26 April, 2024

Blog

කිව්වා නාහන රාජපක්ෂලා

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

නව දිල්ලියේ සියලූ ගාලගෝට්ටි, තද බද හා දේශපාලන උප්පරවැට්ටි මධ්‍යයේ තමන්ගේ පාඩුවේ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට, ශාස්තී‍්‍රය සාකච්ඡුා පැවැත් වීමට, විද්වත් දේශන ඇසීමට, පත පොත කියැවීමට හැකි ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ලෝඩි උiානයට යාබදව ය. එය සියලූ පහසුකම් සහිත සහ සියලූ දේශපාලන, වාර්ගික, ආගමික බැඳීම් වලින් විනිර්මුක්ත වූ, රාජ්‍ය නොවන මධ්‍යස්ථානයකි. අක්කර 90 ට වැඩි යාබද ලෝඩි උiානය, ඊට වඩා වෙනස් තවත් තැනකි. මොගල් අධිරාජ්‍යයින්ට පෙර දිල්ලිය පාලනය කළ සයිඞ් සහ ලෝඩි පාලකයින් සුසාන භූමියක් ලෙස යොදා ගෙන තිබූ මේ උiාන ප‍්‍රදේශයේ සැඳෑ සුව විඳීමටත් ව්‍යායාමය සඳහා කිලෝ මීටර පහක හයක රවුමක් ඇවිදීමටත් හිතවතුන් හමුවීමටත් එහා වැටේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයට එන බොහෝ දෙන, ගොම්මනේ දී ලෝඩි උiානයට ඇතුලූ වෙති. සවසට ටොරිංටන් එන, ශරීර සෞඛ්‍ය ගැන උනන්දුවන අපේ ඉහළ මැද පංතිකයින් මෙන්, ලෝඩි උiානයට එන අය ද බොහෝ විට, රටේ දේශපාලන සෞඛ්‍යයට අදාල දවසේ ඕපා¥ප කතා කිරීමට අමතක නොකරති. පසුගිය අ`ගහරුවාදා සවස, එහි දී හමුවූ ඉන්දීය මාධ්‍ය ඔස්තාර් කෙනෙකු සහ විශ‍්‍රාමික රාජ්‍ය පරිපාලකයෙකු අතර වූ මේ දෙබස, එවැන්නකි.

‘‘මෙනන් කොළඹ ගිහින් රාජපක්ෂලා එක්ක මොනවද කිව්වෙ කෙරුවේ දන්නව ද ?’’ විශ‍්‍රාමිකයා අසන්නේ ය.

‘‘අද උදේ චීනය ගැන අගමැති කාර්යාලයේ තිබුණ විශේෂ කතාවකට ගියා. ඒ නිලධාරියා, ලංකාව ගැනත් කතා කළා. ලංකාවේ ප‍්‍රශ්නය ගැන හොඳ දැනුමක් එයාට තිබුණා කියලා මට හිතුනා. එම්.ආර්ට ටිකක් තදින් කියලා තියෙනවා, 13 ට කරන්න යන වැඬේ කරන්න එපා කියලා. ඒක කෙරුවොත් 1987 ඉන්දු ලංකා ගිවිසුම උල්ලංඝණය වන නිසා, එහි පල විපාක ටිකක් බරපතල් විය හැකි බවත් කියලා තියෙනවා-ලූ.’’ මාධ්‍යවේදි මිතුරා පිළිතුරු දෙයි.

‘‘මං දන්න තරමට නම් පහු ගිය අවුරුදු කීපේ, එම්.ආර් හත් අට සැරයක්ම අපිව 13 වටේට ගෙනිච්චා ….’’ විශ‍්‍රාමික මිතුරා කියයි.

‘‘මෙදා පාර ටිකක් වෙනස් නේද ?’’ මාධ්‍යවේදියා විශ්වාසය කරයි.

ඒ කියන වෙනස කුමක් ද ? බොහෝ විට බොහෝ දෙන ශී‍්‍ර ලංකාව ගැන කතා කළත්, එවැනිම හෝ ඊටත් වැඩි වෙනස්කම් නව දිල්ලිය පැත්තේද ඇතැයි නොසිතති. පළමු වෙනස එන්නේ, ලබන වසර අපේ‍්‍රල් වන විට 16 වන ලොක් සභාව සඳහා ඉන්දීය මහ මැතිවරණය එළැඹීමෙනි. කොන්ග‍්‍රස් පක්ෂය ඒ කාරණයේ දී බරපතල අර්බූදයකට හසුව ඉන්නා පක්ෂයකි. ඔවුන්ට දැන් නායකයෙක් නැත. ආචාර්ය මන්මෝහන් සිං, අධිකාරී බලයක් තබා ගැනීමට නොහැකි 83 වියැති අගමැතිවරයෙකි. සෝනියා හදිසි වූවත් රහුල් ගාන්ධිට පාර කැපීම පහසු නැත. ජාතික නායකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට සිටි ප‍්‍රනාබ් මුකර්ජි පසුගිය වර ජනාධිපති පදවියට තල්ලූ කෙරුවේ රහුල් ගාන්ධි සඳහා අවස්ථාවක් ගැනීමේ එක පියවරක් වශයෙනි. එහෙත් දැනට අවසන් වූ ප‍්‍රාන්ත මැතිවරණ 05 කම රහුල් ගේ මැදිහත්වීම් අසාර්ථක ය. ඔහුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට උඩින් තබන්නට නම්, දැන් හේතු නැත. හතර වටේම සෙව්වත් 2014 මහ මැතිවරණය සඳහා කොන්ග‍්‍රස් නායකත්වයට ඉතිරි වන්නේ පලනිඅප්පාන් චිතම්බරම් ය. හාවඞ් විශ්ව විiාලයේ නීතිය උගත් චිතම්බරම්, කොන්ග‍්‍රස් ආණ්ඩුවේ ඉන්නා ඉතාම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා ය. කලින් වර ඉන්දීය ආණ්ඩුවේ ඉතා බලසම්පන්න ඇමති ධුරයක් වන ස්වදේශ කටයුතු ඇමති වූ ඔහු, මෙවර මුදල් ඇමති ය. ඔහු මිලියන 45.9 ක් ඡුන්ද ඇති තමිල් නාඩුවෙන් ලොක් සභාවට එන්නෙකි. එනිසා, ශී‍්‍ර ලංකාව පිළිබඳ මේ වටයේ මැදිහත්වීම් වලදී චිතම්බරම් සැළකිය යුතු සාධකයකි.

එයටත් අමතරව, තමිල් නාඩුවේ මහ ඇමතිනි ජෙයලලිතා ජෙයරාම් ද මෙවර ඉන්දීය ලොක් සභා මැතිවරණයට ඉදිරිපත් වන්නට ඉඩ ඇතැයි අවුරුද්ද ආරම්භයේ සිටම තමිල් නාඩුවේ ඉහළ දේශපාලන සාකච්ඡුාවල කතා කෙරෙන්නකි. පසුගිය ලොක් සභා මැතිවරණයේ දී කරුණානිධිගේ ඞී.එම්.කේ පක්ෂය ඉන්දීය කොන්ග‍්‍රසය සමග ඇති කරගත් සන්ධානය හරහා මන්තී‍්‍ර ආසන 18 ක් ලබා ගන්නා විට, තනිව තරග කළ ඇයගේ ‘‘සමස්ථ ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාහම්’’ (ඒ.අයි.ඞී.එම්.කේ* පක්ෂය, ආසන 09 ක් ලබා ගත්තේ ය. ලබන වර ජෙයලලිතා ලොක් සභා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, ඇයගේ පක්ෂය තනිව තරග කළ ද, ඔවුනට මන්තී‍්‍ර ආසන 12 ත් 14 ත් අතර සංඛ්‍යාවක් ලබා ගත හැකි යැයි තමිල් නාඩු දේශපාලනයේ තක්සේරුවකි. ඒ අතර, මෙවර රාජ්‍ය සභා මන්තී‍්‍ර ධුර සඳහා තරගයේ දී ඇයගේ පක්ෂයට ආසන 05 ක් ලබා ගැනීමට තිබිය දී, ඇය ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ඞී. රාජා වෙනුවෙන් එක් අපේක්ෂකයෙකු ඉවත් කර ගත්තා ය. ඊළ`ග අපේ‍්‍රල් මහ මැතිවරණයේ දී වමේ පෙරමුණකින් තරග කිරීමට ජෙයලලිතාගේ සූදානම එමගින් කියැවෙන්නේ යැයි අදහසකි. ඒ සියල්ල කොන්ග‍්‍රස් ආණ්ඩුවට සැළකිය යුතු බලපෑම් ය. මන්තී‍්‍ර ආසන 15 ක් 20 ක් ලබා ගන්නා ඕනෑම ප‍්‍රාන්ත පක්ෂයක් ඉන්දියාවේ ඊළග ආණ්ඩුව හැදීමේ වැදගත් සාධකයකි. එය බී.ජේ.පියේ නරේන්ද්‍ර මෝඩි ඊළ`ග අගමැති කිරීමේ සාධකයක් ද විය හැක.

ඉන්දීය කොන්ග‍්‍රසයේ ජාතික නායකත්වයට ඉතිහාසයේ පළමු වරට දකුණු ඉන්දීය නායකයෙකුගේ පැමිණීම යනු, ඔහු ඔවුන්ගේ අගමැති අපේක්ෂකයා වන්නෙකි. ඒ අතර, එම්.ජී.ආර් සහ කරුණානිධි දෙපළම නොගිය ලොක් සභාවට යන්නට ජෙයලලිතා තීන්දු ගන්නේ නම්, තමිල් නාඩුව ඒ හේතුවෙන්ම අලූත් දේශපාලන වටිනාකමක් නව දිල්ලියෙන් ලබා ගන්නේය. එවැනි හේතු ඇත්තෙන්ම නව දිල්ලිය පැත්තේ අලූත් සහ වැදගත් වෙනසකට කාරණා ය. මෙවර නව දිල්ලි කොන්ග‍්‍රස් ආණ්ඩුවට පෙරට වඩා වැඩි බරක් කොළඹ දී රාජපක්ෂ ආණ්ඩුව මත තබන්නට සිදුවන්නේ එබැවිනි.

ඉකුත් ජූලි 05 වන දින නව දිල්ලි ගොසින් එන විට තමිල් නාඩු ධීවර සංවිධාන ද මුණ ගැසුනු බැසිල් රාජපක්ෂ, ඉන්දීය විදේශ කටයුතු ඇමති සල්මාන් කුර්ෂිඞ් හමුවී 13 වන ව්‍යවස්ථා සංශෝධනය හෝ බලය බෙදීම ගැන සහ උතුරු පළාත් මැතිවරණය ගැන කතා කළ බවක් නිල නිවේදන කිසිවක නැත. උපරිම සඳහන වන්නේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සියලූ පක්ෂ සහභාගි වනු ඇතැයි කුර්ෂිඞ් අපේක්ෂා කරන බව පමණි. මෙරටට නැවත පැමිණි බැසිල් රාජපක්ෂ ඔහුගේ හදිසි නව දිල්ලි ගමන ගැන කිසිවක් නොකියයි.

එනමුත් ජූලි 8 – 9 දෙදින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව්ෂන්කර් මෙනන් ගේ පැමිණීමෙන් පසු රාජපක්ෂ ආණ්ඩුවේ සාමාන්‍ය ගමන් මගෙහි තරමක වෙනසක් ඇත. පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභා සතු කිරීම ගැට`ඵ සහගත යැයි ජනාධිපති රාජපක්ෂ, මෙනන් සමගින් පවසා ඇතැයි කියූවත් දැන් උතුරු පළාත් සභා මැතිවරණය පැවැත් වෙන්නේ, චම්පිකලා, වීරවංසලා සහ පාරට පැමිණි 13 විරෝධීන්ගේ කොන්දේසි යටතේ නොවන බව පැහැදිලි ය. ඒ වෙනුවෙන් කලින් සූදානම් කළ නඩු පැවරුණද, 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ කිසිදු වෙනසක් නැතිව මැතිවරණය පැවැත් වෙන බව ආණ්ඩුවේ ප‍්‍රකාශකයෝ සහතික වන්නාහ. ඒ අතර, තමන් යෝජනා කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව බලය බෙදීම ගැන සියලූ ප‍්‍රශ්න සාකච්ඡුා කර විසඳා ගත හැකි හොඳම තැන යැයි පවසන ජනාධිපති රාජපක්ෂ, දෙමළ ජාතික සන්ධානයට ඊට සහභාගිවන්නට බල කරන මෙන් මෙනන් ගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා විය.

රාජපක්ෂලාගේ සිංහලවාදී දේශපාලනය එතෙකින් අවසන් වේ යැයි නව දිල්ලිය සිතන්නේ නම්, එල්.ටී.ටී.ඊය සහ ප‍්‍රභාකරන් විනාශ කරන්නට රාජපක්ෂලා සමග හවුල් වූවත් ඔවුන් තවමත් රාජපක්ෂලා නිවැරදිව හඳුනාගෙන නැත. ජනාධිපති රාජපක්ෂගේ හැකියාව ඇත්තේ එකම කාරණාවක් වෙනුවෙන් හැමෝමත් සමගින් විවිධ සම්මුති ගැසීමෙහි ය. නව දිල්ලිය සමග 13 වෙනස් නොකරන්නට ඔහු ගසා ඇති සම්මුතිය පැවතිය හැක්කේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් නොවැම්බරයේ මෙහි පැමිණ යන තුරු පමණක් විය හැක. 13 ට විරුද්ධ වූවන් සමග සම්මුතිය ඇත්තේ ලබන වසර ආරම්භයේ ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කර දීමට විය හැක. ඒ අතරතුර, ජනාධිපති රාජපක්ෂ ඊළග අවුරුදු දෙක සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ නිල නායකයා වන්නේ ය.

මේ තුන් සූත‍්‍රයෙන් දැනට ඔහු වැඩි අවසරයක් ලබා ගන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය සහතික කර ගැනීමට ය. ඒ වෙනුවෙන් පසුව ඉටු කරන පොරොන්දුව සමග අනෙක් සිංහලවාදී සියල්ලන් මඳකට නිහ`ඩ කර ඇත. පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය ලැබූ විගස ඔහුට සහ ඔහුගේ ආණ්ඩුවට විරුද්ධව කැනඩාවෙන්, එංගලන්තයෙන්, ඕස්ත්‍රේලියාවෙන්, දකුණු අපි‍්‍රකාවෙන්, නවසීලන්තයෙන් වැනි ජාත්‍යන්තර ලොක්කන් ගෙන් යුධ අපරාධ සම්බන්ධයෙන් නැගෙන චෝදනා ඉදිරියට ගැනීම, අඩාල කළ හැකි යැයි ජනාධිපති රාජපක්ෂ ගණන් හදනවා විය යුතු ය. එනිසා ඔහුට මේ මොහොතේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුව මෙහි පැවැත් වීම වෙනුවෙන් 13 පස්සට තැබීම, අතිශය වැදගත් ය.

ඒ අතර, ඔහුගේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද ඇත. ආණ්ඩු පක්ෂයේ සම්පූර්ණ නියෝජනවත් නොමැති, ජනාධිපති උපදේශක කමිටුවක් ලෙස එය පත් කෙරුණකි. විපක්ෂයේ සියල්ලන් ඉන් සහමුලින්ම ඉවත්ව ඇති අතර, ආණ්ඩුවේ ඉන්නා මුස්ලිම් කොන්ග‍්‍රසයත් නැත. බලය බෙදීම සඳහා දේශීය විසඳුමක් හදා ගැනීමට ජනාධිපති පත් කළ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති වූ තිස්ස විතාරණත් නැත. එනිසා මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දේශපාලන වලංගු බවක්ද නැත. ඒ වලංගු බව ලබා ගැනීමට ජනාධිපති දෙමළ ජාතික සන්ධානය හවුල් කර ගැනීමට උනන්දු වන්නේ ය. ඒ වෙනුවෙන් නව දිල්ලි සහාය ඉදිරියටත් ඉල්ලා සිටීම, අහක නොයන්නක් බව ඔහු හොඳාකාරව දනී. එහෙත් ඒ කිසිවකු නැතත් මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිත්‍යානුකූලව යොදා ගැනීමේ කිසිදු සීමාවක් ද නැත. එහි අවශ්‍යතාව රාජපක්ෂ ජනාධිපති බලාපොරොත්තු වන්නේ ලබන අවුරුද්දට විය යුතු ය.

දැනට මේ ආණ්ඩුව මුහුණ දෙන ආර්ථික සහ සමාජීය බිඳ වැටීම් හමුවේත් ජාත්‍යන්තර බලපෑම් හමුවේත්, ආණ්ඩුව වැටී ඇත්තේ ජනපි‍්‍රයත්වය නඩත්තු කළ හැකි පීල්ලකට නොවේ. එහෙත් තවමත් ඔහුට ඇති වාසිය, නුදුරු අනාගතයේ දී ඔහුට අභියෝග කළ හැකි අපේක්ෂකයෙකු නැතිවා පමණක් නොව, විපක්ෂය අහලකවත් වැඩ පිළිවෙලක් ද නොතිබීම ය. එහෙත් විපක්ෂයක් නැතිව වූවත් ආර්ථික හා සමාජ ප‍්‍රශ්න සමගින් පාරට බසින නාගරික ජනතාවක් ඉන්නා බවත් අවසන් වශයෙන් දේශපාලන බලය උරගා බැලෙන්නේ නගරයේ බවත් ජනාධිපති රාජපක්ෂ නොදන්නා දේශපාලනයක් නොවේ. එනිසා ඔහුට ඒ වෙනුවෙන් යොදා ගත හැකි වැදගත්ම පිළියම වන්නේ, ජනාධිපති ධුර කාලය අවුරුදු සතර සම්පූර්ණ කළ පසු වහා ජනාධිපතිවරණයක් පැවැත් වීම ය. ඒ අනුව ලබන පෙබරවාරියෙන් පසු ඕනෑම දිනෙක ජනාධිපතිවරණය තීන්දු කළ හැකි ය.

පස්සට තල්ලූ කළ සිංහලවාදී සම්මුතිය ඒ අනුව ඉටු කරනු ඇත්තේ 2014 තීන්දු විය හැකි ජනාධිපතිවරණයේදී ය. ඒ වන විට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඔවුන්ගේ වාර්තාව මගින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය රාජපක්ෂලාට අවශ්‍ය අයුරු කප්පාදු කිරීමට නිර්දේශ ලබා දෙනු ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ තුන් වන වරට 2014 පෙබරවාරියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇත්තේ, 13 වන ව්‍යවස්ථා සංශෝධනය කප්පාදු කිරීමේ නිර්දේශ කි‍්‍රයාවට නැගීම වෙනුවෙන් ජනතා වරමක් ද ඉල්ලමින් ය. එයම ජනමත විචාරණයක් යැයි කියනු ඇත.

එවැනි ජනාධිපතිවරණයක දී යු.ඇන්.පිය සිංහල ඡුන්ද වලින් දිනන්නට ගොසින් අතරමං වන සැටි දැන්ම කිව හැකි ය. රාජපක්ෂලා මේ රට තල්ලූ කර ඇති විනාශයෙන් ගොඩ ගැනීමට හැකි විකල්ප සමාජ ආර්ථික වැඩ පිළිවෙලක් විපක්ෂයට තවමත් නැත. ඒ වෙනුවට යු.ඇන්.පි නායකත්වය , නාගරික කුඩා මැද පංතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායම් සිතන අයුරු, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කතා කිරීමෙන් මැතිවරණ දිනා ගත නොහැකි බව තේරුම් නොගන්නේ ය. එවැනි කුඩා නාගරික ප‍්‍රජාතන්ත‍්‍රවාදීී පිරිස් තම විකල්ප වැඩපිළිවෙලට දිනා ගැනීමට නායකත්ව හැකියාවක් යු.ඇන්.පියට නැත. එනිසා බෞද්ධාගම ඉහළින් තබා ගෙන, බලය බෙදීම සහ පළාත් සභා ගැන නිශ්චිතව, පැහැදිලිව කතා නොකරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක සැකිල්ලක් තොරොම්බල් කරමින් කුඩා කණ්ඩායම් සැනසීමට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නට පොරොන්දු වීමෙන් යු.ඇන්.පිය ඊළ`ග වාරයේද අනාථ වන්නේ ය. අනාගතය සඳහා වැඩපිළිවෙලක් නැති එවැනි පටු, අතීතකාමී විපක්ෂයකට, රාජපක්ෂ ජනාධිපතිගේ සිංහලවාදී වාර්ගික අභියෝගයට මුහුණ දෙන්නට නොහැකි බව ඉතාම පැහැදිලි කාරණාවකි.

නැවත වරක් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ බලය බෙදීම සම්බන්ධයෙන් ඉන්දියාවට ලබා දුන් පොරොන්දුව රාජපක්ෂ ජනාධිපති යට ගසන්නේ, ජනතා වරමට තමන් යටත් වන බව කීමෙනි. එය එනමුත් මේ දේශපාලන අර්බූදයෙන් එළියට පැමිණිය හැකි විසඳුමක් නොව, රාජපක්ෂලා ඔවුන්ගේ පාලන කාලය තව වරක් දිගු කර ගැනීමක් පමණක් වනු ඇත. එහි අනෙක් තේරුම නම්, විසඳිය යුතු දේශපාලන අවුල තව වටයකින් අර්බූදයකට තල්ලූ කරන බව ය.

එවැනි සැකයක් නව දිල්ලියේ ප‍්‍රතිපත්ති තීරකයින් අතර නැතිවා නොවේ. එනිසා ලෝඩි උiානයේ දෙබස සම්පූර්ණ කළ මාධ්‍යවේදි මිතුරා අවසානයේ කියා තිබුණේ, ‘‘නමුත් ඒ නිලධාරියා අන්තිමට කිව්වේ, එම්.ආර් කරන සෙල්ලම ඉතා සංකීර්ණ වගේම, ඒක තේරෙන්නේ එයාගේ පවුලෙ අයට විතරයි’’ කියා ය. රාජපක්ෂ සෙල්ලමෙහි ඒ සංකීර්ණත්වය ලිහා ගැනීම ඇත්තෙන්ම අසීරුය. අර්බූද නිර්මාණය කරනවුන්ගේ සංකීර්ණත්වයේ ස්වභාවය එවැනි ය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    රාජපක්ෂලා ඉන්න නිසා මෙහෙම ඉන්නව.කරුමෙට හරි එදා සොරි සේකා ආව නම් වෙන දේ බල ගන්න තිබුන කාට කාටත් .

  • 0
    0

    ඇයි රනිල් හිටියනම් මෙලහකටත් ප්‍රභාකරන්ට රට පාවල දීල

    • 0
      0

      එක නම් ඇත්ත සාම ගිවිසුම් ගහලා මිනිහා අර ඇද්දේ රට කොටියට දෙන්න තමයි වැඩේ හරි ගියේ නැ..යුද්දේ කරද්දීත් මොන තරම් දේවල් අපේ රණවිරුවන්ට කිව්වද

  • 0
    0

    eda kobbakaduwata naganahira utura janatawa ponnambalam ta wada chande denakota kata kawuru pawala dunnada. dan eka ekkenata waradi patawanawa .apimai waradi karayo. ada ehenam 13 on naha .api okkoma ada sreelankikayo widiyata ekatu wela sitinawade.

  • 0
    0

    Good analyses Kusal,

    The fact we still don’t have a full-time desk at any of our universities on Indian Politics shows how historically ignorant we have become. Had we handle India properly we would been what is Singapore to China today. Sad!

  • 0
    0

    මු මේ කියන්නේ,,, රටේ යුද්දේ නැති කරලා සංවර්දනය කරන්නේ මේ රට විනාශයට තල්ලු කරන්නද? ගොන් හරක්.. කොහොමත් ඉතින් මේ වගේ [Edited out] ට ඒ දෙවල් තේරුම් ගන්න තරම් මොලයක් නැ කියන එක පුදුම වෙන්න දේකුත් නෙමේ

  • 0
    0

    රාජපක්ෂලා නැත්තන් අද අපි නෑ……රනිල් හැදුවේ අපේ රට පාවලා දීලා අපේ රටේ ත්‍රස්තවාදයක් ඇති කරලා රට කොටීන්ට දෙන්නයි හැදුවේ… රාජපක්ෂ ආණ්ඩුව මේ රට බේර ගත්තු නිසා රනිල්ට වුවමනා දේ කර ගන්න බැරි උනා.. ඒ තරහාව තමයි දැන් ඔය තියෙන්නේ….රනිල්ට කියන්න බැරි දේ තමයි වෙන අය මගින් කියවන්නේ….

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.