26 April, 2024

Blog

ව්‍යවස්ථා යෝජනා, දකුණේ දේශද්‍රෝහීන්, වමේ අන්තවාදීන් සහ කැබිනට් අර්බුදය

රනිල් වික‍්‍රමසිංහ

මම දීර්ඝ වශයෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. විජේදාස මන්තී‍්‍රතුමා මේ යෝජනා පැහැදිලි කළා. එතුමා කිව්ව හැටියට මේක ව්‍යවස්ථා කෙටුම්පතක් නොවේ. මේක දේශපාලන කතිකාවකට ඉදිරිපත් කළ ලියවිල්ලක්. මොකක්ද ඒ ලියවිල්ලෙන් අපි බලාපොරොත්තු වෙන්නේ? අලූත් ව්‍යවස්ථාවක් සකස් කරන්න ඕන මූලධර්ම. මෙතෙනට අඩංගු වෙලා තියෙන්නේ ඒ කාරණා පමණයි. අලූත් ව්‍යවස්ථාවක් හදන්න අවශ්‍ය කොටස් ටික. දැන් මේකත් ස්ථීර එකක් නොවේ. අපි මෙතන සාකච්ඡුා කරලා බලන්නේ මේ යෝජනා මූලධර්මවලින් මොනවද පිළිගන්නේ, මොනවද ප‍්‍රතික්‍ෂෙප කරන්නේ, කුමක්ද සංශෝධනය කරන්න  ඕන, මොනවාද අලූත් දේවල. මේ ගැන මාස දෙක තුනකින් ස්ථීර වශයෙන් දැනගත්තාම ඊට පස්සේ මේ ගැන වැඩි විස්තරව ඒ අංශ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්.

මේ මුළු රටම එකතු කර ගත්ත කතිකාවක් කියලා මට කියන්න පුළුවන්. මේක 21 වැනි සත වර්ෂයට හදන ව්‍යවස්ථාවක්. මම කරුණු දෙකක් කියන්න කැමැතියි. කාරණා කහිපයකින් එකක් මේ ව්‍යවස්ථාව ජනතා පරමාධිපත්‍ය පදනම් කර ගෙන තිබෙන නිසා ජනතා පරමාධිපත්‍ය ජනතාවට ඍජුව දෙන්න තියෙන අයිතිවාසිකම් කුමක්ද? ඍජුව කි‍්‍රයාත්මක කරන අයිතිවාසිකම් කුමක්ද කියලා හඳුනා ගන්න  ඕන. ඒවා හඳුනා ගත්තායින් පසු ඉතිරි ඒවා තමයි විශේෂයෙන්ම අනෙක් අංශ අතට බෙදන්න තියෙන්නේ. යහපාලනය, මූලික අයිතිවාසිකම්, ඡුන්ද බලය. ඒවා කි‍්‍රයාත්මක කිරීම තමයි ජනතා පරමාධිපත්‍යයේ කොටස. ඉතිරි ඒවා තියෙන්නේ අනෙක් අංශවලට කොහොමද මේවා බෙදා දෙන්නේ කියලා. එතනදී අපට තේරෙනවා අද තියෙන ජනාධිපති පදවිය. ඒක පදවියක්. දැන් ව්‍යවස්ථාවේ බලතලවලට අමතරව වෙනත් බලතලත් අරගෙන තියෙනවා. අපි බලන්නේ ඒ පදවියේ බලතල රාජ්‍ය ප‍්‍රධානියාටත්, අගමැතිවරයාටත්, ඒවගේම කතානායක ඇතුළු සභාව පත් කරන ස්වාධීන කොමිෂන්වලටත් කොහොමද බෙදන්නේ කියලා.

අන්න ඒ බෙදීම ගැන තමයි අපිට විකල්ප තුනක් ඉදිරිපත් කරලා තියෙන්නේ. සමහරවිට මේ කතිකාවතේදී අන්තිමට මේ ඔක්කොමට වඩා හොඳ විකල්පයක් යෝජනා වෙන්න පුළුවන්. මේ ඔක්කෝම සාකච්ඡා කරන්නයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ යෝජනා ගෙනාවේ අතීතයට යන්න නොවේ. අපි බැලූවේ 1978 පසුව ඉදිරිපත් කළ ව්‍යවස්ථාව ගැන. 2010 ස්විඩනයේ ව්‍යවස්ථාව දක්වා බැලූවා. එතන ව්‍යවස්ථාව පටන් ගන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයෙන්. එතැනින් බලය අරගෙන. යුරෝපීය සංගමයේ ගිවිසුම් දිහා බැලූවා. සෑම එකක් දිහා බලලයි, මේ ඉදිරිපත් කරලා තියෙන්නේ.

මෙතනදී කාරණා දෙකක් තියෙනවා. එකක් අද මේ රටේ ජනතාවට විධායක බලතල පාවිච්චි කරන පුද්ගලයා ඒ කියන්නේ ජනාධිපති තෝරන්ට ඡන්ද බලය අයිතිය තියෙනවා. ජනාධිපති පදවිය ඉවත් කළාට ඒත් අපි ඒ ඡන්ද අයිතිය ආරක්‍ෂා කරලා දෙනවාද, නැත්නම් ඒක ඉවත් කරනවාද යන්න අපි සලකා බැලිය යුතු එක කාරණයක්. අනෙක තමයි එල්.එල්.ආර්.සී. වාර්තාවෙන් යේජනා කරලා තියෙන පරිදි මේ රටේ දේශපාලන ගැටුම් අවම කරලීම. දේශපාලන පක්‍ෂවලට මූලික දර්ශනය පිළිබඳ එකඟත්වයක් තියෙන්න  ඕන. මූලික ප‍්‍රතිපත්ති රාමුවක් තුළ තමන්ගේ දේශපාලන සටන ගෙන යන්න  ඕන.

කොහොමද ඒක කරන්නේ? අලූතින් හිතලා අපි සමහර යෝජනා මෙතනට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි යෝජනා කරන්නේ විශේෂයෙන්ම පළාත් සභාවේ ඇමැතිවරු පළාත් සභාවේ ඒ පක්‍ෂවල මන්තී‍්‍ර අනුපාතය අනුව තෝරා ගන්න කියලයි. මෙහෙය විවිධ කණ්ඩායම් එකට එකතු වෙලා පළාත් සභාවේ වැඩ කරනවා. ඒ අයගෙන් සමහරු අවුරුදු පහකින්, දහයකින් පාර්ලිමේන්තුවට එනවා. දැන් මේ විදිහට අපි විධායක මෙහෙයවන්නේ නැත්නම් ඒ ගැනත් හිතලා සකස් කළ යුතු කාරණා තියෙනවා. මේ ඔක්කොම හිතලා තමයි මේ ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි මේ ගැන කතිකාවතක් ආරම්භ කරා විතරයි. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන අදහස් රට වටේම ගිහින් අරගන්න. අපි කාටවත් කියන්නේ නැහැ මේකට එකඟ වෙන්න කියලා. අපි සෑම කෙනාටම කියලා තියෙන්නේ මේක සාකච්ඡාවට භාජනය කරන් එකතු වෙන්න කියලා. විවිධ අදහස් එක් කරලා ශී‍්‍ර ලාංකික අනන්‍යතාවයක් මතු කරගන්න පුළුවන්ද කියලයි අපි බලන්නේ.

අපි දැන් සාකච්ඡා ආරම්භ කළා. අපි ගිහින් එක එක කණ්ඩායම් මුණගැසුණා. අපි ගිහින් මාදුලූවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සංවිධානයේ අය සමගත් කතා කළා. ඒ සංවිධානයෙන් වර්තමාන ව්‍යවස්ථාව සංශෝධනය කරන කෙටුම්පතක් ගෙනැවිත් තිබුණා. දැන් මේකයි ඒකයි අතර වෙනසක් තිබුණට ගැටුමක් නැහැ. අපි මේවා ගැන සාකච්ඡා කිරීමට එකඟ වුණා. එහෙම වුණායින් පස්සේ අපි ඔක්කොම තීරණය කළා මේවා කරන ගමන් අපිට තියෙනවා ජනතාව දිහා බලන්න. ඒ නිසා 17 වන සංශෝධනය වහාම කි‍්‍රයාත්මක කරන්න  ඕන කියලා ජනාධිපතිතුමාටත්, ආණ්ඩුවටත් දැන්වූවා. එතෙනටයි අපි ආවේ. අද ඇත්ත වශයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ තීරණය යටතේ උතුරු පළාත් සභාවට ඡුන්දයක් තියෙනවා. එහෙනම් ඒවා පවත්වන්න  ඕනේ මානව හිමිකම් ප‍්‍රකාශනය, ඒවාගේම ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන සම්මුතිය යටතේ.

නිදහස් මැතිවරණයක් තියන්න නම් ස්වාධීන කොමිෂන් සභා අවශ්‍යයි. විශේෂයෙන්ම අද උතුරේ බලතල මහා ආණ්ඩුව අරගෙන ආණ්ඩු යන්ත‍්‍රණය පාවිච්චි කරනවා. විරුද්ධවාදීන්ට දේශපාලන වැඩ කටයුතු කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා විශේෂයෙන්ම 17 වන සංශෝධනය යළි කි‍්‍රයාත්මක කරන්න තියෙනවා උතුරේ ඡඅන්දේ ප‍්‍රකාශ කරන්න ඉස්සෙල්ලා.

අද ජනතාවගේ පැවැත්මට නම් 17 වන සංශෝධනය උවමනායි. අද අධිකරණයේ ස්වාධීනත්වයක් නැහැ. අග‍්‍රවිනිශ්චකාරවරුන් හිතෙන විදිහට අයින් කරනවා. අනෙක් අය අල්ලස් දෙනවා අහුවෙනවා. විශාල ප‍්‍රශ්නයක් තියෙනවා. අද පොලිසියේ අයට විරුද්ධව තියෙන චෝදනා බලන්න. අද රැඳවුම් නියෝග දාලා උසස් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට අරගෙන විභාග කරනවා. මිනී මැරුම් චෝදනා මත.

මම කියන්නේ ඒ චෝදනාව විභාග කරලා ඒ පුද්ගලයන් ගැන විතරක් නොවේ, මේ 17 වන සංශෝධනය අහෝසි කරපු, ස්වාධීන පොලිස් කොමිසම නැති කරපු ආණ්ඩුව ගැනත් කි‍්‍රයා කරන්න අවශ්‍යයි කියලා. ස්වාධීන පොලිස් කොමිසම නැති කිරීමේ විපාක තමයි මෙතනින් පේන්නේ. අද නීතිය කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. කිසිම පාලනයක් නැහැ. සියලූ දේම දේශපාලනයට යට වෙලා.

අපිට ගිය සුමානේ ජීවිත 40 ක් විතර නැති වුණා. කවුරුවත් බැලූවේ නැහැ කළමනාකාර ක‍්‍රමයේ අඩු පාඩුකම් හදාගෙන තියෙනවාද නැද්ද කියලා. රටේ හැම තැනම දූෂණය තියෙනවා. එතනත් පාලනයක් නැහැ. දූෂණයට ගෙවන්න ජනතාවට බදු බර පටවනවා. ලෝකයේ තෙල් මිල අඩු වෙන කොට, විදුලි බලයේ මිල අඩු වෙන කොට ලංකාවේ විදුලි බිල මිල වැඩි වෙනවා. නිදහස් පාලනයක් නැහැ. ස්වාධීන පරිපාලනයක් නැහැ. ඉතින් මේ විදියට යනවා නම් රට තවත් පිරිහෙනවා. ඒකයි වර්තමානයේ අද අපි මුහුණ දෙන විශාලම ප‍්‍රශ්නය. ඒකයි මම ජනාධිපතිතුමාට ලියලා ඉල්ලූවේ මේ කරුණු ගැන සාකච්ඡුාවක් අවශ්‍යයි කියලා.

පුවත්පත්වල විශේෂයෙන්ම වාර්තා වෙලා තියෙනවා කැබිනට් මණ්ඩලයෙත් විශාල අර්බුදයක් ගියා කියලා හෙළ උරුමයෙන් දුන්න යෝජනා පහ ගැන. ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පක්‍ෂය සමගත්  මේ ව්‍යවස්ථා යේජනා ගැන සාකච්ඡා කළා. ඒ අතරේ කැබිනට් මණ්ඩලය ඇතුලේ ගහ ගත්තා, ගහන්න ගියා කියලා මාධ්‍ය වාර්තා කළා. මේ මාධ්‍ය වාර්තා අසත්‍යයි කියලා කවුරුවත් ප‍්‍රකාශ කරලා නැහැ. දැන් සාකච්ඡා කරගෙන යනවලූ කොහොමද මේ ප‍්‍රශ්නය අභ්‍යන්තරව විසඳන්නේ කියලා. මොකද මෙහෙම අර්බුද මේ වගේ ආණ්ඩුවලට එනවා. මේ ප‍්‍රතිපත්තියක් පදනම් කරලා ආපු ආණ්ඩුවක් නෙමේ. බලය පදනම් කරගෙන. 2001 ඒ ආණ්ඩුවෙන් කට්ටියක් ඉවත් වෙලා ආවා එක්සත් ජාතික පක්‍ෂයට. 1970 දී කරපු ආණ්ඩුවේ වමයි – දකුණයි හැප්පිලා 1975 දී සමසමාජ ඇමැතිවරු අයින් කළා. 1977 දී කොමියුනිස්ට් ඇමැතිවරු, වාමාංශික ඇමැතිවරු ඔක්කොම අයින් කළා. 1956 දී බණ්ඩාරනායක ආණ්ඩුවේදීත් මේක ඇති වෙලා මුළු ආණ්ඩුව කඩා වැටුණා.

මට මතකයි අපි පොඩි කාලේදී මම දැකලා තියෙනවා පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ වෘත්තීය සමිති කණ්ඩායමයි. විමලා විජයවර්ධනට අයිති ගොවි සංවිධානයයි අගමැති කාර්යාලය ඉස්සරහ ගහ ගන්නවා. දකුණයි, වමයි ආණ්ඩුවක් ඇතුළේ තියෙන හැම වෙලාවේම ඇති වන බල අරගල. ඒකයි අද වෙලා තියෙන්නේ. දකුණේ අය වමේ අයට කියනවා දේශද්‍රෝහී කියලා. වමේ අය දකුණේ අයට කියනවා අන්තවාදීන් කියලා. කොහොම හරි ඇතුළේ තියෙන්නේ ලොකු ප‍්‍රශ්නයක්.

දැන් මේක විසඳන්නේ කොහොමද කියලා කතා කරගෙන දැන් තව සංශෝධනයක් ගේන්නයි හදන්නේ. හැබැයි ඒක ගේන්නේ රාජපක්‍ෂ රෙජිමය පැවැත්මට. දැන් එකක් එයිද දෙකක් එයිද වෙනත් එකක් එයිද කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි ඒක රාජපක්‍ෂ රෙජිමයේ පැවැත්මට ගෙන එන යෝජනාවලියක්. නමුත් ප‍්‍රමුඛත්වය දීලා වහාම අනුමත කරන්න  ඕන ජනතාවගේ පැවැත්මට වුවමනා 17 වන සංශෝධනය කියලා අපි මෙතන කියනවා. ඒකට අපි හඬ නඟන්න  ඕන දැන්. ඒකට අපි සටන ගෙනියන්න  ඕන. මොකද මේ රට තවත් අරාජික කරන්න බැහැ. තවත් මෙහෙම පොලිසිය ලවා මිනී මරවන්න බැහැ. අග‍්‍රවිනිශ්යකාරවරුන් අයින් කරන්න බැහැ. නඩුකාරවරුන්ට අල්ලස් ගන්න දෙන්න බැහැ. ඒවා අපි නවත්වන්න  ඕන. ලෝකයේ තෙල් මිල අඩු වෙන කොට තෙල් මිල වැඩි වෙන්න බැහැ. විදුලිබල මිල අඩු වෙනකොට ලංකා විදුලිබල මිල වැඩි වෙන්න බැහැ. මේවා නවත්වන්න  ඕන. බඩු මිල වැඩි වෙන්න, දූෂණය වැඩි වෙන්න ජනතාවගේ සාක්කුවේ මුදල් අඩු වෙනවා. ආණ්ඩුවේ පැවැත්ම වෙන එකක්. ආණ්ඩුව ඉවත් කරන්න කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ 17 වන සංශෝධනය වහාම කි‍්‍රයාත්මක කරන්න කියලා.

කොහොමත් නැගෙනහිර ඉන්නේ 60% ක් සිංහල, මුස්ලිම් ජනතාව, ද්‍රවිඩ ජනතාව 39.5% යි ඉන්නේ. මේක වැදගත්. මේක උතුරේ, දකුණේ, නැගෙනහිර, බස්නාහිර, මධ්‍යමේ හැම කෙනාටම බලපානවා. මේක ජීවත් වෙන්න තියෙන ප‍්‍රශ්නයක්. ආණ්ඩුව මේ ගැන නිශ්ශබ්ද වෙන්න බැහැ. ආණ්ඩුව කෙලින්ම කියන්න  ඕන 17 වන සංශෝධනය කි‍්‍රයාත්මක කරනවාද නැද්ද කියා. ඒක වහාම කි‍්‍රයාත්මක කරන්න  ඕන. ඒකට ප‍්‍රමුඛත්වය දෙන්න  ඕන. ඉස්සෙල්ලා ඒ සංශෝධනය ගේන්න  ඕන. ඒකයි අපි කියන්නේ. අපි ඒ ප‍්‍රශ්නෙට උත්තරේ ආණ්ඩුවෙන් දැන ගන්න කැමැතියි. මේ 17 වන සංශෝධනයෙන් ජනතාවගේ පැවැත්මට උවමනා අයිතිවාසිකම් දෙනවාද? මේ රටේ ජනතාවට උවමනා ස්වාධීන පොලිසියක්, ස්වාධීන රජයේ සේවයක්, ස්වාධීන අධිකරණයක් සහ හොඳ පාලනයක්. ඒක වහාම රාජපක්‍ෂ රෙජිමය ලබා දෙනවාද නැද්ද?

රට තවත් පිරිහෙන්න දෙන්න බැහැ. ඒක නවත්ත ගන්න නම් මේ රටට ස්වාධීන පොලිසියක්, ස්වාධීන පරිපාලනයක්, ස්වාධීන අධිකරණයක් සහ යහපාලනයක් යළිත් ලබා දෙන්න උවමනායි.

*2013-06-15 දින ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ යෝජනා කර ඇති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ පදනම් ලේඛනය නිදහසේ වේදිකාව සංවිධානයට සහ සිවිල් සමාජයට පිළිගැන්වීමේ උත්සවයේදී එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කළ කතාව.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    මේ රට වැනසුවේ තමුන්වහන්සේලගේ පාලන කාලයේ කියන එක මේ කොයි කව්රුත් දන්න්නවා …. සාම ගිවිසුම් ගහලා කොටින්ට යුද්දෙට පාර කැපුවේ ඔහේ…ඒක කාටත් රහසක් නෙමෙයි …මොන සාකච්චා තිබ්බත් වැඩක් වෙන්නේ නැ …අයෙත් මේ රටේ බලයට තමුන්ව පත් කරගන්න මේ රටේ මිනිස්සු මෝඩ නැ … මොකද අයෙත් අපිට යුද්දයක් ඕනේ නැති නිසා …අපේ රට විනාශ කරන නායකයෙක් ඕනේ නැති නිසා…

    • 0
      0

      But Sam,
      you guys seem to be stupid to bend injustice and all abusive steps of MR ? This I would never comprehend. Can anybody please explain it her clearly ? Compared what is being carried out by MR and thugs today, RW has never done any terms of his politics. Villifications of all kind have paved the way marauders like MR and thugs to loot the country hour to hour today. How can you guys continue to do so if you are not insane ?

      • 0
        0

        Seelawathie
        Are you live in sri lanka or a other some country?? how much ranil pay you for this comment…??

        • 0
          0

          Seelawathi is in Swasiland.Sam where are you.

          • 0
            0

            As i can see Seelawathi and vx both are same person..as you told seelawathi is in swasiland.we can see it ,from her comment.but i’m sri lankan.what about you Mr VX? i think you are live in a dream world….

            • 0
              0

              Ah,I am in Uganda,sam

            • 0
              0

              We are all srilankens, but scattered on the globe.

              One thing is becoming further clear to me, is you guys have no brains to see the realities in the country today. You re theones just respresent the stupid folks across the country. So long you guys would stay blind – brainwashed by lanken state media, Dumindas, Mervins, Kumaras and all other vulgar sorta of pradeshiya saba MPs can loot the nation easily. I think it is high time you guys to take time to think… RW has done nothing than trying to be adhered to the rules, but his is not similar to that of killing minded MR and gangsters. It is the background that a person is coming from makes it like he is genuine or not. So as everyone is clear, MR was former IRC sorta of a man. Today, he is made King by you idiot folks. If the world COURTs could be more powerful, particular king would not have survived by now.

      • 0
        0

        @ Seelawathie,
        රනිල්ට අයියා මොන රටට යවනවා කියලද කිව්වේ….
        Franceද…??

    • 0
      0

      dawalda

  • 0
    0

    අනේ මුට නම් පිස්සු තමයි. මොනවා හරි කියවනවා,බලේ හිටපු ටික කාලෙට රට කෑව,ඒ මදිවට Sam කියනවා වගේ ගිවිසුම් ගහල රට කොටියට දෙන්න හැදුවා.දැන් මෙතන දේශප්‍රේමය ගැන කතා කරනවා.යනවා හලෝ යන්න.පුටුව පරිස්සම් කරගන්නවා ඒකත් උස්සනවා ළඟ ඉන්න අයම….

  • 0
    0

    මේ දවස් වල හොදට වහිනවෝ ..තව වස්සන්න එපා රනිල් මාමේ .ඔයා කියන දේවල් වලට අහසත් කෝප වෙනවා අනේ ..

  • 0
    0

    අනේ මන්දා රනේ අයියා කවදා හැදෙයිද කියලා.ඇයි අනේ ඔයා බණක් දහමක් අහගෙන පැත්තකට වෙලා ඉන්නේ නැත්තේ?ඔය මොකක් හදන්නත් කලින් තමන්වයි පක්ෂේ හදාගෙන හිටියනම් නේද හොද?

  • 0
    0

    දැන්වත් කොළ පාට කණ්නාඩිය ගලවලා බලන්න රනිල් මහත්තයෝ ….ඔබතුමාගේ කාලේද නැතිනම් අද ද මේ රටට යහපතක් වෙලා තියෙන්නේ කියලා …….

  • 0
    0

    සංශෝදනයක් කරන්න ඕනේ ඔබතුමාලගේ පක්ෂයේ ….හරියට පක්ෂයක්වත් පාලනය කරගන්න බැරුව කොහොමද රනිල් රටක යහ පාලනය ගැන කතාකරන්නේ …

  • 0
    0

    අද වෙනකොට අපේ රට දකුණු ආසියාවේ ආශ්චර්ය බවට පත් වෙමින් තියෙනවා ..අද අපි ආඩම්බර වෙන්න ඕනේ ඒගැන .අපි ණයගැති වෙන්න ඕනේ අපේ ජනාධිපති තුමාට .ඔබතුම උනත් අද රටවටේ නිදහසේ ඇවිදින්නේ අද අපි ලබපු නිදහස නිසා …..

  • 0
    0

    මෙයා මේ ව්‍යවස්ථාව හදන්න යනවා.එත් 21 වෙනිදා මෙයාගේ පවුලත් වැඩ.ගැනි හදාගන්න බැරි මිනිහා තව කොහෙද රටක් හදන්නේ.

  • 0
    0

    රනිල් කොල්ලෝ ඔයා ප්‍රායෝගික මනුස්සයෙක් නොවන වග තාමත් තේරිලා නැද්ද.ඔය ව්‍යවස්ථා සංශෝධන කියල කොළ ටිකක් ගහගෙන රෙජීම් වෙනස් කරන්න පුලුවන්ද?.ආණ්ඩු පෙරලන්න කලින් නියරක ඇවිදලා පෙන්නනවකෝ.

  • 0
    0

    ඇ සජි මල්ලි අපේ මේ රනිල් අයියා කියන කතා ඔක්කොම ඇත්තද බන්?මටනම් සත පහකට ෂුවර් නෑ මේ කතා බන්…

    • 0
      0

      මේ.. දයා.. මම පුටුවට ඒනකන් පොඩ්ඩක් ෂේප් එකයි පාරයි දිගෙන ඉන්න…

  • 0
    0

    ඒක නම් ඇත්ත…..අපිට ආයෙත් යුද්ද කරන්න ඕන නෑ….අවුරුදු 30ක් මහජනතාව ගොඩක් දුක් විද්දා….අයෙත් එහෙම දුක් විදින්න කාටත් ඕනේ නෑ…තමන්ගේ පක්ෂේ ඉන්න කට්ටියව හරියට මෙහෙයවා ගන්න බැරුව රටක් පාලනය කරන්නේ කොහොමද?ඔය වගේ කෙනෙක්ට රට බාරදීලා ආයේ දුක් විදින්න අපි කවුරුවත් කැමති නෑ….රටත් නැති වෙලා අපිවත් නැති කරගන්න අපි කැමති නෑ….

  • 0
    0

    තමන්ට ලැබුන බලය රැකගන්න බැරිඋනා.බුද්ධි අංශය කොටින්ට පවල දීල තම ජාතියේ ලොකුම පාවාදීම කල ජාති ද්‍රෝහිහෙක් රනිල් කියන්නේ .රනිල් බලයේ ඉන්න කලේ කළ ලොකුම හපන්කම තමයි එක.දැන් මෙතන බන කතා කරනවා.

  • 0
    0

    Disgusting comments – make further clear that the stupid majorties are hallozinated. Rata giya kala – no way out of the disastrous situation so long the majority folks would behave with this much of ignorance…

  • 0
    0

    තමන්ගේ පක්ෂේ කට්ටිය හරියට එකමුතුව තිය ගන්න බැරි රනිල් කොහොමද රටේම අය එකතු කරලා කතිකාවතක් තියන්නේ. පුලුවන්නම් පක්ෂේ හරියට හදාගන්න සේරටම කලින් !

  • 0
    0

    දීර්ග වයෙන් කලත් කෙටියෙන් කලත් කියන්නේ පිස්සුනේ.මෙයාට කාලෙන් කාලෙට එක එක පිස්සු.දැන් ව්‍යවස්ථාවක් අල්ලන් දගලනවා.අවරුදු 2ක් බලයේ හිටිය කාලේ රට හදන්න තිබුන්නනේ.දැන් බොරුවට කියවන් නැතුව.ඒ කලෙත් කලේ පිස්සු නටපු එක.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.