20 April, 2024

Blog

හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

ලොක් සභා මැතිවරණයට මාස කිහිපයකට පෙර නරේන්ද්‍ර මෝඩි ඉන්දියානු සමාජයේ විකසිත වූයේ අනාගත ඉන්දියාවේ ඊළ`ග යුග පුරුෂයා ලෙසින් ය. මැතිවරණ ව්‍යාපාරය දිග හැරුණු පසු ඔහුගේ රුව මැවෙන්නේ නිදහස් ඉන්දියාවේ හින්දුත්වා අන්තවාදීයෙකු ලෙසිනි. ඔහු ඉන්දියාවේ දීර්ග හින්දුත්වා ඉතිහාසයේ අලූත්ම හා පළමු මැතිවරණ ප‍්‍රකාශනය වන්නේ ය. යුරෝපීයන්ගේ යටත් වාසි රටවල් බවට පත් වූ හැම රටකම වාගේ විදේශ පාලනය හාහපුරා කියා අභියෝගයට ලක් කෙරුණේ කි‍්‍රස්තියානිකරණයට එරෙහි දේශීය ආගම්වාදී ව්‍යාපාර පෙරට පැමිණීමෙනි. එනිසාම යටත් විජිත සමාජයන්හි පළමු ජාතික ගොනු වීම් දැකිය හැක්කේ දේශීය ආගම් ඇසුරෙනි. අපේ රටේ සිංහල බෞද්ධ මතවාදය මෙන් ඉන්දියාවේ හින්දුත්වා මතවාදය කැටි වන්නේද එළෙසිනි.

ජාතිකවාදයේ ආගම් වගාව

ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය, ඉන්දියානු වාර්ගික, ආගමික හා සංස්කෘතික විවිධත්වය උකහාගත් ජාතික ව්‍යාපාරයක් තහවුරු කිරීමේ දැනුවත් මතවාදී වෙහෙසක් ගනු ලැබූවකි. එනමුත් මුස්ලිම් විරෝධී හින්දුත්වා ඉල්ලීමක් ඊට යටින් පැවතින. එය ශක්තියක් ලැබුවේ කි‍්‍රස්තියානිකරණයට එරෙහි වන අධිරාජ්‍ය විරෝධයක් සමගිනි. පළමු වරට හින්දුත්වා මතවාදය ඉදිරිපත් කරනු ලැබුවේ වීර් සවර්කාර් ලෙස ජනපි‍්‍රය වූ විනායක් දමෝදාර් සවර්කාර් විසිනි. පාරිශුද්ධ, සුපිරි ආර්ය ජාතිකයින්ට පමණක් අයිති ජර්මනියක් වෙනුවෙන් හිට්ලර් පෙනී සිටි අයුරුම, වීර් සවර්කාර්, ආර්ය උරුමයක් ඇති හින්දුස්ථානයක් වෙනුවෙන් තර්ක කළේ ය. ඒ මතවාදය නිශ්චිත සංවිධානාත්මක හැඩයක් ගත්තේ 1925 දී ය. රාශ්තී‍්‍රය ස්වායම්සේවාක් සංග් (ජාතික ස්වේච්ඡුා සේවා සංවිධානය – ආර්.එස්.එස්.) නමින් උගත්, විනය ගරුක හින්දු ප‍්‍රජාවක් හැදීමේ අරමුණින් හින්දු තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා වෛi කෙශාව් බාලිරාම් හේජ්වාර් නාග්පූරයේ දී එය පිහිටුවා ගත්තකි.

Dilantheඒ කාලයේම අපේ යටත් විජිත පාලන සමයේ බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙන් හෙන්රි ස්ටීල් ඕල්කොට් සහ හෙලේනා බ්ලවට්ස්කි මැතිනිය විසින් පරම විඥානාර්ථ සංගමය ආරම්භ කළහ. එයට හවුල් වූ ඬේවිඞ් හේවාවිතාරණ සිංහල බෞද්ධ වෙළඳ පවුලක් වූ හේවාවිතාරණ ඩොන් කරෝලිස් පවුලෙන් පැමිණියෙකි. අනතුරුව අනගාරික ධර්මපාල ලෙසින් ඔහු පරම විඥානාර්ථයෙන් වෙන් වූයේ, පාසල් අධ්‍යාපනය පදනම් කරගත් ඕල්කොට් ගේ සාර්ව බෞද්ධ පුනර්ජීවය, කි‍්‍රස්තියානිකරණයට එරෙහි අධිරාජ්‍ය විරෝධී හැඩයක් නොගත් හෙයිනි. අනගාරික ධර්මපාල සිංහල බෞද්ධ දේශපාලනට ඉඩ ලබා ගත්තේ එය සුද්දන්ට විරුද්ධ මතයක් ලෙස ඉදිරිපත් කිරීමෙනි. ඔහුගේ ව්‍යාපාරය එනිසා දිස් වූයේ, දකුණේ සිංහල බෞද්ධයින්ගේ අධිරාජ්‍ය විරෝධි ව්‍යාපාරය ලෙස ය.

අවුරුදු 05 ක දිගු යුද්ධයකින් පසු 1826 දී බුරුම රජු යන්දාබෝ ගිවිසුම අත්සන් තැබුවත්, බුරුමය සෘජුව පාලනය කිරීමට බි‍්‍රතාන්‍ය මැදිහත් වූයේ 1886 දී ය. එතැන් සිට ඔවුහු පිරිවෙන් අධ්‍යාපනය වෙනුවට විධිමත් පාසල් ආරම්භ කළහ. ඒ සමග අනෙක් යටත් විජිතයන්හි මෙන් දේශිය ජීවිතය බි‍්‍රතාන්‍ය තීන්දු මත නවීකරණය කිරීම ආරම්භ කළහ. එයට පළමු විරෝධය ගොනු වූයේ 1906 දී පිහිටුවා ගත් තරුණ බෞද්ධ සමිතියෙනි. අනතුරුව බෞද්ධ සිද්ධස්ථාන වලට පැමිණෙන විදේශිකයින් තම පාවහන් ගලවා එම සිද්ධස්ථාන වලට ඇතුළු විය යුතුය යන ඉතාම සරළ සංස්කෘතික ඉල්ලීම සමග 1916 දී තරුණ බෞද්ධ සමිතිය සමාජ බලයක් හදා ගත්හ. පසුව ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ ආස්වාදයත් මාක්ස්වාදී සංවාදත් හේතුවෙන් 1924 දී එය බුරුම මහ මණ්ඩලය ලෙසින් නම් විය. ඒ සමග බුරුමයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් පාඨ ඉදිරිපත් කෙරිණ. අනතුරුව 1930 දී ආරම්භ වී වසර 02 ක් පමණ දිගු ඇදුණු බි‍්‍රතාන්‍යයට එරෙහි පළමු සංවිධානාත්මක විරෝධතාවයට නායකත්වය දෙනු ලැබුවේ සායා සෙන් භික්ෂුව ය. 9,000 ක් අත් අඩංගුවට ගනු ලැබ, තවත් 3,000 ක් බෞද්ධ කි‍්‍රයාධරයින් ඝාතනය කරනු ලැබිණැයි සටහන් වන එම විරෝධය මර්දනය කිරීමෙන් පසු 1937 දී සායා සෙන් භික්ෂුව මරණ දණ්ඩනයට නියම කෙරිණ. බුරුම ජාතිකත්වය ද ඒ අයුරු බෞද්ධ අන්තර්ගතයක් සහිතව ආරම්භ වූවකි.

ඊශ‍්‍රායලය හා ආසියානු ගැට ගැසීම්

මුස්ලිම් ත‍්‍රස්තවාදයට එරෙහිව ඊශ‍්‍රායලය ආසියාව වෙත අවධානය යොමු කෙරුවේ 70 දසකය ආරම්භයේ දී යැයි සඳහන් වේ. තානාපති මට්ටමෙන් නොවුනත් ජනාධිපති ජයවර්ධන සමයේ ඊශ‍්‍රායලය පළමු වරට ශී‍්‍ර ලංකාව සමග නිල රාජ්‍ය සම්බන්ධකම් ගොඩ නගා ගත්තේය. ඒ හරහා ඔවුනගෙන් ලබා ගත් හමුදා පුහුණුවීම්, බුද්ධි අංශ තොරතුරු, නාවුක යාත‍්‍රා වැනි දේ සමග ශී‍්‍ර ලංකා ආණ්ඩුව ගැට ගැසුනි. රාජපක්ෂ පාලනය ආරම්භ වන විට, ඊශ‍්‍රායලය සමග වූ ගනු දෙනු වඩා ස්ථාවරව තිබිණ. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පලස්තීනු හිතවත් කම් පැත්තකින් තබා, එම ගනුදෙනු යුද්ධය වෙනුවෙන් යොදා ගැනීමට අගමැති රත්නසිරි වික‍්‍රමනායක 2008 දී ඊශ‍්‍රායලයේ නිල සංචාරයකට යැවින.

ඊශ‍්‍රායල හා තිබූ සම්බන්ධකම් මත 2007 සහ 2008 වන විට, ඊශ‍්‍රායල් ආරක්ෂක හා යුධ නිපැයුම් වැඩියෙන්ම මිලට ගෙන තිබූයේ ඉන්දියාව ය. එය 2007 දී ඩොලර බිලියන 1.7 ක් විය. 2008 නොවැම්බර 26 වන දින මුම්බායි නගරයට එල්ල කළ ලක්ෂාර්-ඊ-ටයිබාර් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් දෙසතියක් ඉක්ම යන්නටත් පෙර, එතෙක් අවුරුද්දක් පමණ පමා කෙරුනු ඉන්දියානු ආරක්ෂක මිසයිල පද්ධතියේ දෙවන අදියර වූ ‘‘බැරැුක් 2’’ නවීකරණය සඳහා ඩොලර බිලියන 1.5 ක් වටිනා ගිවිසුම ඊශ‍්‍රායල ෂ්ෂ සංවිධානය සමග අත්සන් තැබූ බැව් දෙසැම්බර 05 වන දින ඊශ‍්‍රායල ‘‘ජුවිෂ් ප්‍රෙස්’’ වාර්තා කළේ ය. ඉන් මසකට පමණ පසු ඊශ‍්‍රායලය හා ඉන්දියාව අතර අත්සන් තැබුණු ඉතා නිහ`ඩ එහෙත් භයානක අවබෝධතා ගිවිසුමක් ලෙස සැළකෙන්නේ ඉන්දු-ඊශ‍්‍රායල නීති මණ්ඩපයක් සඳහා වන අවබෝධතා ගිවිසුම ය. එම නීති මණ්ඩපය, දෙරටෙහි ඉහළ පෙළ නීති විශාරදයින් හා විනිසුරුවරුන් අතර, අනාගතය සඳහා නීති සම්පාදනය ගැන සාකච්ඡුා කෙරෙන්නකි. ඊටත් අමතරව, ‘‘රිසාට් 2’’ නම් ඉතා සංවේදී තොරතුරු සෙවීමේ සූක්ෂම චන්ද්‍රිකාවක් ඉන්දියාව ඒ කාලයේදීම ඊශ‍්‍රායලයෙන්
මිලට ගත් බවත් වාර්තා විය.

‘‘වම’’ හා ‘‘දකුණ’’ යන දෙකටම නැතිව ගවේෂණාත්මක මාධ්‍යවේදය ඔස්සේ අධිපති මාධ්‍ය විසින් වසන් කෙරෙන තොරතුරු හා දැනුම සංවාදයට තැබීම තම ශක්තිය යැයි සඳහන් කරන ‘‘ඩි-ලිබරේෂන්’’ නම් අන්තර්ජාල ප‍්‍රජාවට අනුව, ඊශ‍්‍රායල සම්බන්ධකම් බුරුමයෙත් ඇත. රැුන්ගුන් සහ පතේන් නගර වල ආර්ථික බලය රඳවා ගෙන ඉන්නා යුදෙව් පවුල් සියවසක් පමණ පැරණි පාරම්පරිකයින් ය. ඔවුන් හා බුරුම හමුදා පාලනය අතර ඉතා සමීප දේශපාලන සම්බන්ධකම් දිගු කලෙක සිට තහවුරු වූවකි. බුරුම හමුදා පාලනය විසින් එරට සියලූ සුළුතර ප‍්‍රජාවන් යටපත් කෙරුනු නමුත් රැුන්ගුන් හා පතේන් නගරාධිපතිවරුන් ලෙස ඒ නගර වල යුදෙව් නායකයින් පත් කර ඇත්තේ ඒ විශ්වාසය හේතුවෙනි. යුදෙව් හිමිකාරිත්වයක් ඇති රොත්ස්ශීල්ඞ් බැංකු හා මූල්‍ය සැළසුමත් මුස්ලිම් මූලධර්මවාදයට එරෙහි තම සැළසුමත් ඊශ‍්‍රායලය මගින් බුරුමයේ දී එකට දියත් කර ඇතැයි ‘‘ඩි-ලිබරේෂන්’’ හි ලේඛකයෙකු වන කෂීෆ් අහ්මඞ් තර්ක කරයි. නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචි ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය තීන්දු වන්නේ ද රොත්ස්ශීල්ඞ් මූල්‍ය බලපෑමට අනුව යැයි සඳහන් වේ.

‘‘මුතු වැල් පොට’’ යැයි හැඳින් වෙන, දකුණු චීන හයිනාන් දූපතේ සිට බුරුමයේ සිට්වේ, පැරසෙල් දූපත් සමූහයේ වුඞ් දූපත, බංගලිදේශයේ චිටගොං, ශී‍්‍ර ලංකාවේ හම්බන්තොට, මාලදිවයිනේ මරා ඕඉන් දූපත සහ පාකිස්ථානයේ බටහිර වෙරළේ ග්වාදාර් වරාය ඇතුළත් වන අරාබි මුහුද දක්වා දිවෙන නාවුක මාර්ගය, 2020 වන විට චීනයට අවශ්‍ය බල ශක්ති ප‍්‍රමාණයෙන් සියයට 60 ක් මැද පෙරදිග සිට ආනයනය කිරීමට අවශ්‍ය වන්නකි. චීන ආර්ථික වර්ධනයට මේ නාවුක මාර්ගය අතිශය වැදගත් සාධකයකි. ඒ සාධකය ඇමෙරිකාව අත ඉදිරියටත් පවත්වා ගැනීමට නම්, මේ කලාපයේ රටවල දේශපාලනයට බලපෑම් කිරීමේ හැකියාවක් ඇමෙරිකාවට තිබිය යුතු ය. ඒ කොන්තරාත්තුව ඊශ‍්‍රායලයට බාර වූවකි.

ඊශ‍්‍රායල හින්දුත්වා-බෞද්ධ නාභිය

මෙවර ඉන්දීය මැතිවරණයේදී බී.ජේ.පියේ මව් සංවිධානය වන ආර්.එස්.එස් යටතේ ඔවුන්ගේ නිල ඇඳුම ලෙස කාකි කොට කළිසම් හඳින ස්වේච්ඡුා සේවක පිරිස් ද මෝඩි වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු වල සංවිධානාත්මකව යෙදෙන්නාහ. මෝඩි මෙවර ඔහුගේ ආශ්චර්යමත් ගුජරාටයෙන් පිට වී, උත්තර් ප‍්‍රදේශයේ ඓතිහාසික හින්දු ආසනයක් වන වරනාසිය තරග කරයි. එහි හින්දු ආත්මීය බැඳීම සෘජුව ආමන්ත‍්‍රණය කිරීමක් මෝඩිගේ සටන් පාඨ වලින් දැකිය හැක. ‘‘හාර් හාර් මෝඩි’’ එවැන්නකි. එය හින්දු බැතිමතුන් ‘‘හාර් හාර් මහාදෙවි’’ යැයි කරන්නා වූ දේව කන්නලව්ව, මෝඩි වෙනුවෙන් යොදා ගත්තකි.

බී.ජේ.පී දේශපාලනයට මෝඩි එන්නේ කොන්ග‍්‍රස් විරෝධියෙකු ලෙස නොවේ. ඔහු යෞවනයේ දී, විවාහය ද අතහැර නිවෙසින් පැන ගොස් අහමදාබාද් හි ආර්.එස්.එස් කාර්යාලය අසළ තේ කරත්තයක වැඩ කරමින් සිටිය දී, හින්දුත්වා මතයට ආකර්ශනය වූවෙකි. එතැන් සිට ඔහු පූර්ණකාලිනයෙකු ලෙස අහමදාබාද් හි ආර්.එස්.එස් ප‍්‍රචාරක ලේකම් දක්වාත් පසුව නව දිල්ලියේ ආර්.එස්.එස් මූලස්ථානයේ මාධ්‍ය ඒකකයෙහි පූර්ණකාලීනයෙකු ලෙසත් සේවය කෙරුවෙකි. ඔහු ගුජරාත් මහ ඇමති වන්නේ බී.ජේ.පියේ තීන්දුවක් අනුව නොව, ආර්.එස්.එස් විසින් නම් කරනු ලැබූවකු ලෙස ය. එබැවින් මෝඩි අගමැති අපේක්ෂකයා වීම, බී.ජේ.පියේ ප‍්‍රසිද්ධ නායකයින්ට වැළකිය නොහැකි වූවකි. ඉන්දීය මුස්ලිම් විරෝධී හින්දුත්වා අන්තවාදයේ ඇත්ත ජාතික නායකත්වය වන ආර්.එස්.එස් එරට දේශපාලනයේ තීරණාත්මක, විවෘත මැදිහත් වීමකට පය තබන පළමු පියවර වූයේ ඔවුන් හැදූ වැඩූ මුස්ලිම් විරෝධී නරේන්ද්‍ර මෝඩි අගමැති අපේක්ෂකයා කිරීමට තීන්දු කිරීම ය. ඒ වෙනුවෙන් මුළුමහත් හින්දුත්වා සංවිධාන ජාලයම දැන් මැතිවරණ ව්‍යාපාරයට හවුල් කර ඇත.

බී.ජේ.පිය මුස්ලිම් විරෝධී හින්දු අන්තවාදී පක්ෂයක් ලෙස පිහිටු වන්නට ආර්.එස්.එස් නායකත්වය තීන්දු කළ විට, ඊට ඊශ‍්‍රායල් අරමුදල් ලැබිනැයි, විජේ ප‍්‍රශාද් ඔහුගේ ‘‘නමස්තෙ ෂැරන් – එක්සත් ජනපදයේ ආධිපත්‍ය යටතේ හින්දුත්වා සහ ෂැරන්වාදය’’ නම් ලිපියෙහි සඳහන් කර ඇත. හින්දුත්වා සංවිධාන වලට මෑතක ලැබුණු අරමුදල් පිළිබඳ තොරතුරු නව දිල්ලියේ දෙසතියකට වරක් ප‍්‍රකාශයට පත් කෙරෙන ‘‘මිලී ගැසට්’’ ප‍්‍රකාශනයේ 2009 දෙසැම්බර පළමු කලාපයෙන් හෙළි කර ඇත. ඉන්දියානු තොරතුරු අමාත්‍යාංශයේ 2008 වාර්තාව උපුටා දක්වමින් එහි සඳහන් කර තිබූයේ හින්දුත්වා සංවිධාන වෙත රුපියල් කෝටි 7,877 ක් විදේශයන්ගෙන් ලැබුණු බව ය. එම මුදල් ඊශ‍්‍රායලයෙන් කෙලින්ම නොපැමිණි අතර, ඒවා යුරෝපයේ වෙනත් අතරමැදි සංවිධාන හරහා බැර කර ඇතැයි වාර්තා විය.

එළෙසින්ම, බුරුමයේ බොදු බලය අතිශය මෘග ලෙස මුස්ලිමුන්ට එරෙහිව මෙහෙය වන තරුණ ථෙරවාදී භික්ෂුවක් වන අස්වින් විරාතු ගේ අමුතු මාදිලියේ නමක් ඇති ‘‘969’’ සංවිධානයට ද මොසාඞ් ආධාර ලැබී ඇතැයි වාර්තා ඇත. 2008 දී ඇමෙරිකානු මැදිහත් වීමක් සමගින් බුරුමයේ ඇතිවූ හමුදා පාලනයේ සම්මුතිවාදී ප‍්‍රජාතන්තී‍්‍රයකරණයට අලූත් සිවිල් අර්ථකතනයක් දීමේ දී ඊශ‍්‍රායලයද හවුල් විය. අල් ජසීරා රූපවාහිනිය සඳහා 2013 දෙසැම්බරයේ දී ෆ‍්‍රැන්සිස් වේඞ් බුරුමය ගැන කළ ගවේශනාත්මක ආවරණයකට අනුව, ‘‘කවුරුන් ඇත්තටම පිටුපස ඉන්නේ දැයි පැහැදිලි නැතිමුත්, මුස්ලිම් විරෝධී ජනපි‍්‍රය ‘‘969’’ ව්‍යාපාරයේ ආරම්භය හමුදා ජුන්ටාවෙහි වූ ආගමික කටයුතු ඇමති දක්වා දිව යන්නේ ය. නමුත් ‘‘969’’ පොදු මතවාදය, වත්මන් ආණ්ඩුවෙහි ද ඉතා ජීවමානව පවතින්නකි.’’ ඒ හමුදා ජුන්ටාව හා ඊශ‍්‍රායලය ඉතා සමීප සම්බන්ධයක් තවමත් පවත්වයි.

වත්මන් බුරුම ආණ්ඩුව හා එහි ආරක්ෂක කටයුතු සමග ඊශ‍්‍රායලය ඉතා සමීපව කටයුතු කරන බවත් ඇත්තකි. බුරුම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආත්මීය නායිකා, නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචි, ‘‘969’’ ගැන හා විරාතුගේ මුස්ලිම් විරෝධී බෞද්ධ අන්තවාදය ගැන කිසිවක් කතා නොකරන බවත් එවගේම ඇත්තකි.

අපේ කතාවට පෙරවදනක්

අන්‍යාගමික හා මුස්ලිම් විරෝධී කසාවත් ත‍්‍රස්තවාදයට, මේ ආණ්ඩුව යටතේ කිසිම තහංචියක් නැති බව අවිවාදිත ය. මෙතෙක් බොදු බල සේනා නමින් හා වෙනත් එවැනි නම් යටතේ හලාල් මුද්‍රාවට එරෙහිව ගෙන ගිය වාර්ගික හා ආගමික විරෝධතාවන්ට, මුස්ලිම් ව්‍යාපාරික හා අන්‍යාගමික ස්ථාන වලට බෞද්ධ භික්ෂුන්ගේ නායකත්වයෙන් එල්ල කළ ප‍්‍රහාර වලට, ඒ මතවාදය පාසලට ගෙන ගිය ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට විරුද්ධව නීති ගරුක සමාජයක විය යුතු පරිදි ස්වාධීනව හා සාධාරණව නීතිය කී‍්‍රයාත්මක වූ බවක් මෙතෙක් අසන්නට නැත. ආසන්නම මැරකම වූ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට කඩා වැදී පොලීසිය සිටියදීත් එය කඩා කප්පල් කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ, නීතිය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව මේ සමාජයේ විශ්වාසයක් ඇති කිරීමට කිසිසේත් ප‍්‍රමාණවත් නැත. පොලීසියේ අගුවක සිට වර්ගවාදී උසි ගැන්වීම් කිරීමේ හයිය, ජනතා හයියක් නොවීමත් බරපතල ඇ`ගවීමකි.

ඒ පසු බිමෙහි, මුස්ලිම් විරෝධී බෞද්ධ අන්තවාදය සම්බන්ධව මේ කරුණු ද සැළකිල්ලට ගත යුතුව ඇත.

  •  අහඹුවක් වූවත් පළමු යුදෙව් කේන්ද්‍රය මෙහි පිහිටුවන ලද්දේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වූ 2005 නොවැම්බරයේදී ය. ‘‘ෂබාඞ් නිවස’’ ලෙසින් හඳුන්වනු ලබන දැනට රටවල් 70 ක පිහිටුවා ඇති මෙම යුදෙව් කේන්ද්‍ර, මූලධර්මවාදී ගුරු කුලයක් විසින් සංවිධානය කෙරෙන්නකි. ශී‍්‍ර ලංකාවේ මෙය පළමුව පවත්වා ඇත්තේ ‘‘හික්කඩුව රිසෝට්’’ හෝටලයෙහි ය. දැන් කොල්ලූපිටියේ, ග‍්‍රීන් පාත්හි ස්ථිර ‘‘ෂබාඞ්’’ නිවසක් ලෙස පවත්වා ගෙන යන්නේ ය. යුදෙව්වන් බලාපොරොත්තු වන සියලූ ආගමික හා සංස්කෘතික කටයුතු එමගින් සංවිධානය කෙරේ. විස්තර සඳහා – http://jews-in-sri-lanka.blogspot.co.uk/2007/11/great-news-chabad-has-official-presence.html
  •  ඊශ‍්‍රායලය හා ශී‍්‍ර ලංකාව අතර වෙළඳාම පමණක් නොව, ආරක්ෂක ගනු දෙනු ද වර්ධනය වී ඇත. ඉතිහාසයේ පළමු ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයා ලෙස පසුගිය ජනවාරියේ දී ඊශ‍්‍රායලයට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ එරට ජනාධිපති ෂිමෝන් පෙරෙස් හා අගමැති බින්යාමින් නෙතන්යාහු සමග සාකච්ඡුා පැවැත් වීය. ඔහුගේ සංචාරය ගැන ‘‘ජෙරුසලම් පෝස්ට්’’ පුවත් පත ජනවාරි 09 වන දින තැබූ එක් සටහනක් වනුයේ ’’ඊශ‍්‍රායල් සහ ශී‍්‍ර ලංකා සබඳතා දැන් කඩතොලූ මකා ගන්නේ ය. දෙරට අතර විශේෂයෙන් ආරක්ෂක ක්ෂේත‍්‍රයේ ඉතා හොඳ සම්බන්ධතාවක් පවතී.’’ යන්නයි.
  •  ඊශ‍්‍රායලය පසුගිය වසරේ දී ශී‍්‍ර ලංකාවට නුපුහුණු රැුකියා 1,500 ක් ලබා දුන්නේ ය. කම්කරුවන් ලෙස පිරිස් එහි ගියහ. දැනටත් සත්කාරක සේවා ස්තී‍්‍ර පුරප්පාඩු 530 ක් සහ පිරිමි පුරප්පාඩු 580 ක් සඳහා අනුමැතිය ඇත. ඔවුන්ගේ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් දැන් ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සුභසාධන කළමනාකරුවකු ටෙල්ආවීව් හි නිල වශයෙන් රඳවා ඇත.
  • ඊශ‍්‍රායලයේ ගැලීලි නගරයේ කරවිලකොටුවේ ධම්මතිලක හිමි ඉන්නා පන්සල, ඊශ‍්‍රායලයේ දැනට ඇති එකම බෞද්ධ පන්සල ය.
  • බොදු බල සේනා සංවිධානය ආරම්භ කළ නායකයින්ට 2011 ඔක්තෝම්බරයේ 20 සහ 26 අතර නෝර්වේ සංචාරයක් NOREF නම් නෝරවේජියානු ආයතනයේ සහභාගිත්වය ඇතිව සංවිධානය කර දී ඇත්තේ දීර්ග කාලයක් ලංකාවේ එන්.ජී. ඕ (රාජ්‍ය නොවන සංවිධාන) හිමිකරුවකු වූ නෝර්වේජියානු ජාතික ආනා ෆියටොෆ් සහ (එකල) නෝර්වේජියානු තානාපතිනිය, ග්‍රෙටේ ල‘ෂෙන් විසිනි.
  •  බොදු බල සේනාවේ ගිහි ප‍්‍රධානියා ලෙස කටයුතු කරන දිලන්ත විතානගේට අනුව, බොදු බල සේනා නමින් සංවිධානය ආරම්භ කර ඇත්තේ, ගලගොඩඅත්තේ ඥාණසාර, විතාරන්දෙණියේ නන්ද, අලූත්වැව ආනන්ද, දපනේ සුමනවංස, වැලිමඩ ශාන්ත යන භික්ෂූන් පස් නම සමග ඔහුත්, පූජිත විජේසිංහ හා මාක් ඇන්තනී පෙරේරා යන අයත් නෝර්වේ ගොසින් පැමිණියාට පසු 2012 මැයි 07 වන දින ය. එහි දී ඔවුන් අමාත්‍ය එරික් සොල්හයිම් සහ තවත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් හමු වූ බව දිලන්ත පිළිගන්නේ ය. වැඩි විස්තර http://www.asiantribune.com/node/62223
  • බොදු බල සේනා මූලස්ථානය ලෙස යොදා ගන්නා හැව්ලොක් පාරේ (දැන් සම්බුද්ධත්ව මාවත* සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය යැයි නම් කර ඇති මහල් ගණනාවකින් යුතු යෝධ ගොඩනැගිල්ල, කිරම විමලජෝති හිමි ගේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට අයිති වන්නකි. එම ඉඩම, මහජන බැංකුව විසින් උකසට සින්න වූ ඉඩමක් ලෙස වෙන්දේසි කිරීමට තිබූණකිි. එහි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ඉදි කෙරුණේ කෙසේද යන්නත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් ආයෝජනය කෙරුවේ කවුරුන්ද යන්නත් මහා ප‍්‍රහේලිකාවකි. 
  • ගාල්ලේ පිලානේ ඉදි කෙරුනු ‘‘මෙත් සෙවන’’ බොදු බල සේනාවේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස 2013 මාර්තු 09 වන දින විවෘත කෙරුණේ නගර සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතිනි. ඒ ගැන ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් වන්නේ, ‘‘මෙත් සෙවන ඉදිකර මහා සංඝයාට පූජා කරනු ලැබූයේ ජර්මනියේ මයිකල් ජේ.ඒ. ක‍්‍රයිට්මෙයර් විසිනි.’’ යනුවෙනි. මයිකල් ක‍්‍රයිට්මෙයර් අනාථ වූ දරුවන් වෙනුවෙන් කොස්ලන්දේ ලිට්ල් ස්මයිල්ස් එසෝසියේෂන් නම් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා ගෙන යන්නෙකි. ඔහු ජර්මානු යුදෙව් සම්භවයක් ඇත්තෙකැයි දැන ගන්නට ඇත.
  • ඉකුත් මාර්තු ආරම්භයේ දී ගලගොඩඅත්තේ ඥාණසාරගේ ප‍්‍රධානත්වයෙන් විතාරන්දෙණියේ නන්ද සමග දිලන්ත විතානගේ ඇතුලූ නියෝජිත පිරිසක් බුරුමයට පිටත්ව ගොස් එහි දී අස්වින් විරාතු භික්ෂුව හමුවූහ. එළෙසින්ම විරාතු භික්ෂුවට ශී‍්‍ර ලංකා සංචාරයකට ද ඇරයුම් ඇත. මේ සියලූ විදේශ ගමන් සඳහා මුදල් කොහෙන්දැයි තවම හෙළි වී නැත.

ඊශ‍්‍රායල් මූල්‍ය ගනු දෙනු නෝර්වේ හරහා ද සිදුවන බව දැන් බොහෝ තැන් වල සාකච්ඡුා වන අතර, ඒවා නොයෙකුත් රටවල මුස්ලිම් විරෝධී සංවිධාන වෙනුවෙන් යොමු කෙරෙන බවත් බෙහෙවින් සාකච්ඡුා වන මාතෘකාවකි. ඒ අතර, ඉකුත් ඉරිදා ‘‘ද සන්ඩෙ ලීඩ’’ පුවත් පතට බොදු බල සේනා ගැන අදහස් දැක්වූ දිලන්ත විතානගේ ගෙන් ඔවුන්ට අරමුදල් ලැබෙන්නේ කොහෙන්දැයි ඇසූ ප‍්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ, ‘‘ඇතැමුන් කියන්නේ අපට මුදල් ලැබෙන්නේ ඊශ‍්‍රායලයෙන් කියලා. ඒ සියල්ල බොරු. ගැටළුවක් හෝ ප‍්‍රශ්නයක් තියෙන ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බලන්න පූළුවන්. අපේ කටයුතු ඉතා විවෘතයි.’’ යන්නය. ඇත්ත ගැටළුව වන්නේ එළෙස ගොසින් පරීක්ෂා කිරීමට, ඔවුන්ගේ හික්මීම හා විනය ගැන විශ්වාසයක් ඇති ස්වාධීන පුද්ගලයෙකු සොයා ගැනීම ය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    3

    [Edited out] Kusal, we need israel to eradicate muslim terrorism

  • 2
    1

    RE: හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය

    Now do not forget Jewswill do what is in their best Self-Interest.

    Specific Examples:

    1. USA

    2. India

    3. Europe.

    They claim they are the Chosen people of God, Read the Bible.

    May be they can tell para Sinhala Buddhist and para-Tamil Hindu, they are the Chosen people,,,,

    Do not be fooled by them.

  • 0
    0

    Roman Catholic Church and other statutorily incorporated protestant churches in Sri Lanka not protesting against BBS signifies that the established churches are against the spread of Islam and also against intrusions by fundamentalist Christian Churches. Industrialization of the coastal belt of NWP and Gampaha District has attracted more Buddhists to those regions and the power of the long established churches in those regions is gradually waning.

    The power of the church in managing christian schools out side western province is also waning and in most of those schools, population of Muslim students are increasing and it is not to the liking of the church. No wonder in the BBS getting support from the west.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.