17 October, 2017

කොමියුනිස්ට් පක්ෂය පියවරක් ඉදිරියෙන් ද?

කුමාර් ඩේවිඩ්

කුමාර් ඩේවිඩ්

මේ වන විට කොමියුනිස්ට් පක්ෂයේ බහුතරය බවට පත්ව ඇති කොටසක් හා ඩියු ගුණසේකර ද පොදු විපක්ෂය හැසිරෙමින් සිටි ආකාරය පිළිබඳව අසතුටින් සිටි බව ටික කලක සිට දැනගන්නට තිබිණි. දැනට විමර්ශනයට ලක් වී තිබෙන හා සමහර විට සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හෝ සංශෝධනයට ලක් විය හැකි ජේආර්ගේ ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාවේ අධිකාරීවාදී ලක්ෂණ අත්හැර දැමීමට ඇති අකමැත්ත හා දෙවනුව පොදු විපක්ෂයේ ප‍්‍රකාශවල ඇති අතිශය ජාතිවාදී ස්වරූපය යන කරුණු දෙක මෙහිදී වැදගත් විය. පොදු විපක්ෂයේ ස්ථාවරයෙන් නිදහස් වී ස්වාධීන මාර්ගයක ගමන් කරමින් තමන්ගේ වෙනම මැයිදින රැුළියක් පැවැත්වීමට කොමියුනිස්ට් පත්ෂය ගත් තීරණය මා තුළ ඇති කළේ ප‍්‍රසන්න වූ විමතියකි. පොදු විපක්ෂයෙන් කැඞීයාමට ගත් තීරණය වර්තමාන කොමියුනිස්ට් පක්ෂ අභ්‍යන්තර අරගලයෙන් ආපසු නොහැරවෙන්නේ නම් නව පරිච්ඡෙදයක් විවෘතව තිබේ. මෙම ලිපිය මධ්‍ය කාලීන වශයෙන් හෙවත් ඉදිරි තෙවසරක පමණ කාලය තුළ ඇති විය හැකි වර්ධනයන් පිළිබඳව වන අතර ආරම්භ වූ ප‍්‍රතිපත්තිමය වෙනස්කම් එසේම පවතීවිය යන නිගමනයෙහි පිහිටා සිදු වන්නකි. ආවරණය කළ යුතු වපසරිය ඉතා පුළුල් වන අතර වචන 1500 න් පමණකින් යුත් සුලු ලිපියකින් මාහට සමීක්ෂණය කළ හැකි වන්නේ සමස්ත ක‍්‍රියාදාමයෙන් සුලූ ප‍්‍රමාණයක් පමණය.

කොමියුනිස්ට් පක්ෂය විසින් බෙදා දුන් ප‍්‍රථම රසවත් ආහාරය මා විසින් මාස ගණනක් තිස්සේ සිදු කරන ලෙස රනිල්-සිරිසේන දෙදෙනාට හා ඔවුන්ගේ රජයට උපදෙස් දුන් එහෙත් ඔවුන් විසින් බියගුල්ලන් ලෙස නොතකා හරින ලද දෙයමය. එනම් කොමියුනිස්ට් පක්ෂය විසින් පසු ගිය මාස 12 සිට 18 දක්වා කාලය තුළ පොදු විපක්ෂය විසින් මහා ඝෝෂාකාරි ලෙස ගෙන යන ලද ඇවිස්සීම්වලට තිරිංගයක් දමනු ලැබීමය. පොදු විපක්ෂයට තවදුරටත් මෙතෙක් සිදු කළ කුපිතකිරීම්, කලබලකිරීම් හා ජාත්‍යෝන්මාදවාදී ආවේශයන්හි තවදුරටත් පෙර මෙන් බියෙන් සැකයෙන් තොරව නිරත වී සිටිය නොහැකිය. මක් නිසාද යත් තමන්ගේ ගෙය ඇතුළතින් බිඳවැටෙමින් තිබෙන විට කිසිවෙකුටත් අසල්වැසියන්ගේ දේපලවලට ගිණි තැබීමට අවස්ථාවක් නොමැති වන බැවින්ය. පොදු විපක්ෂයේ මැයි රැුළිය කෙතරම් විශාල වුව ද සත්‍යය එයයි.

මෙම කඩා බිඳ දැමීම කොමියුනිස්ට් පක්ෂය විසින් බෙදා දුන් දෙවන රසවත් ආහාරයයි. අපි (සමසමාජ බහුතර කණ්ඩායම) එය භුක්තිවිඳින වාසනාවන්තයින් වෙමු. තිස්සට නැගී සිටීමට පාදයක් නැත. ලංකා සමසමාජ පක්ෂයට ඇති ඊලඟ තාර්කික විකල්පය වන්නේ රාජපක්ෂගේ වේදිකාවට වහල් නොවන නැවත එක්වීමක් පක්ෂයේ බහුතරය හා සුලූතරය අතර සිදු කොට ගැනීමයි. ලංකා සමසමාජ පක්ෂයේ තැන ඇත්තේ වම සමගය. කොමියුනිස්ට් පක්ෂය දැනටම ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදීන් සමග සංවාදයේ යෙදී සිටී. මේ ආරම්භක දිනයන් වුව ද නව අවස්ථාවෝ ලංකා සමසමාජ පක්ෂය එනතුරු බලා සිටිති. තිස්සට මහලූ නිවාසයක් සූදානම්ය. වාසුගේ පුංචි අංශුව දියවී, වියැකී පිණි පොදක් බවට පත්වනු ඇත.

ලංකා සමසමාජ පක්ෂය (බහුතර කණ්ඩායම) රනිල්-සිරිසේන පාලනයෙන් ඈත් වී කොමියුනිස්ට් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ද සමග එක්ව එක්සත් වාම ව්‍යුහයක එයට නියම වශයෙන් හිමි තැන ලබා ගැනීමට හැකියාව ලබා ගැනීමට පෙර එය විසින් අවසන් කළ යුතුව ඇති නිම නොවූ කාර්යයක් තිබේ. එනම් එය නව ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාව සම්මත කොට නිමකිරීමට වගබලා ගත යුතුව ඇත. නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්නේද, නැතහොත් සංශෝධනයන් පමණක් සම්මත කොට ගැනීම ප‍්‍රමාණවත්ද යන්න පිළිබඳව මෑතක දී වාද විවාද ඇති විය. පොදු විපක්ෂයේ ජාතිවාදී ව්‍යාපාරය හමුවේ ජනමතවිචාරණයක් ජයගැනීම අපහසුවේය යන බිය ඇති විය. කොමියුනිස්ට් පක්ෂයේ ක‍්‍රියාව හා සාමූහික වමක (ජවිපෙ, පෙරටුගාමීන්, සිරිතුංග, බාහු සහ කොප හා ලසසපය) ප‍්‍රචාරක ව්‍යාපාරය මෙම භීතින් තුරන් කරනු ඇති අතර සියල්ල කණපිට පෙරළෙනු ඇත. යෝජිත ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාව සිංහල ජනයාගෙන් වැඩි කොටසකට, පිළිගත හැකි විය යුතු අතර සුලූ ජාතීන්ගේ අවම ඉල්ලීම්වලට තැනක් දිය යුතු මෙන්ම වමට ද පිළිගත හැකි එකක් විය යුතුය. දැන් මෙම අරමුණු ඉටු කොට ගැනීම එතරම් අපහසු නොවනු ඇත. මේ අතරමැදි කාලය තුළ පණත් කෙටුම්පත් කරන්නන් අතර බලගතු තැනක ජයම්පති සිටීම අත්‍යවශ්‍යය. ජනමත සමීක්ෂණයේදී නායකත්වය දුන් ලාල් විජේනායකගේ සහභාගීත්වය මිල කළ නොහැකි වනු ඇත. ලංකා සමසමාජ පක්ෂයේ (බහුතර කණ්ඩායම) මේ රජයට ඉටු කොට දිය යුතුව ඇති “තවම අවසන් කොට නැති කාර්යය” මෙයයි.

වර්තමානයේ පවතින පසුබිම අනුව මෙම ලිපියේ අවධානයට යොමු වන ප‍්‍රධාන කරුණු දෙකක් වේ. ප‍්‍රථමයෙන් වම සඳහා මධ්‍යම කාලීන වශයෙන් යෝග්‍ය වන සංවිධානමය ව්‍යුහයයි. දෙවනුව මෙම ඓතිහාසික අවස්ථාවේ පවත්නා ගෝලීය වෙනස්වීම් තුළ වාම/සමාජවාදී/මාක්ස්වාදී චින්තනයේ න්‍යායාත්මක පදාර්ථයන්ය. පළමුවැන්න ලංකාව කෙරෙහි ප‍්‍රක්ෂේපනය වන අතර දෙවැන්න ලොව පුරා ව්‍යාප්ත එකක් බැවින් එහිදී ජාත්‍යන්තර ආර්ථික වර්ධනයන් සහ ගෝලීය වූ නව ජනාකර්ෂණවාදී ප‍්‍රවණතාව සැලකිල්ලට ගත යුතුය.

බෙදීම්, කල්ලි සහ කැඞී වෙන් වී යාම්

ලංකාවේ මාක්ස්වාදීන් 24 දෙනෙකු කාමරයකට දමා දොරගුළු ලා පැය භාගයකට පසු දොර විවෘත කළහොත් “විප්ලවකාරී” පක්ෂ දුසිම් දෙකක් මතු වනු ඇත යන කටකතාව ඔබ අසා තිබෙනවා විය හැකිය. මා දන්නා ට්‍රොට්ස්කිවාදී කණ්ඩායම් හතක් ඇති අතර එම කණ්ඩායම් එක්සත් රාජධානියේ (2), ප‍්‍රංශයේ (2), බෙල්ජියමේ (1), අමෙරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ (1) සහ වෙනිසියුලාවේ (1) මව් කණ්ඩායම් හා සම්බන්ධව සිටිති. හතරකට නොඅඩු පශ්චාද් ශන්, පශ්චාද් චීන-සෝවියට් භේදය වැනි කුඩා කණ්ඩායම් පා වෙමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණ හා එයින් කැඩුණු පෙරටුගාමී කණ්ඩායම මෙන්ම එයිනුත් වෙන් වූ මවිසින් කුරුටුගාමී ලෙස හඳුන්වන ඒවා ද ඇත. මිය ගිය වම එනම් කොමියුනිස්ට් පක්ෂය හා සමසමාජ පක්ෂය අභ්‍යන්තර වශයෙන් බෙදි ඇති බව ද වාසුදේව අසභ්‍යත්වය විහිදුවන වලිගයක් මෙහෙයවමින් සිිටින බව ද අමතක නොකරන්න. අවසාන වශයෙන් විවිධ ස්වරූපයේ වාම සිවිල් සංවිධානයන් ද අපට තිබේ.

මෙම ක්ෂුද්‍ර ප‍්‍රමාණයේ සුන්බුන්වලින් සැදුණු තිමිර පටලය සංවිධානමය හා බුද්ධිමය බලය සාපරාධී ලෙස අපතේ යැවීමකි. මේ මිනිස්සු මෝඩයෝ නොවෙති. ඔවුන් පොතපත කියවා ඇති අතර මාක්ස් හා ලෙනින් චක්කරයක් මෙන් කටපාඩමෙන් කීමට ඔවුන්ට හැකිය. ඔවුහු වංචනිකයෝ නොවෙති. ඔවුනට ඉතා සුලූ ප‍්‍රමාණයෙන් ඇති කාලය හා ධනය ඔවුහු නොමසුරුව කැප කරති. එමෙන් රාජ්‍යය නිබඳව ඔවුන් කුදලාගෙන ගොස් ඔවුන්ට දඬුවම් කරයි. එහෙත් සමගියක් නොමැති නම් මේ සියලූ බලය, අවංකභාවය හා සම්පත් නිරපරාදේ අපතේ යයි. කාණු පල්ලෙන් ගලා යයි. පවත්වන ලද කුඩා පරිමාණ මැයි රැුළි 15 මේ සියල්ල කියාපාන්නේය! ජනතා විමුක්ති පෙරමුණේ රැුළිය පවා මෙවර වෙන වසරවලදී තරම් විශාල නොවීය.

මෙම අවිධිමත් සමූහය සම්බන්ධීකරණය ලද්දේ නම් එයින් මෙයට වඩා වැඩි ප‍්‍රමාණයක් සාක්ෂාත් විය හැකිව තිබිණි. ග‍්‍රීසියේ (සිරිසා) සහ ස්පාඤ්ඤයේ (පොඩෙමොස්) වම ඉදිරියට ගියේ මේ ආකාරයෙනි. ඉතාලියේ පවා කිසියම් සාර්ථකත්වයක් ලබා ඇති තරු පහේ ප‍්‍රයත්නය අවිනිශ්චිත වර්ගීකරණයකට අයත් වන නව-ජනාකර්ෂණ ස්වරූපයකි. සියල්ලන්ට පිළිගත හැකි මූලික වැඩපිළිවෙළක් සහ ව්‍යුහයක් එක් එක් කල්ලිය තමාගේම වූ මතවාදාත්මක හා සංවිධානමය ගුහාවක් සොයා යාමට වඩා ඵලදායකය. මැතිවරණය අතින් බලන විට සමගි සම්පන්න ලාංකික වමකට 2020 දී ආසන දුසිමක් හෝ දෙකක් ලබා ගැනීමට බොහෝ දුරට හැකියාවක් තිබේ.

වාමාංශික සමගියක් සඳහා ‘අවම ව්‍යවස්ථාවක්’ හා සමාජ-ආර්ථික වැඩපිළිවෙළක් යන මුලික අවශ්‍යතා දෙකක් ඇත. ‘අවම ව්‍යවස්ථාවක්්’ යනු ජේආර්ගේ අධිකාරිවාදී බොනපාට් ක‍්‍රමයේ රාජ්‍ය ව්‍යුහය අහෝසි කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කිරීම හා ත‍්‍රස්ත මර්දන පණත (PTA ) අහෝසි කිරීම, සුලූජාතීන් පාලනයට හවුල් කොට ගැනීම සහ ජනප‍්‍රිය අවශ්‍යතා හා ජනාකර්ෂණ දුරස්ථකරණය ආමන්ත‍්‍රණය කරන රජය විසින් මෙහෙයවනු ලබන ආර්ථික උපායක් පිළිබඳ සැලැස්මක් ද වේ. මේ පිළිබඳ කෙටුම්පතක් යොජනා කිරීමට තරම් මා අවිචාරවත් නොවන අතර මා විසින් කරනු ලැබ ඇත්තේ වමට පිළිගත හැකි ‘අවම ව්‍යවස්ථාවක්’ සඳහා අවධාරණය විය යුතු කරුණු ඉස්මතු කොට දැක්වීමය.

ව්‍යවස්ථාවක් පිළිබඳ කරුණ කෙරෙහි අවධානයක් වර්තමාන දේශපාලන අවධියේ මතු වී ඇති නමුදු වාම සමාජ-ආර්ථික කරුණු දීර්ඝකාලීන වශයෙන් වැදගත් අතර වම රනිල්-සිරිසේන පරිපාලනයක් හෝ එජාපය ප‍්‍රමුඛ කොට ගත් රජයක් කෙරෙහි කිසිදු මායාකාරී අපේක්ෂාවන් තබා ගත යුතු නැත. වමට අවශ්‍ය වන්නේ මේ රජයට ඉටු කළ නොහැකි දේ පිළිබඳ තිරසාර සැලැස්මකි. කෙසේ වුව ද ජනාකර්ෂණවාදය (Populism) පැතිරෙමින් පවතී (ආසියාව තුළ ඉන්දියාවේ හා පිලිපීනයේ). මාධ්‍යයේ තෙරපුම් හමුවේ ට්රම්ප් CBS News ආයතනයට මෙසේ පැවසීය: “කලින් කී කිසිදු දෙයක මම පිහිටා නොසිටිමි; ඔබ කැමති දෙයක් ඔබට සිති ගත හැකිය.” වමට රනිල්-සිරිසේන රජය තල්ලූ කළ හැකි දුර කෙතෙක්ද හා අනාගතයේදී මෙම රජය හා වම අතර සම්බන්ධය කෙබඳු විය හැකිද යන්න විවෘත ප‍්‍රශ්නයන්ය. කෙසේ වුව ද වමේ ක‍්‍රියාකාරීත්වයේ සඵලතාව සඳහා අත්‍යවශ්‍ය සාධකය වන වමේ බලවේග අතර සමගිය කොමියුනිස්ට් පක්ෂයේ පියවර නිසා තරමක් ලං වී ඇත. ඕනෑම අමනයෙකුට වුව ද වැටහෙන අන්දමට එක්සත් පෙරමුණක් යනු එතරම් වැදගත් නොවන පළමු පියවරකි. නියම අරමුණ විය යුත්තේ එක්සත් කේවල පක්ෂයකි.

විසිඑක් වන සියවසෙහි වාම චින්තනයේ පදාර්ථ

මාක්ස්ගේ න්‍යාය පිහිටා ඇති යටි පාෂාණය වන ඉතිහාසය පිළිබඳ භෞතිකවාදී ප‍්‍රවේශය සහ පද්ධතීන්ගේ චලනයේ ද්වන්දාත්මක පැවැත්ම පිළිබඳ න්‍යාය නොසෙල් වී පවතී. ඓතිහාසික භෞතිකවාදය ඉතිහාසය හා සමාජවිද්‍යාවේදී නිෂ්පාදනයට හා තාක්ෂණයට, යුද්ධ හා ආක‍්‍රමණයන්ට පංතිය හා රාජ්‍යයට ධනය හා අතිරික්තයට සහ මූලධනය හා මූල්‍යයට ප‍්‍රමුඛතාව පවරයි. එය දැන් සියලූ දේශපාලන, සමාජ හා ආර්ථික චින්තනයේ වේදිකාව බවට පත්ව ඇති අතර එය සාමාන්‍ය පිළිගැනීම බවට පත්ව ඇත. භෞතිකවාදය ඩෙකාට්ගේ “මම වෙමි, එබැවින් මම සිතමි (I am, therefore I think)” යන ප‍්‍රකාශනයේ විරුද්ධාර්ථයයි. වඩා නිශ්චිත ලෙස පවසන්නේ නම් මනුෂ්‍ය සමාජ ක‍්‍රියාකාරකම් මිනිසා හා ඔහුගේ ලෝකය අතර ක‍්‍රියාත්මක ඒකාග‍්‍රතාව ලෙස ගත් විට කාටීසියානු ද්විරූපතාව අවලංගු වේ.

මාක්ස්ගේ සමාජ ද්වන්ද්වාත්මකභාවය ගතිකත්වයේ නිමග්නව පවතී. විටෙක ක‍්‍රමානුකූල පරිණාමය විටෙක පිමි ලෙස වෙනස්වීම. විද්‍යාත්මක මුල් භාෂාවේදී ද්වන්ද්වාත්මකභාවය යනු සමාජය හා ඉතිහාසය විග‍්‍රහ කරන ප‍්‍රවේශයක් විය. විද්‍යාවේදී නූතන පද්ධති න්‍යාය යනු අන්තර්සම්බන්ධය, ප‍්‍රතිවිරෝධතාව, චලනය, ධූරාවලිය, මනෝමූලභාවය අවිනිශ්චිතතාව හා ව්‍යාකූලතාවයි. එහෙත් මෙබඳු සාමාන්‍යකරණයන් පහසු පැත්තය. අපහසු පාර්ශ්වය වන්නේ ප‍්‍රායෝගිකව හා නිවැරදිව එය ක‍්‍රියාත්මක කිරීමයි. වර්තමාන ලෝකයේ හෝ අපගේ ව්‍යාකූල හා අවුල් සහගත ලංකාවේ එය ක‍්‍රියාවට නැංවීමයි.

පූර්ව 1930 අවධියේ පැවති හුස්ම හිරකරවන නිල මාක්ස්වාදය මිය ගොස්ය. 100%ක් රාජ්‍ය සන්තක හා රාජ්‍යය විසින් නියමකරන ලද ආර්ථිකය අවසන්ය. එක් පක්ෂයක් පමණක් සහිත දේශපාලන ක‍්‍රමය සෝවියට් කඳවුරේ බිඳ වැටිමත් සමග දැවී විනාශ විය. චීනයේ නැගීම* නිසා රාජ්‍ය ධනවාදය පිළිබඳව ඇති වූ උනන්දුව සිත්ගන්නාසුලූ තාවකාලික මෙවලමක් විය. ලෝකය තවමත් 2008 අවපාතයේ අවසාන අවධියේ ගිලෙමින් පැවතිය ද ඒ නිසා මහජනතාව වම හෝ සමාජවාදය වෙත ගලා ඒමක් සිදු වී නැත. ඒ වෙනුවට ඔවුන් දශලක්ෂ ගණනින් නව ආකර්ෂණවාදයේ ඇකයට රොක් කරනු ලැබ ඇත. පශ්චාද් බෝල්ෂේවික් හා පශ්චාද් මාවෝවාදී මාක්ස්වාදයෙන් අපට උරුම වී ඇති බුද්ධිමය පදාර්ථ සහ ව්‍යුහාත්මක මෙවලම් යල් පැන ගිය ප‍්‍රමාණවත් නොවන ඒවාය. නව ජනාකර්ෂණවාදයේ නැගීම හා අභාවය සමහර විට ප‍්‍රමාණයට වඩා විශාල ලෙස පෙනෙන ප‍්‍රහසනයක් බවට පත්ව ඇත. මෝදි වැනි චරිතවල නැගීම උදාහරණයක් වන අතර මේ තත්වයන් යටතේ අපට හුස්ම ගැනීමට හා සිතා බැලීමට, සමාජ-ආර්ථික සැලසුම් නැවත සකස් කිරීමට හා වඩා යෝග්‍ය ව්‍යුහයන් පිළිබඳව පර්යේෂණ කිරීමට අවකාශයක් විවෘතව ඇත.

මගේ තර්කය වන්නේ අප ඉදිරියේ අවස්ථාවක කවුළු විවෘතව ඇති බව හා ඒවාට ප‍්‍රතික‍්‍රියා දක්වමින් සාකච්ඡා කරමින් නව මං සෙවිය යුතු බවය. නව චින්තනයක් සඳහා ක‍්‍රියාශීලී උනන්දුවක් ඇත. කෙසේ වුව ද එය එය වමේ සමගියක් වෙත යොමු නොකරන්නේ නම් ප‍්‍රායෝගික අරමුණක් ඇති නොවේ. ඒ සමග අදට සමු ගනිමි.

* චීනයේ නැගීම යන්න බරපලත යෙදුමකි. මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් සඳහා බලන්න: “Easternization: Asia’s Rise and AmeriÊ’s decline” by Gideon Rachman. Other Press, 1916

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.