28 March, 2024

Blog

ස්ත්‍රිය දරුවන් හැදිය යුත්තේ ගණනින්ද ගුණයෙන්ද?

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

සිංහල අප වැඩි වැඩියෙන් දරුවන් හැදිය යුතු බව කවුදෝ කියා තිබෙනු මම දුටුවෙමි. දරුවන් වැනි සම්පතක් තවත් නැති බව නම් ඇත්තය. එහෙත් වැඩි වැඩියෙන් දරුවන් හැදිය යුතු යැයි නියෝග කරන්නේ දරුවන් සඳහා නොව වර්ගය සඳහාය. ඇතැමුන් කියන හැටියට සිංහලයා වඳවීයාමේ තර්ජනය මුහුණ පා සිටියි. ඔවුන් එසේ කියන්නේ සිංහලයන් සම්බන්ධයෙන් ලෝක විනාශක බියක් ඇති කර එය දේශපාලනික වශයෙන් ගසා කන්නටය. ජනයා යමක් සම්බන්ධයෙන් බියට පත් කර දේශපාලනීකරණය කිරීම එකකි. ජනයා යමක් සම්බන්ධ දැනුවත් කර ඔවුන්ගේ විඥානය වර්ධනය කර දේශපාලනිකව ක‍්‍රියාකාරී කිරීම අනිකකි. වැඩිකල් නොයා සිංහලයා ලංකාව තුළ සුළුජාතියක් වන්නේය යන භීතිය සිංහලයා තුළ ඇති කරන අය සිටිති. ඒ බියට කිසිම ජනසංඛ්‍යා ලේඛනමය පදනමක් නැති බව පසුගිය දා කිහිප දෙනෙක්ම පෙන්නා දුන්හ. පසුගිය දවසක රාවය පුවත්පතට මේ සම්බන්ධයෙන් ලියූ චානුක වත්තේගම ඉන් එක් කෙනෙකි. සුරේඛා සමරසේනද කණ පැලෙන්නට වදින කෙටි ලිපියක් ලියා තිබුණා මතකය. එහෙත් සංස්කෘතික ආධිපත්‍යය ඇති අය (භික්ෂූන් වැනි) හෝ දේශපාලන ආධිපත්‍යය ඇති අය (ඇමතිවරුන් වැනි) අතපය වීසි කොට අලංකාර ගන්වා කෑ ගසා මේවා කියන විට ජනයාගේ ලේ උණු වී එයි. මෙවැනි කාරණා ඇසුරින් ජනතාව අවුස්සා දේශපාලනය කරන අය ජනතාව තුළ ඇති කරන්නට තැත් කරන්නේ බුද්ධිමය උණුසුම්වීමක් නොව රුධිරමය උණුසුම් වීමකි; එනම් ලේ රත්වීමකි. දැනට ඉන්නා දරුවන්ට වෙන්නේ මොකක්ද? ඔවුන්ට ජාතිය විසින් සලකනු ලැබ ඇති ආකාරය හරිද වැනි ප‍්‍රශ්න මේ ඝෝෂකයන්ගේ සිතට නොඑයි.

සිංහල ස්ත්‍රීන් වැඩියෙන් දරුවන් හැදිය යුතු යැයි ඇතැම් භික්ෂූන් කියන්නේ ස්ත්‍රීන්ගේ ශරීරය තමන්ගේ දේශපාලන දෘෂ්ටිවාදවල උපකරණයක් සේ සලකමිනි. මෙවැනි කියමන් කියන අයගේ චින්තනය සහ ලොකු උනාම කසාද බඳින්න හිතාගෙන අවුරුදු හතරේ දැරියන් පැහැරගෙන යන පිස්සන්ගේ උමතු අදහස් අතර ක‍්‍රමවේදමය වෙනසක් නැත. දෙපිරිසම ස්ත්‍රී ශරීරයද ස්ත්‍රීමනුෂ්‍යාත්මභාවයද සලකන්නේ තමන්ගේ දෘෂ්ටිවාදවල සහ තමන්ගේ ෆැන්ටසිවල උපකරණ හැටියටය. ස්ත්‍රීශරීරය අයිති විය යුත්තේ ස්ත‍්‍රියටය. මේ අය කියන හැටියට යසෝදරා පවා සිංහල වී නම් ඇය නියම ගැහැනියක නොවේ. ඈ වැදුවේ එක පුතෙකු පමණක් බැවිනි.

හෝඩියේ පන්තියේ ටියුෂන් රැුගෙන ගොස් ශිෂ්‍යත්වය පැන්නුවේ නැත්නම් හොඳ පාසැලක් ලබා ගැනීම සඳහා දේශපාලක ලැයිස්තුවට සම්බන්ධ විය යුතුය. නුවර පැත්තේ ඊට කියන්නේ නාමල්ගේ ලැයිස්තුව කියාය.

හෝඩියේ පන්තියේ ටියුෂන් රැුගෙන ගොස් ශිෂ්‍යත්වය පැන්නුවේ නැත්නම් හොඳ පාසැලක් ලබා ගැනීම සඳහා දේශපාලක ලැයිස්තුවට සම්බන්ධ විය යුතුය. නුවර පැත්තේ ඊට කියන්නේ නාමල්ගේ ලැයිස්තුව කියාය.

දරුවන් හතර පස් දෙනෙකු හැදීම යනු ස්ත්‍රී ශරීරය මතද ස්ත්‍රී ජීවිතය මතද ඉතා දැඩි පීඩනයක් හෙලන සීමාකරණයක් ඇති කරන දෙයකි. වැඩි වැඩියෙන් දරුවන් වැදීම සඳහා ස්ත‍්‍රියක විසින් කළ යුතු කැපකිරීම් අපමණය. අධ්‍යාපනය, වෘත්තිය, බුද්ධිමය වර්ධනය අදිය සඳහා ඇයට ඇති කාලය පිරිමියාට ඇති කාලයමය. ඒ නිසා දරුවන් හතර පස් දෙනෙකු හදන්නට නම් ඇය එකී අවස්ථාවලින් බොහොමයක් කැප කළ යුතුය. නිවසින් පිටත සමාජ අවකාශය ස්ත‍්‍රියටද උරුම විය යුතුය. ඇයද දේශපාලනයෙහි ක‍්‍රියාකාරී විය යුතුය. දරුවන් වැදීම සහ හැදීමත් පිණිස ඇය ගෘහස්ථ අවකාශයට පමණක් සීමා විය යුතු නැත. යම් ස්ත‍්‍රියක ඒ සියල්ල වෙනුවට මවකවීමේ කාර්ය තෝරා ගන්නේ නම් ඒ තෝරා ගැනීමද ඇයට තිබිය යුතුය. එහෙත් ඒ තෝරා ගැනීම ඇගේම විය යුතුය. එය පිරිමින්ගේ දේශපාලන දෘෂ්ටිවාද නිසා ඇය මත පැටවෙන්නක් විය යුතු නැත. මෑතකදී එළි දුටු ජවිපෙ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේදී ගබ්සාව පිළිබඳ අවසන් තීරණය පවා ස්ත‍්‍රිය සතු විය යුතු බව සඳහන් වේ. එය ප‍්‍රගතිශීලි ප‍්‍රතිපත්තියකි.

යම් දවසක සිංහල මිනිසුන් අපේ රටට වැඩි වේ යැයි දේශපාලන දෘෂ්ටිවාදීන් තීන්දු කළහොත් එදිනට දරුවන් නොහදන්නැයි ස්ත්‍රීන්ට බල කිරීමද වැරදි දෙයකි. දරුවන් සිටීමේ ප‍්‍රීතිය දේශපාලන භික්ෂූන්ට වඩා හොඳට ගිහියෝ දනිති. එහෙත් ගිහියන් දරුවන් හදන්නේ භික්ෂූන්ට වඩා වැඩි කාලයක් ජාතික ආර්ථිකය වෙනුවෙන් ශ‍්‍රමයද වගුරමිනි. මිනිස් දරුවා යනු දීර්ඝ කාලයක් පරිස්සමින් රැුකබලාගෙන හදා වැඩිය යුතු කෙනෙකි. අම්මා කරන්නේ වැදීම පමණක් නොවේ. හැදීම ඊට වඩා කාලයක් හා ශ‍්‍රමයක් වැය වන වැඩකි. ඒ සඳහා පොදු සමාජ ව්‍යූහයෙන් ලැබෙන සහාය එන්න එන්නම අඩු වේ.

පසුගිය දශක දෙක තුන තුළ දී ලංකාවේ පාසැල් පද්ධතියද දරණු ලෙස කඩා වැටී ඇත. හෝඩියේ පන්තියේ ටියුෂන් රැුගෙන ගොස් ශිෂ්‍යත්වය පැන්නුවේ නැත්නම් හොඳ පාසැලක් ලබා ගැනීම සඳහා දේශපාලක ලැයිස්තුවට සම්බන්ධ විය යුතුය. නුවර පැත්තේ ඊට කියන්නේ නාමල්ගේ ලැයිස්තුව කියාය. පහේ සිට දිගටම අතින් අල්ලාගෙන දක්කාගෙන ගියත් විශ්වවිද්‍යාලවලට යාම ගැන විශ්වාසයක් නැත. ජාතියේ දරුවන් වෙනුවෙන් නොමිලේ පාසැල් සාදා පවත්වාගෙන යන භික්ෂුවක් හෝ පන්සලක් මා අසා නැත. තමන්ගේ දරුවන්ට අමාරුවෙන් උගන්වාගෙන යන අතර පන්සලේ තාප්පේ වලාකුළු බැම්මක් සේ කොන්ක‍්‍රීට්වලින් හදන්නට අනිවාර්යෙන්ම ගෙවන්නට වූ අවස්ථා ගැන නම් මා අසා ඇත.

සිංහල ස්ත්‍රීහු අද තමන් හදන දරුවන් එකා දෙන්නා ලොකු මහත් කර හොඳ දරුවන් කරන්නට ඉමහත් කැපකිරීමක් කරති. බොහෝ සිංහල පවුල්වල දරුවන් ගුණ නැණ බෙලෙන් යුතු පුතුන් හා දූන් කරන්නට වැඩියක්ම වෙහෙසෙන්නෝ ස්ත්‍රීහුය. මෑත කාලීන ජනසංඛ්‍යා ලේඛන බලන කල පෙනෙන්නේ අධ්‍යාපනය අතින් සිංහල දරුවන් බොහෝ ඉදිරියෙන් සිටින බවය. සංඛ්‍යා ලේඛන නැතත් බැලූ බැල්මටත් එය පෙනේ. ඒ නිසා අපේ ජනයාගේ පැවැත්ම නවත්වන ලෝකාන්ත වර්ෂාව හෝ ලෝක නාශක අග්නි ප‍්‍රවාහය එළඹ ඇතැයි බිය නොගන්වා තම දරුවන් ගුණනැණින් වර්ධනය කරන්නට අවශ්‍ය පහසුකම් සැපයීම වඩා හොඳය.

සිංහල ස්ත්‍රීන්ට වැඩි වැඩියෙන් දරුවන් හදන්නැයි කියන අයම මුස්ලිම් ස්ත්‍රීන් ආගමික යදම්වලින් බැඳ දමා ඇතැයිද කියති. මුස්ලිම් ස්ත‍්‍රියගේ ඇඳුම පිළිබඳ විරෝධය පාන අයම සිංහල ස්ත‍්‍රියගේ පැවැත්මේ ප‍්‍රධාන අරමුණ දරුවන් හැදීම යැයි කීම පරස්පර ප‍්‍රකාශයක් නොවේද? මුස්ලිම් සමාජය තුළ ස්ත‍්‍රියට ඇති තත්ත්වය වඩා ඉහළ දමන කතිකාවක් ඒ සමාජය තුළ ඇති වන්නේ නම් හොඳය. මුස්ලිම් ස්ත‍්‍රිය අබිිමුවද තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තෝරා ගැනීම් ගණනාවක් තබා ඉන් යමක් තෝරා ගන්නට ඉඩ දෙන්නේ නම් හොඳය. තමන්ට ලැබී ඇති එකම විකල්පය තමා කළ තෝරා ගැනීමක් යැයි සිතන තැනට ස්ත‍්‍රිය හීලෑ කරන දෘෂ්ටිවාදි අධිපතිවාදියෝ සිටිති. ස්ත‍්‍රිය පමණක් නොව අනෙක් ආකාර පීඩිතයෝ්ද පවතින ක‍්‍රමය විසින් තමා මත පටවා ඇති එකම විකල්පය බොහෝ විකල්ප අතුරින් තමා තෝරාගත් එකය යන ව්‍යාජ සන්තෘප්තියෙන් ජීවත් වෙති. මිනිසුන් එසේ සිතන තැනට හීලෑ කිරීම පිණිස නොයෙක් උපකරණ භාවිත කරනු ලැබේ. හමුදාව, පොලීසිය පමණක් නොව ආගමික සංස්ථාවද එහිලා භාවිත කෙරේ.

ඒ නිසා දරුවන් වැනි අපගේ ඉතාම පෞද්ගලික වූද අපට ඉතා වටිනාවූද සම්පත පිළිබඳ තීරණ අප වෙතම තබා ගැනීම පුරවැසියන් වන අපගේ වගකීමකි. එහිදී ස්ත‍්‍රියගේ ස්වච්ඡන්දතාවට අනිවාර්ය ප‍්‍රමුඛතාව ලැබිය යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    මුස්ලිම් ස්ත‍්‍රියගේ ඇඳුම පිළිබඳ විරෝධය පාන අයම සිංහල ස්ත‍්‍රියගේ පැවැත්මේ ප‍්‍රධාන අරමුණ දරුවන් හැදීම යැයි කීවේ කවුදැයි මෙම ලියන්නා නොකියයි. සිංහලයා වඳවී යන්නේ කෙසේදැයි කරුනු කාරනා පහදා දුන් අයට “ඇතැමුන් කියන හැටියට සිංහලයා වඳවීයාමේ තර්ජනය මුහුණ පා සිටියි” කියා සත්‍යය අවඥාවට ලක් කරයි.

    සිංහලයා වඳවී යෑම කෙසේ වෙතත් මුසල්මනයා බංගලිදේශය ගිලගත් අකාරයටම ලංකාවත් ගිල ගැනීමට කැරපොත්තන්මෙන් තමන්ගේ ඡාතිය බෝ කිරීම දිගින් දිගටම කරගෙන යන බව මෙම ලියන්නාට උවමනාවෙන්ම යටපත්කර අැත. මුසල්මනයන්ගේ බෝ කිරීම දිගටම කරගෙන යාමට අපරටේ ඉඩම් නැත. සම්පත් නැත. වැඩිකල් නොගොස්ම වනසතුන්ට වෙන්කල අභයභූමිත් මුසල්මනයන් විසින් අල්ලාගනු අැත.

    ජනසංඛ්‍යා ලේඛන දැනට පැත්තකට දමා සමස්තයක් ලෙස මුස්ලිම් ස්ත‍්‍රින් ගතහොත් ඔවුන්ගෙන් 90%ක් වයස 20 වනවිට විවාහවී අවසන් බව මුසල්මනයන් දැන හඳුනන කවුරුත් දනිති. වයස 25 වනවිට විට ඉහත 90% ම ලමයින් තුන් දෙනෙක් වත් වදා අැති බවත් දැකගත හැක. වයස 30 වනවිට ඉහත 90% න් 50% ක් දරුවන් පස්දෙනෙක් වත් බිහිකර අැති බවත් මුසල්මන ගෙයකට යන ඔිනෑම අයෙකුට පෙනෙයි. මෙය මා මෙහි ලියූ පලියට පිලිගතයුතු නැත. ඔිනෑම අයෙකුට මුස්ලිම් ගම්මානයකට ගොස් පුද්ගලිකව පරීක්ෂාකර හෝ ග්‍රමසේවා නිලධාරි මහතකුගෙන් විමසා බලා හෝ මා කියන කරුනුවල සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගත හැක.

    සිංහල ස්ත්‍රින් ගැන සමස්තයක් වශයෙන් කථාකරන්නේ නම් ඔවුන්ගෙන් 10%ක් වත් වයස 21කේදීවත් විවාහ වන්නේ නැත. 50%ක් පමන වයස 25හේදී විවාහ වෙයි නමුත් දරුවන් හැදීම කල් දමයි හෝ එක දරුවෙක් පමනක් හදයි. දෙවැනි දරුවා හදන්නේ තවත් වසර ගනනාවකින්ය. ඔවුන්ගේ එකම පරමාර්ථය වන්නේ එම එක දරුවා හොඳට ලොකු මහත්කර, හොඳ ඉස්කෝලයකට යවා, හොඳ රක්ෂාවක් කිරීම සඳහා හොඳට ඉගැන්වීමය. වයස 25හේදී විවාහ නොවූ ඉතිරි 50% කුමන හෝ කරුණක් (රක්ෂාව, දැවැද්ද, සුදුසු සහකරැවෙකු නොලැබීම) නිසා තමන්ගේ විවාහය කල් දමයි. අන්තිමට ඔවුන් විවාහ වනවිට ලමයින් ලැබීමේ වයසත් ඉක්මවා යන්නට අාසන්නවී අැත. බොහෝ විට ඔවුන්ට ලැබෙන්නේ එක ලමයෙක් හෝ දෙදනෙක් පමනි. ඉන් 10% කට පමන දුවන් නොලැබෙයි. ඔබේ වටපිටාව හොඳින් පරීක්ෂා කලහොත් මා කියන කරුනුවල සත්‍යතාවය ඔබට වැටහෙන බව නොඅනුමානය. තව අවුරුදු 50කින් සිංහල ඡාතිය සුළු ඡාතියක් වන බව සෝම හාමුදුරුවන් කීවේ ඉහත කරුනු දැක සිංහල ඡාතියට අැති ඔහුගේ දයාව සහ අනුකම්පාව නිසයි. එසේ නැතිව ඔහුගේ කට කහනවාට නොවෙයි. මේ හැකරයා මෙනවා කීවත් සෝම හාමුදුරුවන් විසින් දහස් සංඛ්‍යාත සිංහල පවුල්වල දෑස් පෑදූ බව කිවයුතුය.

    “සිංහලයා ලංකාව තුළ සුළුජාතියක් වන්නේය” යන්නට ජනසංඛ්‍යා ලේඛනමය පදනමක් නැති බව මේ ලේඛකයා කියයි. උදාහරණයක් ගනිමු. ජනසංඛ්‍යා ලේඛනවලින් ශ්‍රි ලංකාවේ සමස්ත ඡනගහනයෙන් වයස 1-4 අතර පිරිමි සහ ගැහැනු දරුවන් 6.9% ක් බව පෙන්වයි. 71.1% සිංහල බෞද්ධ සහ 18%ක් කතෝලික ගම්පහ දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතකය 6.1කි. 83.5% ක් බෞද්ධ වන කලුතර එය 6.6කි. ගම්පහ ලඟට 1-4 දරුවන් අඩුවෙන්ම සිටින්නේ අති බහුතරය (84.6% ක්) සිංහල බෞද්ධ වන කෑගල්ල 6.4 සහ 94% ක් සිංහල බෞද්ධයන් සිටින ගාල්ල 6.5 යනුවෙනි.

    43.6% මුස්ලිම් ඡනගහනයක් අැති අම්පාර දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතකය 8.3කි. 42.1%ක මුස්ලිම් ඡනගහනයක් අැති ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ එය 8.7කි. 82.5% ක වීශාල දෙමළ ඡනගහනයක් අැති කිලිනොච්චියේ 9.5 සහ 75.7% ක් දෙමළ මුලතිවුහී 9.2 වන වැඩිම අගය පෙන්වයි.

    ඡනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සතුව සිංහල, මුස්ලිම් සහ දෙමළ ඡනගහනය වැඩිවීම ගැන පැහැදිලි චිත්‍රයක් ගෙනහැර දැක්වීමට අවශ්‍ය සියලු දත්ත අැති බව පැහැදිලිය. කුමන හෝ කරුනකට ඔවුන් එසේ කර නොමැත. ඔවුන් දක්වා අැති ඡනලේඛන සහ සංඛ්‍යාලේඛන සටහන් වලට අමාරුවෙන් එබී බැලුවහොත් වයස 15ට අඩු ලමයින් වැඩියෙන්ම සිටින්නේ මුස්ලිම් සහ දෙමළ DS ඩිවිෂන් වල බව පැහැදිලිව පෙනීයයි.

    ඉතින් දශකයකට පෙර 8%ක් වූ මුසල්මනයන් දැන් 10% ඉක්මවා අැත්තේ කෙසේදැයි මොලේ කඳුලක් හෝ අැති අයෙකුට පැහැදිලි විය යුතුය. එසේම අවශ්‍ය පියවර නොගතහොත් ඉදිරියට වන්නේ කුමක්දැයි අනුමාන කලහැකි වියයුතුය. කලයුත්තේ සිංහල බෞද්ධයන්ට වැඩියෙන් ලමයි හැදීමට උපදෙස් දීම නොව ඹහඡන චීනයේ මෙන් සෑම පවුලකටම දරුවන් දෙදනෙකුට සීමා කිරීමය.

    • 0
      0

      These are just shows.. to manipulate the poor masses.

      In the real life, [Edited out] Rajaapskshes would never make price reduction in milk powder whichi is key nutrition of the infants/kinder.

      • 0
        0

        MR father makes adverts

        Namal Baby makes adverts

        Shashindra Baby makes adaverts

        Gota makes adverts for so called defence

        Chamal makes adverts for parliament interity

        Basil makes it for 40% commissions

        By this way, all the poor becoming even poorer day to another.

        Alone last few years, they have made nation a criminal nation. These men should be brought before interntional courts if we the nation need to see our future progress.

      • 1
        0

        අපේ දේශපාලඥයන් තරඟයට මෙන් හදෙන් හෝ හාල් ගෙනත් දෙනවා කියා 1960දී පමන කියනවා මට මතකය. නොමිලයේ හාල් දුන් කාලයේ අපේ මවුපියන් (ගොවියා) කලේ කුඹුරු අස්වැද්දීම අතහැර නොමිලයේ ලැබෙන හාල් තම්බාගෙන කෑමය. ඊට අමතරව අැමරිකන් කාරයා උන්ට විකුනා ගැනීමට බැරි පාම්පිටි අතිරික්කය US AID නමින් අපට උදව්වට කියා වසර 50හකින් ගෙවීමට නයට දුන්නේය. අපි මහත් උඡ්ඡාරුවෙන් පාන්පිටි වලින් පාන්, බනිස්, ඥානකතා හදාගෙන කෑවේය. දහසක් වැව් බැඳි ශ්‍රි ලංකාවේ කුඹුරු පුරන් විය. අැමරිකන් ගොවියා රැකුනේය. අපේ ගොවියා එකතැන පල් විය.

        හාල් පොලු දමා කුඹුරු අස්වැද්දා ගොවියා ගොඩ දැමීමට ගිය මැතිනියගේ රඡය පැරදී අැපත් නැතිවුන බව පිටරට සිටි අපට අාරංචි විය. JRJ ගේ විවෘර්ත ක්‍රමයට පිංසිදුවන්නට යාපනයේ වැවෙන ලූනු ගෙඩියත් ලාබෙට ඉන්දියාවෙන් ගෙන්වාගෙන කෑ අපි යාපනයේ ගොවියා වල පල්ලට අැද දමා උන්ගේ දරුවන් ත්‍රස්තවාදයට තල්ලු කිරීමට රුකුල් දුන් බව මම සිතමි.

        ඉන්දියාව කිරිපිටි වලින් ස්වයංපෝෂිතය. එ් ඉන්දියාවට කිරිපිටි ග්‍රෑම් එකක්වත් පිටරටින් ගෙන්වන්නේ නැති නිසාය. එනිසාම ඉන්දියාවට DCD පුශ්ණයක් අාවේත් නැත. අපි කුඩාකල ගමේ කඩවල කිරිපිටි තිබුනේ නැත. හරක් අැති තරම් ගමේ සිටියේය. නිවාඩු කාලයේ අපි හැමෝම කිරි වීදුරුවක් බොනවා මට හොදට මතකය. ගමේ හරක් අැති අය කිරි බෙදාහරිනවාත් මට හොදට මතකය. කොළඹදී පාසල් යන්නට පෙර අපිට මිල්කෝ කිරි දුන් බවත් මතකය. මිල්කෝ කිරි ලංකාවේ කිරිය. නමුත් මා පිටරට ඉගනීමට ගොස් කාලයකට පසු අාපසු ලංකාවේ පදිංචියට එනවිට එ් ගැමිකම් සියල්ල නැති කරගෙන පිටරටට ගැතිවී හමාරය.

        ලංකාවට අාපසු මා මුලින්ම කලේ කිරි බොන්නට මගේ වත්තට හරක් දෙන්නෙක් ගැනීමය. මහින්ද බලයට එන්නට පෙර සිටම පාන් මිලත් අඩුය කිරිපිටි මිලත් අඩුය. දෙකටම රඡය සහනාධාර දෙන තත්වයට පත්ව තිබුනේය. එනිසා කිරි වලට හරක් හැදීම සහ වී ගොවිතැන අාර්තිකමය වශයෙන් ලාබ ලබන්නට බැරි වැඩක් බව මට වැටහුනි. මගේ කිරි බොන සහ හාල් ප්‍රශ්ණය විසදා ගත්තාට රටේ කිරිපිටි ප්‍රශ්ණය එ් අයුරින් විසදෙන්නේ නැති බව මට වැටහුනි.

        චන්ද්‍රිකාලාට සහ දේශපාලනය කරන කොළඹ ගොයියලාට ගොවියාට සහන සලසා විරැකියා ප්‍රශ්ණය විසදාගත හැකිවා මෙන්ම කිරිපිටි සහ පාන්පිටි ගෙන්වීමට පිටරටට අැදී යන විශාල ධනස්කන්ධය ඉතිරිකරගතහැකි බව තේරෙන්නේ නැත. ගමේ මිනිසුන් දියර කිරි බොන්නේ නම් ඔවුන්ගේ අාර්තිකය මෙන්ම සවුක්‍යයත් හොඳ වෙන එකෙන් කොළඹ ගොයියලාට වැඩක් නැත. දැන් ලෝක වෙළදපොලේ කිරිපිටි මිල අඩුවී අැති නිසා ලංකාවේ කිරිපිටි මිල අධික බව අැත්තය. නමුත් MR රඡය යටතේ දියර කිරි නිශ්පාදනය ගමේ ලාබදායක ව්‍යාපාරයක් බවට සීඝ්‍රයෙන් පත්වීගෙන යයි. තවත් වසර කිහිපයකින් පිටිකිරි ගෙනවීම නතර උනොත් මම එ් ගැන පුදුම නොවාමි.

        රනිල්ගේ රීගේනින් ලංතා ක්‍රමය කුඹුරු ගොඩකර රට සංවර්ධනය කිරීමයි. ලාබ දේ පිටරටින් ගෙන්වාගෙන කෑමයි. තේ, රබර්, පිටරට යවා පාන්පිටි, කිරිපිටි සහ හාල් පිටරටින් ගෙන්වාගෙන කෑමයි. නමුත් ඡපානයේ අැතුලු බොහේ රටවල ක්‍රමය එය නොවෙයි.

        කාලේ ලාබෙට

  • 1
    0

    මුස්‌ලිම් සිංහල දෙමළ සියලු ජාතීන් හි පවුල්හි දරුවන් සංඛ්‍යාවේ විශේෂ වැඩිවීමක්‌ ‘නැතැයි’ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිල්මිණි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කලා යයි උපාලි ද සේරම් නම් මහත්මයෙක් 2014 ඔක්තෝඔර් 5වන ඉරිිදා දිවයින පත්‍රයේ විශේෂාංග ලිපියකින් ලියා අැති නිසා එය පට්ටපල් බොරුවක් බව පහදා දීමට ඉහත ලිපියට මෙම එකතු කිරීම කරන්නට සිතුනි.

    රඡයේ 2012 ඡනලේඛන සහ සංඛ්‍යාලේඛන සටහන් වලට එබී බැලුවහොත් පොදුවේ ශ්‍රි ලංකිකයින් සිය දෙනෙකුට වයස 15ට අඩු ලමයින් 25.8 ක් සිටින බව පෙනේ. තවදුරටත් එම සටහන් විග්‍රහ කර බැලුවහොත් ශ්‍රි ලංකාවේ මුස්ලිම් ඡන අනුපාතය වැඩිම අම්පාර (43.6%), ත්‍රිකුනාමලය (42.1%) සහ මඩකපුව (25.5%) යන දිස්ත්‍රික්කවල වයස 15ට අඩු ලමයින් පිළිවෙලින් 30%, 32% සහ 31% සිටින බව පෙනීයයි. 84.6% ක් සිංහල බෞද්ධයන් සිටින කෑගල්ල දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතකය 24.4කි. කළුතර දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතකය 24.9කි. එ් අනුව බැලූ බැල්මට පෙනීයන්නේ මුස්ලිම් පුතිශතකය වැඩි දිස්ත්‍රික්කවල වයස 15ට අඩු ලමයින් සිංහලයන් වැඩි දිස්ත්‍රික්කවලට වඩා වැඩි බවය.

    ඉහත සදහන් මුස්ලිම් වැඩිවීම කොතෙක්දැයි හරියටම සොයා බැලීමට නම් District Secretariat මට්ටමෙන් ඡනලේඛන සංඛ්‍යාලේඛන සටහන් විශලේෂණය කලයුතුය. කළුතර දිස්ත්‍රික්කයේ 97% ක් සිංහල බෞද්ධයන් වසන හොරණ ඩිවිෂන් එකේ 15ට අඩු ලමයින්ගේ ප්‍රතිශතකය 22.9ක් පමනි. එනම් රටේ මට්ටමට වඩා 3% ක අඩුවකි. නමුත් කළුතර දිස්ත්‍රික්කයේම බේරුවල එම ප්‍රතිශතකය 28.4ක් දක්වා ඉහල ගොස් අැත. එ් බේරුවල මුසල්මනයන් 34.6% ක් වී අැති නිසාය.

    පොදුවේ ගත්කල බහුතරය සිංහල බෞද්ධ වන DS ඩිවිෂන් වල වයස 15ට අඩු ලමයින්ගේ ප්‍රතිශතකය ඉතා අඩු වන අතර බහුතරය මුස්ලිම් සහ දෙමළ වන DS ඩිවිෂන් වල ඉතා ඉහල අගයක් ගන්නා බව පැහැදිලිව පෙනේ. උදාහරනයක් වශයෙන් සිංහල ඡන අනුපාතය 95.8% වන පාදුක්ක DS ඩිවිෂන් එකේ වයස 15ට අඩු ලමයින් 23%කි. නමුත් මඩකලපු දිස්ත්‍රික්කයේ 99.9%ක්ම මුස්ලිම් වන කත්තන්කුඩි DS ඩිවිෂන් එකේ වයස 15ට අඩු ලමයින් 35.4% කි, මුස්ලිම් 99.6% වන ඔඩ්ඩම්වාඩි එම ප්‍රතිශතකය 33.7%කි.

    යාපනය හැර දෙමළ බහුතරය වසන අනෙක් දිස්ත්‍රික්ක වලත් වයස 15ට අඩු ලමයින්ගේ ප්‍රතිශතකය මුසල්මනයන් වසන දිස්ත්‍රික්ක වලට වැඩි වෙනසක් නැත.

    දැන් සිංහල 38% සහ මුස්ලිම් 43% සහ දෙමළ 17% වර්ග තුනම වාසය කරන අම්පාර දිස්ත්‍රික්කය එකට ගතහොත් එහි වයස 15ට අඩු ලමයින් 30% සිටිති. නමුත් සිංහල 98.8% ක් වසන දෙහිඅත්තකන්ඩිය ගත් කල එම ප්‍රතිශතකය 27.6 කි. 98.7 සිංහල වන අම්පාර එම ප්‍රතිශතකය 26% කි. නමුත් 99.5ක් මුස්ලිම් වන කල්මුනේ එම ප්‍රතිශතකය 31.3%කි. 99.9% මුස්ලිම් වන සයින්දමරුතු වයස 15ට අඩු ලමයින් 31.7%කි.
    මුළු ලංකාවම සමස්තයක් ලෙස ගත්කල පෙනී යන්නේ සිංහලයන් සියයකට වයස 15ට අඩු ලමයින් 25ක් සිටින විට මුසල්මනයන් සියයකට ලමයින් 33ක් වත් සිටින බවය.

    • 0
      0

      මෙම සංඛ්‍යාලේඛන වලට ස්තුත්යි .කවුරු මොනවා කිව්වත් ඇත්ත සමග මෝරු කල නොහැක.ඔබගේ සංඛ්‍යා දත්ත ලබාගත් මූලාශ ප්‍රකාශ කරන්නේ නම් එය තවත් වැදගත්.
      බැලූ බැල්මට මෙය ඉතා මන ලෙස පැහැදිලිවන නමුත් සන්ක්‍යත්මක වශයෙන් ගෙනහැර පන විට එය වඩාත් තහවුරු කරගත හැක.
      ඔබ සිංහල ගමකට ගිය විට සහ මුස්ලිම් ගමකට ගිය විට මෙම වෙනස ලේසියෙන් හඳුනා ගත හැක,
      අපට පෙරදී මෙවන් ප්‍රශ්න නොවීය.නමුත් හැත්තෑව දශකයේ ආ පවුල් සංවිධාන ව්‍යාපාරය මගින් සිංහල ජනතාව කප්පාදු විය.
      මුස්ලිම් වරු කිසිසේත් උපත්පාලනය නොකරන අතර ඒ වෙනුවට ඔවුන් තම ජනය හැකිතාක් වර්ධනය කරකනීම තැත් කරයි .මෙය මුළු ලොව පුරාම දැකිය හැකි දෙයකි.මෙයින් අපගේ පැවැත්මට විශේෂයෙන්ම අපගේ ඉදිරි පරම්පරාවලට බලපෑමක් නොවන්නේ යයි යමෙක් සිතන්නේ නම් එය ඉතා මුලාවකි.
      සිංහල අපට වෙන රටක් නැත.මුස්ලිම් යට ලෝකයෙන් භාගයක් අයිතිව ඇත.අප සංවිධානය වී මෙම අනතුරට එරෙහිව ක්‍රියා නොකළහොත් අපගේ දරු මුනුබුරන්ට දෙවැනි පුරවැසියන් සේ බියගුළු ලෙස අප මව්බිමේම ජීවත් වීමට සිදු වනු ඇත.මෙය අද හෙට නොවනු ඇත.එහෙත් යම් දිනක අනිවාර්යයෙන්ම වෙන දෙයක් නොවේද.
      සිහලුනි.ඔබට ශ්‍රේෂ්ට ඉතිහාසයක් ඇත .එය රැකගැනීමට ඔබට පරම අයිතියක් ඇත .ඒ වෙනුවෙන් ක්‍රියාකිරීම ජාතිවාදී වීමක් නොවේ. අපට අන් ජාතීන් පෙළීමට අවශ්ය් නැත.එහෙත් අප ජාතියේ ආරක්ෂාව අප සුරක්ෂිත නොකළහොත් වෙන කිසිවෙක් එය නොකරනු ඇත.

      • 0
        0

        priya,
        මගේ අටුවා වල සඳහන් කර අැති දත්ත සහ ප්‍රතිශත සියල්ල පහත වෙබ් අඩවියෙන් සහ එයට අනුගත වෙනත් වෙබ් අඩවි වලින් උපුටා හෝ එ්වායේ අැති දත්ත අනුසාරයෙන් සකස් කරගත් දේය. එ් බව එම අටුවා වල සමහර තැනක සඳහන් කර අැති බව කරුනාවෙන් සලකන්න.

        http://www.statistics.gov.lk/PopHouSat/CPH2011/index.php?fileName=Activities/TentativelistofPublications

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    I am not sure who gave this [Edited out] a doctorate.It is simple when muslims out number us in future that we will have no where other than the deep blue sea. they will kick our assess like the way they did in many other places in the world and will show no mercy to us.They are just waiting for that day quitely and procalimingly ”peacefully” as they know there is no fight for them.They multiply themselves
    while we restrict our children to one or two and one day thye will be the rightfull owners of this country without shedding a single drop of blood. they know that very well and our futture generations will curse us for our lethargy and ineptitude.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.