1 October, 2020

Blog

විනාශකාරී ප‍්‍රතිවිපාක: ගෝඨා සහ අපරාධකාරයන්ගේ කෙම්බිමක්

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

ශ‍්‍රී ලංකාව අද වන විට ‘සාමයේ පූර්ණ ප‍්‍රතිලාභ’ භුක්ති විඳින්නේ යැයි, කොතලාවල ආරක්ෂක කටයුතු පිළිබඳ ‘විශ්ව විද්‍යාලයේ’ දී කතාවක් පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ පැවසීම, ඕනෑම දිනක මේ රටේ පුවත්පතක ශීර්ෂ පාඨයක් ගෙන බැලූවොත් බොරුවක් වන්නේය.

නීතිය හා සාමයේ පූර්ණ ගරාවැටීම

පැහැදිළිවම, ඉහළ පෙළේ ‘ත‍්‍රස්තවාදී’ සිදුවීම් ගැනවත්, ‘සිවිල්-හමුදා’ ක‍්‍රියාකාරකම් වේශයෙන් උතුරු නැගෙනහිර පෙදෙස්වල කෙරෙන උග‍්‍ර හමුදා ආක‍්‍රමණිකත්වය ගැනවත් මම මෙහිදී කතා නොකරමි. මේ වනාහී, දකුණේ තත්වය හෙවත් ‘සාමාන්‍ය’ නීතිය බලපැවැත්වීමට අදාළව කෙරෙන සළකා බැලීමක් පමණි. උදාහරණයක් වශයෙන්, සිය දියණියගේ විවා මංගල්‍යය සඳහා වන රුපියල් මිලියන ගණනක මුදලක් රැගෙන යමින් සිටි ව්‍යපාරිකයාගේ පවුලේ සාමාජිකයන්ව පසු ගිය සෙනසුරාදා ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් කොල්ලකනු ලැබීම, ආරක්ෂක ලේකම්වරයාගේ හිත සනහන ඉහත කී මායාව සමග පෑහෙන්නේ නැති බව පෙන්වා දිය හැක. පැහැදිළිවම එම සිද්ධියෙන් ක්ෂතියට පත්විණැ යි සිතිය හැකි එම ව්‍යාපාරිකයා ඉන් වැඩි දවසක් නොගොස් හෘදයාබාධයකින් මියගියේය. මෙවැනි සිදුවීම් අසාමාන්‍ය නැත. නිතරම පාහේ දෛනික ප‍්‍රවෘත්ති වාර්තාවන්ට ඒවා ඇතුළත් වෙයි.

හැබෑ ප‍්‍රශ්නය වන්නේ, එවැනි සිදුවීම් ඇති වීමම නොව, ඒවා විසඳීමට පොලීසිය මුළුමණින්ම අසමත් වීමයි. එදා යුද්ධය පැවති ඉතා දරුණු වකවානුවේ පවා රටේ සාමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක වීම, උසස්ම මට්ටමේ නොපැවැත්වුණත්, අද තරම් නීතිය හා සාමයේ පිරිහීමක් කිසි දවසක මෙරටේ දකින්ට ලැබී නැති බව කිව යුතුය. වඩාත් උත්ප‍්‍රාසාත්මක වන්නේ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නීතියෙන් ගැලවී මෙවැනි අපරාධවල යෙදෙන තත්වයක් වැඩියත්ම දකින්ට ලැබෙන්නේ, යුද්ධයෙන් පසුව වීමයි.

නීතියට අතපෙවිය නොහැකි බලගතු පොලිස්කාරයෝ

කොන්ත‍්‍රාත්තුවක් මත ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ බිහිසුණු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන වාස් ගුණවර්ධනව පසුගිය දා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය, දේශපාලනික බලපුලූවන්කාර පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් හුදෙක් ලාභය සඳහාම අපරාධ ක‍්‍රියාකාරකම්වල යෙදෙන සාමාන්‍ය රටාවේ එක් නිමිති අවස්ථාවක් පමණි. මොහු අතීතයේදීත්, කුරිරු වධබන්ධන සහ ඝාතනවලට පෙළඹවීම් සහ ඒවා වහංගු කිරීම් සම්බන්ධයෙන් විවිධ චෝදනා ලැබූවෙකි. එහෙත් බලගතු තැන්වලින් ලද අනුග‍්‍රහය නිසා කිසි විටෙක ඔහුව නීතිය ඉදිරියට ගෙනාවේ නැත. තමා මිනීමරුවෙකු බවත්, තමාට එදිරිවන ඕනෑම කෙනෙකු ගැන වගබලා ගැනීමට, නිදහස් වීමෙන් පසු තමන් පසුබට නොවන බවත්, මේ සිද්ධියට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරියාට ඔහු විසින්ම තර්ජනය කොට සිටීම, මේ නිලධාරියා කොතෙක් නීතියේ රැහැනෙන් විනිර්මුක්ත පුද්ගලයෙකු දැ යි පෙන්වන කදිම නිදසුනකි. කෙසේ වෙතත්, මේ සිද්ධිය පවා, ඒ ගැන දැනට ඇති මහජන උනන්දුව මැකී යන විට, ඉබේම පැත්තකට වීසි වී යනු ඇතැ යි බොහෝ දෙනා නරුම ආකාරයකින් හෝ සැක කිරීම, ඇත්තෙන්ම අස්වාභාවික නැත.

ඒ නිසා, යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාව, ආරක්ෂක ලේකම්වරයා පෙන්වන්ට තැත් කරන ආකාරයේ සාමකාමී පාරාදීස දීපයකට වඩා, ඉතා දරුණු ආකාරයේ දේශපාලක-සාපරාධීත්වයේ කෙම්බිමකට සමීප වෙයි. මේ නිසා, පොලීසිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තබා ගැනෙන්නේ ‘ජාතික ආරක්ෂක මුලෝපායක’ අංගයක් වශයෙනැ යි එම කතාවේ දීම රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා පැවසීම, මොන විදිහකින්වත් කෙනෙකුට ඒත්තු යන තර්කයක් නොවේ.

ඔහුගේ මෙම ස්ථාවරය, මේ කොලමේ මීට පෙර පෙන්වා දී ඇති පරිදි, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශවලටත් කෙලින්ම පටහැනිව පවතී. එම නිර්දේශ යෝජනා කෙරුණේ වාර්තාවේ පිටු පිරැවීමට නොවේ. හමුදා ව්‍යුහය තුළ තවදුරටත් නොරැඳී සිවිල් අධිකාරියක තත්වයට පොලිස් දෙපාර්තමේන්තුව පත්විය යුතුව ඇතැ යි එම කොමසාරිස්වරුන් යෝජනා කෙළේ ඉතා යහපත් හේතු පෙරදැරිවයි. පොලීසියට ආරෝපණය වී ඇති හමුදා ප‍්‍රතිරූපයෙන් අත්මිදී මහජන ප‍්‍රසාදය දිනා ගැනීම, පොලිසිය තුළ සිවිල් අධිකාරිය යළි ස්ථාපිත කිරීම සහ පොලිසියේ අභ්‍යන්තර විනය පාලනය ප‍්‍රතිසංවිධානය කිරීම වැනි හේතු ඊට පෙරදැරි වූ බවට සැකයක් නැත.

ලොමු දැහැගන්වන දණ්ඩමුක්තිය

පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ විනය පාලනයක් කොහෙත්ම පාහේ නැති කම, ශ‍්‍රී ලංකාවේ නීතිය හා සාමය පිරිහීම කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වීමට බලපෑ එක් හේතුවකි. 2008 පෙබරවාරි මාසයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්ටන් එම සභාව හමුවේ, ශ‍්‍රී ලංකා පරිපාලන වාර්තාවක තොරතුරු ඉදිරිපත් කරමින් මේ කරුණු පෙන්වා දුනි:

‘‘දෙපාර්තමේන්තු ඇතුළේ කෙරෙන විනය පරීක්ෂණ මුළුමණින්ම පාහේ ක‍්‍රියාත්මක වන්නේ පහළ ශ්‍රේණිවල නිලධාරීන්ට එරෙහිවයි. පොලීසියේ පහළ නිලධාරීන් විසින් කරනු ලබන වධබන්ධන සහ ඝාතන සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්, විනයානුකූලව හෝ අපරාධ තලයක දී, වගවීමට බැඳෙන්නේ නැත. එය, දෙපාර්තමේන්තු අභ්‍යන්තර පරීක්ෂණ ක‍්‍රියාවලීන්ට මෙන්ම, බාහිර අධිකරණමය ක‍්‍රියාවලීන්ට ද බලපාන සත්‍යයක් වන්නේය. 2001 දී පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ල කරන ලද දෝෂදර්ශන සම්බන්ධයෙන් සියයට 86 ක්ම වැරදිකරුවන් කොට ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන්ව ය. පොලිස් අධිකාරීවරුන්, සියයට 0.04 ක් පමණි.’’

මේ විශේෂ නියෝජිතයා 2005 දී එම වාර්තාව ලියන අවස්ථාවේ තිබුණු ලංකාවේ තත්වය අද වන විට ඊට වඩා සිය ගුණයකින් උග‍්‍ර වී ඇත. පොලිස් දෙපාර්තමේන්තුව එක පැත්තකින් දේශපාලනීකරණය වීමත්, තවත් පැත්තකින් හමුදාකරණය වීමත් නිසා රටේ ජනයාට ඇති කෙරෙන අහිතකර බලපෑම කොතෙක් ද යත්, අද වන විට, සාමාන්‍ය මිනිසාට පමණක් නොව, ආර්ථික වශයෙන් බලවත් පුද්ගලයන්ට පවා පොලීසියේ මැරවර බලයෙන් නිදහස්ව ජීවත් වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත. ඊටත් වඩා, දණ්ඩමුක්තිය හෙවත් නීතියෙන් ගැලවී නිදහසේ අපරාධ කිරීමට කෙනෙකුට ඇති හැකියාව නිසා මේ තත්වය තවත් දරුණු කෙරේ. යකඩ පොලූ මුගුරු සහ බයිසිකල් චේන් අතැතිව මහ දවල් කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩාවැදී පහර දුන් කිසි මැරයෙකු මේ දක්වා පොලීසියෙන් අත්අඩංගුවට ගෙන නොතිබීමෙන් පෙනී යන්නේ එයයි. මතුවට ද ඒ සිද්ධිය ගැන සාධාරණ පරීක්ෂණ පැවැත්වෙතැ යි විශ්වාස කළ නොහේ. වඩාත් බියකරු ප‍්‍රවණතාව වන්නේ එයයි. එම සන්දර්භය තුළ, ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලීසිය කෙරෙහි ඉටු කරතැ යි කියන අධීක්ෂණ කාර්ය භාරයේ සාර්ථකත්වයක් ගැන ලේකම්වරයා කෙසේ නම් වහසි බස් කියන්න ද?

නිහඩව සිටීමේ විනාශකාරී ප‍්‍රතිවිපාක

වසර කිහිපයකට පෙර ව්‍යවස්ථානුකූලව පත්කරන ලද ‘ජාතික පොලිස් කොමිසම’ මගින් පොලිස් දෙපාර්තමේන්තුව විනයගත කිරීමට තැත් කළ අවස්ථාවේ, පොලීසිය (විශ‍්‍රාමික සහ සේවයේ නියුතු බලධාරීන්) මෙන්ම, බලය හොබවන දේශපාලඥයෝ ද ඊට බලවත් සේ විරෝධය පෑහ. අනතුරුව, ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් එම කොමිසමට සාමාජිකයන් පත්කිරීම හරහා එම කොමිසම සතුව එතෙක් පැවති සුපිළිපන් භාවයේ ශ්ලේෂ මාත‍්‍රයක්වත් ඉතිරි නොවන තැනට කටයුතු කෙරිණ. අවසානයේ දී, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමත් සමග, පොලිස් දෙපාර්තමේන්තුව ගැන කෙරෙන මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම කොමිසමට එතෙක් පැවති බලය සරුවපිත්තල ආභරණයක් පමණක් බවට පත්කෙරුණි. පාතාල කල්ලි සහ හමුදා අපරාධකරුවන් සමග අත්වැල් බැඳගෙන සාපරාධී ක‍්‍රියාවන්හි නිරත වන, දේශපාලනික වශයෙන් බලවත් සහ අන්ත ¥ෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට මොනම බලයක්වත් අද පවතින ‘ජාතික පොලිස් කොමිසමට’ නැත.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පෙලෙන මායාවට ප‍්‍රතිපක්ෂව වර්තමානයේ සැබෑ තත්වය වන්නේ, සරළ වැදගත්කමේ සිට බරපතල වැදගත්කමකින් යුත් සිදුවීම් දක්වා ක‍්‍රියාත්මක විය යුතුව ඇති රටේ නීතිය හා සාමය පොදුවේ වල්වැදී ඇති බවයි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට, මේ පාලකයන් විසින් නිර්දය අන්දමින් ‘ජාතික පොලිස් කොමිසමේ’ තටු කපා දමද්දී නිහඩව සිටි රටකට, මෙවැනි වන්දියක් ගෙවන්නට සිදුවීම ස්වභාවිකයි. ගතවන සෑම මොහොතක් පාසාම, ඒ විනාශකාරී ප‍්‍රතිවිපාකවලින් විඳවීමට, අප ඕනෑම කෙනෙකුට සිදුවිය හැකිය. සැබවින්ම, අද පවතින යථාර්ථය වන්නේ එයයි.

*Catastrophic Results: Gota And A Haven For Criminals ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    The DIG Vass not limited to one murder,He had close relation with Gota, entire people have doubt gota also involved lot of crimes & gota also taking lot of money & valuable things from millionaires. Some as gift & forcefully.Mahindas failure starting from the family as CBK had same problem with the Ratwatte family. The opposition very silent is the major weakness to country. This the good time to bring the picture to Parliament with the no confident motion.They must bring the no confident motion to speaker long time before. Ranil is well paid. Only Lankaenews & Colombo telegraph highlighted to the local nation.

  • 0
    0

    Who is responsible for the dangerous situation in the Country today? Didn’t it start after the democratic Sri Lanka was turned into a corrupt, lawless Banana Republic? Your guess is good as my. It is about time that those who really love our mother Lanka join hands to save the Country.

  • 0
    0

    ආරක්ෂාක ලේකම්වර යා සිහින ලෝකයක් මවා පානවනම් කවදාත් එතුමාට මේ රට යුද්දයෙන් බේර ගන්න හැකිවන්නේ නැ… ඇයි කව්රුත් යුද්දේ න්, කොටි අපේ රටේ මිනිස්සු දහස් ගණනක් මරණ කොට රටේ ආරක්ෂාව ගැන කතා කලේ නැත්තේ ???…එතකොට තමුසෙලගෙ කටවල් කෝ ???මේ වගේ වාර්තා කෝ ???රටේ සිදුවනන අපරාද වලට මෙතුමා වගකියන්න ඕනේ,කියන්නේ අපේ රටෙ යුද්දය නැති කරපු නිසාද ???

  • 0
    0

    රටේ අපරාද වෙන්නේ මේ රටේ ඉන්න අපේම වරදින් ඒවට නයකයෝන්ට බෑනල වැඩක් නෑ,ශ්‍රී ලංකාව සුර පුරයක් නෙවි උනත් ඉස්සර තිබුන අපායේ නෙවි අපි දැන් ඉන්නේ. ඒවා පේන්නේ නැද්ද, මේ මෝඩයන්ට බොරුවට කෑ ගහනවා,රටේ තියන තත්වේ කාටවත් හංගන්න බැ වගේම තමයි එහෙම කාටවත් උවමනාවක් නෑ.මුන් නම් මහා මී හරක්,ඒ මදිවට රටේ මාධ්‍ය හරහා ජනතාවටත් විෂබීජ දානවා.

  • 0
    0

    ඔහොම යන අක්කේ..ඔයාව රනිල් මාම නම් සුවර් එකටම රට නම් යවනවා .කඩේ යෑමේ අංක එක ඔයාට හිමිවෙනවා .මගේ සුබ පැතුම්.මතක් කරලා ස්විට්සාර්ලන්තෙටම ඉල්ලගන්න හොදද.සීතලයිනෙ එහෙ.

    • 0
      0

      සීතල නිවන්න මම එන්නද නංගී.

      • 0
        0

        මචෝ උබට යන්න දෙන එකක් නැති වෙයි බන් .මේ වගේ තවත් වැඩක් කලොත් නම් යන්න පුළුවන් වෙයි හැබැයි .රනිල් මාම රට යවන්න සූරයනේ ..

  • 0
    0

    අනේ [Edited out] ඒහෙම අපරාද කරන්න ඕනෙනම් යුද්දය ඉවර කරනවද?මේ රටේ මිට කලින් දස දහස් ගානක් මිනිස්සුන්ව එලිපිට මරපු එවුන්ට නේද ඔය කඩේ යන්නේ.අද රටේ එහෙම එළිපිට මිනීමැරුම් වෙනවද?රට රක ගත්ත මිනිස්සුන්ට ගැනියෙක් විදියට බනින එක හරිද?ඔහෙලා ඉගෙන ගත්තට වැඩිය හොදයි නිකන් හිටියනම්.

  • 0
    0

    රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කරන කාලේ මේ රට ත්‍රස්තවදීන්ගේ කෙම් බිමක් වෙලා තිබුන.ඒ කාලේ මනුස්සයෙකුට පාරේ බැහැල යන්නවත් නිදහසක් තිබුනද ?දැන් අතින් බලපුවහම කොයි තරම් නිදහසක් තියනවද ?තමන් හරියට ජීවත් වෙනවා නම් කාටවත් කවුරුවත් බය වෙන්න දෙයක් නෑ

  • 0
    0

    ත්‍රස්තවාදය තිබුනු කාලය තුලත් රනිල් ඇතුලු විපක්ෂය කලේ අණුඩුවට අනුම් පද කියමින් රටවටේ යෑමයි.. යුද්දයේ ගිනිදැල් නීවී ගිහින් සාමයේ පුර්ණ ප්‍රතිලාභ භුක්ති විදිමින් රටේ ජනතාව සිටින මෙවන් මොහොතක රනිල් ඇතුලු විපක්ෂය රටට විනාශ ඉල්ලා දෙවියන්ට කන්නලව් රටපුරා යයි..

  • 0
    0

    මෙයා නම් සිංහලයෙක් කියන්නවත් සුදුසු නෑ…..එක එක එක්කෙනාට කඩේ යනවට වැඩ හොදයි නිකන් ඉන්න එක….කඩේ යනවා මදිවට එයාලගේ බොරු වලට රැවටිලා ආණ්ඩුවට බනිනවා……පෑනකුයි,කොලේකුයි අතට ලැබුනට තමුන්ට කැමති ඕනෑම දෙයක් ලියන්න අයිතියක් නෑ….මේ යුද්දේ ඉවර නොවී තිබුන නම් ඔය විදියට ලියන්න ඔයාලට ඉඩක් ලැබෙන එකකුත් නෑ….වෙන කාටහරි විරුද්දව මේ වගේ දෙයක් ලිව්වා නම් ඉන්න වෙන්නේ ප්‍රංශේට තමයි….

  • 0
    0

    රනිල්ට රට පාලනේ කරන්න දුන්නනම් මේ ඔක්කගේම කටවල් වැහෙයි .ජනාධිපතිතුමා පන්නල ආණ්ඩුවට ගේන්න තරන් කොන්ද
    පන තියන කෙනෙක් ඉන්නවද මේ රටේ .ඔක්කම ඉන්නේ පිස්සෝ.රනිල් අව්රුදු 2ක් ම ආණ්ඩු කලේ.මොනවද රටට කල යහපත.බුද්ධි අංශයත් කොටින්ට පවල දුන්න.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.