[මෙම ලිපි මාලාවේ පස්වන කොටස නොවැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා පළ කොට ඇත.]
ආචාර්ය ගොඩහේවා මතු කර ඇති කරුණු ගැන තව දුරටත්
“බෙදා වෙන් කොට පාලනය කිරීම”
අන් තැන්හිදී මෙන්ම, යටත් විජිත වාදීහු ලංකාවේ ද “බෙදා වෙන් කොට පාලනය කිරීමේ” උපාය මාර්ගය අනුගමනය කලේය. ඔව්හු වැඩවසම් වංශාධිපතීන් අතර එදිරිවාදිකම් ප්‍රවර්ධනය කොට, වර්ගය, භාෂාව සහ ජාතිකත්වය ඔස්සේ ජනතාව බෙදා වෙන් කලහ. යටත් විජිත පාලනය කුමන ආකාරයකින් හෝ අඛණ්ඩව පවත්වා ගෙන යාමට සහයෝගය දෙන්නට කැමති වූ ඕනෑම කෙනෙකුට ඔව්හු අනුග්‍රහය දැක්වූහ. යටත්විජිත පාලනයට එරෙහි විරෝධය දකුණේ 1818 හා 1848 නැඟී සිටීම්වල ස්වරූපයෙන් උච්චස්ථානයට පත් වූ නමුත්, යටත් විජිත වාදීන්ගේ සුපිරි ආර්ථික හා ගිනි බලය හමුවේ ඒ නැඟී සිටීම් අසාර්ථක විය.
ලංකා ව්‍යවස්ථාදායක මණ්ඩලය තුල නියෝජනය පදනම් වූයේ තමන්ගේම ජනවාර්ගික කණ්ඩායම් නියෝජනය කළ නායකයන් සහිතව, වාර්ගික පදනමකින්ය. මෙය, ප්‍රධාන වශයෙන්, ආගමික හරවා ගැනීම්වලට මඟ පෑදූක්‍රිස්තියානි මිෂනාරි කටයුතු වලට ප්‍රතික්‍රියා වශයෙන් පැන නැගුනු බෞද්ධ හා හින්දු පුනරුදයේ කාලය යි. විසිවන සියවසේ මුල් දශක දෙකක කාලය තුළ සිංහල හා දමිල දේශපාලන නායකයෝ එකමුතුව කටයුතු කළහ. 1919 දී ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් ලංකා ජාතික කොංග්‍රසය පිහිටුවා ලීම සඳහා ලංකා ප්‍රතිසංස්කරණ ලීගය, ලංකා ජාතික සම්මේලනය හා යාපනය සංගමය එකට එකතු කර ලන්නට සමත් විය. ලංකා ජාතික කොංග්‍රසය වැඩි වැඩියෙන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට ඉඩ සලසන ලෙස යටත් විජිත පාලනයට බල කර සිටියේය.
ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් ව්‍යවස්ථාදායක මන්ත්‍රන සභාව තුල සිංහල හා දමිල දෙකොටසේ ම නියෝජිතයා ලෙස පත් කරන ලදි. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වාර්ගික නියෝජනය දිරිමත් කරමින් කොළඹ සඳහා එක් ආසනයක් ඇති කළේය. සිංහල සහ දමිල දෙපිරිසටම “වාර්ගික නියෝජනය” සඳහා මෙම ආසනය අවශ්‍ය වූයේය. දමිලයෝ ආණ්ඩුකාරවරයාගේ තීරණයට දැඩි ලෙස විරුද්ධ වූහ. 1921 ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් බස්නාහිර පළාතෙන් දමිලයෙකු තෝරා පත්කර ගනු ලැබීම වලක්වා ලීමට සිංහල දේශපාලන නායකයන් ආණ්ඩුකාරවරයාට රහසින් අනුබල දෙන්නට ඇතැයි ඔවුන්ට හැඟුනි. මෙය සිංහල හා දමිල දේශපාලන නායකයන් අතර බෙදීමකට මඟ පෑදූ අතර, එම බෙදුම අද දක්වාම නොකඩවා පවතියි.
ආචාර්ය ගොඩහේවාට අනුව:
4. බණ්ඩාරනායක ආණ්ඩුව, දමිලයන් අතර කුලවාදය මත පදනම්ව වෙනස්කම් කිරීම වැලැක්වීම සඳහා 1957 අංක 21 දරණ සමාජ ආබාධ වැළැක්වීමේ පනත නීතිගත කළේය; මෙම පනත පාසැල්වලට ඇතුළත් කිරීම්, රැකියාව, අවන්හල්වලට, ආගමික ස්ථානවලට හා පොදු සුසාන භූමිවලට ඇතුළ්වීම, ජලය භාවිත කිරීම සහ ඇඳුම් ඇඳීම වැනි දේ සම්බන්ධයෙන් දමිල සියලු දෙනාට සම අයිතිය ලබා දෙයි; බටහිර අධ්‍යාපනය ලත්, ඉංග්‍රීසි භාෂාව කතා කරන, ඉහළ කුලයට අයත් දමිල දේශපාලඥයින් තම බල ආස්ථානයන් අහිමි කර ගන්නට අකමැති වූ අතර, ජ්‍යෙෂ්ඨ තනතුරු දැරූ ඉංග්‍රීසි කතා කරන දමිලයන් ද එයට අකමැති විය. කුලය පදනම් කර ගත් වෙනස්කම් කිරීම යාපනයේ තවමත් සජීවීව පවතී: ඉහළ කුලවල දමිලයෝ පහත් කුලයේ දමිලයන්ට වෙනස්කම් කරති.
ශ්‍රී ලංකාවේ, කුලය මත පදනම්ව වෙනස්කම් කිරීමට ලක් කරනු ලබන එකම ජනප්‍රජාව දමිලයෝ පමණක් නොවෙති. සිංහල බෞද්ධයෝ බොහොමයක් ද, කුලය ප්‍රධාන සාධකයක් වී තිබෙන ඔවුන්ගේ සමාජ, ආර්ථීක සහ සංස්කෘතික පසුබිම නිසාවෙන් වෙනස්කම් කිරීමට ලක් කරනු ලැබේ. සිංහල බහුතරය විසින් දමිලයන්ට එරෙහිව වෙනස්කම් කරනු ලැබ ඇත්තේ ඔවුන් හුදෙක් දමිලයන් වීමම නිසා මිස, ඔවුන්ගේ කුල තත්වය නිසාවෙන් නොවේ. ශ්‍රී ලංකාව, ව්‍යවස්ථානුකූලව නිර්වචනය කරන ලද පාර්ලිමේන්තුමය දේශපාලන සංස්ථාවන් හා සමඟ වෙනස් වෙන සංස්කෘතික හා ඓතිහාසික සම්ප්‍රදායයන් බොහොමයකට උරුමකම් කියයි. වසර බොහෝ ගණනක් තිස්සේ, පවුල හා කුලය දේශපාලන පක්‍ෂවල නායකත්වය සහ අපේක්‍ෂකත්වය තීරණය කිරීමේදී ප්‍රධාන සාධකයන්ව පැවත තිබේ. ජනවාර්ගිකත්වය, ආගම සහ කුලය සම්ප්‍රදායික වශයෙන් සිංහල හා දමිල ජනප්‍රජාවන් දෙකේම කෙනෙකුගේ දේශපාලණ වෘත්තියේ ප්‍රධාන නිර්ණායකයන් ව තිබුනි.
වැඩවසම් ප්‍රභූ පෙලැන්තියට, කුලය අවම වශයෙන් ආගම හා ජන වාර්ගිකත්වය තරම්ම බලවත් අත්‍යවශ්‍යතාවයක් විය. ශ්‍රී ලංකාවේ කුල බොහොමයකම සම්භවයන් ඇත්තේ ඉන්දියාවේ ය. යටත් විජිතකරණයට සහාය වෙන්නට මදුර රජු විසින් යවන ලද සේවා කුලයට අයත් පවුල් දහස් ගණනක් ගැන මහාවංශය සඳහන් කරයි.[1] දකුණේ කුල ආතතිය ආරම්භ වූයේ රැකියා, වස්තුව හා දේශපාලන බලය මත සමහර අධිපති කුල අත් කොට ගෙන තිබුනු ග්‍රහනය බිඳ දැමීමට ගන්නා ලද උත්සාහයන් හේතුවෙනි. සිංහල, බුද්ධාගම සහ පාලි වලින් සුදුසුකම් ලත්, එහෙත් ඉංග්‍රීසි භාෂා ශක්‍යතාවය, සමාජීය නිපුණතා සහ උචිත පංති හෝ කුල පසුබිමක් නොතිබුනු දකුණේ ගැමි තරුණ තරුණියෝ රැකියාවක් සොයා ගැනීමේ දී පැහැදිලි අවාසියකට ලක් ව සිටියේය.
කුලය වැඩවසම් සමාජ වටිනාකම් පද්ධතියෙන් ඉතිරිව තිබෙන වැඩවසම් ශේෂයක් වන හෙයින්, එහි අඛන්ඩව පවතින බලපෑම අතුගා දැමිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය මුලුමනින් සාක්‍ෂාත් කර ගැනීමෙන් පමණකි. 1951 උඩරට ගොවිජන කොමිසම් සභාව ප්‍රකාශ කළේ කුලයට එරෙහිව කරන සටනේ පළමු පියවර ලෙස සේවා භුක්තීන් අහෝසි කිරීම අවශ්‍ය වන බවයි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරූ සන්ධානය මහජන එක්සත් පෙරමුණ විසින් නායකත්වය දුන් සිංහල බහු කුල සන්ධානයක් වූයේය. තමන්ගේ කුලයන් නිසා වෙනස්කම් කිරීමට ලක්ව සිටි වරප්‍රසාද නොලත් පසුබිම්වලින් පැමිණ සිටි නායකයන් බොහෝ දෙනෙක් එහි වූහ. එසේද වුවත්, විශේෂිත ඡන්ද කොට්ඨාසයක සමාජ සංයුතිය මත පදනම් වෙමින් එවැනි පසුබිම් පවා දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යොදාගන්නා ලදි. එහෙත්, වර්ධනය වන සංස්කෘතික හා ආර්ථික බෙදීම් මධ්‍යයේ වුවද, එතැන් පටන් ඇතැම් අප්‍රසන්න සමාජ භාවිතාවන් අතුරුදහන් වී ගොස් ඇත.
කුල හා පන්ති බෙදුම යටත් විජිත යුගයේ පටන් ශ්‍රී ලාංකික දේශපාලනය ආසාදනය කොට ඇත. 1948 ලැබුනු දේශපාලන නිදහස කුලය මත පදනම්ව වෙනස්කම් කරනු ලැබීමට කිසිදු සැලකිය යුතු ප්‍රතිරෝධයක් බලමුලු ගන්වා නොමැති බව පෙනේ. පළමු වරට ශ්රී ලංකා නිදහස් පක්ෂය බලය අත්පත් කර ගැනීමත් සමඟ 1956 න් පසුකාලීන දේශපාලනය, දේශපාලනික වෘත්තීන් තුල පැවති කුල අන්තර්ක්රියාව පිළිගත්තේ නැත. දකුනේ පීඩිත කුල ඔවුන්ගේ පීඩනයට එරෙහිව විවෘත ලෙස කැරලි නොගැසූ නමුදු, හැට ගණන්වලදී කුලය මත වෙනස්කම් කිරීමට එරෙහිව උතුරේ කරන ලද අරගලවලදී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ (පීකිං පිළේ) එන්. ෂන්මුගදාසන් සහ ඔහුගේ සහෝදර සහෝදරියන් දෙන ලද නායකත්වයට ඔවුන්ට හිමි ගෞරවය ප්රදානය කළ යුතු ය[2]. කුල ආධිපත්‍යය යොදා ගන්නට පාවිච්චි කළේ ප්රදේශයේ කෝවිල් සහ ඒ අවට පරිසරය යි; කුලය, බලය, කීර්තිය, අමනාපකම් වාගේම පූජනීය ස්ථාන පාලනය කිරීම සදහා විටින් විට කරන අරගල සමග ද කෝවිල සහසම්බන්ධාවයක් දක්වයි.[3] දකුණේ හැට ගණන්වල වාමාංශික දේශපාලනය වැඩියෙන් සම්බන්ධ වී තිබුනේ, කම්කරුවන්ගේ අයිතිවාසිකම් සඳහා කරන ලද අරගලත් කම්කරුවන්ගේ පන්ති විඥානය ගොඩනැගීමත් සමඟයි.
සන්නද්ධ ගැටුම කාලයේ දී එල්ටීටීඊ පාලනය යටතේ පැවති ප්රදේශවල ඔවුහු, කුල ක්රමය ඔවුන් ස්ථාපිත කරන්නට බලා පොරොත්තු වූ “එක්සත් කරන ලද දමිල ජනවාර්ගික නිජභූමියක් සඳහා බාධාවක් ලෙස හඳුන්වමින්”[4] ඒ මත යම් ආකාරයක වාරණයක් පනවා තිබුනේය. එල්ටීටීඊ ක්‍රියාමාර්ගය කුලය මත වෙනස්කම් කිරීම මුළුමනින්ම තුරන් කර නැති නමුත්, එය භූගත තත්වයට පත් කොට ඇත. කෙසේ වෙතත් හින්දු කෝවිල්, අවන්හල් හෝ පාසැල්වලට ඇතුල් වීමෙන් කිසිවෙක් තවදුරටත් වළක්වා නොමැති බව පෙනී යයි. කෙසේවුවත් දමිල ක්‍රිස්තියානි ජනප්‍රජාව සම්බන්ධයෙන් ගත්විට, ඔවුන් කුල හේතූන් මත කිසිවිටෙක කිසිවෙකු ඔවුන්ගේ පල්ලිවලට හෝ පාසල්වලට ඇතුල් වීමෙන් වලක්වා ඇති බවක් පෙනෙන්නට නොමැත. එහෙත් ඇතැම්විට දේශපාලන වශයෙන් හසුරවනුලබන කුලවාදී වෙනස්කම් කිරීම් නව ආකාරයන් පැන නැග ඇති බව පෙනෙන්නට ඇත. දිගුකාලීනව අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවෝ විවිධාකාරයේ කුල, පංති හා ජනවාර්ගික පීඩනයට සමගාමීව යටත් කරනු ලැබ ඇති බව කියනු ලැබේ.
1957 අංක 21 දරණ සමාජ ආබාධ වැළැක්වීමේ පනතේ 2(1) උපවගන්තියේ සඳහන් කරන අන්දමට “කිසියම් පුද්ගලයෙකුගේ කුලය හේතුවෙන් ඒ පුද්ගලයා යම් සමාජීය ආබාධයකට ලක් කරන ඕනෑම පුද්ගලයෙකු වරදක් සම්බන්ධයෙන් වරදකරු විය යුතුය.”[5] වෙනත් අන්දමකට කිවහොත්, බණ්ඩාරනායක ආණ්ඩුව විසින් පනවන ලද මෙම පනත, ආචාර්ය ගොඩහේවා සඳහන් කර ඇති පරිදි, විශේෂයෙන්ම දමිලයන් අතර කුලය මත පදනම් ව කරනු ලබන වෙනස්කම් කිරීම තහනම් කරන්නට පමණක් නොව, 3(xi) උපවගන්තිය යටතේ පනවා ඇති පරිදි, වෙනත් අය නීති විරෝධී ලෙස රැකියාවක යොදවා ගනු ලැබීමෙන් වැළැක්වීම ද ඇතුළත්ව, කිසියම් කෙනෙකුගේ කුලය පදනම් කොට ගෙන එම තැනැත්තාට එරෙහිව කරනු ලබන වෙනස්කම් කිරීම ද තහනම් කරන්නට ය.
මෙම පනත පැවතියේ වූවද, පශ්චාත් ස්වාධීන ලංකා රාජ්‍යය දකුණේ හෝ උතුරේ කුලය මත පදනම් ව කරනු ලබන වෙනස්කම් කිරීම්වලට එරෙහිව කවදාවත් සටන් නොකළේය. කුලය පිළිබඳව කරන සැලකීම් විසින් දිවයිනේ සියලූ ප්‍රදේශවලම, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, අනුග්‍රාහක සේවා යන අංශවලට ප්‍රවේශ වීමේ සාධාරණත්වය කෙරෙහි පැහැදිලි ලෙස බාධා කොට තිබේ. කුලය මත පදනම් ව දකුණේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ තුල වෙනස්කම් කරනු ලැබීම විවෘතව කතා බහට ලක් වූ නමුත්, එය වැළැක්වීම සඳහා කිසිදු සක්‍රීය පියවරක් ගෙන නොමැත. සී පී ද සිල්වා, කොල්වින් ආර්. ද සිල්වා, අශෝක කරුණාරත්න සහ දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස වැනි ප්රමුඛ දේශපාලන චරිතවලට පවා ඔවුන්ගේ කුල පසුබිම නිසා පීඩා විඳින්නට සිදු විය. ඔවුන් අමාත්‍යාංශ සහ ජනාධිපති ධුරය පවා දැරූවද, ඔවුහු ඔවුන්ගේ කුල තරාතිරම හේතුවෙන් ඕනෑම මොහොතක කපට ලෙස පෙරළා දැමීමට ලක් වීමේ නිරන්තර බියකින් පසු වූහ.
උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල වැඩවසම් නෂ්ඨාවශේෂ කාර්මිකකරණය හිඟ වීමත්, කර්කශ කෘෂිකාර්මික තත්වයනුත්, ඓතිහාසික හා ආගමික චාරිත්ර විධීන් වෙත ආධානග්‍රාහී ලෙස බැඳී සිටීමත් හේතුවෙන් දිගටම ශක්තිමත්ව පවතී. උතුර, කාර්මිකරණයෙන් සහ එහි නවීකරණ බලපෑම්වලින් තොරය. එම නිසා, අනන්‍යතාවය ප්‍රකාශයට පත් වූයේ තරාතිරම, චාරිත්‍රය, ආගම සහ භාෂාව තුළිනි. ඉඩම් පාලනය සහ සමාජ වරප්‍රසාද ආරක්‍ෂා කර ගැනීම ද මේ හා සම්බන්ධව වෙයි.. සමාජය සමස්තයක් ලෙස එකමුතුව ක්‍රියා කළ හැකි පරිදි, සෑම පුද්ගලයෙකුම වැදගත් සමාජයීය කාර්යභාරයන් ඉටු කිරීම සහ නිශ්චිත කණ්ඩායම් විසින් චාරිත්‍ර විධි සිදු කරනු ලැබීම සහතික කරමින් කුලය සමාජය එකට බැඳ තැබූ මැලියම ලෙස පැවතුනේය.
දශක කිහිපයකට පෙර මෑතක් වන තෙක් වෙල්ලාල නොවන අයට වෙල්ලාලයන් ඉදිරියේ හිස නමන්නට සිදුවී තිබුනු අතර ඔවුන්ගේ පූජනීය ස්ථානවලට ඇතුළු වන්නට හෝ ආගමික සහ සමාජ චාරිත්‍ර වලට සහභාගී වන්නට හෝ නොහැකි විය. කුලහීනයන්ට ඉඩම් මිලදී ගන්නට ඉඩ නොදුන් අතර, බොහෝ අවස්ථාවල දී විවාහ වීමට අවසර ඉල්ලා සිටීම පමණක් නොව ඔවුන්ගේ කුල දෙටුවන්ට යටහත්ව ජීවත්වීම පවා ඔවුන් වෙතින් බලාපොරෙත්තු වුහ.. තෝරාගන්නා ලද දමිල නියෝජිතයෝ වෙල්ලාල කුලයෙන් සහ ඉහල මධ්‍යම පන්තියෙන් පැමිණි අය වූහ. ජාතික ප්‍රශ්නය පිළිබඳ ඔවුන්ගේ විශ්ලේෂණය භාෂා සමානතාවයට සීමා වූයේය. ආර්ථික සංවර්ධනයේ අංශ සහ කුලහීනයන් නගා සිටුවීම ඔවුන්ට වැදගත් නොවීය. මලයියහ දමිල ජනයා කෙරෙහි ඔවුන් දැක්වූ පිළිකුලද ඉතා පැහැදිලි විය.
මලයියහ දමිලයන් හා දේශීය දමිලයන් සතුව වෙනස් ඉතිහාසයන්, දේශපාලන නියෝජිතයන්, සම්ප්‍රදායයන්, පන්ති හා කුල වෙනස්කම් පවතී. යාපනයේ දමිල බහුතරය ද්විතීයික අධ්‍යාපනය පමණක් ලබා ඇති අතර, සියයට 21.6 ක් කිසිදු අධ්‍යාපනයක් ලබා නොමැත.[6] නිශ්චිත කුලවලට අයත් ඉඩම් රහිත විශාල සංඛ්‍යාවකට පදිංචියට නුසුදුසු භූමි භාගයක කාලකණ්නි ජීවිතයක් ගෙවන්නට සිදුව තිබිනි. ඓතිහාසිකව දිවයිනේ සම්පත් නිෂ්පාදනය කළ මලයියහ දමිලයන්ගේ නිරක්‍ෂරතාව (නූගත්බව) සියයට 43.58 කි. තවමත්, මෙම ජන කොටස සමාජයේ වඩාත්ම අමතක කර දමන ලද සහ පීඩාවට පත් ජන කොටස වෙයි.
මලයියහ කම්කරුවන් නියෝජනය කරන දේශපාලන සංවිධාන පවා තම කටයුතුවලදී කුලයට නැඹුරු වූ බව පෙනේ. ඔවුහු හැත්තෑ ගණන්වල සිට ශ්‍රී ලංකාවේ සභාග පාලන තන්ත්‍රවල කොටස්කරුවන්ව සිට ඇත. වෙනත් තැන්වල මෙන්ම, වතුකරයේ ද වැඩියෙන් සිදු වන ජනවාර්ගික බලමුලු ගැන්වීම, කුලය මත පදනම් ව කරනු ලබන වෙනස්කම් පිළිබඳව ප්‍රසිද්ධ ක්‍ෂේත්‍රයේ කවර හෝ සාකච්ඡාවක් කිරීම නිහඬ කරවා තිබේ. යටත්විජිත පාලනය විසින් පිහිටුවන ලද “නාගරික සනීපාරක්‍ෂක කම්කරු ජන ප්‍රජාවෝ” පැහැදිලි ලෙසම කුලය මත පදනම් වූයේය. දීන තත්වයන් යටතේ වතුවල වැඩ කිරීමට ගෙන එන ලද මලයියහ කම්කරුවන්ට ශතවර්‍ෂ ගණනාවක් පුරාම, සලකා ඇත්තේ වසලයන්ට මෙනි. ඔවුන්ට, රටේ වඩාත්ම වරප්‍රසාද නොලත් සහ හඬක් නොමැති ජනතාවක් ලෙස යැපෙන්නටත්, සදාකාලිකවම දාස වැඩවල යෙදෙන්නට උරුම කොට ඇතියවුන් ලෙස ඔවුන්ට සලකන්නටත් සලස්වා තිබේ. මෙය ජන කොටසකට පවිටු ලෙස වෙනස්කම් කිරීමකි; මේ සියල්ල ඔවුන්ගේ මුතුන් මිත්තන් බ්‍රතාන්‍යයින් විසින් අසල්වැසි ඉන්දියාවේ සිට රැගෙනවිත් ඇති නිසාය.
කුල පදනම මත සමාජ ස්තරායනය වීම, දමිළ සමාජයටම පමණක් ආරෝපණය කළ හැකි හෝ ඒ සමාජයේ ආවේණික අංග ලක්‍ෂණයක් හෝ නොවේ. වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ ජනයාගෙන් සියයට 90 ක් පමණ දෙනා කිසියම් හේතුවක් සඳහා කුලය පිළි ගනී[7]. කුල බෙදීම් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය තුළ අපැහැදිලි බවට පත්ව ඇතැයි කිව හැකි වුවද, කුලය මත පදනම් ව වෙනස්කම් කිරීම තවමත් පවතී. එවැනි බෙදීම් උතුරේ හා නැගෙනහිර තවමත් ආධිපත්‍යය දරයි. වැඩි වැඩියෙන් දකුණේ කුල සාධක දෙවැනි තැනකට ඇද දමමින් වස්තුව සහ දේශපාලන බලය ප්‍රධාන බලපෑම් කරන්නන් බවට පත්ව ඇති බව පෙනේ.
බණ්ඩාරනායක රජය විසින් 1957 අංක 21 දරණ සමාජ ආබාධ වැළැක්වීමේ පනත නීතිගත කළේ දමිලයන් අතර කුලය අනුව වෙනස්කම් කරනු ලැබීම වැළැක්වීමටය යනුවෙන් ආචාර්ය ගොඩහේවා කරන ප්‍රකාශය කෙසේවෙතත්, සිංහල, දමිල සහ මලයියහ දමිලයන්ද ඇතුළුව සමස්ත ලාංකීය සමාජයම, කුලය පදනම් කර ගත් වෙනස්කම් කිරීම් හේතුවෙන් ඇති කරන ලද වේදනාකාරී, මානසිකව අධෛර්‍යයට පත් කරන හා අවාසිදායක බලපෑම් අත් විඳීමෙන් අන්ධ බවටත්, නිර්වින්දනකාරී බවටත් පත් වී ඇත. අඛන්ඩව කෙරෙන ජාතිකවාදී බලමුලු ගැන්වීම් සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති කෙරෙන සමාජ බෙදීම, හුදෙක් ශ්‍රී ලාංකීය සමාජයේ පුලුල්ව පැතිරී පවතින සහ නිදන්ගත බවට පත්ව ඇති ලිංගික, කුල හා පන්ති අසමානතාවන්ගේ ආකාරයන් වසන් කිරීම සඳහා සේවය කොට ඇත. කණගාටුවට මෙන්, බොහෝ ජන ප්‍රජාවෝ ඔවුන්ගේ පංතිය, ජනවාර්ගිකත්වය සහ කුලය හේතුවෙන් වෙනස්කම්වලට ලක් කිරීමේ බහුවිධ ස්ථරයන්ට තවමත් ලක්වී තිබේ.
මතු සම්බන්ධයි……
[1] ගුණවර්ධන, ආර්.ඒ. එල්.ඒ. 1990, සිංහයාගෙන් පැවතෙන ජනතාව: ඉතිහාසය හා ඉතිහාස ලේඛනයේ සිංහල අනන්‍යතාවය සහ මතවාදය, ස්පෙන්සර් හි, එම, 54 පිට.
[2] උයන්ගොඩ ජේ. 2000, පශ්චාත් නිදහස් සමාජ ව්‍යාපාර, ලක්ෂ්මන් ඩබ්ලිව් ඩී සහ ටිස්ඩෙල් සී ඒ 2000, නිදහසින් පසු ශ්රී ලංකාවේ සංවර්ධනය: සමාජ ආර්ථික දෘෂ්ටිකෝණ හා විශ්ලේෂණ, 68, නෝවා විද්යා ප්රකාශකයෝ.
[3] විටේකර් එම් පී (1990). ඉතිහාස බොහමයක සංයෝගයක්: නැගෙනහිර වෙරළේ දමිල ජනතාවගේ අතීතය. ස්පෙන්සර්හි 155 සිට 159 දක්වා.
[4] සිල්වා කේ ටී, සිවප්රගාසම් පී පී සහ තංගේස් පී 2009, ශ්රී ලංකාව තුළ කුල වෙනස්කම් කිරීම සහ සමාජ සාධාරණත්වය: සමාලෝචනයක්, 7-8 පිටු, ඉන්දියානු දලිත් අධ්‍යයන ආයතනය
[5] 1957 අංක 21 දරණ සමාජ ආබාධ වැළැක්වීමේ පනත, ශ්රී ලංකාව, http://www.commonlii.org/lk/legis/consol_act/posd33370.pdf
[6] යථාවාදී සංවර්ධන කමිටුව 1984, ශ්‍රී ලංකාව: මිථ්‍යාවන් සහ යථාර්තයන්; වර්ගය සහ පංතිය ජූලි 1, 1984, 26(1), 139-157; සහ උපුටා පල කොට ඇත්තේ කුක් එම් සී 2011, ශ්‍රී ලංකාවේ කැරුල්ල, මර්ධනය සහ සාධාරණත්වය සඳහා අරගලය: ලයනල් බෝපගේ කථාව, 271, අගහස් ප්‍රකාශකයෝ
[7] සිල්වා කේ ටී, සිවප්රගාසම් පී පී සහ තංගේස් පී 2009, ශ්රී ලංකාව තුළ කුල වෙනස්කම් කිරීම සහ සමාජ සාධාරණත්වය: සමාලෝචනයක්, ඉන්දියානු දලිත් අධ්‍යයන ආයතනය