19 April, 2024

Blog

කටවුට්වල තිබෙන මනුෂ්‍යයත්වය අනුව ආණ්ඩුව වැඩ කළ යුතුයි

රනිල් වික‍්‍රමසිංහ –

හෙලිකොප්ටර් පැමිණ ධීවරයින් බේරා ගත් බව ආණ්ඩුව ප‍්‍රකාශ කළත්, හෙලිකොප්ටර්වලින් හෝ නාවික හමුදාවෙන් පැමිණ එදා කිසිවෙක් බේරා නොගත් බව ධීවර ජනතාව අප සමග ප‍්‍රකාශ කළා. අයහපත් කාලගුණයක් තිබුණත් මුහුදට ගොස් ජීවිත රැසක් බේරා ගැනීමට ධීවර ජනතාව කටයුතු කොට තිබුණා. එසේ ජීවිත සහ බෝට්ටු බේරා ගැනීම සඳහා කළ කාර්යයට එම සියලූ දෙනා වෙනුවෙන් අපි රටවෙනුවෙන් ස්තූති කරනවා. කවුරුවත් මුහුදට නොයන අවස්ථාවක ඔවුන් බය නැතිව මුහුදට ගොස් තිබුණා. එහෙත් ආණ්ඩුවේ අංශයකින් හෝ වෙන කාටවත් එම කාර්ය කිරීම සඳහා යෑමට නොහැකි වුණා.

රනිල් වික‍්‍රමසිංහ

සෑම බෝට්ටුවකටම දුරකතන පහසුකම් තිබෙන බව ධීවර ජනතාව ප‍්‍රකාශ කළා. සුළි කුණාටුව පිළිබඳ දැනුවත් කළා නම් ඔවුන්ට දිවි බේරා ගෙන ආපසු ගොඩබිමට පැමිණිමට හැකි වන බවත් ඔවුන් අප සමග ප‍්‍රකාශ කළා. ඉන්දියාවට කතා කොට වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් උදව් ගැනීමට ආණ්ඩුවටත්, සජින් වාස් මන්තී‍්‍රවරයාටත් වගකීමක් තිබුණා. නමුත් කිසිවෙක් ඒ සඳහා මැදිහත් වුණේ නැහැ. එමෙන්ම, නැව් සහ ගුවන් යානා එරටින් ලබා ගැනීමටත් හැකියි.

ඉන්දියාවේ රවළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සතුව ගුවන් අංශයක් තිබෙන අතර, ඊට අදාළ ඩෝනියර් සහ ඉයුෂින් ආදී ගුවන් යානා තිබෙනවා. සමහරක් ගුවන් යානාවලට සැතපුම් 1500 ක් පමණ ගමන් කළ හැකියි. ඉන්දියාවේ සිට හෝ ලංකාවේ රත්මලානට පැමිණ ඒවා කි‍්‍රයාත්මක කිරීමටද හැකියාව තිබෙනවා. සෙනසුරාදා පාන්දර ගුවන් යානා ගෙන්වා ගත්තා නම් ධීවර ප‍්‍රජාවට මෙතරම් විපතක් සිදු වන්නේ නැහැ. විශේෂයෙන්ම ඉන්දියාවේ එම ගුවන් යානාවලට බෝට්ටු හඳුනා ගැනීම සඳහා අවශ්‍ය රේඩාර් පහසුකම් පවා තිබෙනවා.

සුළි කුණාටුව පිළිබඳ ඇමෙරිකාවෙන් ලබා ගත් තොරතුරු ධීවර ප‍්‍රජාවට දැනුම්දීමට ආණ්ඩුව නිසි ලෙස කි‍්‍රයා කළේ නැහැ. එසේ දැනුම් දුන්නා නම් එම ධීවරයින් කිසිවෙකුත් මුහුදට යන්නේද නැහැ. මුහුදට ගියා වුවත් ඉන්දියාවේ ගුවන් යානා සහ වෙරළාරක්‍ෂක බලකායේ උදව් ඉල්ලා සිටියේ නම් සෙනසුරාදා වන විට ජීවිත ගණනාවක් බේරා ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒත් ආණ්ඩුව එසේ සිදු නොකළේ ඇයිද කිය ප‍්‍රශ්නය අප සෑම කෙනෙකුටම තිබෙනවා. එම නිසා වරද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ ධීවර අමාත්‍යංශයේ වරදක් දැයි වාද කොට වැඩක් නැහැ. ජාතික ආපදා මණ්ඩලයක් අපට තිබෙන අතර, එහි සභාපති ලෙස ජනාධිපතිවරයා කටයුතු කරනවා. උපසභාපති ලෙස කටයුතු කරන්නේ මේ රටේ අගමැතිවරයායි. ඇමැතිවරුත් එම කමිටුවේ සිටිනවා. එම නිසා ධීවරයින්ගේ ජීවිත බේරා ගැනීමට එක් පියවරක්වත් නොගත්තේ ඇයිදැයි ආණ්ඩුව ප‍්‍රකාශ කළ යුතුයි.

මෙතරම් විපතක් සිදුවී ඇතත් එය මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. අපට බේරුවලට, බලපිටියට යාමට බාධා කළ අතර, රෝහල්වලට යාමටද ඉඩ ලබා දුන්නේ නැහැ. මියගිය අය වෙනුවෙන් හෝ ජීවිත රැකගත් අයට කිසිදු ආධාරයක් ලබාදීමට ආණ්ඩුව මේ වනතුරුත් කටයුතු කර නැති බව ධීවර ජනතාව අප සමඟ ප‍්‍රකාශ කළා. ආණ්ඩුව මීට වගකිව යුතුයි. ඒ පිළිබඳ කතා නොකොට මර්දනය මුදා හැරියත් රාජපක්‍ෂ රෙජිමයට මේකෙන් බේරෙන්න බැහැ.

2010 දෙසැම්බර් මාසයේදී නැගෙනහිර සහ දකුණු ප‍්‍රදේශවල ජල ගැලීම් ඇතිවී ඉමහත් හානියක් සිදු වුණා. ඒ පිළිබඳ මම 2011 ජනවාරි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් සිදු කළා. මෙවැනි භයානක තත්ත්වයක් පිළිබඳ ලෝකයේ කාලගුණ අනතුරු අඟවා තිබුණා. අනෙක් රටවල් ඒ සඳහා සූදානම් වුණා. ඒ නිසා ව්‍යසනය අවම කර ගැනීමටත් කළමනාකරණය කර ගැනීමටත් ඔවුන්ට හැකි වුණා. ව්‍යසනය වූ සැනින් ලෝකයේ අනෙකුත් රටවල්වල අවධානය දිනා ගැනීමට ඔවුන් කි‍්‍රයා කළා. ඒ ඔස්සේ විපතට පත් ජනතාවට කඩිනම් සහන ලබාදීමට ඔවුන්ට හැකි වුණා. අවාසනාවකට ආසියාවේ ආශ්චර්ය නිසාදෝ අපේ රට කිසිවක් කළේ නැහැ. ජාතික ආපදා මණ්ඩලය ඒ පිළිබඳ කි‍්‍රයා නොකළේ ඇයිදැයි සොයා බලන ලෙසද අප පෙන්වා දුන්නා.

එම ප‍්‍රකාශය සිදු කොට වසර 2 ක් ගතවී ඇතත්, ඒ පිළිබඳ කිසිදු පියවරක් ආණ්ඩුව විසින් ගත්තේ නැහැ. රාජපක්‍ෂ රෙජිමය මෙවැනි දේවලින් පළා යන්නේ කෙසේද? මෙවැනි විපත් පිළිබඳ සොයා බැලීමට යන අයට මිනිසුන් ලවා පහරදීම් සිදු කරන්නේ ඇයි? ඔවුන් මාධ්‍යයටත් පහර දෙනවා. මියගිය ගණන කියන්න එපා යැයි බල කරනවා. අපි මේක හෙළා දකිනවා. ආණ්ඩුව මේක වගකිව යුතුයි. ජීවිත නැති වූ අයගෙන් සහ ජීවිත බේරා ගත් අය වෙනුවෙන් විශාල වන්දි මුදලක් ආණ්ඩුව ගෙවිය යුතු බව අපි නැවතත් අවධාරණය කරනවා.

අපි මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදීත් ප‍්‍රශ්න කරනවා. ආණ්ඩුව මේකට වගකිව යුතු වුවත්, ධීවරයින් ජීවත ආරක්‍ෂක කබා පැළඳ සිටියේ නැති බවට ආණ්ඩුව චෝදනා කරනවා. එසේ නම් ජීවිත ආරක්‍ෂක කබා අනිවාර්ය කොට ධීවරයින්ට ඒවා ලබාදිය යුතුව තිබුණා. නමුත් ධීවර අමාත්‍යංශය එසේ සිදු කළේ නැහැ. කටවුට්වල තිබෙන මනුෂ්‍යයත්වය අනුව ආණ්ඩුව වැඩ කළ යුතුයි. රාජපක්‍ෂ රෙජිමය මේ විනාශයට වගකිව යුතුයි.

*2013-06-11 දින පැවැති බේරුවල, බලපිටිය ප‍්‍රදේශයන්හි විපතට පත් ධීවර ප‍්‍රජාව මුණගැසීම සඳහා සිදු කළ සංචාරයේදී මාධ්‍යවේදීන් අමතමින් එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා දැක් වූ අදහස්.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අනේ සැප දුක් බලන්න ගිහින් හොදට කලා අවේ…. මතක නැද්ද ….හොද වැඩේ මිනිස්සුන්ගේ අසරණ වෙලා ඉන්න කොට චන්ද කැලි හොයාගෙන ගියාට….තවත් කන්න අස නම් ගියාට කමක් නැ ඉතින්…. ඔහේගේ පක්ෂේ හැමදා ම කලේ අනාගෙන කාපු එක නේ,,, ඔහෙත් එකයි ඔහේ ගේ සගය නුත් එකයි

  • 0
    0

    මට පෙන්නේ මෙයා ධීවරයින් ව බලන්න ගිහින් තියෙන්නේ දුක සැප අහල එන්න නෙමෙයි වගේ.වාසියක් හොයාගන්නද කොහෙද

  • 0
    0

    එතකොට අර අපි දැක්කේ මිනිස්සුන්ව බේරගන්නව ඒ අය අවේ අඟහරුගෙන්ද දන්නේ නෑ.මුට නම් පිස්සු හොඳටම,මේ ලෝකේ නෙවෙයි ඉන්නේ.ගුවන් හමුදාව නාවික හමුදාව වගේම හැම මනුස්සයෙක්ම ඒ මිනිස්සුන්ට උදවු කරනවා අපි ඇස් දෙකටම දැක්ක.බොරු කියන එකේ අහුවෙන්නැති බොරුවක් කියනවා.

  • 0
    0

    දැන් කෑගහලා වැඩක් නෑ…..ඔහොම බොරුවට කෑගහන්න ගිහින් තමයි ගුටි කෑවේ……ස්වබාවික විපතක් උනාට ඒකට ආණ්ඩුව මොනවා කරන්න ද ?ඇයි ඔබතුමා විෂ්ණු දෙවින්ගෙන් ඉල්ලුව නේද මේ රට රැකදෙන්න කියලා……කෝ දෙවියෝ ඔයාගේ කන්නලව්ව දිහා බලලා නෑ නේද? අපරාදේ පඩුරු ටික….

  • 0
    0

    රවී අලිමංකඩ ගියේ පාමංකඩ කියලා……
    රනිල් තොප්පිගලට යයිද මහා වනයක් කියලා…
    දැන් කියනවා ධීවරයෝ බේරුවේ නෑ කියලා….
    මට හිතෙනවා මේ යක්කුට අමු කැවී කියලා…

  • 0
    0

    Me Kalakanningen Manussakama balaporoththu wennabeha. Ranil kiyana eka eththa. mowunge debidi piliwetha helidarw kereemata shakthimath wedapiliwelak one. Eka platform ekkakata apita enna berinam wedak neha.

  • 0
    0

    ඔයා කොහොමද කියන්නේ හෙලිකොප්ටර් වලින් ඇවිත් බේර ගත්තේ නැහැ කියලා.බොරුමයි කියන්නේ.මමත් හිටියනේ එතන.පචම තමා කියන්නේ ආණ්ඩුව වට්ටන්න.ඔය කොච්චර බොරු කිව්වත් මේ ආණ්ඩුව වට්ටන්න බැහැ

  • 0
    0

    රනිල් ලොක්කෝ ඔයා විෂ්ණු දෙවියන්ට යවපු request එකට මොකද වුනේ.විෂ්ණු දෙවියනුත් කෝප වෙලා වගේ.

  • 0
    0

    ඔය ගොන් කතා කියන්න ගිහින් තමා ජනතාවගෙනුත් මේ පාරත් ගුටි කාලා හත් පොලේම ගාගත්තේ.මේ කියන කතා සාක්ෂි ඇතිව ඔප්පු කරද්දීත් රනිල් හරකා වගේ උම්බැ ගානවා….

  • 0
    0

    විපක්ෂ නායක සහ විපක්ෂය යනු පාර්ලිමේන්තුව ඇතුලෙ පමණක් හැසිරිය යුතු චරිතයක් නෙමෙයි. මෙවන් සිද්ධි සුලවට තකන්න බැහැ. මේ වගේ තැන්වලදි මිනිස්සුන්ට ඇඟට දැනෙන දේශපාලනය කරන්න අවශ්‍යයි. මේ වගේ තැන්වලදි කුසීතව ඉඳලා පාර්ලිමේන්තු ගුල අස්සට ගිහින් කතාකරලා වැඩක් නැහැ. මොකද පාර්ලිමේන්තු කතාවල මිනිස්සුන්ට අහන්න ලැබෙන්නෙ ආන්ඩුව කැමති ටිකක් විතරයි..

    ජනතාව අතරට ගිහින් ජනතාව ඉන්න තැන අවබෝධකරලා දෙන්න වැඩපිලිවෙලක් විපක්ෂයට තියෙන්න ඕනි.. ඒකත් ආන්ඩුවෙන් හදලා දෙනකල් ඉන්නවා කියන්නෙ විපක්ෂය සදා පේල්..

    • 0
      0

      You are spot on.

      Unfortunately, they could have done that long ago, not today. Today the situation become to comparable to the levels of a metastatic cancer for which one has no hopes for a cure. Every corner of the country is made ready by the rulers, using all kind of uncivilized social segments. If people are not capable of understanding this – nobody can help them.

      As you and everyone got to see – at the time, CJ Dr. SB^s impeachment process were being carried out – all kind of uncivilized gangsters were gotten ready to harm her supporters – this was comparable to Ruwanda a decade ago. General public are trained to take the justice to their hands… when in the past – even during the years the heavy war against Ltters were the case – people more respected POLICE and COURTS.

  • 0
    0

    සභහවේන් අවසරයි ධීවර ජනතාවනී මම ඔබ සැම GPS අත්පළදනා දෙනවා…
    කන බුලත්විට වෙනුවට චුයින්ගම් දෙනවා…
    තම්මන් හන්දිවල පොලේ ගහන්න පොල් ගෙඩි අතට දෙනවා…

    මේ සියල්ල මා බලයට ආ.. විගස…

  • 0
    0

    හරියටම මනුස්සකන් දන්නා මිනිස්සු වගේ දැන් නම් කතා කරන්නේ ?ඔය මනුස්සකන් එයාලගේ ආණ්ඩුව කාලේ තිබුනානම් නම් අද අපේ රට මීට වඩා හොඳ තැනක තියනවා !!!ඒ කාලේ ඕව මතක් වෙන්න නැතුව ඇති

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.