26 April, 2024

Blog

රටම ගව මස් නොකෑවොත් ?

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

ජාතික හෙළ උරුමයෙන් ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකු ලෙස පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවට තේරී පත් වූ, තම ගම් ප‍්‍රදේශය අත හැර යන්නට සිදු වීම නිසා සභාවේ රැස්වීම් වලට සහභාගී වන්නට නොහැකි විනැයි ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ධුරය අහිමි වූ සහ පසුව වීරකැටිය මහේස්ත‍්‍රාත් උසාවියේ අපරාධ නඩුවක් ද පවරා ඇතැයි වාර්තා වන ඉන්ද්‍රරතන යැයි සිවුරු පැළඳි කෙනෙකු, ගව ඝාතනය තහනම් කිරීමට යැයි බල කරන්නට පසු ගිය වෙසක් පොහෝ දින දළදා මාළිගාව අභියස ගිනි තබා ගත්තාට පසු, දුර බැහැර පළාත් පාලන ආයතන කිහිපයක, ගව ඝාතනය නතර කිරීමේ යෝජනා මේ වන විට සම්මත කර ඇත.

මේ ගෞතම බුදුන් ගේ දේශය යැයි උදම් ඇණුවත් මෙරට සියල්ලන් කැසිනෝ, රාතී‍්‍ර සමාජ ශාලා ඇතුලූ සියලූ දුසිරිතයෙන් වැළකිය යුතු යැයි වැරදිලාවත් නොකියන මේ සිවුරු පැළඳි පෙළහර, ගවයින් ඝාතනය කිරීම පමණක් සහමුලින් තහනම් කිරීමට යැයි ආණ්ඩුවට බල කරති. ගව ඝාතනයට විරුද්ධ පැරණි හින්දුවාදී තර්ක සහ සත්ව කරුණාව වෙනුවට, ගව මස් වෙළඳාම මුස්ලිම් ප‍්‍රජාව බහුලව යෙදෙන ව්‍යාපාරයක් නිසා, සිංහල බෞද්ධ කණ්ඩායම් එම සටන් පාඨය ඔවුන්ගේ අතට ගෙන ඇතැයි, පොදු මතයක් වේ.

කිරි හරකුන් සහ ගවයින් සංඛ්‍යාව

ඒ තොරතුරු, තර්ක විතර්ක මොහොතකට පැත්තකින් තබා, මේ රටේ ගව ඝාතනය සහමුලින් තහනම් කරන්නට මේ ආණ්ඩුව පියවර ගත්තේ යැයි අප උප කල්පනය කළහොත්, ඊළගට ඇති විය හැකි හරක් ප‍්‍රශ්නය කෙබඳු විය හැකි ද ?

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ පරිසර හා කෘෂි සංඛ්‍යාන අංශයේ දත්ත වලට අනුව, 1989 දී දස ලක්ෂ 2.2 ක් වූ සමස්ථ ගවයින් සංඛ්‍යාව, 2006 වන විට දස ලක්ෂ 1.22 දක්වා පහත වැටී ඇත. ඒ සම්බන්ධයෙන් වන ඔවුන්ගේ 2003 සිට දත්ත පහත අයුරු ය. මේ වන විට ආණ්ඩුව කිරි නිෂ්පාදනය දියුණු කිරීමට පියවර ගන්නා බව ද ඒ අනුව, 2011 අවසන් වන විට, ගව ගහණය නැවත වැඩි වී ඇතැයි ද සඳහන් වේ.

මෙම දත්ත වලට අනුව, 2003 වසරේ දී කිරි දොවන හා වෙනත් දෙනුන් ද ඇතුලූ මුලූ දෙනුන් සංඛ්‍යාව වූයේ 6,96,800 කි. එය 2006 වන විට 7,46,060 දක්වා වැඩි වී තිබිණ. ඊට අමතරව පසු ගිය වසර කිහිපයේ ආණ්ඩුව විසින් ඕස්ත්‍රේලියාවෙන් දියුණු දෙමුහුන් කිරි දෙනුන් ආනයනය කළේ ය. එම සංඛ්‍යාව 2,000 ක් යැයි වරෙක වාර්තා විය. නැවත නැවත එළෙස කිරි දෙනුන් ආනයනය නොකරන්නේ නම්, මෙරට දෙනුන්ගේ මේ වැඩි වීම අනුව, 2020 වසර වන විට මුලූ දෙනුන් සංඛ්‍යාව 8,70,000 ක් පමණ වනු ඇත. ඒ ආකාරයෙන්ම ගවයින් හා වසු පැටවුන් ද වැඩි වනු ඇත.

මේ 2013 වසරේ සිට අප ගව ඝාතනය සහමුලින් තහනම් කළහොත්, ඉදිරි වසර වල නොමරා ඉතිරි වන ගවයින්, වසු පැටවුන් සහ කිරි දෙනුන් ඇතුලූ මුලූ ගව ගහනය 2020 වසර වන විට 14 ලක්ෂ 50,000 ක් පමණ විය යුතු ය. ඉන් කිරි නිෂ්පාදනය සඳහා නඩත්තු කෙරෙන කිරි දෙනුන් ගේ සංඛ්‍යාව වන 08 ලක්ෂ 70,000 අඩු වූ විට, කිසිදු ආදායමක් නොලබා 05 ලක්ෂ 80,000 ක් ගවයින් මේ රටේ ග‍්‍රාමීය කිරි ගොවියන් විසින් වසරක් පාසා වසර ගණනාවක් ඉදිරියට නඩත්තු කළ යුතු ය.

ඒ සියල්ල සමග මතු වන බරපතල ප‍්‍රශ්න දෙකකි. එකක්, දැනට ඉන්නා ලක්ෂ 12 ක් පමණ වන ගවයින් හරියාකාරව කෑම දී නඩත්තු කෙරෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය තණ බිම් හෝ ආදේශක ආහාර ඇත්තේ ද නැත. කිරි ගොවියන් යනු මේ රටේ දුප්පත් පිරිසකි. ලෝක ආහාර සංවිධානය 2007 දී කර ඇති සමීක්ෂණයකට අනුව, පොල් ති‍්‍රකෝණයේ සහ කන්ද උඩරට හැර සෙසු සියලූ පළාත් වල සියයට 70 ක් පමණ ගවයින් ඇති කෙරෙන්නේ නිදහසේ අත හැර දැමීමෙනි. දැනට ඇති මුඩු බිම් ද ඉදිරි වසර වල දී වැඩි වැඩියෙන් මිනිසුන්ගේ පදිංචි හා වගා බිම් බවට පත් වන විට, ගවයින් සඳහා කෑමට තණ බිම් සොයා යන්නට සිදු වන්නේ පිට රටට ය. ඒ වන විට තණ කොළ ආනයනය කරන්නට ද සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ට සිදුවිය හැක.

ඒ සමග අනෙක් බරපතල ප‍්‍රශ්නය වන්නේ, මහ`ඵ ගවයින්ට වැඩිහිටි ගව ගාල් නොමැති කම ය. යාන්තමින් දෙකොණ ගැට ගසා ගන්නා දුප්පත් ගොවියනට, මහ`ඵ හරක් නඩත්තු කිරීමේ වියදම දරන්නට ද නොහැක. එනිසා ගව ඝාතනය තහනම් කළ පසු ඉතිරි වන ඉතාම බරපතල ප‍්‍රශ්නය වනුයේ කිසිදු ආදායමක් උපයා දීමට යොදා ගත නොහැකි මහ`ඵ ගවයින් නඩත්තු කිරීමේ වියදම දරන්නේ කවුරුන් ද යන්නයි.

අයාලේ යන ගවයින් 50,000 ක් වියළි කලාපයේ බොහෝ වනාන්තර විනාශ කිරීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිවක් නොකරන බවට පරිසර සංවිධානයක් විසින් එම දෙපාර්තමේන්තුවට චෝදනා නගා තිබුණේ මීට දෙසතියකට පමණ ඉහතින් ය. මාදුරුඔය ජාතික වනෝiානය තුලට ගවයින් 8,000 ක් දක්කා ගෙන ගියේ යැයි චෝදනා මත ප‍්‍රාදේශීය සභා උප සභාපතිවරයෙකුට සහ තවත් 05 දෙනෙකුට උසාවියේ පෙනී සිටින ලෙස, දෙහිඅත්තකණ්ඩිය මහේස්ත‍්‍රාත්වරයා විසින් සිතාසි නිකුත් කර ඇත.
එනිසා වසර 2020 වන විට ආදායමක් ලැබිය නොහැකි 05 ලක්ෂ 80,000 ක් ගවයින් දිගේලී කිරීමට සිංහරාජයවත් ඉතිරිව තිබෙණු ඇති දැයි අසන්නට සිදුවන්නකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    සැබෑව,සැබෑව.ඔබ වැනි පුද්ගලයන්ද මහලු වූ විට -පෙනෙනා සැටියට දැන්මම-ගත හැකි පල ප්‍රයෝජනයක් නැති බැවින් ද ,රටට නඩත්තු කිරීමට අපහසු බැවින් ද,ඔබ විසින් එවැනි නඩත්තු කිරීමට අපහසු ගවයින්ට කිරීමට යෝජනා කරනා දෙය ඔබටත් කිරීමම සුදුසු බව සිතේ.බොහොමයක් කල් තමන්ගේ ජීවිකාව සඳහා උපකාර කළ සතුන්ට වයසට ගිය පසු ඔබ කිරීමට යෝජනා කරනා දේ කිරීම ඉතා අගනා කළගුණ සැලකීමකි.ඔබගේ දරුවන්ද -සිටීනම්- එය ඉතාමත් අගය කරනු ඇත.තවද ඔවුන් එය ඔබ සඳහාද ආදර්ශ කර ගන්නේ නම් එය රටටම නොව මුළු ලොවටම ඉතා අගනා ආදර්ශයකි.ඔබ වැනි නාකි පුද්ගලයන්ට බෙහෙත් හේත් මුදලට පවා සිදු කිරීම ජාතික අපරාධයක් නොවන්නේද?ඒ බෙහෙත් වලට වැයවන මුදල් වලින් මගින් රටේ ශ්‍රම බලකායට දායක වන ජව සම්පන්න තරුණයන් ට උපකාරයක් කළ හැකි නොවන්නේද?ඔබ වැනි නාකින් උදෙසා වැඩිහිටි නිවාස නම් හරක් ගාල් තැනීම ඉඩම් අපතේ හැරීමකි.තවද ඔබ වැනි නාකින්ට කාමරයක් හෝ අඩුම තරමේ ඇඳක් පවා වෙන්කිරීම,වටිනා ගස් කපා සාදන මිනී පෙට්ටියකට මුදල් වෙන්කිරීම පවා නිරර්ථක වැඩකි.වෙඩි උණ්ඩයක් තරම්වත් වියදමක් ඔබ වෙනුවෙන් දැරීමම මහත් අපරාධයකි.රටේ ජව සම්පන්න තරුණයන්ට ශක්තිය සැපයිය හැකි කෑම පවා ඔබ වැනි නිරර්ථක කතා කියනා [Edited out] වෙන් කිරීම මහත් අපරාධයක් නොවන්නේද?රට වටේ මහා මුහුදක් ඇත,පැන්නොත් අඩුම තරමේ අනික් මිනිස්සුන්ට කරදරයක් නොවී ,මාළුන්ට ආහාරයක් වී ධීවර කර්මාන්තය නගා සිටුවීමට ඔබගේ නාකි කයට අවස්ථාවක් ලැබෙනු ඇත.සිතා බලනු මැන.

  • 0
    0

    The case against the ban on slaughter is because beef is consumed by a segment of the population. People started eating meat when there was a shortage of food during certain times when there were famines. In China where famines were regular people ate any animal including snakes, frogs, etc. There is a case for avoiding all meat and fish and becoming vegetarians because killing animals is considered undesirable or sinful by many eastern religions.But why haven’t States not enforced it? Firstly because it is difficult to enforce such a ban for there will be illicit slaughter which may be unhygienic and spread disease. Secondly it is not a function of the State. The State cannot do everything that the people want. Wimal Weerawansa signed a petition to abolish the 13th Amendment.Why not sign a petition to do away with the revise electricity tariff or to do away with all indirect taxes? If the government in a democracy is to give in to all demands of the majority of people then a state cannot function. Democracy cannot mean that people take the decisions of the State. That is a prescription for anarchy. It seems to me that these monks want to create anarchy.

    • 0
      0

      Fishing banned in certain period to prevent depletion. So slaughter of cattle altogether may revive some species extinct now not all cow gives milk not all bulls are kept as studs consumption of beef is not static it fluctuates with the availability of fowl and fish. Religion shouldn’t dictate animal husbandry. Can anyone explain what is the logic of bringing down cows from Oz not camels? It is mere religious fanaticism!

  • 0
    0

    Correction: ‘slaughter of cattle altogether’
    should be read with selective slaughter, culling!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.