ජාත්‍යාන්තර මාධ්‍ය ආයතනයක් වන ‘‘දේශ සීමා රහිත වාර්තාකරුවෝ’’ නම් සංවිධානය, රටවල් 179 ක ජන මාධ්‍ය පැවැත්ම, ආරක්ෂාව හා ස්වාධීන භාවිතය සම්බන්ධව, ඉතා අගනා තත්ත්වයේ සිට ඉතාම අහිතකර, අනතුරුදායක තත්ත්වය දක්වා වන ලේඛනයක් වාර්ෂිකව සකසන්නේ ය. ඔවුන්ගේ 2011-2012 වාර්තාවට අනුව ශී‍්‍ර ලංකාව ස්ථානගත කර ඇත්තේ ඉතා අහිතකර, අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති රටවල් අතර ය. අපව තබා ඇත්තේ ලේඛනයේ 163 වන ස්ථානයේ ය. එම වාර්තාවට අනුව ශී‍්‍ර ලංකාව, පෙර වාර්ෂික වාර්තාවෙන් හිමි කරගත් තත්ත්වයෙන් ද මෙවර පහත වැටී ඇත. දැන් අපට වඩා සවුත්තු රටවල් ඇත්තේ 179 කින් 16 ක් පමණි.
ආණ්ඩුව තීන්දු කළ පරිදි මාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති මාධ්‍ය සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් ගැන අපට කතා කරන්නට සිදුව ඇත්තේ, ‘‘දේශ සීමා රහිත වාර්තාකරුවෝ’’ ශී‍්‍ර ලංකාවේ ජන මාධ්‍ය ස්ථානගත කර ඇති ඒ පහළ තත්ත්වයටත් වඩා බියකරු තැනක සිටය. එයට හේතුව, ඔවුන් ඒ ඒ රටවල් වල මාධ්‍ය ගැන කරන තක්සේරුව, ඒ ඒ රටවල මාධ්‍යයන්ගේ හා මාධ්‍යවේදීන්ගේ නිදහස් සහ ස්වාධීන පැවැත්මට, ආණ්ඩු විසින් හා රාජ්‍ය ආයතන විසින් පනවන සීමාවන්, බලපෑම්, හිරිහැර, අතවර සහ මර්දනය, ප‍්‍රධාන සාධක ලෙස සැළකීමෙනි. මෙහි කතා කෙරෙන්නේ ඒ සමග එක්වන මේ රටේ මාධ්‍ය අයිතිය හා භාවිතය යන අනෙක් සාධක රටේ යහපත් අනාගත පැවැත්මට කෙතරම් අහිතකර ද යන කාරණා ද එකට ගත් විට, සමස්ථ තත්ත්වය සැළකීමෙනි.
අද මාධ්‍ය භාවිතය, ඉංගී‍්‍රසි සහ විශේෂයෙන් සිංහල මාධ්‍ය භාවිතය (දෙමළ ගැන නොදනිමි), මේ රටේ යහපත් වැඩදායි අනාගතයකට කිසිදු එකතුවක් නොකරන, ඉතා බාල්දු වෘත්තීමය තත්ත්වයකට පත්ව තිබෙන්නකි. ඒ අති බාල්දු මාධ්‍ය භාවිතය සඳහා ආණ්ඩුවේ තර්ජන හා මර්දනීය බලපෑම් ද සමග, යුද්ධය වෙනුවෙන් ගොඩ නැගූ සිංහල දේශපේ‍්‍රමී මතවාදය ද පැහැදිලි එකතුවක් විය. එයට එකතු වන අනෙක් නොපෙනෙන සහ වැඩි අවධානයක් නොලබන කාරණාවක් ද ඇත. නම යෙ¥ විගස, රුව පෙන්නූ විගස සහ තත්පරේට දෙසැරයක් හයියෙන් මුකු`ඵ සිනහවක් පෑ විගස මාධ්‍යයේ පිත්තල තරු බවට පත් වන නව පරපුරේ බහුතරය ලාබෙට අලෙවි කර ගත හැකි වීම ඒ අනෙක් කාරණාව ය. එය ඔවුන්ට වඩා, අධ්‍යාපනයේ සහ නිදහස් ආර්ථිකයේ අති තරගකාරිත්වය විසින් නිර්මාණය කර ඇති, සරුවපිත්තල සංස්කෘතියේ සහ ඒ පුද්ගලවාදී හිස් බව අලෙවි කර ගැනීමට තරග වදින වෙළඳුන්ගේත් මාධ්‍ය ව්‍යාපාරිකයින්ගේත් වරදකි.
මේ සමස්ථ අගතිය ගොනු වන්නට එතරම් දුර නොයන, 2006 න් ආරම්භ වන වසර 06 ක 07 ක පමණ ඉතිහාසයක් දැනට ඇත. මේ රටේ නිදහසින් පසු අවුරුදු 65 ක පමණ ඉතිහාසයේ මේ රාජපක්ෂ පාලනය තරම් සමස්ථ සමාජ පැවැත්මට වාගේම මාධ්‍ය පැවැත්මට හා භාවිතයට අහිතකර ලෙස, අනතුරුදායක ලෙස බලපෑ වෙනත් කිසිදු ආණ්ඩුවක් හමුවන්නේ නැත. එහි ඇති භයානක කම වඩාත් බරපතල වන්නේ ඒ අහිතකර, අනතුරුදායක බලපෑම් සියල්ල බහුතර වාර්ගික මතවාදයක් වන සිංහල-බෞද්ධ අන්තවාදී මැදිහත් වීමක් ලෙස රාජ්‍ය ආවරණය යටතේ දියත් වන හෙයින් ය. ඒ වාර්ගික අන්තවාදී මතවාදය ලිහා දැමුණේ යුද්ධය වෙනුවෙනි. එනිසා යුද්ධය වෙනුවෙන් ආණ්ඩුව දියත් කළ මර්දනයට විරුද්ධව කතා කරන්නට දකුණේ කොළඹ කේන්ද්‍රීය මාධ්‍යවේදීන් උනන්දු වූයේ නැත. බහුතර සිංහල මාධ්‍ය ඒ හැම සාධාරණය කිරීමේ විවිධ තර්ක හා මතවාද ඉදිරිපත් කරන්නට ද විය.
එය දැකිය හැක්කේ උතුරේ දියත් වූ මාධ්‍ය මර්දනයට කොළඹ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සංවිධාන ප‍්‍රතිචාර නොදැක් වූ අලස කමෙනි. මේ රාජපක්ෂ පවුල් පාලනයේ ආරම්භය සමග මාධ්‍ය ක්ෂේත‍්‍රයේ පළමු ඝාතනය වාර්තා වන්නේ, අගමැති මහින්ද රාජපක්ෂ සියලූ බලැති විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් යන්තම් දින 65 ට පසු, 2006 ජනවාරි 24 වන දින ය. ති‍්‍රකුණාමලය නගරයට යා බද වෙරළේ දී දෙමළ තරුණන් 05 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ වාර්තා සහ ඡුායාරූප ‘‘සුදර් ඔිලි’’ පුවත් පතට සැපයූ ති‍්‍රකුණාමලයේ සුබ‍්‍රමානියම් එස්. රාජන් නම් මාධ්‍යවේදියාව නොහඳුනන යතුරු පැදි වෙඩික්කරුවකු විසින් එදින උදයේ ති‍්‍රකුණාමලය අධි ආරක්ෂිත නගර මධ්‍යයේ දී ඝාතනය කෙරිණ. මාධ්‍යවේදී එස්. එස් රාජන් ඝාතනය කිරීමෙන් ආරම්භ වූ 2006 වසරේ දී රාජපක්ෂ පාලනය විසින් කිසිදු ආකාරයකින් සැළකිලිමත් නොවුනු මාධ්‍යවේදී ඝාතන 09 ක් වාර්තා විය. ඉන් 08 දෙනෙක්ම උතුරේ දෙමළ මාධ්‍යයට සම්බන්ධ මාධ්‍ය කි‍්‍රයාධරයින් විය. ඒ ඝාතන වලට අමතරව තවත් 08 දෙනෙකු පැහැර ගෙන යනු ලැබිණ. ඔවුන්ගෙන් 04 දෙනෙකු දෙමළ මාධ්‍යයෙහි ය. ඉන් ඇතැමෙකු තවමත් අතුරුදහන් ය. එම සිදුවීම් යාන්තමින් වාර්තා කෙරුණාට අමතරව, වරක් හෝ දෙවරක් කොටුව දුම්රිය පළ ඉදිරිපස අතළොස්සක් විරෝධය දැක්වූවා පමණි. ඔවුන් බහුතරයක් මාධ්‍යවේදීන් නොවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින වුන් විය.
ඊළ`ගට, 2007 සහ 2008 දෙවසරෙහි, මාධ්‍යවේදීන් 12 දෙනෙකු එල්.ටී.ටී.ඊ සම්බන්ධකම් ඇතැයි සැක පිට අත් අඩංගුවට ගනු ලැබිණ. විශේෂයෙන් සිංහල මාධ්‍ය ඔවුන් ගැන සඳහන් කරන්නට වූයේ සැකපිට අත් අඩංගුවට ගත්ත වුන් ලෙස නොව, ‘‘කොටි හිතවාදීන් හෝ මරාගෙන මැරෙන බෝම්බකරුවන්’’ ලෙසිනි. මුල් ‘‘මව්බිම’’ පුවත් පතේ පරමේස්වරී සහ ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදිකාවක් වූ සුසන්ති තම්බිරාසා යන මාධ්‍යවේදිනියන් කිසිදුු චෝදනාවක් ගොනු නොකර අත් අඩංගුවෙන් නිදහස් කළ ද, සිංහල මාධ්‍ය ඔවුන් දෙදෙන එල්.ටී.ටී.ඊ මරා ගෙන මැරෙන බෝම්බකාරියන් ලෙසින් හඳුන් වන්නට ගත් උත්සාහයන් නිදසුන් ය. එවැනි මාධ්‍ය, කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහි වනු ඇතැයි සිතිය හැකි ද ?
එවැනි වූ මාධ්‍යයක ඊළග අනිවාර්ය තාර්කික පිරිහීම අපි දැන් අත් දකිමු. එයට ප‍්‍රකාශකයින් හා මාධ්‍ය අයිතිකරුවන් මෙන්ම කර්තෘවරුන් ද වගකිව යුතුව ඇත. කර්තෘවරුන් විසින් හදා ගත් ආචාර්ය ධර්ම පද්ධතියේ කිසිදු වචනයකට අද ඔවුන් වග කියන්නේ නැත. එනිසා, ඔවුන්ගේම වෘත්තීමය මාධ්‍ය භාවිතයෙහි දී ‘‘….ඉතාම ඉහළ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව මාධ්‍යවේදයේ යෙදෙන්නට’’ පූර්විකාවේ ඇති සඳහනත් වගන්ති අංක 6.3 යටතේ ‘‘මාධ්‍යවේදීන් දැනුවත්ව හෝ වුවමනාවෙන් වාර්ගික හා ආගමික අසමගියත්, ප‍්‍රචණ්ඩත්වයත් වගා කිරීමට කටයුතු නොකළ යුතුය’’ යනුවෙන් වන ආචාර ධර්මයත් හැකි තරම් ඈතට විසි කර දමා, සියලූ සිංහල බෞද්ධ අන්තවාදී ම්ලේච්ඡු අදහස්, කි‍්‍රයා සහ විරෝධතා, සමාජීය ප‍්‍රකාශන ලෙස වාර්තා කිරීම හා ආවරණය කිරීම, ඔවුන්ම සාධාරණය කරන තත්ත්වයට ඔවුන් ඇද වැටී ඇත. ඒ සමග, මාධ්‍ය ඔස්සේ යන්ත‍්‍ර, මන්ත‍්‍ර වශී ගුරුකම්, කොඩිවින වැනි ප‍්‍රාථමික අවිiාත්මක මත, ඇදහිලි සහ මිථ්‍යා විශ්වාස තහවුරු කිරීමේ මේ යුගය මිස වෙනත් යුගයක් ද මේ නිදහස් ලංකාවේ අපි අත් දැක නැත්තෙමු.
අද ප‍්‍රධාන වශයෙන් කොළඹ කේන්ද්‍රීය සිංහල මාධ්‍ය මගින් බෙදා හැරෙන කිසිවක කිසිදු වැදගත් දියුණු සමාජීය ප‍්‍රකාශනයක් නැත. අද මාධ්‍ය මගින් කෙරෙන්නේ සමාජය මත අති බාල මතවාදයක් වෙනුවෙන් ආන්දෝලනාත්මක හා විකට කතා, තොරතුරු හා ප‍්‍රවෘත්තී සම්පාදනය කර, දමා ගැසීමකි. මාධ්‍යවේදීන්ගේ මේ බාල භාවිතය සහ මාධ්‍ය සංස්කෘතිය සමාජය වෙනුවෙන් කිසිදු වගකීමක් නොගන්නා මාධ්‍ය හිමිකාරිත්වයක් පිළිබඳ ගැට`ඵව අප හමුවේ තබන්නේ ය. එය සු`ඵ පටු ගැට`ඵවක් නොවේ.
මාධ්‍ය පාලනය සඳහා යාපනයේ උදයන් පුවත් පතට එරෙහිව තවමත් දියත් වන ආකාරයේ මර්දනයක් වෙනුවෙන් සුදු වෑන්, නොහඳුනන වෙඩික්කාරයින්, මැර කල්ලි හෝ නිර්නාමික දුර කතන ඇමතුම් දකුණට දැන් අවශ්‍ය නොවේ. එනමුත් රාජපක්ෂ පාලනයෙන් මාධ්‍යට ගිලිහී යන්නට ඉඩ දිය නොහැකි බව ද, මාධ්‍ය හොඳින් හඳුනන ජනාධිපති මහින්ද රාජපක්ෂ දන්නා කාරණයකි. දැන් මාධ්‍ය පාලනය මුදලේ හයියෙන් ඉටු කර ගැනීමේ පිළිවෙතක් ඇත. මේ ආර්ථිකයේ මුදල් සංසරණය ඇත්තේ වැඩිමනත් කලූ සල්ලි ලෙසිනි. කලූ සල්ලි අපුල්ලන එක් ව්‍යාපාරයක් මාධ්‍ය ය. මේ වන විට, ඔවුන්ගේ තැරැුව්කරුවකු මුදල් නොයෙ¥ මාධ්‍ය ඇත්තේ දෙක තුනක් පමණි. දැනට ප‍්‍රධාන ධාරාවේ ව්‍යාපාරික අයිතියට යටත් මාධ්‍ය ගැන රාජපක්ෂලා එතරම් බියක් නැති සෙයකි. ඔවුන් පුවත් පත් පළ කළ ද, වෙනත් ව්‍යාපාරද ඔවුන්ට ඇත. මේ ආර්ථික මාදිලියෙහි ඔවුන්ට පුවත් පත් යනු, එක්තරා ආකාරයක දේශපාලන කේවල් කිරීම් සඳහා වන මෙවලමක් පමණි.
අද මේ ආර්ථිකය, රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකයක් නොවුනත් මෙය, රාජපක්ෂ කේන්ද්‍රීය ආර්ථිකයකි. මේ ආර්ථිකයේ රාජපක්ෂ අනුග‍්‍රහය නොමැතිව කිසිවෙකුට ලොකු ව්‍යාපාර කටයුතු කළ නොහැක. එවැනි ලොකු ව්‍යාපෘති ලෙස වැඩිමනත් ඇත්තේ ඉදිකිරීම් ආශ‍්‍රීත ව්‍යාපෘති වන අතර, ඒවා බහුතරයක් ආණ්ඩුවට ලැබෙන විදේශ ආධාර, ප‍්‍රධානයන් හා ණය මත කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති ය. එනිසා ඒ විශාල මුදල් හා ගැට ගැසෙන්නට ද මේ දකුණේ වෙළඳ ප‍්‍රජාව ආණ්ඩුවේ දේශපාලනය වෙනුවෙන් බර අදිති. එබැවින් මාධ්‍ය හිමිකාරිත්වයත් මාධ්‍ය පැවැත්මෙහි ප‍්‍රචාරන වියදම් දැරීමත් ආණ්ඩුව හා ගැට ගැසුනු ව්‍යාපාරිකයින්ගේ හා මහ පරිමාන සේවා අයතන වල මුදල් මත තීන්දු වන්නකි.
පැරණි වර්ගීකරණය මත අද මාධ්‍ය බෙදා කතා කිරීම එබැවින් වලංගු නොවන්නකි. අද පෞද්ගලික මාධ්‍ය සහ රාජ්‍ය මාධ්‍ය යැයි මාධ්‍ය බෙදා කතා කිරීමේ අරුතක් නැත. එවැනි බෙදීමක් අද ඇත්තේ ද නැත. අද මාධ්‍ය ගැන කතා කළ යුත්තේ මේ රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතිය සමගින් ඉන්නා මාධ්‍ය සහ එයට විරුද්ධ මාධ්‍ය ලෙස පමණි. එළෙස ගත් කළ, ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතිය සමගින් ඉන්නා මාධ්‍යයක් මිස, ප‍්‍රධාන ප‍්‍රවාහයේ වෙනත් මාධ්‍යයක් නැත. විශේෂයෙන් ජාත්‍යන්තර බලපෑම් වැදගත් දේශපාලන කාරණාවක් බවට පත්ව ඇති හෙයින් මේ මොහොතේ ආණ්ඩුවට ඇත්තේ සාම්ප‍්‍රදායික හැඩයක් තවමත් ඇති ප‍්‍රධාන ව්‍යාපාරික මාධ්‍යයෙහි, විශේෂයෙන් එහි ඉංගී‍්‍රසි මාධ්‍යයෙහි ඇති විවේචනාත්මක පැවැත්ම, අනවශ්‍ය දුර නොයන ලෙස තබා ගැනීමේ වුවමනාවකි. එය මේ වන විට එවැනි ඉංගී‍්‍රසි මාධ්‍යයන් හි ආණ්ඩුවේ ආචාර ධර්ම පිළිබඳව පල කෙරෙන විවේචනාත්මක ලිපි මගින් ඇ`ගවෙන්නේ ය. විදේශ කටයුතු ගැන විශේෂයෙන් ඇති සඳහනත් එවැනි සීමා තබා ගැනීමක් හැර වෙනකක් මේ යෝජිත මාධ්‍ය සඳහා වන ආචාර ධර්ම පද්ධතියේ නැති බව කියන්නකි. මෙය ඒ අනුව ඔවුන්ගේ මාධ්‍ය වෙත ඔවුන්ම ඉදිරිපත් කරන, ඔවුන්ගේ වුවමනාවන් සඳහා පමණක් වන ආචාර ධර්ම පද්ධතියක් පමණි.
ඒ වෙනුවට මාධ්‍යට අවශ්‍ය නම්, කර්තෘ සංසදය විසින් සකසා ඇති මාධ්‍ය සඳහා වන ආචාර ධර්ම පද්ධතිය විiුත් මාධ්‍ය සඳහා අදාල වන අයුරු සංවර්ධනය කර, තම භාවිතයට ගත හැක. එළෙස තමන්ගේම ආචාර ධර්ම පද්ධතියක් කර්තෘවරුන් හා මාධ්‍යවේදීන් කි‍්‍රයාත්මක කර ගන්නේ නම්, ආණ්ඩුවට මෙවැනි යෝජනා ගෙන එන්නට අයිතියක් ඉඩක් ලැබෙන්නේ ද නැත. ප‍්‍රශ්නය වී ඇත්තේ එවැන්නක් ගැන උනන්දුවක් මේ මාධ්‍යයෙහි සහ කර්තෘවරුන් අතර කොතැනකවත් දකින්නට නොතිබීම ය.
එයට ද හේතුවක් ඇත. මේ මාධ්‍යයෙහි සැරිසරණ බහුතරයක් අනුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළ ද, තමන්ගේ අයිතිවාසිකම් ගැන කිසිත් නොදන්නේ ය. අද මාධ්‍යයන්හි රැුකියාව කරන්නෝ ඔවුන්ට සංවිධානය වීමේ අයිතිය සහ සාමුහිකව කේවල් කිරීමේ අයිතිය ඇති බවත් නොදනිති. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 87 සහ 98 සම්මුතීන් සඳහා ශී‍්‍ර ලංකා ආණ්ඩුව අත්සන් තබා ඇති හෙයින් ද, සංවිධානය වීමේ අයිතිය අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 14 වන ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති හෙයින් ද, එය පරම අයිතියකි. නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ටද හිමි ඒ අයිතීන් උල්ලංඝණය කිරීමට, කිසිදු ව්‍යාපාරිකයෙකුට නෛතික අයිතියක් නොමැති ලෙසම, ඒ අයිතීන් මාධ්‍යයේ කිසිවෙකුට අහිමි කරන්නට මාධ්‍ය හිමියන්ට ද නොහැකි බැව්, මාධ්‍යවේදීන් දන්නේ නැත. එනිසා මේ මාධ්‍යයෙහි සාමාජිකත්වයක් ඇති වෘත්තීය සමිති නැත. වෘත්තීය සමිති ලෙස සංවිධානය වීමෙන් වෘත්තිකයින් ලෙස රැුකියාව කිරීමේ ගරුත්වය රැුක ගැනීමට හැකි බව ද ඔවුහු නොදනිති. මේ වාසිය මත වෘත්තීය සමිති නොමැති මාධ්‍ය ආයතන පවත්වා ගැනීමට මාධ්‍ය අයිතිකරුවන් සමත්ව ඇත.
මාධ්‍යයේ පවතින මේ අවාසනාවන්ත තත්ත්වය හමුවේ මේ මොහොතේ අවශ්‍ය වන්නේ, ආණ්ඩුවෙන් ඉදිරිපත් කර ඇති ආචාර ධර්ම පද්ධතිය ගැන වැදගත් සහ පු`ඵල් කතිකාවක් මාධ්‍යවේදීන් අතර ගොඩ නගා ගැනීමට හැකි මුද්‍රිත හා විiුත් මාධ්‍යවේදීන් ගේ පු`ඵල් වෘත්තීය එකතුවකි. අවාසනාවකට, වෘත්තීය පුවත් පත් කලාවේදීන්ගේ සංවිධානය දැන් යට ගියාවකි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙහි එවැන්නක් වෙනුවෙන් මැදිහත් වීමේ වුවමනාවක් දැකිය නොහැක. එවැනි වෘත්තීමය ඉදිරි දැක්මක් එහි නැත. එය හිස් කවයක් පමණි. එනිසා අවසන් වශයෙන් මේ කාරණයේ දී පවා සිදු වන්නේ ආණ්ඩුව වෙනුවෙන් සියල්ල තීන්දු වීමකි. එයට එරෙහිව කතා කරනවා නම් ඒ මාධ්‍යවේදීන් නොව, ස්වාධීන මාධ්‍යයක් ගැන තවමත් විශ්වාසය තබන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ කි‍්‍රයාකාරීන් පමණි. ඉංගී‍්‍රසි පුවත් කිහිපයේ මේ ආචාර ධර්ම පද්ධතිය ගැන අදහස් දැක්වීමට ඉදිරිපත්ව ඉන්නේ ද ඔවුන් ය. ඔවුන්ට සමාජ මතයක් ගොනු කරන්නට ඇවැසි ඉඩ ලබා දීමට දකුණේ මේ කොළඹ කේන්ද්‍රීය සිංහල මාධ්‍ය හවුල් වීමක් ද නොපෙනේ.
එවැනි පසු බිමක, පසු ගිය සතියේ අන්තර් ජාල ‘‘ට්විට’’ සමාජ වේදිකාවෙහි ‘‘ස්කයි නිවුස්’’ දේශපාලන කර්තෘ වන ඇඩම් බෝල්ටන් තැබූ මේ ‘‘ට්විට’’ සටහන ඔවුන්ට කෙසේ වෙතත් අපට ගැලපෙනු ඇතැයි සිතුවෙමි. සරළ සිංහලෙන් එය මෙසේ ය. ‘‘ස්වයං වෛරී මාධ්‍යවේදීන්ගේ සංගමයක් සඳහා මේ කාලය ද ?’’