත් සභා වලට යොමු කිරීමේ අවශ්‍යතාවය

පළාත් සභා සියල්ල විසිරී තිබූ අතර අනුව වරාය නගර පනත් කෙටුම්පත පළාත් සභා වලට යොමු නොකරන ලදී. කලින් දුන් තීන්දු අනුව යමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කලේ පළාත් සභා සංස්ථාපනය නොවී ඇති අවස්ථාවක සියලු පළාත් සභා වලට කෙටුම්පත යොමු කිරීම ඉටු කල නොහැකි කාර්යයක් බවය.

දෙවැනි දිවිනැගුම පනත් කෙටුම්පත පිලිබඳ විභාගයේදී මතුවූ කරුණක් වූයේ එවකට සංස්ථාපනය වී නොතිබුණු උතුරු පළාත් සභාවට කෙටුම්පත යොමු නොකිරීම සහ එම පළාතට එහි අදාලත්වය පිලිබඳ කාරණයයි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ සංස්ථාපනය වී නොමැති පළාත් සභාවකට කෙටුම්පත යොමු කිරීම  ඉටුකල නොහැකි කාරණයක් වන අතර අවස්ථාවේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කෙටුම්පතට පළාත් සභාව වෙනුවෙන් කැමැත්ත දීම පිළිගත නොහැකි බවය. එවැනි අවස්ථාවක දිය හැකි ප්‍රායෝගික ර්ථ කථනය වන්නේ යම් පළාත් සභාවක් සංස්ථාපනය නොවී ඇති අවස්ථාවක කෙටුම්පත තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය යුතුය යන්නය. තීරණයේ විශේෂයෙන් සඳහන් නොවූවද, එයින් තේරුම් යන්නේ කෙටුම්පත සරල බහුතරයකින් පමණක් සම්මත වූයේ නම් එය උතුරු පලාතට අදාල නොවන බවය. කෙසේ වෙතත්, කෙටුම්පත තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය. එම විනිශ්චය ආසනය අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක සහ අමරතුංග සහ ශ්‍රීපවන් විනිසුරුතුමන්ලාගෙන් සමන්විත විය. එම තීරණය සහ පළමුවන දිවිනැගුම පනත් කෙටුම්පත පිලිබඳ තීරණය අග විනිසුරු බණ්ඩාරනායකට සිය ධූරය අහිමිවීමට හේතුවූ බව ප්‍රසිද්ධ කාරණයකි.

154(3) වගන්තියේ ක්රියාපටිපාටිමය මෙන්ම  හරයාත්මක අවශ්‍යතාද ඇති බව ලියුම්කරුගේ සැලකිරීමයි. ක්රියාපටිපාටිමය අවශ්‍යතාවය වන්නේ පළාත් සභා  ලැයිස්තුවේ සඳහන් කරුණු වලට අදාළ පනත් කෙටුම්පතක් සියලු පළාත් සභා වලට යොමුකිරීමය. හරයාත්මක අවශ්‍යතාවය වන්නේ සියලු පළාත් සභා එකඟ නොවන්නේ නම් කෙටුම්පත මුළු රටටම බලපෑමට නම් එය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරගත යුතු බවය. එවැනි කෙටුම්පතක් සරල බහුතරයකින් පමණක් සම්මත වුවහොත් එය අදාළ වන්නේ එයට එකඟවූ පළාත් වලට පමණි.

දෙවැනි දිවිනැගුම පනත් පිලිබඳ තීරණය 154(3) වගන්තියේ අරමුණ, එනම් යම් පලාතක පළාත් සභාව එකඟ නොවේ නම් කෙටුම්පත එය මත පැටවීමට නම් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරගත යුතු බව, සමග ගැලපේ. එය බලය බෙදීම සංකල්පයේ ජීවගුණයටද අනුකූල වේ.

වරාය නගර කෙටුම්පත පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ එක් ප්‍රතිපලයක් වන්නේ යම්අකීකරුපළාත් සභාවක් විසුරුවා හැර ඇති අවස්ථාවක් බලා පළාත් සභා විෂයයක් පිලිබඳ ඕනෑම නීතියක් එම පළාත මත සරල බහුතරයකින්  පැටවීමට ආණ්ඩුවකට ඉඩ විවර වීමය. ඊටත් වඩා නරක කාරණය වන්නේ, ර්තමානයේ මෙන්, සියලු පළාත් සභා විසුරුවා ඇති විටක බලය බෙදීමට අහිතකර නීති මුළු රට මතම සරල බහුතරයකින්  පැටවීමට ඉඩ ලැබීමය. පළාත් සභා විෂයයක් පිලිබඳ ඊළඟ පනත් කෙටුම්පත ඉදිරිපත්වූ විට මෙම ප්‍රශ්නය නැවත මතු කර, අප ව්‍යවස්ථාවේ හරයේ අත්‍යවශ්‍ය අංගයක් වන බලය බෙදීමෙහි  ජීවගුණය සමග අනුකූල වන තීරණයක් ගැනීමට  ශ්‍රේෂ්ඨාධිකරණයට ආරාධනය කල යුතු බව ලියුම්කරුගේ සැලකිරීම වන්නේය .

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    දරුණු රාජපක්ෂ මාෆියා මිනිසුන් ඉවත් කිරීමට ඇති එකම විසඳුම කුමක්ද? ජනතාවගේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම පමණක් මගක් වනු ඇත.

    සමාජ මාධ්යයන් විසින් ජනමාධ්‍ය මාෆියාව ස්ථානගත කර ඇති පසුබිමක මෙය කවදා හෝ කළ හැකිද?
    .
    මෙම ක්‍රියාවලියේදී ආගමික සම්භාවනීය පුද්ගලයින් මූලිකත්වය ගත යුතුය. වෘත්තිකයන් ආදර්ශවත් විය යුතුය. වත්මන් නායකත්වයට සමීප වෛද්‍යවරුන් බොහෝමයක් බිඳ දැමිය යුතුය. වෛද්‍යවරුන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දුන් ජාතියට බොහෝ සෙයින් ණයගැතියි. ඒ වෙනුවට, අනෙක් පැත්තෙන් හා මහජනතාවට එරෙහිව ක්‍රියා කිරීම ප්‍රචණ්ඩකාරී, නපුරු දේශපාලන .යින් විසින් ප්‍රවර්ධනය කරනු ලැබේ. පොලිසිය සියලු පක්ෂග්‍රාහීත්වයෙන් නිදහස් විය යුතුය. අප නීතිය හා සාමය අන් සියල්ලටම වඩා ඉහළින් තැබිය යුතුය, එවිට එයට ආගමට ස්ථානයක් ලබා දිය යුතුය. ආගම්වලට අපේ ජනතාවට උපරිමයෙන් මඟ පෙන්විය හැකිය. නමුත් අද මෙය එසේ නොවේ. අතීතයේ කිසිදු කාලයක අපරාධ අනුපාත ඉහළ යමින් පවතී.

    • 0
      0

      Dear LM,
      .
      Thanks for making sure that you have made the necessary intelligent comment in the Sinhala section.
      .
      Thanks also for understanding the realities about an old man like me. I just won’t attempt it. I have read your comment, but not the main article. After all, I have read what “Jumpy” has written in English. I don’t know Jumpy at all, but I understand that to be his nick-name from what Kumar David has written.
      .
      Jumpy is a pretty distinguished guy. Just suppose he was interviewing me for a job. I certainly wouldn’t go behind everybody seated at the Head table, slap him on the back, and say, ‘Hi! Jumpy; I’m that same “Sinhala_Man” who has said some nice things about you on CT; now give me the job.’
      .
      That sort of thing is done by the “Double-Pakse” government.
      .
      My saying that may well be the end of Jumpy being on interview panels! But my writing this here, will not matter much. Can’t say!
      .
      Typing this in is quicker, and far less strain, than reading the article.
      .
      Now let me get back here:
      .
      https://www.colombotelegraph.com/index.php/closing-the-gaps-in-our-cultures-heritage-histories-a-reassessment-of-arumuga-navalar/comment-page-1/#comment-2397622
      .
      Want to tell Mallaiyuran a thing or two.
      .
      Regards,
      .
      Panini Edirisinhe

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.