25 April, 2024

Blog

වික‍්‍රමබාහුට ඇත්තේ ජවිපෙ භීතිකාවකි: ලෙනින් නොදන්නා මැයි 21 පාවාදීම යනු….

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

‘‘අපි කියන්නේ ඔබතුමන්ලාට…..ලෙනින් සහෝදරයාව සක්කෙට තියන්න එපා. මේක කම්කරු පංතියේ තීරණාත්මක අවස්ථාවක්……කම්කරු පංතිය සටන් තීන්දුවක් අරගන්න මේ මොහොතේ ……මේ සටන පාවා දෙන්න, ජයවර්ධන ආණ්ඩුව වෙනුවෙන් වින්නඹුකම් කරන්න එපා….’’ – දුම්රිය සේවක සංගමයේ ස. සත්‍යපාල සහෝදරයා – ඒකාබද්ධ වෘත්තීය සමිති කි‍්‍රයාකාරී කමිටුව සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයට 1980 මාර්තු 8-9 දෙදින කැඳවූ වෘත්තීය සමිති නියෝජිතයින් 4,000 ක් සහභාගි වූ සමු`ඵව අමතමින්

අවුරුදු 33 ට කලින් 1980 ජූලි මහා වැජ වර්ජනයට මුල පිරූ රුපියල් 05 ක ජීවන වියදම් දීමනාවක් සහ රුපියල් 300 ක මාසික වැටුප් වැඩි කිරීමක් ඉල්ලමින් ජූනි මාසයේ 04 වන දින ජාතික විරෝධතා දිනයක් තීන්දු කෙරුනේ මේ ඓතිහාසික වෘත්තීය සමිති නියෝජිත සමු`ඵවෙහිදී ය.

ඉන් අවුරුදු 33 ට පසු කම්කරු පංති ව්‍යාපාරයේ ජාතික කලූ විරෝධතා දිනයක් සමගින් ජාතික සංකේත වැඩ වර්ජනයකට තීන්දුව ගනු ලැබූයේ වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව විසින් ය. ඒ දිනය තීන්දු කර ඇත්තේ ලබන සතියේ මැයි 21 වන අගහරුවාදා දිනට ය. සංකේත වර්ජනය හා කලූ විරෝධය සඳහා නිමිත්ත වන්නේ, රාජපක්ෂ ආණ්ඩුව විසින් කිසිදු ඇහීමක් බැලීමක් නැතිව බරපතල ලෙස ඉහළ දමනු ලැබූ විදුලිය ගාස්තු සහ ඒ හේතුවෙන් ඉහළ යන ජීවන වියදම යන කාරණාවන් ය.

ජයවර්ධන ආණ්ඩුව වෙනුවෙන් වින්නඹුකම් නොකරන්න යැයි එදා සත්‍යපාල සහෝදරයා ආයාචනා කෙරුවේ, විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණට ය. සත්‍යපාල සහෝදරයා දුම්රිය සේවක සංගමයේ ප‍්‍රතාපවත් නායකයෙකු පමණක් නොව, නව සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස, ආණ්ඩුවේ එක්සත් කම්කරු සම්මේලනයේ ද ප‍්‍රධාන නායකයෙකු විය. එදා, ජේ. ආර් ජයවර්ධන ගේ යු.ඇන්.පී ආණ්ඩුව විසින් වෘත්තීය සමිති විරෝධතාවයට එරෙහිව මැර බලයත් ඔවුන් ගේ ජාතික සේවක සංගම් කි‍්‍රයාකාරීනුත් පාරට බැස්ස වූ විට, ජනතා විමුක්ති පෙරමුණ ද වෘත්තීය සමිති ගත් විරෝධතා තීන්දුවට එරෙහිව පිකටිං වයාපාරයක් දියත් කළේ ය. සෝමපාල සහෝදරයා මිය ගියේ ඒ වෘත්තීය සමිති් විරෝධතාවයට සහභාගිවීමෙන් ය. සෝමපාල සහෝදරයාගේ අවසන් කටයුතු සඳහා සහභාගි වූ දහස් ගණනක් සටන්කාමී කම්කරුවන් ජ.විපෙ නායකයින්ට ඒ අවම`ගුල් උත්සවය අහලකටවත් එන්නට ඉඩ නොදුන්නේ ජවිපෙ කළ පාවාදීම නිසාවෙනි. ඉන් අනතුරුව, ඒකාබද්ධ වෘත්තීය සමිති කි‍්‍රයාකාරී කමිටුව විසින් 1980 ජූලි වර්ජන තීන්දුව ගත් විට, ජ.වි.පෙ ඊට ද විරුද්ධ වූ හෙයින්, ඔවුන් සමගින් සිටි එච්.එන් – චිත‍්‍රාල් නායකත්වයෙන් වූ ලංකා ගුරු සංගමය (ලියා පදිංචි අංක 984) ඒ දේශපාලනය ප‍්‍රතික්ෂේප කරමින් වර්ජනයට එකතු විය.

ඒ අවුරුදු 33 ට පෙර කම්කරු පංතිය පාවාදීමේ ඉතිහාසයෙන් යන්තම් බිඳකි. මෙදා මැයි 21 වෘත්තීය සමිති විරෝධතාවයට සහ සංකේත වර්ජනයට විරුද්ධ වන සියලූ වමේ සහ වෘත්තීය සමිති නායකයින් දේශද්‍රෝහීන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයෙකු වන ලාල් කාන්ත, ජන මාධ්‍ය අමතමින් පැවසුවේ, ඉතිහාසය කණ පිට හැරුණු මොහොතක ය. එදා වෘත්තීය සමිති සටනේ දේශපාලන නායකත්වය ගැනීමට හිතුවක්කාර ලෙස ඉදිරිපත් වූ වික‍්‍රමබාහු ගේ නව සමසමාජ පක්ෂය (එදා මා ද එහි කොටස්කරුවෙකු විය), මෙදා මැයි 21 වෘත්තීය සමිති සටනට විරුද්ධව මේ රාජපක්ෂ ආණ්ඩුවට වින්නඹු කම් කරන්නට සූදානම් වන මොහොතක ය.

මේ අවුරුදු 33 අතරතුර, මේ රටේ වමේ දේශපාලනය හා වෘත්තීය සමිති සමූහය, පියවරෙන් පියවර පිරිහෙමින් බිඳ වැටුනා මිස, වෙනකක් නොවුනි. හාර දහස (4,000) ක නියෝජිත සමු`ඵවක් කැඳවන්නට තරම් හයියක් එදා වෘත්තීය සමිති නායකයින්ට තිබුණත් අද හාර සියය (400* ක් එකතු කර ගැනීමට හැකි වූවොත් එය විශාල එකතුවකි. මේ විරෝධතාවය ගැන අපට කතා කරන්නට සිදුව ඇත්තේ එවැනි පිරිහුණු, ඉතා අවාසි සහගත පසු බිමක පමණක් නොව, දේශපාලන වශයෙන් ද වෘත්තීය සමිති නායකයින් හා සාමාජිකයින් අති බහුතරයක් මේ රාජපක්ෂ ආණ්ඩුවේ සිංහල ජාතිවාදයට ඇ`ඵම් කරන්නට, නෑකම් කියනන්ට වැඩි කැමැත්තක් දක්වන යුගයක ය. ඇතැම් වෘත්තීය සමිති නායකයින් බොදු බල සේනාවේ ජාතිවාදී මැරකම් ද අගය කරන යුගයක ය.

වෘත්තීය සමිතිවල ඒ පිරිහීම ඉතා හොඳින් පැහැදිලි කෙරුණේ, ජ.වි.පෙ සහ යු.ඇන්.පී වෘත්තීය සමිති නායකයින්ද ඇතුළත් වූ වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවෙහි නායක පිරිස, විදුලි ගාස්තු ඉහළ දැමීමට විරුද්ධව දියත් කෙරෙන මැයි 21 සංකේත වර්ජනය හා ජාතික කලූ විරෝධතාවය වෙනුවෙන් සහයෝගය ඉල්ලීමට, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයින් පසුගිය 10 වන සිකුරාදා හමුවූ අවස්ථාවෙහිදී ය. ‘‘අපි අවුරුදු ගණනාවක් හිටියේ අඳුරේ. අපේ වන්නියේ ළමයි ලයිටි දන්නේ නැහැ……ඔවුන්ට ලයිට් කියන්නේ අද සුඛෝපභෝගී දෙයක්…..නමුත් ඒ මුලූ කාලේම, ඔබතුමන්ලාගේ වෘත්තීය සමිති, අපේ ජනතාවට මොනවද වෙන්නේ කියලා ඇහුවෙ බැලූවෙ නැහැ. අපේ ජනතාව වෙනුවෙන් කතා කළේ නැහැ…..ඒකට කමක් නැහැ……අපි දෙමළ ජනතාවගේ දේශපාලන සන්ධානයක් හැටියට ඔබලාගේ මැයි 21 සටනට සම්පූර්ණ සහාය දෙනවා. අපේ දෙමළ ජනතාවටත් කියනවා සහයෝගය දෙන්න කියලා.’’ යාපනය මන්තී‍්‍ර මාවෙයි සේනාතිරාජා කොළඹ වෘත්තීය සමිති නායකයින්ට අතීතයත් වර්තමනායත් ගැන කතාව එසේ කෙටියෙන් කීවේ ය.

ඒ අර්ථයෙන්ද මේ මැයි 21 සංකේත වර්ජනය ඓතිහාසික සන්සිද්ධියකි. අවුරුදු 33 ට පෙර ‘80 ජූලි වර්ජනයේදීවත් මේ ආකාරයෙන් දෙමළ ජන දේශපාලනයේ සහයෝගය ඇතිව, වෘත්තීය සමිති වර්ජනය හා ඉන්පසු ගොනු කරන්නට උත්සාහ කළ වර්ජක සහයෝගිතාවන්ද දියත් නොවුනි. මේ වැනි උතුර – දකුණ සෘජු හවුලක් ඇති වන්නේ පළමු වරට ය. මේ මැයි 21 සංකේත වර්ජනය හා කලූ විරෝධතාව සතු තීරණාත්මක, ඓතිහාසික වැදගත්කම ඉන් ඔබ්බට ද ගමන් ගන්නකි.

මේ සංකේත වර්ජන තීන්දුව ගැනෙන්නේ 2011 මැයි 27 වන දින වන විට, මේ රාජපක්ෂ ආණ්ඩුව පළමු වරට පසු බැස්ස වූ විශ‍්‍රාම වැටුප් පණතට එරෙහිව මැයි 24 වන දින සාර්ථකව දියත් කෙරුණු පෞද්ගලික අංශයේ කම්කරු විරෝධතාවයේ ජයග‍්‍රහණයට පසුව ය. එය සෞඛ්‍ය සේවයේ, ගුරු වෘත්තියේ හෝ බැංකු සේවක සේවිකාවන් කිසිවකුගේ හෝ හවුලක් නොවුනු හුදෙක් නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ ජයග‍්‍රහණයක් විය. අනතුරුව පසුගිය අවුරුද්දේ විශ්ව විiාල ආචාර්යවරුන්ගේ දින 100 යේ වර්ජනයට ද එතැනින් පසු නොවැම්බරය වන විට, 43 වන අග විනිසුරුවරිය ඉවත් කිරීමේ දෝශාභියෝගයට විරුද්ධ ජනමතයට ද විරෝධතාවන්ට ද රාජපක්ෂ ආණ්ඩුව දණ ගැස්ස වූ ඒ වෘත්තීය සමිති ජයග‍්‍රහණයේ ආත්මීය ආස්වාදය ද එකතු විය. අප අද මැයි 21 සංකේත වර්ජනයට සහ කලූ විරෝධයට එන්නේ අවුරුදු 33 ට පමණ පසු එවැනි නව පිබිදීමක් සඳහා වූ අත්දැකීම් කිහිපයක් හරහා ය. මෙයට හරස් කපන හැමෝම රාජපක්ෂ ආණ්ඩුවට වින්නඹුකම් කරන්නේ යැයි සත්‍යපාල සහෝදරයාගේ බසින් කියන්නට සිදු වෙන්නේ එබැවිනි.

මේ හරස් කැපීමේ, විවෘතව කියන්නේ නම් පාවාදීමේ දේශපාලනය කවරක් ද ? මාක්ස් ලෙනින්වාදයෙන් නොව, එය බාල වමේ දේශපාලනයෙන් හෝ සාධාරණය කළ හැකි පාවාදීමක් නොවේ. ඒ පමණට එය මේ රාජපක්ෂ ආණ්ඩුවට වින්නඹුකම් කිරීමකි. මැයි 21 සංකේත වර්ජන තීන්දුව ගනු ලැබූයේ අහම්බෙන් හෝ හදිස්සියකින් නොවේ. මේ සංකේත වර්ජනය හා විරෝධතාව අපේ‍්‍රල් 04 වන දින, ආචාර්ය ජයතිස්ස කොස්තාගෙ සභාපතිත්වයෙන් යුත් පොදු පහුසකම් මණ්ඩලය විසින් ජනතා යෝජනා බාර ගැනීම නිල වශයෙන් අවසන් කළ පසු සිට, සිංහල අවුරුදු සමය නොතකා පැවති වෘත්තීය සමිති නායක සාකච්ඡුා ගණනාවක ප‍්‍රතිඵලයකි. ඒ වෙනුවෙන් හැකි උපරිම එකතුවක් හා වෘත්තීය සමිති පෙරමුණක් ගොනු කිරීම සඳහා අපේ‍්‍රල් 23 වන දින වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව පු`ඵල් වෘත්තීය සමිති සාකච්ඡුාවක් කැඳවී ය. එම සාකච්ඡුාවේදී කොමියුනිස්ට් පක්ෂ වෘත්තීය සමිති සම්මේලනයේ සුභසිංහ සහෝදරයාගේ යෝජනාව ඒකමතිකව පිළිගැනීමෙන් සමන් රත්නපි‍්‍රය ගේ කැඳවීමෙන් 25 වන දින රැුස්වන වෘත්තීය සමිති සාකච්ඡුාවේදී, මෙහිදී යෝජනා වූ විරෝධතා පිලිබඳව අදහස් ඉදිරිපත් කර, පොදු තීන්දුවක් ගැනීමට තීන්දු විය. එහෙත් රත්නපි‍්‍රය සහ ස්ටාලින් ගේ නායකත්වයෙන් පසු දින, අපේ‍්‍රල් 26 වන දින මාධ්‍ය හමුවක් පැවැත් වින. එහි දී ඔවුන් මැයි 21 වර්ජන යෝජනාව ගැන කිසිදු සඳහනක් නැතිව මැයි 09 වන දිනට ඔවුන් යෝජන කළ පිකටිං විරෝධයක් ප‍්‍රනාශයට පත් කළහ. එබැවින් අද ඔවුන් කාලයක් නැතැයි කියන මැයි 21 සංකේත වර්ජනයට සූදානම් වීම සඳහා මාසයකට ආසන්න කාලයක් හැමට තිබිණ. මැයි දිනයට සියල්ලන් වෙන වෙනම ගමන් ගත්ත ද ඒ හැම වේදිකාවකම විදුලිය බිලට තිබූ විරෝධය හමුවේ මැයි 21 සඳහා පහසුවෙන් සූදානම් විය හැකිව තිබිණ.

එසේ නම් මේ පාවාදීමේ දේශපාලනය තේරුම් ගන්නේ කෙසේ ද ? එය තේරුම් ගත හැකි සරළ සත්‍යයක් සාධකයක් ඇත. රත්නපි‍්‍රය-ස්ටාලින් දෙපළ ඔවුන් ප‍්‍රකාශයට පත් කළ මැයි 09 වන දින විරෝධය අත හැර, පොදු විපක්ෂය විසින් කැඳවූ මැයි 15 පා ගමනට හවුල් වූයේ මන්දැයි විමසීමෙන් එය තේරුම් ගත හැකි ය. ඔවුන් බොහෝ විට යු.ඇන්.පී නායක රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් අනුව තීන්දු ගැනීම කවුරුත් දන්නා දෙයකි. තනිව විරෝධයක් ගොනු කර ගැනීමට ඇති ඔවුන්ගේ නොහැකියාව වසා ගැනීමටත් තමන්ගේ නායක කම් නඩත්තු කර ගැනීමටත් ඇති පහසුම පියවර විපක්ෂයේ විරෝධයට එකතු වීම ය. සංකේත වර්ජනයට සෞඛ්‍යයෙන් හෝ ගුරු වෘත්තියෙන් දුසිමක් දෙකක් මිස වැඩි සහභාගිත්වයක් එකතු කර ගැනීමට නොහැකි විට, පොදු විපක්ෂයේ විරෝධයට හවුල් වීමෙන් ඔවුන්ට අනුන්ගේ හයිය පසු පසින් තබා ගෙන ගමන් ගත හැකි ය. එසේ වූවත් මාධ්‍ය සඳහා තමන්ගේ ප‍්‍රකාශ කිරීමේ අවසරය ද ඇත.

වික‍්‍රමබාහුට ඇත්තේ ජවිපෙ භීතිකාවකි. මේ මැයි 21 සංකේත වර්ජනයට හවුල් වුවහොත් ඔහුට ජවිපෙ හා තම ශක්තිය පෙන්වීමට තරග කරන්නට සිදුවෙතැයි බියක් ඇත. එවැනි හයියක් අද තනිවූ වික‍්‍රමබාහුට ඉතිරිව නැති හෙයින් ය. අනෙක් අතට ඔහු හැමදාම ඉල්ලා සිටින නායකත්ව ප‍්‍රතිරූපය මෙවැනි වෘත්තීය සමිති එකතුවක ඔහුට හිමි වන්නේ ද නැත. එනිසා ඔහුගේ උත්සාහය වූයේ ජවිපෙ ජාතිවාදී යැයි සහ ඔවුන් කම්කරු පංති සටන් පාවා දුන්නන් යැයි කියමික් මේ කම්කරු සටනින් පැන යාමට ය. ඒ සමග ඔහු ඔහුගේ අතීත සටන් සගයෙකු වූ සත්‍යපාල සහෝදරයා එපා යැයි කියූ වින්නඹුකම රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් කරන්නට පසු ගිය ඉරිදා රැුස් වූ පක්ෂ මධ්‍යම කාරක සභාවෙහි දී පියවර ගත්තේ ය.

එනමුත් මේ වින්නඹු නායකයින් හැමට මුහුණ දෙන්නට සිදුවන අලකලංචිය වන්නේ 15 වන බාදාදා විපක්ෂයේ විරෝධතා පා ගමනින් පසු මැයි 21 සංකේත වර්ජනය හා විරෝධතාවය දක්වා නගරයේ නොසිට පලා යාමට නොහැකි වීම ය, ඔවුන් හවුල් වූ පොදු විපක්ෂයේ යු.ඇන්.පිය හා අනෙක් පක්ෂ හා සංවිධාන මැයි 21 වෙනුවෙන් ඔවුන් ගේ සහාය පල කර හමාර ය. ආණ්ඩුවට සම්බන්ධ වමේ පක්ෂ හා ඉන්නා වෘත්තීය සමිති සම්මේලන ද ඊට සහාය පළ කර තීන්දු ගෙන අවසන් ය. බාලා තම්පො ගේ සී.එම්.යූව කල් තියා වර්ජනයට තීන්දුවට එක`ග විය. ඔවුන් ගමන් ගත් මැයි 15 පා ගමනත් අවසන් වශයෙන් මැයි 21 සංකේත වර්ජනයට හා විරෝධතාවයට හයියක් වන්නේ ය.

එනිසා මෙවර මැයි 21 වෘත්තීය සමිති වර්ජනය මග හැරීමට, බහුතරයකට නොහැකි ය. එයට ජ.වි.පෙ සහ යු.ඇන්.පිය නිල වශයෙන් හවුල් වීම කාටවත් ප‍්‍රශ්නයක් කරගත නොහැකි තරමට, රාජපක්ෂ ආණ්ඩුව ඊට එරෙහිව මහා මඩ ගැසීමකට මුල පුරා ඇත. විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නැගෙන ජන සමාජයේ විරෝධය ද ඊට එකතු වූ විට, මේ රත්නපි‍්‍රය-ස්ටාලින්-වික‍්‍රමබාහු හවුලට, ලෙනින් වත් නොදන්නා ඓතිහාසික පාවා දීමකට යාමට ඔවුන්ගේ අවට ඉන්නා කිිහිප දෙනා, ඔවුන්ට ඉඩ නොදෙනු ඇතැයි මගේ අනුමානය ය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.