20 July, 2019

Blog

නිදහස වැජඹේවා: සැබෑ ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ මරණය

කිෂාලි පින්තු ජයවර්ධන

මේ සතියේ අනූපස් වියැතිව සිටියදී මියගිය නෙල්සන් මැන්ඬේලාව රොබෙන්  දූපතේ සිරගත කොට තැබූ සිරකුටියේ යකට කූරු මීට වසර කිහිපයකට පෙර ස්පර්ශ කිරීම අමතක නොවන අත්දැකීමක් විය.

වර්ණභේදවාදී සුදු ජාතික අධිපති තන්ත‍්‍රයක් මගින් අසාධාරණ ලෙස සිරගත කෙරුණු, ආවෘති භීතිකාව දනවන පටු සිර කුටියක දීර්ඝ කාලයක් ගත කිරීම, ඔහු සතු දරා ගැනීමේ ශක්තියත්, ඒ සැමටත් වඩා, ඔහු සතු අසාමාන්‍ය මනුෂ්‍යයත්වයත් පිළිබඳ අගනා සාක්ෂියකි. ඒ රුදුරු වධ වේදනාවෙන් නොකැලැල්ව සිටි ඔහු සිය ආදරණීය දේශය, පශ්චාත් වර්ණභේදවාදී දකුණු අප‍්‍රිකාවක් තුළ ප‍්‍රගතියට ගෙන ගියේ, වෛරයේ නොව දයාවේ මාවතක ය.

ගැටුම්කාරී වකවානුව අවසන්ව තිබියදී පවා තවමත් ආගම්වාදී සහ ජාතිවාදී සතුරුකම්වලින් වට කරනු ලැබ සිටින ශ‍්‍රී ලාංකික ජනතාවට එයම මහඟු පාඩමකි.

මානව හිමිකම්, ජීවන දැක්මක් වශයෙන්

තවත් පාඩම් ද උගෙනීමට තිබේ. ‘ඉන්වෙක්ටස්’ නැමැති සිනමා පටය නරඹා ඇති ඕනෑම කෙනෙකුගේ දෙනෙතට, එහි එන නෙල්සන් මැන්ඬේලාගේ චරිතයට පණ දෙන මෝර්ගන් ෆ‍්‍රීමෑන්ගේ ප‍්‍රකාශයකින් කඳුළු උනනු නිසැකයි: ‘‘මගේ ඉරණමේ ස්වාමියා මමයි. මගේ ආත්මයේ කප්පිත්තා මමයි’’. ලෝකයා දැන සිටි අතිශය තිරිසන් එක් පාලන තන්ත‍්‍රයකට එරෙහිව ඔහු ගෙන ගිය ප‍්‍රබල දේශපාලනික ක‍්‍රියාකාරීත්වය තුළ මැන්ඬේලාට ජීවන දැක්මක් වූ මානව හිමිකම් වූ කලී, ජීවිතය තුළ ප‍්‍රායෝගිකව අභ්‍යාස කළ යුතු, එහි වඩාත් විචිත‍්‍රවත් සහ තේජාන්විත අර්ථයෙන් අත්දැකිය යුතු සත්තාවක් විය.

Mandelaඔහු, රාත‍්‍රී භෝජන සංග‍්‍රහවල, ප‍්‍රියසාදවල, දේශන ශාලා හෝ රාජ සභාවල කෙරෙන මානව හිමිකම් පිළිබඳ සාටෝප සාකච්ඡුා පිලිකෙව් කළ මිනිසෙකි. රුදුරු දාමරිකකම් වැසැංගීමට කුහක පුරසාරම් දොඩවන, මැසි මදුරුවන් සේ මිනිසුන් වනසාලන නිර්නාමික බෝම්බ හෙලීමට නොපැකිළෙන, මිනිස් වෙස් ගත් කුරුමිට්ටන් අතරේ ඔහු නැගුවේ, සංහිඳියාව, සාමය සහ අවිහිංසාවාදී පෙළඹවීමේ අපූරුතම හඩකි.

සුදු ජාතික දකුණු අප‍්‍රිකානු පාලනයට එරෙහිව ඔහු නැගූ එම කැඳවීම, බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව මොහාන්දාස් ගාන්ධි නැගූ කැඳවීම තරමටම ප‍්‍රබල විය. එහෙත්, බෙදුම්වාදී රුදුරු රුධිරය තුළ ගැලූණු ඉන්දියාව මෙන් නොව, දකුණු අප‍්‍රිකාව අසහාය දිරියෙන් සහ අභිමානයෙන් යුතුව වර්ණභේදවාදී යුගයෙන් ගොඩ ආවේය. කෙසේ වෙතත්, ඔහු තරම් ජවසම්පන්න නොවන වෙනත් නායකයන් දකුණු අප‍්‍රිකානු ජනාධිපති පදවියට පත්වෙමින් හෙට දවසකට රට පිවිසෙද්දී, ප‍්‍රශ්නවලින් විනිර්මුක්තව සිටීමට එරටට හැකි වුණේ නැත.
විශේෂයෙන් බොහෝ කළු අප‍්‍රිකානුවන්ගේ ආර්ථික තත්වය එක දිගටම දුෂ්කර විය. එසේ වතුදු, මැන්ඬේලාගේ අසහාය පණිවිඩය ඒ මැද්දේ නොනැසී රැුඳුණි. ස්වාධීන අධිකරණයක් සහ මනාව සකස් කළ ‘අයිතීන් පිළිබඳ පනතක්’ කේන්ද්‍රගත කරගත් ව්‍යවස්ථාමය ව්‍යුහයන්, පශ්චාත්=වර්ණභේදවාදී දකුණු අප‍්‍රිකාවේ ස්ථාපිත කැරැුලීම, ඊට දෙස් දෙයි.

අපට අදාළ මැන්ඬේලාගේ පණිවිඩය

පශ්චාත්-යුදකාලීන ජාතික සංහිඳියා අර්බුදය සමග පොරබදන ශ‍්‍රී ලාංකිකයන්ට මේවා අදාළ කරුණු ය. ‘සත්‍ය සහ සංහිඳියා කොමිෂන් සභා’ පිළිබඳ කතා වටින්ගොඩින් මෙකල ඇසේ. මැන්ඬේලාගේ දීප්තිමත් නායකත්වය යටතේ එය යහපත් කතිකාවක් විය. එහෙත්, පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකාවේ අධිකාරීවාදයේ දඩු අඩු තද වෙමින් ඇති තත්වයක, මූලික මිනිස් අයිතීන් අහිමි වෙමින් ඇති තත්වයක, දේශපාලනිකව මෙහෙයැවෙන එදිරිවාදීකම් වාර්ගික ප‍්‍රජාවන් අතර වැපිරෙමින් ඇති තත්වයක, එකී යහපත මෙහි පෙනෙන්නට නැත.
ඒ නිසා කළ යුතුව ඇත්තේ, ආණ්ඩුවේ මර්දනය සහ අධිකාරීවාදයට එරෙහි ජනතා සම්මුතියක් සොයනු වස් මැන්ඬේලාගේ ඉගැන්වීම් නිසියාකාරයෙන් අවශෝෂනය කර ගනිමින්, හුදු වාගාලාප වෙනුවට, සත්‍යය සහ සංහිඳියා ගවේෂණය සැබෑවක් කෙරෙන සාධනීය පරිවර්තනයන් සාක්ෂාත් කර ගැනීමයි. 1994 මැයි 10 වැනි දා, දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රීය ජනාධිපතිවරයා වශයෙන් මැන්ඬේලා පැවැත්වූ කතාව තුළ ඔහු තම රට පිළිබඳ ස්වකීය සොඳුරු සිහිනය විචිත‍්‍රවත්ව පැහැදිළි කෙළේය. විනාඩි නවයකට සීමා වූ එම කතාව තුළ, ‘නිදහස වැජඹේවා’ යන ඔහුගේ කියමන ලොව පුරා එදා ප‍්‍රභාමත්ව රැුව්දුනි.

මේ වචනවල කාව්‍යාත්මක ගුණය, ඊට හරියටම වසර පනහකට පෙර 1944 දී, ඇමරිකාවේ සදාදාරණීය විනිසුරුවරයෙකු වූ ලර්නඞ් හෑන්ඞ්ගේ ‘නිදහසේ භාවාර්ථය’ නැමැති සුප‍්‍රකට දේශනයේ දී කළ ප‍්‍රකාශය හරහා ඇති කෙරුණු දෝංකාරය, නැවතත් නින්නාද දුනි. ‘‘අන් සියල්ලට කලින් අප සොයන්නේ නිදහස යැයි කියන විට එයින් අප අදහස් කරන්නේ කුමක්ද? අප බොහෝ විට කරන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන්, නීතිරීති සහ අධිකරණයන් මත අපේ ප‍්‍රාර්ථනා පමණට වඩා රැුඳවීම නොවේදැ යි බොහෝ විට මම මගෙන්ම ප‍්‍රශ්න කරමි. ඒවා ව්‍යාජ ප‍්‍රාර්ථනයන් ය. නිදහස රැුඳෙන්නේ, මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ හදවත් තුළයි. එම නිදහස එතැනින් මියගියොත්, කිසි ව්‍යවස්ථාවකට, කිසි නීතියකට, කිසි අධිකරණයකට එය ගලවා ගන්නට පුලූවන් කමක් නැහැ. ඒ සඳහා සහාය වීමටවත් පුලූවන් කමක්, ව්‍යවස්ථාවකට, නීතියකට හෝ අධිකරණයකට ඇත්තේ නැහැ…’’

ලෝකයෙන් ‘පිටමං කිරීම’

‘‘අපමණ කාලයක් තිස්සේ සිදුවෙමින් පැවති මානව ව්‍යසනයකින් පසු බිහි විය යුත්තේ, මුළු මිනිස් වර්ගයාටම ආඩම්බර විය හැකි සමාජයක්. සාමාන්‍ය දකුණු අප‍්‍රිකානුවන් වශයෙන් අප කරන දෛනික කි‍්‍රයාකාරකම් හරහා සැබෑ දකුණු අප‍්‍රිකානු යථාර්ථයක් අප බිහි කරගත යුතුයි. එම යථාර්ථය තුළ, සාධාරණත්වය සඳහා වන මිනිස් විශ්වාසය ශක්තිමත්ව තහවුරු විය යුතුයි. මිනිස් ආත්මයේ උත්තරීතරත්වය පිළිබඳ විශ්වාසය සවිබල ගැන්විය යුතුයි. සියල්ලන් සඳහා වන විභූතිමත් ජීවිතයක් පිළිබඳ අපේ සියලූ ප‍්‍රාර්ථනා මල්ඵල දැරිය යුතුයි’’ යනුවෙන්, දකුණු අප‍්‍රිකානු ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනාධිපති වශයෙන් මැන්ඬේලා කළ ප‍්‍රාරම්භක දේශනයේ ඇතුළත් සඳහනත්, ශ‍්‍රී ලංකාවේ අපට ද ආසන්න අදාළත්වයක් දරයි.

දකුණු අප‍්‍රිකාව ‘ලෝකයෙන් පිටමං කරනු ලැබ ඇතැ’ යි ඔහු එහි දී කළ සඳහන, අපේ දේශපාලඥයන්ගේ ක‍්‍රියාකාරකම් නිසා අද ලංකාවේ ප‍්‍රතිරූපය ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ පැල්ලම් ගැසෙමින් තිබෙන තත්වය තුළ, දැනුම් තේරුම් ඇති ශ‍්‍රී ලාංකිකයන්ගේ අවධානයට ලක්විය යුතුව තිබේ.

පරමෝත්කෘෂ්ට පුද්ගල භාවයක් සැමරීම

එකල මැන්ඬේලා අවධාරණය කළ ප‍්‍රධාන කාරණා වුණේ, යුක්තිය, සාමය, මානව අභිමානය, සමෘද්ධිය, නිර්-ලිංගිකත්වය, ජාතිවාද විරෝධය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. අද අප ඉදිරියේ ඇති ප‍්‍රශ්නත් ඒවාමයි. එදා ජාතිය අමතා කළ ඔහුගේ ආමන්ත‍්‍රණය තුළ එරටේ සිටි සුළුතරය වූ සුදු ජනගහනය පිටමං නොකිරීම, අපට සංකේතාත්මක වැදගත් කමක් දරයි. 1994 දී ඔහු කළ ආමන්ත‍්‍රණය, පශ්චාත්=යුද කාලීන ශ‍්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක ය: ‘‘තුවාල සුව කිරීමේ මොහොත පැමිණ තිබේ. අපව බෙදා වෙන් කරන විවරයන් පුරුද්දන මොහොත පැමිණ තිබේ.’’

අභාවප‍්‍රාප්ත නෙල්සන් මැන්ඬේලාව ‘මානව හිමිකම් සුරුවමක්’ සේ ගැනීම, ඛේදනීය ආකාරයෙන් භාෂාව අවභාවිතයේ යෙදීමකි. මැන්ඬේලා වනාහී, හුදු ප‍්‍රතිමාත්මක ප‍්‍රපංචය පරයන මිනිසෙකි. ඔහුගේ ධීරත්වය, ඔහුගේ පුද්ගල භාවය සහ ඔහුගේ ජීවිතය වූ කලී, අප දැක ඇති සැබෑ ශ්‍රේෂ්ඨයෙකු සංකේතවත් කෙරෙන උත්තරානුභූතියක් වන්නේය. ඔහුගේ පුද්ගල භාවයේ ජවය දකුණු අප‍්‍රිකවේ ජනතාවට පමණක් සීමා වන්නක් නොව, විශ්වීය වන්නකි. ඔහුගේ වියෝව ගැන ලෝකයා වැළපෙද්දී පරිපූර්ණව සැමරෙන්නේ ඒ අපූර්ව ජීවිතයයි.

*Let Freedom Reign; The Death Of A Truly Great Man තීරු ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Nelson Mandela,……………………………………………….

    Niyama Veerayek. Obata mulu lokayama stuthi venawa.
    ………………………………………….

    Lankave inna Boru Ballo, Buddagama kiyala jatiya pavicchi karagena RATA KANAWA.

  • 0
    0

    මැන්ඩෙලා ගේ වීරෝධාර ගමන තුලින් අපට උගත හැකි පාඩම් බොහෝය. යුද්ධය දිනු ගමන් අප දමිල ජනතාව අමතක කළෙමු. වසර තිහක් යුද්දයෙන් බැටකෑ අහිංසක දෙමල මිනිසුන්ගේ ප්‍රශ්න අපට ප්‍රශ්න නොවීය.යුද්දය අවසන් වූ වහාම අපට දෙමල ජනතාවට ඔවුන්ට අවශ්‍ය පාලන බලතල ලබාදී ඔවුන්ට සිදුවුණා අසාධාරණ කම් දෙස සාධාරණ ඇසකින් බලා කටයුතු කලා නම් අපත් අද ” මැන්ඩෙලා ” ගේ තත්වයෙහි ල සලකනු ඇත. එහෙත් සිදුවී ඇත්තේ අපව මානව හිමිකම් නොදන්නා ම්ලේච්ච් ජාතියක් ලෙස හංවඩු ගැසීම පමණි.
    කොහෙද අපට මේ වැරදීම සිදුවුනේ. අපගේ වීරෝධාර දුටුගැමුණු රජතුමා පවා මිනිස් ඝාතන අවම කරගැනීමට තම ජීවිතිය අවදානමට ලක් කළේය.එතුමා යුද්දයෙන් පසු කිසිදු දෙමල වැසියෙකුට හිරිහැර කිරීම තහනම් කළේය. එළාර රජු මියගිය තැන සොහොනක් සාදා එතැනට ගරු බුහුමන් කිරීමට වැසියන්ට උපදෙස් දුනි.
    යුද්දයෙන් පසු අප හැසිරුනේ කෙසේද.කොටින් කොතරම් දරුණු මීනීමරුවන් වුවත් අපට අපේ ශීලාචාර කම පෙන්වන්නට තිබුණි.හමුදා අතින් වැරදි සිදුවී ඇත්නම් ලෝක ප්‍රජාව කියන තුරු නොසිට අපට අපේ පරික්ෂ තුලින් වරදකරුවන්ට දඬුවම් දිය යුතුව තිබුණි.වත්මන් රජයේ අදූරදර්ශී පාලනය ලෝක ප්‍රජාව හමුවේ අපව තිරශ්චීන ජාතියක් බවට පත් කර ඇත. වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුය.එයට හමුදාවද නැද්ද කියා ප්‍රශ්නයක් ඇතිවිය නොහැක.වැරද්ද කවුරු කලත් වැරද්ද ම වේ. එයට දඬුවම් ලැබිය යුතුය. අප ශ්‍රේෂ්ට ජාතියක් වෙමු.එම ශ්‍රේෂ්ට කම ක්‍රියාවෙන්ම පෙන්විය යුතුය.මැන්ඩෙලා ලොවට දුන් ආදර්ශය එයයි .

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.