20 April, 2024

Blog

සංහිඳියාව ඈලියාවට යාම

කපිල අභයවංස

මහාචාර්ය කපිල අභයවංස

මිනිසුන් සමාජගත වන්නේ සතූටින් ජීවත් වියහැති පරිදි තම අවශ්‍යතා තනිව ඉටුකර ගත නොහැකි බැවිනි. එහෙත් සමාජයකදී මිනිසුන් අතර විවිධ ගැටලූ මතවිම ස්වාභාවිකය. ඇතැම් මිනිසුන් යම් යම් අකටයුතම්වලට යොමුවන බැවිනි. එබඳු අකටයුතම් මැද සතූටින් ජීවත්වීමේ අපේක්‍ෂාව බිඳ වැටෙයි. සහජීවනයේ සාධකයක් වූ සංහිඳියාව නැති වුවහොත් සමාජ ජීවිතය අසාර්ථක වෙයි. ජනතාවක් විසින් තම සමාජය පාලනය කරගනු සඳහා රජයක් පත්ක​ර ගැනීමේ මූලික ම අවශ්‍යතාව ලෙස සැළකෙන්නේ සංහිඳියව ඇතිකර ගැනීමයි. විවිධ හේතූ මත මිනිසුන් අතරත ඇති වන ගැටුම් නිරාකරණය කර ගැනීමෙන් ඇතිවන සංහිඳියාව තූළින් මිනිසුන් ට සාමයෙන් හා සතූටින් ජීවත් වීමටත් ඒ නිසාම රට තූළ සංවර්ධනයක් ඇති කර ගැනීමටත් අවස්ථාව සැළසෙයි. එබැවින් රටක ජනසමාජයක් තූළ සංහිඳියාව ගොඩනගමින් සාමය පවත්වා ගැනීමට රජයක් අපොහොසත් වන්නේ නම් ඒ වූ කලි රජයක පරම වගකීම කඩවීමකි.

සංහිඳියාව යන පදය සිංහල භාෂාවෙහි ඉමිහිරි අරුතක් ගෙන දෙන්නකි. ඒ තූළින් නිවී සැනසිලි ගතියක් මනසට නගා දෙයි. සංහිඳියාව යනු සංසිඳීම යන පදයේම වීකෘතියකි. බුදුදහමේ අවසාන අරමුණ වන්නේ මානසික සංහිඳියාවයි. මනස සංහිඳියාවට පත්වීම සීතිභූත වීමකැයි පැවසෙයි. කොටින් ම බුදුදහමේ දැක්වෙන නිවන යනු මනස සංහිඳියාවට පත්වීමයි. එබැවින් ම මිහිරි බවක් මෙන් ම ගෞරවනීයත්වයක් ද සංහිඳියාව යන පදයට එක්වී ඇත.
වර්තමාන ලාංකික ජන සමාජයෙහි සංහිඳියාව යන වචනයට අත් වී ඇති ඉරණම බෙහෙවින් ම ඛෙදජනකය. සංසිඳීම යන්නෙන් මතූවන මිහිරි හා ගෞරවනීය තත්වයන් ගලිහී ගොස් උපහාසය හා අවඥව උපදවන තත්වයක් අද එයට උරුම කර දී තිබේ. බදුදහමින් අපට උරුමව ජනතාවගේ ආදර ගෞරවයට පාත‍්‍ර වූ වචන කිහිපයකට ම මේ ඛෙදනීය තත්වය උදා කර දීමට ආපේ දේශපාලකයෝ සමත් වී සිටිති. සාධාරණ සමාජය ධර්මිෂ්ට සමාජය ධර්ම රාජ්‍යය යහපාලනය ලිච්ඡුවී පාලනය හා සංහිඳියාව යන වචන සියල්ල දූෂණය කිරීමේ පාපකර්මය අපේ දේෂපාලකයන් විසින් සිදු කොට හමාරය.

මෙබඳු වචනවලින් කියවෙන මාහැඟි සමාජ මූලධර්ම සමාජගත කිරීමට අපේ දේශපාලන නායකයන් කි‍්‍රයා කොට නැත. ඔවුහු මේවා මැතිවරණ වේදිකාවලදී පමණක් භාවිත කිරීමට පුරුවී සිටිති. මැතිවරණයක් ළංවන විට ජනතාව ගොනාට ඇන්දවිය හැකි තූරුම්පු බෞද්ධ සාහිත්‍යය පීරා සොයා ගනිති. මෙබඳු වචන සොයා ගන්නේ ම ජනතාව මුළා කරවීමේ කපටි මානසිකත්වයක් තූළිනි. එනිසාම බලයට එන ඔවුන් බලයට ආ පසු තෝරා ගන්නේ ඒවාට හාත්පසින්ම පටහැනි වූ කි‍්‍රයාමාර්ගයකි.

මෙහි ජුගූප්සාජනක ම කාරණය වන්නේ බලයට පැමිණ සිදු කරන අල්ලස දූෂණය මහජන මුදල් අවභාවීතය කොමිෂන් මුදල් ගැරීම වැනි සියළු අකටයුතූ යළිත් බලයට ඒම සඳහා පතූරු ගසමින් වේදිකා දෙදරවීමයි. වේදිකාවේදී දූෂණයට වීරෝධය පාමින් එය තරයේ හෙළා දකින අපේ නායකයෝ තම භාවිතයේදී ඒවා ගැන මුනිවත රකිති. නෑසූ කන්ව නොදුටු ඇස්ව අඳඛිහිරිව සිටිති. දූෂිතයන් හා හොරුන් ලඟා කරගෙන තූරුල්ලේ හොවා ගනිති. ඔවුනට රැුකවරණය දෙති. අපේ දේශපාලන නායකයන් තූළ යථාවාදී තථාකාරී ගූණය අකූරට ම ඇතැයි අදහන ඡුන්දදායකයෝ බලයට පත් පාලකයන් කරන කි‍්‍රයා දෙස බලා ඔවුන් කියූ දේ කරන කළ දේ කියන නියම නායකයන් ලෙස සිතා ගනිති. එහෙයින් ම ඔවුන් වේදිකාවේදී මොර දුන් ධර්මිෂ්ට සමාජය යහපාලනය වැනි වචනවලින් කියවෙන්නේ ද ඔවුන් බලයට පැමිණි පසු කරන දුෂණය ඝාතනය භීෂණය වැනි කි‍්‍රයාකාරකම් යයි සිතීමට ඡුන්දදායකයන් ද පෙළඹෙනු නිසැකය.. නායකයන් අනුගමනය කරන සෙසු දේශපාලකයන් ද එබඳුම කි‍්‍රයාවල යෙදෙන්නේ ද ඒ නිසාම වියහැකිය.

සංහිඳියාව යන වචනය කරලියට එන්නේ විශෙෂයෙන් ම යහපාලන රජය යටතේයි. දීර්ඝකාලයක් පැවති යුද්ධයකින් පසු පත්වන නව රජයක් වශයෙන් සංහිඳියාව පිළිබඳව සළකා බලන්නට සිදුවීම අනිවාර්යය. යුද්ධයක් ඇතිවීමට හේතූ වූ කරුණු විමසා බලා ඒවාට විසඳුම් ලබා දීමෙන් යළි එවැන්නක් ඇති නොවීමට ඉඩ සැලසීමෙන් යුද්ධයට මුහුන දුන් ජන කොටස් අතර සංහිඳියාව ඇති කළ හැකිය ඇතිකළ යුතූය. එසේ කෙරෙන්නේ නම් සංහිඳියාව යන වචනයට මොනතරම් මිහිරක් හා ගෞරවයක් අත්වනු ඇද්ද?

යහපාලන රජය යටතේ ඇරඹුණු සංහිඳියා වැඩ පිළිවෙලට දැනට අවුරුදු තූනක් ම ගතවී ඇත. ඒ රජයේ ආයුකාලයෙන් අඩකටත් වැඩිය. මේ වන විට සතූටු වියහැකි මට්ටමේ සංහිඳියාවක් රටේ ජනතාව අතර පැවතිය යුතූය. ජනතාවගේ සිත් සතන් තූළ සංහිඳියාවේ මල් පොහොට්ටු පිපෙමින් තිබිය යුතූය. එහෙත් ඇත්තටම එසේ වී තිබේ ද?

රජය ගෙන ගිය සංඳියා වැඩ පිළිවෙළේත් යහපාලන වැඩ පිළිවෙළේත් සාර්ථකත්වය මැන බැලීමට කදිම අවස්ථා දෙකක් ඉතාම මෑතකදී උදා විය. එකක් ජනතාව ඒ වැඩ පිළිවෙළ කෙතෙක් දුරට අනුමත කොට ඇද්දැයි ප‍්‍රකට කළ පසුගිය පලාත්පාලන මැතිවරණයයි. රටේ සමස්ත ජනතාවගේ ම අදහස එමගින් ප‍්‍රකාශයට පත් විය. එහිදී ජනතාව රජයට පෙන්නුම් කළේ කූමක් ද? ජනතාවගේ හද සන්තානයේ පිපෙමින් ඇතැයි රජය සිතූ සාමයේ හා සංහිඳියාවේ මල් පොහොට්ටු වෙනුවට රජය එතෙක් ගෙනගිය වැඩ පිළිවෙළට එරෙහිව හද පතූලේ ගිනියම් වෙමින් කැකෑරෙමින් තිබුණු විරෝධය නොවන්නේ ද? වල් උෘරන් කැකූන තලන විට හබන් කූකූළන්ට මගූල් කීවාක් මෙන් පිපුනේ දූෂිතයන් ලෙසින් නම් දැරූ තවත් පිරිසකගේ පොහොට්ටුය.

අනෙක් අවස්ථාව වන්නේ මෑතකදී ජාතිවාදී ස්වරූපයකින් මතූ වූ ආණ්ඩු විරෝධයයි. එය ආණ්ඩු විරෝධයක් නොව කිසියම් එක් ජාතියකට එරෙහිව තවත් ජාතියක් දැක්වූ විරෝධයක් යයි කෙනෙකූට තර්ක කළ හැකිය. එහෙත් ඇත්තට ම සිදු වී ඇත්තේ ආණ්ඩුව සංහිඳියාව නමින් ගෙන යන වැඩ පිළිවෙළට ඍජුවම දැක්විය නොහැකි විරෝධය වෙනත් ජනකොටසක් දඩමීමා කරගෙන එළි දැක්වීමයි.

යහපාලනයකැයි කියා ගන්නා රජය ඇත්තටම එම වචනය ඇසෙන විටත් හිරිකිතයක් දැනෙන පරිදි ගෙනගිය හා ගෙන යන වැඩ පිළිවෙළ එතරම් අප‍්‍රසාදයකට පත් වීමේ හේතූ මොනවාදැයි පසු විපරමක් කර බැලීමට රජයට වගකීමක් තිබේ. රජය ඇත්තට ම අවංකව ජනතාහිතවාදී නම් අනිවාර්යයෙන් ම එය කළ යුතූය.

යහපාලනයක ප‍්‍රධානතම හා අනිවාර්ය ම අංගයක් වන්නේ දූෂණ භීෂණ ඝතන මූල්‍ය අපරාධ වැනි ජනතා විරොධී කි‍්‍රයා අත් හිටුවීමත් එබඳු කි‍්‍රයා කළවුන්ට නිසි දඬුවම් පැමීණවීමත්ය. එහෙත් මේ දෙකම රජය ලත් තැනම ලොප් කළ හැටි ජනතාවට සක්සුදක් සේ පැහැදිළිය. ඒ වගකීම් දෙකම පැහැර හැරීම පමණක් නොව වේදිකාවල දුන් ප‍්‍රතිඥා කඩකිරීමත් ජනතාව ගොනාට ඇන්ඳවීමත් සම්බන්ධයෙන් රජය අනේක වාරයක් ජනතාවගෙන් සමාව ගතයුතූව ඇත. අපේ දේශපාලකයන්ගේ සිරිත මෙබඳු දේ බෙහෙවින් සරළ නොවැදගත් දේ ලෙස සිතීමයි එහෙත් ඒවාට විරෝධය පාමීන් බලයට ආ පිරිසක් ඒවාම කි‍්‍රයාවට නැගීම සහ ගහන වැරදිය.

අවුරුදු තූනක් තිස්සේ සංහිඳියාව ගොඩනගනවායයි වහසිබස් දෙඩුව ද ආපසු හැරී සමාජය දෙස බලනවිට සිදුවී ඇත්තේ නොතිබුණු අසංහිඳියාවක් ගොඩ නැගීම නම් තමන් ගෙන ගිය වැඩ පිළිවෙළේ වැරදී ගිය තැන් යළි සකසා ගෙන නොවැරදි කි‍්‍රයාමාර්ගයකට යාමට තවමත් රජයට කල් නැත්තේ නොවෙයි. ජන සමාජය තූළ අසංහිඳියාවකට අසහනයකට තූඩු දෙන කරුණු මොනවාදැයි නිවැරදිව තේරුම් ගැනීමට රජය අසමත් වීම දැනට පැන නැගී ඇති සමාජ තත්වයට ප‍්‍රධාන හේතූව වී ඇති බවට සාධක අනවශ්‍යය.

රජය කි‍්‍රයාත්මක වන ආකාරය දෙස බලන විට අපට පෙනී යනුයේ අසංහිඳියාවට හේතූ වන කරුණු පිළිබඳව රජය වැරදි නිගමනයක සිටින බවයි. සමාජයේ බහුතර ජන කොටස වන සිංහලයන්ට රජයෙන් ලැබෙන අයිතිවාසිකම් හා වරප‍්‍රසාද වැඩිය. එබැවින් ඒවා කප්පාදු කොට සුලූජන කොටස් වලට අලූත් අයිතිවාසිකම් හා වරප‍්‍රසාද අමුතූවෙන් දියයුතූය යන හැඟීමක රජය සිටිනා බවක් රජයෙන් සිදුවන වැඩවලින් ජනතායට පෙනී යයි. අයිතිවාසිකම් හා වරප‍්‍රසාද ජාති භෙදයකින් තොරව කවර ජාතීන් අතර වුව ද සමසේ බෙදීයාමට සැලැස්වීම සංහිඳියාවට මග බව නොපිළිගන්නෙක් නැත. කිසියම් ජන කොටසක් අනෙක් ජන කොටසකට වඩා ඒවා භූක්ති විඳිනවා නම් අඩුව භූක්ති විඳින්නන්ට ද ඒවා සපයා දීම ද සංහිඳියාවට හේතූ සාධක වෙයි.

තමන් බලයට පත් කිරීම සඳහා ඡන්දය දුන් ආකාරය බලා ඒ අනුව සමාජය වර්ග කොට අයිතිවාසිකම් හා වරප‍්‍රසාද සැපයීමේ අනුපාතය වෙනස් කිරීමට පාලකයන්ට අයිතියක් නැත. සංහිඳියාව යනු ඒවා බෙදීයාම සමානුපාතික වීමේ ප‍්‍රතිඵලයයි. සමාජයේ කවර ජාතියක් වුව ද අන් ජාතීන් නුරුස්සන යම් යම් කි‍්‍රයාකාරකම්වල නිරත වේ නම් තමන්ට ඡුන්දය දුන් පිරිසකැයි සිතා නිහඬව සිටීමට ද පාලකයන්ට අයිතියක් නැත. පාලකයන්ගේ නිහඬතාව එබඳු කටයුතූවල යෙදෙන්නන්ට දිරිදීමකි. එමගින් සිදු වන්නේ අන් ජන කොටස් අතර නොරිස්සීම වර්ධනය වීමයි. සංහිඳියාව වෙනුවට හිංසාව පෙරට ඒමයි. රජය කිසියම් කොටසකට පක්‍ෂපාතී වීම නිසා ඒ කොටසින් සිදුවන අකටයුතූකම් වලට ඉඩ දීමත් ඒවා නුරුස්නා අනෙක් ජන කොටසක් ඒවාට එරෙහිව හිංසාකාරීව හැසිරීමත් අතර වෙනසක් නැත. දෙපිරිසම කි‍්‍රයා කොෙ ඇත්තේ අගතියෙන් බැවිනි. වෙනසකට ඇත්තේ රජය ඡුන්දාගතියෙනුත් හිංසාකාරීන් ද්වෙෂාගතියෙනුත් කි‍්‍රයා කිරීම පමණි.

මුස්ලිම් ජනතාවගෙන් ඇතැම් කොටස් අන්තවාදීව හිස එසවීම ඇරඹුණේ වත්මන් ්රජය බලයට ඒමටත් පෙර සිටය. ඒ ඔවුනට අන් අයට වඩා අඩුවෙන් අයිතිවාසිකම් හා වරප‍්‍රසාද පැවති නිසා නොවේ. අමුතූ නීති, අන්තවාදී ආගමීක නිකායන්, අමුතූ ඇඳුම්, ඔවුනට විශේෂිත වූ පාසැල්, අධිකරණ පද්ධති, විශේෂිත වූ බැංකූ, ප‍්‍රසිද්ධ ස්ථාන සඳහා අරාබි බසින් නාමපුවරු, පරිසර විනාශ කරමින් ඉදි කෙරෙන ජනපද, බෞද්ධ ආගමීක නටබුන් විනාශය යන මෙවැනි දේ සිදුවීමට ඉඩ හැර සිටීම රජයේ වගකීම් පාලකයන් වීසින් මගහැර සිටීමක් නොවන්නේ ද? නිය පොත්තෙන් කැඩිය හැකිව තිබියදී පොරවෙනුත් කැපිය නොහැකි තත්වයට එන තෙක් බලා සිටී නම් රජයකට ජනතාව අතර සහජීවනය තහවුරු කළ හැකිද?

මෙබඳු තත්වයන්ට ඉඩ දී රජයක් සංහිඳියාවේ මන්ත‍්‍රය මැතිරීම බීරි අලින්ට වීණා වැයීමකි. ෙමිවා නුරුස්සන වෙනත් ජන කොටස් වල් අලින් මෙන් කූපිත වී හැසිරීම සංහිඳියාවේ මන්ත‍්‍රයට මැඩලීමට නොහැකි වෙයි. එක් එක් ජන කොටස් වෙන වෙන ම සතූටු කරවීමේ න්‍යායයෙන් රජය ඉවත් වනතූරු සංහිඳියාවක් නම් ගොඩනැගිය හැකි නොවේ.

අලුත් ව්‍යවස්ථාව සම්මතයක් සඳහා රජය කැස කවන්නේ ද පොදුවේ ජනතාව සතූටු කිරීමට නොව ජන කොටස් වෙන වෙන ම සතූටු කිරීමටය. පවත්නා ව්‍යවස්ථාවෙන් සිංහල ජන කොටස සතූටු කරවිය හැකි නම් ඒ සතූට අන් අයටත් දීමේ බාධකයක් පවත්නා ව්‍යවස්ථාවේ පවතීද? පවතී නම් ඒ බාධකයන් ඉවත් කරනු විනා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අරුත කිමෙක් ද? මේවා මිනිසුන්ගේ සිත් තූළ නැගෙන ප‍්‍රශ්නයි. මෙබඳු ප‍්‍රශ්න වුව ද ජනතාවක් තූළ අසහනය හා නොරිස්සීම ඇති කර්වීමට සමත් වෙයි. අපට ජනතාවගෙන් බලය පැවරී ඇති නිසා අපට අවශ්‍ය දෙයක් කළ හැකියයි කීමේ අයිතිය දේශපාලකයන් විසින් ම නැති කොට ගෙන ඇති බැවිනි. ඔවුහු ජනතා විශ්වාසය පළුදු කරගෙන සිටීන්නෝය. ඔවුන් කරන කි‍්‍රයාවල මතූ පිටීන් පෙන්වන දෙය ඉක්මවූ ගූප්තාර්ථයක් ඇතැයි මහජනයා සැක සංකාවෙන් පසු වෙති. එබඳු සැකසංකා ජන හදවත් තූළින් ඉවත් කරන තෙක් සංහිඳියාව සිහිනයක් ම පමණක් වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Ranil becme a disgusting politician. I am pretty sure all gods of the four corners curse him and punish him. I can not understand why he still thinks that the voters are dumb beczause the LAw enforcement system in Sri lanka is under him and is corrupted. It Looks the whole political system need to vbe revamped. Every one is in the system, I think there were plans behind the constitutional changes too. There is no yahapalana govt. they say it is UNITY or ORUMITHTHA GOVT. . IT is good if you provided za lsit of the buddhist temples that had been destroyed in the eaast and north. the unfortunate problem, Sri lankan politicians are all inthe same group. WE do not have a visionary leaders. the past leaders were corrupt , so do the present leaders.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.