26 April, 2024

Blog

එළැඹෙන සැප්තැම්බරයට පෙරවදනක්

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

‘‘ජාත්‍යන්තර පරීක්ෂණ කෙරුණයි කිව්වට තවම දෙමළ ජනතාවගේ මානූෂීය ප‍්‍රශ්න සඳහා සාධාරණ කිසිවක් කෙරිලා නැහැ. යුද්ධයේ අවසන් දින කිහිපයේ මානව හිමිකම් උල්ලංඝණ ගැන මම යුධ අපරාධ පිළිබඳ පරීක්ෂණයකදී සාක්ෂි ඉදිරිපත් කරන්න සූදානම්. ඒ සම්බන්ධ ඇත්ත තොරතුරු ප‍්‍රමාණයක් මා ළ`ග තියෙනවා.’’ – දෙමළ ජාතික සන්ධාන අම්පාර දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්ද්‍රනේරු චන්ද්‍රකාන්තන් මීට මසකකට පමණ ඉහතින් දෙමළ රූපවාහිනි නාලිකාවකට කළ ප‍්‍රකාශයකින් උපුටා ගැණුනකි.

වත්මන් ආණ්ඩුව සමග අලූත් හිතවත් කමක් ඇතිව කටයුතු කිරීමට බටහිර බලවත්හූ පොරොන්දු වූහ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මාර්තු සැසියට ඉදිරිපත් කරන්නට තිබූ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් කෙරුනු පරීක්ෂණයේ මුල් වාර්තාව, මහ කොමසාරිස් සෙයිද් රාඞ් අල් හුසේන් විසින් ලබන සැප්තැම්බර සැසිය දක්වා කල් තැබුවේය. විශේෂයෙන් යුද්ධයේ අවසාන කාල වකවානුවේ සිදුවූ අපරාධ වෙතොත් ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සඳහා දේශීය පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට ආණ්ඩුව පොරොන්දු විය. ලබන ජූලියේදී කොමිසම ආරම්භ කරන බව ජනාධිපති පැවසුවේය. සියලූ පාර්ශවයන් සමගින් සාකච්ඡුා කිරීමෙන් හැර ඒ සම්බන්ධව පියවර නොගන්නේයැයිද ආණ්ඩුව කිසිදු ජාත්‍යන්තර ආයතනයකට කාල වකවානු පිළිබඳ පොරොන්දු දී නැතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප‍්‍රකාශිකා කොලොන්නේ මහත්මිය වරක් සති අන්ත පුවත්පතකට කියා තිබිණ. විදේශ කටයුතු ඇමති මංගල සමරවීර ඉකුත් දින මාධ්‍ය අමතා කීවේ මැතිවරණ ගැන ඇති ඉක්මණ නිසා දේශීය යුධ අපරාධ පරීක්ෂණ කොමිසම පිළිබඳව තවම පියවර ගෙන නැති බව ය.

මේ අතර, ‘‘සුදු කොඩි’’ සිද්ධිය ලෙසින් ප‍්‍රසිද්ධ වූ චෝදනා පිලිබඳව මානව හිමිකම් කොමිසම් මහ ලේකම් විසින් ඉදිරිපත් කිරීමට යෝජිත ශී‍්‍ර ලංකාව පිළිබඳ වාර්තාවෙහි ‘‘සුදු කොඩි ඝාතන’’ සම්බන්ධ සාක්ෂි කිහිපයක් සටහන් වන්නේ යැයි මාධ්‍ය වාර්තා වලට අනුව දැනගත හැකි විය. ඉන් කියැවුනු කතාව වන්නේ ලබන සැප්තැම්බරයේදී මානව හිමිකම් මහ කොමසාරිස් විසින් ශී‍්‍ර ලංකාව ගැන ඉදිරිපත් කරන වාර්තාව සඳහා උත්තර දීමට ආණ්ඩුවට සිදුවන බවය.

එවැනි විටෙක, ජාත්‍යන්තර පරීක්ෂකයින් අත ඇති තොරතුරු අතරවන ‘‘සුදු කොඩි ඝාතන’’ ලෙසින් ප‍්‍රසිද්ධියට පත් වූ සිද්ධිය සම්බන්ධයෙන් උත්තර දීමටත් සිදුවනු ඇත. එවක හමුදාපති වූ ජනරාල් සරත් ෆොන්සේකා ඒ සිද්ධිය පිළිබඳව 2010 ජනාධිපතිවරණ සමයේ ‘‘සන්ඩෙ ලීඩර්’’ පුවත්පතට කළ ප‍්‍රකාශයක් ඉමහත් ආන්දෝලනයකට ලක් විය. සිරියානු ප‍්‍රහාරයන්ට ගොදුරුව තිබූ හොම් නගරයේ ඛේදවාචකය වාර්තා කිරීමට එහි ගොසින් සිටියදී 2012 පෙබරවාරි 12 වන දින සිරියානු හමුදා බෝම්බ ප‍්‍රහාරයකින් මිය ගිය ලෝ ප‍්‍රකට යුධ වාර්තාකාරිණියක් වූ මාරි කොල්වින් මෙරට යුද්ධය අවසන් වී දින 05 ට පසු 2009 මැයි 24 වන දින ‘‘සුදු කොඩි’’ සිද්ධියට තිබූ තම පෞද්ගලික සම්බන්ධයද සටහන් කරමින් ඇය සේවය කළ බි‍්‍රතාන්‍යයේ සන්ඬේ ටයිම්ස් පුවත් පතෙහි සවිස්තරාත්මක වාර්තාවක් පළ කළා ය.

මාරි කොල්වින්

*මාරි කොල්වින්

මෙතෙක් මෙම වාර්තාව පූර්ණ වශයෙන් අපේ රටේ මාධ්‍යයන්හි ඉංගී‍්‍රසියෙන් හෝ පළව නැත. එනිසා මෙතෙක් කිසිවකු විසින් අභියෝග නොකළ හා ප‍්‍රතික්ෂේප නොකළ එහි ඇති තොරතුරු සමූහය සිංහල සමාජයට දැන ගැනීමට නොහැකි විය. සංස්කරණය නොකළ එකී වර්තාවෙහි මෙම සිංහල පරිවර්තනය ඒ වෙනුවෙනි.

‘‘යටත්වන්න උදව් කරන්නැයි කොටි මගෙන් අයැද සිටියා’’ – මාරි කොල්වින්

ශී‍්‍ර ලංකා හමුදාව ආසන්නයටම පැමිණි පසු සමූලඝාතනයෙන් වළකාලන මෙන් කැරළිකරුවෝ, සන්ඬේ ටයිම්ස් වාර්තාකාරිණියට බැගෑපත් ඉල්ලීමක් කළහ.

එය අන්ත අසරණ වූවෙකුගේ අන්තිම දුර කතන ඇමතුම විය. එනමුත් එය තවත් පැය කිහිපයකින් මිය යන්නට සිටි මිනිසකුගේ හ`ඩ නොවීය. දෙමළ කොටි සංවිධානයේ දේශපාලන නායක බාලසිංහම් නඬේසන්ට හැරෙන්නට වෙනත් අතක් නොතිබුණ සෙයකි.

‘‘අපි අපේ ආයුධ බිම තියනවා’’ ඔහු පසුගිය ඉරිදා මධ්‍යම රාති‍්‍රය ආසන්නයේ චන්ද්‍රිකා දුරතකනයකින් මට කතාකර කීවේය. ඔහු සිටියේ ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ උතුරට වන්නට ඔවුන් අවසාන වරට කොටුවී සිටි කුඩා වනාන්තරයක් සහිත බිම් කඩක ය.

කිසි කලබලයකින් තොරව ඔහු ඉතා සන්සුන්ව කතා කරන විට, මැෂින් තුවක්කු හ`ඩ මට පසුබිමෙන් ඇසින. ‘‘අපි ඔබාමා පාලනයෙන් හා බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් බලාපොරොත්තු වෙනවා. එහෙම සහතිකයක් තියේවිද?’’

වසර 26 ක දෙමළ කොටි සහ බහුතර සිංහලයින් අතරවූ යුද්ධයේ ඉතාම භයානක අවස්ථාව විය හැක්කේ ජයග‍්‍රාහී ශී‍්‍ර ලංකා හමුදාවට බාර වීම බව ඔහු හොඳින් දැන සිටියේ ය.

වසර 08 ට පෙර කොටි ප‍්‍රදේශයට රහසෙන් ඇතුලූ වූ මම, නඬේසන් සහ කොටි සාම ලේකම් කාර්යාලයේ ප‍්‍රධානියා වූ සීවරත්නම් පුලිතේවන් දැන හැඳින සිටියෙමි.

ඒ වන විට, රටෙන් තුනෙන් පංගුවක් කොටි පාලනයට නතුව තිබිණ. දැන් මේ දෙදෙන ඉතිරිව ඉන්නා සටන්කරුවන් 300 සහ ඔවුන්ගේ පවුල්වල අයගේ ජීවිත බේරා ගැනීමේ උත්සාහයක යෙදුනාහ. ඔවුන්ගෙන් බොහෝ දෙන තුවාලකරුවන් විය. දෑතින් හාරා ගත් කාණුවල නිරන්තර බෝම්බ ප‍්‍රහාර වලින් බේරීමට උත්සාහ කරන දෙමළ සිවිල් වැසියන් දස දහස් ගණනක්ද ඔවුන් සමග එහි කොටූවී සිටියහ.

කැරළිකාරිත්වය පරාජය කිරීමේ අවසන් ජයග‍්‍රාහී ප‍්‍රහාරය සඳහා හමුදාව කුඩා බිම්කඩ වෙත කඩා වැදුනු අවසන් දින කිහිපයේ දී කොටි නායකත්වය හා එක්සත් ජාතීන් අතර පණිවිඩකරු වූයේ මා ය.

එක්සත් ජාතීන් වෙත කරුනු 03 ක් ඉදිරිපත් කරන්නට නඬේසන් මට කීවේය. ඔවුන් ඔවුනගේ ආයුධ බිම තියනු ඇත. ඇමෙරිකානුවන්ගෙන් හෝ බි‍්‍රතාන්‍යයින්ගෙන් ඔවුන්ට ආරක්ෂාව පිළිබඳ සහතිකයක් අවශ්‍ය වන්නේය. සුළුතර දෙමළ අයිතීන් තහවුරු කෙරෙන දේශපාලන කි‍්‍රයාදාමයක් පිළිබඳ සහතිකයක් ශී‍්‍ර ලංකා ආණ්ඩුවෙන් ලැබිය යුතු ය.

ඇමෙරිකානු හා බි‍්‍රතාන්‍ය පාලනයේ ඉතා ඉහළ නිලධාරීන් හරහා මම ඒ වන විට කොළඹ සිටි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන්කි මූන්ගේ විශේෂ නියෝජිත හා ප‍්‍රධාන කාර්ය නිලධාරී විජය නම්බියාර් සමග සම්බන්ධය තහවුරුකර ගත්තෙමි. බාරවීම සඳහා කොටින්ගේ කොන්දේසි මම ඔහුට ඉදිරිපත් කළෙමි. ඔහු ඒවා ශී‍්‍ර ලංකා ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන බව මා සමග කීවේය.

අවසානයේ ගැටුම සාමකාමී කෙළවරකට එනු ඇතැයි සිතින. උපැස් යුවලක් පැළඳි විනෝදකාමී පුද්ගලයෙකු වූ පුලිතේවන් බන්කරයක ඉන්නා ඔහුගේ සිනාමුසු ඡුායාරූපයක් මගේ ජංගම දුරකතනයට යොමු කළේය.

නමුත් හමුදාව තව තවත් ආසන්නයට පැමිණි පසුගිය ඉරිදා රාති‍්‍රයේ කොටින්ගෙන් නැවත ඉල්ලීම් නොවුනි. ඡුායාරූපද නොලැබිණ. නඬේසන් මට කතා කළ විට ‘‘යටත්වීම’’ යන වචනය භාවිත කිරීම ඔහු ප‍්‍රතික්ෂේප කළේ ය. එහෙත් ඔහු කරන්නට බලාපොරොත්තු වූයේ එය ය. කොටින්ගේ ආරක්ෂාව සහතික කිරීමට නම්බියාර් සිටිය යුතු යැයි ඔහු කීවේය.

නැවතත් එක්සත් ජාතීන්ගේ නිව් යෝක් නුවර 24 පැය පාලන මැදිරිය නම්බියාර් සමග මා සම්බන්ධ කළේ ය. ඒ වන විට කොළඹ වෙලාව සඳුදා පාන්දර 5.30 විය. මම ඔහුව නින්දෙන් අවදි කළෙමි. කොටි ආයුද බිම තබා ඇතැයි මම ඔහුට කීවෙමි. නඬේසන් හා පුලිතේවන් යටත්වූ විට ඔවුනට ආරක්ෂාව ඇතැයි ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ තමාට සහතික වූ බව ඔහු කීවේය. ඔවුන් කළ යුත්තේ ‘‘සුදු කොඩියක් ඉහළට එසවීම’’ යැයි කීවේය.

යටත්වීම බැලීමට ඔහු යා යුතු නොවේදැයි මම නම්බියාර්ගෙන් ඇසුවෙමි. අවශ්‍ය නැතැයි කී ඔහු ජනාධිපතිගේ සහතිකය ප‍්‍රමාණවත් යැයි කීවේය.

ඒ වනවිටත් ලන්ඩනයේ තවමත් ඉරිදා මධ්‍යම රාති‍්‍රය පසුවූවා පමණය. මම නඬේසන්ගේ චන්ද්‍රිකා දුරකතනයට කතා කරන්නට උත්සාහ කළෙමි. එහෙත් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. එනිසා මම දකුණු අපි‍්‍රකාවේ කොටි සම්බන්ධතාවයකට කතා කර ‘‘සුදු කොඩියක් ඉහළට එසවිය යුතුය’’ යන නම්බියාර්ගේ පණිඩිඩය දුන්නෙමි.

පාන්දර 05 ට මා අවදි වූයේ ගිණිකොන ආසියාවේ තවත් කොටි සම්බන්ධතාවයක් විසින් මට දුරකතනයෙන් කතා කළ විටය. ඔහුට දුරකතනයෙන් නඬේසන් සම්බන්ධ කර ගැනීමට නොහැකිව ඇත. ‘‘මම හිතන්නේ දැන් සේරම ඉවරයි’’ ඔහු කීවේය. ’’ ඔවුන් සියලූ දෙනම දැන් මැරිලා’’.

ශී‍්‍ර ලංකා හමුදාව එදින සවස කොටින්ගේ මළ මිනී ප‍්‍රදර්ශනය කළේ ය. යටත්වීම වැරදුනේ කෙසේ ද? ඒ ගැන නොපමාව සෙවිය යුතු විය.

එම ඉරිදා රාති‍්‍රයේ ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වූ රෝහන් චන්ද්‍රනේරුටද නඬේසන් කතා කර ඇතැයි මම දැන ගතිමි. ඔහු වහා රාජපක්ෂට කතා කර ඇත.

ඒ මන්තී‍්‍රවරයා ඊළග පැය කිහිපයේ සිදුවීම් විස්තර කළේ ය. ‘‘නඬේසන්ට සහ ඔහුගේ පවුලේ උදවියට පූර්ණ ආරක්ෂාව ලබා දෙනවා යැයි ජනාධිපති පුද්ගලිකවම මට කිව්වා. නඬේසන් මට කිව්වා ඔහු සමග 300 ක් ඉන්නවා කියලා. සමහරුන් තුවාලකරුවන්.’’

‘‘මම ජනාධිපතිට කිව්වා, මම ගිහින් ඔවුන්ගේ යටත්වීම බාර ගන්නම්’’ කියලා.

‘‘රාජපක්ෂ කිව්වා, නැහැ ඔබ යුධ කලාපයට යෑමේ අවශ්‍යතාවක් නැහැ. ඔබේ ජීවිතය අනතුරට ලක් කරන්න අවශ්‍ය නැහැ. අපේ හමුදාව හරි විනය ගරුකයි. පරාර්ථකාමියි කියලා.’’

ජනාධිපතිගේ මළනුවන් බැසිල් තමාට කතා කළ බව චන්ද්‍රනේරු පැවසුවේ ය. ‘‘ඔහු කිව්වා ඔවුන්ට ආරක්ෂාව තියෙනවා. ඔවුන් සුදු කොඩියක් ඔසවා එන්න ඕනැ කියලා. ඔවුන් පැමිණිය යුතු මාර්ගයද ඔහු මට කිව්වා’’.

ශී‍්‍ර ලංකාවේ වෙලාවෙන් සඳුදා පාන්දර 6.20 ට පමණ මන්තී‍්‍රවරයා නඬේසන්ට කතා කර ඇත. ඇසුනු වෙඩි හ`ඩ වෙන කිසි විටෙකට වඩා වැඩි යැයි ඔහු කීවේය.

’‘අපි සූදානම්. මම ඉස්සරහින් සුදු කොඩියක් ඔසවා ගෙන යනවා’’ නඬේසන් ඔහුට පවසා ඇත.
’‘මම කිව්වා, ඉහළට ඔසවන්න සහෝදරයා. ඔවුන්ට පේන්න තියෙන්න ඕනේ. මම හවසට එන්නම් හමුවන්න’’ චන්ද්‍රනේරු පැවසුවේය.

ඝාතන කලාපයෙන් බේරීමට හැකි වූ කණ්ඩායමක දෙමළ පුද්ගලයෙකු සිදුවූ සියල්ල විස්තර කළේ ය. මෙම පුද්ගලයා ආධාර සැපයූ කි‍්‍රයාධරයෙකු සමග පසුව කියුවේ නඬේසන් සහ පුලිතේවන් ගැහැණු පිරිමි ඇතුළත් දුසිමක පමණ පිරිසක් සමග සුදු කොඩියක් ඔසවා ගෙන ශී‍්‍ර ලංකා හමුදා පෙරමුණ වෙත ගමන් කළ බව ය. හමුදාව ඔවුන් වෙත මැෂින් තුවක්කු ප‍්‍රහාරයක් එල්ල කළේ යැයි ඔහු කීවේය.
‘‘ඔහු යටත්වන්න එන්නේ. නුඹලා ඔහුට වෙඩි තියනවා’’ නඬේසන් ගේ බිරිඳ සිංහලෙන් කෑ ගැසුවාය. ඇය සිංහල කාන්තාවකි. ඇයටද වෙඩි තැබිණ.

කණ්ඩායමේ සියලූ දෙන ඝාතනය කෙරුණැයි මේ පුද්ගලයා කීවේය. ඔහුගේ ජීවිතය ගැන බියෙන් දැන් ඔහු සැ`ගවී සිටින්නේ ය. චන්ද්‍රනේරු මන්තී‍්‍ර කියන ආකාරයට ජනාධිපති සහ එතුමන්ගේ සහෝදරයාගේ තර්ජන හේතුවෙන් ඔහුද රට හැර ගියේය.

පසුගිය දින කිහිපයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ලෙස නම්බියාර්ගේ මැදිහත්වීම ප‍්‍රශ්න කිරීමට ලක්ව ඇත. ඔහුගේ සහෝදරයා වන සතිශ් 2002 සිට ශී‍්‍ර ලංකා හමුදාවෙන් වැටුප් ලැබූ උපදේශකයෙකු විය. ශී‍්‍ර ලංකා හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ’’ශේ‍්‍රෂ්ඨ හමුදා නායකයෙකුගේ ගති ලක්ෂණ ඇත්තෙක්’’ යැයි වරක් සතිශ් ලීවේය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇතුලූ ඔවුන්ගේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා නිසා දෙමළ කොටි සංවිධානය ජාත්‍යන්තරව තහනම් කරනු ලැබූ සංවිධානයක් වූවත් නඬේසන් හා පුලිතේවන් දේශපාලන විසඳුමක් සඳහා කැමැත්ත පළ කළහ. ජීවත් වූයේ නම් ඔවුන් සුළුතර දෙමළ ජනතාවගේ විශ්වාසය දිනිය හැකි දේශපාලන නායකයන් වන්නට ඉඩ තිබිණ.

ඔවුන්ගේ ව්‍යාපාරය හමුදා යාන්ත‍්‍රණයක් බවට පත් කෙරුවේ ඔවුන්ගේම විධායකයා වූ වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ය. ඔහු භීතියෙන් පෙලූණු කුරිරු පුද්ගලයෙකි. ශී‍්‍ර ලංකා හමුදා ප‍්‍රහාර හමුවේ දෙමළ කොටි පසු බසිමින් සිටියද ඔහු හමුදා කි‍්‍රයාකාරිත්වය කෙරෙහි තැබූ විශ්වාසය අතහැරියේ නැත.

පසුගිය සතිය වනවිට ප‍්‍රභාකරන් තවමත් ජීවතුන් අතර යැයි කතා පැතිරුණද, සංවිධානය සීසීකඩ වී තිබිණ. බේරී සිටි දෙමළ නායකයින් දේශපාලන පිළිවෙතකට යාමේ අවශ්‍යතාව ගැන කතා කළ අතර, වඩා සටන්කාමී නියෝජිතයෝ පළිගැනීමේ ප‍්‍රහාර ගැන කතා කළහ.

මාධ්‍යවේදිනියක ලෙස මේ කතාව වාර්තා කිරීමේ අපහසුවක් මට ඇත. මම පළමු වරට ශී‍්‍ර ලංකාවට ගියේ 2001 වසරේදී ය. ඒ ලක්ෂ 05 ක් දෙමළ ජනතාවට ආහාර සහ ෙඖෂධ සැපයුම් ආණ්ඩුව විසින් අවහිර කර ඇතැයි වූ තොරතුරු සෙවීමටය. උතුරු දෙමළ ප‍්‍රදේශය වසර 06 ක් පමණ මාධ්‍යවේදීන්ට තහනම් වූ ප‍්‍රදේශයකි.

එහි ජනතාව අපා දුක් විඳිනු මම දුටුවෙමි. වෛද්‍යවරුන් ෙඖෂධ සඳහා අයදින හැටි දුටිමි. නඬේසන් සහ පුලිතේවන් වැනි නායකයින් මා සමග පැවසුවේ ඔවුන් ස්වාධීන ඊළාම් රාජ්‍ය පිළිබඳ ඉල්ලීම ශී‍්‍ර ලංකාව තුල ස්වපාලනය දක්වා ලිහිල්කර ඇති බවය.

රාති‍්‍රයෙහි මාව ඔවුන්ගේ ප‍්‍රදේශයෙන් පිටතට ගෙන ඒමට කළ රහසිගත උත්සාහයේදී ශීී‍්‍ර ලංකා හමුදා කාණ්ඩයක් අපට හදිසි ප‍්‍රහාරයක් එල්ල කළේය. මා ‘‘මාධ්‍යවේදිනියක්. මාධ්‍යවේදිනයක්’’ කියා කෑ ගසනතුරු මට කිසිදු අනතුරක් තුවාලයක් සිදුව නොතිබිණ. ඒ සැණින් ඔවුහු මා වෙත රොකට්ටු ග්‍රෙණේඩයක් එල්ල කළහ. මට ඉන් බරපතල ලෙස තුවාල සිදුවිය.(ඇයගේ දකුණු ඇස ඇයට අහිමි වූයේ මේ ප‍්‍රහාරයෙනි)

ඉන්පසු මම නිරන්තරව දෙමළ නායකයින් හා සම්බන්ධතා පැවැත්වූයෙමි. පසුගිය මාස කිහිපයේ හමුදාවේ අලූත් මෙහෙයවීම් සමග වූ ප‍්‍රහාර හමුවේ දෙමළ කොටි පසුබසින විට නායකයෝ මට දිගින් දිගටම දුරකතනයෙන් ඇමතුහ. එවැනි එක් දුරකතන ඇමතුමකදී ආණ්ඩුව සටන් විරාමයක් කි‍්‍රයාත්මක කරන්නේ නම්, ඔවුන් ඕනෑම ජනමත විචාරණයකට සූදානම් බව නඬේසන් කීවේය. ඔහුගේ ඒ ඉල්ලීම කොළඹ ප‍්‍රතික්ෂේප කළේය.

කොටි පරාජය කළ පසු කොළඹ වීදිවල පී‍්‍රතිඝෝෂා පැවැත්වින. ජයග‍්‍රහණය පැමිණයේය. ඒ දෙමළ වැසියනට සිතාගත නොහැකි වූ සලිත කෙරෙන අධි මිලක් සමගය. එක්සත් ජාතීන්ගේ ගණන් වලට අනුව අවසාන ප‍්‍රහාරයෙන් අවම 7,000 ක් මිය යන්නට ඇත. එහෙත් ඇත්ත සංඛ්‍යාව ඊට බෙහෙවින් වැඩි යැයි විශ්වාස කෙරේ. යුද්ධයට කොටුවී සිටි 2,80,000 ක් කටුකම්බි ගැසූ ‘‘සුභසාධන’’ කඳවුරුවලට ගාල් කර ඇත. ඒවායේ තත්ත්වය වේගයෙන් බිඳ වැටෙන්නේය.

ඊයේ වනවිට එක කූඩාරමක පවුල් 03 ක් පමණ ගුලිවී ඉන්නා බවත් වතුර හා ආහාර සඳහා පැය ගණන් පෝලිමේ සිටිය යුතු බවත් ජාත්‍යන්තර ආධාරක සංවිධාන පැවසූහ. එක් ආධාරක සේවකයෙකුට අනුව 44,000 ක් වූ කඳවුරක සිටින්නේ එක් වෛද්‍යවරයෙකු පමණි.

සන්ඬේ ටයිම්ස් (බි‍්‍රතාන්‍යයේ) පුවත් පත විසින් ආධාරක සංවිධාන හරහා සම්බන්ධ කරගත් අනාථ පිරිස් දැඩි වේදනාවෙන් කතා කළහ. ‘‘බලන්න අප ඉන්න හැටි’’ එක් කඳවුරක සිටි දෙදරු මවක් පැවසුවාය. ‘‘අපට කිසිම ඉඩක් නැහැ. අව්වට කර වෙනවා. සන්නද්ධ භටයින් හමුවේ අපි කටුකම්බි වලින් කොටු කළ හිරකාරයෝ. දරු දෙන්නෙක් එක්ක මම මොනවා කරාවී කියලද මේගොල්ලන් හිතන්නේ? ඇයි අපි මෙහේ ඉන්නේ?’’ ඇය ඇසුවාය.

සනාථ කර ගැනීමට නොහැකි වූවත් වාර්තාවන අයුරු අතුරු සන්නද්ධ කණ්ඩායම් විසින් කඳවුරු වල ඉන්නා තරුණයින් කොටි යැයි පවසා රැුගෙන ගොස් රහස් ස්ථානවල රඳවා ඇත.

ජනාධිපති දෙමළ ප‍්‍රජාවට දෑත දිගු කරමින් වසර අවසාන වන්නට කලින් සියයට 80 ක් නැවත පදිංචි කිරීමටත් රට එක්සත් කිරීමටත් පොරොන්දු විය.

‘‘එය යතාර්ථවාදී යැයි මම හිතන්නේ නැහැ’’ මානව හිමිකම් සංවිධානයේ ඇනා නීස්ටට් කීවාය. ‘‘කිසිවකු නිදහස් කරන්නට කිසි පිළිවෙතක් නැහැ.’’

දෙමළ කොටි ව්‍යාප්තිය සඳහා ඉඩ සැපයූ දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් විසඳුම් නැතිව ආණ්ඩුව ප‍්‍රකාශයට පත් කළ අභිප‍්‍රායන් කවරක් වූවත් ශී‍්‍ර ලංකාව එක්සත් කළ හැකි අවකාශයක් පේන තෙක් මානයක නැත.

(මෙම වාර්තාව සඳහා අමතර තොරතුරු සැපයීම කොළඹ සිට, හෙද මාක් ගෙනි)

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.