25 April, 2024

Blog

අපේ අවංක උපහාරය

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නට සූදානම් වන මෙම මොහොතේ රාජ්‍ය පාලනයේ මෙම වෙනස උදා කර දෙන්නට පරිත්‍යාගයෙන් කැප කිරීම් කළ සියළු දෙනාට අපේ උස් ප‍්‍රණාමය හිමි විය යුතුය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවියෙන් ඉවත් කොට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වශයෙන් පත් කර ගන්නට රටේ ජනතාවට අවශ්‍ය වූයේ රාජපක්ෂ මහතා ප‍්‍ර‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය දුබල කර දැමීමටත් පුද්ගලයන්ගේ සහ ජන කොටස් වල අයිතිවාසිකම් හා කැමැත්තට පිටු පාමින් නීතියේ ආධිපත්‍යය සහ වග වීම නැති භංග කර දැමීමටත් කටයුතු කළ නිසාය. වඩ වඩාත් අධිකාරී ස්වරූපයක් අත් කර ගනිමින්, සාමාන්‍ය නීතිය යටතේ හදිසි නීති රෙගුලාසි ක‍්‍රියාත්මක කරමින්, විසම්මතිය හා වෙනත් අදහස් දරන සියළු දෙනා මර්දනය කරමින්, පාලක පවුලේ උවමනාවන් සඳහාම ප‍්‍රමුඛත්වය දෙමින්, ඕනෑම අපරාධයක් කොට ද`ඩුවම් නොලබා සිටින්නට හැකි තත්වයන් නිර්මානය කරමින්, සිවිල් පරිපාලනය දේශපාලණීකරනයට සහ මිලිටේරිකරනයට ලක් කරමින්, තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය අධික ලෙස කේන්ද්‍ර ගත කරමින්, ඥාති සංග‍්‍රහ, පවුල් පාලනය, වංචාව හා දූෂණය රජ කරවමින් ඒ මහතා ගෙන ගිය අත්තනෝමතික ප‍්‍රතිපත්ති අහෝසි කර දමන්නට රටේ ජනතාවට අවශ්‍ය වූ නිසාය.

පාලනයේ මෙම වෙනස ඇති කරන ලද්දේ එක් අතෙකින් ඔහුගේ හෝ ඔහුගේ පවුලේ අය ගෙන් හෝ ඔවුන්ට දර දිය ඇද්දවුන්ගෙන් පළි ගන්නට නොවන බවත් අනෙක් අතින් පසුගිය කාලය පුරා අධිකරණය නොමඟ යවා බොරුවෙන් සහ වංචාවෙන් අනර්ථදායක ලෙස අයිති කර ගන්නා ලද සහ භුක්ති විඳින ලද වරප‍්‍රසාද හා ඵල ප‍්‍රයෝජන ආරක්‍ෂා කර දෙන්නට නොවන බවත් අප අමතක නොකළ යුතුය.

නව රාජ්‍ය පාලනයේ අරමුණ විය යුත්තේ සමාජ සාමය සහ සංහිඳියාව ඇති කර ලන්නට හේතු වන පරිද්දෙන් යහපත් රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ සහ සමාජ ආර්ථික හා සංස්කෘතික ප‍්‍රතිපත්ති සම්පාදනය කොට ක‍්‍රියාත්මක කිරීම යි.

රාජ්‍ය පාලනයේ මෙම වෙනස ඇති කර ලන්නට ඇතැම් දෙනාට තම ජීවිත පූජා කරන්නට ද, සමහරුන්ට සිය ජීවිත පරදුවට තබා කටයුතු කරන්නට ද, රට හැර යන්නට ද, තවත් බොහෝ දෙනාට අනන්ත අප‍්‍රමාණ තාඩන පීඩන, දුක් වේදනාවන්ට ගොදුරු වන්නට ද සිදු විය.

මෙම අවස්ථාවේ ඒ සියළු දෙනාම ගෞරවයෙන් සහ ආදරයෙන් මතකයට නංවා ගෙන ඔවුන්ට උපහාර දැක්වීම අපේ පරම යුතුකම වෙයි.

Maithripala

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    Where is Banda? I Miss his comments with volumes of cooked up “facts”.

    • 0
      0

      Sup, u missed me. You’ll be hearing from me soon…..

    • 0
      0

      Sup, u missed me? Dontcha worry, you’ll be hearing from me soon…..

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.