18 September, 2021

Blog

රජයේ වූවත් නොවූවත් අපට ඇති අයිතිය

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය තබා ගැනීම අතිශය බරපතල දෝසයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ආරක්ෂක අමාත්‍යාංශය සමගින් පොලිස් දෙපාර්තමේන්තුව තබා ගැනීම ද නොකරන්නකි. ඒ සියල්ල, ජාතික ආරක්ෂාවට අයත් නොවන ජන සමාජයේ කාර්යන් වන හෙයිනි. ආරක්ෂක සේවාවන් සතු දැඩි විනය රීති හා සීමා යටතේ ජන සමාජයේ සංවිධාන කලමනාකරණය කිරීමෙන් ජන සමාජයට තිබිය යුතු නිදහස අහිමි වන්නේ ය.

එනමුත් එළෙසින් නොතිබිය යුතු ජන සමාජයේ බොහෝ දේ මේ රටේ තබා ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිට, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, නගර සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ලංකා ලොජිස්ටික්ස් සමාගම, රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයය වැනි බොහෝ දෙපාර්තමේන්තු හා ආයතන පාලනය කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් යටතේ ය. ලේකම්ට ඉහළින් ඇත්තේ ආරක්ෂක ඇමති වන ජනාධිපති පමණි. ආරක්ෂක අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිවරයෙකු ගෙවුනු අවුරුදු 09 ඇතුළත කිසි විටෙක පත් කර නැත. එනිසා මේ සියල්ල පාලනය වන්නේ අයියා මලෝ දෙදෙනා ගෙන් මලයා ගේ මනාපයට යැයි චෝදනා නැගීම, සර්ව සාධාරණ ය.

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් මතුව ඇති ආරවුල වඩාත් බරපතල ලෙස ගණන් ගැනෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ මේ අධි බලය නිසාවෙනි. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රාජ්‍ය නොවන සංවිධාන වලට කෙරුනු දැනුම් දීම් සතු කිසිදු නීතිමය බලයක් හෝ බැඳීමක් නොවුනි. රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ප‍්‍රධානියා මගින් කෙරුනු එම දැන්වීමට අනුව මාධ්‍ය නිවේදන නිකුත් කිරීම, මාධ්‍ය හමු පැවැත්වීම, මාධ්‍යවේදීන් පුහුණු කිරීම වැනි දේ ඔවුන්ගේ නිල වාර්ෂික සැළැස්මෙහි නොමැති විට නොකළ යුතු යැයි කෙරුනු දැනුම් දීමෙහි කිසිදු වලංගුවක් ද නොවින. එනිසා ඒ සියල්ල ඉවත දමා සුපුරුදු ලෙස කි‍්‍රයා කිරීමේ අයිතිය හා බලය, සියලූ රාජ්‍ය නොවන සංවිධාන සතු විය. එනමුත් එසේ නොවුනේ, මේ ආණ්ඩුව නොයෙකුත් ආකාරයෙන් දිගු කරන සීමා තහංචි වලට අදාල නැති නෛතික බලය, ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග‍්‍රහය ඇතිව බලහත්කාර ලෙස කි‍්‍රයාවට නැගීමේ අනතුරක් ඇති හෙයිනි. එනිසා රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක හවුලක් ආණ්ඩුවේ නිවේදනයට විරුද්ධව වහා සිය සාමුහික විරෝධය ප‍්‍රකාශ කළේ ය. ඒ විරෝධය ජාත්‍යන්තර අවධානයට ද යොමු කළේ ය.

ආණ්ඩුව ඒ සමග මඳක් පසු බැස්සේ ය. දැන් කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණය සඳහා නීති ගෙනෙන බව ය. නීති මගින් බලාපොරොත්තු වන්නේද නිවේදනයේ තිබූ දේ ඊට වඩා සවිස්තරාත්මකව, පැහැදිලි අකුරින් ලියා තබන්නට ය. රාජ්‍ය නොවන සංවිධාන කොතැන කෙසේ ලියා පදිංචි කර තිබුණත් ඒවා සියල්ල නැවත රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවත් රාජ්‍ය නොවන සංවිධාන වෙත ලැබෙන විදේශාධාර අනිවාර්යෙන් පාලනය විය යුතු බවත් දැන් කියන්නේ ය. එසේ ඒවා පාලනය කිරීම, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන විට, ඒවා රාජ්‍ය නොවන වර්ගයෙන් රාජ්‍යගත තත්ත්වයට පත් වනු ඇත. ඒ කතා හමුවේ, විරෝධතා මගින් මතු කෙරුනු සියලූ කරුනු කාරණා වලංගු වන්නේය. මේ ආණ්ඩුව අත තියන්නේ මූලික අයිතීන්ට ය. ජන සමාජයේ නිත්‍යානුකූල සංවිධාන සතුව තිබිය යුතු හා මෙතෙක් තිබූ අයිතීන්ට ය. එනමුත් ඒ සම්බන්ධ ජන මාධ්‍යය මැදිහතත් වීමේ අඩුවක් ද ඇත. වැඩිමනත් වාරණ ආණ්ඩුව යොමු කරන්නේ මාධ්‍ය හා ඇති ගනුදෙනුවට ය. එසේවූවත් මේ කතාන්දරයේ මාධ්‍ය හා පුරවැසියා සතු අයිතිය අවශ්‍ය අයුරු ස්ථානගත නොවන්නේ ය. ස්ථානගත වන්නේ රාජ්‍ය නොවන සංවධාන සතු අයිතීන් පමණි.

රාජ්‍ය නොවන සංවිධාන විසින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම හා මාධ්‍ය හමු පැවැත්වීමත් මාධ්‍යවේදීන් පුහුණු කිරීමත් සීමා කිරීමට හෝ පාලනය කිරීමට ආණ්ඩුවට හෝ ආරක්ෂක අමාත්‍යාංශයට කිසිදු අයිතියක් නැත. මාධ්‍ය හමුවක කරුනු දැක්වීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකි. කරුනු දැන ගැනීම, පුරවැසි අයිතියකි. පුහුණු කිරීම් වෘත්තීය අවශ්‍යතාවක් වන නිසා, එය වෘත්තීය අයිතියකි. එබැවින් මාධ්‍යයට හරස් වීම ගැන කතා කළ යුත්තේ එය රාජ්‍ය නොවන සංවිධාන සතු අයිතියක් ලෙස පමණක්ම ඉස්මතු කිරීමෙන් නොවේ. මාධ්‍ය හා පුරවැසියා සතු අයිතියක් ද ලෙසින් ය.

ආණ්ඩුව කරන්නේ කුමක්ද, කෙසේද සහ ආණඩුව කරන හොඳ නරක, හරි වැරැුද්ද පිළිබඳව දැන ගැනීමට අයිතියක් පුරවැසියාට ඇත. එහි ප‍්‍රධාන වාහකයා මාධ්‍ය ය. මේ ආණ්ඩුව ඒ පුරවැසි අයිතිය නීතිගත නොකරන සාක් කලාපයේ එකම ආණ්ඩුව ය. එවැනි තොරතුරු දැන ගැනීමට පුරවැසියාට ඇති අයිතිය ලබා නොදෙන දේශපේ‍්‍රමී ආණ්ඩුවක් ලෙස මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කතා කරති. මේ ආණ්ඩුව සිතා සිටින්නේ ආණ්ඩුවේ සියලූ තොරතුරු ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු ලෙස රහස්‍ය විය යුතු යැයි කියා ය. සියල්ල වසා තබා ගෙන අවශ්‍ය දේ පමණක් තම පාලනය යටතේ ඇති මාධ්‍ය මෙවලම් මගින් ප‍්‍රචාරය කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොතකන මේ ආණ්ඩුවේ දේශපාලනයෙහි එක් ප‍්‍රධාන හැඩ ගැස්මකි.

එම දේශපාලනයට අනුව, රාජ්‍ය නොවන සංවිධාන නිදහසේ පැවතීම පරස්පරයකි. එනිසා රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත‍්‍රය වෙත සීමා තහංචි දිගු වන්නේ, එම ක්ෂේත‍්‍රයෙහි ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන, ප‍්‍රජා මූල ඉදිකිරීම් හා සංවර්ධන කාර්යන් වලට වඩා, ප‍්‍රජා මූල සේවා හා ප‍්‍රජා අයිතීන් සම්බන්ධයෙන් මැදිහත් වන හෙයිනි. එවැනි සංවිධාන ආණ්ඩුවේ කල්කිරියාව ගැන සොයා බලන අතර ඒ සම්බන්ධ ප‍්‍රකාශන ද නිකුත් කරති. මාධ්‍ය සාකච්ඡුා ද පවත්වති. ජිනීවා ද යති. ඒ ඉඩ ඉතිරිකර තැබුවහොත් එවැනි රාජ්‍ය නොවන සංවිධාන, ජිනීවා යනවාට අමතරව, ජිනීවා සිට මෙහි පැමිණෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයින් හමුවන්නට ද මානව හිමිකම් කොමසාරිස් විසින් පත් කළ ශී‍්‍ර ලංකාව පිළිබඳ පරීක්ෂණ කමිටුවට අදාලව අදහස්, තොරතුරු හා විස්තර මාධ්‍යයට ලබා දීමට ද පසුබට නොවනු ඇත. එබැවින් දැන් ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ එවැනි තොරතුරු සමාජයට නොලැබෙන සේ රාජ්‍ය නොවන සංවිධාන පාලනය කර තබන්නට ය. එනිසා රාජ්‍ය නොවන සංවිධාන විසින් එවැනි විෂය ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් සැළසුම් කරන කි‍්‍රයාකාරකම් හා ඒ වෙනුවෙන් ලබා ගන්නා අරමුදල් පාලනය කිරීමේ අයිතිය, මේ ආණ්ඩුව කෙසේ හෝ සියතට ගන්නට දැන් තීන්දු කර ඇත.

එවැනි අරමුදල් භාවිතය ගැන රාජ්‍ය නොවන සංවිධාන එතරම් විවෘත නැත. එයට එක් ප‍්‍රධාන හේතුවක්ව ඇත්තේ, මේ සංවිධාන ඔවුන් කතා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා වගවීමට, ඔවුන්ගේ සංවිධාන යටත් කර නොතැබීමය. ඒවායේද රජවරුන් බිසෝවරුන් ඇත. ඒවාද පවුල් වලටම බූදල් වන්නේ ය. එවැනි චෝදනා පිළිබඳව ‘‘සණස’’ රාජ්‍ය නොවන සංවිධානය සම්බන්ධයෙන් සොයා බැලූ වාර්තා මීට ඉහතින් ‘‘රාවය’’ පුවත් පත පල කළේ ය. එවැනි චෝදනා වෙනත් ප‍්‍රබල රාජ්‍ය නොවන සංවිධාන වලට හා ඒවායේ නායකයින්ට එරෙහිව ද ඉදිරිපත්ව ඇත. ඇතැම්වා අධිකරණය දක්වාම ගොස් ඇත. මේ සමාජයේ පිරිහීම සමග, ආණ්ඩු පමණක් නොව, රාජ්‍ය ආයතන පමණක් නොව, ජන සමාජයේ සියලූ අවයව, බෙලහීන වී පිරිහී යමින් ඇත.

එනිසා සිදුවිය යුත්තේ මාධ්‍ය විසින් ආණ්ඩුව, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල කි‍්‍රයාකාරකම් හා පැවැත්ම සම්බන්ධව වැදගත් තොරතුරු හා විස්තර සහිත ජන සහභාගි සංවාදයක් ගෙන යෑම ය. ඒ වෙනුවට රාජ්‍ය නොවන ක්ෂේත‍්‍රයේ කි‍්‍රයාකාරකම් හා අරමුදල් ආණ්ඩුවට රිසි සේ පාලනය කරන්නට ඉඩ දීමෙන් රාජ්‍ය නොවන සංවිධාන වෙත ඉදිරිපත් කෙරෙන චෝදනා සඳහා විසඳුම් ලැබෙන්නේ නැත. මේ ආණ්ඩුවට එවැනි විසඳුම් අවශ්‍යයද නැත. අවශ්‍ය වන්නේ සියල්ල තම පාලනය යටතට ගැනීම පමණි.

මාධ්‍යය හිමිකරුවන්ට කෙසේ වූවත් මාධ්‍යවේදීන්ට එවැනි සීමා තහංචි සමගින් ජන සමාජය පාලනය කිරීම වෙනුවෙන් හවුල් විය නොහැක. එවැනි සියලූ තොරතුරු, විස්තර, විශ්ලේෂණ හා සංවාද සඳහා අවකාශ ලබා ගැනීමට මාධ්‍යවේදීන්ට අයිතියක් ඇත. යුතුකමක් ඇත. වගකීමක් ඇත. ඔවුන් ඉන්නේ ආණ්ඩු පාලනය සහ ජන සමාජයේ පැවැත්ම පිළිබඳ සියලූ තොරතුරු, විස්තර, මතවාද, විශ්ලේෂණ හා දැනුම පුරවැසියනට ලබා දීමට ය. එනිසා ආණ්ඩුව හා රාජ්‍ය සම්බන්ධයෙන් මෙන්ම, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ද සියලූ තොරතුරු හා විස්තර, විශ්ලේෂණ හා මතවාද පුරවැසියන් හමුවේ තැබීමේ යුතුකම හා වගකීම මාධ්‍යවේදීන් සතු ය. රාජ්‍ය නොවන සංවිධාන සතු සියලූ අඩු පාඩු, ලෙඩ රෝග, මෝඩකම් පාලනය කළ යුත්තේ ආණ්ඩුවේ ඕනෑ එපාකම් අනුව නොව, මාධ්‍ය විසින් ජන සමාජය හමුවේ කරන සංවාද, සාකච්ඡුා, විස්තර කිරීම් සමගින් ය. ජන සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මෙහි එක් වැදගත් ලක්ෂණයක් විය යුත්තේ එවැනි සමාජ හැඩ ගැස්මකි.

එනමුත් අද මාධ්‍ය මගින් කෙරෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන එකතුව ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරට එරෙහිව ඉදිරිපත් කරන විරෝධය සහ ඊටත් වැඩියෙන් ආණ්ඩුවට අවශ්‍ය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ චෝදනා, අදහස් හා මතවාද ප‍්‍රචාරය කිරීම පමණි. එබැවින් රාජ්‍ය නොවන සංවිධාන සතු ‘‘වල් බූරු නිදහස’’ ගැනත් ලොකු තල්මසුන් වැනි රාජ්‍ය නොවන සංවිධාන තුනක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් මුල් පිටුවේ සිරස්තලයට නැගෙන්නේ ය. ඒ සංවිධාන කවරේදැයි නම් නොවන අතර, ඒවාට විරුද්ධව ඉදිරිපත් කෙරුනු චෝදනා නිශ්චිතව ඉදිරිපත් කෙරෙන්නේ ද නැත. එනිසා අවසානයේ සමාජ මතය හදන්නට උත්සාහ කෙරෙන්නේ පොදුවේ සියලූ රාජ්‍ය නොවන සංවිධාන එක හා සමානව දෝස සහිත යැයි කීමට ය.

එළෙස චෝදනා නගන්නේ පිරිසිදු, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් නම්, මාධ්‍යය එසේ හැසිරීමට යම් සමාවක් දිය හැක. එහෙත් මේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන චෝදනා ලැයිස්තුව තරම් දිගු චෝදනා ලැයිස්තුවක් රාජ්‍ය නොවන සංවිධාන වෙත ඉදිරිපත් කළ නොහැක. මේ ආණ්ඩුවට එරෙහිව අද ඉදිරිපත් කෙරෙන චෝදනා ලැයිස්තුවෙහි, සෙෂේල්ස් දූපත හරහා අතිශය විශාල මුදල් ප‍්‍රමාණයන් ආණ්ඩුවේ මහ බලවතුන් විසින් ස්විට්සර්ලන්ත බැංකු වෙත බැර කර ඇතැයි යන චෝදනාවේ සිට, චීන සමාගම් සමගින් කලූ සල්ලි අපුල්ලා සුදු කිරීමේ මහා ව්‍යාපෘති දක්වාත් කිසිදු පිළිගත හැකි ටෙන්ඩර පටිපාටියකට අයත් නොවන ආකාරයෙන් හා සමාජ අවශ්‍යතා පිළිබඳව කිසිදු ස්වාධීන අධ්‍යනයකින් හෝ සමීක්ෂණයකින් තොරව විදේශ ණය හා ආධාර මත මහ පරිමාණ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම, ඥාති සංග‍්‍රහයේ උපරිම පිරිහුම සමග පවුල් බලය විකාර රූපි රංගණයක් බවට පත් කිරීම, රටේ සාමාන්‍ය නීතිය සාධාරණ ලෙස කි‍්‍රයාත්මක කළ යුතු සියලූ රාජ්‍ය ආයතන දේශපාලන බලපෑමට යටත් කර ජන ජීවිතය පාදඩ දේශපාලන බලයකට යටත් කිරීම වැනි අතිශය බරපතල චෝදනා ආණ්ඩුවට විරුද්ධව දැන් දිනපතා වාගේ ප‍්‍රසිද්ධියේ කෙරෙන අතර, ආණ්ඩුවේම හවුල්කරුවෝද ඒවා නැතැයි නොකියන තැනට ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ ගැන කතා කරති.

එවැනි විටෙක, ඒ සමස්ථ පිරිහීම, සමාජ බිඳ වැටීම, වළකා ගැනීමේ වැඩි වගකීමක් බාර ගැනීමට සිදුවන වෘත්තීන් හා සමාජ ස්ථර ඇත. රාජ්‍ය නොවන සංවිධාන සතුවද එවැනි වගකීමක් ඇතත් ඉන් එක් වැදගත් හා ප‍්‍රධාන වෘත්තියක් වනුයේ ජන මාධ්‍යවේදී වෘත්තිය ය. පැරණි බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙහි තොමස් කාලයිල් විසින් මුද්‍රිත ජන මාධ්‍ය ආණ්ඩු පාලනයේ සිව් වන පාර්ශවය ලෙස තේරුම් කළ අර්ථයෙන් මිදී අද නවීන මාධ්‍ය බොහෝ දුර ගොස් ඇත. නවීන අර්ථයෙන් අද මාධ්‍ය, ආණ්ඩු පාලනයේ සිව් වන පාර්ශවය වන්නේ සංකීර්ණ ජාලයක් ලෙස කි‍්‍රයාත්මක වීමෙනි. 2006 දී ‘‘ජාල සතු වත්කම’’ ( Wealth of Networks) නැමැති කෘතිය ලියූ යොචායි බෙන්ක්ල 2011 මැයි මාසයේ දී ‘‘හාවඞ් සිවිල් ලිබටීස් රිවීව්’’ හි පල කළ නිබන්ධනයකට අනුව, සිව් වන පාර්ශවය අද සංකීර්ණ ජාලගත පාර්ශවයකි. එය නිදහස් මාධ්‍ය, ලාභ නොලබන හා අවම ලාභ ලබන සංවිධාන, විකල්ප හා විරෝධාකල්ප මත දරණ හා නොදරණ විද්වත් පරිස් වැනි විවිධාකාර කි‍්‍රයාකාරීන් හා යම් පමණකට සාම්ප‍්‍රදායික ජන මාධ්‍යයෙහි ඇ`ගෑළුම්කම් ද තනි ජාලයකට එකතුවන නව පාර්ශවයකි.

එවැනි බහුත්ව නියෝජනයක් සහිත සංයුතියක් ලෙස පැවතිය යුතු නූතන ජන මාධ්‍යයට, ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රයට යටත්ව පැවතීමේ අයිතියක්, වගකීමක් හා යුතුකමක් නැත. හැකියාවක් ද තිබිය නොහැක. එහෙත් අපේ රටේ එය එසේ වන්නේ ද නැත. එබැවින් රාජ්‍ය නොවන සංවිධාන වෙත දිගු කෙරෙන සීමා තහංචි, ජන මාධ්‍ය වෙත සහ පුරවැසියන් වෙත එල්ල කෙරෙන සීමා තහංචි ලෙස තේරුම් කෙරෙන්නේ නැත. එසේ කතා කිරීමේ නව පිවිසුමක අවශ්‍යතාවයක් ඇතත් එය සිදුවන්නේ ද නැත. එහෙත් ඒ කතිකාව ද ආණ්ඩුවේ මේ රාජ්‍ය නොවන සංවිධාන හීලෑ කර ගැනීමේ විරෝධය තුල ඉස්මතු කරගත යුත්තකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    මේ රටේ පුරවැසියා සතු අයිතිය එන්ඡීඔීවලට හිමි නැති බව මගේ මතයයි. මා එසේ පවසන්නේ මූලික කරුනුකාරනා කිහිපයක් පදනම්කරගෙනය. අපි මේ කතාකරන්නේ බටහිරයන් විසින් නඩත්තුකරන එන්ඡීඔී ගැනය. අපි මේ කතාකරන එන්ඡීඔි වලට වියදම්කරන්නේත් නඩත්තුකරන්නේත් බටහිරයන්ය. එ් අනුව එන්ඡීඔිකාරයන් යනු බටහිරයන්ගේ රූකඩය. බටහිරයන්ගේ රූකඩ සහ රටේ පුරවැසියා සමාන නොවේ

    රඡය එන්ඡීඔිවලට තහන්චි දැමීමට අරඅැන්දේ ඉහත සදහන් එන්ඡීඔිවල වැඩකිඩ නිසාය. තුන්වන ලෝකයේ රටක පුරවැසියන් එන්ඡීඔිවලින් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ඡීවිකාව උසස්කර ගැනීමට උපකාරයක්ය. නමුත් ඉහත සදහන් එන්ඡීඔී කරන්නේ බටහිරයන්ගේ දේශපාලන මතවාද ශ්‍රි ලංකාවේ පැතිරවීමය.

    අද කාලේ බටහිරයන් තමන්ව හදුන්වාගන්නේ ‘ජාත්‍යන්තරය’ කියාය. මේ ඊනියා ජාත්‍යන්තරයට අයත්වන්නේ යුද්ධය තම පැවැත්ම කරගත් අැමරිකාව ප්‍රමුඛ වසර සියගනනක් රටරටවල් කොල්ලකෑ පරන බටහිර අධිරාඡ්‍යවාදී රටවල්ය. මම ‘ඊනියා ජාත්‍යන්තරය’ යයි හැදින්වූෙය්, ලොකයේ තුනෙන් එකක ඡනගහනයක් අැති විශාලතම රටවල් දෙක වන චීනය සහ ඉන්දියාව බටහිරයන්ගේ ක්ලබ් එකේ නැති නිසාය. න්‍යස්ටික අවි අැති රුසියාවද එහි නැත. නැගී එන බ්‍රසීලයද එහි නැත. අැත්තවශයෙන්ම ලොකයේ හතරෙන් තුනක ඡනගහනය සිටින රටවල් බටහිරයන්ගේ ක්ලබ් එකේ නැත.

    ලෝකයේ කිසිම රටක් තම රටේ අභ්‍යන්තර දේශපාලනයට මිතුරු රටක්වත් අැගිලි ගසනවාට කැමති නැත. සී. අය්. එ්. ඔත්තු සේවය විසින් ඡර්මනියේ මකොල්ගේ ටැලිෆෝනය ටැප් කිරීම ඔවුන් තරයේ හෙලා දැක්කේ එ් නිසයි. කෙසේවෙතත් අැමරිකාව විසින් ස්වාධීන රටවලට කරඅැති ඡඩකම් විකිලීක් සහ ස්නෝඩන්ගේ හෙලිකිරීම්වලින් පැහැදිලිවෙයි.

    අපේ යුද්ධය අවසාන වෙද්දී ඉහත කී ජාත්‍යන්තරයේ මිලිබැන්ඩ්ලාට අවශ්‍යවුයේ LTTE නායකයින් බේරා ගැනීම බව ඔිනෑම ගොනෙක් දනී. බටහිරයන් මහින්දට කීවේ පිරාපකරන් ප්‍රමුඛ LTTE කල්ලිය තුන්වැනි පාර්ෂවයකට බාරදියයුතු බවය. බටහිරයන්ගේ කපටි උපදෙස් මහින්ද මායිම් නොකල නිසා ශ්‍රි ලංකා හමුදාවෝ LTTEය විනාශ කලෝය. එදා මහින්ද විසින් පිරාපකරන් කල්ලිය බටහිරයන්ට බාරදී ඔවුන්ගේ හොදහිත දිනාගත්තා නම් අද ‘වෝ ක්‍රයිම්’ චෝදනා නැත. නමුත් අද අප රටට ‘වෝ ක්‍රයිම්’ තිබුනත් මහින්ද ගෙනා සාමය සහ නිදහස ගැන සතුටුවෙමු. මහින්ද විසින් පිරාපකරන් කල්ලිය බටහිරයන්ට දුන්නානම් අද අනිවාර්යයෙන්ම ශ්‍රි ලංකාවේ තිබෙන්නේ බටහිරයන් අාවඩන සිරියාවේ වැනි යුද්ධයක්ය.

    අද බටහිරයන්ට අවශ්‍යවන්නේ කිවුවනෑහූ මහින්ද පලවා හැර ඔවුන්ගේ ගැත්තෙක් බලයට ගෙනඑ්මය. බටහිරයන්ට ශ්‍රි ලංකාවේ දේශපාලනය කිරීමට කිසිවිටකත් ඉඩ නොදියයුතුය. ශ්‍රි ලංකාවේ දේශපාලනය කලයුත්තේ ලාංකිකයන්ය. මහින්ද රාඡපක්ෂගේ සහ රාජපක්ෂ පරිපාලනයේ වැරදි ගැන මහඡනයා දැනුවත් කලයුත්තේ බටහිරයන් හෝ බටහිරයන්ගෙන් නඩත්තුවන එන්ඡීඔිකාරයින් හෝ නොව මහඡන චන්දයෙන් පත්වූ රටේ විපක්ෂයි.

    මහඡන චන්දයෙන් කෙලින්ම පත්වූ ඡනාධිපති මහඡනතාවට වගකිව යුතුයි. වත්මත් ඡනාධිපතිගේ රටකරගෙන යෑම බහුතර ඡනතාව අනුමත නොකරන්නේ නම් ඊලග චන්දයේදී ඔහු පරාඡය වෙයි. බටහිරයන් යුද්ධකාලයේ දුන් උපදෙස් මහින්දට මතක තිබේ උන්ගෙන් නඩත්තුවන එන්ඡීඔිකාරයින්ගේ උපදෙස් බහුබූත ලෙස ඡනාධිපති මහින්ද විසින් බැහැර කලයුතුය.

    හොදට හෝ නරකට හෝ බටහිරයන් ලෝකය පුරාම යුද්ධවලට පැටලී අැත. බටහිරයන්ගේ හමුදා ලෝකය පුරාම තමතමන්ට අවශ්‍ය තැන්වල ස්ථාන ගනකර අැත. ලංකාවේ ආරක්ෂක හමුදා රටින් පිට සිටින්නේ එක්සත් ඡාතීන් යටතේ පමණය. කිසිම රටක් සමග යුද්ධ කිරීමේ ප්‍රශ්ණයක් ශ්‍රි ලංකාවට නැත. එනිසා බටහිරයන්ගේ හමුදාවල කාර්යබාරය සහ මෙරටේ හමුදාවල කාර්යබාරයට හාත්පසින්ම වෙනස්ය. එනිසා එන්ඡීඔී පාලනය කලයුත්තේ කවුද, ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යබාරය කුමක්ද, යන්න තීරණය කලයුත්තේ මහඡන චන්දයෙන් කෙලින්ම පත්වූ ඡනාධිපති මිස බටහිරයන්ගේ ක්‍රමයට හෝ එන්ඡීඔි කුක්කන්ගේ විවේචන අනුව හෝ නොවේ.

    • 1
      0

      “මහඡන චන්දයෙන් කෙලින්ම පත්වූ ඡනාධිපති මහඡනතාවට වගකිව යුතුයි. වත්මත් ඡනාධිපතිගේ රටකරගෙන යෑම බහුතර ඡනතාව අනුමත නොකරන්නේ නම් ඊලග චන්දයේදී ඔහු පරාඡය වෙයි.”

      බණ්ඩා, ඔ‍බ ‍‍ක‍තා ‍ක‍ර‍න ව‍න ‍පු‍‍ජා‍තාන්‍ත්‍රි‍ක ‍යාන්‍ත්‍ර‍න‍ය ක්‍රි‍යාත්‍‍ම‍ක ‍‍වි‍ය ‍හැක්‍‍කේ ප්‍රජාතාන්ත්‍රික නිදහස (නීතියේ ආධිපත්‍යය, පුද්ගලික නිදහස සහ මාධ්‍ය නිදහස) යම් තරමකට හෝ ආරක්ෂා වූ වටපිටාවකයි. තම රාජකීය ඇපිටයිටයට අසාත්මික වූ හූනු බිජ්ජක් වත් ඉවසා නොවදාරන එතුමන්ලා සාමාන්‍ය ජනතාවට විෂය වන රටකජ්ජක් වත් මාධ්‍ය හරහා ලබාදෙන්න හදන එවුන්ගේ අඬු පඬු කඩා කැවුතු ඇද නිස්සද්ද කරති. එතුමන්ලා රාජශ්‍රීයෙන් විරාජමානව වැඩ හිටිනා තාක් කල් විපක්ෂයේ වැජඹෙන්නේ (නොහොත් වැජඹෙන්නට ඉඩ දෙන්නේ) ඉඳ හිට අතන මෙතන කන් කෙඳිරි ගාන්නට පමණක් දන්නා බෙලහීන ඊනියා ලීඩරයින්ට පමණි. වෙන යමෙක් ඕනෑවට වඩා ඔලුව උස්සන්ට හැදුවොත් ඌ දඟ ගෙයි දමා බෙල හිඳෙන තෙක් වණ කරති. ඉතින් “ජනතාවට” විසි හතර පැයේම ඇහෙන්නේ නැට්ට දෙපරන්දේ ගසාගෙන පන බේරාගත්තු වන්දිභට්ට නාලිකාවල ප්‍රශස්ති කන්කරච්චලය පමණක්මය (ප්‍රභාකරන් වන්නි කැලේ අපේ කොලු කෙල්ලන්ගේ මොළ හේදුවේත් ඔහොමමය). උන්ට වෙන යමක් කියා දෙන්ට හදන එවුන් කල් නොයවාම නට්ටන් කරන හෙයින් එහෙම එකක් කරන්ට පුළුවන් එකෙකුත් නැතිය (මහත්තයාට උනේ ඔය ඩිංගය). එතුමන්ලා ඔය අහරෙන් මෙහෙන් චුරු චුරු ගාන එවුන්ට චුට්ටක් නටන්ට ඉඩ දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සාම්පල් විදිහට රට්ටුන්ටත් ලෝකයාටත් පෙන්නන්ට පුළුවන් නිසාය. ඉතිං ඔබ ඔය කියන විදිහට “ඔය තියෙන්නේ (අපි හදලා දුන්නු) විපක්ෂය!! ආයේ වෙන මොකවත් මොකටද ප්‍රජාතන්ත්‍රවාදයට!” කියන කතාව පිලිගන්ට නං අපිට අමාරුය.

      • 0
        1

        ගනින්න බැරි තරම් පුද්ගලික චැනල ප්‍රමාණයක් රඡය සහ විපක්ෂය දෙපැත්තේ තබාගෙන සමාන කාලය දී සතිපතා පැය දෙකක පමණ දේශපාලන සංවාද වැඩසටහන් පවත්වාගෙන යන බව ඔබ දන්නවාද? එ් සෑම වැඩ සටහනක්ම ප්‍රකාෂ කරන්නේ සඡීවයි (live). මතකද දෙරණ නාලිකාවේ සඡීව සංවාදයකදී රඡයේ මහඅැමති කෙනෙක් සහ යූඑන්පී මන්ත්‍රි කෙනෙක් ගහගත්තා. එ් කියන්නේ සංවාද වලට විතරක් නෙවෙයි රූපවාහිනියේ සඡීව ගහගන්නත් නිදහස තිබෙනවා. හැබැයි ගහගන්න එක නම් පෙන්නුවේ නැහැ.

        රඡයේ චැනලවල විපක්ෂයට ඉඩ නැති බව අැත්ත. කිසිම රඡයක් විපක්ෂයට පාවඩ එලන්නේ නැහැ. විපක්ෂය විසින් තමම්ම පාවඩ දමා ගතයුතුයි. විපක්ෂයට පාවඩ දමා ගන්න බැරිි නම් නොහැකියාව අැත්තේ විපක්ෂයේයි. විපක්ෂය ඡනප්‍රිය නම් සහ රඡය අප්‍රිය නම් මහඡනයාට පුලුවන්නෙ රඡයේ චැනල නොබලා සිටින්නට.

        ලංකාදීප පත්තර රොත්තම රනිල්ගෙ මමාගෙනෙ. එවයෙ සිංහල පත්තරේ එක විදියකට ලියල ඉංග්‍රිසි පත්තරේ තව විදියකට ලියන බව ඔබ දන්නවාද? සිංහල පත්තරේ රාඡපක්ෂ පැත්තට ලියල සිංහලයව අන්දනවා, අැයි? නැතිනම් පත්තර විකිනෙන්නෙ නැහැනෙ. ඔබවැනි අය හිතන්නේ රාඡපක්ෂ පගා දීල තමන්ගෙ පැත්තට ලියෝගන කියල. ඉංග්‍රිසි හෙඩිමෙ අනිත් එවුන් අන්දනවා. පත්තර විකුන ගන්න කරන කපටිකමේ සීමාවක් නැහැ.

        දැන් බලන්න. ඡනාධිපති ක්‍රමය නැති කරන්න එක් අපේක්ෂකයෙක් ඉදිරිපත්කරන්න ඔීනෑ යයි හඬ නගන සෝභිත හාමුදුරුවන් සංවිධාන කල කොළඹ නව ටවුන්හෝල් එකේ තිබූ රැස්වීමට රනිල්, චන්ද්‍රිකා, හදුන්නෙත්ති(JVP), ෆොන්සේකා, සම්බන්දන්, සුමාන්තිරන් පමණක් නොවෙයි, ශිරාණි බන්ඩාරනායකත්, එන්ඡීඔි කාරයොත්, යුනියන් කාරයොත්, ශිෂ්‍ය නායකයොත් සහභාගි උනා. රඡය එම රැස්වීම කඩාකප්පල්කලාද? නැහැ. සෝභිත හාමුදුරුවොයි සරත්චන්ද්‍ර මහත්තයයි රැස්වීම්් තියලා ගුටිකාලා අපේ ගමේ අැවිල්ලා හැංගිලා හිටියෙ ඡේඅාර් රඡ කරපු කාලෙදී. අද එහෙම නැහැ. ඔිනෑ කෙනෙකුට රැස්වීමි තියත හැකියි. ප්‍රශ්ණය මිනිස්සු ගෙන්න ගන්න එකයි.

        ඔබ වැන්නන් බලාපොරොත්තු වෙන්නෙ මහින්ද රාඡපක්ෂ විපක්ෂයෙ රැස්වීම් වලට මිනිස්සු ගෙනත් දියයුතුයි කියල.

  • 1
    0

    ස‍ජී‍වී ‍හරි අජීවී හරි (බාගෙට ජිවී හරි) ‍ආන්‍‍ඩු‍‍යි-“‍පාන්‍‍ඩු‍‍ව‍යි”, ‍‍කෝ‍ලිත්‍‍තං‍ ‍වෙ‍වී ‍දෙන්‍‍න‍ට ‍දෙන්‍‍නා හං‍‍කි‍ති ‍ක‍වා ‍ගැ‍නී‍ම‍යි ‍‍හු‍ර‍ත‍ලේ‍ට ටො‍කු ‍ඇ‍න‍ගැ‍නී‍ම‍‍යිද ‍හත්වලාමේ “ප්‍රජාතන්ත්‍රවාදය” කියන්නේ? තේරෙන්නෙම නැත්තං, ඔය තමුන්නැහේ කියන “රනිල්ගේ”පත්තර තමයි අපි අර වලියක් දා මතක් කරපු “නැට්ට දෙපරැන්දෙ ගහගත්තු පත්තර”. ඔය කී-නොකී මොන පත්තරේක උනත් එතුමන්ලාට යන්තං හරි කැහිල්ල හැදෙන කංකුන් කෑල්ලක් වත් අද පල වෙනවද? ලංකාවේ වැඩි හරියක් මිනිස්සු කියවන්නේ සිංහල පත්තර. ඉතිං ඉංගිරිසි පත්තර කියවන සියට ඩිංග ගැන එතුමන්ලා කරදර වෙන්නේ මොකටද? මෙලෝ යකෙකුට කියවන්න බැරි නාගර වලිං එතුමන්ලාට විරුද්දව අම්ම මුත්තා පැටිකිරිය ගිනිපත්තන් වෙන කුණුහබ්බ ලිව්වත් එතුමන්ලාට මොකෝ! ඉංගිරිසි පත්තර කිව්වා උනත් කොයි ඉංගිරිසි පත්තරේද, කොයි ටෙලිවිසමද, කොයි වෑර්ලස් එකද ‍ආ‍යි‍බෝං‍ කටක් ඇරලා එතුමන්ලාට විරුද්දව මොකවත් කියන්ට හයියක් තියෙන්නේ? තිබ්බේ එකයි, එකත් කරගෙන ගිය මිනිහට හද්ද පට්ට දවාලේ වෙඩි තියල මරල දැම්මා. වැඩේ කරලා දුන්නු එකා ඉස්ටෙජ් උඩ නැගගෙන කියනවා “අඩෝ දැක්කද අපි දෙන බෝනස්? අනිත් එවුන්ටත් ඕනැ නං කියපියව්” කියල. එතකොට එතුමන්ලා කියනවා “අනේ ඔය එයාගේ ජෝක්ස් මෙයා! ගනං ගන්ඩ එපා” කියල. ඔය අපි කිව්ව පත්තරෙත් ඔය ජරමර වලිං පස්සේ ඇස්වහක් කටවහක් නෑ, කටක් ඇරලා එතුමන්ලාට මොකවත් කියන්නේ නෑ. කිව්වොත් ඉඳ නිටලා ලාවට වගේ කියන්නේ එතුමන්ලාගේ පහල තට්ටුවල කාරිය කරවනලාට අදාළ පොඩි පොඩි හුට පට. එතකොට එතුමන්ලා පැනලා පිහිට වෙනවා. ආන්න!! කාටද ගවුරවේ! අනික, දවල් රෑනොබලා හිටි පිනුම් බඩ පිනුම් පනිමින් අඩව් කස්තිරම් අල්ලමින් උපවාස අපවාස කරමින්, සිංදු කියමින් ගස් බඳිමින් ජනතාවට විහිළු සැපයීම සඳහා මිනිස්සුන්ගේ වියදමින්ම මිනිස්සුන්ට කෝලමුන් සපයා තිබෙද්දී ඉංගිරිසි පත්තර වලට ලියන්ටම ඕනැ නං උන් ගැන ලියන්ට බැරුවය! ඒක නෙවෙයි මම මේ අහන්ටම කියල හිටියේ ආ‍යි‍බො‍වං‍ එතකොට අර එතුමන්ලාට අරක මේක කියාපු “පෙඩරිකා ජෑම්” ද කවුද කියන ඇහැට කනට පේන අම්මණ්ඩිට ගහලා පන්නලා ඒ සබ්බ සේසතම සල්ලි දීලා ගත්තු අසංග සෙනෙවිරත්න කියන යෝදයත් රනිල් උන්නැහේගේ බෑනෙක්ද හැබෑට?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.