25 April, 2024

Blog

බුදුදහමින් දැක්වෙන සමානාත්මතාව හා සමාජ සාධාරණත්වය

කපිල අභයවංස

මහාචාර්ය කපිල අභයවංස

බුදුදහම මූලික වශයෙන්ම සමස්ත මානව සමාජය දුකින් තොරව සුවපත් බවට පත් කරවීම අරමුණු කොට ඉදිරිපත් වූ ඉගැන්වීම් පද්ධතියකි. දහම පැතිරවීම සඳහා බුදුන් වහන්සේගේ අනුමතිය ලැබෙන්නේ ද එය බොහෝ දෙනාගේ සුවසෙත සඳහා (බහුජනසුඛාය) පවත්නා බැවැනි. ඒ දහම ඉදිරිපත් කළ බුදුන්වහන්සේ මහාකාරුණික නමින් හැඳින්වෙන්නේ ද කිසිදු පුද්ගල භේදයකින් තොරව අනුන්ගේ දුක දැක ඒ සැමට සම සිතින් සංවේදීවීම නිසාය. මිනිසුන් තුළ සන්තානගතව පවත්නා එක් ප්රධානතම ලක්ෂණයක් ලෙස උන්වහන්සේ විසින් හඳුනාගනු ලැබුවේ මිනිසුන් දුක පිළිකෙව් කොට සුවපත්වීමට දරන කැමැත්තයි. සුඛකාමා හි මනුස්සා දුක්ඛපටික්කූලා ලෙස දැක්වෙන්නේ එයයි.

දුකට දක්වන අකැමැත්තත් සැපතට දක්වන කැමැත්තත්  සමාන ලෙස මිනිසුන් අතර දක්නට ලැබෙයි. හැම කෙනෙක් ම එක සේ දුක පිළිකුල් කරයි. එක සේ සුවය කැමති වෙයි. මෙසේ දුකට අකමැතිවීම හා සැපතට කැමති වීම අතින් ගත් විට මිනිසුන් අතර භේදයක් නැත. ඒ අතින් සමානතාවක් දක්වති. මිනිසුන් හැම කෙනෙක්ම සර්වප්කාරයෙන් සමානය යන අදහස බෞද්ධ සමානාතමතා සංකල්පය තුළ නැත.

මිනිසුන් තුළ නොබිඳී එක දිගටම පවත්නා ආත්මයක් ඇතැයි යන අදහස බුදුදහම මුළුමනින්ම බැහැර කරයි. වෙනත් බොහෝ ආගමික හා දාර්ශනික විශ්වාස හැම මිනිසකු තුළම සමාන වූ ආත්මයක් ඇත යන අදහස ඉදිරිපත් කරයි. එහෙත් බුදුදහමට අනුව  මිනිසා තමන් (ආත්මය) යනුවෙන් අදහසක් ගොඩ නගාගෙන ඇත්තේ සංකල්පනය තුළිනි. එකිනෙකාට වෙනස් පුද්ගල ප්රභේද කොතෙකුත් බුදුදහමින් පිළිගැනී තිබේ. බුදුන් වහන්සේ තම ධර්මදේශනා ඉදිරිපත් කොට ඇත්තේ ද පුද්ගල වේමත්තතාව (විසමතාව) මත පදනම් වීමෙනි. අභිධර්මයේ එන පුග්ගලපඤ්ඤත්ති නැමති ග්රන්ථයෙහි විවිධ වෙනස්කම් ැති පුද්ගලයන් හඳුන්වා තිබේ.

අනුන්ගේ සුඛදුක්ඛ වෙදනාවන් තමන්ගේ ම සුඛදුක්ඛ වෙදනාවන් හා සාකල්‍යයෙන් සමානයයි වටහා ගැනීමේ මානසිකත්වය බුදුදහමේ සමානාත්මතා සංකල්පය මගින් ඉදිරිපත් වෙයි. මේ නිසා අනුනට දුකක් වෙදනාවක් ඇතිනොවන සේ ක්රියා කරමින් අනුන් සුවපත් කෙරෙන ක්රියාවන්හි නිරත වීමට පෙළඹවීමක් ඇති වෙයි. මෙම තත්වය ධම්මපදයෙන් මනාව පැහැදිළි කොට තිබේ.

සබ්බෙ තසන්ති දණ්ඩස්ස සබබෙසං ජීවිතං පියං 

අත්තානං උපමං කත්වා න හනෙය්‍ය නඝාතයෙ

හැමදෙනෙක් ම දඬුවමට බිය වෙති. හැම දෙනෙකුට ම තම ජීවිතය ප්රිය වෙයි. මේ තත්වය තමා හා සමාන කොට අනුන් ට කරන වධබන්ධන වලින් වළකින්නේය.

මේ වූ කලි අනුන්ට දුක් ඇති වන ක්රියාවලින් වැළකී ඔවුන් සුවපත් වන ක්රියාමාර්ගයන්හි නිරතවීමට මිනිසාට බල කෙරෙන විශ්වසාධාරණ ගුණාංගයක් ලෙස බුදුදහම සමානාත්මතාව ඉදිරිපත් කරයි. බුදුදහමේ කුසල අකුසල සංකල්පයන්ගේ පදනම වන්නේද මෙම සමානාත්මතාවමය. අන්න්ගේ හා තමන්ගේ යහපතට හා සැපතට එකසේ ඉවහල් වන ක්රියා කුසල ලෙසින් ද අනුන්ගේ තමන්ගේ දුකට අයහපතට එකසේ බලපාන ක්රියාකාරකම් අකුසල ලෙසින් ද අම්බලට්ඨිකා රාහුලොවාද සූත්රයේදී බුදුන් වහන්සේ විසින් හඳුන්වා දී තිබේ.

බුදුදහම සමානාත්මතා ගුණාංගය විශෙෂයෙන් ඉදිරිපත් කොට ඇත්තේ තමන්ගේ හා අනුන්ගේ සැපදුක් විෂයෙහි සමව පිහිටීම මගින් මුළුමහත් සමාජයකට උදාවිය හැකි උදාර යහපතක් අරමුණු කොට ගත් සමාජ සංදර්භයක් තුළය. හැම කෙනකුම සමානාත්මතාවෙන් බලන්නේ නම් සමාජ ඒකාබද්ධතාව ඉබේම ගොඩ නැගෙයි. සමාජයේ සෑම සාමාජිකයකුටම සමානව උරුම උරුම වියයුතු සමාජ වරප්ප්රසාද තමාගේ සුඛවින්දනයට පමණක් සීමා කරගැනීමට පෙළඹීම බෞද්ධ සමානාත්මතා සංකල්පයට එරෙහි වීමකි.

බුදුමහමේ සමානාත්මතා සංකල්පය ගැන මැතිසබයේදී කෙරුණු මන්ක්රීවරයකුගේ සඳහනකදී බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කොට ඇත්තේ සමානාත්මතාවක් නොව චතුරාර්ය සත්‍යයකැයි යනුවෙන් හැඟවෙන ප්කාශයක් රටේ ජනාධිපතිවරයා විසින් කරනු මෑතකදී අසන්නට ලැබිණ.  මෙම ප්රකාශය තුළ ගැබ් වී තිබුනේ රටේ ජනාධිපතිවරයා සමානාත්මතාව කෙරෙහි දක්වන විරොධී ආකල්පයයි.

බුදුන් වහන්සේ තම පළමු දෙසුමම වෙන් කොට ඇත්තේ චතුසත්‍යය හඳුන්වා දීමට බව පැහැදිළි සත්‍යයකි. එහි විවාදයක් නැත. එහෙත් මේ හඳුන්වා දීමෙන් පැහැදිළි කොට ඇත්තේ කුමක්ද? පළමු සත්‍ය දෙකෙන් දුක හා එය ඇතිවන ආකාරයත් දෙවැනි සත්‍ය දකෙන් සැප හා එය ඇති කර ගන්නා ආකාරයත්ය. තමන් වහන්සේ දේශානා කොට ඇත්තේ දුක හා දුක නැතිකිරීම බව අවස්ථා කිහිපයකදීම අවධාරණය කොට තිබේ. බුද්ධත්වයට පත් සිදුහත් බෝසතුන් තුළ පැවති සමානාත්මතා ගුණය හෙවත් තමන්ගේ හා අනුන්ගේ දුකසැප කෙරෙහි දැක්වූ සංවේදීතාව ම උන්වහන්සේගේ සත්‍යාවබොධයට මග හෙළි කොට තිබේ. ආරියපරියෙසන සූත්රයෙන්  මේ බව මනාව පැහැදිළි වෙයි. මේ සූත්ර දෙශනාවෙන් හෙළි වන්නේ දුකට ප්රතිපක්ෂ සැපත ගැන උන් වහන්සේ සිදු කළ ගවෙෂණයයි (කිං කුසලගවෙසී). එබැවින් උන්වහන්සේ අවබොධ කොට ලොවට පැහැදිළි කළ චතුසත්‍යයේ මූලික පදනම වන්නේ සමානාත්මතා ගුණාංගය බව රහසක් නොවේ.

දුක හා සැප බුදුදහමින් විවරණය වන්නේ ක්ෂෙත්ර දෙකක් තුළය. එකක් සාංසාරික ක්ෂෙත්රයයි. අනෙක සාමාජ ක්ෂෙත්රයයි. සාංසාරික දුක නැති වී ඉන් සුවය අත්පත් වන ආකාරය හේතුඵල දහමට අනුව පැහැදිළි කොට තිබේ. සමාජ දුකට ප්රධාන හේතුව ලෙස බුදුදහමින් හැඳින ඇත්තේ සමානාත්මතාව නොතකා මිනිසා සමාජය තුළ නොමනා ලෙස හැසීරීමයි. මේ දෙයාකාර වූ දුක්ඛ තත්වයන් වළකාගෙන සුවපත් වීම සඳහා මැදුම් පිළිවෙත නමින් සැළකෙන අංග අටකින් සමන්විත අරි අටඟ මග ඉදිරිපත් කොට තිබේ.

එහි පළමු අංගය වන සම්මා දිට්ඨිය ලෙස සැළකෙන්නේ සමානාත්මතාව පිළිගැනීමයි. සැරියුත් හිමියන් සම්මාදිට්ඨියේ ප්රධාන ලක්ෂණයක් ලෙස හඳුන්වා ඇත්තේ කුසලය හා කුසලමූලත් අකුසලය හා අකුසලමූලත් බිළිබඳ පිළිගැනීමයි. කුසල අකුසල සංකල්ප යනු තමාගේ හා අනුන්ගේ සුඛදුක්ඛයන්ට හේතු වන දේ බව මුලදී හඳුනා ගතිමු. සමානාත්මතාව යනු තමන්ගේ හා අනුන්ගේ සුඛදුක්ඛයන් පිළි ධරිමයබඳ සංවෙදිතාව ලෙස පිළිගන්නා විට එහිදී සිදු වන මානසික අභිප්රෙරණයන් අරිඅටඟ මගේ දෙවැනි අංගය වන සම්මා සංකල්ප වලින් ඉස්මතු වෙයි. එබඳු සංකල්ප තුනකි. නෙක්ඛම්ම, අව්‍යාපාද හා අවිහිංසා යනුවෙන් ඒවා හැඳින්වී ඇත. නෙක්ඛම්ම යනු අභිජ්ඣා හෙවත් දැඩිලෝභයට විරුද්ධ ධර්මතාවයි. එයින් දානය හෙවත් පරිත්‍යාගය අර්ථවත් වෙයි. 

අව්‍යාපාද යනු දැඩි තරහෙන් හෙවත් ක්රොධයෙන් ඉවත් විමයි. එය මිත්රශීලිත්වයයි. අවිහිංසා යන්නෙන් කිසිවකුට හිංසාපීඩා නොකිරීම පමණක් නොව අනුන්ගේ යහපත බලාපොරොත්තු වීම ද අපේක්ෂා කෙරෙයි. මෙසේ සමානාත්මතාව පදනම් මානසිකත්වය සම්මාවාචා හා සම්මාකම්මන්ත යන අංග දෙක තුළින් ක්රියාත්මක බවට පත් වෙයි. එයින් සිදුවන්නේ පුද්ගලයා සියලු වාචසික හා කායික දුසිරිත් වලින් ඉවත්වීමයි. මේ අනුව බලන විට බුදුදහමේ සමානාත්මතා ධර්මය කෙතරම් මහජන යහපතට හේතුවන අර්ථථසම්පන්න සංකල්පයක්දැයි පැහැදිළි වෙයි.

ජනතාවගේ දුකට හේතුවන, සැපතට බාධා කෙරෙන සමාජව්‍යසනයන් ඉවත් කර ගැනීම සමානාත්මතාවේ උපයොගිතාවයි. සමානාත්මතාව ක්රියාත්මක වන් සමාජය තුළ අප දකින්නේ සමාජසාධාරණත්වයයි. සමානාත්මතාව හා සමාජසාධාරණත්වය යනු එකිනෙකින් වෙන් කළ නොහැකි ගුණාංග දෙකකි. සමාජවරප්පරසාද සමස්ත සමාජයේම පොදු උරුමයකි. එබැවින් ඒවා සාධාරණව සෑම සාමාජිකයකු කෙරෙහිම සමසේ බෙදී යායුතුය. සමාජසාධාරණත්වයට යෙදෙන වෙනත් නමක් වනුයේ අපක්ෂපාතිත්වයයි. ඡන්ද දොස,  භය හා මොහ යන මානසිකත්වයන්ට යටත්ව ක්රියා කිරීම පක්ෂපාතී වීමයි.

සමාජයක් මෙහෙයවනු ලබන්නේ තනි තනි පුද්ගලයන් විසින් නොවේ. සමාජය සංවිධානාත්මකව නියාමනය කළහැකි පුද්ගලයකු හෝ පිරිසක් පත් කරගනු ලැබෙයි. රජය යනුවෙන් ගැනෙන්නේ ඒ් පුද්ගලයා හෝ පිරිස විසින් සමාජය මෙහෙයවනු සඳහා පිහිටුවා ගනු ලබන පාලන තන්ත්රයයි. සමාජසාධාරණත්වය ඉටු කිරීමේ වගකීම පැවරෙන්නේ එම පාලන තන්තරයටය. ආගම්, ජාති, කුල, දුප්පත් පොහොසත් වශයෙන් එන සමාජ භේදයන් නොතකා කිසිදු පක්ෂයකට සමාජ වරප්පරසාද අඩු වැඩි නොකොට සැමට සමසේ බෙදී යාමට සැළසේ නම් සමාජ සාධාරණත්වය ඉටු වෙයි. එබඳු සමාජයක ජනතාව ඒකාබද්ධය. සමගි සම්පන්නය. ප්රීතිමත්ය. ඔවුහු එක්ව සමාජ ප්රගතිය උදෙසා උද්යෝගයෙන් ක්රියා කරති. සමාජසාධාරණත්වය තුළ නීතියේ ආධිපත්‍යය ද සුරැකෙයි. කාටත් පොදුවේ උසස්පහත්කම් නොතකා කවුරුත් නීතියට යටත් කිරීම තුළින් සිදු වන්නේ සමාජ අසාධාරණත්වය සඳහා පෙළඹෙන්නන් එයින වළක්වාලීමයි.

සමාජ සන්දර් භය තුළ සමානාත්මතාව ක්රියාත්මක වීම බුදුදහමින් අපේක්ෂා කෙරෙන්නේ මූලික වශයෙන් පාලන තන්ත්රයේ තිරසාර සිද්ධාන්තයක් වශයෙනි. ඒ්මගින් සමාජව්‍යසනයන් මගින් ඇති කෙරෙන සමාජගත දුක්ඛදෝමනස්සයන් නිවාරණය කළ හැකි බැවිනි. එහිදී පාලන අධිකාරිය තුළ මෙම මූලධර්මය පිළිබිඹු වීම අත්‍යවශ්‍යය. රාජ්‍යපාලකයා ධර්මය ගරු කරන්නකු විය යුතුයයි (ධම්මං ගරුකරොන්තො) බුදුදහම අවදාරණය කරන්නේ එබැවැනි.  මෙහිදී ධර් මය යනුවෙන් අදහස් කරන්නේ සමානාත්මතාව මත පිහිටා සිදුකරනු ලබන සමාජසාධාරණ ක්රියාවලියයි. අගතිමත පිහිටා පක්ෂපාතීව ක්රියාකරමින් සමාජසාධාරණත්වය බිඳ හෙළන්නා ධර්මයට පිටුපාන්නකු ලෙස සිගාලොවාද සූත්රයෙන් පැවසෙයි.

 

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    thanks for your article.
    :
    ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ, බුද්ධාගම වෙනත් තැන්වල පවතී, නමුත් “සිංහල බුද්ධාගම” යනු මිථ්‍යාවන්හි ගිලී ඇති ජීවන රටාවක් සහ හින්දු ආගම විසින් ආධිපත්‍යය දරන දේවධර්මයකි. කවුරුහරි “සාදු සාදු” කියලා කෑගැහුවොත් අහන අනිත් කෙනා ඉබේම ඔහුව හෝ ඇයව අනුකරණය කරනවා. කවුරුහරි “බෝ ගහ” ලෙවකනවා නම්, ඔහු හෝ ඇය ප්‍රකට චරිතයක්, ප්‍රකට දේශපාලනඥයෙක් නම්, මිනිසුන් ඔහුව හෝ ඇයව අනුකරණය කරයි. නිදසුනක් වශයෙන්, මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සිටින මෝඩම මිනිසා ය, ඔහු මන්තර ගුරුකම්, ජ්‍යොතිෂය, මන්ත්‍ර ගුරුකම් හෝ නොපෙනෙන බලවේග විසින් වඩාත්ම නොමඟ යවනු ලැබේ. ඔහු මෙතෙක් ආසියාතික දේශපාලඥයින් අතරින් වැඩිම අපරාධකරුවෙකි. අදත් මම දැක්කා ඔහු සෙනඟ පිරිවරාගෙන අනුරාධපුරයට ඇවිදගෙන යනවා. මිථ්‍යාවන් විසින් මෙහෙයවන ලද එම රටෙහි කැපුම ගොඩනැගී ඇත්තේ එයයි.

    tbc

    • 1
      0

      cont.
      අපි සැබෑ බුදුදහම පිළිපදින්නේ නම්, “සැබෑ බුද්ධ ධර්මය” අනුගමනය කරනවා නම්, අපි “මිථ්යාවන්” ඉවත් කළ යුතුය. අඩුම තරමින් අපි ඔවුන්ගෙන් යම් දුරකට හෝ ගැලවිය යුතුය. වත්මන් ජනාධිපති ආර්.ඩබ්ලිව්. ඒ තරම් අන්ධ වී සිටින බවක් නොපෙනේ. එබැවින් මහින්ද රාජපක්ෂ මහතා මෙන් ඔහු මිත්‍යා මත පදනම් වූ සංගා සංස්කෘතිය හැර ධර්මය පසුපස යන සැබෑ බෞද්ධයෙකු බව පෙනේ.
      .
      මේ රටේ අපරාධකාර රාජපක්ෂලාගේ සිට සුපිරි ධනවතුන් දක්වා බොහෝ දෙනෙක් “මිථ්‍යාවන්”, “විෂ්ණු, කතරගම, සමනල, සිරිපා ආදී දෙවිවරුන්” පසුපස හඹා යති….. මන්තර ගුරුකම්, ජ්‍යොතිෂය, හදි හූනියම් වලින් අන්ධ වූ මිනිසුන් මම දැක ඇත්තෙමි.
      කෙසේ වෙතත්, එය දකුණු ආසියාතික රටවලට වඩා අග්නිදිග ආසියාතික රටවල බෙහෙවින් යහපත් ය. එහිදී මම හිතන්නේ අග්නිදිග ආසියාවට වඩා දකුණු ආසියාවේ මිථ්‍යාව ආධිපත්‍යය දරන බවයි. එක එක මිනිස්සු මිථ්‍යාවට වෙනස් විදියට හැසිරෙන්න හේතුව ඒකයි. වියට්නාමය බෞද්ධ රටක් කෙසේ වෙතත්, ඔවුන් සිංහල බෞද්ධයන්ට සාපේක්ෂව ඔවුන්ගේ හින්දු ආගමික විශ්වාසයන් සමඟ රැඩිකල් නොවේ.
      අද තායිලන්තය, බුරුමය, මියන්මාරය සහ තවත් බොහෝ බෞද්ධ රටවලද එසේමය. අද මේ ලෝකේ අපිට බුදුදහමේ නාමයෙන් වෙන දෙයක් දකින්න බල කරලා. “ත්‍රිපිටකයට” වැඩි ගෞරවයක් දෙනවාට වඩා “ජාතක කථා” මිත්‍යාදෘෂ්ටිය නිසා ධර්මය අඩු වැඩි වශයෙන් කොන් වෙනවා.
      ලංකාවේ බහුතර බෞද්ධයෝ “තෙරුවන් සරණයි” කියමින් පාරට බසින විට “ධර්මය” යනු කුමක්දැයි නොදනිති. බුද්ධාගමේ විෂයයන් තුන බුද්ධ, ධම්ම සහ සංඝ: කෙසේ වෙතත්,

  • 1
    0

    1/
    පහළොස් වසරක උදාසීනත්වය, උඩඟුකම, උතුරා යන ආත්මාභිමානය, සුළුතරයට අගෞරව කරමින් සියලු කරුණු විකෘති කරමින් සිංහල ජාතියේ ආධිපත්‍යය රැකගැනීම එකවර නිවැරදි කළ නොහැක. එය සියලු සංකීර්ණ වෛද්‍ය ප්‍රශ්න සමඟ මාරාන්තික රෝගාතුර වීම වැනිය.
    .
    මිනිසුන්ගේ විශ්වාසයන් සහ මාර්ග පිළිබඳ ඔවුන්ගේ ව්‍යාජ මහජන අවබෝධය අද ඔවුන් ඉදිරියේ අඳුරු වලාකුළක් බවට පත්ව ඇත. සමහර තරුණ අය මට කියනවා, “මේ ඔක්කොම අපේ මිනිස්සුන්ට හරස් ප්‍රශ්න අහන්න, හිතන්න බැරි නිසා”:
    .
    . මාධ්‍ය මාෆියාව මත්ද්‍රව්‍ය මාෆියාවට වඩා සැතපුම් ගණනක් ඉහළින් සිටී. 2022 නොවැම්බරයේ මට දළදා මාලිගාව නැරඹීමට අවස්ථාවක් ලැබුණත්, මම සෙනඟට අකමැති නිසා මම විනාඩි 30 කට වඩා එහි රැඳී සිටියේ නැත. හදිසියේම පන්සල අසල මහ පාරේ සිටින මැදිවියේ පිරිමින් වෙන කවරදාටත් වඩා හයියෙන් හිරිහැර කරමින් සුදු කාන්තාවන් පසුපස හඹා යති. ඒ සියල්ල වූයේ ඔවුන් පැමිණෙන සුදු සංචාරකයින් දෙස “ලිංගික වස්තූන්” ලෙස බැලූ බැවිනි: මොවුන් අපේ ජාතියේ සැබෑ තිරිසන් සතුන්ය. දුප්පත් ඉංග්‍රීසි යුවතියන් මුහුණ පෙන්වන්නට නොහැකිව ලැජ්ජාවෙන් වෙව්ලමින් සිටි අතර, මගේ අවවාදය වූයේ ඔවුන් පසුපස යන අය ගැන අවධානයෙන් සිටින ලෙසයි – එය ලෝකයේ ඕනෑම තැනක විය හැකිය … කෙසේ වෙතත්, මම කෝපයෙන් වෙව්ලමින් සිටියෙමි. අකීකරු හැසිරීම. ඒක මහ මගුලක්. අද මිනිස්සු නරකම තිරිසනුන් වගේ.
    :
    2/එබැවින් ඔබට ඇසෙන දෙය, ඔබ බවට පත්වන දෙය රැවටිලිකාර සහ අවදානමට ලක්විය හැකි එකම විකල්පයයි. උතුරු කොරියාවේ සහ පසුව lybi සහ අද ඉරානයේ ආදර්ශ පාඨය එකම ය.

    එම්ආර් ප්‍රමුඛ කණ්ඩායම් යහපත් අනාගතයක් සඳහා ජාතියට සත්‍ය සහ කරුණු පෝෂණය කරනවාට වඩා මාධ්‍ය අවභාවිත කිරීමට සහ “ටෙලි නාට්‍ය” සඳහා ප්‍රචාරය කිරීමට වංචනික මාධ්‍යවලට තම ආත්මය විකුණා ඇත. සෑම සන්ධ්‍යාවකම පාහේ පෞද්ගලික සහ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා ඊනියා ටෙලිනාට්‍ය වසංගතයට හසු වී ඇති අතර තරුණ තරුණියන් ලිංගික වෙබ් අඩවිවලට ගොදුරු වෙමින් සිටිති. ඉතින් එය නිවැරදිව දැකීමට ඔවුන්ගේ හිසෙහි ඉඩක් කොහිද? පෙර වාර්තා සියල්ල බිඳ දමමින් පවුල් කැඩී ගියේය. පසුගිය කාලයට සාපේක්ෂව මෑත කාලයේ වෙන්වීම් සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.
    .,
    tbc

  • 1
    0

    3/අම්මාව බලාගන්න, පුණ්‍ය කටයුත්තක් කරන්න ආපහු ගෙදර යන හැම වෙලාවකම මම ගොළු වුණා ඒත් මම ඒක හිතේ තියාගෙන හිටියා. සමහර දේවල් පැහැදිලි කරපු UNIVERSITY ඇකඩමිවලටත් මාව පිළිගන්න බැරි වුණා. OXFORD අධ්‍යාපනයක් ඇති ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු මහින්ද ඉදිරියේ දණින් වැටුණොත් දේශීය උපාධිධාරීන් ගැන තවත් කතා මොනවාද?

    ජී එල් පෙරී අද මාධ්‍ය හමුවට ලැජ්ජ නැතිව එයි කියා ඔබට සිතාගත හැකිද? මිනිසුන්ගේ නිරුවත දරාගත නොහැකි වන අතර, ආපසු හැරී බැලීමේදී, අනාගත විශ්ලේෂකයින් ශ්‍රී ලංකාව අද්විතීය “පරියා රාජ්‍යයක්” ලෙස විවේචනය කරනු ඇත.
    :
    3/
    අපේ ඊනියා සාරධර්ම සංසන්දනය කර ඒවා ඉදිරියේ බොරු කියමින් අපි බලවත් ජාතියක් යැයි මවා පෑම අද අවුල් ජාලයේ ප්‍රතිඵලයකි. මහ බැංකු සේවකයින්ගෙන් සැලකිය යුතු කොටසක් PHD දරන්නන් යැයි විශ්වාස කෙරේ, කෙසේ වෙතත්, ඔවුන්ගේ සංඛ්‍යාලේඛන නැවත සලකා බැලිය යුතුය. කබ්රාල් යටතේ ඔවුන් මුද්‍රණය කළ බොහෝ දේ දැඩි විවේචනයට ලක් විය. කබ්රාල් හැසිරෙන්නේ උණු වතුර භාජනයක සිටින කකුළුවෙකු ලෙසය.
    :
    පහුගිය අවුරුදු වල මේ අවුල හැදුවේ කවුද? අන් කිසිවකු නොව මහින්ද රාජකාෂේ සහ ඒ තක්කඩි පවුල ජාතියට ආදරය කිරීමට දරුවන් හා තරුණයන් ලෙවකමින්, බෝඩිම පෙන්වීමට ලෙවකමින්, තම ඡන්දදායකයින් ඩැහැගැනීමට ඊනියා “මාධ්‍ය සහ කලාකරුවන්” පසුපස යති. අන් අයට වඩා ආගමික වුවද, එය ඔවුන්ගේම බෙල්ල කපා ගැනීමකි.

    තාම මේ ජාතියෙන් 50%ක් ඉන්නේ මහින්ද රාජපක්ෂ පිටිපස්සේ නෙවෙයි, “සිම්බාබ්වේ මුගේ” කෙනෙක් හිටියේ නැහැ. ලයිබීරියානු ගඩාෆි හෝ ඒ හා සමාන පොප්මස් මිනිසුන්. මට එය නිවැරදිව කියවිය හැකිය, මහින්ද රාජපක්ෂගේ අවසාන කාලය පහසු නොවනු ඇත. මුළු ලෝකයේම සිටින ඕනෑම කුරිරු නායකයෙකුට වඩා ඔහුට එය ලැබිය යුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.