25 April, 2024

Blog

කාටත් පාඩමක් වූ මැයි 21

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

කටුනායක නිදහස් වෙළඳ කලාපයට උදේ සිට යුධ හමුදාව යොදවනු ලැබිණ. විදුලි බල මණ්ඩලයට විශේෂ කාර්ය සාධක බල ඇණි යෙදවූ බවට එහි වෘත්තීය සමිති කියයි. ගුරු වැටුප් මැයි 21 දිනට කල් තැබිණ. මැයි 23 වන දිනට යොදා තිබූ පාසල් ශීල ව්‍යාපාරය මැයි 21 වන දිනට හදිසි කරවන ලදී. උණකාරයින් බෙහෙත් බොන සේ, සියලූ රාජ්‍ය සේවකයන් දවසට තුන් වරක් පැමණ’ම සටහන් කළ යුතු යැයි, රාජ්‍ය පරිපාලනයෙන් හදිසි චක‍්‍ර ලේඛයක් නිකුත් කෙරිණ. ජනාධිපති මහින්ද රාජපක්ෂ කලින් දින සියලූ අමාත්‍ය ලේකම්වරුන් හමු විනැයි වාර්තා විය.

ඒ සියලූ කලබල වීම් මගෝඩි කම් සමග ආණ්ඩුවේ සියලූ ප‍්‍රචාරක මෙවලම් මැය’ 21 වන දින සංකේත වර්ජනය හා විරෝධය අසාර්ථක යැය’ වාර්තා කිරීමට උදේ සිට මහන්සි ගත්හ. ගුවන් විදුලියේ හඩු ලොක්කෙක් ද උදේ වරුවේ ඒ වෙනුවෙන් බෙරිහන් දුන්නේ ය. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගණන් හැදීමට අනුව සංකේත වර්ජනය නිසාවෙන් රාජ්‍ය සේවාවේ පැමිණීම, ස’යයට 3.5 කින් වැඩි විය. එනිසා දිනපතා සංකේත වර්ජන පවත්වන්නට යැයි වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවට ජනාධිපති රාජපක්ෂ ඉදිරියේ දී ආරාධනා කරන්නට ද ඉඩ ඇත. ආණ්ඩුවේ පමණක් නොව, ස්වාධීන යැයි කියා ගන්නා ‘‘මහ පොළොවේ අරගල කරන්නට’’ පසු ගිය කාලයේ කතා කළ වෘත්තීය සමිති ක්ෂේත‍්‍රයේ සමහර කබ්බන් ද මැය’ 21 වන දින සංකේත වර්ජනයට එකතු නොවින. රාජපක්ෂ ආණ්ඩුව කියූවේ ඔවුන් නියම දේශපේ‍්‍රමින් කියා ය.

එනමුත් සහභාග’ වන්නට, සංවිධානය කරන්නට කාලය මදි යැයි ‘‘මහ පොළොවේ අරගල කරන්නට’’ කතා කළ මොවුන් කියූ සහ ආණ්ඩුව අසාර්ථක යැය’ කියූ මේ සංකේත වර්ජනයට සහභාගි වීම ප‍්‍රත’ක්ෂේප කළ නව සමසමාජ පක්ෂයට අනුබද්ධ එක්සත් කම්කරු සම්මෙලනයේ කාර්මික හා වාණිජ කම්කරු සමිතියට අන්තිම මොහොතේ (මැයි 17 වන දින* වර්ජන තීන්දුව ගැනීමට සිදුවූයේ මන්දැයි වික‍්‍රමබාහුගෙන් ඇසුවහොත් වර්ජනයේ සාර්ථකත්වය මැනීමට ඔහුගේ මාක්ස්වාදී ගංගාරාම ප’ළ’තුර ද එක් සාධකයක් විය හැක’ ය. එවගේම, ‘‘කාර්මික හා වාණිජ කම්කරු සමිතියේ සියලූ සාමාජිකයින් මැයි 21 වන දින සංකේත වර්ජනයට සහභාගි වී, උදය 10 ට බෙලෙක් කඬේ හන්දියෙන් ආරම්භ කර ගල්කිස්ස දක්වා යන පෙළපාලියට එකතු වන්න’’ යැයි හදිසියේ මැය’ 21 වන දින උදයෙන්ම සිය ජංගම දුරකතනයෙන් කෙටි පණිවුඩ යවන්නට, එතෙක් වර්ජනය කළ නොහැකි යැයි කියූ හෙද නායකයාට සිදු වූයේ මන්දැයි ඇසුවහොත් එයද වර්ජනයේ සාර්ථකත්වය පිළිබඳ තවත් උත්තරයක් වන්නේ ය.

ඔවුන්ගෙන් පැහැදිලිව කියැවෙන්නේ මේ සංකේත වර්ජනයේ සාර්ථක අසාර්ක බව ගණන් හැදෙන්නේ ආණ්ඩුවේ ඉලක්කම් අනුව නොවන බව ය. ඒ පරණ ගණන් හැදීමේ ක‍්‍රමයකි. මෙහි සාර්ථක අසාර්ක බව ගණන් හැදෙන්නේ අලූත් සාධක මත ය. ඒ අනුව මේ සංකේත වර්ජනය අප සිතියමකට නැගුවහොත් ආණ්ඩුවට ඔවුන්ගේ මෝඩකම බලාගත හැක. වෘත්තිය සමිති නායකයින්ට අලූත් පාඩම් උගත හැක’ ය.

මේ සංකේත වර්ජනයට රාජ්‍ය සේවා සහ රාජ්‍ය සංස්ථා සහභාග’ වූයේ යාන්තමින් බව ප’ළ’ගත යුත්තක’. රජයේ කාර්යාල, රෝහල්, ගමනා ගමනය සාමාන්‍ය තත්ත්වයෙන් පවත’න විට, වර්ජනයක බලපෑම සමාජයට එකවර දැනෙන්නේ නැති බව සැබෑ ය. ජාතික රූපවාහිනි සහ ගුවන් විදුලි සංස්ථා සැළකිය යුතු මට්ටමකින් වර්ජනයට එකතු වූයේ නම්, කතාව වෙනස් ය. එහෙත් විශේෂයෙන් එවැනි රාජ්‍ය අංශ වල ක‍්‍රියාත්මක වන ජාතික සේවක සංගම් ශාඛා වලට වෘත්තීය සමිති ලෙස හැසිරීමේ සම්ප‍්‍රදායක් හුරුවක් නැති හෙයින්ම, රාජ්‍ය හා සංස්ථා අංශ වලට මේ සංකේත වර්ජනය ගමන් ගත්තේ නැත. අනෙක, ඉතිහාසයේ ඉතාම ශක්තිමත් ප‍්‍රධාන වෘත්තීය සමිතියක් වූ රජයේ ලිපිකරු සේවා සංගමයත් එළෙසින්ම පළාත් පාලන ලිපිකරු සංගමයත් ‘80 ජූලි වර්ජනයෙන් පසු බරපතල ලෙස බිඳ වැටීම ය. අද කොළඹ කොටුවේ රජයේ ලිපිකරු සේවා සංගම් මූලස්ථානය පවතින්නේ බය’ස්කෝප් පෙන් වීමට ය. 80 න් පසුව එහි නායකත්වය ගත් සමසමාජ පක්ෂයට, එය නැවත වෘත්තීය සමිතියක් ලෙස ගොඩ නැගීමට වඩා එහි ගොඩනැගිල්ල කුලියට දීම පහසු ය. ලාභ ය. පළාත් පාලන ලිපිකරු සංගමය, 80 ජූලි වර්ජනයේ දී කොළඹ, කෝට්ටේ ඇතු`ඵ මහ නගර සභා, නගර සභා ගණනාවක සාර්ථකව සහභාග’ වූවකි. කෝට්ටේ චන්ද්‍රා ස’ල්වා නගරාධිපති වන්නේ එතැනින් පටන් ගෙන ය.

ආණ්ඩුව වර්ජනයේ අසාර්ථකත්වය හුවා දක් වන්නේ ඒ හිස් තැන් පෙන්වී මෙනි. මේ රාජපක්ෂ ආණ්ඩුව තේරුම් නොගන්නේ වර්ජනයේ එවැනි හිස් තැන් ඊළග වටයේ දී පුරවා ගැනීමට, එතරම් අමාරුවක් නැත’ බව පමණක්ම නොව, ඔවුන්ගේ ආණ්ඩුවේ මේ හැසිරීමට පින් සිදු වන්නට, ඒ කාර්ය පහසු වන බව ය. දැනටත් එවැන’ ප‍්‍රවණතාවක් රටේ ඇති බව මැයි 21 පෙන්නුවකි. මේ සංකේත වර්ජනය සමගින් තීන්දු කෙරුණු කලූ විරෝධය වෙනුවෙන් රට පුරා බොහෝ නගර වල, හන්දි වල කඩ සාප්පු වැසුණේ එබැවිනි. එය විදුලි බිල වැඩ කිරීමට විරුද්ධව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව කළ කැඳවීම වෙනුවෙන් ජනතාව දැක් වූ සහයෝගයට ආණ්ඩු විරෝධය එකතු වූ බව පෙන්නුවකි. එහි දේශපාලන වැදගත්කම ඇත්තේ ඒ විරෝධය රාජපක්ෂලා ගේ මැතිවරණ පදනම වන ග‍්‍රාමීය සමාජයෙන් ගොනු වූ බව තේරුම් ගැනිමෙහි ය. ඔවුන්ගේ මැතිවරණ භාරය දැන් ස්ථිර ලෙස දෙදරන්නට පටන් ගෙන ඇත’ බව තේරුම් ගැනීමෙහි ය. ඒ වාසිය ඉදිරියේ දී ලබන්නේ මෙවැනි විරෝධතා ව්‍යාපාර බව තේරුම් ගැනීමට බාලාංශ දැනුමත් ප‍්‍රමාණවත් ය.

අනෙක් වැදගත්ම කාරණය නම්, උතුරෙන් මේ සංකේත වර්ජනයට ලැබුණු සහභාගිත්වයයි. සංකේත වර්ජනයට සහාය ලබා ගැනීමට වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව කොළඹදී දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය හමු වූ විට ඔවුන් පොරොන්දු වූ හැටියෙන්ම, උතුරේ මැය’ 21 විරෝධය ශක්තිමත් විරෝධයක් විය. යාපනය නගරයේ කඩ සාප්පු වැසීම සිදු වන්නේ හමුදා සහ පොලීසි අඩියක් නෑර නගරයේ සිටියදී ය. මෙය දෙමළ ජනතාව හා කම්කරු පංතිය හදා ගන්නා පක්ෂ භේදයකින් තොර වූ හවුලකි. එනිසාම මෙය අඩාල නොකිරීමට ජ.වි.පෙ වග බලා ගත යුතු ය. ඔවුන් යුද්ධය වෙනුවෙන් රාජපක්ෂලා සමග දකුණේ සිංහල සමාජ පදනමට තරග වැදුනත් තවමත් ඒ දේශපාලනයේ කිසි දොසක් නොදුටුවත් වෘත්තීය සමිති ව්‍යාපාරයේ දී ජාතිවාදය වලංගු නොවන බව, ඔවුන්ගේම වෘත්තීය සමිති සම්මේලන මේ මැය’ 21 සංකේත වර්ජනයෙන් අත් දකින්නට ඇත. උතුරේ දෙමළ ජනතාව හා ඉදිරි ගනු දෙනු තීන්දු වන්නේ ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් දකුණේ සිංහල ඡුන්ද දෙස බලා ගෙන සමාජවාදී වෙට්ටු දැමීමෙන් නොවන බව, ජ.වි.පෙ දැන්වත් තේරුම් ගත යුතු ය. දෙමළ දේශපාලනය කම්කරු පංතිය වෙනුවෙන් කොන්දේසි කිසිවක් නොමැත’ව සහාය දීමට ඉදිරිපත් වූ බව අමතක නොකළ යුතු පාඩමකි. ඒ නිසාවෙන්ම ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් නොතකා සිංහල ජාතිවාදයට ගැලපෙන ලෙස හැසිරීමේ අවස්ථාවාදය දැන් ජ.වි.පෙ අත් හල යුතුව ඇත. එය ඊළ`ග වටය සඳහා වැදගත් වන බව ජ.වි.පෙ තේරුම් නොගන්නේ නම්, එහ’ වාස’ය රාජපක්ෂ ආණ්ඩුව ගන්නේ තව දුරටත් යුද්ධය හා සිංහල දේශපේ‍්‍රමය ඉදිරියට දැමීමෙන් බව, අලූතෙන් නගන්නට අවශ්‍ය දේශපාලන තර්කයක් නොවේ.

මැයි 21 සංකේත වර්ජනයේ අනෙක් වැදගත් හයිය වූයේ, පළමු වරට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කි‍්‍රයාාකාරීව වර්ජනයට සහභාගි වීමත් එළෙසින්ම පළමු වරට, ශී‍්‍ර ලංකා නීතීඥ සංගමය කම්කරුවනට වැඩ වර්ජනය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ පෙනී සිටීමත් ය. එය එක්තරා ආකාරයකින් ඓතිහාසික වෙනසකි. එවැනි වෘත්තීය සංවිධාන බොහෝ විට තම ස්වාධීනත්වය රැුකීමට සීමා වන්නේ ය, එහෙත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා නීතිඥ සංගමය පෙන්නුම් කෙරුවේ, ආණ්ඩුව කෙතරම් මේ සමාජයේ ඉහළ නාගරික මැද පංතිය තමන්ගෙන් දුරස්ත කර ගෙන ඇති බව පමණක් නොව, වෘත්තීය සමති ව්‍යාපාරයට එවැනි සමාජ කාණ්ඩ හා හවුල් වන්නට ද හැකිය යන කාරණාව ය. ඒ හා ඊට සමාන වැදගත් කමෙකින් ගැට ගැසෙන අනෙක් පිරිස නම්, කීර්තිමත් සම්මානලාභී නිර්මාණකරුවන් ය. වර්ජනයට සහාය දෙන්නට එවැනි නිදහස් පිරිස් එකතු වීම, ආණ්ඩුව මොනවා කීවත් හැම ආකාරයෙන්ම මැයි 21 සාර්ථක වූ බවට සාක්කි ය.

මැය’ 21 වර්ජනයේ දී අසාර්ථක වූයේ ප‍්‍රධාන විපක්ෂය වන යූ.ඇන්.පි යය’. ඔවුනට මැයි 15 පොදු විපක්ෂයේ විරෝධය වෙනුවෙන් කොළඹට සාර්ථකව කැඳවා ගැනීමට හැකි වූ විශාල සෙන`ගට ගැලපෙන ආකාරයෙන් වර්ජනයට හවුල් වන්නට නොහැකි වූ බව ඔප්පු විය. එපමණක් නොව, ඔවුන් යම් බරක් දැම්මේ නම්, ග‍්‍රාමීය විරෝධය ද මීට වඩා වැඩි පෙනුමක් අර්ථයක් ලබන්නට බෙහෙවින් ඉඩ තිබුණි. යු.ඇන්.පි නායකත්වය නැවත පෙන්නුම් කෙරුවේ ඔවුන්ට එවැනි සංවිධානාත්මක පංති විරෝධතා මෙහෙයවා ගැනීමේ හැකියාවක් ඉලක්කයක් නැති බව ය.

මැයි 21 සංකේත වර්ජනයේ වැදගත්ම කාරණය ලෙස මතු වූයේ අලූත් පරම්පරාව මේ වර්ජන ගැන දක්වන නොසැළකිල්ල ය. අද අලූත් පරම්පරාවට ඔවුන්ගේ ප‍්‍රශ්න පොදු ප‍්‍රශ්න නොවේ. එනිසා ඒවා මොනයම් ආකාරයෙන් හෝ පෞද්ගලිකව විසඳා ගැනීමට ඔවුන් වඩා කැමති ය. සංකේත වර්ජනයට හවුල් වූ වාමාංශිකයින් හා වෘත්තීය සමිති නායකයින් මෙය තවමත් සංස්කෘතික ගැට`ඵවක් සේ තේරුම් නොගත්තකි. තවමත් වෘත්තීය සමිති වල මුදුණෙහි ඉන්නවුන් විරෝධතා, වර්ජන, සංකේත වර්ජන වෙත යොමු වන්නේ පරණ සංවිධාන උපායන් හා පිළිවෙත් සමගින් ය. ඒ පැරණි භාෂාවෙන්ම හ`ඩ නගන සටන් පාඨ ඉදිරිපත් කරමින් ය. එහෙත් 1980 ජූලි වර්ජනයේ සියලූ පරාජයන්ගෙන් පසු, නව නිදහස් ආර්ථිකයේ තරගකාරිත්වය ඇතුළත හැදුනු වැඩුනු පරම්පරාවට වමේ දේශපාලනයක් හෝ වෘත්තීය සමිති අත්දැකීම් හෝ නැත. ඔවුන් දන්නේ 88 – 90 කාලයේ ජ.වි.පෙ මෙහෙය වූ තුණ්ඩු කෑලි විරෝධතා සහ බලහත්කාර හර්තාල් ය. ඔවුන්ට වමේ දේශපාලනය වන්නේත් ඒ දේශපේ‍්‍රමි විරෝධතාවන් ය. එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට පැමිණ අද මේ කතා කරන ජ.වි.පෙ ඔවුන් දන්නා දේශපාලනයක් කතා නොකරති. ඔවුන්ව මේ පරිභෝජනවාද’ අලූත් පරම්පරාව දැන් දකින්නේ පැරණි සාම්ප‍්‍රදායික වෘත්තීය සමිති කි‍්‍රයාකාරිත්වයෙහි අකාර්යක්ෂමතාවයට සමානව ය. ජ.වි.පෙ ද පැරණි වෘත්තීය සමිති සම්ප‍්‍රදායන්ට අනුගතව ඇති හෙයින් ය.

එබැවින් මේ අලූත් පරම්පරාවන් හා වෘත්තීය සමිති කි‍්‍රයාකාරිත්වය අතර ඉතා පැහැදිලි සංස්කෘතිමය පරතරයක් ඇත. ඊළග වටයේ දී, ඒ අලූත් පරම්පරාවට ආමන්ත‍්‍රණය කළ හැකි ද, ඔවුන් හා කෙතරම් සමීප වන්නේ ද යන්න ඉතා වැදගත් සාධකයක් වනු ඇත. එනිසා, මේ සංස්කෘතික පරතරය පියවා ගන්නේ කෙසේ ද යන්නට වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටු නායකත්වය මෙතැන් සිට උත්තර සොයන්නට සූදානම් වන්නේ නම් පමණක්, ආණ්ඩුවට මේ වර්ජනය, ඊළ`ග වටයේ දී වඩා ලොකු තර්ජනයක් වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Thnak you
    good one Kusal

  • 0
    0

    Every trade union leaders in jvp,unp and relevant parties should be read this article.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.