20 April, 2024

Blog

අළුත්ගම දේශපාලනය

කළණ සේනාරත්න

කළණ සේනාරත්න

කළණ සේනාරත්න

‘‘19 වැනි සියවසේ මුල් කාලේ සාමාන්‍ය වෙළෙන්දෝ විදිහට හිටපු පිටදේසක්කාර මරක්කල්ලූ, යුදෙව්වෝ වගේ ‘ෂයිලොක්’ ක‍්‍රමේට පොහොසත් වුණා… බි‍්‍රතාන්‍යයන්ට ජර්මන්කාරයෝ වගෙයි, සිංහලයන්ට මරක්කල්ලූ. ඔහු ආගමෙන්, ජාතියෙන් සහ භාෂාවෙන් සිංහලයාට පිටස්තරයෙක්.’’ -අනගාරික ධර්මපාල

බොදුබල සේනා සහ එහි බොහෝ භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ වෘත්තීයමය රාජකාරිය – සිංහල බුද්ධාගම ප‍්‍රවර්ධනය කිරීම – බරසාරව ගනිති. මෑතක දී එයින් ස්වල්පයක් අළුත්ගම, බේරුවල සහ දකුණු ශ‍්‍රී ලංකාවේ තවත් යාබද ප‍්‍රදේශ කිහිපයක් සමග බෙදා ගැනීමට ඔවුහූ ඉදිරිපත් වූහ.

එක සිංහලයෙකුට හෝ අතක් තිබ්බොත් මුස්ලිම්වරුන්ව ඉවරයක් කරන්නැ යි ඥානසාර භික්ෂුව ඉල්ලා සිටියේය. මධුමාධව අරවින්ද නැමැති ගායකයා, ‘‘ඇස් ගෙඩිවලට හෙණ ගහලද සිහළුන්නේ’’ නැමැති එස්. මහින්ද හිමියන්ගේ කවි පදයක් ගායනා කෙළේය. එය අසාගෙන සිටි සහාසික ජනයා ඉතුරු හරිය කළහ. මුස්ලිම් ජාතිකයන් 4 දෙනෙකු පමණ ඝාතනය කෙරුණි. 80 කට වැඩි පිරිසකට තුවාල සිදු කෙරුණි. බොහෝ නිවාස සහ කඩසාප්පු ගිනිබත් කෙරුණි. භීෂණය ඇවිළුණි.

‘අළුත්ගම’ තුළින් නියෝජයන කෙරුණු කාරණය විවිධ ආකාරයෙන් විග‍්‍රහ කිරීමට උත්සාහ කොට තිබේ. භීෂණය මුදා හැරීමට පෙරාතුව ඥානසාර භික්ෂුව පැවැත්වූ කතාව අසා සිටි කෙනෙකු, එය බොහෝ සෙයින් රාජ්‍යයට තර්ජනය කරන, රාජ්‍ය බලය අල්ලා ගැනීමට බලන, භික්ෂූන් සහ හමුදාව මගින් පාලනය කෙරෙන පාලනය ක‍්‍රමයක් ප‍්‍රවර්ධනය කිරීමට දරන ප‍්‍රයත්නයක් වශයෙන් ගන්නේ නම් එය සමාව දිය නොහැකි වැරදි අවබෝධයකි. මා සිතන පරිදි එය ඉතා සංකීර්ණ ප‍්‍රපංචයක් පිළිබඳ සරල තක්සේරුවකි. එසේ හඳුනා ගැනීමක් අහිංසක ද නොවන්නේය. මන්ද යත්, බොදුබල සේනාව රාජ්‍යයට තර්ජනයක් වශයෙන් ගැනීමෙන්, රාජ්‍යයේ ස්වභාවය කෙනෙකු වැරදියට අවබෝධ කර ගන්නවා පමණක් නොව, දේශපාලන නායකත්වයට වගකීමෙන් කරඇරීමටත් දැනුවත්ව දායක වන්නේය. බොදුබල සේනාව කේවල තර්ජනයක් වශයෙන් හඳුන්වන තරමට දේශපාලන නායකත්වය ආරක්ෂා වන්නේය.

Aluthgama Violenceබොදුබල සේනාව යනු, සිංහල-බුද්ධාගමේ යටිපැත්තයි. එම ව්‍යාපෘතියේ ස්වාභාවික පරිසමාප්තිය ඉතා ප‍්‍රචණ්ඩකාරී එකක් වීමට නියමිතයි. එසේම, ‘අළුත්ගම’ යනු බොහෝ දේවල් හෙළිදරව් කරන දේශපාලන නිමේෂයකි. බොදුබල සේනාව සහ සිංහල-බෞද්ධ ව්‍යාපෘතිය ගැන පමණක් නොව, රාජ්‍යයේ ස්වරූපය- එහි අගතීන් සහ පක්ෂපාතීත්වයන් – ගැන සේම, අප ගැනත්, බොහෝ දේවල් ඒ මගින් කියාපායි.

කෙසේ වෙතත්, මගේ විචාරය, මුස්ලිම් ප‍්‍රජාව විසින් කරනු ලබන සෑම දෙයක්ම අනුමත කිරීමක් වශයෙන් නොගත යුතු බව මුලින්ම කිව යුතුය. සංස්ථාගත ආගමේ (සහ ඇතැම් ආගමික ව්‍යවහාරයන් සහ භාවිතයන් පිළිබඳ) විවේචකයෙකු වශයෙන්, අර ආගමික කණ්ඩායමේ හෝ මේ ආගමික කණ්ඩායමේ පැත්තක් ගැනීමේ අභිලාෂයක් කොහෙත්ම මට නැත. එහෙත් මට දේශපාලනික මතිමතාන්තර තිබේ. මගේ කාර්යය වන්නේ, සිංහල=බෞද්ධ ප‍්‍රජාව මෙහෙයවන මා අයත් ප‍්‍රජාවේ සහ රාජ්‍යයේ දේශපාලනය දෙස විචාරාක්ෂියෙන් බැලීමයි. මුස්ලිම් ප‍්‍රජාවේ සාමාජිකයන් තම ප‍්‍රජාව ගැන මේ හා සමාන ස්වයං=විවේචනයකට යන්නේ ද යන්න එහි දී අදාළ නැත.

විශේෂ වැදගත් කමකින් යුත්, අන්තර්-සම්බන්ධිත මානයන් හතරක් ‘අළුත්ගමින්’ නිකුත් වෙයි. ඒ මගින්, බොදුබල සේනාව ගැනත්, සිංහල=බෞද්ධ දේශපාලනය ගැනත්, රාජ්‍යය සහ අපම ගැනත් බොහෝ දේවල් විදාරණය කෙරේ.

බොදුබල සේනාව: රාජ්‍යයට තර්ජනයක්?

මගේ පිළිතුර වන්නේ, ‘නැත’ යන්නයි. අනිත් අතට, හේතු ගණනාවක් නිසා, එය වැරදි ප‍්‍රශ්නයක් ද වන්නේය.

මුලින්ම, බොදුබල සේනාව රාජ්‍යයේම කොටසකි. මන්ද යත්, එම ව්‍යාපෘතිය සහ දෘෂ්ටිවාදය, විවිධ ආණ්ඩු යටතේ කාලයක් තිස්සේ ගෙන ගිය, රාජ්‍යයේ සහ රාජ්‍ය දෘෂ්ටිවාදයේම කොටසක් වන බැවිනි. එය, සිංහල-බෞද්ධ ජාතිකත්ව ව්‍යාපෘතිය ප‍්‍රවර්ධනය කෙරෙන සිංහල-බෞද්ධ මෙවලමකි. බුද්ධාගමේ ප‍්‍රමුඛත්වය (විශේෂයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම)  පිළිගන්නා රටක බහුතර ජනතාවක්, බොදුබල සේනාව, නොමග යාමක් වශයෙන් හෝ අහම්බ ව්‍යතිරේකයක් වශයෙන් හෝ මොන ආකාරයකවත් තර්ජනයක් වශයෙන් හෝ නිගමනය කිරීමට තරම් ඉක්මන් වන්නේ නැත.

දෙවැනුව, බොදුබල සේනාව වැනි කණ්ඩායමකට, පාලන තන්ත‍්‍රයේ බලගතු සහයෝගයකින් තොරව පැවතීමට හෝ ව්‍යාපාරයක් නඩත්තු කිරීමට හෝ පුලූවන් කමක් නැත. එසේම, පාලන තන්ත‍්‍රයේ ආධාරයෙන් පමණක් එවැන්නකට පැවතිය හැකි වන්නේ ද නැත. සානුකම්පිකව තමන් දෙස බලන ප‍්‍රබල ජනතාවක් ද ඊට අවශ්‍ය කරන්නේය. බොදුබල සේනාවට ඒ දෙකම තිබේ. ඇති වී තිබෙන විනාශය ගැන යම් විවේචනයක යෙදෙද්දී පවා, නීති සහ ව්‍යාපාරික වෘත්තීකයන්ගේ සිට දකුණේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දක්වා වන කොටස්, විශේෂයෙන් ‘අළුත්ගමින්’ පසුව බොදුබල සේනාව කෙරෙහි දක්වන ප‍්‍රසාදය අප සිතනවාට වඩා පුදුම එළවන සුලූය.

ඊට අමතරව, බොදුබල සේනාව ශක්තිමත් වන්නේ සහ නඩත්තු වන්නේ දේශපාලඥයන්ගේ සහ ජනතාවගේ බලයෙන් පමණක් නොව, සිවුරේ ද බලයෙනි. ඥානසාර භික්ෂුවම එය ප‍්‍රකාශ කොට ඇත.

තුන්වැනුව, ‘අළුත්ගම’ දී බොදුබල සේනාවෙන් අළුත් හෝ පුදුම එලවන සුළු කිසිවක් අපට ඇසුණේ නැත. මට ඇසුණු දෙය, ඉතා සරළව ගත්තොත්, මෙතෙක් කල් බොදුබල සේනාව පෙනී සිටි කාරණය එදා වඩාත් පැහැදිළිව සූත‍්‍රගත කිරීමක් පමණි. එකම වෙනස එයයි. ඔහුගේ වාගාලාපය ඉතා පැහැදිළිව පෙන්නුම් කෙළේ, හමුදාව සහ පොලීසිය වැනි රාජ්‍යයේ ප‍්‍රබල හස්තයන්හි වර්තමාන ව්‍යුහය මොන තරම් අගේට බොදුබල සේනාවේ අභිලාෂයන් සමග අනුගත වන්නේ ද යන්නයි. අපට තවමත් ඇත්තේ සිංහල හමුදාවක් සහ සිංහල පොලීසියක් යැයි ඥානසාර භික්ෂුව බෙරිහන් දෙන විට, ඔහුගෙන් ප‍්‍රකාශයට පත්කෙරුණේ පවතින සැබෑ තත්වයයි. එය පැවතිය යුතු ආකාරය කෙසේ විය යුතු ද යන්නයි.

සිව්වැනුව, රාජපක්ෂලාව සහ විශේෂයෙන් ජනාධිපතිවරයාව විවේචනය කරන ඥානසාර භික්ෂුවගේ ප‍්‍රකාශන ස්වරූපය සහ තානය, රවුෆ් හකීම් පිළිබඳ ඔහුගේ විවේචනයෙන් බෙහෙවින් වෙනස් වන බව සියුම්ව නිරීක්ෂණය කළොත් කෙනෙකුට පෙනෙනු ඇත. සිංහලයන්ට නායකයෙකු නැතැ යි යන්න, පට්ට ගැසූ, සිංහල=බෞද්ධ ජාතිකවාදී සටන් පාඨයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම, යුද්ධයෙන් පසුව ඇති වෙමින් තිබෙන ඇතැම් දේවල් ගැන සිංහල=බෞද්ධ ජාතිකවාදීන් මුළුමණින් සෑහීමකට පත්ව නැති බවත් අළුත් ආරංචියක් නොවේ. උදාහරණයක් වශයෙන්, ගුණදාස අමරසේකරගේ ‘‘අමතක වූ උරුමය: කවන්ධයට හිසක්’’ නැමැති කෘතිය ලියැවෙන්නේ, යුද්ධයෙන් පසුව සිංහල-බෞද්ධ ජාතික ව්‍යාපෘතිය ප‍්‍රමාණවත් පරිද්දෙන් දියත් නොවන්නේය යන අදහස පෙරදරිවයි. ඔවුන් ගෝඨාභය රාජපක්ෂට උදව් කරන බවක් එයින් අදහස් නොවේ. සිංහල-බෞද්ධ ජාතිකවාදය යනු, එක රාජපක්ෂ කෙනෙකුගෙන් තවත් රාජපක්ෂ කෙනෙකු වෙතට හිතුමතේ මාරු වීමට තරම් ළාමක ව්‍යාපෘතියක්වත්, ජනාධිපති රාජපක්ෂට සහ රාජ්‍යයට විවෘතව අභියෝග කිරීමට තරම් මෝඩ ව්‍යාපෘතියක්වත් නොවේ. ඒ නිසා, රාජපක්ෂලා ගැන ඥානසාර භික්ෂුවගේ විවේචනය ඇත්ත වශයෙන්ම රාජ්‍යයට හෝ ආණ්ඩුවට අභියෝගයක් නොව, විමල් වීරවංශ සහ චම්පික රණවක වැන්නන්ගෙන් අපට ඇසෙන ‘මාර්ගය නිවැරදි කිරීමේ’ පණිවිඩයක වෙනත් ස්වරූපයකි.

පස්වැනුව, රාජ්‍යයේ බලය අවතක්සේරු කිරීම ද නොකළ යුත්තකි. මෙය, ප‍්‍රබල හමුදා යාන්ත‍්‍රණයක් සහිත රාජ්‍යයකි. තමන්ට ඕනෑ වූ ඕනෑම අවස්ථාවක ඕනෑම බලයක් මර්දනය කිරීමට සමත් රාජ්‍යයකි. නීතිමය වශයෙන්, ව්‍යවස්ථාමය වශයෙන්, හමුදාමය වශයෙන්, අධිකරණමය වශයෙන් සහ තවත් මෙකී නොකී ඕනෑම ක‍්‍රමයකින් එවැනි ව්‍යාපාරයක් මර්දනය කිරීමට ඊට හයිය ඇත. එවැනි කිසිවක් බොදුබල සේනාවට මෙතෙක් සිදු නොවීම යන කාරණයෙන් පැහැදිළිව පෙන්නුම් කරන්නේ බොදුබල සේනාව යනු කුමක් ද යන්නයි. බොදුබල සේනාව කියන කතාව, රාජ්‍යයේ බලධාරී කොටසක් එකඟත්වය පෑමට ආශා කරන කතාවකි. ආණ්ඩුව අනුමත කරන කතාවකි.

එසේ නම්, ‘අළුත්ගම’ හරහා අප ඇසිය යුතු මූලික සහ ප‍්‍රාථමික පැනය කුමක් ද?

එය වෙන කිසිවක් නොව: සිංහල-බෞද්ධ ව්‍යාපෘතියට බොදුබල සේනාව තර්ජනයක් ද? යන්නයි. අනිත් සියල්ලටම කලින් ඇසිය යුතු ප‍්‍රශ්නය එයයි. කෙනෙකු ප‍්‍රධාන අභියෝගයට මුහුණදෙන්නේ මෙතැනදී ය.

පළමුව, අල්ප මාත‍්‍ර වූ ඕනෑම සාක්ෂියකින් පෙන්නුම් කෙරෙන පරිදි, සිංහල-බෞද්ධ ව්‍යාපෘතියට බොදුබල සේනාව බරපතල තර්ජනයක් නොවේ. රටේ බලධාරී බහුතරය ඔවුන්ගේ ව්‍යාපෘතිය අනුමත කරන බව පෙනෙන්ට තිබෙද්දී සහ ඒ නිසාම ‘නිහඬව’ සිටිද්දී, එය තර්ජනයක් විය හැක්කේ කොහෙන්ද, කෙසේද? සංඝ සමාජයේ ඉහළම නායකත්වය බොදුබල සේනාව විවේචනය කිරීමෙන් වැළකී සිටිද්දී එය තර්ජනයක් විය හැක්කේ කොහෙන්ද කෙසේද? මාදුළුවාවේ සෝභිත හිමියන් පවා නිහඬව සිටිද්දී එය තර්ජනයක් විය හැක්කේ කොහෙන්ද කෙසේද? ඊළඟට, කලින් ද සඳහන් කළ පරිදි බොදුබල සේනාවට ලැබෙන බහුතර ප‍්‍රජාවේ සහාය ද, අප හිතනවාට වඩා විශාල විය හැකිය.

ඉතිං, කෙටියෙන් කිවහොත්, බොදුබල සේනාව රාජ්‍යයට තර්ජනයක් නොවේ. ඊටත් වඩා, සිංහල-බුද්ධාගමට තර්ජනයක් ද නොවේ. එසේ වන අතරේ, එය මුස්ලිම් ප‍්‍රජාවට (සහ දෙමළ ප‍්‍රජාවට ද) දක්වන බලපෑම ඉතා බිහිසුණු ය.

රාජපක්ෂලා: එකම තේරීම

මේ ප‍්‍රශ්නයේ ඇති තවත් පැත්තක් වන්නේ, ‘අළුත්ගම’ හරහා ජනප‍්‍රිය කැරැුවීමට බලන දේශපාලනික පණිවිඩයයි. එනම්, රස්තියාදුකාර භික්ෂූන් ඉදිරියේ, වර්ගවාදී ප‍්‍රචණ්ඩත්වය සහ කැරලිකාරීත්වය ඉදිරියේ, දේශපාලනික විපක්ෂය මුළුමණින් නපුංසක වන බවයි. මේ සිද්ධියේ දී, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට, අඩු වශයෙන් සිදුවෙමින් ඇති විනාශය ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සහාය ලබා ගැනීමටවත් නොහැකි විය. (මෙහි දී ගෞරවාන්විත ව්‍යතිරේකයන් වුණේ, ‘ද ඬේලි ෆිනෑන්ෂල් ටයිම්ස්’ සහ ‘රාවය’ වැනි කිහිපයක් පමණි). එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පවා මේ මදාවියන්ගෙන් ගුටිකෑහ. වෙනත් වචනවලින් කිවහොත්, මෙහි දී අප සේන්දු වන්නේ, දකුණේ සමාජය අසන, ආණ්ඩුව විවේචනය කරන ජනතාව පවා නිතර අසන පොදු ප‍්‍රශ්නයක් වෙතටයි: ‘‘වෙන කවුද කරන්න ඉන්නේ?’’. සමහර විට නොදැනුවත්ව හෝ බොදුබල සේනාවෙන් එම ප‍්‍රශ්නයට පිළිතුරු සැපයෙයි. මොන තරම් විනාශයක් සිදුවුණත්, වර්තමාන නායකත්වයෙන් තොර රටක් ගැන සිතා ගැනීමට කෙනෙකුට පුලූවන් කමක් නැත.

එම ප‍්‍රශ්නය හැම විටකම පාහේ, ප‍්‍රචණ්ඩත්වයේ අන්තරායට, එළැඹිය හැකි ප‍්‍රචණ්ඩත්වයක අවදානමට, සහසම්බන්ධී ය. බිහිසුණු තත්වයක් අත ලඟ ඇති බව, යම් තැනක එවැනි ප‍්‍රචණ්ඩත්වයක් සැඟව ඇති බව, සෑම ශ‍්‍රී ලාංකිකයෙකුම පාහේ දැනගෙන සිටින නියාවක් තිබේ. එහෙත් මතක තියාගන්න: ඒ ප‍්‍රශ්නය පැන නගින්නේ ප‍්‍රශ්නයේ මූල හේතු සම්බන්ධයෙන් කෙරෙන අවධානයක් වෙත නොව, එම ප‍්‍රචණ්ඩත්වය පාලනය කරගත හැක්කේ, කළමනාකරණය කරගත හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙනි. වෙනත් වචනවලින් කිවහොත්, ජනතාව සිතන්නේ ‘තත්වය පාලනය කළ හැක්කේ’ කාටද සහ කෙසේද යන්න ගැනයි. රාජපක්ෂලා බලයේ සිටින තාක් ‘තත්වය පාලනය කරගත හැකි වෙතැ’ යි ඔවුන් සිතන සෙයකි. දේශපාලනිකව සහ ප‍්‍රතිපත්තිමය වශයෙන් ගත් විට, සිංහල දකුණ පවතින ආණ්ඩුවට ප‍්‍රතිපක්ෂ නැත. ඊට ප‍්‍රතිපක්ෂ වන්නේ, දෙමළ දේශපාලන නායකත්වය පමණි.

සිංහල-බෞද්ධ ජාතිකවාදයට ඇතුළෙන් අභියෝගයක්

සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ගතිකත්වයන් පිළිබඳ අපේ ඇති අවබෝධය, ‘අළුත්ගම’ හරහා තවදුරටත් ප‍්‍රශ්න කෙරේ. උදාහරණයක් වශයෙන් බොදුබල සේනාව ගන්න: සංඝයා වහන්සේලා අතලොස්සකගේ විවේචනය මධ්‍යයේ වුවත්, සමස්තයක් වශයෙන් සංඝ සාසනයේ අනුමැතිය තමන්ට ඇති බව පෙන්වීමට බොදුබල සේනාවට ඇති හැකියාව, එම ප‍්‍රපංචයේ සංකීර්ණත්වය විදහාපාන්නකි. දේශපාලන නායකත්වයේ පැහැදිළි සහාය ඊට ඇති බව අපි දනිමු. එහෙත්, රාජපක්ෂලාවත් විවේචනය කරමින් එය විසින් ඇතැම් පිරිස් සහ දේශපාලන විශ්ලේෂකයන්ව විස්මයෙන් රැුවටීමටත් සමත්ව තිබේ. ඔවුන් වහරන බස සහ හැසිරීම ගැන බොහෝ දෙනා කණගාටු වෙතත්, එම පිරිසම ඔවුන්ගේ ව්‍යාපෘතිය ආදරයෙන් වැළඳ ගනිති. මේ මගින් ජාතීන් අතර සහජීවනය දුෂ්කර කෙරෙතත්, පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකා දේශපාලනය තුළ එය අත්‍යාවශ්‍ය කෙරෙන දෙයක් හැටියට සිංහල ප‍්‍රජාවේ බොහෝ දෙනා සළකති. විපක්ෂයේ (සිංහල) දේශපාලන පක්ෂ එම තත්වය මොන තරම් පිළිකෙව් කළත්, ඒ පිළිබඳ ඔවුන්ගේ විවේචනය බොහෝ විට දියාරු ය.

ඇතැම් සිංහල-බෞද්ධ ජාතිකවාදී පක්ෂවලට මීට කලින් මතු කළ නොහැකිව තිබූ ඇතැම් ප‍්‍රශ්න දැන් බොදුබල සේනාව හරහා පෙරට දා ගත හැකි වීම මෙහි ඇති තවත් ලක්ෂණයකි. එහෙත්, ඒ අතරම, ජාතිකවාදයේ තරගය සඳහා ඇති කඩඉම ද ඒ අනුසාරයෙන් නිරන්තරයෙන් ඉහළ දැමේ. ඒ නිසා, බොදුබල සේනාව අභියෝගයට ලක්කරන්නේ සිංහල-බෞද්ධ ජාතිකවාදි ව්‍යාපෘතිය පිළිබඳ අපේ අවබෝධය පමණක් නොව, සිංහල-බෞද්ධ චින්තන ක්ෂේත‍්‍රයමත් ඇතුළතින් එය අභියෝගයට ලක්කරයි. අනිකාට වඩා තමන් සිංහල-බෞද්ධ වන්නේ කෙසේදැ යි ප‍්‍රදර්ශනය කිරීමේ තල්ලූවක් මේ මගින් අනිත් ජාතිකවාදී ව්‍යාපාරවලට සැපයේ. මෙය, ගැටයක් ඇතුළේ ඇති ගැටයකි. අභියෝගයක් ඇතුළේ ඇති අභියෝගයකි. එම ඉල්ලීම සැපිරීමට (විශේෂයෙන් ආගමික කාරණයේදී) තමන් අසමත් යැයි සිතන පක්ෂ සහ කණ්ඩායම් ඊළඟට කරන්නේ, තමන්ගේ එම අඩුව වෙනත් කාරණා සම්බන්ධයෙන් පමණටත් වඩා ජාතිකවාදී වීමෙන් පෙන්නුම් කිරීමට බැලීමයි. උදාහරණයක් වශයෙන්, අපරාධ සම්බන්ධයෙන් වගවීම සහ බලය බෙදා හැරීම යන කාරණාවලදී ඔවුන් ඒ බව පෙන්නුම් කළ හැකිය.

දෙමළා: කරදරකාරී ‘අනෙකා’

අවසාන වශයෙන්, සමාජ වෙබ් මාධ්‍ය ජාල හරහා බොහෝ දෙනා ‘අළුත්ගමට’ ප‍්‍රතිචාර දැක්වූ ආකාරය සහ මුස්ලිම් ජනතාව සමග සහෝදරත්වයට ඉදිරිපත් වු සූදානම, දෙමළ ජනතාව සම්බන්ධයෙන් පෙන්නුම් කෙළේ නැත. ප‍්‍රචණ්ඩත්වය, දාමරිකත්වය සහ වගවීම දෙමළ ජනතාවට බලපාන විට ඊට අප දක්වන ප‍්‍රතිචාරයේ වෙනස එයින් පෙන්නුම් කෙරුණි.

සිංහලයා ඉදිරියේ දෙමළා බොහෝ විට කරදරකාරී ‘අනෙකෙකු’ විය. මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් එතරම් පැහැදිළිව එවැන්නක් දැක්වුණේ නැත. අද බොදුබල සේනාව සහ වෙනත් එවැනි ව්‍යාපාර තතනන්නේ දෙමළා සේම මරක්කලයා ද කරදරකාරයෙක් ය යන පණිවිඩය දකුණේ සමාජගත කිරීමටයි. මෙය එසේ කෙෙරෙන පළමු වතාව නොවන බව ඇත්ත. ඔවුන්ගේ දෘෂ්ටිවාදී මීමුත්තන් ද එසේ කොට තිබූ බව සැබෑව. එහෙත් මෙවැනි මොහොතක, මුස්ලිම් ජනතාව සහ පහසුවෙන් එකට සිටගන්නා සිංහලයන්, මේ දක්වා පාලකයන් විසින් දෙමළ ජනතාවට, ඔවුන්ගේ දේශපාලනික අභිලාෂයන්ට සහ ඔවුන්ගේ ඉඩකඩම් ආදියට එරෙහිව ක‍්‍රියාත්මක කෙරෙන අගතීන් ගැන මෙන්ම, එම සමාජයට එරෙහිව ව්‍යුහාත්මකව සහ ක‍්‍රමවත්ව මුදාහැරෙන ප‍්‍රචණ්ඩත්වය ගැනත්, බරසාරව වටහාගත යුතුව තිබේ. සාකච්ඡුා කළ යුතුව තිබේ. විවේචනය කළ යුතුව තිබේ.

කෙටියෙන් කිවහොත්, ප‍්‍රගතිශීලී සිංහල බලවේග මුස්ලිම් ජනතාව සමග සේම දෙමළ ජනතාව සමගත් එකට සිටගත යුතුය. රාජ්‍යය සහ එහි අවශේෂ යාන්ත‍්‍රනයන් මගින් විවිධ ප‍්‍රජාවන්ට සහ ජනතාවන්ට එරෙහිව විවිධ ව්‍යුහාත්මක අගතීන් එල්ල වන වෙනස් ආකාරයන් වටහාගත යුතුය.

නිගමනය

මහ දවල් සැපයුණු සකල ජීවමාන සාක්ෂි කන්දරාවක් මැද්දේත් ඥානසාර භික්ෂුවව අත්අඩංගුවට නොගැනීම එම ප‍්‍රපංචය ගැන අපට අවශ්‍ය සියල්ල කියාපායි. එසේ වන්නේ, හුදෙක් යම් බලගතු පුද්ගලයෙකු ඔහු පසුපසින් සිටින නිසාම නොවේ. ඥානසාරව අත්අඩංගුවට ගැනීමම ආණ්ඩුවට ප‍්‍රශ්නකාරී වන නිසා ය. එක පැත්තකින්, සිංහල-බෞද්ධ අභිප‍්‍රායට ඥානසාර භික්ෂුව කිසි හානියක් කෙළේ නැතැ යි යන හැඟීම තිබේ. මුස්ලිම් ජනගහනය එන්න එන්නම වැඩිවෙමින් ඇතැ යි කියන අවදානම සහ තර්ජනය ඉදිරියේ බොදුබල සේනාව කරන්නේ ආරක්ෂණවාදී භූමිකාවක් රඟපෑමකැ යි යන හැඟීම තවත් පැත්තකින් තිබේ. ඊළඟට, අත්අඩංගුවට ගැනීම බරපතල වුවහොත්, සිංහල-බෞද්ධ ඡුන්ද ප‍්‍රජාවෙන් ප‍්‍රබල විරෝධයක් මතු වෙතැ යි යන භීතිය තිබේ.

‘අළුත්ගම’ වනාහී, බහුතරයේ ආගමට ප‍්‍රමුඛත්වය දීම ගැන, රාජ්‍යයේ ඒකීය ස්වභාවය සහ එහි ඇති බරපතල සීමාවන් ගැන, රටේ වෙසෙන විවිධ වාර්ගික සහ ආගමික ප‍්‍රජාවන් රඟපාන භූමිකාවන් ගැන, ඔවුන්ගේ දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික නිදහස් අයිතීන් සහ ස්වාධිකාරයන් ගැන ප‍්‍රශ්න කරමින්, ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය බරසාරව සහ රැුඩිකල් ආකාරයෙන් ප‍්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා කැපවීමකට කැඳවන මොහොතකි. එහෙත් මේ මොහොත එසේ අල්ලා නොගැනෙනු ඇත. මන්ද යත්, ඊනියා මධ්‍යස්ථ දේශපාලනික, ආගමික සහ ප‍්‍රතිපත්ති සම්පාදක බුද්ධි ස්ථරයෙන්, රාජ්‍යයේ වර්තමාන ව්‍යුහයට සහ දෘෂ්ටිවාදයට මොන ආකාරයකවත් ප‍්‍රබල අභියෝගයක් ඉදිරිපත් නොකෙරෙන නිසා ය.

එසේ වන්නේ ඇයි? මන්ද යත්, බොදුබල සේනාව වැනි කණ්ඩායම්වල සහාය හරහා කාරණා දෙකක් සාක්ෂාත් කර ගැනීමට රාජ්‍යයේ අධිකාරී දෘෂ්ටිවාදයට හැකිව තිබෙන බැවිනි: ඉන් පළමුවැන්න වන්නේ, එවැනි රැුඩිකල් විපර්යාසයක් කළ නොහැකි බවට ‘මධ්‍යස්ථ’ ජනතා සිත්සතන් තුළ බින්න බැස්සවීමට හැකිව තිබීමයි. දෙවැනුව, වසර ගණනාවක් තිස්සේ එම අදහස රෝපණය කිරීමෙන් පසු, ආණ්ඩුව ඔජවඩන සුළු ප‍්‍රතිසංස්කරණත්, බෙහෙවින් විප්ලවකාරී යැයි විශ්වාස කිරීමට පේවුණු ජන සමාජයක් නිර්මාණය කර තිබීමයි.

ඉතිං, එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඊළඟට සිදුවන්නේ කුමක් ද? ‘අළුත්ගමින්’ පසු, ඊට වගකිව යුතු අයවළුන් නීතිය ඉදිරියට පමුණුවන්නැ යි එම දේශපාලන නායකත්වයෙන්ම ඉල්ලා සිටීමට ඔබ පටන් ගනී. කාලයක් ගිය පසුත් එය සිදුනොවන බව දැනගත් විට, ඔබ කරන්නේ, වරින් වර අළුගසා දමා එළියට ගන්නා අර වේදනානාශකය, ‘අන්තර්-ආගමික සංහිඳියා සම්මන්ත‍්‍රණයට’ යළි බැසීමයි. එහි දී, බුදුන් වහන්සේ, ක‍්‍රිස්තුස් වහන්සේ සහ මහම්මත් තුමා දේශනා කළ දහම් සංවේගය දනවන ධර්ම කාණ්ඩ ශ‍්‍රවණය කොට සිත් සතොසින්, (මන්ද යත්, මධ්‍යස්ථ සහ ‘දේශපාලනිකව නිවැරදි’ දෙය එය වන හෙයින්) ඔබ ගෙදර එයි. තෙහෙට්ටුවෙන් නින්දට වැටෙයි. හෙට ඔබ තවත් අළුත් ‘අළුත්ගමකට’ අවදි වෙයි. ඉන් පසු? එදාට ඒ ගැන ඔබ හිතන්නටත් කලින් ආණ්ඩුවම සම්මන්ත‍්‍රණය සංවිධානය කොට ඔබටත් ඊට සහභාගී වන්නැ යි ආරාධනා කිරීමට තරම් කාරුණික වී ඇති බව ඔබ වටහා ගනී.

*2014 ජුනි 21 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Politics Of ‘Aluthgama නැමැති ලිපියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    Innocent people should not be the pawns of extremists. All people in Srilanka have been born in Srilanka and have lived for generations. Not only the Sinhalese. It’s very inhuman and not fair to put life and property of innocent people under threat. It’s not fair to kill and destroy other peoples’ property. Just because of a minor incident which happened in Aluthgama because of two three ignorant people, the entire Muslim community living in that area don’t have to pay off.

    It’s very awkward and ugly to see Buddhist monks executing all the violent acts and divisions in the community cultivating hatred among the innocent people. Politics should not be in the books of Buddhist monks. Politics should be handed over to the dirty people who are involved in the politics. Monks job is to encourage non violence and peace in the country.

  • 0
    0

    මධුමාධව කියුෙවේ මහින්ද හාමුදුරුවන් කලින් කිව් පදයන් නම් මොකක්ද එකේ අැති වැරැද්ද? අනගාරික ධර්මපාල කියුවේත් අැත්ත නෙමෙයිද? පුදුමය නම් 2009 ඡූලි 23 වනදා බෙරුවලදී වහබි සලාෆි තව්හීද් මූලධර්මවාදී මුසල්මානුවන් විසින් මධ්‍යස්ථ අදහස් දරන සූෆි මුසල්මානුවන් 150 වසරක සිට පවත්වාගන යන මුස්ලිම් පල්ලි සභාවක දුන් දානයකට එරෙහිව ස්පීකර් යොදා ප්‍රසිද්ධයේ කල අපහාසාත්මක දේශනයෙන්ම වහබි සහ සලාෆි අන්තවාදය පැහැදිලි වන බව කළණ ලා නොදන්නා එකයි. ඉන් පසු අැති වූ මුස්ලිම්-මුස්ලිම් මිනි මැරැම් ගිනි තැබීම් කළණ ලා නොදන්නා සේ සිටීමයි පුදුමය.

    දර්ගා නගරයේ මුසල්මනයන්ට නිතියක් නැත. මුසල්මන් ගැටයන් සාමාන්‍යයෙන් බයිසිකල් පාර්ක් කරන්නේ පාරවල් අවහිර වන්නටය. ඔවුන් බයිසිකල් පදින්න හෙල්මට් දමන්නේ නැත. පලාතේ දේශපාලුවා කෙතරම් දුරට මුසල්මනයන් පුම්බා ඇද්ද යන්න අම්මා සමඟ කඩේට ආ පිරිමි ලමයාගේ ලිංගයේ කොන මිරිකීමට තරම් මුසල්මන් කඩකාරයා එඩිතර වීමෙන් පෙනී යයි. මේක තමයි අල්ත්ගම තත්වය.

    පොසොන් පෝය වගේ දවසක ගමේ හාමුදුරුවන්ට පහර දීමට මුස්ලිම් කොල්ලන් තුන් දෙනෙක් තීරණය කල බව කලන නොකියයි. ජූනි 12 වනදා බනකට වඩින හාමුදුරුවන්ට සහ රියදුරුට මුසල්මන් ගැටයන් විසින් ඔහුගේ වෑන් රිය බලොක් කර පහර දුන්නේය. හාමුදුරුවන් ඉස්පිරිතාලයට අැතුල් විය. පලාතේ දේශපාලුවාගේ කීමට පොලිසිය සිංහලයින්ට විරුද්ධවත් මුසල්මන්වරුන්ට පක්‍ෂවත් ක්‍රියා කලේය. පොලීසිය මුසල්මන් ගැටයන් අත්අඩංගුවට ගත්තේ නැත. මිනිසුන් පොලිසියට ගල් ගැසුවේය. සියල්ල පටන් ගත්තේ එතැනින්ය.

    ඉන්පසු පහරකෑමට ලක්වූ සමිත හාමුදුරුවන්ව ටවුමේදී පිළිගෙන කථා පවත්වා මිනිසුන් ඔහුගේ පන්සලට ගෙන ගියේය. ධර්‍ගා ටවුමට පෙල පාලියක් ගියේ නැත. යූ ටියුබ් ටේප් එකේ මිනිසුන් සන්සුන්ව යන හැටි පැහැදිලිව පෙනේ. එසේ යන විට මුස්ලිම් පල්ලියක එකතුවී සිටි පිරිසක් ගල් ගැසුවේය. නානා කෙනෙක් එය නවත්වන්න හදන හැටි හොදින්ම පෙනේ.

    කළණ ලාට පෙනෙන්නේ එක පැත්තක් පමනි. ඥානසාර හාමුදුරැවන් කියුවා යයි කියන දේ කියුවේ අැයි කියා කළණ නොකියයි. ලංකාවේ මුස්ලිම් කල්ලි දෙකක් වසර විස්සක් තිස්සේ ගහ මරා ගනී. එ්වා ගැන කළණ ලා අසාවත් නැද්ද? එයට උත්තර දුන්නොත් ඉතිරිය කියන්නම්.

  • 0
    0

    In the community, if something goes wrong it’s the responsibility of the police to take action regarding the matter. Every country has law and order to create a peaceful environment to it’s people. it’s not the monk’s duty to create hatred over community issues. What you say might be correct. but monks should not be involved in politics and create hatred among people.

    Why have they taken the peace loving Vijitha himi in to custody and the hatred cultivating Gnansara roams happily like a hero after all these incidents??

    i respect all your views regarding this brutal events. Let the police tackle the incidents and punish the people who are responsible for the incidents. Not the innocent people and their property should not be touched.

    If people punish the innocent instead of the wrong doers, the nation will be branded as rioters which is not that good. Wrong doers should be punished not the innocent people ……

    • 0
      0

      Peace Loverල
      BBS එක පසු පස විශාල ඡන සහයෝගයක් අැති බව කනෙකුට උවත් පෙනේ. එය පිළිගන්නේ නැත්තේ කුහකයෝය. ප්‍රශ්ණය විය යුත්තේ අැයි එවැනි සහයෝගයක් BBS එකට තිබෙන්නේ යන්නය.

      විඡිත හිමි කියන්නේ අැත්ත නම් සහ පොලීසිය කියන්නේ ගෙතු පදයක් නම් ලෙහෙසියෙන්ම විඡිත හිමියන්ට ගොඩ එන්නට හැකිය. මාලබේ සිටින විඡිත හිමියන්ගේ මල්ලීගේ (පුංචි අම්මගෙ පුතාගේ) ගෙදර කලින්දා ඔහු නැවතී සිට අැති බව එ් ගෙදර අය කියන බව පොලීසිය කියයි. ඔය කියන දින මහ රෑ වැන් එකේ ගෙන ගොස් බැස්සවූ බවත් ඔවුන් කියයි. විඡිත හිමියන්ගේ සගයන් වන අසාත් සාලි සහ ACJU කියන්නේ මොකක්ද කියා අපි අාසාවෙන් බලා සිටිමු.

      ශ්‍රි ලංකාවට නිවන් යන්න බැහැ. නිවන් යන්න පුල්වන් මිනිසුන්ට පමනයි.

  • 0
    0

    Sri Lankan politics is dirty politics. It’s full of filth, extremism, thuggery, lies, jokes, corruption and all the bad things in the world. May Sri Lanka attain peaceful Nibbana one day ….

  • 0
    0

    If you look at a garden full of flowers through a dirty glass you won’t see the beauty as it is. That’s what has happened to the pearl of the Indian ocean. The ruling politicians are wearing dirty glasses and what they see and do are very dirty

  • 0
    0

    ශ්‍රි ලංකාවට නිවන් යන්න බැහැ. නිවන් යන්න පුල්වන් මිනිසුන්ට පමනයි.

    Will our Buddhist people ever attain Nibbana ?? The country is full of lies, corruption, hatred and so many evil acts. The average Sinhalese main objective in this life is to do as many good things as possible so that all those good acts will help in the next birth as accumulated good karma and hence these all will help the way to attain Nibbana.

    Why are most of the Buddhists do not follow at least the five precepts ???

    Not to do any evil,
    To cultivate good,
    To purify one’s mind,
    This is the teaching of the Buddhas.

  • 0
    0

    Buddhist Ethics
    Essentially, according to Buddhist teachings, the ethical and moral principles are governed by examining whether a certain action, whether connected to body or speech is likely to be harmful to one’s self or to others and thereby avoiding any actions which are likely to be harmful. In Buddhism, there is much talk of a skilled mind. A mind that is skilful avoids actions that are likely to cause suffering or remorse.

    Moral conduct for Buddhists differs according to whether it applies to the laity or to the Sangha or clergy. A lay Buddhist should cultivate good conduct by training in what are known as the “Five Precepts”. These are not like, say, the ten commandments, which, if broken, entail punishment by God. The five precepts are training rules, which, if one were to break any of them, one should be aware of the breech and examine how such a breech may be avoided in the future. The resultant of an action (often referred to as Karma) depends on the intention more than the action itself. It entails less feelings of guilt than its Judeo-Christian counterpart. Buddhism places a great emphasis on ‘mind’ and it is mental anguish such as remorse, anxiety, guilt etc. which is to be avoided in order to cultivate a calm and peaceful mind. The five precepts are:

    1) To undertake the training to avoid taking the life of beings. This precept applies to all living beings not just humans. All beings have a right to their lives and that right should be respected.

    2) To undertake the training to avoid taking things not given. This precept goes further than mere stealing. One should avoid taking anything unless one can be sure that is intended that it is for you.

    3) To undertake the training to avoid sensual misconduct. This precept is often mistranslated or misinterpreted as relating only to sexual misconduct but it covers any overindulgence in any sensual pleasure such as gluttony as well as misconduct of a sexual nature.

    4) To undertake the training to refrain from false speech. As well as avoiding lying and deceiving, this precept covers slander as well as speech which is not beneficial to the welfare of others.

    5) To undertake the training to abstain from substances which cause intoxication and heedlessness. This precept is in a special category as it does not infer any intrinsic evil in, say, alcohol itself but indulgence in such a substance could be the cause of breaking the other four precepts.

    These are the basic precepts expected as a day to day training of any lay Buddhist. On special holy days, many Buddhists, especially those following the Theravada tradition, would observe three additional precepts with a strengthening of the third precept to be observing strict celibacy. The additional precepts are:

    6) To abstain from taking food at inappropriate times. This would mean following the tradition of Theravadin monks and not eating from noon one day until sunrise the next.

    7) To abstain from dancing, singing, music and entertainments as well as refraining from the use of perfumes, ornaments and other items used to adorn or beautify the person. Again, this and the next rule.

    8) To undertake the training to abstain from using high or luxurious beds are rules regularly adopted by members of the Sangha and are followed by the layperson on special occasions.

    Laypersons following the Mahayana tradition, who have taken a Bodhisattva vow, will also follow a strictly vegetarian diet. This is not so much an additional precept but a strengthening of the first precept; To undertake the training to avoid taking the life of beings. The eating of meat would be considered a contribution to the taking of life, indirect though it may be.

    The Buddhist clergy, known as the Sangha, are governed by 227 to 253 rules depending on the school or tradition for males or Bhikkhus and between 290 and 354 rules, depending on the school or tradition for females or Bhikkhunis. These rules, contained in the Vinaya or first collection of the Buddhist scriptures,, are divided into several groups, each entailing a penalty for their breech, depending on the seriousness of that breech. The first four rules for males and the first eight for females, known as Parajika or rules of defeat, entail expulsion from the Order immediately on their breech. The four applying to both sexes are: Sexual intercourse, killing a human being, stealing to the extent that it entails a gaol sentence and claiming miraculous or supernormal powers. Bhikkhunis’ additional rules relate to various physical contacts with males with one relating to concealing from the order the defeat or parajika of another. Before his passing, the Buddha instructed that permission was granted for the abandonment or adjustment of minor rules should prevailing conditions demand such a change. These rules apply to all Sangha members irrespective of their Buddhist tradition.

    The interpretation of the rules, however differs between the Mahayana and Theravada traditions. The Theravadins, especially those from Thailand, claim to observe these rules to the letter of the law, however, in many cases, the following is more in theory than in actual practice. The Mahayana Sangha interprets the rule not to take food at an inappropriate time as not meaning fasting from noon to sunrise but to refrain from eating between mealtimes. The fasting rule would be inappropriate, from a health angle, for the Sangha living in cold climates such as China, Korea and Japan. When one examines the reason that this rule was instituted initially, the conclusion may be reached that it is currently redundant. It was the practice in the Buddha’s time for the monks to go to the village with their bowls to collect food. To avoid disturbing the villagers more than necessary, the Buddha ordered his monks to make this visit once a day, in the early morning. This would allow the villagers to be free to conduct their day to day affairs without being disturbed by the monks requiring food. Today, of course, people bring food to the monasteries or prepare it on the premises so the original reason no longer applies. As many of you would be aware, in some Theravadin countries, the monks still go on their early morning alms round, but this is more a matter of maintaining a tradition than out of necessity. Also, a rule prohibiting the handling of gold and silver, in other words – money, is considered by the Mahayana Sangha a handicap were it to be observed strictly in today’s world. They interpret this rule as avoiding the accumulation of riches which leads to greed. Theravadin monks tend to split hairs on this rule as, although most will not touch coins, many carry credit cards and cheque books.

    Let me now deal briefly with the Buddhist attitude to violence, war and peace. The Buddha said in the Dhammapada:

    *Victory breeds hatred. The defeated live in pain. Happily the peaceful live giving up victory and defeat.(Dp.15,5) and

    * Hatreds never cease by hatred in this world; through love alone they cease. This is an eternal law. (Dp.1,5)

    • 0
      0

      Peace Lover
      ඔබ කියන්නේ බෞද්ධ අපත් තව්හීද් මූලධර්මවාදීන් මෙන් 2500 වසරකට පෙර බුදුන් දේශණාකල ධර්මයේ (ත්‍රිපිටකයේ) වචනයක් වචනයක් පාසා හාරා බලා හරි දෙයම තෝරා බේරා ගෙන එයම පමණක් අනුගමනය කර මේ භවයේදීම නිවන් යායුතු බවද? එසේ නම් බුදුන්වහන්සේ සිගාලෝවාද සූත්‍රය දේශණාකලේ කුමටද?

      ලංකාචේ බෞද්ධයන් සිංහල බෞද්ධයන් උනේ කෙසේද, ඔවුන් තායි හෝ වෙනත් ථේරවාද බෞද්ධයන්ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි ඔබ දන්නේද? කෙසේවෙතත් මහායාන වේවා ථේරවාද වේවා, කිසිම බෞද්ධයෙක් හරි බෞද්ධාගම තෝරා බේරා ගැනීමට මුසල්මනයන් මෙන් ලෝකයේ කොහේවත් ගහ මරා ගන්නේ නැත. සෑම අාගමකම හරය විය යුත්තේ එයයි.

      එතකොට මෙතන ප්‍රශ්ණය වන්නේ බෞද්ධාගම වැනි අාගමක් අදහන්නන් සමග අනෙකුත් අාගම් අදහන්නන්ට විශේෂයෙන් මුසල්මනයන්ට සහඡීවනයෙන් ඡීවත්වීමට බැරි අැයිද යන්න විය යුතුය. මුසල්මනයන් සමස්තයක් වශයෙන් අවිහිංසාවාදීද? ලොව සෑම රටක මුසල්මානුවන් කල්ලි බෙදී ගහ මරා ගනී. ශ්‍රී ලංකාවේත් එහෙමය. එ්ක ඔවුන්ගේ ප්‍රශ්ණයක් බවත් සිංහලයන්ගේ ප්‍රශ්ණයක් නොවන බවත් මූලධර්මවාදී මුසල්මානුවන් අපට කියයි. ඔබ වැන්නන් එය පිලි ගනීවි. නමුත් BBS, RB වැන්නන් කියන්නේ මූලධර්මවාදීන් ගහ මරා ගැනීම් කරන්නේ ඡිහාඩ් කල්ලි බෝ කරගෙන ශ්‍රි ලංකාව මොහොමඩන් කිරීමට බවය.

      ඡිහාඩ්කාරයින් කියන්නේ මුසල්මන් අාගම වෙනුවෙන් මැරී සලෙල ගැහැනුන් සැමදා කන්‍යාවන් වී සිටින දිව්‍යලෝකයට ගොස් සැප විදින්නනට බලාගෙන ඉන්න අය බව අපි දනිමු. සිංහල බෞද්ධයාට මුසල්මනයන්ගෙන් එල්ලවී අැති අභියෝගයන් කෙතෙක්ද යන්න වෙනම ලිපියකින් විස්තර කල යුතුය. කෙටියෙන් කියන්නේනම් මොහම්මඩ්ගේ අාගම පටන්ගත්තේත් ප්‍රචලිත කලේත් පවත්වාගෙන ගියේත් ගහමරා ගෙනයි.

      ශ්‍රි ලංකා තව්හීඩ් ඡමාත් කියන ඡාහාඩ්කාරයින් බෝ කරන සන්විධානයේ අබ්දුල් රසාක් කියන ලේකම් 2013 අප්‍රියෙල් 13 වන දින මාලිගාවත්තේ ප්‍රසිද්ධ රැස්වීකදී කීවේ බුදුන්වහන්සේ මිනීමස් කෑ බවත් ත්‍රිවිධ රත්නය කියන්නේ ගල්ගෙඩි දෙකක් බවය. එ් මේ රටේ 10% මුසල්මනයන් සිටිද්දීය. මේ බෝ කරගෙන යන විධියට ඉස්සරහට මොනවා නම් කියා බෞද්ධයාට අපහාස කරයිද? දැන්වත් ඥානසාරලාගේ ප්‍රශ්ණය කුමක්දැයි ඔබට නොවැටහෙන්නේද?

  • 0
    0

    May all the living beings in Sri Lanka be able to see the truth, the truth taught by The Lord Buddha and may the beautiful country be blessed with beautiful people who’ll not harm the others, will not hurt the others and there by create a peaceful heaven where every being can live in peace and harmony…..

    When this wish happens from that day onwards beautiful SriLanka will lead to her prosperity ……

  • 0
    0

    If Muslims are fighting each other let them fight each other. Why do the monks have to get involved in that. Aluthgama incident was a very minor incident. Why did Gnanasara reacted so violently to that incident, killing, burning and destroying peoples lives and property. If your argument about Muslims is that they are a violent mob, will they ever tolerate the violence against Muslims by Buddhists.. One should think about the consequences too. I might be wrong. But I believe that just like the Tamils, one day they’ll stand up against all these violence and another blood shed will happen in our beautiful Sri Lanka. If that happens again who’s going to suffer??? Our kids, the younger generation… Don’t you get the point?? We should try to walk forwards not backwards.. Riots means uncivilized. Peace through talks means civilized … We should set an example to our younger generation by being very tactful and achieve our goals through a peace process…
    I write all this because i love the country and it’s beautiful people irrespective of cast, creed, religion and ethnic background. That’s what it should be on every citizen mind in order make a country peaceful for living. It’s the responsibility of the rulers and the religious leaders to work together so that our younger generations will be thankful and happy that they have the privilege to be born and live in a very peaceful beautiful country…

  • 0
    0

    As Buddhists we should try our best to practice what we learn in Buddhism without putting it off to next births. What we carryout in speech and actions in this birth will decide what type of a birth we would get in the coming births. So one should be very careful in all the actions carried out by one self in this world. People say Muslims are breeding in SriLanka these days unlike the Sinhalese Buddhist… If the law of equilibrium is correct all our Sinhalese sons who gave their lives for the country, who died in the bloody war, they might be the babies born to Muslim Moms nowadays… Who knows ?? Think of that…. Whether we are white, black, pink or blue, we are the same species …Human beings..the same blood flow through all of our veins … Harming another person means one is harming his own family because we are a family no matter what..We are all members of the human family…

  • 0
    0

    Please brief me the exact things the Muslims do against Buddhism in SriLanka. How are they interfering with Buddhism so that the SriLankan Buddhists find it difficult to follow the religion in a peaceful manner.

  • 0
    0

    Being a good person does not depend on your religion or status in your life, your race or your skin colour, political views or your culture. It depends on how good you treat others

    Taken from Dalai Lama Quotes….

  • 0
    0

    Peace Lover
    මුසල්මානුවන් විසින් ලංකාෙවේ බෞද්ධන්ට කරඅැත්තේ කුමන වරදක්දැයි අසනු වෙනුවට ලෝක ඉතිහාසයේ රට රටවල්වලට ඔවුන් කල කී දෑ එකින්එක විපරම්කලහොත් වෙන්නට යන්නේ කුමක්දැයි ඔිනෑම අයෙකුට හොදින්ම වටහාගත හැකියි.

    දැනට එක උදාහරනයක් පමණක් ගනිමු. ඉන්දියාවේ පිහිටි බෞද්ධයාගේ දැනුමේ රන්දෙවොල ලෙස සැලකෙන නාලන්ද විශ්වවිද්‍යාලයට බක්තියාර් කිලිඡි නමි තුර්කි මුසල්මන් සේනාධිපතියා 1193 වසරේදී කලදේ දන්නවාද?

    භාරතයේ සහ වෙනත් රටරටවලින් පැමිණි පැවිදි ගුරුවරුන් 2,000ක් ශිෂ්‍යයින් 10,000 උගත් සහ තර්කශාස්ත්‍රය වෙදකම තාරකාවිද්‍යාව වැනි නොයෙකුත් විෂයන්ට අදාල පොතපතින් සපිරි අක්කර සිය ගනනක්පුරා පැතිර තිබූ සාමකාමී පරිසරයක පිහිටි එවකට ලෝකයේ තිබූ ඉහලම දැනුමේ නේන්ද්‍රයට කිසිම කරුණක් නාෙමැතිව ඉහතකී මුසල්මනයා විසින් ගිනි තිබ්බා. මාස ගනනක් ගින්න අැවිලී අැති බව එතනට යන ඔිනෑම කෙනෙකුට අදටත් පෙනෙනවා.

    අද ලංකාවේ සිටින හාමුදුරුවන් නම් මුසල්මනයා ලා්ෙකයපුරා ගහමරාගන්නා හැටි දකිනවා. නමුත් නාලන්ද විශ්වවිද්‍යාලයේ එදා සිටි පැවිද්දන් මුසල්මනයා ගැන දැන සිටියේ නැහැ. කුරාණයේ උගන්වන්නේ කුමක්දැයි දැන සිටියේත් නැහැ. ඔවුන් සිතන්නට අැත්තේ මුසල්මන්වරුත් ඉන්දියාවේ අනෙකුත් අාගමිකයන් ලෙසයි.

    නමුත් කුරාණයේ 60%ක් ලියා අැත්තේ මුසල්මන්නොවන්නන් ගැන බව අද හාමුදුරුවරු දන්නවා. කුරාණයේ පද ගනනාවකම ලියා අැත්තේ අල්ලාහ් විසින් මුසල්මන්නොවන්නන්ව සතුන්ට සමානකල හැටි බවත් දන්නවා. මුසල්මන්නොවන්නන් සමග යුද්ධකර ඔවුන්ව යටපත් කරගන්නා හැටිත් එහි ලියා අැති බව දන්නවා. මුසල්මන්වරුන් විසින් මුසල්මන්නොවන්නන්ව මිත්‍රයන් ලෙස අාශ්‍රය නොකලයුතු බව කුරාණයේ ලියා අැති බවත් දන්නවා. මුසල්මන් අාගමට හැරෙන්නේ නැත්නම් බදු අයකලයුතු බවත් නොඑසේ නම් රටෙන් පන්නා දැමියයුතු බවත් හෝ මරා දැමිය යුතු බවත් කුරාණයේ ලියා අැති බවත් දන්නවා.

    ඥානසාරලා අන්ධයොත් නොවෙයි මෝඩයෝත් නොවෙයි. ලංකාවේ තව්හීද්ලාගේ කෙරුවාවම ඔවුන්ට පමනක් නොවෙයි සාමාන්‍ය මිනිස්සුන්ටත් දැන්දැන් හොදටම පෙනෙනවා. ලංකාවේ මුසල්මන්ලා යන ක්‍රමය වහබි තව්හීද්ලාගේ ක්‍රමයෙන් වෙනස්විය යුතුයි. එවිට පමණයි නියම සිංහල-මුස්ලිම් සාමය අැතිවන්නේ. නැත්නම් පවතින්නේ තාවකාලික බොරු සාමයයි. අලු යට ගිනි.

    ඉතින් චීන හාමුදුරුවරුන් මෙන් නාලන්ද විශ්වවිද්‍යාලයේ සිටි පැවිද්දන් යුද්ධ කලේ නැහැ. ඔවුන් ඉන්දියාවෙන් පලා ගියා. භාරතයේ බෞද්ධාගමත් එතනින්ම ඉවර උනා. තව්හීද්ලා මෙහෙ කරන්න හදන්නේ බක්තියාර් කිලිඡිගේ ක්‍රමය නොවේ. තව්හීද්ලාගේ වෑයම පළමුවෙන්ම සෑම මුසල්මනයෙක්ම බලෙන් වහබිකර දෙවනුව වැඩිවැඩියෙන් බෝ කර මහ ඡාතිය වී ලංකාව බංගලෙද්ශයක් කිරීමය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.