20 July, 2019

Blog

රනිල්ට මැර ප‍්‍රහාර එල්ල කර අවනීතියට සක්විති රජකම දීම

ලක්‍ෂ්මන් කිරිඇල්ල

සුළි කුණාටුවෙන් ජීවිතක්‍ෂයට පත් අහිංසක සහ අසරණ ධීවර ජනයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ගිය එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ගමන් ගත් රථ පෙළට ගාල්ල, බලපිටිය, වයි.එම්.බී.ඒ. ශාලාව අසලදී ආණ්ඩුවේ මැර කණ්ඩායම් එල්ල කළ මැර ප‍්‍රහාරයෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව අවනීතියට රජකම නොව සක්විති රජකම දී ඇති බවයි.

මෘත දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ගිය එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා ගමන් ගත් නිල රථ පෙළට මෙසේ මැර ප‍්‍රහාර එල්ල කළේ නිතරම සිංහල බෞද්ධකම, සංස්කෘතිය, සාරධර්ම, සදාචාරය, අපේකම සහ අපේ උරුමය ගැන කතා කරන අයයි.

ලක්‍ෂ්මන් කිරිඇල්ල

එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා ගමන් ගත් රථයට මැර ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට එරෙහිව උපරිම නීතිමය සහ දේශපාලන පියවර ගන්නා අතර මේ සම්බන්ධයෙන් සියලූ පාර්ශ්වයන් දැනුම්වත් කිරිමටද කටයුතු කරනවා.

මේ ආණ්ඩුව, මේ රට නීතියක් නොමැති, මිනිසුන් අතුරුදන් කරන, සුදු වෑන් සංස්කෘතියක් කි‍්‍රයාත්මක වන, ජනමාධ්‍යවේදීන් ඝාතනය කරමින් මාධ්‍ය ආයතන ගිනි තබා විනාශ කරන රටක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ හංවඩු ගසා තිබෙනවා.

ශී‍්‍ර ලංකාව අභ්‍යන්තරයේ කිනම් දේශපාලන සෙල්ලමක් කළත් ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනාවන්ට මේ ආණ්ඩුවට මුහුණදී රටත්, ජනතාවත් ගලවා ගත නොහැකිය යන තිත්ත ඇත්ත අප කවුරුත් පිළිගත යුතුව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දී ශී‍්‍ර ලංකා ආණ්ඩුවට විරුද්ධව දෙවතාවක්ම යෝජනා සම්මත වූයේ මේ තත්ත්වය යටතේයි. මේ යෝජනා අපට විරුද්ධව සම්මත වන්නේ රටේත්, ජනතාවගේත් වරදක් නිසා නොව, ආණ්ඩුවේ කි‍්‍රයා කලාපය නිසා බවයි.

ජීවිතක්‍ෂයට පත් ධීවර ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා ගිය එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා ගමන් ගත් වාහන පෙළට මැර ප‍්‍රහාර එල්ල කරමින් ඒ මිනිසුන්ට අවසන් ගෞරව දැක්වීම වැළැක්වීමට ගත් ඉතාම පහත් උත්සාහය අප දැඩි පිළිකුලෙන් යුතුව තරයේ හෙළාදකින අතර, මේ සිද්ධිය සම්බන්ධයෙන් සියලූ පාර්ශ්වයන්ගේ අප‍්‍රසාදය මේ වන විට පළ වී තිබෙනවා.

මියගිය පුද්ගලයෙකුට අවසන් ගෞරව දැක්වීමටවත් මේ ආණ්ඩුව ඉඩ නොදීමෙන් පැහැදිලි වන දරුණු යථාර්ථය කුමක්ද කියා සිංහල බෞද්ධයින් ලෙස අප කවුරුත් හොඳින් දන්නවා. මෘත දේහයකට අවසන් ගෞරව දැක්වීමට පවා ඉඩ ලබා නොදෙන මේ ආණ්ඩුවට කළ යුත්තේ කුමක්ද කියා ජනතාව තීරණය කළ යුතුයි.

සුළි කුණාටුවෙන් ජීවිතක්‍ෂයට පත් ධීවර ජනතාවට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන විපක්‍ෂයේ සියලූ දෙනාටම පහර දී එළවා දැමීමට තීරණය කර තිබෙන බව ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන් මේ මැර ප‍්‍රහාරයෙන් පසුව රූපවාහිනිය ඉදිරියට පැමිණ කිසිදු විලිලැජ්ජාවකින් සහ බියකින් තොරව ප‍්‍රකාශ කිරීමෙන් පැහැදිලි වන්නේ රටේ හිස ඔසවා තිබෙන අවනීතියේ සහ ඒකාධිපතිවාදයේ භයානක ස්වභාවයයි.

එමෙන්ම, මේ නින්දිත මැර ප‍්‍රහාරයෙන් මනාව පැහැදිලි වන්නේ එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන විපක්‍ෂයේ ඉදිරි ගමන, පිබිදීම සහ ශක්තිය කෙරෙහි මේ ආණ්ඩුව කෙතරම් භීතියට පත්ව සිටිනවාද යන්න පිළිබඳවයි.

මේ ආණ්ඩුවේ හැදියාවද? ආණ්ඩුවේ සාරධර්මද? ආණ්ඩුව නිතරම දෙසන සිංහල බෞද්ධකමද? මියගිය පුද්ගලයෙකුට අවසන් ගෞරව දැක්වීමට ඉඩ නොදෙන්නේ ලෝකයේ කිනම් රටකද? කිනම් ජාතිකයක්ද?

දකුණේ සිංහල බෞද්ධ විපක්‍ෂ නායකවරයා වන රනිල් වික‍්‍රමසිංහ මහතාට ආණ්ඩුවේ මැර කණ්ඩායම් මෙසේ මැර ප‍්‍රහාර එල්ල කරනවා නම් මේ ආණ්ඩුව යටතේ උතුරේ ජනතාවට අත්ව තිබෙන ඉරණම කුමක්ද කියා සිතා ගත හැකියි.

රටේ විපක්‍ෂ නායකවරයා වන රනිල් වික‍්‍රමසිංහ මහතා ගමන් ගත් රථ පෙළට එල්ල කළ මේ මැර ප‍්‍රහාරය ජනමාධ්‍ය දැඩි ලෙස හෙළා දකිනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය විශ්වාස කරනවා.

කිසිදු ආචාර ධර්මයක් නොමැති ආණ්ඩුව ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධය ආයතන වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් කිරීමේ කි‍්‍රයාවලියක යෙදී සිටිනව.ා ආණ්ඩුවට පමණක් නොව, ආණ්ඩුවේ ජනමාධ්‍යයටද කිසිදු ආචාර ධර්මයක් නොමැති බව අප කවුරුත් හොඳින්ම දන්නවා.

ආණ්ඩුව සහ මැති ඇමැතිවරුන් ජනමාධ්‍යවේදීන්ට, කර්තෘවරුන්ට සහ ජනමාධ්‍ය ආයතන හිමිකරුවන්ට විවිධ තර්ජන සහ බලපෑම් එල්ල කරන බව ප‍්‍රසිද්ධ රහසක් බවට පත් වෙලා. ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, මාධ්‍ය ආයතන ගිනි තබා විනාශ කිරීම, මාධ්‍ය නිදහස මර්දනය කිරීම ඇතුළු ප‍්‍රශ්නවලට විසඳුම් නොදී ජනමාධ්‍යවේදීන්ටත්, ජනමාධ්‍ය ආයතනවලටත් ආචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒ ඔස්සේ තවත් විවිධ මාර්ග මගින් මාධ්‍ය මර්දනය කිරීමටයි.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ආණ්ඩුව යෝජනා සම්මත කරමින් කියා සිටින්නේ මේ ප‍්‍රශ්න සඳහා විසඳුම් දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, නීතිය සහ සාමය තහවුරු කළ යුතු බවයි.

13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්‍ෂයේ ස්ථාවරය වන්නේ මේ රට නොබෙදා එක රටක් ලෙස තබා ගැනීමට නම් බලය බෙදා හැරිය යුතු බවයි. කෙසේ නමුත් ආණ්ඩුවම 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට විශාල ප‍්‍රශ්නයක් රටේ ඇති කර තිබෙනවා.

යුද්ධයේ අවසාන කාලයේ දී 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් ජනවාර්ගික ප‍්‍රශ්නයට ලබා දෙන බවට පැහැදිලිව රටටත්, ජාත්‍යන්තරයටත් පොරොන්දු දුන්නා.

ශී‍්‍ර ලංකා ආණ්ඩුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට 2009 දී ඉදිරිපත් කෙරුණු යෝජනාව ආණ්ඩුව ජයග‍්‍රහණය කළේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් ජනවාර්ගික ප‍්‍රශ්නයට ලබා දෙන බවට පොරොන්දු වූ නිසයි.

ආණ්ඩුව 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පැහැදිලිවම පිළිගෙන කි‍්‍රයාත්මක කිරීමට එකඟ වූ බව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා යුද්ධය අවසන් වී මසක් ගතවීමට පෙර නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම, ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමග මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සාකච්ඡුා කර නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය අනුවද මේ ආණ්ඩුව 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිගෙන කි‍්‍රයාත්මක කිරීමට එකඟ වී සිටිනවා. විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමග අත්සන් කළ ගිවිසුම් අනුවද ආණ්ඩුව 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිගෙන තිබෙන බව තහවුරු වනවා.

එසේ තිබියදී මේ ආණ්ඩුවට හදිසියේම 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නරක් වී තිබෙන්නේ එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කළහොත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව දෙදරා යන නිසයි.

13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කරමින් කිසිසේත් බලය විමධ්‍යගත කිරීමක් නොකරන බවට මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ සමයේදී ජාතික හෙළ උරුමයට සහ ජනතා විමුක්ති පෙරමුණට ලිඛිතව පොරොන්දු ලබාදීම ඊට හේතුවයි.

13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට දුන් පොරොන්දු සහ ජාතික හෙළ උරුමය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන ජාතිවාදී කොටස්වලට දුන් පොරොන්දු හේතුවෙන් ආණ්ඩුව මේ වන විට දෙලොවක් අතර අතරමං වී සිටිනවා.

ඇත්ත වශයෙන්ම මේ රටට, ජනතාවට බලපා තිබෙන ප‍්‍රධානතම ප‍්‍රශ්න වන්නේ මේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ප‍්‍රශ්නය හෝ හලාල් සහතිකය සම්බන්ධ ප‍්‍රශ්නයක්ද?

2012 අලූත්ම ශී‍්‍ර ලංකා මහ බැංකු වාර්තාව අනුව ශී‍්‍ර ලංකා ඉතිහාසයේ ප‍්‍රථාම වතාවට රටේ අවුරුද්දේ ජාතික ආදායම ජාත්‍යන්තරයෙන් ගත් ණය වාරික සහ පොලී ගෙවීමට ප‍්‍රමාණවත් නොවන තත්ත්වයක් උදා වී තිබෙනවා. ණය වාරික සහ පොලී ගෙවීමට රටේ වාර්ෂික ජාතික ආදායම ප‍්‍රමාණවත් නොවීම රටට ආශ්චර්යයක්ද?

මීට දශයකට පෙර ණය වාරික සහ පොලී ගෙවීමට අපට වැය වූයේ අපේ වාර්ෂික ජාතික ආදායමින් 40% ක් පමණක් වන නමුත් ඉතිහාසයේ පළමු වතාවට ණය වාරික සහ පොලිය ගෙවීමට ජාතික ආදායම ප‍්‍රමාණවත් නොවීමෙන් පැහැදිලි වන්නේ රටේ ආර්ථිකය කඩා වැටීමේ තරමයි.

ආණ්ඩුව විදුලිය ගාස්තු අසීමිත සහ අසාධාරණ ලෙස වැඩි කළේ මේ තත්ත්වය මත පදනම්ව වන අතර, විදුලිය ගාස්තු වැඩි කිරීම හේතුවෙන් සෑම සාමාන්‍ය පවුලකටම වැඩිපුර රුපියල් 1000 – 2000 ත් අතර ප‍්‍රමාණයක් මසකට වියදම් කිරීමට සිදුව තිබෙනවා.

ජාත්‍යන්තරයෙන් අධික වාණිජ ණය පොලී යටතේ සිය පැවැත්ම වෙනුවෙන් ගන්නා ණය විදේශීය ආයෝජන ලෙස හුවා දක්වා රටත්, ජනතාවත් රැවටීමේ කි‍්‍රයාවලියක ආණ්ඩුව යෙදී සිටිනවා. ඇත්ත වශයෙන්ම ආයෝජන කියන්නේ විදේශ රටවල ධන කුවේරයන් ශී‍්‍ර ලංකාවට පැමිණ ඒ අයගේ මුදල් යොදවා අපේ රටේ ඉඩම් ගෙන කර්මාන්ත ශාලා ඉදිකර නව රැුකියා අවස්ථා සලසා නිෂ්පාදන විදේශ රටවලට අපනයනය කිරීමේ කි‍්‍රයාවලියටයි. එවැනි කි‍්‍රයාවලියක් මේ ආණ්ඩුව යටතේ සිදු නොවන අතර, ආණ්ඩුව කරන්නේ අධික වාණිජ ණය පොලී යටතේ ජාත්‍යන්තරයෙන් ණය ගැනීමයි.

ජාත්‍යන්තරයෙන් අධික වාණිජ ණය පොලී යටතේ ණය ගෙන හම්බන්තොට වරාය ඉදිකරන විට ඒ ආශි‍්‍රතව කර්මාන්ත පුරවර නිර්මාණය වී රැකියා අවස්ථා සුළභ වී ආර්ථිකය දියුණු වන බවට ආණ්ඩුව ගැසූ පම්පෝරි සියල්ල දවල් සිහින බවට පත්වෙලා.

මහනුවර නගරයේ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීමට යන ආණ්ඩුවට අප කියා සිටින්නේ මහනුවර දිස්ති‍්‍රක්කය ඇතුළු මධ්‍යම පළාතේ අප කවුරුවත් ආණ්ඩුවෙන් කවදාවත් ගුවන් තොටුපොළක් ඉල්ලා නොමැති බවයි. මහනුවර ජනතාවට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක අවශ්‍යතාවයට වඩා දැවැන්ත ප‍්‍රශ්න ගණනාවක් තිබෙන බව පැහැදිලිව කිව යුතුයි. ගෙවුණු අවුරුදු පහ ඇතුළතදී මධ්‍යම පළාතේ කර්මාන්ත ශාලා 20 ක් වසා තිබෙන අතර, ඒ හේතුවෙන් රැුකියා 20,000 ක් ජනතාවට අහිමි වී ගොස් තිබෙනවා. එම නිසා ආණ්ඩුවට අප කියා සිටින්නේ මධ්‍යම පළාතට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලබාදීමට පෙර මේ වැසීගිය කර්මාන්ත ශාලා 20 නැවත විවෘත කරමින් ජනතාවට රැකියා අවස්ථා ලබාදිය යුතු බවයි.

සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම නව කර්මාන්ත ශාලාවක් විවෘත කර නව රැකියා අවස්ථා 500 ක් ඇති කරන බවට මහින්ද චින්තන මගින් දුන් පොරොන්දුව ආණ්ඩුව අමු අමුවේ උල්ලංඝණය කර තිබෙනවා.

අයෝජන ලෙස රටට ජනතාවට හුවා දක්වමින් අධික වනිජ ණය පොලී යටතේ ආණ්ඩුව ගන්නා ජාත්‍යන්තර ණය කන්දරාවෙන් 30% කට සිදු වන්නේ කුමක්ද කියා කවුරුවත් දන්නේ නැහැ. ජනතාව ඉල්ලා නොසිටිද්දී ආණ්ඩුව හම්බන්තොට වරාය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මහා මාර්ග ඉදි කරන්නේ එම ව්‍යාපෘතිවලින් 30% ක් ගසා කෑමට හැකි වන නිසා වන අතර, මහනුවර ගුවන් තොටුපොළක් ලබාදීමට යන්නේද ඒ අරමුණ ඇතිවයි.

අනාථ කඳවුරුවල සිටින උතුරේ ජනතාවට ඉඩම් සහ නිවාස දී යළි පදිංචි කරවා ජීවන මාර්ග සලසා අධ්‍යාපන අවස්ථා ලබා නොදී උතුරට අධිවේගී මාර්ගයක් ලබාදීමට ආණ්ඩුව කි‍්‍රයා කරන්නේ ද මේ 30% කොමිස් පදනම මතයි.

අයිස්ලන්තයේ හිටපු අග‍්‍රාමාත්‍යවරයා ඒ රටත්, ජනතාවත් ගැන නොසිතා ඒ රට විශාල ණය උගුලකට පැටලවීමට එරෙහිව එරට නව ආණ්ඩුව ඔහු අධිකරණය ඉදිරියට පමුණුවාලීමේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ රටේ පාලකයින් රටක් වුවමනාවෙන්ම ණය උගුලකට පැටල වූ විට ජනතාව කළ යුත්තේ කුමක්ද කියායි.

එල්.ටී.ටී.ඊ.ය සහ වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සමග යුද්ධ කරන කාලයේදීවත් මේ රටේ ආර්ථිකය මේ තරම් විනාශයට පත් නොවූ අතර, රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා දැමීමට ඔහුට ද නොහැකි වුණා. වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට පවා විනාශ කිරීමට නොහැකි වූ අපේ රටේ ආර්ථිකය මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම විනාශ කර ජනතාව ප‍්‍රපාතයට ඇද දැම්මා.

*එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – 2013-06-12 වැනි දින කොළඹ, රාජගිරිය ජාතික වතු කම්කරු සංගම් ශාලාවේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී දැක් වූ අදහස් 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අනේ ඔහෙලටත් අසරනයන්ව හරි විකුණගෙන කන්න පුළුවන් නම් ඒකත් කරයි.ඇල්ලෙ කිරි බොර දියේ මලු බාන්න හදනවා.අහුවෙඉ ඔහොම ගියාම ලොකු ලූල්ලූ එහෙම

  • 0
    0

    උන්ගේ හතුරෙක් ඇවිත් ගැහුවත් කියන්නේ මැරයෝ කියල.පිටේ ගහගෙන අවදා දන්නේ නේ කගේ හරි නමක්,නැත්තම් නමක් කියලවත් ගහන්න පටන් ගත්තද දන්නේ නෑ.ඇතුලේ එඋන් එක්කත් ගහ ගන්න මෙයලට් ගහන්නේ කවුද කියල දන්නවා ඇතිනේ…….මෙරකමට සක්විති රජකම හම්බෙනවා අලියට ඔටුන්න දැම්ම නම් අපි,රටේ වෙලාවට අපි එකට ඉඩ දුන්නේ නැ.දෙන්නෙත් නෑ.

  • 0
    0

    මුන්ට දෙන්න පුළුවන් හොදම ප්‍රහාරය තමා මිනිස්සු දීලා තියෙන්නේ… මුන්ව නැති කරලා ම දන්නා ඕනේ …හිටියට වැඩක් තියෙනවද…. පක්ෂේ ඇතුලේ ත් මරාගන්න ජාතියක් මුන් … හිතාගෙන එන්න ඇති මල් පුදලා පිළිගනී කියලා….තමුසෙලා කොහොමද ඔයි යුද්දේ ගැන කතා කරන්නේ… ප්‍රබාකරන් ට නැව් පිටින් බඩු ගෙන්න කව්ද පාර කපලා දුන්නේ සාම ගිවිසුම් ගහලා… තමුසේලා නේ ඔයි …ලැජ්ජාවක් නැති එවුන්

  • 0
    0

    මුන්ට දෙන්න පුළුවන් හොදම ප්‍රහාරය තමා මිනිස්සු දීලා තියෙන්නේ… මුන්ව නැති කරලා ම දන්නා ඕනේ …හිටියට වැඩක් තියෙනවද…. පක්ෂේ ඇතුලේ ත් මරාගන්න ජාතියක් මුන් … හිතාගෙන එන්න ඇති මල් පුදලා පිළිගනී කියලා….තමුසෙලා කොහොමද ඔයි යුද්දේ ගැන කතා කරන්නේ… ප්‍රබාකරන් ට නැව් පිටින් බඩු ගෙන්න කව්ද පාර කපලා දුන්නේ සාම ගිවිසුම් ගහලා තමුසේලා නේ ඔයි …ලැජ්ජාවක් නැති එවුන්

  • 0
    0

    මුන්ට දෙන්න පුළුවන් හොදම ප්‍රහාරය තමා මිනිස්සු දීලා තියෙන්නේ… මුන්ව නැති කරලා ම දන්නා ඕනේ …හිටියට වැඩක් තියෙනවද…. පක්ෂේ ඇතුලේ ත් මරාගන්න ජාතියක් මුන් … .තමුසෙලා කොහොමද ඔයි යුද්දේ ගැන කතා කරන්නේ… ප්‍රබාකරන් ට නැව් පිටින් බඩු ගෙන්න කව්ද පාර කපලා දුන්නේ සාම ගිවිසුම් ගහලා තමුසේලා නේ ඔයි …ලැජ්ජාවක් නැති එවුන්

  • 0
    0

    මේ කිරි ඇල්ල ඉගෙන මගුලක් කතා කරනවා.මුන්ට ගහන්න මුන්ම සල්ලි දීලා මැරයෝ ගෙනල්ලා.ගල්වලින් ගැහුවලු.hospital ඉන්න එකෙකුගේවත් ඔලු පැලීලා නෑ.ඔක්කොම තුවාල පෙන්නේ නැති තැන්වල ඇත්තේ.photos බැලුවොත් ඔබලාටම තේරේවි.පුදුමේ කියන්නේ ගහපු එකෙක්වත් අත්අඩංගුවට අරන් නෑ..

  • 0
    0

    කෑව වුනුත් ඇත
    තුවාල වුනෙත් නැත
    නිව්ස් වලත් ඇත
    රනිල ලෝවෙත් නැත

  • 0
    0

    ගල් පාරක් කාල හරි කමක් නෑ මුගේ මොලේ පෑදෙනවනම්.

    • 0
      0

      මම මඤඥං වෙනකන් නේ බලන් ඉන්නේ…
      එවා කොහෙද.. මාත් එක්ක..
      මම කිරිත් එක්ක සමහන් බොනවා…

  • 0
    0

    අනේ කිරි නැතුවද ඔයා අඩන්නේ කිරි?ඔයාගේ ලොක්කට ඔහොම නෙමේ ලැබෙන්න ඕනේ.අනික ඔයා ඔය කියන ඒවා වුනේ 83 දී.මතකද?

  • 0
    0

    මගුලක් කතා කරනවා මෙයා.අරෙහෙ ගුටිකාපු උන් ඇදවල් වලට වෙලා කෙදිරි ගානවා.නැවයින් නැවේ නෑ මෙහෙම නෑමක්.

  • 0
    0

    රටේ විපක්ෂ නායකයා ප්‍රසිද්ධ ස්ථානයකදි ගුටිකෑම යනු ලේසි දෙයක්නොවේ..එවැන් දෙයකදී රජය එයට වගකිව යුතු නම් නීතිමය ක්‍රියාමාර්ග එනතෙක් නිහඩව නොසිට ජනතාව එක් රැස් කර මේවාට විරෝධය දැක්වීම ක්‍රියාකාරී විපක්ෂයකට කාර්යභාරය වෙයි..

  • 0
    0

    දැන් නම් මෙගොල්ලන්නට ජනතාව ගැන පුදුම අනුකම්පාවක් තියෙන්නේ .එයාලගේ ආණ්ඩුවක් එහෙම තිබුනානම් ඔය අනුකම්පාව තියෙයිද කියන එක තමයි සැක !!!බොරු අනුකම්පාවට ජනතව සලකපු හැටි තමයි මේ.එයාලගේ කාලේ ජනතවට සලකපු හැටි අපට හොඳට මතකයි .ගැරඩි මරල පව් ගන්න තරම් ආණ්ඩුවට පිස්සු කියල කිරිඇල්ල මහත්තය හිතුවද දන්නේ නෑ

  • 0
    0

    මෙය හුදෙක් ගුටි කැමේ ව්‍යාපාරයක් ම නොවේ..
    අපිට මුදල් දීපු තරමට තමා අපි සැලකුවේ….

  • 0
    0

    http://www.dailymirror.lk/ මේ ලින්ක් එකෙහි දක්වා ඇති වෙබ් සයිට් එක තනිකරම යු.ඇන් .පී එකට කඩේ යන ඒ අයගේ කමෙන්ට්ස් විතරක් දාන පක්ෂක්ග්‍රාහී වෙබ් එකක් .ඒත් colombo telegraph ඒ කියන්නේ මේ වෙබ් එක අපක්ෂපාති වීම ගැන අපි සතුටු වෙනවා.අදහස් පල කරන්න නිදහසක් නැති කුම්මහි daily mirror admin වගේ වුනේ නැති එකට අපි ගරු කරනවා.මන් මේ කියන්නේ ඇත්තම ඇත්ත.මගේ කමෙන්ට්ස් එකක් වත් එකේ පෙන්නුවේ නැ

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.