20 April, 2024

Blog

පොදු අපේක්ෂකයා විග්නේස්වරන් – විපක්ෂයට අභියෝගයක්

කුසල් පෙරේරා

කුසල් පෙරේරා -

කුසල් පෙරේරා –

ජනාධිපති මහින්ද රාජපක්ෂ කවදා ඔහුගේ තෙවන ජනාධිපති ධුරය සඳහා ජනාධිපතිවරණයක් පවත්වනු ඇති ද යන්න අවිනිශ්චිත ය. මෑතක දී විපක්ෂයට කළ අභියෝගයක් ලෙස ඔහු පැවසුවේ, විපක්ෂය තීන්දු කරන දිනෙක ජනාධිපතිවරණය පැවැත් වීමට තමා සූදානම් බව ය. ඊළග ජනාධිපතිවරණය පැවැත්විය හැකි නීතිමය අවසරය ගැන මත භේද ඇත. කෙනෙකු තර්ක කරන ආකාරයට ජනාධිපති ධුර කාලය අවුරුදු 04 ක් ඉක්ම ගිය පසු ධුරයේ ඉන්නා ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය තීන්දු කළ හැක්කේ පළමු වාරයේ මිස දෙවන වරට පත් වූ ධුර කාලයේ දී නොවේ. දෙවන වර ඔහු හෝ ඇය නියමිත කාලය අවසන් කර යා යුතුය. ඒ නීතිමය සීමාව 18 වන ව්‍යවස්ථා සංශෝධනය ලියන විට, මහාචාර්ය පීරිස් විසින් ඉතිරි කර ඇති හෙයින්, ජනාධිපති රාජපක්ෂට ඔහුගේ මේ දෙවන ධුර කාලයේ අවුරුදු 04 කින් පසු යළි ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකි යැයි තර්ක කෙරේ.

ඒ අතර, ජනාධිපතිවරණයෙන් පසු අවුරුදු 04 ගණන් හැදීම ගැනත් තර්ක ඇත. ඇතැමෙක් කියන්නේ, පසුගිය 2010 ජනවාරි සිට අවුරුදු 04 ගණන් හැදීමෙන් මේ අවුරුද්දේ ජනවාරි මාසයෙන් පසු දැන් ඕනෑම විටෙක ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බවය. විපක්ෂය ඉල්ලන ඕනෑම දිනෙක ජනාධිපතිවරණය තැබිය හැකි යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසූවේ එබැවින් යැයි ද එය විස්තර කෙරෙන්නකි. තවත් තර්කයකට අනුව, අවුරුදු 04 ගණන් ගැනෙන්නේ දිවුරුම් දුන් දින සිට ය. එනිසා ඊළ`ග ජනාධිපතිවරණය පැවැත් විය හැක්කේ මේ වසරේ නොවැම්බර මාසයෙන් පසුව ය.

Wigneswaranඒ තර්ක කවරක් වූවත් අවසන් අර්ථ කතනය තීන්දු කෙරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහිදී ය. අග විනිසුරු විසින් ඒ වෙනුවෙන් විනිසුරු ම`ඩුල්ලක් නම් කළ යුතුවේ නම්, දැන් ජනාධිපතිට අවශ්‍ය විනිසුරු මඩුල්ලක් නම් කර ගැනීමේ සියලූ ඉඩ කඩ ඇත. පසුගිය සති කිහිපයේ පුරප්පාඩු වූ විනිසුරු තනතුරු 03 ට, පත් කෙරෙන විනිසුරුවන් තීන්දු කෙරෙන්නේ ජනාධිපතිගේ අභිමතය අනුව හෙයිනි. එනිසා ඊළ`ග ජනාධිපතිවරණය අවසන් වශයෙන් තීන්දු වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ආසන්නම කිහිප දෙනා ගේ කැමැත්ත අකමැත්ත මත පමණි. ඊට අමතරව යමක් එකතු වන්නේ නම්, ඒ ජනාධිපති ජ්‍යොතිශාස්ත‍්‍ර උපදේශකයින් ගෙනි.

එවැනි රටක, විපක්ෂයේ හැමෝම දැනටමත් ජනාධිපති පොදු අපේක්ෂකයෙකු සොයති. මීට අවුරුද්දකටත් ඉහතින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම එකම කාරණාව ලෙස තර්ක කරමින් ඒ සඳහා විශ්වාසවන්තම අපේක්ෂකයා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි යැයි පිරිසක් ගෝසා කළහ. ඉන් සෝභිත හිමියන් සඳහා කැමැත්ත සම්පූර්ණ නොවුනත් විධායක ජනාධිපති ධුරය අහිමි කිරීම, පොදු අපේක්ෂකයෙකු සෙවීමේ ප‍්‍රධාන කොන්දේසියක් බවට පත් විය. දැන් එක්සත් ජාතික පක්ෂය ද ඊට එක`ග වන්නේ ය. එහෙත් විපක්ෂයේ සැමට හා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් හවුල් වන්නට කැමති සියල්ලන්ට පොදු අපේක්ෂකයෙකු සොයා ගැනීම, හැම විට බරපතල ගැටළුවකි.

ජනතා විමුක්ති පෙරමුණ පොදු අපේක්ෂකයෙකු ගැන කතා කරන්නේ විපක්ෂයේ අනෙකුන්ට ඊට හවුල් වන්නට ඇති ඉඩ සැළකිය අයුරින් අසුරා තබා ය. ඔවුන්ගේ කොන්දේසිය ඉංගී‍්‍රසියෙන් හා සිංහලෙන් ඉදිරිපත් කර ඇත්තේ සංකල්පමය වශයෙන් දෙආකාරයකට ය. සිංහලෙන් ඔවුන් ගේ පොදු අපේක්ෂකයා ‘‘නිර්පාක්ෂික’’ විය යුතු ය. ඉංගී‍්‍රසියෙන් ඒ පුද්ගලයා ‘‘අ-දේශපාලනික’’ (a-political) විය යුතු ය. අවසන් වශයෙන් ඔවුන් කියන්නේ කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති, ඔහුගේ යැයි දේශපාලන මතයක් ඉදිරිපත් නොකරන, ජ.වි.පෙ ඉදිරිපත් කරන සටන් පාඨ හා එක`ග වන අපේක්ෂකයා, පොදු අපේක්ෂකයකු බවය.

එක්සත් ජාතික පක්ෂයේ එක කණ්ඩායමක් මෙවර ඔවුන්ගේ පොදු අපේක්ෂකයා ගණන් හදන්නට උත්සාහ දරන්නේ ශී‍්‍ර.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු ආකර්ශනය කර ගැනීම වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යෝජනා කිරීමෙනි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොදු අපේක්ෂිකාව ලෙස ඇයව යෝජනා කිරීමම, විහිළුවකි. විධායක ජනාධිපති ධුරයට තමන් තේරී පත් වී සය මසකින් ධුරය අහෝසි කරන්නට 1994 දී ලිඛිතව පොරොන්දුවූ ඇය, ඒ විධායක ජනාධිපති ධුරයේ අවුරුදු 11 ක් රැුඳි සිටියා ය. යළි ඇයව යෝජනා කරන්නේ ඇයගේ පොරොන්දුවෙන් අවුරුදු 20 ට පසුව ය. එවැනි අපේක්ෂිකාවකට මහින්ද රාජපක්ෂ සමග තරග කර දිනන්නට නොහැකි යැයි තවත් පිරිසක් තර්ක කරති.

මේ අතර, ඊළග ජනාධිපති පොදු අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකුට හිමි විය යුතු යැයි ද එනිසා ඒ වෙනුවෙන් රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් විය යුතු යැයි ද තර්කයක් ඇත. එසේ නොමැති නම්, අපේක්ෂකයා විය යුත්තේ සජිත් පේ‍්‍රමදාස යැයි ඔවුහු කියති. තවම එනමුත් සරත් ෆොන්සේකා කතා කරන්නේ රනිල් වික‍්‍රමසිංහ ගැන පමණි. පසුගිය පළාත් සභා ඡුන්ද වලින් සුළු වාසියක් ලැබූ ඔහුට දැන් පෙනෙන්නේ රනිල් නැතිනම් තමාව ය.

ජනාධිපතිවරණය කවදා පැවතුනත් විපක්ෂයේ මේ පොදු අපේක්ෂකයා සෙවීම, ඉතාම පැහැදිලි සිංහල බෞද්ධ ව්‍යාපෘතියකි. එය ස්ථිරවම දකුණේ සිංහල බෞද්ධ නායකයෙකු ගේ සිට බෞද්ධ භික්ෂුවක් දක්වා පමණක් වලංගු කෙරුණකි. ඔවුන් ‘‘පොදු’’ යැයි කියන්නේ දකුණේ සිංහල සමාජයට පොදු වන්නෙකි. විශේෂයෙන් සහ පළමුව බහුතර සිංහල ඡුන්දදායකයින්ගේ එක`ගත්වයක් ලබාගත හැකි අපේක්ෂකයෙකි. එබැවින් ඔවුන් ද රාජපක්ෂ දේශපාලනයෙන් වෙනස් කිසිවක් කතා කරන්නේ නැත. ඇත්ත ප‍්‍රශ්නය ඇත්තේ එහි ය. එනිසා ඒ ප‍්‍රශ්නය මෙලෙස ඉදිරිපත් කළ හැකිය. මේ රාජපක්ෂ පාලනය පරාජය කළ යුත්තේ ඇයි ? මේ රාජපක්ෂ පාලනය පරාජය කළ යුත්තේ එය මෙතෙක් ඉතිහාසයේ අප අත් විඳි ඉතාම දූෂිත පාලනය නිසා යැයි ඔවුන්ගේ ප‍්‍රධාන හා ජනපි‍්‍රය පැහැදිලි කිරීම ය. එහි වැදගත් හේතු දැක්වීමක් ඇත.

මෙවැනි දූෂිත පාලනයකින් රටේ ජනතාවට සමාජ සංවර්ධනයක් ලබාගත නොහැක. එය සැබෑ ය. එහෙත් නව ලිබරල් ආර්ථික කි‍්‍රයාවලිය හැම විටම ¥ෂිත ය. හැම විටම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ය. අපේ වැනි වැඩවසම් සමාජ ලක්ෂණ හා සංස්කෘතිකයක් තවමත් අගය කරමින් ජීවත් වන සමාජයක, විවෘත කෙරුනු වෙළඳ පලෙහි පෞද්ගලික ව්‍යාපාරිකයින් තම ලාභය සඳහා හැම විටම නැතිනම් බොහෝ විට තරග වදින්නේ, රාජ්‍ය බලය හා ගැට ගැසීමෙනි. එනිසා ¥ෂණය හුදු ආණ්ඩු පාලනයේ බලය ලබා ගන්නා දේශපාලනඥයින්ගේ කෑදරකමට ලඝු නොවන්නකි. මේ නව ලිබරල් ආර්ථිකය වෙනුවෙන් සකස් කෙරුනු මැතිවරණ ක‍්‍රමය සමග ආණ්ඩු තීන්දු වන්නේම, පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ කෑදරකමත් සමගින් ය. එබැවින් මේ නව ලිබරල් ආර්ථිකයේ කලමනාකරුවන් ලෙස පත් වන සියලූ ආණ්ඩු, ¥ෂණයද තමන්ගේ පාලනයේ එක විශාල පංගුවක් ලෙස බාර ගනු ඇත. පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැකි තරම් හකුලා දමන්නට උත්සුක වන්නේ ය. ඒ සමග, සමාජ වටිනාකම්, සාර ධර්ම, නීතිය හා සාමය කාදනය වන්නේ ය.

එය අපේ මෙන්ම ඉන්දියාවේද දැකිය හැකි ය. ඉන්දීය ආර්ථිකයේ මන්මෝහන් සිං යුගය, විශාල ආර්ථික වර්ධනයකට හේතු විය. දස ලක්ෂ ගණනින් අලූත් නාගරික මධ්‍යම පංතියක් හා වේගවත් පාරිභෝගික සංස්කෘතියක් ඒ සමග එහි බිහි විය. ඒ සියලූ වර්ධන ගැන වූ කතා යට, එරට පෞද්ගලික සමාගම් හා දේශපාලන නායකයින්ගේ අන්ත දූෂිත, කෝටි ගණන් කතා අපමණය. ආම් ආද්මි පක්ෂය වැනි දූෂණ විරෝධි රැුල්ලක් බිහි වන්නේ එබැවින් ය. එවගේම, එවැනි ආර්ථික වෙනුවෙන් පැහැදිලි දේශපාලන විකල්පයක් ඉදිරිපත් නොවන විට, විකල්පය දූෂණයට එරෙහි කතාවට පමණක් සීමා කෙරෙන විට, ජනපි‍්‍රය රැුල්ලක් ලෙස බිහි වන්නේ අන්තවාදී ම්ලේච්ඡු ව්‍යාපාරයන් ය. ආගම්වාදී නව නට්සි වර්ගයේ බිහිසුණු බලහත්කාර කණ්ඩායම් ය. නරේන්ද්‍ර මෝඩි පෙරටු කර ගෙන පාරට බැස ඇති හින්දුත්වා අන්තවාදයත් අපේ බොදු බැලයිනුත් එවැනි ය. මේවා අතිශය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, සාහසික ඉස්මතු වීම් ය.

අද අප පැමිණ ඇත්තේ එතැනට ය. එනිසා මේ රාජපක්ෂ පාලනය පරාජය කර දූෂණයෙන් තොර ආණ්ඩුවක් හැදීම සඳහා ඉල්ලූම සමග බිහිව ඇත්තේ අන්‍ය ආගම් විරෝධී, සිංහල බෞද්ධ ම්ලේච්ඡුත්වයකි. එනිසාම මේ රාජපක්ෂ පාලනය පරාජය කළ යුත්තේ ඉහවහා ගිය ඒ දූෂණය නිසාම පමණක් දැයි ඇසිය යුතු ය.

මේ රාජපක්ෂ පාලනය පරාජය කළ යුත්තේ දූෂණය නිසාම නොවේ. එය එක කාරණයක් පමණි. මේ රාජපක්ෂ යුගය අවසන් කළ යුත්තේ, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ආගම්වාදී, වාර්ගික බලහත්කාරයක් ද අවසන් කිරීමට ය. මේ රටේ සියලූම පුරවැසියනට සමානයින් ලෙස ජීවත් විය හැකි නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව රාජ්‍යයක් හදා ගැනීමට ය. දූෂණය පිළිබඳ කතාව ඇත්තෙන්ම එහි එක පංගුවක් පමණි. ඒ කාර්ය දකුණේ සිංහල බෞද්ධ ඡුන්ද වෙනුවෙන් දූෂණය ගැන කතාවට පමණක් සීමා කෙරෙන, රාජපක්ෂ දේශපාලනයෙන් ඉටු කරගත හැක්කක් නොවේ. සිංහල බෞද්ධ ඡුන්ද සමගින් රාජපක්ෂ පාලනය පරාජය කෙරෙන්නේ නම්, එසේ කළ හැකි වන්නේ රාජපක්ෂ පාලනය විසින් ලිහා දමා ඇති මේ ආර්ථික ආකෘතියෙහි විකාර රූපි පලයක් වන සිංහල බෞද්ධ අන්තවාදය සමග සම්මුති ගැසීමෙන් පමණි. එනිසා එකවර බැලූ බැල්මට මෙතරම් විශාල දූෂණයක් ආරම්භයේ දී නොපෙනිය හැකි ආණ්ඩුවක් බලයට පැමිණිය ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව ජාතික රාජ්‍යයකට අත්‍යාවශ්‍ය රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ සඳහා එවැනි ආණ්ඩුවකට අත තැබිය නොහැක.

වර්තමානයේ එදිනෙදා දේශපාලනයෙන් එය පැහැදිලි කරගත හැකි ය. අද එක්සත් ජාතික පක්ෂයේ නායකයින් තමන් වෙත ආණ්ඩු බලය ලබා ගැනීමට උත්සාහ කරන්නේ රාජපක්ෂ පාලනය විසින් ලිහා දමා ඇති අසික්කිත සිංහල බෞද්ධ අන්තවාදය සමග කිසියම් හෝ සම්මුතියක් ගැසීමෙනි. එනිසා එක්සත් ජාතික පක්ෂයේ සුදු පිරුවට හැඳි නායකයින් කිසිම අයුරකින් බොදු බල සේනාවේ පාදඩකම් කිසිවක් ගැන හුස්ම හෙලන්නේවත් නැත. ඔවුන්ගේ ඒ නිවට දේශපාලනය ඔවුන් වසා ගැනීමට උත්සාහ දරන්නේ රාජපක්ෂ පාලනයේ දූෂණ මතින් ය. එනිසා දූෂණ සෙවීමට ගොසින් හම්බන්තොට දී පහර කෑම, රාජපක්ෂලාගේ විශාලම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාව ලෙස ඔවුහු රටටත් ජාත්‍යන්තරයටත් ඉදිරිපත් කරති. හම්බන්තොට සෙල්ලම් පිස්තෝල ප‍්‍රහාරය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, මැර දේශපාලනයක් නොවේ යැයි කාටවත් කිව නොහැකිය. ඒ වාසිය ඔවුන් බොදු බල සේනාවේ පාදඩකම් හමුවේ ගොළු වත රකින්නට තබා ගන්නේ ය.

එනමුත් බොදු බල සේනා වැනි බෞද්ධ අන්තවාදයේ පාදඩකම් වලට විරුද්ධ නොවන එක්සත් ජාතික පක්ෂ නායකත්වය, තමන්ට එල්ල වූ හම්බන්තොට මැර ප‍්‍රහාරය ගැන පමණක් කතා කිරීමෙන් මේ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නීති ගරුක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් වෙනුවෙන් තමන් සමාජය හමුවේ පෙනී නොසිටින බව ඔප්පු කරන්නේ ය. එවැනි නිවට නායකයින් ආණ්ඩු බලයට පැමිණියත් ඔවුන්ට මේ අන්තවාදය මෙල්ල කළ නොහැක. එනිසා ඔවුන්ට බලහත්කාරයෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් යළි තහවුරු කිරීමට නොහැක. බලහත්කාරයෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විනීත පාලනයක් සඳහා අද සියලූ වාර්ගික හා ආගමික අන්තවාදයන්ට විරුද්ධ විය යුතු ය. එබැවින්ම උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම හවුරු කිරීම වෙනුවෙන් ඉදිරිපත් විය යුතු ය. දුර දිග යන රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියක අවශ්‍යතාවය ඇත්තේ එහි ය. එනිසා එය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හා එකට තබා ගැනීමට ද හැකි ය.

එවැනි කාරණාවක දී දකුණේ සිංහල දේශපාලන නායකයින් ගැන විශ්වාසයක් තැබීමට මෙතෙක් අපේ ඉතිහාසය ඉඩ දෙන්නේ නැත. එබැවින් අප සෙවිය යුත්තේ විපක්ෂය සොයන, සිංහල බෞද්ධ ඡුන්ද සඳහා වන පොදු අපේක්ෂකයෙකු නොව, රටටම පොදු අපේක්ෂකයෙකු ය. දැනට ඒ වෙනුවෙන් විශ්වාස කළ හැකි වැදගත්ම උගතා, විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, උතුරු පළාත් සභාවේ මහ ඇමති සී. වී. විග්නේස්වරන් ය. දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සෘජුව පෙනී සිටින හෙයින් ඔහු නියෝජනය කරන දේශපාලනයට විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් වැදගත් ප‍්‍රතිසංස්කරණයකි. එවැනි ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියක් නොපමාව ආරම්භ කර එය සීඝ‍්‍රයෙන් නිමා කිරීමට ද එනිසා ඔහු බෙහෙවින් කැමති වනු ඇත. දකුණේ දේශපාලනය එබැවින් විග්නේස්වරන් පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ සම්මුතියට එළැඹිය යුත්තේ,

01. විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් සඳහාත්
ඒ වෙනුවෙන්,
02. ජනාධිපතිවරණය අවසන් කෙරුනු වහා, පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ සියලූ දේශපාලන පක්ෂ නියෝජනයෙන් පිහිටු වන්නා වූ අන්තර් වාර සභාවක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහාත්
03. එම මැතිවරණයෙන් පත් වන පාර්ලිමේන්තුව තම පළමු කාර්ය ලෙස, සර්ව පාක්ෂික නියෝජිත කමිටුව මගින් අවසන් වාර්තාව ලෙස සකස් කර, ජනාධිපති වෙත බාර දී ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලෙස පූර්ණ කිරීමේ කාර්ය මාස 03 ක් ඇතුළත අවසන් කිරීම සඳහාත්
පොදු දේශපාලන වේදිකාවක් වෙනුවෙනි. එවැනි ජාතික එක`ගත්වයක් ඇති පොදු අපේක්ෂකයෙකුට  විපක්ෂයේ කවරෙකු හෝ විරුද්ධ වන්නේ නම්, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ද විරුද්ධ වන්නක් යැයි මම කියමි. එනිසා විග්නේස්වරන් පොදු අපේක්ෂකයා ලෙස පිළිගැනීමට විරෝධතාවක් විපක්ෂයට තිබේ නම්, එය ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කරන්නට මම අභියෝග කරමි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    So MR the Oxy Moron’s henchmen has crept in to Colombo Telegraph too….to confuse & Divide the opposition….Good article but in bad taste at the wrong time……

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 2
    0

    Neo-cons employ all types of serfs through their NGOs. I wonder which dirty gang maintains this fellow. Yep, the highest vote getter of racist Tamils of the North, Wigee without the wig, is the best common candidate.

  • 3
    0

    I have enough respect for Wiggie .Afterall he has two Sihalese daughter in laws and half Sinhalese grand children .He will not do detrimental things to the country and I have no hesitation of voting Wiggie.

  • 1
    1

    Kusal’s brilliant analysis and thinking about NP CM Judge Wigneswaran seems to be the best solution to reconcile the people of Sri Lanka, stop the Tamil diaspora from disturbing the political landscape of Sri Lanka. As Prasanths says with two Sinhalese daughter in laws and half Sinhala and Tamil grand children he will be the best candidate.

    • 0
      0

      I fully agree.

      Please UNP give nominations to Hon Vigneswaran to contest to become president.

      A very wise move.

      Any other from the UNP will lose the election to powerful MR.

  • 0
    0

    Kusal endeavours to treat your readers as excellent idiots,buffalos and asses.He is not serious in his proposal to name Wiggy as the Presidential nomin,whi will as his first bounden duty place on a tray amalgemate the N&E,devolve them wth the powers they are craving for and cessede to create “Sinna Thamil Nadu”. Even for a joke, Kusal has proposed to hang a dynamite on the necks of the Sinhalese.It is reasonable if KusalPerera is a no ariyan,dravidian.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.