4 December, 2020

Blog

රාජපක්ෂලාගේ දිස්නය දියවෙයි

කුසල් පෙරේරා

කුසල් පෙරේරා -

කුසල් පෙරේරා –

‘‘ඒගොල්ලෝ ජිනීවා නුවරදී දිනුවදෙන්. අපි මෙහේ දිනනවා.’’ – ජනාධිපති රාජපක්ෂ ප‍්‍රචාරක රැුලියක් අමතමින්

මීට දින තුනකට පෙර ජිනීවා නුවර දී සම්මත කර ගැනුණු ලංකාව පිළිබඳ ඇමරිකානු යෝජනාවට ලැබුණු ඡුන්ද ප‍්‍රමාණයේ වැඩි වර්ධනයක් නොවුණු බව සැබෑව. වඩාත් කැපී පෙනෙන සහ මවිතයට කාරණය වුණේ, මෙවර එම යෝජනාවෙන් ඉන්දියාව පස්ස ගැසීමයි. ඒ වෙනුවෙන්, ඉන්දියාවේ කොන්ග‍්‍රස් ආණ්ඩුවට අපේ ජනාධිපතිවරයා වහා ස්තුතිය පුද කෙළේ, ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි සියළු ඉන්දියානු ධීවරයන්ව වහා නිදහස් කිරීමට නියෝග කිරීමෙනි.

ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව පිළිබඳ යෝජනාවෙන් ඇත්තෙන්ම ඇමරිකාව පරාජය විණැයි මහාචාර්ය ජී.එල්. පීරිස් තර්ක කරන බවක් ‘ඬේලි නිව්ස්’ පුවත්පත වාර්තා කෙළේය: ‘‘ගිය වසරේ දී වැඩි ඡුන්ද 25 කින් සම්මත වූ යෝජනාව මෙවර ඡන්ද 23 කට පහත වැටී ඇති බව මහාචාර්ය ජී. එල්. පීරිස් පෙන්වා දුනි. යෝජනාවට සහාය දක්වන රටවල් ප‍්‍රමාණයට වැඩි රටවල් ප‍්‍රමාණයක්, ඊට සහයෝගය නොදැක්වූ බවට’’ ඔහු තර්ක කොට තිබුණි. ඔහුගේ සූත‍්‍රයට අනුව, යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ රටවල් පමණක් නොව, ඡන්දය දීමෙන් වැළැකී සිටි රටවල් ද සැළකෙන්නේ යෝජනාවට විරුද්ධ රටවල් වශයෙනි. එවිට, ලංකාවට පක්ෂව සිටියේ යැයි ජී. එල්. පීරිස් කියන රටවල් ප‍්‍රමාණය, 24 කි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසියෙන් පසු ලංකාවේ ආණ්ඩුව තෘප්තිමත් වුණේ එවැනි විග‍්‍රහයන්ගෙනි.

22TH-OPEDMAHINDA_ Photo N Ramජනාධිපති රාජපක්ෂ විසින්ම පෙරමුණ ගත්, පසුගිය දා අවසන් වූ බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය තුළ සිය ප‍්‍රධාන තේමාව වශයෙන් ආණ්ඩුව පෙරමුණට ගත්තේ එම ජිනීවා යෝජනාව වූ බැවින් එවැනි ස්ථාවරයක් ගැනීමට ආණ්ඩුවට සිද්ධ වුණි. එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහා ඡුන්දය පාවිච්චි කිරීමෙන්, තමන් ‘ජිනීවා යෝජනාවට’ විරුද්ධ බව පෙන්නුම් කරන්නැ යි ඔවුහූ ජනතාවගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව, ඇමරිකාවට සහ ‘ජිනීවා යෝජනාවට’ එරෙහි විරෝධතා සහ පිකටින් ව්‍යාපාර, ආණ්ඩුවේ අනුග‍්‍රහය යටතේ, කොළඹ පාරවල් ගානේ නිතර විනෝදය සැපයුවේය. එම පළාත් සභා මැතිවරණ ව්‍යාපාරවල කොටසක් වශයෙන්, ‘ජිනීවා යෝජනාවට’ එරෙහි මහජන පෙත්සම් ව්‍යපාර ද, ආණ්ඩුවෙන්ම පිට පළාත්වල සංවිධානය කෙරුණි. ඒ අස්සේ, ‘දේශපේ‍්‍රමී’ ඡුන්දයක් ඉල්ලා, සුපුරුදු පරිදි, වීරවංශලා සහ ජාතික හෙළ උරුමකරුවෝ බෙරිහන් දුන්හ.

’’ජී. එල්. සූත‍්‍රයෙන්’’ කියැවෙන දේ

‘දේශපේ‍්‍රමී ඡුන්දයක්’ ඉල්ලූ ජනාධිපතිවරයාගේ ආයාචනය ඉදිරියේ පවා, දකුණේ ඡන්දය පාවිච්චි කළ මුළු ප‍්‍රමාණය, සියයට 65.8 ක් පමණි. එය, ගිය වර පළාත් සභා මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කළ සියයට 70.2 ට වඩා අඩු ප‍්‍රතිශතයකි. ජිනීවා යෝජනාවට එරෙහිව පෙරට දැමූ ‘දේශපේ‍්‍රමී’ ආයාචනයට යම් හෝ සාධනීය ප‍්‍රතිචාරයක් ජනතාවගෙන් තිබුණි නම්, ගිය වර සියයට 70.2 ට වඩා ඉහළ ප‍්‍රතිශතයක් මෙවර ඡන්දය පාවිච්චි කළ යුතුව තිබුණි. එහෙත් සිදුවුණේ එහි අනිත් පැත්තයි. එවිට, ජී. එල්. ගේ තර්කයට අනුව ගත් විට, ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටි සියයට 34.2 වූ කලී, ආණ්ඩුවට එරෙහි වූවන් වන අතර, එනිසාම, ජිනීවා යෝජනාවට පක්ෂ ජනතාවක් සේ සැළකිය යුතුව තිබේ. මේ තර්ක ක‍්‍රමය ඔස්සේ තවදුරටත් යන්නේ නම්, ඉවත් කළ සියයට 3.8 ක ඡුන්ද ප‍්‍රතිශතයත් ඊට එක් කළ විට, සියයට 38 ක ඡන්දයක් ජිනීවා යෝජනාව සමග ඇත. ඊළඟට, සෘජු ආණ්ඩු විරෝධී ඡන්දයක් වන එක්සත් ජාතික පක්ෂයට, ජනතා විමුක්ති පෙරමුණට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට සමස්ත දකුණු පළාතේ ජනතාව ලබා දුන් සියයට 42 ක ඡන්දය ද මීට එක් කළ විට, සියයට 80 ක ඡන්දයක් ආණ්ඩුවට විරුද්ධව තිබේ. ආණ්ඩු විරෝධී ඒ ඡන්දය, ජනාධිපති සහ ආණ්ඩුවේ මැතිවරණ ප‍්‍රචාරකයන් මොන තරම් ඉල්ලා සිටියත්, ජිනීවා යෝජනාවට එරෙහි ඡන්දයක් නොවන්නේය.

හම්බන්තොට විපක්ෂය

මේ ‘ජී. එල්. සූත‍්‍රය’ හැරුණු කොට, පාලන තන්ත‍්‍රයට ලොකුම අබග්ගය වුණේ, ඒ ‘දේශපේ‍්‍රමී ආයාචනය’ මෙවර රටේ ජනතාව බරසාරව භාරගෙන නොතිබීමයි. එසේ භාර ගැනුණි නම්, අඩු වශයෙන් රාජපක්ෂලාගේ පිළිකන්න වැනි දිස්ත‍්‍රික්කයක් වන හම්බන්තොට ජනතාව ‘රාජපක්ෂ ආයාචනයට’ මීට වඩා කන් දෙන්නට තිබුණි. ගිය සැරේ තරම් ජනතාවක් මෙවර එම දිස්ත‍්‍රික්කයෙන් ඡන්ද පොලට ගියේ නැත. එහෙත් පසුගිය කාලයේ යෝධ ගොඩනැගීම් ඉදිවුණු, කැපී පෙනෙන දිස්ත‍්‍රික්කයත් එයම ය. මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනය, රන්මිනිතැන්න පම්පෝරි සිනමා ගම්මානය සහ තවත් නවීන මහාමාර්ග පද්ධතියක් එම දිස්ත‍්‍රික්කයට ලැබුණි. එසේ තිබියදීත්, ගිය වර සියයට 71.6 ක් ඡන්ද පොළට පැමිණි එම පළාතේ ජනතාවගෙන් මෙවර ඡන්දය පාවිච්චි කිරීමට ආවේ සියයට 67.3 ක් පමණි. අඩු වශයෙන්, ගිය වර තමන් ලැබූ ඡුන්ද 192,961 වත් ආරක්ෂා කර ගැනීමට රාජපක්ෂලාට මෙවර නොහැකි විය. එය ඡුන්ද 18.274 කින් පහළ බැස්සේය.

සජිත්ගේ දේශපාලනික නෂ්ටකාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂය

අනිත් අතට, රාජපක්ෂලා හම්බන්තොටින් අහිමි කරගත් දෑ එක්සත් ජාතික පක්ෂය සතු කර ගැනීමට සජිත් පේ‍්‍රමදාස අසමත් විය. මුළු මැතිවරණ වකවානුව තිස්සේම හම්බන්තොට කඳවුරු බැඳගෙන සිටි සජිත්, ජිනීවා යෝජනාවට එරෙහිව ලේවලින් වුවත් තමන් අත්සන් කරමියි සිංහ නාද දුන්නත් ඔහුට ලබාගත හැකි වුණේ, සියයට 26.2 ක් පමණි. එවිට, ජනතා විමුක්ති පෙරමුණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ, පිළිවෙලින් සියයට 12.9 ක් සහ 3.1 ක් ලබා ගත්තේය. ඔවුන් අළුතෙන් ලබාගත් ඡන්ද, ඇත්ත වශයෙන්ම, එක්සත් ජාතික පක්ෂයට යා යුතුව තිබුණු ඡන්ද ප‍්‍රමාණයකි. විශේෂයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ගිය ඡන්ද, පක්ෂය දිනවීමට තමා සමත් වන බව කියන සජිත්ගේ පුරාජේරුව නිවැරදි නම්, එක්සත් ජාතික පක්ෂයේ රැුඳිය යුතුව තිබුණි. එහෙත් ඔහු ද මෙවර ඔප්පු කොට පෙන්නුවේ, එම පක්ෂයේ වෙනත් ඕනෑම නායකයෙකු තරමටම, තමා ද බෙලහීනයෙකු බව ය.

සරත් පොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය දකුණු සහ බස්නාහිර පළාත්වලින් ලබාගත් මුළු ඡන්දය, පැහැදිළිවම එක්සත් ජාතික පාක්ෂික ඡන්දයකි. එසේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ගියේ, සිංහල මුහුණුවරක් පෙන්නීමෙන් තමන්ට ආරක්ෂා කරගත හැකි යැයි එක්සත් ජාතික පක්ෂයේ සිටින සිංහල ජාතිවාදී නායකයන් සිතන, එක්සත් ජාතික පාක්ෂික සිංහල බෞද්ධ ඡන්ද තට්ටුවකි. ජනතා විමුක්ති පෙරමුණට යාමට කැමති නැති, අර්ධ-නාගරික, ව්‍යාපාරවලට බර, සම්ප‍්‍රදායික එක්සත් ජාතික පක්ෂ ඡන්ද, එක්සත් ජාතික පක්ෂ නායකත්වය මේ පාලනයට ශක්තිමත් අභියෝගයක් විණි නම්, එම පක්ෂයේම රැුඳෙන්නට තිබුණි. එහෙත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය, වගකීමෙන් යුත් බරසාර බවක් සහ කැපවීමක් පෙන්වීමට අසමත් වීමත්, ප‍්‍රායෝගික ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සංවර්ධනමය වැඩපිළිවෙලක්’ සමග මේ ආණ්ඩුවට අභියෝග කිරීමට අසමත් වීමත් නිසා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට යන තමන්ගේ ඡන්දදායකයා ආරක්ෂා කර ගැනීමට අසමත් වුණේය. ‘විරෝධතා ඡන්දදායකයන්’ බවට පත්වූ ඒ ඡන්දදායකයන් වූ කලී, එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ආණ්ඩුවටත් විරෝධය දැක්වූවන් ය.

පශ්චාත්-යුද කාලීන පස් වසර තුළ වාර්ගික ද්‍රැවායනය

යුද්ධයෙන් පසු ගතවූ පස් වසර තුළ රාජපක්ෂ දේශපාලනය හේතුවෙන් සමාජය, වාර්ගික සහ ආගමික තීරු දිගේ පසමිතුරුව ඇති සැටි ද මේ මැතිවරණයෙන් පෙන්නුම කෙරේ. සාමාන්‍යයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් වන කොළඹ වෙසෙන දෙමළ වැසියන් මෙවර, බොහෝ දුරට තනි ප‍්‍රජාවක් වශයෙන් ගොස් තිබෙන්නේ, මනෝ ගනේෂන් සහ ඔහුගේ පක්ෂය වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන පෙරමුණ සමගයි. මීට පෙර 2009 මැතිවරණයේ දී, මනෝ ගනේෂන්ගේ පක්ෂය සිටියේ එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ ය. මෙවර, දෙමළ ජාතික සන්ධානයේ නිල අනුමැතිය ද ඇතිව තනියෙන් තරග වැදුණු එම පක්ෂය, කොළඹ දිස්ත‍්‍රික්කය තුළ, ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙකින්ම පිටස්තරව, ස්වාධීන දෙමළ අනන්‍යතාවක් ස්ථාපිත කර ගැනීමට සමත්ව තිබේ. මෙවර එම පක්ෂය ලබාගෙන ඇති සියයට 6.4 ඡුන්ද ප‍්‍රතිශතය, කඩුවෙල, කැස්බෑව, හෝමාගම සහ මහරගම වැනි එම පක්ෂයට වැඩිමනත් ඡන්දයක් පාවිච්චි නොවුණු සම්ප‍්‍රදායික සිංහල-බෞද්ධ ඡුන්ද කොට්ඨාශ සමග එකට ගත් විට පෙන්නුම් කරන්නේ, ප‍්‍රධාන පක්ෂ දෙකේ දේශපාලනය වෙනුවට, තමන්ගේ දේශපාලනය ගැන තකන, ස්වාධීන දේශපාලන ඒකකයක් වශයෙන් ගොනුවීමට දෙමළ ජනතාව තුළ ඇති නැමියාවයි.

අනිත් අතට, කොළඹ මැතිවරණ කොට්ඨාශ තුළ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය වැඩිමනත් ප‍්‍රතිඵල ලබා ගැනීමට අසමත්ව සිටීම, රාජපක්ෂ පාලන වළල්ලේ එල්ලී සිටින රවුෆ් හකීමේගේ නාඩගම් තවදුරටත් වැඩ නොකරන බවට නිදසුනකි. කොම්පඤ්ඤවීදියේ පාරම්පරික වාසස්ථානවලින් පිටමං කරනු ලැබ, බොදුබල සේනා සහ වෙනත් එවැනි කල්ලිවල ප‍්‍රචණ්ඩ ජාතිවාදී ප‍්‍රහාරයන්ට ලක්කරනු ලැබ සිටින මුස්ලිම් ප‍්‍රජාව එකට ළං කළ මනෝභාවය විසින් ඉල්ලා සිටිනු ලබන්නේ, රාජපක්ෂ පාලන තන්ත‍්‍රයෙන් පිටස්තර දේශපාලනික නියෝජනයකි. සමහර විට, උතුරු කොළඹ (සියයට 28.3), මැද කොළඹ (සියයට 45.9), බොරැුල්ල (සියයට 41.8), නැගෙනහිර කොළඹ (සියයට 32.7), බටහිර කොළඹ (සියයට 32.9) සහ දෙහිවලින් (සියයට 34) ක් ඡන්ද ලබා ගැනීමෙන් යම් ගෞරවාන්විත තත්වයක් ආරක්ෂා කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වුණේ, ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයවත්, ජනතා විමුක්ති පෙරමුණවත් තමන්ගේ විකල්පය වශයෙන් ගැනීමට, ඉහත කී අසන්තෝසයෙන් සිටින මුස්ලිම් ජනතාව ප‍්‍රතික්ෂේප කිරීම නිසා විය හැකිය.

කොළඹ සහ ගම්පහ යන දිස්ත‍්‍රික්කත් රාජපක්ෂලා ලොකුවට දිනාගෙන නැත. ඇත්ත වශයෙන්ම, මීට පෙර ලැබූ ඡන්ද ප‍්‍රතිශතය මෙවර ඔවුන්ට අහිමිව ඇත. 2009 පළාත් සභා මැතිවරණයේ දී රාජපක්ෂ ආණ්ඩුවට ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් සියයට 69.1 ක් ලැබුණි. මෙවර එය සියයට 57.9 කට පහත වැටී තිබේ. එය, සියයට 12 කට ආසන්න පරිහානියකි. කොළඹත් ඊට වෙනස් නැත. මෙවර ඔවුන් කොළඹින් ලබාගෙන ඇති සියයට 45.3 වූ කලී, පසුගිය වර ලැබූ (57.7) ප‍්‍රතිශතයෙන් සියයට 12 කට වැඩි කඩා වැටීමකි.

මේ මගින් කියැවෙන්නේ, රාජපක්ෂ ආණ්ඩුව සුළු ජාතීන් අතර තිබූ විශ්වාසය නැති කර ගැනීම සහ පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකා සමාජය ද්‍රැවායනය කිරීමට තල්ලූ වීම පමණක් නොව, මීට පස් වසකට පෙර සිංහල සමාජය තුළ ඔවුන් සතුව පැවති දේශපේ‍්‍රමී දිස්නයත්, සැබෑ දේශපාලනය තුළ, දිය කරගෙන ඇති බවයි. එහි සහතික නිරූපණයක් වන මැතිවරණ පල්ලම් බැසීමත් දැන් පටන්ගෙන තිබේ. එහෙත් ජනතාව පැත්තෙන් ඇති අවාසනාවන්ත ලක්ෂණය වන්නේ, එම තත්වයෙන් ප‍්‍රයෝජන ගැනීමට සමත් බුද්ධිමත් සහ නිසි විපක්ෂයක් නැති වීමයි. එවැනි විපක්ෂයක අඩුව තිබියේ වී මුත්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ‘හුනුවටයේ කතාවේ’ දී කීවාක් මෙන්, ‘‘දීර්ඝ කාලයක් යනු අනන්තයක් නොවීම’’, මේ පාලන තන්ත‍්‍රය කෙරෙහිත් සත්‍යයක් වීමට නියමිතයි.

*2014 මාර්තු 30 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Rajapaksas Have Lost Their Glitter නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.