4 December, 2020

Blog

අපේ සෙල්ලම් සොල්දාදුවන් සහ පාදඩ දේශපාලන සංස්කෘතියක්

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

පශ්චාත්-යුද කාලීන සංවර්ධනය සහ නගර ශෝභනය අස්සේ සැඟවුණු කුණු වූ දූෂිත දේශපාලනික යථාර්ථය හෙළිදරව් කෙරෙන සිදුවීම් දෙකක් මගින්, දක්ෂිණ ලංකාවේ දේශපාලනික සංස්කෘතිය තුළ විරාජමාන අමු විගඩමත්, අසභ්‍යත්වයත් පෙන්නුම් කෙරුණි.

බොදුබල සේනාවට රැුකවරණය දෙන පූජනීය කඩතුරාව

බොදුබල සේනාවේ විවේචක වටරැුක විජිත හිමියන්ගේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට බොදුබල සේනා භික්ෂූන් කඩා වැදුණු ඉන් ප‍්‍රථම සිද්ධිය ගිය සතියේ කොලමට නිමිති විය. මිටමොලවා ගත් එම භික්ෂූන්ගේ දර්ශන රූපවාහිනී තිර මත සටහන්ව තිබේ. ප‍්‍රවෘත්ති සංකච්ඡුාව කැඳවා තිබුණේ, යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ විසූ මුස්ලිම් ජාතිකයන් විල්පත්තු ජාතික අභය භූමිය තුළ නැවත පදිංචි කර ඇතැ යි යන බොදුබල සේනාවේ චෝදනාව පිළිබඳ ගැටළු සහ ව්‍යාකූලතා පැහැදිළි කර දීමට ය.

විල්පත්තුව තුළ අනවසර ඉදිකිරීම් නොමැති බව මේ සතියේ පෙන්වා දුන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෙසේ වෙතත්, වනෝද්‍යානය මායිමේ පවුල් කිහිපයක් තාවකාලික නවාතැන් අටවාගෙන ඇති බව කීවේය. බොදුබල සේනා සාමාජිකයන් විසින් තමන්ට කරන ලද තාඩනපීඩන ගැන එදා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේ සිටි වින්දිත පිරිස් විසින් කරන ලද පැමිණිල්ලක් ප‍්‍රකාරව දැන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

මේ අතර, හිනාවට කාරණය වන්නේ, ආගමික සහ වාර්ගික සහජීවනයට බාධා වෙතැ යි සිතා බොදුබල සේනා භික්ෂූන්ව අත්අඩංගුවට නොගත් බව පොලීසිය පැවසීමයි. බොදුබල භික්ෂූන් විසින් වපුරන වෛරී වාගාලාප, වාර්ගික සහ ආගමික සංහිඳියාවට බාධාවක් නොවන්නේ දැ යි එවිට ප‍්‍රශ්නයක් මතුවෙයි. මෙසේ නීතියෙන් ගැලවී සිටීමට එම භික්ෂූන්ට ආවරණය සපයන පූජනීය තිරය කුමක් ද? දේශපාලනික ධූරාවලියේ ඉහළින්ම සිටින තැන්වලින් ඔවුන්ට රැුකවරණය සැපයෙන බව එහි දී හෙළිදරව් වෙයි.

මධ්‍යම ප‍්‍රතිපදාව යනු මෙය ද?

තවත් අධම විගඩම් ආවේය. බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර තෙර, එහි පර්යේෂණ ප‍්‍රධානියා සමග විවිධ පුවත්පත් සාකච්ඡුා පවත්වනු අපට පෙනුණි. තමන් යන්නේ මධ්‍යම ප‍්‍රතිපදාවේ බවත්, කිසිවෙකු ආම්බාන් කිරීම සඳහා තමන් ‘තදින් කතා කරමින්’ සිටින බවත් ඔවුහූ කීහ. සුළුජන ප‍්‍රජාවන්ට එරෙහිව මොවුන් ගෙන යන ආක්‍රෝශ පරිභව සහ වෛරී වාගාලාප අසා ඇති ඕනෑම කෙනෙක්, ‘තදින්’ සිටීම සහ මධ්‍යම ප‍්‍රතිපදාව පිළිබඳ මේ පැහැදිළි කිරීම ගැන සිනාසුණොත් පුදුමයක් නැත. ඇත්තෙන්ම, බොදුබල සේනාවේ මේ ඊනියා පර්යේෂණ ප‍්‍රධානියාගේ කාර්යභාරය කුමක් දැ යි කෙනෙකුට සිතාගත නොහැක. සමහර විට, අවශ්‍ය තන්හිදී, අවශ්‍ය මාත‍්‍රාවෙන් දිය යුතු පරිභව කෝෂය ගබඩා කොට සංරක්ෂණය කිරීම විය හැකිය.

අනිත් අතට, රිෂාද් බද්උද්දීන් සුදනෙකු බවක් අපි නොකියමු. මන්නාරමේ මහේස්ත‍්‍රාත් අධිකරණයට මොහු සහ මොහුගේ මැරයන් පහර දුන්නේ වැඩි ඈතක දී නොවේ. එසේ වෙතත්, අනවසර පදිංචි කැරැුවීම් සිදුව ඇත්නම්, ඒ ගැන ක‍්‍රියා කිරීමට නීතිමය ක‍්‍රියා පරිපාටියක් තිබේ. එවැනි ප‍්‍රශ්නයකට විසඳුම වන්නේ, ගිනි අවුළුවන ජාතිවාදී බණ දෙසා බෑම නොවේ.

එසේම, මෙවැනි හැසිරීමක් ප‍්‍රධාන නිකායික මහනායක හිමිවරුන් විසින් හෙළාදකිනු නොලබන්නේ මන්දැ යි ප‍්‍රශ්න කළ යුතුව තිබේ. ජිනීවා යෝජනා සම්බන්ධයෙන් මෙන්ම, නීති විද්‍යාලයේ ක‍්‍රියාකලාපය පිළිබඳවත් වරින් වර මේ නායක හිමිවරුන් උපදෙස් සපයනු සහ විශේෂ ප‍්‍රකාශ නිකුත් කරනු අප දැක තිබේ. එහෙත් බොදුබල සේනා ගැන එතුමෝ නිහඬ ය.

සෙල්ලම් සොල්දාදු නගරංපති සහ ඔහුගේ පිස්තෝලය

ඊළඟ අවස්ථාව වුණේ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමක් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ පිළිබඳ තොරතුරු ගවේෂණයකට හම්බන්තොට ගිය අවස්ථාවේ ආණ්ඩුවේ දේශපාලනික මදාවියෝ පිස්තෝල උරුක් කරගෙන, සරොම් උස්සගෙන ඔවුන්ගේ පස්සෙන් පැන්නූ සිද්ධියයි. එහි දී මන්ත‍්‍රීවරුන්ගේ වාහනවලට ගල්මුගුරු සහ බිත්තරවලින් ද පහර දුනි. ඒ සියල්ල මධ්‍යයේ, තමා පිස්තෝලයක් උරුක් කරගෙන පැන්නුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ව ආරක්ෂා කිරීමට බවත්, තමාගේ අතේ තිබුණේ සෙල්ලම් පිස්තෝලයක් බවත්, තමා සෙල්ලම් සොල්දාදුවෙකු බවත්, හම්බන්තොට නගරංපතිවරයා ප‍්‍රකාශ කර සිටීම, එම සිදුවීම එකම විගඩමක් කෙළේය. ක‍්‍රියාකාරී විපක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය අවාසනාවන්ත සේ අකර්මණ්‍යව සිටින තත්වය තුළ මෙම සිද්ධිය, අපේ දේශපාලන සංස්කෘතිය වැටී ඇති අගාධයේ තරම පෙන්වන කෘර පිළිඹිබුවක් වන්නේය.

රූපවාහිනී කැමරා ඉදිරියේ ලෝකයාටම පෙනෙන සේ යකා නැටූ තවත් මෙවැනි බොහොමයක් සිදුවීම් සහ මෙම සිදුවීම් අතර එක වෙනසක් තිබේ. එනම්, මේ අවස්ථාවේ දී කිසිවක් නොකර බලා සිටි පොලීසිය ගැන පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියා සිටීමයි. අපි ඉතිං කටවල් ඇරගෙන බලා ඉමු. එහෙත් මෙහි දී ඇසිය යුතු තවත් ප‍්‍රශ්නයක් වන්නේ, පොලීසියට එරෙහිව පමණක් පරීක්ෂණයක් ඇයි? පිස්තෝලයක් උරුක් කරගෙන පැන්නූ අර තඩි නගරංපතිවරයා ගැන පරීක්ෂණයක් නැද්ද? ඔහුවත් යම් ඉන්ද්‍රජාලික තිරයකින් ආවරණය කෙරෙත් ද?

අනතුරු නොතකා සිටීමෙන් අපේම වළ කපා ගැනීම

ලූහුඩින් කිවහොත්, මීට පෙර සිටි ජනාධිපතිවරුන් යටතේ ද, මදන භික්ෂූන් සහ දේශපාලන මැරයන් හයිරංකාරකම් කර තිබේ. එහෙත් එදා සහ අද අතර ඇති වැදගත් වෙනස වන්නේ, අද තරම් ප‍්‍රසිද්ධියේ සහ අමු අමුවේ මහජන අයිතීන් පාගා දැමු කාලයක් එදා නොතිබීමයි. නීතිය එදා මේ සා අසරණ නොවීමයි. තුප්පහි කම් සිදුවෙද්දී ලෝකයාට පෙනෙන සේ පොලීසිය අහක බලාගෙන නොසිටීමයි. අපරාධකරුවන් මෙතරම් ප‍්‍රසිද්ධියේ දේශපාලන අනුග‍්‍රහ නොලැබීමයි. අප වටා ගොඩනැගෙමින් තිබෙන මේ භයානක වටපිටාවට අවදි වීමට අපෙන් බොහොමයක් දෙනා තවමත් ඇලිමැලි කරති. ඒ නොතැකියාව හේතු වනු ඇත්තේ අපේම වින්නැහියටයි. මන්ද යත්, යුද්ධයෙන් පසු ලංකාව වැටී ඇති ප‍්‍රපාතය, ඉහත කී දර්ශන සහ අසැබියාවන් හරහා විචාරවත් ලෝකයාගේ දෑස් ඉදිරියේ දිනෙන් දින හෙළිදරව් වෙමින් පවතින නිසා ය.

මේ සිදුවීම්වලින් පෙන්නුම් කරන පරිදි, ඉතා අවම මට්ටමේ හැදියාවක් පවා නඩත්තු කර ගැනීමට දේශපාලනිකව අසමත් වන්නේ නම්, වාර්ගික සහ ආගමික සහජීවනයත්, නීතිය හා අධිකරණය වැනි වඩාත් සංකීර්ණ ගැටළුත් නිරාකරණය කර ගැනීමට කෙසේ නම් සමත් වන්නදැ යි විමතියට පත් විවේචකයන් නගන ප‍්‍රශ්නය සාධාරණ ය.

*2014 අපේ‍්‍රල් 20 වැනි දා පළවූ Our Toy Soldiers And A Boorish Political Culture නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.