19 September, 2019

Blog

ශ‍්‍රී ලංකාව​:::: ; තෙල් පස්සේ වහවැටුණු කුලප්පුව

කුම්භකර්ණ

මින් දෙවසරකට පෙර, 70 දශකයේ දී වරක් සිදුවූ පරිද්දෙන්ම, ශ‍්‍රී ලංකා මුහුදෙන් තෙල් සොයා ගැනීමේ අභිලාෂය පෙරදැරි කරගත් සන්නියක් ඇති වුණි. දෙවසරක් තිස්සේ කරන ලද සොයා බැලීම්වලින් පසුව තෙල් සොයා නොගැනුණු නිසා, 70 දශකයේ දී මෙන්ම මෙවර ද, ඇති වූ සැණින් ඒ පිස්සුව නැති වුණි. අද ඒ ගැන කතා කරන දේශපාලඥයෙකු සොයා ගැනීමට නැත.

තෙල් සොයා ගැනීමට නොලැබීම ගැන පෞද්ගලිකව මට ඇත්තේ සතුටකි. එසේ සතුටු වීම ගැන කෙනෙකු මට දෙස්දෙවෙල් තියතැ යි සිතා, මගේ සතුටට හේතු දැක්වීම යෙහෙකි.

තෙල් සොයාගත්තේ නම් එයින් යම් සෙතක් රටට ඇති විය හැකි බවට විවාදයක් නැත. එහෙත් ක්ෂේත‍්‍ර දෙකක් කෙරෙහි, එනම් යටිතල සංවර්ධනය සහ හමුදා වියදම් යන ක්ෂේත‍්‍ර දෙක කෙරෙහි මේ ආණ්ඩුව දක්වන අසීමිත ආශක්ත භාවය ගැන සිතන විට, තෙල්වලින් ලැබෙන ධනස්කන්ධයෙන් විශාල පදාසයක් විදේශ බැංකු ගිණුම්වල තැන්පත් වීමෙන් පසු කොතැනින් නතර වේදැ යි සිතා ගැනීම උගහට ය.

දැනටමත් අපට ලැබී ඇති ප‍්‍රභූ පැලැන්තිය මදිවටදෝ, අපේම තෙල් කර්මාන්තයක් තුළින් තවත් බලගතු ප‍්‍රභූවරු සහ හයිරංකාර කල්ලි බිහි කෙරෙනු නිසැකයි. අධිකතර ගෙන දෙන ඛනිජ තෙල් සම්පත් සහ ඊට අනුබද්ධ වෙනත් යසඉසුරු සඳහා ඇති විය හැකි දේශපාලනික ගහමරා ගැනීම් සහ කූට ප‍්‍රයෝග මොන තරම් නම් උත්සන්න වේ දැ යි සිතාගන්න. (අවසානයේ එම ධනය ඒකරාශී වනු ඇත්තේ කවරෙකුගේ අතේ දැ යි සිතා ගැනීමත් අපහසු නැත).

අළුත් මංමාවත්, අළුත් පාලම්, ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් සහ වරායවල් නම් ඉදිවනු ඇත. මුලින් කී දේවල් තදින්ම රටට උවමනා කෙරේ. දෙවැනුව කී දේවල්, මානව සංවර්ධනයෙන්, අධ්‍යාපනයෙන් සහ කෘෂිකර්මාන්තයේ කර්මාන්තයේ සහ පරිපාලනයේ මනා වෘත්තීය භාවයක් බිහි කිරීමට අසමත් වන්නේ නම්, සරුවපිත්තල වන්නේය.

තව තවත් රෝහල් සහ පාසල් අපට අවශ්‍ය කෙරේ. තෙල් සල්ලිවලින් එවැනි සේවාවන් ද වර්ධනය විය හැකිය. එහෙත්, පාලකයන්ගේ ප‍්‍රමුඛතා ලැයිස්තුවේ ඉලක්ක වෙනස් වෙතැ යි හෝ ඔවුන්ගේ දැක්ම මුදු මොළොක් වී වඩාත් මානවීය වෙතැ යි හෝ සිතීම දුෂ්කර ය. විය හැක්කේ, එහි අනිත් පැත්තයි. අධ්‍යාපනය සහ රැුකියා උත්පාදනයේ ගුණාත්මක වෙනස්කම් සඳහා කෙරෙන ආයෝජනයක් වෙනුවට, අති නවීන ආම්පන්න මිළදී ගැනීම හෝ මංමාවත් සහ ගුවන් තොටුපොළවල් ඉදි කිරීමෙන් අනපේක්ෂිත ප‍්‍රතිවිපාක බිහි කෙරෙනු ඇත.

සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් සිය ජාතික තරාතිරමේ උජාරුව සඳහා යොදාගන්නේ පාසල්, රෝහල් සහ විශ්ව විද්‍යාල නොව, ගුවන් තොටුපොළවල්, වරායවල් සහ ක‍්‍රීඩාංගන වැනි දේවල් ය. මේ රජයත්, නව වරායක් සහ ගුවන් තොටුපොළකට ප‍්‍රමුඛත්වය දී තිබේ. එහි ඊළඟ ප‍්‍රමුඛත්වය ලැබී ඇත්තේ හමුදාවටයි. යුදවාදීන් නිරනුමානවම, තෙල් සල්ලිවලින් තව තවත් ප‍්‍රබල පාබල හමුදාවක්, නාවුක හමුදාවක් සහ ගුවන් හමුදාවක් කෙරෙහි ආශක්ත වනු ඇත. 1987 ඉන්දියානු ආණ්ඩුවේ හිතුවක්කාර පරිප්පු දැමීම සහ සාම ගිවිසුම වැනි අවමානයන්ට නැවත යට නොවනු වස්, ‘බ්ලූ වෝටර්’ නාවුක හමුදාවක්, අතිධ්වනික අතුරුවාරක යුද නැව් කිහිපයක්, එස්.ඒ.එම්.මිසයිල, රේඩාර් පද්ධති සහ අධිතාක්ෂණික සන්නාහ ඇතුළත් අධික වියදම්කාරී හමුදාමය දෘඪාංග ඔවුන්ගේ ප‍්‍රමුඛතා ලැයිස්තුවේ ඉස්මත්තට එනු ඇත.

එවැනි මනෝ භාවයකට රටක පාලකයන් ගොදුරු වූ විට, තෙල්වලින් ගලන ප‍්‍රකෝටි ගණන් ධනස්කන්ධය වාෂ්ප වන්නේ නිතැතිනි. පාසල්, විශ්ව විද්‍යාල සහ රෝහල් සඳහා ඉතිරි වනු ඇත්තේ සොච්චමකි. මේ ආණ්ඩුවේ මනාපය සහ අධ්‍යාපන ඇමතිවරයා රටේ අධ්‍යාපනය කෙරෙහි දක්වන ආකල්ප, තෙල් සල්ලි ගලා ආ පමණින් වෙනස් වෙතැ යි සිතිය නොහේ.

මේ සන්දර්භය තුළ, පැරණි සහ අළුත් තෙල් සම්පත් ඇති රටවල් දෙස බැලීම අපේ ඇස් අරවන සුළු ය. 1973 සිට ඛනිජ තෙල් වෙළඳපොළේ අධිපති බලවේගය වශයෙන් වැජඹුණ ද, ආර්ථික වශයෙන් තුන්වැනි ලෝකයට අයත් නැති මැද පෙරදිග ලෝකය, මානව සහ කාර්මික සංවර්ධනය අතින් තවමත් සිටින්නේ තුන්වැනි ලෝකයේ ය. එය තවමත් (සෑම අංශයකම* සංක‍්‍රමණික ශ‍්‍රමය මත බෙහෙවින් යැපෙයි. හමුදාමය මානෝන්මාදයට යට වූ විට පොහොසත් රටකට පවා සිදුවිය හැකි වින්නැහියට, ඉරාකය සහ (ෂා පෙලාවිගේ* ඉරානය හොඳ නිදසුන් ය. මැද පෙරදිග දක්නට ලැබෙන හොඳම සකල සාහිත්‍යය, කලාව සහ සංගීතය බිහි වී ඇත්තේ, තෙල් සම්පත් නැති ඊජිප්තුව, සිරියාව සහ ජෝර්දානයෙනි. (ඇමරිකානු ආක‍්‍රමණයට පෙර ඉරාකය මේ ලැයිස්තුවට ඇතුළත් කළ හැකි වෙතත්, එම සාරවත් සංස්කෘතිය අතීතයේ දායාදයක් මිසක් සදාම් හුසේන්ගේ තෙල්වල මහිමයෙන් උපයාගත් දෙයක් නොවේ*. අරාබි රටක් නොවන ඉරානය ගැන වෙනම සන්දර්භයක සාකච්ඡුා කළ යුතුය.

මේ රටවල් හැරුණු කොට තෙල් වෙළඳපොළට පිවිසි අළුත් රටවල තත්වය කවරේ ද? ආසියාවේ සම්ප‍්‍රදායික තෙල් නිෂ්පාදකයා වන ඉන්දුනීසියාව තවමත් දුප්පත් ය. (නැවතත්, එම වරද හමුදා ඒකාධිපතිත්වයන් දෙකකට බැර වෙයි). කාම්බෝජයේ තත්වය ඊට වඩා හොඳයි. බොහෝ කාම්බෝජ ජාතිකයන් අන්ත දිළිඳු භාවයේ පසුවෙතත්, රටේ දූෂණය ඉහවහා ගොස් ඇතත්, වෙනත් බොහෝ තරගකරුවන්ට වඩා කාම්බෝජය තම තෙල් සම්පත, සමස්තයක් වශයෙන් ගත් විට, මනාව පරිහරණය කොට ඇත. තෙල් ආදායම නිසියාකාරයෙන් පාවිච්චි කිරීමට අසමත් වෙමින්, එන්න එන්නම උගුලක එරුණු රටකට සම්භාව්‍ය උදාහරණය වන්නේ, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 80 ක්ම තෙල්වලින් උපයන වෙනිසුවෙලාවයි.

අප‍්‍රිකාවේ චාඞ් දේශය, මෑතක දී තෙල් සොයාගත් රටකි. ලෝක බැංකුවේ ආධාර සහිතව, දිළිඳුකම පිටුදැකීම සහ සමාජ සංවර්ධනය ප‍්‍රධාන ඉලක්ක කර ගනිමින්, චාඞ් දේශයේ තෙල් ව්‍යාපෘතිය දියත් කෙරුණේ 2003 දී ය. 2000 දී ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 271 ක් වූ රටකට, හදිසියේ ලැබුණු ඛනිජ තෙල් නිර්යාත කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් උපයන්නට හැකි විය.

එම රට මේ මුදල් ඥානාන්විතව පාවිච්චි කිරීම තීරණාත්මක වැදගත්කමකින් යුක්තයි. මන්ද යත්, චාඞ් තෙල් ව්‍යාපෘතියේ ආයු කාලය වසර 30 කට සීමා වන බැවිනි. 2030 වන විට එම රටේ තෙල් සම්පත සිඳී යනු ඇත. එහි සාක්ෂරතාව සියයට 30 ක් වන අතර, වයස අවුරුදු 5 න් පහළ ළමා මරණ අනුපාතිකය 1000 කට 169 කි. එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන සූචියේ රටවල් 187 න් චාඞ් දේශය වැටෙන්නේ 184 වැනි අන්තිම පහළ ස්ථානයකටයි. ඊට අමතරව, නිපුණ වෘත්තීයවේදීන්ගේ බරපතල හිඟයකට මුහුණදෙන එම රටට, උදාහරණයක් වශයෙන් ගතහොත්, වින්නඹු කාන්තාවන් සිටින්නේ දෙතුන් සීයක් පමණි.

එහෙත්, ජනාධිපති ඉද්‍රිස් ඩෙබිගේ ආණ්ඩුව විශ්වාසය තබන්නේ, අතිශය වියදම්කාරී වේගවත් යටිතල සංවර්ධනය කෙරෙහි ය. පාසල් සහ ගුරුවරුන්ගේ බරපතල හිඟයකට මුහුණදෙන අතරේ ඔහු කුඩා නගරයක විශ්ව විද්‍යාලයක් ගොඩනැගීමට තීරණය කෙළේය. (මේ විශ්ව විද්‍යාලයේ, වාඩි වීමට පුටු බංකු නැත. පුස්තකාලයේ පොත්පත් නැත). එසේ තිබියදී, රට පුරා අධිවේග මාර්ග ජාලයක් තිබේ. ආසන 25,000 කින් සමන්විත ක‍්‍රීඩාංගන වැනි නව ගොඩනැගිලි ඉදිවෙමින් තිබේ.

මේ අනුව බලන විට, 2013 වන විටත් චාඞ් දේශයේ පොදු ජනතාව නූගත්කමේ සහ දරිද්‍රතාවේම ගිලී සිටිනු ඇත. විදේශ රටවල තඩි බැංකු ගිණුම් හිමි ධනවත් ප‍්‍රභූ කැලතක් ඔවුන්ව එදාටත් පාලනය කරනු ඇත. එහෙත් ශ‍්‍රී ලංකාවට තෙල් ලැබුණොත් එම ආදායම, වඩාත් බුද්ධිමත්ව කළමනාකරණය කෙරෙනු ඇතැ යි, අපේ ඉහළ සාක්ෂරතාව, දියුණු සෞඛ්‍ය සාත්තුව සහ වෙනත් සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින්, කෙනෙකු තර්ක කරන්නට පිළිවන. එසේ වෙතත්, එම අපේක්ෂාව සිහිනයක්ම පමණක් විය හැකි යැයි මට සිතේ. මන්ද යත්, ඔය කියන සාක්ෂරතාව අපේ දේශපාලනය තුළින්, අපේ පරිපාලනය තුළින් සහ අපේ ආණ්ඩුකරණය තුළින් වර්තමානයේ පෙන්නුම් නොකෙරෙන බැවිනි. අද අපව පාලනය කෙරෙනු ලැබෙන්නේ කෑදර කතපයාධිකාරී කල්ලියක් විසිනි. එසේ තිබියදී, තෙල්වලින් ලැබෙන ධනස්කන්ධයක් නතර විය හැක්කේ කොතැනකින් දැ යි සිතා ගැනීමට මුනිවර ඥානයක් කෙනෙකුට අවශ්‍ය නැත.

එවන් අහඹු ලාභයක් ඥානාන්විතව භාවිත කළහොත්, අපේ වෘත්තීය ක්ෂේත‍්‍රවල ප‍්‍රමාණාත්මක නොව, ගුණාත්මක වර්ධනයක් සාක්ෂාත් කර ගත හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි වැදගත් අංශවල නිපුණ වෘත්තීයවේදීන්ගේ හිඟයක් අපට තිබේ. උදාහරණයක් වශයෙන්, ඉංග‍්‍රීසි ගුරුවරු අපට හොඳටම හිඟ ය. අපේ බුද්ධිගලනය පසුපස ඇති මූලික ගැටළු විසඳිය යුතුව තිබේ. සංඛ්‍යා ලේඛන අනන්තවත් තියේවි. එහෙත් යථාර්ථය ඊට වෙනස් ය. කලාව සහ සංස්කෘතික සංවර්ධනයට නිසි බරක් දෙමින් අධ්‍යාපන ක‍්‍රමයේ සමස්ත ප‍්‍රතිසංස්කරණයක් සහිතව (දේශපාලන ක‍්‍රමයේ ද ප‍්‍රතිසංස්කරණයක් සහිතව) ප‍්‍රථම පංතියේ විශ්ව විද්‍යාලයක් නිර්මාණය කර ගැනීම ප‍්‍රමුඛ ඉලක්කයක් විය යුතු අතර, නිෂ්පාදන කර්මාන්ත සහ කාර්මික පර්යේෂණ තුළ කෙරෙන ආයෝජන හරහා වැවිලි-කෘෂිකාර්මික ආර්ථිකයෙන් ගැලවීමේ (ඒ වෙනුවට තෙල් ආදායම මත සියයට 95 කින් පරායත්ත වීම විසඳුමක් නොවේ) උපාය මාර්ගයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ. එහෙත් අපේ දේශපාලඥයන් එවන් ඥානයකින් තෙල් ධනය ආයෝජනය කරති යි විශ්වාස කිරීම මුළාවකි. හදිසියේ කඩාපාත් වෙන තෙල් සම්පතක් සමග අප දැන් සිටින කබලෙන් ලිපට වැටීමට පිළිවන. කෑදර ප‍්‍රභූන්ගෙන්, විනෝද උයන්වලින්, චමත්කාරී ගොඩනැගිලි සහ දිදුළන හමුදා සන්නාහවලින් පිරුණු තවත් ව්‍යාජ පරාදීසයක් මිස, වචනයට සරිලන බුද්ධි පර්ෂද එවැනි සමාජයක තිබෙන්නට පුලූවන් කමක් නැත.

*2013 අගෝස්තු 19 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ ‘කුම්භකර්ණ’ තීරුවේ පළවූ The Great Rush to Find Oil ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.