25 April, 2024

Blog

ජනාධිපති ක‍්‍රමයේ විපාක පෙරදුටු ඇන්. ඇම්.

ජයම්පති වික‍්‍රමරත්න

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ශී‍්‍ර ලංකාවේ සිටි අග‍්‍ර ගණයේ දේශපාලනඥයින් සහ බුද්ධිමතුන් පිරිසට නිසැකයෙන් ම අයත් වන ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අභාවයට පත් වී මේ සතියට වසර 35 ක් සම්පූර්ණ වේ. ලංකා සමසමාජ පක්‍ෂයට දීර්ඝකාලීන නායකත්වයක් දුන් ඇන්. ඇම්.පෙරේරා 1936 දී රුවන්වැල්ල කොට්ඨාශයෙන් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට පිවිසියේ ය. යුද සමයේ දී ලංකා සමසමාජය තහනම් කරනු ලැබූ අතර, ඇන්. ඇම්. සහ ඔහුගේ සගයන් සිරගත කරන ලදී. ඒ අනුව ඔහුට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සිය අසුන අහිමි විය. 1947 මහ මැතිවරණයෙන් නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයට ඇතුළත් වූ ඇන්. ඇම්. 1977 මැතිවරණයේ දී පරාජය වන තෙක් නොකඩවා සිය මන්තී‍්‍ර ධූරය රැුක ගත්තේය. 1947-52 කාලය තුළත් 1956-59 කාලය තුළත් විරුද්ධ පක්‍ෂ නායක ලෙස කටයුතු කළ ඇන්. ඇම්. පසු කලෙක මුදල් අමාත්‍ය ධූරය ද දැරීය. නැසිීගිය පුවත්පත් කලාවේදී අජිත් සමරනායක වරක් පැවසුයේ, ”ශී‍්‍ර ලංකාවේ නොලැබුනු හො`දම අගමැතිවරයා” ඇන්. ඇම්. බව ය.

වර්තමාන දේශපාලන තත්ත්වයට සෘජුව ම අදාළ කරුණක් පිළිබ`දව ඇන්. ඇම්. පෙරේරා පළ කළ අදහස් ආශ‍්‍රයෙන් මෙම කෙටි ලිපිය ලිවීම වඩා උචිත යැයි සිතමි. එම කාරණය වන්නේ මෙරටට වඩා ගැලපෙන්නේ කුමන පාලන ක‍්‍රමයක් ද යන්න ය. 1972 ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ දී මෙරටට ජනාධිපති පාලන ක‍්‍රමයක් අවශ්‍ය බවට යෝජනා කළේ ජේ. ආර්. ජයවර්ධන මහතා ය. එම යෝජනාව ස්ථිර කළ ආර්. පේ‍්‍රමදාස මහතා හැර වෙනත් කිසිවෙකු එයට පක්‍ෂ නොවූ හ. එක්සත් ජාතික පක්‍ෂයේ නායක ඩඞ්ලි සේනානායක මහතා පවා කියා සිටියේ ශී‍්‍ර ලංකාව වැනි රටකට ජනාධිපති පාලන ක‍්‍රමයක් නුසුදුුසු බව ය. එ.ජා.ප.යේ ඒ. සී. එස්. හමීඞ් මන්තී‍්‍රවරයා එදා පෙන්වා දුුන්නේ ජනාධිපති පාලන ක‍්‍රමයකින් සුළු ජාතික කොටස්වලට කිසිදු ආරක්‍ෂාවක් නොලැබෙනු ඇති බව ය. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සියලූ කථිකයින් ජේ. ආර්. ජයවර්ධනගේ යෝජනාවට විරුද්ධව කතා කළ අතර, අදාළ කාරණය පිළිබ`දව හොඳම අදහස් දැක්වීම් කළේ ඇන්. ඇම්. සහ කොල්වින් ආර්. ද සිල්වා ය.

DR.N._M._Pereraජනාධිපති පාලන ක‍්‍රම යෝජනාව එදා පරාජය වූ නමුත් තමන්ට එ.ජා.ප.යේ නායකත්වය ලැබුණු පසු ජේ.ආර්. ජයවර්ධන එය නැවත ඉදිරිපත් කළේ ය. 1977 දී එ.ජා.ප.ය ලබාගත් මැතිවරණ ජයග‍්‍රහණය පාවිච්චි කල හෙතෙම ලෝකයේ කිසිම රටක දක්නට නොලැබෙන තරම් ශක්තිමත් විධායක ජනාධිපති ක‍්‍රමයක් ස්ථාපනය කළේ ය.

රාජ්‍ය ප‍්‍රධානියාත්, ආණ්ඩුවේ ප‍්‍රධානියාත්, හමුදාවල අණදෙන නිලධාරියාත් වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ද ඉහළින් සිටී. කලින් තිබූ පාර්ලිමේන්තුව හය වසර සම්පූර්ණ කළේ නම් අලූුත් පාර්ලිමේන්තුව මැතිවරණයට පසු දා හෝ විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකි ය. එසේ හය අවුරුදු කාලය සම්පූර්ණ නොකළේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලා සිටිය යුත්තේ එක් වසරක කාලයක් පමණි. ජනාධිපතිවරයාට විශාල මුක්තියක් ද ඇත. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ඔහු හෝ ඇය අතින් කඩ වූ විටෙක පවා ඊට එරෙහිව නඩු පැවරිය නොහැක. දෝෂාභියෝගයකින් ජනාධිපතිවරයා ඉවත් කිරීම කොපමණ අපහසු දැයි ”1978 ව්‍යවස්ථාව පිළිබ`දව විවේචනාත්මක විශ්ලේෂණයක්” නම් පොත් පිංචෙහි ඇන්. ඇම්. පෙන්වා දුුන්නේ ය. පේ‍්‍රමදාස ජනාධිපති ඉවත් කිරීමට දැරූ අසාර්ථක උත්සාහයෙන් ඇන්. ඇම්. ගේ එදා පුරෝකථනයේ නිරවද්‍ය භාවය මනා ලෙස ඔප්පු විය.

2001 වසරේ සම්මත කළ 17 වන සංශෝධනයෙන් ජනාධිපති ධූරයට යම් සීමා වැටුණි. ඉහළ අධිකරණ, ඉහළ පෙළේ තනතුරු සහ ස්වාධීන ලෙස කටයුතු කළ යුතු කොමිෂන් සභාවලට කරන පත්වීම් තම අභිමතයට අනුව සිදු කිරීමට ජනාධිපතිට තිබූ බලතල ඒ අනුව ඉවත් කරන ලදී, විවිධ දේශපාලන පක්‍ෂ සහ ජන වාර්ගික කොටස්වල සහභාගිත්වය ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් පිහිටුවන ලද අතර, පෙර කී පත්වීම්වලට එම සභාවේ කැමැත්ත හෝ නිර්දේශය අවශ්‍ය විය. 2006 සිට එම සභාව අකර්මණ්‍ය වූ අතර, 2010 වසරේ 18 වන සංශෝධනයෙන් එය අහෝසි කරන ලදී. ඒ සමග ම ජනාධිපතිවරයෙකුට එම ධූරය දැරීමට තිබූ වාර දෙකේ සීමාව ද ඉවත් කරන ලදී. 18 වන සංශෝධනය ගෙන එන ලද්දේ විධායක ජනාධිපති ක‍්‍රමයට කවදත් විරුද්ධ වූ සහ එයින් පීඩා විඳි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් වීම ඉතිහාසයේ සරදමකි. වාමාංශික මන්තී‍්‍රවරු 18 වන සංශෝධනයට ඡුන්දය දීම ඔවුන්ගේ ජීවිත පුරා හොල්මනක් මෙන් පසුපස හඹා එනු ඇත. ඊටත් වඩා ඛේදජනක වන්නේ ඇන්. ඇම්. නායකත්වය දුුන් ලංකා සමසමාජ පක්‍ෂය විසින් තම මන්තී‍්‍රවරු දෙදෙනා 18 වන සංශෝධනයට පක්‍ෂව ඡුන්දය නොදිය යුතු යැයි දෙවරක් ම තීන්දුු කර තිබියදී, ඔවුන් දෙදෙනා එම සංශෝධනයට පක්‍ෂ වීම යි. තමන් කළේ වරදක් බව කොමියුනිස්ට් පක්‍ෂය පසුව පිළිගත්තේ ය.

ජනාධිපති පාලන ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනාව නැවතත් ප‍්‍රබල ලෙස දේශපාලන කරලියට පැමිණ ඇත. අවශ්‍ය නම් එසේ අහෝසි කිරිමට අවශ්‍ය 2/3 බලය වත්මන් රජයට ඇති අතර විරුද්ධ පක්‍ෂයේ සියලූ ම පක්‍ෂ ද එයට සහාය දෙනු ඇත. වත්මන් රජය විසින් එසේ නොකළ හොත් එසේ අහෝසි කිරීමට කැප වූ පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යයි යෝජනාවක් ඇති අතර, එයට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබල කොටසක් ද ඇතුළු ව විශාල ජන සහයෝගයක් ගොඩ නැෙ`ගමින් පවතී. ඒ සඳහා මාස 06ක මාර්ග සිතියමක් ද ඉදිරිපත් වී තිබේ.

ශී‍්‍ර ලංකාවේ ජනාධිපති ක‍්‍රමය ”සීමිත කාල පරිච්ෙඡ්දයක් තුළ අසීමිත බලපරාක‍්‍රමයෙන් හෙබවීමට” ඉඩ සළසනු ඇතැයි ද එසේ ”බලය භුක්ති වි`දීමෙන් වර්ධනය වන රසය හා තෘෂ්ණාව පහසුවෙන් සංසි`දවිය නොහැක” යයි ද ඇන්. ඇම්. සිය පොත් පිංචෙන් කියා සිටියේ ය. එහෙත් කණගාටුදායක කරුණක් වන්නේ වාමාංශික ලේබලය ගසා ගත් සමහරු මෙම උද්ධෘත වලට වැරදි අර්ථකථනයක් දීමය. පොදු අපේක්‍ෂකයෙකු නොව දෙවියන් වහන්සේ ජනාධිපති වුව ද ජනාධිපති පාලන ක‍්‍රමය අහෝසි නොකරනු ඇතැයි මෙම ඊනියා වාමාංශිකයින් කේවට්ට බස් දොඩති. යම් හෙයකින් ඇන්. ඇම්. පෙරේරා ජීවත්ව සිට ජනාධිපති ධූරයට පත් වූයේ නම් ඔහු පවා එම ධූරය අත් නොහරින බව ද මොවුන් මේ කියන්නේ? ඇන්. ඇම්. පෙරේරා වැනි ශ්‍රේෂ්ඨයෙකුට කළ හැකි මීට වඩා වෙනත් අවමානයක් නොමැත.

ඇන්. ඇම්. පෙරේරා සමරන අපට, ඔහු වෙනුවෙන් කළ හැකි වැදගත්ම දෙය වන්නේ ජනාධිපති පාලන ක‍්‍රමය අහෝසි කරන වැඩ පිළිවෙලට උරදීම ය. ජනාධිපති ක‍්‍රමයේ ඉරණම තීරණය කිරීම දෙවියන්ට හෝ අපේක්‍ෂකයෙකුට භාර නොකර ජනතාව අතට ගත යුතුය. ඇන්. ඇම්. වෙනුවෙන් අප කල යුත්තේ එයට මග හෙලිකර දීමය.

Print Friendly, PDF & Email

Latest comment

  • 3
    0

    ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීමට ශක්තිමත් ක්‍රමවේදයක් (SYSTEM ) අත්‍යවශ්‍ය වේ. මෙය අභිබවා පුද්ගලවාදය ඉස්මතුවුවහොත් එතන ඇතිවන්නේ ඒකාධිපත්වාදයක් විනා පොදු ජනතාවගේ සේවය වෙනුවෙන් කැපවෙන සියලු දෙනාගේ සුවසෙත සඳහා පෙනීසිටින නියෝජනයක් නොවේ.
    දැන් බලන්න අත්වි තිබෙන කනගාටුදායක තත්වය.එදා JR නඩුකාර වරුන්ගේ නිවෙස් වලට ගල් ගැසීමෙන් ආරම්භ කල කැලෑ නීතය අද අග විනිසිරු තුමිය ගෙදර යවන තැන දක්වා වර්ධනය වී ඇත.
    මෙම පුද්ගල වන්දිභාට්ටනා ක්‍රමය තුල ජනතවට ඇත්තේ යන රැල්ල සමග ගොස් ඒකාධිපති පාලනය හා සමග කෙසේ හෝ මුක්කුවක් ගසා තම සුබසෙත සලසා ගැනීම හැර වෙන විකල්පයක් නොවේ.
    අද පවතින වාතාවරණය තුල සමබර අදහස් වලට ඉඩක් නැත. එසේ කළහැකි මාද්‍ය නිහඬ කර ඇත.
    දේශපාලනයට කොන්ද කෙලින් තබාගෙන නිර්භයව කටයුතු කළහැකි උගත් අවංක දේශපාලඥයින් පැමිණෙන්නේ නැත. ඒ වෙනුවට කෙසේ හෝ කාට හෝ කඩේ ගොස් තම පැවැත්ම තහවුරු කර ගත හැකි අමනයින්ගේ රජදහන් බවට පාර්ලිමේන්තුව පත්ව ඇත.
    අපගේ ඉදිරි පරපුරද මේ රැල්ල අනුව යමින් කොන්ද පන නැති කාට හෝ වට්ටිය අල්ලා තම සුබසෙත සලකා ගැනීම ගැන සිහින මවන නිවට ජාතිය ක් වීම නොවැලක් වීම අනිවාර්ය වේ.
    අපට අවශ්‍ය එවන් රටක් හෝ ජාතියක් දැයි හදවතට තට්ටු කර ඇසිය යුතු කාලය පැමිණ ඇත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.