23 April, 2024

Blog

පණ අදින ආර්ථිකයන්ට ලැබෙන ණයලයින් මාත්‍රාව

ජයශ්‍රී ප්‍රියලාල්

ජයශ්‍රී ප්‍රියලාල්

ජීවිතයේ සැදෑසමයට ලංවී සිටින වැඩිහිටියන් බොහෝවිට මරණාසන්න අබාධයන්ට ගොදුරුවී රෝහල්ගතව සිය අවසාන භාගය ගතකරන අවදිවලදී වෛද්‍ය කාර්ය මණ්ඩලය සේලයින් මාත්‍රාවක් ලෙඩාට ලබාදී තව දින කිහිපයක් හෝ ජීවත්කරවීමට උත්සහ කිරීම අප දැක ඇත්තෙමු. එසේම එම ක්‍රියාව උසස් මානව ගුණධර්මයක් සේද අගය කරමු. සමහර රෝගීන් සේලයින් මාත්‍රාවෙන් තාවකාලිකව නව ජවයක් ලැබුවද, බටය ගලවා දැමූවිට තමුන්ට සිදුවිය හැකි අන්තරාය පිලිබදව හරි වැටහීමක් ඇතිකරගැනීමට අපොහොසත්ය.

ලෙඩ ගොඩක හිරවුණූ ණය කන්ද

මෙම සංසිද්ධියෙන් ලිපිය ආරම්භ කිරීමට අදහස් කලේ ලෙඩ ගොඩකට සිරවුණු ආර්ථිකයන් තිරිහන් කිරීමට පාලකයින් රෝගීන්ට ලබාදෙන සේලයින් මාත්‍රාව හා සමාන ණය කන්දරාවක් ආර්ථික ක්‍රියාවලිය පණ ගැන්වීමට යොදාගැනීමේ ආදීනව සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතු කරවීමටය. වර්තමානයේ බොහෝ ආර්ථිකයන් සක්‍රියව පවතින්නේ ණය නම් වූ සේලයින් ප්‍රතිකාරය මගින්ය. නමුත් එම මාත්‍රාව මත සම්පූර්ණ  ආර්ථික ජීවන චක්‍රය පවත්වාගෙන යාමට හුරු පුරුදු වීමේ ආදීනව දැන් සියළු ශ්‍රී ලාංකිකයින්ට අත්විදීමට සිදුව ඇත.

2007 ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඇතිවුනු මූල්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීම පාලනය කරගැනීමට පොලී අනුපාතයන් ශුණ්‍ය හෝ සෘණ අගයන් දක්වා අඩුකරවීමේ ප්‍රතිවිපාක දැන් බටහිර රටවල් වල උද්ධමනකාරී ආර්ථික අවපාතයන් රැසකට ගොදුරු කර ඇත. එබැවින් ණය මත දුවවන ආර්ථික වර්ධනය, සේලයින් මාත්‍රාවට පමණක් සීමා නොවී තහනම් උත්තේජක ලබා ක්‍රිඩා තරඟ වලින් ජයගැනීමක් ලෙසටද සමානකල හැක.

මෙම සන්ධර්භය තුල ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම හොදින්ම පැහැදිලි කරවීමට යොදාගතහැකි ප්‍රතිසමතාවය වන්නේ, රටේ ව්‍යාධීන් සුව කිරීමට ඉදිරිපත්වන වෙදාම ලෙඩේ වීමය. වැරදි වෙදකම තෝරාගෙන ප්‍රතිකාර කිරීමට යාමෙන් සිදුව ඇත්තේ, ලෙඩා සහ ලෙඩේ ඉතිරිකර වෙඳා මියයාමය. 

රටේ අවාසනාවකට වෙදා මිය ගියද ලෙඩෙන් සහ ලෙඩාගෙන් වරප්‍රසාද භුක්ති විදීමට ඉඩ ප්‍රස්තා මෙම පවතින ක්‍රමවේදය නොමදව සපයා දෙනු ලබන්නේය. මේවන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන රාජපක්ෂ සන්නාමය රහිත (විජයදාස රාජපක්ෂ ඇමතිතුමා හැර) මන්ත්‍රීවරුන් රැසකට ඇමති සහ රාජ්‍ය ඇමති තනතුරු ප්‍රදානය කර හමාරය. කඳට දරාගත නොහැකි ඔළුවක් දැන් පූට්ටු කර ඇත. විධායක ජනාධිපතිවරයකු, අගමැතිවරයකු, කැබිනට් මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් තිබුනද දැනට ක්‍රියාසම්පන්න රජයක් -මොලයක් එක්ක ඔළුවක්-ශ්‍රී ලංකාවේ නොමැති බව සෙසු ලෝකයාම දැනසිටියද, එය නොදන්නේ අවස්තාවාදී දේශපාලකයින් කිහිපදෙනෙකු පමණි.

රජයක් හා මොළයක් නැතිවීම

එබැවින් අනාගත පරම්පරාව වෙනුවෙන් මෙම ප්‍රෝඩාකාරී පද්ධතියම වෙනස් කරවීමට දේශ හිතෛෂී සියළු දෙනා එකමුතු වියයුතුය.

දුප්පත්කම පිටුදැකීමට සහ දියුණුවෙමින් පවතින (දියණුවක් නොලබන) රටවල සංවර්ධන ක්‍රියාවලිය ජාත්‍යන්තර වෙළදාම හරහා වේගවත් කිරීම සහ ගෙවුම් ශේෂ අර්බුදවලින් මුදවාගැනීම සිය ඒකායන අරමුණ කර ගනිමින් පුරා අඩසියවසක කාලසීමාවක් තුළදී මුල්‍ය අරමුදල විසින් අනුගමනය කරන ලද ක්‍රියාපිළිවෙළ ගැන යම් අදහසක් මුලිකවම ලබා ගැනීම ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වීම සදහා වැදගත් වනු ඇත. 

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු බ්රෙටන්වුඩ් නගරයේදී උපත ලද මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමාරම්භක අරමුණුවලින් බැහැරව බටහිර රටවල බහුජාතික සමාගම්වලට රිසි ලෙස වෙළදපල ආක්‍රමණය පහසු කරවන නව ලෝක රටාවක් නිර්මාණය කිරීමේ කාර්ය භාරයට වර්තමානයේ අතගසා ඇත. පසුගිය දශක කිහිපය තුළදීම අරමුදලේ කටයුතු යම් ඇගයීමකට ලක් නොකොට මේ පිළිබදව නිසි වැටහීමක් ලබාගත නොහැක. පහත සදහන් ප්‍රකාශිත අරමුණු ඉලක්ක කර ගනිමින් අරමුදල විසින් දියුණු වෙමින් පවතින රටවලට පසුගිය අඩසියවසක කාලසීමාවක් තුළදී ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන් යටතේ ආධාර සපයන වැඩපිළිවෙළක් (Structural Adjustment Programmes)  ක්‍රීයාත්මක කෙරිණි. 

  • ආධාර ලබන රටවල ආර්ථික කටයුතු සියලුම පාලනවලින් මුදාලීම.
  • නිදහස් වෙළදාම සහ ආයෝජන වලට ඉඩකඩ ලබා ගැනීම.
  • රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම.
  • කෙටිකාලීනව රජයේ වියදම් කපාහැරීමට බලකරමින් අයවැය හිගය අඩුකිරීම.
  • අධික පොලී අනුපාත පවත්වාගෙන යෑමට උපදෙස් දීම.
  • දේශීය මුදලේ අගය අවප්‍රමාණය කිරීම.

වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට ආධාර අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලංකාව ඒ සදහා පැවැත්වූ මාණ්ඩලික මට්ටමේ සාකාච්ඡා වලින් පසු නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයට අනුව ඇ ඩො බිලියන 2.9 ණය මුදල මුදාහැරීමට පණවා ඇති කොන්දේසි අතර ඉහත සදහන් අරමුනු සියල්ලම අඩංගුව ඇත.

ණය පියවීමේ ක්‍රමය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ රජයට පැවැරී ඇති අභියෝගාත්මක පූර්ව කොන්දේසිය වන්නේ ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ සාකච්ඡා කර ගෙවීම් ක්‍රමවේදයන් ප්‍රතිව්‍යුහගත කරගැනීමය.  ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මට්ටමේ කේවල් කිරීම් ආරම්භ කෙරෙනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ගේ රාජ්‍ය තාන්ත්‍රික පරිණත භාවය විදහා පෑමට කදිම අවස්තාවක් උදාවී ඇත. ඒසේ නොවුනහොත් කැවුම් ගෙඩිය බෙදාගැනීමට පොරකෑ බළලුන් දෙදෙනාට අත්වුනු ඉරණමම රනිල් වික්‍රමසිංහ මහතා ගේ බෙලහීන නාමික රජයට, රාජපක්ෂ රෙජීමයේ නාස්තිකාර ණය ගෙවා දැමී‍මේ ප්‍රමුඛතාවයන් ණයහිමි රාජ්‍යයන්, පෞද්ගලික මූල්‍ය ආයතන සමග කේවල් කිරීමට යාමේදී අත්විදීමට හැක. බොහෝවිට කැවුම් ගෙඩියම ගිලගැනීමේ බිළාල පොරයක් කරලියට එනු ඇත.

වොෂින්ටනයේ අනුදැනුම නොමැතිව මුල්‍ය අරමුදල තීරණවලට එළබෙන්නේ  නැති බව දැන් මුළු ජාත්‍යන්තර ප්‍රජාවම වටහාගෙන ඇත. ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල යන ආයතන දෙකම යල්පැන ගිය බවට තක්සේරු වී හමාරය. එබැවින් මුල්‍ය අරමුදලේ ඇගයීම පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළට විදේශ ආයෝජන ගලා එවි යැයි අපේක්ෂා කිරීම මුලාවකි. 

ලෝක බැංකුව හා මූල්‍ය අරමුදල යල් පැනලා

එබැවින් ණය මත නොරැදෙන දේශීය සම්පත් සහ ආදායම් ඒක රාශී කර නව සංවර්ධන මාවතකට අප ප්‍රවිෂ්ඨ විය යුතුව ඇත. අපේක්ෂිත පද්ධතිමය වෙනස ඇරඹීමට මූලික පදනම සකස් කරගත යුත්තේ මෙතැනින්ය.

ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා තීරණ ගන්න විද්වතුන් දැනට ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලවල් පුළුල්ව විශ්ලේෂණය කර සම්මත රාමුවට පරිභාහිර වූ ක්‍රියාවලියක් සඳහා සාකච්ඡා කර එකඟතාව මත නිවැරදි තීරණ ගැනීම වැදගත් වනු ඇත. වර්තමාන ලෝක වෙළද රටාව වෙනස් කිරීමට අපට ශක්තියක් නොමැත. එහෙත් එය ගමන් කරන දිශාව අපට වටහා ගත හැකි වනුයේ නොමිලයේ ලැබෙන අශ්වයා මත එන අසුරුවා නිවැරදිව හඳුනා ගැනීමෙන් අනතුරුවය.මෙම විෂම චක්‍රය තුලම සිරව විදේශ ණය ශ්‍රී ලංකික ප්‍රජාවම මෙහෙය විය හැකි උපකරණයක් බවට පත් කරදීමට පාර කැපූ සියළුම දෙනා මේ සඳහා වගකිය යුතු අතර, මෙම ක්‍රමවේදය බිද දැමීමට හැකි පාලන ක්‍රමයකට ඉඩ කඩ සලසාදීම ඔවුන් ප්‍රමුඛ තාවක් කරගෙන ඇත්ද? නොමැත, රාජ්‍ය බලය රැකගැනීම පමණක් ඔවුනට ප්‍රමානවත්ය. පද්ධතිය ඇදවැටීම පාලනය කරගත හැකි විසඳුම් නොදත් අය අනාගත පරපුර වෙනුවෙන් කල හැකි බුද්ධිමත්ම කටයුත්ත වනුයේ තවදුරටත් එය කඩාබිද නොදැමීමට වගබලා ගැනීමය. 

රටේ අනාගතය

රට ජාතිය වෙනුවෙන් තීරණ ගැනීමට හඬ නගන අරගල කරන නව සහශ්‍රයේ තරුණ කැළ ඉහත සදහන් විෂම චක්‍රයෙන් මිදීම සදහා විකල්ප වැඩ පිළිවෙල සොය ගැනීමට බුද්ධිමය සංවාදයකට මුලපිරීම ප්‍රමුඛතාවක් කරගැනීම ක්‍රමවේදය වෙනස් කරවීමේ පිඹුරු පත වනු ඇත. ඒ සදහා පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වනු ඇතැයි මා විශ්වාස කරමි. 

  • දේශීයව නිපදවෙන අත්‍යවශ්‍ය පරිභෝගික ද්‍රව්‍ය කාර්යක්ෂමව බෙදාහැරීම තුළින් අතරමැදියන් අවම කර නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ශක්තිමත් කිරීම ජීවන වියදම පහත හෙලීමට උපකාරයක් කරගත හැක.
  • අපනයන වෙළදපළ ඉලක්ක කර ගනිමින් කරන නිෂ්පාදනය සදහා දෙන පහසුකම් දේශීය වෙළදපළ සදහා වන නිෂ්පාදනයන්ට ලබාදීම.
  • සංවර්ධන කටයුතුවලට අවශ්‍ය මුල්‍ය සම්පත් දේශීයව එක් රැස් කරනු වස් සියලුම නාස්තිකාර වියහියදම් නැවත්වීම. පළාත්සභා, ප්‍රාදේශීය සභා වැනි සමාන්තර පරිපාලන ව්‍යුහයන් සියල්ලම අහෝසි කිරීම.
  • දේශීය වෙළදපොළ කටයුතු වේගවත් කරනු වස්  අදායම් සහ ඉඩම් ඇතුළු සම්පත් විෂමතාවලින් තොරව බෙදාහැරීම. බඳු නොගෙවන අයට බඳු සහන දීම නවතා සියළුම පුරවැසියන්ට සිය ආදායමට සරිලන බඳු ගෙවීමට උනන්දු කරවීම.
  • උපායික ආර්ථික සැලසුම් සහ තීරණ වෙළදපළ බලවේග වලට සීමනොකොට සමාජීය අවශ්‍යතාවයන්ට සරිලනසේ ප්‍රජාතන්ත්‍රවාදිව ක්‍රියාත්මක කිරීම.
  • පුද්ගලික සහ රාජ්‍ය අංශයන් නිරන්තරයෙන්ම සිවිල් සමාජයේ අධීක්ෂණයට ලක්කිරීම පෞද්ගලික සහ රජයේ ව්‍යාපාරවල නාස්තිය දුෂණය අවම කරමින් පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට භාණ්ඩ සහ සේවා සැපයීම. රජයේ ආයතන නිර්දේෂපාලනීයකරණය කර එකී ආයතන කලමාණාකරනය කිරීමට විෂයානු බද්ධ දැනුමක් සහ විෂය ක්ෂේතුයේ අත්දැකීම් ඇති ප්‍රවීණයන්ට පැවරීම.

ඉහත සදහන් වැඩ පිළිවෙල තුලින් සමාජීය අවශ්‍යතාවයන් මෙහෙයවන ශක්තිමත් දේශීය ආර්ථිකයක් බිහි කිරීමට උත්සහ කළ යුතුව ඇත. මෙය බහුජාතික ප්‍රජාවේ මුලිකත්වයෙන් දැනට ක්‍රියාත්මකවන ජනප්‍රිය වෙළද සංස්කෘතිය මත පදනම් වූ විවෘත අර්ථ ක්‍රමයේ අවශ්‍යතාවයන් අනුව මෙහෙයවන සමාජ ක්‍රමයට කදිම විකල්පයක්  වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    1

    නිකමට සිතන්න, සංවර්ධනය වෙමින් පවතින රටවල දුක්ඛිත තත්වයන්ට උපකාර කිරීමට IMF හෝ වෙනත් ආයතන නොතිබුනේ නම්, නිසැකවම, අපි සහ ඒ හා සමාන ජාතීන් කම්පනයට පත් වීමට ඉඩ තිබුණි.

    අපේ ජනතාව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ දෙනා සිතන්නේ අනෙක් සියලුම රටවල් ඔවුන්ට උදව් කළ යුතු බවයි. ඔවුන් ශ්‍රී ලංකාවේදී එම වරද නැවත නැවතත් කරන්නේ එබැවිනි. සුනාමි ව්‍යසනයේදී මුළු ලෝකයම බිලියන ගණන් ලංකාවට පරිත්‍යාග කළ නමුත් ශ්‍රී ලාංකිකයන් එම අරමුදල් දූෂණය කළහ. එයින් වැඩි කොටසක් ඔවුන් අරමුණු කරගත් දේ සඳහා යොදා ගත්තේ නැත.
    මම හිතන්නේ අපි මේ රටේ රාජපක්ෂලාට සහ ඔවුන්ගේ දූෂිත යාන්ත්‍රණයට එරෙහිව ජාතිය නැඟී සිටියේ නැත්නම්, අනාගතයේදී අපි සදහටම නැති වී යනු ඇත. ප්‍රසිද්ධ උත්සවයකදී මිනිසුන් අවසානයේ එකඟ විය යුත්තේ ඔවුන්ට දඬුවම් කර ජාතිය සනසන්න, අවසානයේ අපි එය කළ බවයි. දූෂණය-පිළිකාව අපේ ජාතියට ඇති සැබෑ ලොකුම තර්ජනයයි, එය තවමත් අප වටහා නොගත්තේ නම්, අපට ඉදිරියෙන් සුන්දර ගමනක් ඉතිරි නොවේ.

    මම හිතන්නේ නීතිය හා සාමය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම රටක ජනතාවට මඟ පෙන්වීම අත්‍යවශ්‍ය දෙයක්. සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ මිනිසුන් විශාල වශයෙන් උගත් නැත.

  • 4
    1

    අනේ අපේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ. ඔවුන් මන්තර ගුරුකම්, මස්, සූනියම් සහ අනෙකුත් චෙරි සමග කුණු වී ඇත. වත්මන් තත්වයෙන් මිදීමට මාර්ගයක් මට නොපෙනේ. ඔවුන් වෙනස් ලෙස පෙනෙන පරිදි ඕනෑම දෙයක් කරනු ඇත, නමුත් අපේක්ෂා කළ හැකි කාලයකදී මේ ජාතිය අවදි වනු ඇතැයි මම නොසිතමි. එය ඔවුන්ගේ පමණක් වරදක් නොවේ. ඔවුන්ගේ මාර්ගෝපදේශකයන්ට දොස් පැවරිය යුතුය. එමෙන්ම මාධ්‍ය මාෆියාව මත්ද්‍රව්‍ය මාෆියාවට වඩා දහස් ගුණයකින් බලවත් ය. එය සියලු මාෆියාවන්ගේ සහ දූෂිත යාන්ත්‍රණයේ සංයුතියකි. බාහිර ලෝකයේ මිනිසුන්ට එය දැකිය හැකි අතර එහි වෙසෙන අය එය නොදැන සිටිති.
    අපි වැටුණු හෝ වැටුණු වළෙන් ගොඩ ඒමට අපට හොඳ අවස්ථාවක් තිබුණි. නමුත් සිංහල බෞද්ධ මනස එයට ඉඩ දුන්නේ නැත. තවම නීතියට හා සාමයට බැඳිලා ආදර්ශයක් දෙන්නවත් සිංහල බෞද්ධ භික්ෂූන් සූදානම් නැහැ. මහින්ද ඉක්මනින්ම මැරුනොත් මේ ජාතියට තවත් Avatar කෙනෙක් වෙන්න විරුද්ධයි, මොකද බල ලෝභකමට ගරු කරන්න තක්කඩියා ඉගෙන ගෙන නැති නිසා. ඔහුගේ බල තණ්හාව ජාතියට දඬුවම් කළේය. ඩීඒ රාජපක්ෂ ඔහුට සෑහීමට පත් වීමට ඉගැන්වූයේ නම්; දුක්විඳින ජාතියට දේවල් අද වන විට එය වඩා හොඳින් සාක්ෂාත් කරගනු ඇත.

    • 4
      2

      Thanks, leelagemalli, for saying all this. I wish I could write so much in the language of my forefathers.
      .
      I’m sure that it gives you a good deal of satisfaction to write all this. I read a bit of it. But what’s the point in my reading? We must persuade those who think differently from us to understand how we must change our attitudes.
      .
      YouTube? Perhaps, but I’m too old. And you have been requesting me to go to Malaysia or Australia! Any place other than Lanka.
      .
      I was right! This:
      .
      https://www.youtube.com/watch?v=OLFokERjEEg
      .
      had got to 1′ 24″ when I recognised Haydn. Your National Anthem:
      .
      https://www.youtube.com/watch?v=cIff7EB7pvc
      .
      I made a comment. If looking this week, see what is most recent.
      .
      Panini Edirisinhe of Bandarawela

      • 3
        4

        Yes, you are never too old if you really want to do something. There is a saying that age is a number. I feel that if some people outside the village go abroad for work, the country’s foreign exchange earnings will increase.
        That way everyone can contribute. You can achieve more as a teacher if you really want to do something. There is a saying that “there must be a will to do something”. I am against it, our people argue. Most of their arguments are limited to their subjective thinking.

        • 1
          0

          Dear leelagemalli,
          .
          PART ONE of THREE

          .
          What does all this rubbish mean? So, at my age, you want me to bring in “foreign exchange”, do you? I did my bit from 1987 to 1994.
          .
          You’re a well-meaning guy, but there’s no consistency in what you say. How, then, did we become good friends? We agreed on many issues because you are kindly, emotional and utterly sincere. You had had some terrible experiences with ragging in the University of Peradeniya in the late 1980s, and also with the banned JVP at their most brutal. Then as now, you just couldn’t reason; emotion and sentimentality guide you.
          .
          I was the first fellow commenter that you reached out to, and we’ve been interacting closely, until it began to look as though the JVP could actually govern the country. You respected my strong support for the NPP, and even now claim that the non-JVP Dr Harini Amarasuriya is the one person in the NPP whom you respect.

          What an insult to one of the most highly qualified (abroad) MPs!

        • 1
          0

          PART TWO of THREE
          .
          “Harini is foolish enough to keep company with buffoons,”
          you say. Readers, I want to make sure that none of you misunderstand me. LM is one of the most lovable idiots I have come across in my long and varied life as a teacher.
          .
          Please hold him close to your heart. His own heart bleeds for the poor of Uva-Wellassa, and he sent me dozens of videos showing how the poorest Lankans suffer. However, the moment he is challenged to do something for them, all that he could think of was subsidising (although he didn’t realise that he was suggesting that). Five years ago he was telling me (in CT comments, and in emails) that petrol in Lanka was too expensive! Now he, and the newly agendised old codger, say that President Ranil has worked miracles, after rationed petrol has tripled in price. Queues have shrunk, he says. He knows that, but has never experienced it, since he trots around Europe.

        • 1
          0

          PART THREE of THREE
          .
          He knows that I’m genuine,
          but it looks as though he now regards me as a burden that he has unwittingly picked up, and wishes to drop. A bit difficult, given all the compliments that he’s been showering. I feel sorry for this simpleton who’s innocently displaying what this man described:
          .
          https://en.wikipedia.org/wiki/R._H._Tawney
          .
          No, don’t read all that; look at this relatively short and easy read:
          .
          https://www.heraldscotland.com/news/12152751.the-lesson-according-to-Tawney-philosophy-of-tadpoles/
          .
          It’s only 355 words, and it’s even entertaining.
          .
          I had word processed all that by about dawn, then I lay down with all this on.
          .
          https://www.youtube.com/watch?v=xneRUPMz8C4
          .
          All 9 Beethoven symphonies – Halidon Music finished at 11.36 am.
          .
          I woke about 11.30 when the bell rang to announce that my lunch had been brought. So, Damayanthi who had brought my lunch, must have thought me mad. In fact I asked here. She dutifully confirmed my lunacy. She would have heard the finale of the choral symphony. Others also would consider me mad. – for many reasons. Not the best recordings, but I was drifting in and out of sleep.
          .
          Panini Edirisinhe (NIC 483111444) of the Vedda Province of Lanka

  • 2
    1

    I’ve tried reading more. I’m slow, putha (meaning “son”).
    .
    Is Ranil being asked to do something in a few months and get elections conducted? If he does that, it’ll be fine, and he will be called a Statesman, etc by posterity.
    .
    But I’m skeptical. There’s no sign of anything other than his desire to impress all. See what I said in a comment here (it may take some hunting, but my photograph is there.)
    .
    https://www.youtube.com/watch?v=gMpHYXvgZxs
    .
    Panini Edirisinhe of Bandarawela (NIC 483111444V)

    • 2
      1

      මෙච්චර කල් ලංකාවේ හිටියට සමහර සිංහල අයට සිංහල ඉගෙන ගන්න බැරි වුණේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ.

      ස්විට්සර්ලන්තයේ, ඔවුන් මුල සිටම භාෂා 3-4 ක් ඉගෙන ගනී.#-

      ඔවුන්ගෙන් බහුතරයක් බහුභාෂා වේ. ඉන්දියාවේත් එහෙමයි. විශ්ලේෂකයින් පවසන්නේ සෑම කෙනෙකුටම භාෂා ඉගෙනීමේ හැකියාව සමාන නොවන බවයි. කෙසේ වෙතත්, මම විශ්වාස කරමි, කැමැත්තක් තිබේ නම්, සෑම විටම මාර්ගයක් තිබේ.

      I don’t understand why some Sinhalese could not learn Sinhala after being in Sri Lanka for so long.

      In Switzerland, they learn 3-4 languages from scratch.#-

      Most of them are multilingual. Same in India. Analysts say that not everyone has the same ability to learn languages. However, I believe, if there’s a will, there’s always a way.

      • 1
        0

        Yes, dear LM, I know that, but individuals are different, one from the other. I know two languages well, and that’s about all.
        .
        Since I sometimes refer etymologies, I can understand bits of French, Latin and Greek.
        .
        https://www.youtube.com/watch?v=3NMQ2LEYmcY
        .
        LM wanted me to write comments here in Sinhalese; I said that such an undertaking was beyond me. However, I did considerable damage, in Bandarawela town, to Ranil’s reputation by talking in fluent Sinhalese yesterday.
        .
        Note to Jeevan Hoole: you will observe that The Rt Hon Thérèse Coffey MP, Tim and I don’t believe in the Oxford Comma. You insist on it on page 77 of your English Primer (2022). Incidentally, in the list of Contents you state it’s on page 67. This is why I was telling you that “Iskolemahaththayo“, even of the Gambada variety, know a little more of their subject than Professors of Computing with a DSc. However, this book is a treasure, a collector’s item that will soon be worth 10K devalued rupees.
        .
        Panini

      • 0
        0

        Dear LM,
        .
        Comments here will cease soon; I’m therefore putting this on right now.
        .

        Panini Edirisinhe
        .
        34 minutes ago
        .
        You will see it below the comment by
        .
        @Zaxor Von Skyler “Yes, 3,5,7 and 9. It’s true that I’ve “listened to” all 9 whilst doing other things just now, but Old Ludwig wouldn’t have approved of this way of listening; and he used to indicate disapproval in no uncertain terms. However, I’d rather people learnt to appreciate the music in this way than remain oblivious of it; they could get more sophisticated later.”
        .
        To see it, you’ll have to go here, first:
        .
        https://www.youtube.com/watch?v=xneRUPMz8C4
        .
        Then find this:
        .
        Eunae Kim
        .
        8 months ago

        .
        “If I could put a “love” on a video, I would put it on this video. All the Beethoven symphonies are great, but the ones that really showcase the genius of Beethoven are the ones divisible by three – the 3rd, 6th and 9th!”
        .
        Not a very intelligent comment, to be sure. I don’t think that LM will understand that “insult”, either. Although he lives in the country that Beethoven was born in, and is a citizen of the same, he knows some aspects of it less well than a mut like me who has never been outside Asia.
        .
        Speak of the ironies of life! A crook like “old codger” will know, but then, he won’t give us any clue as to who he is.
        .
        From Bandarawela (NIC 483111444V)

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.