26 April, 2024

Blog

දිළිඳුකමට බුදුදහමෙහි විසඳුම් නැද්ද?

කපිල අභයවංස

මහාචාර්ය කපිල අභයවංස

දිළිඳුබව පුද්ගලයකුට මුහුණ දීමට සිදුවන පෞද්ගලික ප්රශ්නයක් බව පෙනී ගිය ද එය ඊට වඩා ඈතට ඇදී යමින් සමාජ, දේශපාලනික හා ආගමික වශයෙන් සංකීර්ණ වන ප්‍රශ්ණයකි. දිළිඳුබව යනු විවිධාර්ථවත්ය. මෙහිදී මෙම ලිපියෙහි අවධානය යොමු වන්නේ ආර්ථික දිළිඳුබව පිළිබඳවය. එම අර්ථයෙන් ගත් විට, පුද්ගලයකුට තමාගේ හා තම පවුලේ අවම අවශ්‍යතා ඉටුකර ගැනීමටවත් හැකි ආර්ථික ශක්තියක් නොමැති වීම දිළිඳුබව යන්නෙන් අර්ථ ගැන්විය හැකිය. එබඳු තත්වයක් යටතේ පුද්ගලයකුට තම ජීවිතය පවත්වා ගැනීම අතිශයින් දුෂ්කර වෙයි. බෙහෙවින් දුක්බර ජීවිතයකට එයින් මග පෑදෙයි. දිළිඳුබව හා බැඳුණු තවත් දුක් රැසක් ගැන බුදුන් වහන්සේ විසින් ද අංගුත්තර නිකායෙහිදී පැහැදිළි කොට ඇත.

දුකින් තොරව සුවබර ජීවිතයක් ගෙවීම හැම පුද්ගලයකුගේ ම මූලික අපේක්ෂාවයි. එම අරමුණ ඉටුකරගැනීමට තරම් ආර්ථික ශක්තියක් තමා සතුව නොමැතිවිට හොඳින් හෝ නරකින් එය ඉටු කර ගැනිමට පෙළඹීම මිනිසුන්ගේ ස්වභාවයයි. දිළිඳුකම සමාජ ප්රශ්නයක් වන්නේ මිනිසා තම අවශ්‍යතා වැරදි මාර්ගවලින් ඉටු කරගැනීමට පෙළඹීම නිසාය. ජීවත් වීමට ඇති ආශාව සියලු සදාචාර සීමා බිඳ දමයි. ආර්ථික අහේනිය නිසා ජීවිතය පවත්වා ගත නොහැකි වන විට අනුන්ගේ දේ කඩා වඩා ගැනීමට පෙළඹීම පුදුමයක් නොවේ. මේ නිසාම සමාජයෙහි ඇතිවන ගැටුම් හේතුවෙන් පැනනගින ප්රශ්න බෙහෙවින් සංකීර්ණ තත්වයට පත් වෙයි.

දිළිඳුබව සමාජයක පැතිරයාම දේශපාලන අධිකාරියට ද බලපාන ප්‍රශ්ණයකි. රාජ්‍යයක සියලු පුරවැසියන්ගේ ජීවිත සුවපහසුවෙන් පවත්වා ගැනීම සඳහා සුදුසු පරිදි ආර්ථික කළමනාකරණය දේශපාලන අධිකාරියේ පැහැර නොහැරිය හැකි වගකීමකි. ජාතික ආරක්ෂාව මෙන්ම ආර්ථික කළමනාකරණය ද රජයක අනිවාර්ය වගකීම් අතරට එයි. රජයක ආර්ථික වගකීම් මනාව ඉටු නොවන්නේ නම් ජාතික ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය​ ආදී අන් හැම ප්‍රශ්ණයකට ම හේතුව ද එය වනු ඇත.

සමාජයක සියලුම ප්‍රශ්ණවලටම පාහේ ප්‍රධානතම හේතුවක් වන දිළිඳුකම සමාජ පිළිලයෙකි. එය සමාජ දේහය තුළ පවතින තෙක් සමාජ සුවයක් බලාපොරොත්තු විය නොහැකිය. දිළිඳුබවේ දුක මිනිසුන්ට විඳීමට සිදු වී ඇත්තේ ඇයි? දිළින්ඳා සදාතනිකව ම දිළින්ඳකු විය යුතුද? දිළිඳු බවින් නිදහස් විය නොහැකිද? මිනිසුන් දිළිඳුවීම මිනිසුන්ට පාලනය කළ නොහැකි කිසියම් බලවේගයක කැමැත්ත අනුව සිදුවීමක් ද? මෙබඳු ප්‍රශ්ණ හමුවෙහි බුදුදහමේ ආකල්පය කිමෙක්දැයි විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණ වෙයි.

බුදුදහම දුක හා දුකින් නිදහස් වීම ප්‍රධාන තේමාව කොට ගත් දහමකි. දුකත් දුකට ‌හේතුවත් දුකින් නිදහස් වන ආකාරයත් නිබඳවම බුදුදහමින් සාකච්ඡා කෙරෙයි. දුක පිළිබඳව බුදුදහමින් කෙරෙන විග්‍රහයන් විමසිල්ලෙන් බලන විට පෙනී යන්නේ දෙයාකාර දුකකට මිනිසා මුහුණ දී සිටින බවයි. එයින් පළමුවැන්න උපත හා උරුම වී ඇති දුකයි. එය උපත පවත්තා තාක් අනිවාර්ය වූවකි. දෙවැන්න මිනිසා විසින් උවමනාවෙන් ම තනා ගනු ලබන දුකයි. එය ජීවිතය තුළ අනිවාර්ය වූවක් නොවේ. එය ජීවිත කාලය තුළදීම වෙනස් කර ගැනීමේ හැකියාව මිනිසා සතුව ඇත. දුක සැපතට හරවා ගැනීමට මෙහිදී හැකි වෙයි. දිළිඳුබව මෙම දෙවැනි ගණයට අයත් වන දුකකි. මෙම දෙයාකාර දුකින් ම නිදහස ලබා සුවපත් වන ක්රම සහ විධි බුදුදහමෙහි සාකච්ඡාවට බඳුන් වී ඇත.

සමාජ ප්‍රශ්ණ පිළිබඳව සාකච්ඡා නොවුණු අවධියක දිළිඳුබව දුකක් බව පළමුවරට සමාජගත කොට එයට විසඳුම් සාකච්ඡා කොට ඇත්තේ බුදුදහම මගිනි. දිළිඳු බවේ දුක පදනම් කොට ගෙන විවිධාකාර දුක් රැසකට ගිහි ජනතාවට මුහුණ පෑමට සිදුවන සැටි බුදුන්වහන්සේ විසින් පැහැදිළි කොට තිබේ (දාළිද්දියං භික්ඛවෙ දුක්ඛං ලොකස්මිං කාමභොගිනො). දිළිඳුබව ඇති වීමට හේතු මෙන් ම එය පුද්ගල හා සමාජ ජීවිතයෙන් ඉවත් කොට ගෙන සුවපත් බව ලඟා කර ගන්නා සැටිද බුදුදහමින් යෝජනා වී තිබේ.

දිළිඳු බව සම්බන්ධයෙන් බුදුදහම ඒක හේතුවාදයක නොපිහිටයි. නිර්ධන භාවයට හේතුවන කරුණු කිහිපයක් ම දැක්වී ඇත. එයින් එක් හේතුවක් කොට දැක්වෙන්නේ කර්මයයි. බුදුදහමෙහි කර්මය පුද්ගලයාට කිසිදු සම්බන්ධයක් නැතිව පවත්නා අදෘශ්‍යමාන කිසියම් බලවේගයක් නොවේ. එය පුද්ගලයා විසින් ම කරනලද කවරම හෝ සචේතනික ක්‍රියාවකි. සචේතනික ක්‍රියාවක වගකීම එය කරන ලද පුද්ගලයාටම පැවරෙයි. ඒ අනුව දිළිඳුකම නමැති විපාකය හා බැඳුණු ක්‍රියාවක ප්‍රතිඵලය​ක් ලෙස දිළිඳුබව ඇති වේයයි චුල්ලකම්මවිභංග සූත්‍රයෙහි දැක්වෙයි.

මෙහිදී අවධාරණය කළයුතු වන්නේ කර්මය දිළිඳුබව ඇති කරවීමේ එකම හේතුව කොට බුදුදහමෙහි පිළිගැනීමක් නැති බවයි. එපමණක් නොව කර්මය මැඩ​ පවත්වා තම අභිලාශයන් මුදුන් පත් කර ගැනීමේ හැකියාව පුද්ගලයා සතුව ඇති බව ද පිළිගැනෙයි. එහෙත් අද ලාංකික බෞද්ධ සමාජය තුළ මෙම කර්මවාදය වරදවා ගත් සැටියක් දක්නට ලැබේ. තමන් දුක්ඛිත බවට පත් වු විට එයින් නිදහස් වීමට වෑයම් නොකොට ‘මේ අපේ කරුමයයි’ කියමින් ජනතාව කරුමවාදයක් කරපින්නාගෙන සිටින්නේ මෙම වරදවා ගත් කර්මවාදය නිසාය. ඇතැම් ධර්මදේශකයන් වහන්සේලා විමානවත්ථු හා පෙතවත්ථු වල එන කථාන්තර රස ගන්වමින් කරන ධර්මදේශන මගින් ද බෞද්ධවිරොධී කරුමවාදය මිනිසුන්ගේ සිත්තුළ රෝපණය කරමින් තහවුරු කෙරෙයි.

ලාංකික බෞද්ධ ජනතාව බොහෝ කොට දිළිඳු බවෙහි ගැලී සිටීමේ හේතුවක් වී ඇත්තේ ද මෙම කරුමවාදය බව කිවයුතුය. දිළිඳුබවින් නැගීසිටීමට ගතයුතු ක්‍රියාමාර්ග​ ගැනීමට මිනිසුන් පසුබැස ඇත්තේ ද මේ නිසාය. බුදුදහම කම්ම වාදය මෙන් ම කිරිය වාදය හා විරිය වාදය එකසේ පිළිගනියි. කම්මවාදය මගින් සදාචාර නියමයක් (moral order) පිළිගැනෙන අතර කිරියවාදය මගින් පුද්ගලයා කරන ක්‍රියාවවන් ප්‍රතිඵල සහිත බවත්, විරිය වාදය මගින් පුද්ගල වීර්යයෙහි අභියෝග​ ජයගැනීමේ ශක්තිය ඇති බවත් අවධාරණය කෙරෙයි.

කර්ම ශක්තිය අභිභවා යාමට හැකි බව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා වායාමය පිළිබඳ විවරණය මගින් පැහැදිළි වෙයි. අනෙක් අතට කර්මයට අවශ්‍ය ලෙස පුද්ගලයා මෙහෙයවේ නම් බුදුන්වහන්සේ විසින් ඉදිරිපත් කළ ආධ්‍යාමික ප්‍රතිපත්ති අර්ථශූන්‍ය වෙයි. එසේම වීර්යය තුළින් අත්පත් කරගත හැකි ආධ්‍යාත්මික හා භෞතික සංවර්ධනය පිළිබඳ බුද්ධ දේශනා හිස් ප්‍රලාප​ බවට පත් වෙයි.

දිළිඳු බවට හේතුකාරක වන තවත් කරුණක් ලෙස දැක්වෙන්නේ පුද්ගලයාගේ අයථා හැසිරීමයි. මෙම හැසිරීම් පරිහානියේ දොරටු (අපායමුඛ) ලෙසින් සිගාලොවාද සූත්‍රයෙහි දැක්වෙයි. මත්පැනට ඇබ්බැහිවීම, නොකල්හි තැන් තැන්වල හැසිරෙමින් කාලය කා දැමීම, විනෝදාස්වාදයට වැඩියෙන් යොමුවීම, සූදු අන්තුවකු වීම, පවිටු මිතුරන් ඇසුර හා අලස බවින් කල්ගෙවීම යන මෙම කරුණු ධනවතකු වුව ද නිර්ධනයකු කිරීමට හේතු වෙයි.

සමාජයේ දරිද්‍ර​තාවය​ට හේතු වන ප්‍රධාන​ කරුණක් ලෙස දැක්වෙන්නේ රටක පාලන තන්ත්‍රයේ පවත්නා ආර්ථික කළමනාකරණයේ අසාර්ථකත්වයයි. බුදුදහමට අනුව සමෘද්ධිමත් ආර්ථික සංවර්ධනයක් රටකට උරුම වනුයේ පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ අන්‍යෝන්‍ය සහයෝගය​ හා සහභාගිත්වය මතය. පාලක පක්ෂයේ වගකීම වන්නේ පෞද්ගලික අංශයේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මූලධනය වැනි මූලික අවශ්‍යතා ඒ ඒ ව්‍යාපාරයන් අනුව ප්‍රදානය​ කිරීම පමණක් ම නොවේ. වර්තමානයෙහි ආර්ථිකය හැසිරවීම ද රජයට පැවරී ඇති බැවින් නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් අපහසුතාවන්ට පත් නොවන අයුරින් එම නිෂ්පාදන බෙදාහැරීමේ ක්‍රියාවලිය සඳහා සුදුසු කළමනාකරණ යාන්ත්‍රණ​යක් ක්‍රියාත්මක කිරීමද රජයේ වගකීමට යටත් වෙයි.

බුදුදහම ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියෙහි රාජ්‍ය වගකීම් ගැන කූටදන්ත හා චක්කවත්ති සීහනාද වැනි සූත්‍ර ධර්ම මගින් පාලකයන් දැනුවත් කිරීමට උත්සාහ දරා ඇත. ජනතාව තුළ වෘත්තීය තෘප්තිය ඇති කරලීමට අවශ්‍ය සියළු පහසුකම් සැපයීම රජයේ වගකීම කොට දැක්වෙයි. ප්‍රමාණවත්ව රාජ්‍ය සහභාගිත්වය සැළසෙන්නේ නම් ජනතාව උනන්දුවෙන් ව්‍යාපාර කටයුතුවල යෙදෙනු පමණක් නොව එමගින් ඇති වන ව්‍යාපාර සාර්ථකත්වය නිසා රාජ්‍ය ආදායමට ද නොමසුරුව දායකත්වය දක්වනු ඇත. ජනතාව රට වෙනුවෙන් වැඩ කිරීමට සතුටින් ඉදිරිපත් වන්නේ ඔවුනට රාජ්‍ය අනුග්‍ර​හය නොමඳව ලැබෙන්නේ නම් පමණි. කෘෂිකර්මයේ සංවර්ධනය උදෙසා රජය ක්‍රියා කළ යුතු ආකාරය අට්ඨකථාවක පැහැදිළි කොට ඇත්තේ මෙසේය. රජයෙන් කලින් සපයා ඇති පහසුකම් ප්‍රමාණවත් නොවේ නම් නැවත නැවතත් බිත්තර වී, වැටුප් හා කෘෂිභාණ්ඩ සැපයිය යුතුය (දින්නේ අප්පහොන්තෙ අඤ්ඤානිපි බීජං ච භත්තං ච කසි-පරිභණ්ඩං ච සබ්බං දෙතු).

දිළිඳු බවින් මිදී ආර්ථික සුඛිත මුදිතතාවක් ඇති කර ගැනීමට පෞද්ගලික අංශය උනන්දු කරවීම සඳහා බුදුදහම දරන තැත අතිශයින් ම සිත් ගන්නා සුලුය. ‌මෙහි ලා ඉදිරිපත් කර ඇති බුදුන් වහන්සේගේ අදහස් දිළිඳුකම කරුමයේ උරුමයක්ම කර ගන්නවුන්ට සපයන ලද කදිම පිළිතුරක් වැන්න.

පුද්ගලයකුගේ ආර්ථික සමෘද්ධිය සඳහා උපයෝගී කර ගත යුතු සාධක සතරෙකි. ඒ උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, සමජීවිකතා හා කල්‍යාණමිත්තතා යනුයි. උට්ඨාන සම්පදා යන්නෙන් අදහස් වන්නේ දැඩි උත්සාහයෙන් හා වීර්යයෙන් යුතුව ක්‍රියා කළයුතු බවයි. කරුමය යන හැඟීම මිනිසා කුසීත කරවන සිතුවිල්ලකි. වීර්යය කර්මය ද යටපත් කරවන අර්ථසාධක බලවේගයකි. “වීර්යයට දුක් මැඩ​ගෙන ඉදිරියට යාමේ බලයක් ඇත” (විරියෙන දුක්ඛං අච්චෙති) යන්න බුද්ධ දේශනයකි. ධනෝපායනයේදී වීර්යය යෙදිය යුතු ආකාරය ගැනද බුදුන් වහන්සේ විසින් පැහැදිළි කොට තිබේ. තමා යෙදෙන කවර වුවද රැකියාවකදී නැගී සිටි වීර්යයෙන් (උට්ඨානවිරියාධිගතෙහි) දෑතේ ශක්තියෙන් (බාහාබල පරිචිතෙහි) හා දහදිය පෙරෙන කයින් (සෙදාවක්ඛිත්තෙහි ගත්තෙහි) ක්‍රියා කළයුතු බව බුදුන් වහන්සේ දෙන උපදේශයයි. තම ශක්තියට අනුරූප ලෙස සුදුසු දෙය කරන, වගකීම් සහිත උත්සාහවත් පුද්ගලයා ධනය අත්පත් කර ගනියි (පතිරූපකාරී ධුරවා උට්ඨාතා වින්දතෙ ධනං). මෙහිදී විශේෂයෙන් ම අවධාරණය කළ යුත්තක් නම් මෙසේ වීර්යයෙන් ක්‍රියා කළ යුත්තේ ධාර්මික ව්‍යාපාරික කටයුතු විෂයෙහි බවයි.

ආර්ථික සංවර්ධනයේ දෙවැනි සාධකය වන්නේ ආරක්ඛ සම්පදාවයි. මෙයින් අදහස් වන්නේ වෙර දරා මහන්සියෙන් උපයාගත් ධනය හෝ සම්පත් මෙන් ම ව්‍යාපාරය ද නිසි පරිදි ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනයයි. සොරසතුරු ආපදා විපත් ආදියන් ඒවා විනාශවීමට ඉඩ නොතබා ආරක්ෂක විධිවධාන සැළසීම අත්‍යවශ්‍ය වෙයි.

තෙවැන්න සමජීවිකතාවයි. උපයන ආකාරයට අනුව වියපැහැදම් කිරිමේ අවශ්‍යතාව මෙයින් අවධාරණය කෙරෙයි. වෙන ලෙසකින් පවසතොත් මෙයින් අදහස් වන්නේ අයවැය සමව පවත්වා ගැනීමයි. පුද්ගලයකුගේ, පවුලක හෝ රටක ආර්ථිකයට බෙහෙවින් ම හිතකර වන මෙම ප්‍රතිපත්තිය බුදුන්වහන්සේගේම හඳුන්වාදීමක් ලෙස සැළකිය හැකිය. තමන්ගේ ආදායම් ගැන හැඟීමකින් තොරව එය ඉක්මවමින් වියදම් කරන්නේ නම් කිසිවිටෙක ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය. සමහර පුද්ගලයන් මෙන් ම සමහර රටවල් ද තම ආදායම් ඉක්මවා අනවශ්‍ය වියපැහැදම් කොට මදි වූ විට ණයෙන් යැපීමට කටයුතු කරනු පෙනේ. සමජීවිකතාව නොසළකා හැර අනිසි ලෙස වියදම් කිරීමෙන් දිළිඳු බවට පත් වේ යන්නට නිදසුනක් ලෙස වර්තමාන ශ්‍රී ලංකාව දැක්විය හැකිය.

සිවුවන සාධකය වන්නේ කල්‍යාණමිත්තාවයි. කල්‍යාණ මිත්‍ර​යන් ඇසුරු කිරීමද ආර්ථික සංවර්ධනයට හේතු වන්නකි. පාපමිත්‍ර​යන් ඇසුර ධනහානියට හේතු වන්නා සේම කලණ මිතුරන් ඇසුර සම්පත් වැඩිදියුණු කර ගැනීමට හේතු වෙයි. කලණ මිතුරා නිතරම සම්පත් නිසි පරිදි වියපැහැදම් කිරීමට මෙන් ම ඒවා වැඩිදියුණු කර ගැනීමට ද උපදෙස් දෙයි.

බුදුදහම මෙම ආර්ථික ප්‍ර​තිපත්ති ඉදිරිපත් කොට ඇත්තේ කර්මයේ උරුමයයි සිතමින් දිළිඳු බවේ ගැලී සිටින ජනතාව එයින් මුදවා ඔවුනට සුඛිත මුදිත ජීවිතයක් අත්කරදීමේ අටියෙනි. මෙම ප්‍ර​තිපත්ති පුද්ගලයකුගේ හෝ පවුලක ආර්ථිකයට පමණක් නොව රාජ්‍ය තන්ත්‍රයක ආර්ථිකයට ද එක සේ වැදගත් වෙයි. තමන් බෞද්ධයයි ලේබල් ගසා ගැනීම වෙනුවට මෙම ප්‍ර​තිපත්ති තම ජීවිතයට හෝ  රාජ්‍ය තන්ත්‍රයට යොදා ගැනීමෙන් ආගමක් වශයෙන් නොව ජීවන දර්ශනයක් වශයෙන් බුදුදහමේ වටිනා කම පසක් වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    මහාචාර්යතුමා, ඔබේ ලිපිය අගය කළයුතු ලිපියක්. මාතෘකාවට අදාලව මගේ අදහස් නම් වෙනස්.
    ඔබ කියනව “තමන් දුක්ඛිත බවට පත් වු විට එයින් නිදහස් වීමට වෑයම් නොකොට ‘මේ අපේ කරුමයයි’ කියමින් ජනතාව කරුමවාදයක් කරපින්නාගෙන සිටින්නේ මෙම වරදවා ගත් කර්මවාදය නිසාය” කියලා.
    මම හිතන විදිහට මිනිස්සු දුක්ඛිත බවට පත් වූ විට නෙමෙයි, අසරණ බවට පත් වූ විටයි ‘මේ අපේ කරුමයයි’ කියලා හිතන්නේ.
    පැහැදිලිවම, ‘කරුමය’ සහ ‘කර්මය’ කියලා කියන්නේ දෙකක්.
    1) ‘කරුමය’ හෙවත් දෛවය හෙවත් ඉරණම කියන්නේ කෙනෙක්ගේ අතීතය. ඒක වෙනස් කරන්න බැරි දෙයක්. හේතුව ‘කරුමය’ කෙනෙකුට හිමිවුනු දෙයක් මිස කෙනෙකු තෝරාගත් දෙයක් නෙමෙයි. එහෙම තෝරා ගැනීමක් කරන්න අවස්ථාවක් නැහැ. උදාහරණයක් විදිහට තමන් උපදින්නේ කොතනද කියන එක කෙනෙකුට තෝරා ගන්න බැහැ. කෙනෙක් ඉන්න තත්වය දිහා සුභවාදීව බලන කොට ‘ඉරණම’ විදිහටත්, අසුභවාදිව බලන කොට ‘කරුමය’ විදිහටත් මිනිස්සුම වර්ග කරගන්නවා.
    1/3

    • 0
      0

      2/3
      .
      2) ‘කර්මය’ කියන්නේ කෙනෙකුගේ වර්තමාන සහ අනාගත ක්‍රියාවන්. ‘කරුමය’ වගේ නෙමෙයි ‘කර්මයට’ තෝරා ගැනීමක් තියෙනවා. තමන් හොඳ ක්‍රියාවක් කරනවද, නරක ක්‍රියාවක් කරනවද කියන එක තමන්ට තීරණය කරන්න පුළුවන්.
      බුද දහමට අනුව කර්මය විපාක දෙනවා. ඒ හින්ද කුඩා කාලයේ පටන්ම සිංහල බෞද්ධ ගෙවල්වල දරුවන්ව හොඳ ක්‍රියාවල යෙදෙන්න පුරුදු කරනවා. උදාහරණයක් විදිහට, අපි පොඩි කාලේ අපිට කියනව සත්තු මරන්න එපා, අපායේ යයි. බොරු කියන්න එපා, අපායේ යයි. අනුන්ගේ දේ ගන්න එපා අපායේ යයි. ඒ කියන්නේ පොඩි කාලයේ ඉඳන්ම අපි දන්නවා මේ ක්‍රියාවන් (කර්ම) වැරදියි, ඒවා කලොත් නරක විපාක දෙනවා කියලා.
      ඒ විදිහටම පොඩි කාලෙදිම හොඳ දේ කරන්නත් පුරුදු කරනවා. හොඳ දේ කලොත් දිව්‍ය ලෝකේ යනව, දිව්‍ය සම්පත් ලැබෙනවා කියලා ළමයින්ට කියනව. මෙතෙන්දි සමහරු මේ අපාය සහ දිව්‍ය ලෝකය කියන වචන දෙක සමච්චලයට ලක් කරන්න පුළුවන්. නමුත් මම නම් දකින්නේ බුදු දහම සරල භාෂාවෙන් අවබෝධ කරගන්න පහසු වෙන විදිහට හොඳ විපාක සහ නරක විපාක කියන වචන වලට පාවිච්චි කරපු ‘ආදේශක වචන’ දෙකක් තමයි දිව්‍ය ලෝකය සහ අපාය.

      • 0
        0

        3/3
        .
        මම දවසක් ලංකාවේ වැඩ කරපු විදේශික කාන්තාවකගේ ලිපියක් කියැව්ව. ඇය මවිත වෙනවා කුඩා කාලයේ පටන්ම ලංකාවේ සිංහල බෞද්ධ දරුවන් බුදු දහමට අනුව ජීවත් කරන්න පුරුදු කරලා තියෙන විදිහ ගැන. ඇය උදාහරණයක් විදිහට ඇයගේ අත්දැකීමක් ගැන ලියලා තිබුනා. දවසක් ඇය පාසල් දරුවෙක් එක්ක පාරේ යනකොට කාසියක් බිම වැටිලා තිබුනලු. ඇය අර දරුවට කිව්වලු ඒ කාසිය අහුලා ගන්න කියලා. අර දරුවා අහුලා ගත්තේ නැහැලු. පෙරැත්ත කරලා කිව්වත් අහුලා ගත්තේ නැහැලු. ඊට පස්සේ ඒ කාන්තාව කාසිය අහුලලා බලෙන් දරුවාගේ අතේ තිබ්බලු. ඊට පස්සේ ටිකක් දුර යනකොට ඇය දැක්කලු දරුවා අර කාසිය හිමිහිට බිමට දමනවා.
        මේ තමයි සිංහල බෞද්ධ දරුවන් කර්මය ගැන ඉගෙන ගෙන තියෙන පාඩම.
        අපි ඉස්කෝලේ යන කාලේ කාසියක් බිම වැටිලා තියෙනව දැක්කොත්, ‘ආනන්ද, සර්පයෙක්’ කියලා අත දික් කරලා ඒක අනිත් අයට පෙන්නලා හිනාවෙලා නිකම් ඉන්නවා. කවුරුවත් අහුලන්නේ නැහැ. අනුන්ගේ දේ ගන්න එපා කියල පොඩි කාලේ අපි ගෙදරින් ඉගෙන ගත්ත පාඩම වැඩිහිට්යන් වෙලා අදටත් අපි පිළිපදිනවා.

  • 0
    0

    දිළිඳුකමට බුදු දහමෙහි විසඳුමක් නැත්ද? තියෙනව. මගේ අදහස නම් විසඳුම, බුදුරජාණන්වහන්සේ ඉගැන්වූ මධ්‍යම ප්‍රතිපදාව පිළිපැදීම. හරිම සරල විසඳුමක්.
    ලංකාව දිහෑ බැලුවත් ලෝකය දිහෑ බැලුවත් පැහැදිලිව පෙනෙන දේ තමයි මුළු සම්පත් වලින් සියයට 90ක්ම භුක්ති විඳින්නේ සියයට 10ක පමණ කුඩා පිරිසක් බව. මේ හේතුව හින්ද සියයට 90ක් තරම් විශාල පිරිසකට ඉතුරු වෙලා තියෙන්නේ සියයට 10ක පමණ කුඩා සම්පත් ප්‍රමාණයක්.
    මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවත් වුනා නම්, තමන්ට වැඩි පුර තියෙන දේ අනුන් සමඟ බෙදා හදා ගන්නවා. ලංකාවේ බෞද්ධයන් වුනත් බොහෝ ධනවත් මිනිස්සු පොදි ගහගෙන ඉන්නවා. නැති මිනිස්සු තමයි බෙදා හදා ගන්නේ.

  • 0
    0

    ලංකාවේ පාලකයා නියම සිංහල බෞද්ධයෙක් වෙනතුරුම ලංකාවේ දුප්පත්කම නැති වෙන්නේ නැහැ.
    සිංහලද්විපයේ අන්තිම සිංහල රජ්ජුරුවෝ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසුව මේ දක්වාත් අද වෙනතුරුත් නියම සිංහල බෞද්ධයෙක් රට පාලනය කරලා නැහැ. ඔක්කොම බෞද්ධයෝ වෙන්නේ නමට. පාලන බලය ගන්න විතරයි.
    ගන්න හැම තීරණයක්ම ගන්නේ තමන්ට හෝ තමන්ගේ කෙනෙකුට අල්ලසක්, කොමිස් මුදලක් ලැබෙන විදිහට. නැතනම් ගෑස් රුපියල් 1000කින් වැඩි කරන්න, කිරිපිටි රුපියල් 250කින් වැඩි කරන්න සමාගම් වලට ඉඩ දෙයිද? ඒ සමාගම්, පාලකයන්ට දීපු කොමිස් හිලව් කරගන්න භාණ්ඩ වල මිල වැඩි කරනවා. ඊළඟට එන්නත් සහ වෙනත් දේ අඩු මුදලට අරගෙන, වැඩි ගානක් දාල රාජ්‍ය මුදල් හොරකම් කරනවා.
    ලංකාවේ රාජ්‍ය පාලකයා නියම සිංහල බෞද්ධයෙක් වුනා නම් මුලින්ම කරන්නේ තමන් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් අන්‍යයන්වත් ඊට හුරු කිරීම.
    අද රටේ ජනාධිපති, අගමැති පුදුම විදිහට රාජ්‍ය ධනය විනාශ කරනවා. තමන්ගේ ධනවත් නෑ හිතවතුන් මිතුරන්ට විවිධ තනතුරු දීල රජයෙන් යැපෙන්න සලස්වලා තියෙනව. මහා ධනවත් ව්‍යාපාරිකයන් රජයේ විවිධ තනතුරු බාරගෙන කිසි ලැජ්ජාවක් නැතුව ජනතා මුදලින් යැපෙනවා. විශාල වාහන ප්‍රමාණයක්, හෙලිකොප්ටර්, ආරක්ෂක අංශ වල පිරිස්, ඔවුන්ගේ පවුල් පිටින් පාවිච්චි කරනවා. මේ රටේ මොන තරම් මිනිසුන් පිරිසක් ජීවත් වෙන්න අරගලයක් කරනවද කියලා ජනාධිපති, අගමැති නිකමට හිතන්නේ නැහැ. මිනිස්සු ගැන කිසි හැඟීමක් නැහැ. හේතුව ඔවුන් බෞද්ධයන් නෙමෙයි. බෞද්ධයෙක් නම් මිනිස්සුන්ගේ දුක දැක්කම හිත උණු වෙනවා.

    • 0
      0

      දේශපාලකයෝ එදා ඉඳන්ම ජනතාවගේ දුප්පත්කම අසරණකම වවාගෙන කනවා. සමහර හාමුදුරුවරුත් එහෙමයි. කිසි ලැජ්ජාවක් නැතුව දැන් ආපහු මිනිස්සුන්ගේ අසරණකමින් පාලකයන්ට ප්‍රයෝජන අරන් දෙන්න හදනවා. සමහර හාමුදුරුවරුම කියනව පාලකයන් ඉස්සෙල්ල තමන් (ආණ්ඩුව) ගැන හිතලා ඊළඟටලු ජනතාව ගැන හිතන්න ඕනේ. කොහොමද ඒ කතාව? ලැජ්ජයි.
      චන්දයක් ළඟ එනවා. පළාත් සභා චන්දය හින්ද දැන් පාලකයන්ට දරුවෝ මතක් වෙනවා. හරක් මතක් වෙනවා. හාමුදුරුවරු මතක් වෙනවා. ඒ හින්ද හාමුදුරුවරුන්ට විවිධ ප්‍රදානයන් දෙනවා.
      මේ පාර චන්දෙට හාමුදුරුවරුන්ට දෙන ප්‍රදානය තමයි හොර කුෂිනගර් වන්දනාව. ඒකට ඉන්දියාව පාලකයන්ට කොමිස් මුදලක් දෙනවා. අපේ හාමුදුරුවරුත් ලැජ්ජාවක් නැතුව බොරු බව දැන දැනම බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය කියලා බොරු කුෂිනගර් වන්දනාවේ යනවා. නැත්නම්, සූත්‍ර පිටක කියවලා තේරුම් ගත්ත කිසි හාමුදුරුනමක් ඉන්දියාවට යන්නේ නැහැ බුදුරජාණන්වහන්සේ වැඩ සිටි ස්ථාන බලන්න.

      • 0
        0

        බලන්න, මහාපරිනිබ්බාණ සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනව බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය.
        ඒ ස්ථානය මොන විදිහකටවත් ඉන්දියාවේ කුෂිනගර් නෙමෙයි.
        මහාපරිනිබ්බාණ සූතයට අනුව, බුදුරජාණන්වහන්සේ රජගහ නුවර සිට කුසිනාර නුවර දක්වා ආගමනේ පහු කරපු ස්ථාන ගැන සඳහන් වෙනවා. කකුත්ත නදිය, අඹවන (මේ වචනේ ඒ විදිහටම තියෙනව), ඊට උඩින් තිබ්බ හිරන්නවතී ගඟ, උපවත්තන සල් උයන. මේ ඔක්කොම අපේ සිංහල නම්.
        කුසිනාරාවේ මුල් නම කුසවතී කියලා බුදුරජාණන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනව.
        ‘වතී’ කියන වචනය, මට තේරුම් යන විදිහට, පාවිච්චි කරලා තියෙන්නේ අපේ සිංහල යක්ඛ මුතුන්මිත්තන් ගොඩනැගු නිර්මාණ වලට. ඔවුන් ගොඩනැගු ඇළවල්වලට, නගර වලට ‘වතී’ කියන වචනය අගට යොදලා තියෙනව. උදාහරණ: සලලවති, වෙත්තවතී, හේමවතී, සරස්වතී ඇළවල් සහ කුවේර හෙවත් වෙසමුණිගේ භවන භගිරවතී. මේ නම් ඉන්දියාවේ නැහැ.
        ඊළඟට, රජගහ නුවර සිට කුසිනාරා දක්වා බුදුරජාණන් වහන්සේ වැඩම කළ දුර ප්‍රමාණය පැහැදිලිව දක්වලා තියෙනව ගව්ට හෙවත් ගව් තුනක් කියලා.
        පාලි පොත්වල සඳහන් කරලා තියෙන විදිහට; ගව් 4 = යොදුන් 1. යොදුන් 1 = සැතපුම් 7. එනම්: ගව් 1 = සැතපුම් 1.75.
        ඒ අනුව; බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පාන්න තෝරාගත්ත කුසිනාරාව, රජගහනුවර සිට, ගව් 3 = සැතපුම් 5.25ක් (කිලෝමීටර් 8.4ක්) වැනි කුඩා දුරක පිහිටලා තිබුනේ.
        දැන් බලන්න, ඉන්දියාවේ රජ්ගිර් (රජගහ) සිට කුෂිනගර් දක්වා පා දුර ප්‍රමාණය සැතපුම් 176ක (කිලෝමීටර් 283.4ක) මහා විශාල දුරක්. අසනීපයෙනුත් ඉඳගෙන, බුදුරජාණන්වහන්සේ මෙපමණ දුරක් දෙපයින් වැඩියේ කොහොමද?
        කුෂිනගර් වල බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑවා කියන්නේ බොරුවක්.
        අපි කට වහන ඉන්නේ ඉතිහාසය නොදන්නා හින්ද නෙමෙයි, වෙන හේතු හින්ද.

  • 0
    0

    මහාචාර්යතුමා, ඔබේ ලිපිය අගය කළයුතු ලිපියක්. මාතෘකාවට අදාලව මගේ අදහස් නම් වෙනස්.
    ඔබ කියනව “තමන් දුක්ඛිත බවට පත් වු විට එයින් නිදහස් වීමට වෑයම් නොකොට ‘මේ අපේ කරුමයයි’ කියමින් ජනතාව කරුමවාදයක් කරපින්නාගෙන සිටින්නේ මෙම වරදවා ගත් කර්මවාදය නිසාය” කියලා.
    මම හිතන විදිහට මිනිස්සු දුක්ඛිත බවට පත් වූ විට නෙමෙයි, අසරණ බවට පත් වූ විටයි ‘මේ අපේ කරුමයයි’ කියලා හිතන්නේ.
    පැහැදිලිවම, ‘කරුමය’ සහ ‘කර්මය’ කියලා කියන්නේ දෙකක්.
    ‘කරුමය’ හෙවත් දෛවය හෙවත් ඉරණම කියන්නේ කෙනෙක්ගේ අතීතය. ඒක වෙනස් කරන්න බැරි දෙයක්. හේතුව ‘කරුමය’ කෙනෙකුට හිමිවුනු දෙයක් මිස කෙනෙකු තෝරාගත් දෙයක් නෙමෙයි. එහෙම තෝරා ගැනීමක් කරන්න අවස්ථාවක් නැහැ. උදාහරණයක් විදිහට තමන් උපදින්නේ කොතනද කියන එක කෙනෙකුට තෝරා ගන්න බැහැ. කෙනෙක් ඉන්න තත්වය දිහා සුභවාදීව බලන කොට ‘ඉරණම’ විදිහටත්, අසුභවාදිව බලන කොට ‘කරුමය’ විදිහටත් මිනිස්සුම වර්ග කරගන්නවා.
    1/3

    • 0
      0

      2/3
      ‘කර්මය’ කියන්නේ කෙනෙකුගේ වර්තමාන සහ අනාගත ක්‍රියාවන්. ‘කරුමය’ වගේ නෙමෙයි ‘කර්මයට’ තෝරා ගැනීමක් තියෙනවා. තමන් හොඳ ක්‍රියාවක් කරනවද නරක ක්‍රියාවක් කරනවද කියන එක තමන්ට තීරණය කරන්න පුළුවන්.
      බුද දහමට අනුව කර්මය විපාක දෙනවා. ඒ හින්ද කුඩා කාලයේ පටන්ම සිංහල බෞද්ධ ගෙවල්වල දරුවන්ව හොඳ ක්‍රියාවල යෙදෙන්න පුරුදු කරනවා. උදාහරණයක් විදිහට, අපි පොඩි කාලේ අපිට කියනව සත්තු මරන්න එපා, අපායේ යයි. බොරු කියන්න එපා, අපායේ යයි. අනුන්ගේ දේ ගන්න එපා අපායේ යයි. ඒ කියන්නේ පොඩි කාලයේ ඉඳන්ම අපි දන්නවා මේ ක්‍රියාවන් (කර්ම) වැරදියි, ඒවා කලොත් නරක විපාක දෙනවා කියලා.
      ඒ විදිහටම පොඩි කාලෙදිම හොඳ දේ කරන්නත් පුරුදු කරනවා. හොඳ දේ කලොත් දිව්‍ය ලෝකේ යනව, දිව්‍ය සම්පත් ලැබෙනවා කියලා ළමයින්ට කියනව. මෙතෙන්දි සමහරු මේ අපාය සහ දිව්‍ය ලෝකය කියන වචන දෙක සමච්චලයට ලක් කරන්න පුළුවන්. නමුත් මම නම් දකින්නේ බුදු දහම සරල භාෂාවෙන් අවබෝධ කරගන්න පහසු වෙන විදිහට හොඳ විපාක සහ නරක විපාක කියන වචන වලට පාවිච්චි කරපු ‘ආදේශක වචන’ දෙකක් තමයි දිව්‍ය ලෝකය සහ අපාය.

      • 0
        0

        3/3
        මම දවසක් ලංකාවේ වැඩ කරපු විදේශික කාන්තාවකගේ ලිපියක් කියැව්ව. ඇය මවිත වෙනවා කුඩා කාලයේ පටන්ම ලංකාවේ සිංහල බෞද්ධ දරුවන් බුදු දහමට අනුව ජීවත් කරන්න පුරුදු කරලා තියෙන විදිහ ගැන. ඇය උදාහරණයක් විදිහට ඇයගේ අත්දැකීමක් ගැන ලියලා තිබුනා. දවසක් ඇය පාසල් දරුවෙක් එක්ක පාරේ යනකොට කාසියක් බිම වැටිලා තිබුනලු. ඇය අර දරුවට කිව්වලු ඒ කාසිය අහුලා ගන්න කියලා. අර දරුවා අහුලා ගත්තේ නැහැලු. පෙරැත්ත කරලා කිව්වත් අහුලා ගත්තේ නැහැලු. ඊට පස්සේ ඒ කාන්තාව කාසිය අහුලලා බලෙන් දරුවාගේ අතේ තිබ්බලු. ඊට පස්සේ ටිකක් දුර යනකොට ඇය දැක්කලු දරුවා අර කාසිය හිමිහිට බිමට දමනවා.
        මේ තමයි සිංහල බෞද්ධ දරුවන් කර්මය ගැන ඉගෙන ගෙන තියෙන පාඩම.
        අපි ඉස්කෝලේ යන කාලේ කාසියක් බිම වැටිලා තියෙනව දැක්කොත්, ‘ආනන්ද, සර්පයෙක්’ කියලා අත දික් කරලා ඒක අනිත් අයට පෙන්නලා හිනාවෙලා නිකම් ඉන්නවා. කවුරුවත් අහුලන්නේ නැහැ. අනුන්ගේ දේ ගන්න එපා කියල පොඩි කාලේ අපි ගෙදරින් ඉගෙන ගත්ත පාඩම වැඩිහිට්යන් වෙලා අදටත් අපි පිළිපදිනවා.

  • 0
    0

    දිළිඳුකමට බුදු දහමෙහි විසඳුමක් නැත්ද? තියෙනව. මගේ අදහස නම් විසඳුම, බුදුරජාණන්වහන්සේ ඉගැන්වූ මධ්‍යම ප්‍රතිපදාව පිළිපැදීම. හරිම සරල විසඳුමක්.
    ලංකාව දිහෑ බැලුවත් ලෝකය දිහෑ බැලුවත් පැහැදිලිව පෙනෙන දේ තමයි ලෝකයේ මුළු සම්පත් වලින් සියයට 90ක්ම භුක්ති විඳින්නේ සියයට 10ක පමණ කුඩා පිරිසක් බව. මේ හේතුව හින්ද සියයට 90ක් තරම් විශාල පිරිසකට ඉතුරු වෙලා තියෙන්නේ සියයට 10ක පමණ කුඩා සම්පත් ප්‍රමාණයක්.
    මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවත් වුනා නම්, තමන්ට වැඩි පුර තියෙන දේ අනුන් සමඟ බෙදා හදා ගන්නවා. ලංකාවේ බෞද්ධයන් වුනත් බොහෝ ධනවත් මිනිස්සු පොදි ගහගෙන ඉන්නවා. නැති මිනිස්සු තමයි බෙදා හදා ගන්නේ.

  • 0
    0

    දේශපාලකයෝ එදා ඉඳන්ම ජනතාවගේ දුප්පත්කම අසරණකම වවාගෙන කනවා. සමහර හාමුදුරුවරුත් එහෙමයි. කිසි ලැජ්ජාවක් නැතුව දැන් ආපහු මිනිස්සුන්ගේ අසරණකමින් පාලකයන්ට ප්‍රයෝජන අරන් දෙන්න හදනවා. සමහර හාමුදුරුවරුම කියනව පාලකයන් ඉස්සෙල්ල තමන් (ආණ්ඩුව) ගැන හිතලා ඊළඟටලු ජනතාව ගැන හිතන්න ඕනේ. කොහොමද ඒ කතාව? ලැජ්ජයි.
    චන්දයක් ළඟ එනවා. පළාත් සභා චන්දය හින්ද දැන් පාලකයන්ට දරුවෝ මතක් වෙනවා. හරක් මතක් වෙනවා. හාමුදුරුවරු මතක් වෙනවා. ඒ හින්ද හාමුදුරුවරුන්ට විවිධ ප්‍රදානයන් දෙනවා.
    මේ පාර චන්දෙට හාමුදුරුවරුන්ට දෙන ප්‍රදානය තමයි හොර කුෂිනගර් වන්දනාව. ඒකට ඉන්දියාව පාලකයන්ට කොමිස් මුදලක් දෙනවා. අපේ හාමුදුරුවරුත් ලැජ්ජාවක් නැතුව බොරු බව දැන දැනම බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය කියලා බොරු කුෂිනගර් වන්දනාවේ යනවා. නැත්නම්, සූත්‍ර පිටක කියවලා තේරුම් ගත්ත කිසි හාමුදුරුනමක් ඉන්දියාවට යන්නේ නැහැ බුදුරජාණන්වහන්සේ වැඩ සිටි ස්ථාන බලන්න.

    • 0
      0

      බලන්න, මහාපරිනිබ්බාණ සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනව බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය.
      ඒ ස්ථානය මොන විදිහකටවත් ඉන්දියාවේ කුෂිනගර් නෙමෙයි.
      මහාපරිනිබ්බාණ සූතයට අනුව, බුදුරජාණන්වහන්සේ රජගහ නුවර සිට කුසිනාර නුවර දක්වා ආගමනේ පහු කරපු ස්ථාන ගැන සඳහන් වෙනවා. කකුත්ත නදිය, අඹවන (මේ වචනේ ඒ විදිහටම තියෙනව), ඊට උඩින් තිබ්බ හිරන්නවතී ගඟ, උපවත්තන සල් උයන. මේ ඔක්කොම අපේ සිංහල නම්.
      කුසිනාරාවේ මුල් නම කුසවතී කියලා බුදුරජාණන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනව. ‘වතී’ කියන වචනය, මට තේරුම් යන විදිහට, පාවිච්චි කරලා තියෙන්නේ අපේ සිංහල යක්ඛ මුතුන්මිත්තන් ගොඩනැගු නිර්මාණ වලට. ඔවුන් ගොඩනැගු ඇළවල්වලට, නගර වලට ‘වතී’ කියන වචනය අගට යොදලා තියෙනව. උදාහරණ: සලලවති, වෙත්තවතී, හේමවතී, සරස්වතී ඇළවල් සහ කුවේර හෙවත් වෙසමුණිගේ භවන භගිරවතී. මේ නම් ඉන්දියාවේ නැහැ.
      ඊළඟට, රජගහ නුවර සිට කුසිනාරා දක්වා බුදුරජාණන් වහන්සේ වැඩම කළ දුර ප්‍රමාණය පැහැදිලිව දක්වලා තියෙනව ගව්ට හෙවත් ගව් තුනක් කියලා.
      පාලි පොත්වල සඳහන් කරලා තියෙන විදිහට; ගව් 4 = යොදුන් 1. යොදුන් 1 = සැතපුම් 7. එනම්: ගව් 1 = සැතපුම් 1.75.
      ඒ අනුව; බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පාන්න තෝරාගත්ත කුසිනාරාව, රජගහනුවර සිට ගව් 3 = සැතපුම් 5.25ක් (කිලෝමීටර් 8.4ක්) වැනි කුඩා දුරක පිහිටලා තිබුනේ.
      දැන් බලන්න, ඉන්දියාවේ රජ්ගිර් (රජගහ) සිට කුෂිනගර් දක්වා පා දුර ප්‍රමාණය සැතපුම් 176ක (කිලෝමීටර් 283.4ක) මහා විශාල දුරක්. අසනීපයෙනුත් ඉඳගෙන, බුදුරජාණන්වහන්සේ මෙපමණ දුරක් දෙපයින් වැඩියේ කොහොමද?
      කුෂිනගර් වල බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑවා කියන්නේ බොරුවක්.
      අපි කට වහන ඉන්නේ ඉතිහාසය නොදන්නා හින්ද නෙමෙයි, වෙන හේතු හින්ද.

  • 0
    0

    ලංකාවේ දුප්පත්කම නැති වෙන්නේ නැහැ, ලංකාවේ පාලකයා නියම සිංහල බෞද්ධයෙක් වෙනතුරුම.
    සිංහලද්විපයේ අන්තිම සිංහල රජ්ජුරුවෝ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසුව මේ දක්වාත් අද වෙනතුරුත් නියම සිංහල බෞද්ධයෙක් රට පාලනය කරලා නැහැ. ඔක්කොම බෞද්ධයෝ වෙන්නේ නමට. පාලන බලය ගන්න විතරයි.
    ගන්න හැම තීරණයක්ම ගන්නේ තමන්ට හෝ තමන්ගේ කෙනෙකුට අල්ලසක්, කොමිස් මුදලක් ලැබෙන විදිහට. නැතනම් ගෑස් රුපියල් 1000කින් වැඩි කරන්න, කිරිපිටි රුපියල් 250කින් වැඩි කරන්න සමාගම් වලට ඉඩ දෙයිද? ඒ සමාගම්, පාලකයන්ට දීපු කොමිස් හිලව් කරගන්න භාණ්ඩ වල මිල වැඩි කරනවා. ඊළඟට එන්නත් සහ වෙනත් දේ අඩු මුදලට අරගෙන, වැඩි ගානක් දාල රාජ්‍ය මුදල් හොරකම් කරනවා.
    ලංකාවේ රාජ්‍ය පාලකයා නියම සිංහල බෞද්ධයෙක් වුනා නම් මුලින්ම කරන්නේ තමන් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් අන්‍යයන්වත් ඊට හුරු කිරීම.
    අද රටේ ජනාධිපති, අගමැති පුදුම විදිහට රාජ්‍ය ධනය විනාශ කරනවා. තමන්ගේ ධනවත් නෑ හිතවතුන් මිතුරන්ට විවිධ තනතුරු දීල රජයෙන් යැපෙන්න සලස්වලා තියෙනව. මහා ධනවත් ව්‍යාපාරිකයන් රජයේ විවිධ තනතුරු බාරගෙන කිසි ලැජ්ජාවක් නැතුව ජනතා මුදලින් යැපෙනවා. විශාල වාහන ප්‍රමාණයක්, හෙලිකොප්ටර්, ආරක්ෂක අංශ වල පිරිස්, ඔවුන්ගේ පවුල් පිටින් පාවිච්චි කරනවා. මේ රටේ මොන තරම් මිනිසුන් පිරිසක් ජීවත් වෙන්න අරගලයක් කරනවද කියලා ජනාධිපති, අගමැති නිකමට හිතන්නේ නැහැ. මිනිස්සු ගැන කිසි හැඟීමක් නැහැ. හේතුව ඔවුන් බෞද්ධයන් නෙමෙයි. බෞද්ධයෙක් නම් මිනිස්සුන්ගේ දුක දැක්කම හිත උණු වෙනවා.

  • 1
    0

    This is very right.

    ජනාධිපති, අගමැති නිකමට හිතන්නේ නැහැ. මිනිස්සු ගැන කිසි හැඟීමක් නැහැ. Because they have proved that they are heartless. හේතුව ඔවුන් බෞද්ධයන් නෙමෙයි. correct, they are just BUDDHGAMA ADHERENTS. බෞද්ධයෙක් නම් මිනිස්සුන්ගේ දුක දැක්කම හිත උණු වෙනවා. And they dont have a “hithak” to melt down.

    This was but not overlooked…. election and selection was like taking over the guard of a kukul kotuwa by fox…. people a vulnerability was abused… however, it was done so called ” sinhala racism and nationalism”: Today people struggle more without their daily essentials.
    :
    පවතින අපරාධ විමර්ශනවලින් නිදහස් වීම සඳහා, ඔවුන් සමාජයේ ඉතා අවදානමට ලක්විය හැකි කොටස්වල (70%) සාමාන්‍ය මානසිකත්වය විකෘති කළහ. අද එහි භයානක ප්‍රතිවිපාක නම් එහි ප්‍රතිවිපාක ය. මෙම ආත්මාර්ථකාමී මිනිසුන් ප්‍රතිඵලය ගැන නොසිතා තම දේශපාලන ක්‍රීඩා සඳහා පුරවැසියන්ගේ අයිතිය අයුතු ලෙස භාවිතා කරති. ආණ්ඩු පෙරළිය මේ වන විට නරක අතට හැරී ඇත. ඔවුන් “ජාතික ආරක්‍ෂාව” සහ “ජාතික ආරක්‍ෂාව” ද ශක්තිමත් කර නැත. අඩුම තරමින් අදවත් අපේ ජනතාව තේරුම් ගත යුත්තේ කවුරුන් විශ්වාස කළ යුතුද යන්නයි. එන්පීපී සහ ජවිපෙ පිටුපස සිටීම හැර අපට වෙනත් විකල්පයක් නැත.

  • 0
    0

    CT, ස්තුතියි මගේ කොමෙන්ටු දැම්මට. ගොබ්බ නාමල් රාජපක්ෂ මම ඉස්සෙල්ල එවපුව බ්ලොක් කරලා තිබුන. දෙවෙනි පාරට එවපුව තමයි මේ මුලින් තියෙන්නේ. දැන් ඉස්සෙල්ල එවපුවත් ආපහු වැටිලා.
    එක්සත් ජාතීන්ගේ සැසිවාරය කාලේ ආණ්ඩුවට එරෙහි විරෝධතා නවත්තන්න නිරෝධායන නීති ගේන්න ගොබ්බ රාජපක්ෂලා කොරෝනා හැදුවා වගේ, ආපහු කොරෝනාවක් හදනව. කලින් එකේදී වගේම ඒකෙදිත් කොරෝනා පිටින් දාල ප්‍රසිද්ධ පුද්ගලයන් ඝාතනය කරනවා.
    ලංකා ඉතිහාසය, සිංහල භාෂාව රැකගන්න සටන් කරපු පුලියැද්දේ සුධම්ම හාමුදුරුවන්ව කොරෝනා පිටින් දාල ඝාතනය කලේ කොහොමද කියලා අහන්න ඕනේ ගොබ්බ නාමල් රාජපක්ෂගෙන්. මහ රාජපක්ෂලා විතරක් නෙමෙයි උන්නේ පොඩි එවුනුත් මිනී මරනවා.
    හාමුදුරුවන්ව ඝාතනය කරන්න සති දෙකකට ඉස්සෙල්ල රාජපක්ෂලා ඉඟියක් දුන්න. ඒක දැකලා මම එහා පැත්තේ ඉංග්‍රීසි පැත්තට ලිව්වා කොරෝන පිටින් දාල ප්‍රසිද්ධ හාමුදුරුවරු ඝාතනය කරන්න සැලැස්මක් තියෙනව කියලා. ඊට කලින් මේ පැත්තටත් ලියලා තිබුනා.
    සුධම්ම හාමුදුරුවෝ අපවත් වීම කිසිම පත්තරයක හෝ රුපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්තිවල දැම්මේ නැහැ. එකම එක නාලිකාවක් හවස කිව්වලු. එච්චරයි. පැහැදිලිවම රාජපක්ෂලා ඒ ප්‍රවෘත්තිය හැංගුවා. හාමුදුරුවන්ව ඝාතනය කරලා ගත්ත හාමුදුරුවෝ එකතු කරලා තිබ්බ රාවණා පොත් ටික දැන් එලියට දාල තියෙනව.
    පුලියැද්දේ සුධම්ම හාමුදුරුවන්ව මතක නැත්නම් මේ ලින්ක් එක බලන්න.
    https://youtu.be/DfIg6DOFxmY
    .
    ඉංග්‍රීසි බයිනෙත්තු හමුදාව ඉස්සරහ, ඉංග්‍රීසි කොඩිය බිමට ඇදලා දාල, සිංහලේ කොඩිය නැවත ඔසවපු වාරියපොළ සිරි සුමංගල හාමුදුරුවන්ට, ජාතිය පාවා නොදුන් කුඩහපොළ උන්නාන්සේට කොහොම පෞරුෂයක් තියෙන්න ඇත්ද කියලා හිතෙනව, මේ හාමුදුරුවන්ගේ පෞරුෂය දැක්කහම.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.