Colombo Telegraph

රටම ගව මස් නොකෑවොත් ?

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

ජාතික හෙළ උරුමයෙන් ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකු ලෙස පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවට තේරී පත් වූ, තම ගම් ප‍්‍රදේශය අත හැර යන්නට සිදු වීම නිසා සභාවේ රැස්වීම් වලට සහභාගී වන්නට නොහැකි විනැයි ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ධුරය අහිමි වූ සහ පසුව වීරකැටිය මහේස්ත‍්‍රාත් උසාවියේ අපරාධ නඩුවක් ද පවරා ඇතැයි වාර්තා වන ඉන්ද්‍රරතන යැයි සිවුරු පැළඳි කෙනෙකු, ගව ඝාතනය තහනම් කිරීමට යැයි බල කරන්නට පසු ගිය වෙසක් පොහෝ දින දළදා මාළිගාව අභියස ගිනි තබා ගත්තාට පසු, දුර බැහැර පළාත් පාලන ආයතන කිහිපයක, ගව ඝාතනය නතර කිරීමේ යෝජනා මේ වන විට සම්මත කර ඇත.

මේ ගෞතම බුදුන් ගේ දේශය යැයි උදම් ඇණුවත් මෙරට සියල්ලන් කැසිනෝ, රාතී‍්‍ර සමාජ ශාලා ඇතුලූ සියලූ දුසිරිතයෙන් වැළකිය යුතු යැයි වැරදිලාවත් නොකියන මේ සිවුරු පැළඳි පෙළහර, ගවයින් ඝාතනය කිරීම පමණක් සහමුලින් තහනම් කිරීමට යැයි ආණ්ඩුවට බල කරති. ගව ඝාතනයට විරුද්ධ පැරණි හින්දුවාදී තර්ක සහ සත්ව කරුණාව වෙනුවට, ගව මස් වෙළඳාම මුස්ලිම් ප‍්‍රජාව බහුලව යෙදෙන ව්‍යාපාරයක් නිසා, සිංහල බෞද්ධ කණ්ඩායම් එම සටන් පාඨය ඔවුන්ගේ අතට ගෙන ඇතැයි, පොදු මතයක් වේ.

කිරි හරකුන් සහ ගවයින් සංඛ්‍යාව

ඒ තොරතුරු, තර්ක විතර්ක මොහොතකට පැත්තකින් තබා, මේ රටේ ගව ඝාතනය සහමුලින් තහනම් කරන්නට මේ ආණ්ඩුව පියවර ගත්තේ යැයි අප උප කල්පනය කළහොත්, ඊළගට ඇති විය හැකි හරක් ප‍්‍රශ්නය කෙබඳු විය හැකි ද ?

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ පරිසර හා කෘෂි සංඛ්‍යාන අංශයේ දත්ත වලට අනුව, 1989 දී දස ලක්ෂ 2.2 ක් වූ සමස්ථ ගවයින් සංඛ්‍යාව, 2006 වන විට දස ලක්ෂ 1.22 දක්වා පහත වැටී ඇත. ඒ සම්බන්ධයෙන් වන ඔවුන්ගේ 2003 සිට දත්ත පහත අයුරු ය. මේ වන විට ආණ්ඩුව කිරි නිෂ්පාදනය දියුණු කිරීමට පියවර ගන්නා බව ද ඒ අනුව, 2011 අවසන් වන විට, ගව ගහණය නැවත වැඩි වී ඇතැයි ද සඳහන් වේ.

මෙම දත්ත වලට අනුව, 2003 වසරේ දී කිරි දොවන හා වෙනත් දෙනුන් ද ඇතුලූ මුලූ දෙනුන් සංඛ්‍යාව වූයේ 6,96,800 කි. එය 2006 වන විට 7,46,060 දක්වා වැඩි වී තිබිණ. ඊට අමතරව පසු ගිය වසර කිහිපයේ ආණ්ඩුව විසින් ඕස්ත්‍රේලියාවෙන් දියුණු දෙමුහුන් කිරි දෙනුන් ආනයනය කළේ ය. එම සංඛ්‍යාව 2,000 ක් යැයි වරෙක වාර්තා විය. නැවත නැවත එළෙස කිරි දෙනුන් ආනයනය නොකරන්නේ නම්, මෙරට දෙනුන්ගේ මේ වැඩි වීම අනුව, 2020 වසර වන විට මුලූ දෙනුන් සංඛ්‍යාව 8,70,000 ක් පමණ වනු ඇත. ඒ ආකාරයෙන්ම ගවයින් හා වසු පැටවුන් ද වැඩි වනු ඇත.

මේ 2013 වසරේ සිට අප ගව ඝාතනය සහමුලින් තහනම් කළහොත්, ඉදිරි වසර වල නොමරා ඉතිරි වන ගවයින්, වසු පැටවුන් සහ කිරි දෙනුන් ඇතුලූ මුලූ ගව ගහනය 2020 වසර වන විට 14 ලක්ෂ 50,000 ක් පමණ විය යුතු ය. ඉන් කිරි නිෂ්පාදනය සඳහා නඩත්තු කෙරෙන කිරි දෙනුන් ගේ සංඛ්‍යාව වන 08 ලක්ෂ 70,000 අඩු වූ විට, කිසිදු ආදායමක් නොලබා 05 ලක්ෂ 80,000 ක් ගවයින් මේ රටේ ග‍්‍රාමීය කිරි ගොවියන් විසින් වසරක් පාසා වසර ගණනාවක් ඉදිරියට නඩත්තු කළ යුතු ය.

ඒ සියල්ල සමග මතු වන බරපතල ප‍්‍රශ්න දෙකකි. එකක්, දැනට ඉන්නා ලක්ෂ 12 ක් පමණ වන ගවයින් හරියාකාරව කෑම දී නඩත්තු කෙරෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය තණ බිම් හෝ ආදේශක ආහාර ඇත්තේ ද නැත. කිරි ගොවියන් යනු මේ රටේ දුප්පත් පිරිසකි. ලෝක ආහාර සංවිධානය 2007 දී කර ඇති සමීක්ෂණයකට අනුව, පොල් ති‍්‍රකෝණයේ සහ කන්ද උඩරට හැර සෙසු සියලූ පළාත් වල සියයට 70 ක් පමණ ගවයින් ඇති කෙරෙන්නේ නිදහසේ අත හැර දැමීමෙනි. දැනට ඇති මුඩු බිම් ද ඉදිරි වසර වල දී වැඩි වැඩියෙන් මිනිසුන්ගේ පදිංචි හා වගා බිම් බවට පත් වන විට, ගවයින් සඳහා කෑමට තණ බිම් සොයා යන්නට සිදු වන්නේ පිට රටට ය. ඒ වන විට තණ කොළ ආනයනය කරන්නට ද සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ට සිදුවිය හැක.

ඒ සමග අනෙක් බරපතල ප‍්‍රශ්නය වන්නේ, මහ`ඵ ගවයින්ට වැඩිහිටි ගව ගාල් නොමැති කම ය. යාන්තමින් දෙකොණ ගැට ගසා ගන්නා දුප්පත් ගොවියනට, මහ`ඵ හරක් නඩත්තු කිරීමේ වියදම දරන්නට ද නොහැක. එනිසා ගව ඝාතනය තහනම් කළ පසු ඉතිරි වන ඉතාම බරපතල ප‍්‍රශ්නය වනුයේ කිසිදු ආදායමක් උපයා දීමට යොදා ගත නොහැකි මහ`ඵ ගවයින් නඩත්තු කිරීමේ වියදම දරන්නේ කවුරුන් ද යන්නයි.

අයාලේ යන ගවයින් 50,000 ක් වියළි කලාපයේ බොහෝ වනාන්තර විනාශ කිරීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිවක් නොකරන බවට පරිසර සංවිධානයක් විසින් එම දෙපාර්තමේන්තුවට චෝදනා නගා තිබුණේ මීට දෙසතියකට පමණ ඉහතින් ය. මාදුරුඔය ජාතික වනෝiානය තුලට ගවයින් 8,000 ක් දක්කා ගෙන ගියේ යැයි චෝදනා මත ප‍්‍රාදේශීය සභා උප සභාපතිවරයෙකුට සහ තවත් 05 දෙනෙකුට උසාවියේ පෙනී සිටින ලෙස, දෙහිඅත්තකණ්ඩිය මහේස්ත‍්‍රාත්වරයා විසින් සිතාසි නිකුත් කර ඇත.
එනිසා වසර 2020 වන විට ආදායමක් ලැබිය නොහැකි 05 ලක්ෂ 80,000 ක් ගවයින් දිගේලී කිරීමට සිංහරාජයවත් ඉතිරිව තිබෙණු ඇති දැයි අසන්නට සිදුවන්නකි.

Back to Home page