26 April, 2024

Blog

මාදුලුවාවේ සෝභිත හිමිපාණන් ඉටු කළ දිරිමත් මෙහෙවර ඉදිරියට ගෙන යා යුතුය!

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

කෝට්ටේ නාග මහා විහාරාධිපති ගරුතර මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් ගේ අභාවය පිළිබඳව අපි අතිශයින් කණගාටුවට පත් වී සිටිමු. ශ්‍රී ලංකාවේ සාධාරණ සමාජයක් ඇති කිරීම සඳහා වූ ජාතික ව්යාපාරයේ කැඳවුම්කරු සහ මූූලාසනය වශයෙන් උන් වහන්සේ අපරිමිත සේවයක් කළහ. මා දන්නා පරිදි, සෝභිත හිමිපාණෝ බලගතු පුද්ගලයන්ගේ අසාධාරන වැඩ කටයුතු වලට එරෙහිව නැඟී සිටින්නට තරම් ධෛර්ය සම්පන්න වූ පශ්චාත් ස්වාධීන ශ්‍රී ලංකා ඉතිහාසයේ වාසය කළ විරල බෞද්ධ භික්ෂූන් වහන්සේ ලා ගෙන් එක් හිමි නමක් වූයේය.

1970 අග භාගයේ මම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුව සිටියදී ගරු නා හිමිපාණන් සමඟ රටේ පැවතුන දේශපාලන තත්වය පිළිබඳව සාකච්ජා කරන්නට මට අවස්ථාව ලැබුනි. රටේ පවතින ගැටළු දෙස පැහැදිලි ලෙසම පක්‍ෂ දේශපාලනයට වඩා ඉහළින් බැළු උන් වහන්සේ රටේ වාසය කරන ජනතාවගේ ප්‍රශ්ණවලට යුක්තිගරුක හා සාධාරණ විසඳුම් ලබා ගැනීම සඳහා කටයුතු කරන්නට කැමැත්තෙන් සිටියහ. රටින් පිටව සිටින අතරතුර වසර 2000 දී පමණ මා ශ්‍රී ලංකාවට ආපසු පැමිණි අවස්ථාවක කෝට්ටේ නාග මහා විහාරයේදී නැවතත් උන් වහන්සේ හමුවන්නට මට අවස්ථාව ලැබිනි. අපේ සාකච්ජාවේ එක්තරා වැදගත් කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණය හා සම්බන්ධ සියළු පාර්ශ්වයන්ට පිළිගත හැකි වෙන ආකාරයේ දේශපාලන විසඳුමක් වර්ධනය කර ගැනීමට තිබෙන අවශ්‍යයතාවය පිළිබඳව යි. තමිල් ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා රජය ගෙනගිය යුද්ධයට ආධාර කරමින් සිටින අතරතුර, සන්නද්ධ ගැටුමේ උච්චතම අවස්ථාවේ දී පවා උන් වහන්සේ දමිල ජනයාගේ දුක් ගැනවිලි හා ගැටළු වලට සාධාරණ හා යුක්තිගරුක විසඳුමක් ඇති කර ගැනීමට එරෙහි නොවූහ.

Sobithaමෙම ප්‍රශ්ණය සාකච්ඡා කිරීමේදී උන් වහන්සේ ප්‍රකාශ කළ මතය වූයේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ රටේ ඕනෑ එපාකම් ගැන අවධානය යොමු කරනවාට වඩා බෙහෙවින්ම ඔවුන්ගේම වූ ආත්මාර්ථකාමී ඵල ප්‍රයෝජන සහ පටු වාසි අත් කර ගැනීම සඳහා කටයුතු කරන බව යි. ජාතික ප්‍රශ්ණය හා සම්බන්ධ සියලු පැති අධ්‍යනය කොට සමස්තයක් ලෙස රටටත් රටේ ජනතාවටත් උචිත දේශපාලන විසඳුමක් වර්ධනය කර නිර්දේශ කරන්නට හැකි වෙන පරිද්දෙන් දිවයිනේ පවත්නා විවිධත්වය නිරූපනය වන ආකාරයෙන් රටේ බුද්ධිමතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් ස්ථාපිත කළ යුතු බව යි උන් වහන්සේ ගේ මතය වූයේ. පසුව පුළුල් ආකාරයෙන් සහයෝගය ලබා ගැනීමට හැකි වෙන අයුරින් දේශපාලන හා විධායක මට්ටමෙන් එම නිර්දේශ සාකච්ජාවට ලක් කළ හැකි බව උන් වහන්සේ ප්‍රකාශ කළහ. අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍රයක් උඩ කටයුතු නොකොට සැබෑ ප්‍රතිපත්ති මත පදනම් වන දේශපාලනයක් සඳහා තිබෙන අවශ්‍යතාවය උන් වහන්සේ අවධාරණය කර සිටියහ.

2015 ජනවාරියේ රටට නව ජනාධිපතිවරයෙකු ද, 2015 අගෝස්තුවේ නව ආණ්ඩුවක් ද පත් කර ගැනීමෙන් එදා ප්‍රචලිතව පැවති දූෂිත අපරාධකාරී දේශපාලන සංස්කෘතිය පරාජය කර දැමීම සඳහා කටයුතු කළ ව්යාපාරය තුල උන් වහන්සේ නායකත්ව මෙහෙවරක් ඉටු කළහ. එම මැතිවරන දෙකෙහිදී ම ජනතාවට දෙන ලද පොරොන්දු ඉටු කර ලීමට තිබෙන අවශ්‍යතාවය උන් වහන්සේ හැමවිටෙකදීම අවධාරණය කළහ. එම පොරොන්දු ඉටු කරනු නොලැබුවහොත් ඇතිවෙන තත්වය සියලු දෙනාටම විනාශ දායක වෙනවා ඇතැයි ද උන් වහන්සේ ප්‍රකාශ කොට සිටියහ. එම පොරොන්දු ඉටු කර කර ගැනීම සඳහා සිවිල් සමාජය සක්‍රීයව තබන්නට ත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර දැමීම, මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති කර ලීම, සහ අල්ලස් හා දූෂණ චෝදනා පිළිබඳව නිවැරදි ලෙස පරීක්ෂණ පවත්වා වැරදි කරුවන්ට දඬුවම් පැමිණවීම වැනි කටයුතු සහතික කර ලීම සඳහා සිවිල් සමාජය විසින් පියවර ගනු ලබන්නට ත් උන් වහන්සේ ට අවශ්‍ය විය. දූෂිත පුද්ගලයින් හෝ ජනතාවට සේවය කරන්නට තරම් හැකියාවක් නොමැති අපේක්‍ෂකයින් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීම උන් වහන්සේ ට අවශ්‍ය නොවීය. සුදුසු පුද්ගලයන්ට පමණක් නාම යෝජනා ලබා දෙන ලෙස සියලුම දේශපාලන පක්‍ෂවලට ත්, සුදුසු අපේක්‍ෂකයන් වෙත පමණක් තම ඡන්දය ප්‍රකාශ කරන ලෙස ජනතාවට ත් ගරුතර නා හිමිපාණෝ අායාචනා කළහ.

ගරුතර මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වෙත පිරිනැමිය හැකි ලොකුම උපහාරය වන්නේ ශ්‍රී ලංකාවේ යහ පාලනය සම්බන්ධයෙනුත් රටේ ජනතාවගේ ගැටළු ආමන්ත‍රනය කිරීම සම්බන්ධයෙනුත් උන් වහන්සේ බලාපොරොත්තු වූ දෑ ඒ අයුරින්ම යථාර්තයක් බවට පත් කර ලීම යයි මම විශ්වාස කරමි. අත්තනෝමතිකත්වය, පවුල් වාදය, ඥාති වාදය, අල්ලස හා දූෂණය පරාජය කිරීම සඳහා ගෙන යනු ලබන අරගලයේ ඉදිරියෙන් සිටි සියළු දෙනාටම පාහේ උන් වහන්සේ අසීමිත ප්‍රබෝධයක් වූහ.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් සහ ස්වාධීනතා යලි යථා තත්වයට පත් කර ගන්නට උන් වහන්සේ ධෛර්යමත් ලෙසත් නිර්භයවත් ඉටු කරන ලද සක්‍රීය මෙහෙවර නොකඩවා ඉදිරියට ගෙන යා යුතුය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.