26 April, 2024

Blog

ලංකාව ගැන ඉන්දියාවේ සැකමුසු බව ඓතිහාසිකද?

ලක්‍ෂමන් පියසේන

ලක්‍ෂමන් පියසේන

ලක්‍ෂමන් පියසේන

බුදුන් වහන්සේට වසර දහස් ගණනකට එහාදී පෙරදිග ඍෂිවරු හෝ දාර්ශනිකයින්, ‘මනස’ ම අවුලක් බව අවබෝධ කර ගෙන, මනස නැමති මමංකාර ගුහාවෙන් එළියට යා යුතු බව පැවසූහ. මනස ම අවුලක් නිසා එයින් එළියට යන දොරටු සෙවූහ. මේ පෙරදිග දැක්මට වඩා හාත්පසින්ම වෙනස්වයි, අපරදිග චින්තනයේදී මනස විග‍්‍රහ කෙරුණේ. අපරදිග චින්තනයේදී අදටත් විශ්වාස කරන්නේ ‘මනසේ අවුලක්’ ඇතයි යන්න හා මනස නැමති ගුහාව ඇතුළම ‘රීකන්ඩිෂන්’ කිරීම මඟින් ඒ අවුලට විසඳුම් සෙවිය හැකි බවයි. එහෙත් අන්තිමට කාමරය කෘතිමව සීතල කරන්නට ගන්නා වෑයම, උණුසුම නැති කරනවාට අමතරව බරපතල පාරිසරික ප‍්‍රශ්න ගණනාවකට අතවනයි. ‘මනස’ ම අවුලක් බව වටහා නොගැනීමේ අවසන් ප‍්‍රතිඵල එබඳු වේ.

පෙරදිග චින්තනයේ තෝතැන්න භාරතයයි. මනස නැමති ගුහාවෙන් එළියට යන දොරටුව ඉක්මනින්ම සොයා ගෙන එයින් ඉක්මනින්ම එළියට ගිය භාරත පුත‍්‍රයා වන්නේ බුදුන් වහන්සේ ය. මේ බුද්ධ මාර්ගය අවබෝධ කර ගන්නට සමතෙක් මේ මිහිපිට නැතැයි බුදුන් වහන්සේ මුළදීම කල්පනා කරන නමුත් මහා බ‍්‍රහ්මයාගේ ඉල්ලීමට පසුව උන් වහන්සේ එම අදහස අත්හැර ගනී. බුදුන් වහන්සේ පිරිණිවන් පාන අවස්ථාව වන විට උන් වහන්සේගේ අදහස වූයේ තමන් වහන්සේ විසින් අනුදැන වදාල බුද්ධ මාර්ගය හරිහැටි අවබෝධ කරගෙන එය ආරක්‍ෂා කරන්නේ ලංකාදීපයේ වසන මිනිසුන් බවයි. මේ ශ්‍රේෂ්ඨ භාරත පුත‍්‍රයා ලංකාදීපය කෙරෙහි ද එහි වසන මිනිසුන් කෙරෙහි ද එහෙම විශ්වාශයක් තබන අතර ලංකාදීපය හා එහි වැසියන් රැුකබලා ගන්නා ලෙස සක‍්‍ර දෙවියන්ට බාර කරති.

බුද්ධ මාර්ගය අවබෝධ කර ගන්නට හැකි යැයි බුදුන් වහන්සේ විශ්වාශය තබන ලංකාදීපයේ වැසියන් කොතරම් දියුණු ජාතියක් ව සිටින්නට ඇතිද? අඩුම තරමින් ඔවුන් මනසින් එළියට යාම ගැටළු වලට විසඳුම බව අවබෝධ කර ගෙන ඉන්නට වත් ඇත. ඒ සමාජ පසුබිම අද තත්ත්වය සමඟ කොහොත්ම ගැලපිය නොහැකිය. අද ලංකාව ‘බුදුන්ගේ දේශය’ ලෙස නම් කිරීමෙන් ම පෙන්වන්නේ, නියම බුද්ධ මාර්ගයෙන් ලංකාවේ මිනිසුන් මොන තරම් ඈතකට ගිහින් සිටිනවාද යන්නයි. බුදුන් වහන්සේට සමකාලීනව මෙරට මිනිසුන්ගේ මානසික දියුණුව අඩුම තරමින් පස්වෙනි සියවසට පසුව දකින්නට ලැබෙන්නේ නැත. ‘ලංකාවතාර සූත‍්‍රය’ ට අනුව එළියේ දී දකින්නේ මනසේ නිර්මාණ ය. එකී ශ්‍රේෂ්ඨ නිර්මාණ එළියේදී දකින්නට හැකිවන්නේ උසස් මනසක් සහිත මිනිසුන්ගෙන් යුතු සමාජයක් ඇති විටයි.

ලංකාදීප වැසියන් එහෙම උසස් නිර්මාණ ලොවට දායාද කළ පිරිසක් වීම කියන කාරණය සලකන විට බුද්ධ මාර්ගය අවබෝධ කර ගන්නට හැකි උසස් තැනක ඔවුන් සිටියා ය කියන කාරණය ද සිතා ගන්නට හැකිය. අනුරාධපුර යුගය ගැන හෙටටත් ලෝකයාට කතා කරන්නට සිදු වන්නේ, එදා මිනිසුන් මනස නැමති ගුහාවෙන් එළියට යා යුතු බව තම තම නැන පමණින් හෝ දැන සිටි, හිතේ සංතෘෂ්ඨිය ට මුල් තැන දුන්, සමාජයක් වූ බැවිණි. වැවක්, දාගැබක්, සමාධිපිළිමයක්, සීගිරියක්, ජය ගඟක්, ලෝවාමහපායක් ආදී වශයෙන් කිව හැකි ශ්‍රේෂ්ඨ දෑ එකී සමාජය සතු සතුටේ කල එළි දැක්වීම් ය. එහෙත් පස්වෙනි සියවසට පසුව එහෙම සතුටු සමාජයක් හෝ ලොව මවිත කරන නිර්මාණ කිසිවක් ලංකාදීපයේදී බිහිවන්නේ නැත. ඉන් පසුව උසස් මනසක් සහිත, නැතිනම් ‘මනස’ ම අවුලක් බව වටහා ගත් ජන සමාජය කවර හෝ සුනාමියකට හසුවූ බවක් දිස් වෙයි.

‘කවර හෝ සුනාමිය’ යන්නට මෙවැනි ඉඟියක් පල කළ හැකිය. බුද්ධඝෝෂ හිමියන්ගේ ලංකා ගමනයෙන් පසුව හා මහාවිහාරයත් භික්‍ෂුන් වහන්සේත් සෘජුවම දේශපාලනයට අත පොවන්නට වූ පසුව උසස් මනස් සහිත සමාජය කෙමෙන් පහළ වැටෙන තත්ත්වයකි ලංකාදීපයේ දකින්නට හැකි වන්නේ. හොඳින් ඒ ගැන විමසා බලන විට පෙනී යන්නේ එය ද භාරතීය මැදිහත්වීමක ප‍්‍රතිපලයක් බවයි. ඇතැම් විටෙක මෙය බුදුන් වහන්සේ වුවද ගණන් නොබැලූ තත්ත්වයක් විය හැකිය. එහෙත් ලංකාදීපයට ආරක්‍ෂාවක් වුවමනා බව උන්වහන්සේ කල්පනා කළ බව පැහැදිළිය. එය දේශපාලන ආරක්‍ෂාවකි. සක‍්‍ර දෙවියන්ට ඒ වගකීම පැවරීමෙන්ද පැහැදිළි වන්නේ එවැනි දෙයකි. සෑම භාරතීය මැදිහත් වීම ක් ම දේශපාලනික බව මෙහිදී අමතක නොකළ යුතුය. ආගමික හෝ සංස්කෘතික මුහුණවර මතුපිට ආලේපයකි. එබැවින් සක‍්‍ර දෙවියන්ට කළ පැවරීම දේශපාලිනක වේ.

එදා භාරතයේ සිටිය කෙනෙකුත් නොවන ලංකාදීපයේ සිටි කෙනෙකුත් නොවන මේ සක‍්‍ර දෙවියන් යනු කවුද? බුද්ධ මාර්ගට හා එය රකින ජනයා රැුක ගන්නට සක‍්‍රයා සතු වුණා වූ බලය කුමක්ද? සිද්ධාර්ථ කුමාර අවදියේ සිටම බුද්ධත්වයට පත්වන අවස්ථාවේදී මෙන්ම බුදුන් වහන්සේගේ ජීවන චරිතයේ සෑම වැදගත් අවස්ථාවකදීම පෙනී සිටන මේ සක‍්‍ර දෙවියන් යනු ඇත්තටම නොපෙනෙන දෙවි කෙනෙක්ද? එසේ නැතිනම් වෙනත් බලවත් චරිතයක්ද? සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේ සිට බුද්ධ පරිනිර්වාණය තෙක්ම, ඊට පසුවත් මේ සක‍්‍ර දෙවියන් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ කියවෙයි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සීයකට පමණ පසුව එනම් ක‍්‍රිස්තු පූර්ව පළමු සියවසේ, දෙපාරකට රටේ බලය අත්කර ගත් වලගම්බා රජ සමය අතර මැදදී, තවත් විදියකින් කියනවානම් බැමිණිටියා සාය කාලයේදී, ඉතාම තීරණාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් ද මේ සක‍්‍ර දෙවියන් ගැන කියවෙයි.
බැමිණිටියා සාය යනු ලංකාදීපය දරුණුම ස්වභාවික විපතකට මුහුණ දෙන අවස්ථාවකි. ඒ වන විට කාලිංග මාඝ ආක‍්‍රමණයෙන්ද (තවත් භාරතීය ආක‍්‍රමණයකි) හෙම්බත්ව සිටි ලංකාදීපය මේ සාගතය හමුවේ, මිනිසුන් ගම් පිටින් මිය යන අවස්ථාවකට, තත්ත්වය දරුණු වී තිබිණි. මේ කාලය වන විට සිංහල දැනුම හෝ බුද්ධ මාර්ගය එක් පරම්පරාවකින් තව පරම්පරාවකට ගෙන ගියේ වැඩි හරියක් මුඛ පරම්පරාවෙනි. ලිවීමේ කලාව ඒ වන විට සෑහෙන පමණකින් දියුණු වී තිබුණ නමුත් කටින් කට ගෙන එන දැණුමක්ද තිබුණු බව පෙනීයයි. ඊට හේතුව ලංකාදීපයේ වැසියන් දැණුම ලබා ගත් ප‍්‍රමුඛ මාර්ගය, අවබෝධ මාර්ගයෙන් වීම නිසා විය හැකිය. එය බුද්ධ මාර්ගය පිළිගන්නට පෙර සිටම තිබුණු තත්ත්වයකි. මනස නැමති ගුහාවෙන් එළියට යා යුතු බව දැන සිටීමේ ප‍්‍රතිපලයකි. බුදුරජාණනන් වහන්සේ ලංකාදීපය ගැන අමුතු විශ්වාසයක් තබන්නට හේතුවත් එහි වැසියන් එසේ අවබෝධ මාර්ගයට සමීප වීම විය හැකිය.

බැමිණිටියා සායට පසුව වලගම්බා රජු නැවත රටේ බලය තහවුරු කර ගත් පසුව, එතෙක් මුඛ පරම්පරාවෙන් රැුක ගෙන ආ දැනුම මාතලේ අළුවිහාරයේදී ලේඛණාරූඩ කරන වුවමනාව පහළ වන්නේ ද රට මුහුණ දුන් මේ දරුණු සාගතයේදී කටපාඩමින් දැණුම ගෙන ආ වැඩිහිටියන් මිය ගිය විලාසය දුට නිසා ද විය හැකිය. කොහොම නමුත් බුද්ධ මාර්ගය කට පාඩමින් ගෙන ආවේ භික්‍ෂූන් වහන්සේලා විසිනි. විශේෂයෙන්ම ලෝකෝත්තර මාර්ගයට අදාල බණ දහම දැන සිටියේ භික්‍ෂූන් වහන්සේලා ය. දැනට ඉතිරිව ඇති ලිඛිත සාධක වලට අනුව හෙළ අටුවා වල ලියවෙන්නේත්, පස්වෙනි සියවසේදී බුද්ධඝෝෂ හිමියන්ගේ නියමයෙන් තව කොටසක් ගිනි තැබෙන්නේත්, එසේ ලේඛනාරූඩ කළ දැනුම වේ. ලෞකික මාර්ගය ගැනත් වෙනම දැනුම පද්ධතියක් නොතිබුණා විය නොහැක. එහෙත් පස්වෙනි සියවසේදී ඉතිහාස කතාව ලිවීම පන්සලටත් පාලි භාෂාවටත් කොටුවීම නිසා ඒ ලෞකික මාර්ගය මුළුමනින්ම රටට අහිමිව ගිය බව සිතන්නට හැකිය. එහි සාක්‍ෂි ගිනිලෑමට ගොදුරු වන්නට ඇත.

සාගතය කාලයේ කරකොල අනුභව කරමින් හෝ තම ජීවිතය රැුක ගැනීමේ සටනකට භික්‍ෂුන් වහන්සේලා වෙර දරන්නේ තමන් වහන්සේලා අපවත්වීම යනු, දැන සිටින ධර්මයද නැතිවීමට හේතුවක් වග දන්නා බැවිණි. මෙකල සිතුල්පව්ව අනුරාධපුරයටත් වඩා සංඝාවාසව තිබුණු තැනකි. ජීවිතය බේරා ගන්නට මඟක් නොමැති කල එහි සිටි භික්‍ෂූන් වහන්සේලා රටින් පිටවීමට සක‍්‍ර දෙවියන්ගෙන් උදව් ඉල්ලා සිටිති. බැමිණිටියා සායත් කාලිංඝ මාග ආක‍්‍රමණයත් හමුවේ ජීවිතය බේරා ගැනීමත් ඒ සඳහා රටින් පිටව යාමත් අති භයංකර වූවාට කිසිදු සැකයක් නොමැත. ඒ භීතිය මඟ හැර ගන්නටනම් තම ගමනට බලවත් උදව්වක් අවශ්‍ය බවත් ඊට සුදුසුම බලවතා සක‍්‍රයා බවත් මේ භික්‍ෂූන් වහන්සේලා කල්පනා කළ බව පෙනේ. මේ උදව්ව අදෘශ්‍යමාන බලවේගයක ක‍්‍රියාදාමයක්ද? එසේ නැතිනම් දේශපාලන උදව්වක්ද? මෙහිදී වැදගත් වන්නේ ඒ ගැන අවබෝධයට ගැනීමයයි.
එතනදී සක‍්‍ර දෙවියන් වෙත මේ භික්‍ෂූන් වහන්සේලා යවන පණිවිඩයට එතරම් සාර්ථක පිළිතුරක් නොලැබේ. භික්‍ෂූන් වහන්සේලා තමන් එළඹි විපතින් බේරීමට සක‍්‍ර දෙවියන්ගෙන්ම උදව් ඉල්ලන්නේ සක‍්‍ර දෙවියන්ට බුදුන් වහන්සේගෙන්ම ඒ සඳහා පැවරුනු වගකීමක් ඇති නිසා ද විය යුතුය. ඒ කොහොම වුණත් සක‍්‍ර දෙවියන්ගේ පිළිතුර වන්නේ රටින් පිටව යන භික්‍ෂූන් වහන්සේලාට මුහුදේදී පමණක් ආරක්‍ෂාව සැලසිය හැකි බවයි. සක‍්‍ර දෙවියන් යනු සර්වබලධාරී දෙවි කෙනෙකු නොවන බව, ගොඩබිම අනතුරු වලින් භික්‍ෂුන් වහන්සේලා බේරා ගන්නට නොහැකි බව කීමෙන් පැහැදිළි වේ.

බුදුන් වහන්සේගේ කාලයේ සිටින සක‍්‍ර දෙවියන් හා ඊට වසර පන්සීයකට පසුව හමුවෙන මේ කියන සක‍්‍ර දෙවින් එකම අයෙක් නම් ඔහු හරිම පැහැදිළිව අමරණීය දෙවි කෙනෙකුම විය යතුය. බෞද්ධ සාහිත්‍යයේ කියවෙන පරිදි දෙදෙව්ලොවට අධිපති දහසක් ඇස් අති පඬපුල් අසුන අරා වැජඹෙන මහා බල සම්පන්න සක් දෙවිඳුම විය යුතුය. එහෙත් බුද්ධ මාර්ගය රැුක ගැනීම වෙනුවෙන් දිවි බේරා ගන්නට රටින් පිටව යන්නට භික්‍ෂූන් වහන්සේ උදව් ඉල්ලන අවස්ථාවේ මේ සක‍්‍ර දෙවියන්ට ඇති මහ බලය හීනව ඇති සැටියක් පෙන්වයි. තම බල පරාක‍්‍රමය මුහුදට පමණක් සීමා වී ඇති බව පෙන්වා දෙයි. මේ කතාවෙන් කියවෙන ඉතිහාස සංඥාව කුමක්ද?

සක‍්‍ර දෙවියන් ලෙසින් බෞද්ධ සාහිත්‍යට එක්වන චරිතය බුදුන්ට සමකාලීනව ලොව පළමු අධිරාජ්‍ය පර්සියාව කේනද්‍ර කර ගනිමින් බිහිකළා වූ ඬේරියස් ය, කියන මතය මෙතනදී විමසා බැලීම වටී. ඬේරියස් නමින් රාජ පරම්පරවක් පර්සියවේ සිටි අතර ලංකාදීපය බැමිණිටියා සායට මුහුණ දෙන සමයේදී සිටින්නේ එයින් නමවැනි හෝ දහවැනි හෝ ඬේරියස් ය. එමෙන්ම මෙම පර්ෂියානු අධිරාජ්‍ය සතුව පැවති බලවත් දේ අතර ඉහළින්ම තිබුනු බව කියවෙන්නේ නාවික බලයයි. පර්සියාව ග‍්‍රීසියට යටත් වී සෑහෙන කාලයක් ගතවූ පසුවද ඒ නාවික බලය පැවතුණි. ලංකාදීපයේ වලගම්භා සමය වන විට පර්සිියානු අධිරාජ්‍යයේ යශෝ කීර්තියත් මහා බල පරාක‍්‍රමයත් නිමා වෙමින් පැවතිණි. පර්සිියානු අධිරාජ්‍යයේ බලය ග‍්‍රීකයින් විසින් අත්පත් කරගනිමින් තිබීම ඊට හේතුවයි. බුද්ධ මාර්ගය ලොව ප‍්‍රචලිත කරනු පිණිස බුදුන්වහන්සේට භාරතයෙන් නොලැබුණු දේශපාලන අනුග‍්‍රහය සක‍්‍ර දෙවියන්ගෙන් හෙවත් පර්සියාවේ ඬේරියස් වෙතින් ලැබුනායැයි එස්. ඞී. ද ලැනරෝල් ඉදිරිපත් කරන මතය මෙතනට ඉතාම වැදගත්ය. ඒ මතය අඳුරින් වැසී ඇති ඉතිහාසය දකින්නට ප‍්‍රබල ආලෝක ධාරාවක් සපයයි.

භාරතය හෝ ඉන්දියාව ලංකාදීපය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ති‍්‍රික සැකමුසු භාවයකට යොමු වන්නේ බුද්ධ මාර්ගය ඉතිරිව පවතින රට මේ ලංකාදීපය යැයි බුදුන් වහන්සේ විසින් පැවසීමත් ඒ ලංකාදීපය රැුක බලා ගන්නා වගකීම හිමාලයෙන් එහා ඇති පර්සියාවට පැවරීමත් නිසාද? මේ පැනය තව දුරටත් ලිහිල් කර ගන්නට හැකි අවස්ථාවක් බෞද්ධ සාහිත්‍යයෙන් ම කියවෙයි.

එදා භාරත දේශය සිද්ධාර්ථ කුමාරයා වෙතින් බලාපොරොත්තු වන්නේ චක‍්‍ර වර්ති රජකෙනෙකු මිස බුද්ධත්වය අවබෝධ කර ගන්නා බුදුවරයෙකු නොවේ. එහෙත් සිද්ධාර්ථ කුමාරයා චක‍්‍රවර්ති රජකමට යාම අත්හැර බුද්ධ මාර්ගය තෝරා ගනී. චක‍්‍රවර්ති රජකෙනකු යනු අධිරාජ්‍යයක් පාලනය කරන්නෙකි. එනම් සිද්ධාර්ථ කුමාරයා ප‍්‍රතික්‍ෂේප කරන්නේ භාරතය බිහිකරන්නට සූදානමින් සිටි ලොව ප‍්‍රථම අධිරාජ්‍යයයි. එහෙම බලවත් අධිරාජ්‍යකට අවශ්‍ය දර්ශනයද යුද ශක්තියද උපාය ඥණයද සමකාලීනව තිබුණේ භාරතයටයි. ඒ සියල්ල සම්පූර්ණ කරගෙනත් හින්දු බමුණු භාරතය තම අරමුණට සුුදුසුම නායකයා බිහිවන තුරු ඉවසා සිටියේය. ඔහු පැමිනුණි. එහෙත් අන්තිමට රජකම බාර ගැනීම සිද්ධාර්ථ අත්හැරියේය. භාරතයට අධිරාජ්‍ය අහිමි කළ සිද්ධාර්ථ, පර්ෂියාවට ඒ අවස්ථාව ලබාදුන්නාය කියා භාරතයට හිතන්නට පුළුවන. පසුව සිද්ධාර්ථ පර්සියානු අධිරාජ්‍යයේ අනුග‍්‍රහය ලැබුවා පමණක් නොව බුදුන් වහන්සේ විදියට විශේෂයෙන්ම ලංකාද්වීපයත් එහි වැසියනුත් අගය කළේය. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසුව ලංකාදීපයේ මහියංගනයටත්, වස් වැසීම පිණිස පර්සියාවටත් (තුසිත දෙව් ලොවට) වඩින තමන්වහන්සේගේ පළමු විදෙස් ගමන් විසින් ද පෙන්වා දෙනු ලබන්නේ භාරතයට වඩා භාහිරට බුදුන් වහන්සේගේ අවධානය යොමු වූ විදියයි.

සිද්ධාර්ථ තෝරා ගන්නා බුද්ධ මාර්ගය ට සක‍්‍රයා හෙවත් ඬේරියස් දේශපාලන අනුග‍්‍රහය දැක්වීම මේ අනුව අහම්බයක් නොවන බව පැහැදිළි වෙයි. සිද්ධාර්ථ හා ඬේරියස් තක්ෂිලාවේ එකට ශිල්ප හැදෑරූ හොඳ මිතුරන් බවට ලැනරෝල් විසින් කරනු ලබන ඉඟිය මෙතනට අදාළ තවත් ප‍්‍රබල මතයකි. මේ මිතුරන් දෙදෙනාම චක‍්‍රවර්ති රජකම දරන්නට සුදුසුකම් සහිතවූවෝ වීම මේ දෙදෙනා පසුව ලොවට දායාද කරන දෙයින්ම පෙනීයයි. සිද්ධාර්ථ ලෝකෝත්තර මාර්ගයේ චක‍්‍රවර්ති වන විට ඬේරියස් ලෞකික මාර්ගයේ චක‍්‍රවර්ති වෙයි.
සමකාලීන පර්සිියාව භාරතය මෙන් දාර්ශනිකව ප‍්‍රසිද්ධියට පත් බිමක් නොවුණත් ගණිතය හා ඉදිකිරීම් ශිල්පය අතින්ද සුවඳ විලවුන් බුමුතුරුණු වැනි සියුම් හා සංවේදී නිෂ්පාදන කරන්නට දැන සිටීම අතින්ද ඔවුන් දියුණු මනසක් ඇති ජන කොට්ඨාශයක්ව සිටි බව පැහැදිළිය. අනුරාධපුර නගරය හා එහි ගොඩනැගිලි සැලසුම් හුඟ හරියක් පර්සියානු ගෘහනිර්මාණ ශිල්පයේ දායාදය. බුදුන් වහන්සේට සමකාලීන ඬේරියස් රජුගේ රාජ්‍ය පාලනය, ‘යහපාලනය හා වගවීමේ දේශපාලය’ පිළිබඳ අනගි ආදර්ශයක් බව පර්ෂියානු ඉතිහාසයට එබී බලන විට පැහැදිළි වෙයි. එය ඒ තරමට ම මිනිසුන්ගේ යහපත ගැන කල්පනා කළ රාජ්‍ය පාලනයක් විය. එදා පර්සියාව මනුෂ්‍යා අතින් සිදුවිය හැකි දරුණුම අපරාධය ලෙස සලකා ඇත්තේ බොරු කීම ය. පර්සියානු අධිරාජ්‍ය තවත් රටක් යටත් කිරීම වෙනුවට කරන්නේ තමන් විඳින මානසික සුවය අනෙක් රටක වැසියන්ටත් දනවන්නට දරණ උත්සහයකි. ග‍්‍රීක ඉතිහාසය ලියන හැරඩෝටස් සඳහන් කරන පරිදි යුද්ධ භූමියකදී වුණත් යුක්තිගරුක ම සතුරා පර්සියානුවෝ වූහ.

එහෙම අධිරාජ්‍යයක් බුද්ධ මාර්ගය වැඳලා පිළි නොගත්තානම් නොවේද මෙහිදී පුදුම විය යුතු වන්නේ. දැන් ඊළඟට මතුවෙන කාරණය වන්නේ බුදුරජානන් වහන්සේට පූර්ණ දේශපාලන අනුග‍්‍රහය සැපයූ මේ පර්සියාවේ බුද්ධ මාර්ගය ආරක්‍ෂා වෙන බව නොකියා ලංකාදීපයේ දී එය ආරක්‍ෂාවෙනවාය කියන්නට වූ හේතුව කුමක්ද යන්නයි. බුද්ධ මාර්ගය අවබෝධ කරගන්නට හැකි උසස් මනස් සහිත සමාජයක් පැවතීම අනිවාර්ය හේතුවකි. ඒ සමඟම මේ නව දර්ශනය පැලපදියම් වීමට අවශ්‍ය කරන දේශපාලන භූමියක් තිබීම ද වැදගත් ය.

වංශ කතාවට අනුව සිංහල ජාතියේ බිහිවීමට පදනම් වන මූලික ජන ගෝත‍්‍ර තුන නම් යක්‍ෂ නාග දේව වේ. මෙයින් දේව ජන ගෝත‍්‍රය සෘජුවම පර්සියාවේ සිට මෙහි පැමිණ පදිංචි වූ ජනගෝත‍්‍රයක් බවට කියවෙන ඊ. එම්. සී. අමුණුගමගේ මතය :ඔයැ ්‍යසිඑදරහ දෙ ්බජසබඑ ්රහ්බ ඔරසඉැි සබ ීරස ඛ්බන් – ශ්නි්ි්ල භ්ට්ිල ෘැඩ්ිල ී්නහ්ි* මෙහිදී සලකා බැලීම වටී. සුමන සමන් උපුල්වන් කතරගම ආදී වශයෙන් පසුව ජනසම්මතයට ආ දෙවිවරු මේ දේව ගෝත‍්‍රයේ ජනයා නියෝජනය කළ නායකයින් වීමත්, ඔවුන් බුද්ධ මාර්ගය ලංකාදීපයේදී රැුක ගන්නට දක්වන අනුග‍්‍රහයත්, මේ දේව ගෝත‍්‍රයෙන් පැවතෙනාවයැයි පිළිගැනීමක් ඇති දේව වංශික ජනයා මොනම දුෂ්කර අවස්ථාවකදීවත් බුද්ධාගම අත්හැර නොයා සිටීමත්, මෙහිදී එකට තබා සලකා බැලිය යුතු කරුණු වෙයි. බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනේදී සියලූ පරිවාර කටයුතු සිදුකෙරෙන්නේ සුමන සමන් නැමති දේව ජන ගෝත‍්‍ර ප‍්‍රධානියා වෙතින් වීම ද මෙහිදී සැළකිල්ලට ගත යුතු ය. බුදුන් වහන්සේට ට සමකාලීනව උන් වහන්සේගේ විශ්වාසය හොඳින් දිනා ගත්තේ දේව ජන ගෝත‍්‍රය බව බුදුන් වහන්සේගේ පළමු ලංකා ලමනේදී සුමන සමන් කැපී පෙනෙන චරිතයක් වීමෙන් ද පෙන්වයි. මේ කරුණු ඉතිහාස සංඥාව ඔස්සේ මතුකර ගන්නවා හැර බුද්ධඝෝෂ හිමි හා මහා විහාරය මැදිහත් ව ලියූ වංශකතාව මේ කරුණු හොඳින් මතුකර නොදැක්වයි.

පර්සියාවේ සිට භාරතයට සංක‍්‍රමණය වන මේ දේව ගෝත‍්‍රික ජනයා ප‍්‍රබල හින්දු බමුණු රාජ්‍ය පාලනයක් යටතේ වුවද බුද්ධ මාර්ගය අත්නොහැර සිටීමට නිදසුන භාරතයේ ම පිහිටි විදිසාවයි. අශෝක හින්දු කුමාරයෙකු ලෙස විදිසාවේ යුව රජු හැටියට එහි යන විටත් විදිසාව බෞද්ධ රටකි. මේ විදිසාවේ සිටි දේවි කුමරිය අශෝකගේ පළමු පෙම්වතිය විය. හින්දු බමුණු මාලිගය ඒ සම්බන්ධයට අකමැති වීම නිසා මේ දෙනො ස්ව කැමත්තෙන් හෙවත් ගාන්ධර්ව විවාහයකින් බැඳුණි. මහින්ද හා සංඝමිත්තා එකී විවාහයෙන් අශෝකට හා විදාසා දේවියට ලැබුණු දරුවන් ය. අශෝක, අධිරාජ්‍යයෙකු වූ පසුව බුද්ධාගම ප‍්‍රචලිත කරන්නට දෙන අනුග‍්‍රහය හා ඔහුගේ ජීවිතයේ වැදගත් පරිවර්තන දේවි බිසව මුල් කර ගෙන සිදුවන්නකි. හෙක්ටර් අලහකෝන් ගේ ‘මෞර්යන්ගේ අඳුරු යුගය’ කෘතියෙන් පැහැදිළිවන පරිදි විදිසා දේවියගේ එකී මැදිහත් වීම ද හින්දු බමුණු බලපෑමෙන් අඳුරුව ගිය ඉතිහාස කතාවකි. අදටත් භාරතයේ සම්ප‍්‍රදායික ඉතිහාස කතාවෙන් මහින්ද හා සංඝමිත්තා යන අශෝක අධිරාජ්‍යාගේ දරු දෙදෙනාටත්, විදිසා දෙවි බිසවටත් තැනක් දෙන්නේ නැත.
කොහොම නමුත් මේ දේව ගෝත‍්‍රික ජනයා ගැන බුදුරජාණන් වහන්සේට තම මව් බිමේ නෑදෑයින්ට වඩා විශ්වාසයක් ගොඩ නැඟී තිබුණු බව පෙනේ. ඊට හේතුව නම් බුද්ධ මාර්ගය වටහා ගන්නට හැකියාව මේ දේව ගෝත‍්‍රික ජනයා ට ඉහළ මට්ටමකින් පැවතීම යැයි සිතිය හැකිය. මනසින් එළියට යන දොර දැකීම කෙසේ වෙතත් අඩුම තරමින් ඔවුන් මනසින් එළියට යා යුතු බව හෝ අන් ජන ගෝත‍්‍රවලට වඩා හොඳින් දැන සිටියා විය හැකිය. හින්දු බමුණු දේශපාලනය, ලංකාදීපයට අදාළව තම සැකමුසු රාජ්‍යතාන්ති‍්‍රික බැල්ම හෙලන්නට, මේ සිදුවීම් පෙළ ප‍්‍රබල හේතුවක් වූවා විය නොහැකිද?

භාරතයට පළමු චක‍්‍රවර්ති රාජ්‍ය අහිමි කළ බුදුන් වහන්සේ, අසල්වැසි ලංකාද්වීපය කෙරෙහි මෙතරම් සැළකිල්ලක් දැක්වීම, ඊළඟට පළමු චක‍්‍රවර්ති රාජ්‍ය බිහි කළ ඬේරියස් රජ පරපුරට ලංකාවේ ආරක්‍ෂාව ගැන පවරා දීම, යන දේශපාලන සිදුවීම් කෙරෙහි භාරතය හෝ ඉන්දියාව රාජ්‍යතාන්ත‍්‍රිකව සැකමුසු නොවී සිටින්නේ කෙසේද? ‘අතුරු මිතුරු – දඹදිවතුරු’ හෙවත් ‘හතුරු මිතුරු – දඹදිව නිරතුරු’ යන ලංකාව සමබන්ධයෙන් වන ඉන්දියානු රාජ්‍යතාන්ත‍්‍රික ක‍්‍රියාකලාපය පන ගහන්නේ මේ ඓතිහාසික පසුබිම මතින්ද?
ලංකාවට බුද්ධඝෝෂ හිමිගේ මැදිහත්වීම දඹදිව ලංකාව කෙරෙහි දක්වන මේ හතුරු මිතුරු ආකල්පයේ වැදගත්ම සන්ධිස්ථානයයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ලක්ෂ්මන්, සමහර විට මගේ නොදැනීම නිසා මෙම ගැටලුව අහනවා වෙන්න පුලුවන්. ඔබ කියනවා “…බුදුන් වහන්සේ පිරිණිවන් පාන අවස්ථාව වන විට උන් වහන්සේගේ අදහස වූයේ තමන් වහන්සේ විසින් අනුදැන වදාල බුද්ධ මාර්ගය හරිහැටි අවබෝධ කරගෙන එය ආරක්‍ෂා කරන්නේ ලංකාදීපයේ වසන මිනිසුන් බවයි. මේ ශ්‍රේෂ්ඨ භාරත පුත‍්‍රයා ලංකාදීපය කෙරෙහි ද එහි වසන මිනිසුන් කෙරෙහි ද එහෙම විශ්වාශයක් තබන අතර ලංකාදීපය හා එහි වැසියන් රැුකබලා ගන්නා ලෙස සක‍්‍ර දෙවියන්ට බාර කරති…”කියල. මමත් මේ කතාව අතීතයේ ඉඳල අහල තියනවා.
    මෙය ජනප්‍රවාදයේ එන දෙයක්ද නැති නම් පැහැදිලි ලෙස ග්‍රන්තාරුඩ වෙලා තියන දෙයක්ද ?මගේ අවභෝධයේ තරමින් ලංකාවට බුද්ධාගම ලැබුනෙත් බුදුන්ගෙ පරිනිර්වාණයෙන් බොහෝ කාලකට පසුව. බුදුන් ඉන්න කාලයේ ලංකාවට ආව කියල තිබ්බා උනත්, ඒ ඒ කාලයේ තිබුන සමාජ ගැටලු (ලෞකික) වලට පිළිතුරු දෙන්න මිසක් දහම ලබා දෙන්න නෙමෙයි.
    කොහොමද, එදා ලංකාවෙ නොතිබුන බුදුදහමක්, ආරක්ෂා වෙනව කියල බුදුන් තමන්ගෙ පරිනිර්වානයේදි ප්‍රකාශ කරන ඇත්තේ ?

    • 1
      0

      ජනපවාද වල මෙන්ම මහා වංශ‍යෙත් මේ බව කිය‍වෙනවා. ඒ කොහොම වෙතත් මා මෙහිදී වැඩි විශ්වාසයක් තබන්නේ ඉතිහාස සංඥාව වෙතයි. මෙහි ඇති ඉතිහාස සංඥාව කුමක්ද? බුදුන් වහන්සේ ලංකාව ගැනත් එවක ලක් වැසියන් ගැනත් විශේෂ අවධානයකින් සිටි බවයි. බුදුන් වහන්සේ හමුවට එන පළමු අමුත්තන් වන තපස්සු බල්ලුක ලංකාවේ අය වීම මෙහිදී අමතක නොකළ යුතු කරුණකි. බුදු දහම ලංකාවට ෙගන අාෙව් මිහිදු හිමියන්ය කියන කතාව මහාවිහාරය විසින් තමන්ට ඹ්නා විදියට ලංකාෙව් කතාව ලියා තැබූ විදිෙය් මතුපිටයි. ඉතිහාස සංඥාව ඒහි ගැඹුරැ කතාව අගවයි. අෙනක බදුන් වහන්ෙස් ෙමාන ගැටළුවකට පිළිතුරු දුන්නත් ඒහි හරය වූෙය් උන් වහන්ෙස් අවෙබා්ධ කර ගත් ධර්මයයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.