16 January, 2021

Blog

බියෙන් වුවත් කතා කරති; හම්බන්තොටින් ඇහෙන නිර්ප‍්‍රභූ කටහ`ඩ

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

පසුගිය 6 වෙනිදා අද පුවත්පතේ ඉතා වැදගත් ලිපියක් තිබිණ. සාමාන්‍යයෙන් විකල්ප යැයි සැලකෙන පුවත්පත් විසින් පවා අමතක කරන ලද ජනපිරිසකගේ කටහ`ඩ ඊට හසු විය. හම්හබන්තොට නම් සුරපුරය පිළිබඳ ඒ ප‍්‍රදේශය අවට වසන නිර්ප‍්‍රභූ මිනිසුන්ගේ අදහස් එයි ප‍්‍රකාශ විය. ඇතැම් කුලියට ගත මහාචාර්යවරුන් ලවා හම්බන්තොට නම් සුරපුර වර්ණනා කරවන කලෙක ඒ නිර්ප‍්‍රභූ ජනයා කෙලින්ම ඇත්ත කීහ. එක්තරා ලොක පවුලක සාමාජිකයන් සදාකාලිකව පාර්ලිමේන්තුවේ තබන්නට තරම් පක්ෂපාති ජනකායක් හම්බන්තොට නිර්මාණය කිරීම ඒ ලොකු පවුලේ අරමුණ විය. ඉංග‍්‍රීසි බසින් ලියන එක් දේශපාලන විශ්ලේෂකයෙකු මෙය හැඳින්වූයේ ස්ථිර ඡන්ද බැංකුවක් නිර්මාණය කර ගැනීම හම්බන්තොට නම් සුරපුර ගොඩනැගීමත් එය සුරපුරක් බව කුලියට ගත්තවුන් ලවා කියවීමේත් අරමුණ විය. ඒ හම්බන්තොට නම් පුරය වසා එළන ලද සුරපුර වෙස්මුහුණ නිරන්තර කිචිබිචිගාන කුලීගාන ගිරවුන් දමා දෘෂ්ටිවාදීව ගොඩ නැගීමට අමතරව පිස්තෝල ගත් නගරාධිපතිවරුන් වැනි ප‍්‍රාදේශීය චණ්ඩින් දමා ආරක්ෂා කරගැනීමට ඒ පවුලට අවශ්‍ය බව හොඳින් පෙනෙන්නට තිබිණ.

එහෙත් ඉහත සඳහන් ලිපියේ ඒ ජනතාව නොබියව කතා කරති. නොබියව කිව්වොත් වැරදිය. ඔවුහු බියෙන් වුවත් කතා කරති. ඒ ලිපිය වෙනුවෙන් අදහස් පළ කළ සියලූ දෙනාගේ ඡුායාරූප කලූ කොටුවකින් වසා දමා තිබිණ. ලිපිය ලියූ සාහල්‍යා සඳමාලි ඒ ගැන මෙසේ කියයි: අප සමග අදහස් දැක්වූවන්ගේ විස්තර පළ නොකරන්නේ මීට කලින් අදහස් දැක්වූවන් ප‍්‍රහාරයන්ට ලක් වූ නිසාය. ලංකාව ගැන ඇත්ත කියන අය දේශද්‍රෝහීන් වන අතර හම්බන්තොට ගැන ඇත්ත කියන දෙවරක් දේශද්‍රෝහීය. මා මෙවර හෙමින් සැරේ සලකා බලන්නේ ඒ දේශද්‍රෝහීන්ගේ අදහස්ය.

මෙම ලිපියට අනුව ආශ්චර්යයේ අගනුවර වස දුගී දුප්පත් ජනයාට හෙටක් පෙනෙන අසලක නැත. මහින්ද රාජපක්ෂ මහා හම්බන්තොටත් සුරපුරයක් කර ලංකාව සුරපුර සමුදායක් කරන ධනයක් ගෙන එතියි සිතුවද දැන් ඊට ලැබෙන ආදායම ඉඳහිට බාන මිහින් එයා(මහින්ද එයා) නම් අතිශය ධනවත් ගුවන්සේවාවේ යානා කිසි ලෝභමකමක් නැතුව ගෙවන තොටුපල කාසි ටික විතරය. ඒ ගුවන්සේවා පිස්සු හැදෙන තරම් ලොකු ගාණක් ගෙවන නිසා ඉන් පමණක් වුවත් ඒ මහා ගුවන් තොටපුල නඩත්තු කොට භාණ්ඩාගාරයටද සෑහෙන ගාණක් එවන්නට හැකියාව ඇත.

එක් දේශද්‍රෝහි ස්ත‍්‍රියක් මෙසේ කියයි: ”මේවා හැදුවට අපිට මොකවත් නෑ. අපේ කඩවල් කඩල දැම්මා. ඒවට වන්දියක්වත් දුන්නෙ නෑ. වරායට ගන්නව කියලා අයන් වෙන්න කිව්වා. ඊට පස්සේ අපි අයින් වුණේ නෑ. පාරවල් වැහුවා.” ඇය කියන හැටියට ගුවන්තොටුපල වරාය අවට කඩ කාමර සල්ලි දී ගත යුතුය. ඒවා මිල අධිකය. ඉවත් කළ ජනතාවට ඉඩම් දෙන්නේ අලි ගහන කැලෑවලය.

තවත් එක් දේශද්‍රෝහී පිරිමියෙක් මෙසේ කියයි: හේන් ගොවිතැන් කරපු මිනිස්සුන්ගේ ඉඩම් ගත්තා. ඉඩම් දෙනව කිව්වට ලොකු ලොකු මිනිස්සුන්ට එව්ව ලැබුණා. දුන්න ඉඩම්වල වගා කරන්න බෑ සත්තු එනවා. වරායෙ පොඩි පොඩි කුලී වැඩ තියෙනවා. හැබැයි රුපියල් 400යි 500යි.

තවත් දේශද්‍රෝහී හම්බන්තොටයෙක් මෙසේ කියයි: අපි හේන් හදන් ජීවත් වුණු මිනිස්සු. අපිට ඉඩම් දෙනවයි කිව්වට දුන්නෙ තියෙන මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ට අක්කර දෙක තුන දුන්නා.

තව කෙනෙක් මෙසේ කියයි: සංවර්ධනයත් එක්ක ලැබිච්ච දෙයක් නෑ. වරාය බලනවා. ජීවත් වෙනවා.

තරුණ මවක් මෙසේ කියයි: මේවා හදන්න කලින් අපි හොඳට හිටියා. මේවා සංවර්ධනේ උනාම අපේ දරුවන්ට හොඳ වෙයි. නමුත් එහෙම හොඳ වෙනකං ජීවත් වෙන්න තමයි විදියක් නැත්තේ. අපිට වතුරත් නෑ. බවුසරේකින් ටික ටික දෙනවා. අපි නාන්නෙ සති තුනහතරකට එක දවසක්.

තවත් තරුණ මවකගේ කටහ`ඩය මේ: දවස් හතරක ඉඳන් වතුර නෑ. සංවර්ධනේ කියන්නෙ පාරවල් හදන එක විතරක් නෙමේනෙ. අපේ ගේත් කැඩිල යන්න යන්නෙ පාරට. අපි අවුරුදු 40ක් මෙහෙ ඉඳලා තියෙනවා. ඒත් මේව අනවසර ඉඩං කියල අපිට වන්දිත් නැතුව යන්න වෙලා තියෙන්නෙ.

තවත් එක් අම්මා කෙනෙකු කියන හැටියට ඇයට හෝ ඇගේ පුතාට ගෙයක් හෝ වරායෙ වැඩ ලැබී නැත. ඔවුහු සුපුරුදු කුලී වැඩ කරගෙන ජීවත් වෙති.

මේ ජනතාව කියන්නේ ඇත්ත නම් ඇතැම් මහාචාර්යවරු රූපවාහිණියට ඇවිත් මාගම්පුර සුරපුරක් වන බවට දෙන පොරොන්දු බොරුද?

මෙවැනි දැවැන්ත ව්‍යාපෘති යනු විවිධ විෂයයන්ට මහාචාර්යවරුන්ටත් ගාණක් කැපෙන වැඩය. ඒ නිසා ඒවාට සහාය දක්වන අය කොතෙකුත් කුලියට ගන්නට හැකියාව ඇත. ඒ නිසා මෙකී මහජන කටහ`ඩවලට ඇත්තේ ඉතා කුඩා ඉඩකි. පිස්තෝල ගත් ප‍්‍රාදේශීය චණ්ඩින් දැනටමත් ඒ කතා කළ ජනයාට කුමක් කර ඇත්දැයි පැහැදිලි නැත.

ඔක්තෝබර් 5 වැනිදා රාවයට පුවත්පතට ලිපියක් ලියන මහාචාර්ය රොහාන් සමරජීව වර්තමාන ආණ්ඩුව විසින් ගොඩ නගන්නේ යැයි පුරසාරම් දොඩන පංචකේන්ද්‍රය ගැන විචාරයක් කර තිබිණ. නාවුක හා ගුවන් කේන්ද්‍රය යනු ඒ පංචකේන්ද්‍රවලින් එකකි. මහාචාර්ය සමරජීව හම්බන්තොට ගුවන් තොටුපල සහ වරාය දෙස සම්පූර්ණ නිෂේධනාත්වකව බලන්නේ නැත. ඒ දෙකම දැන් නිර්මාණය කර ඇති ආකාරයෙන් සෑදීම වරදක් බව ඔහු කියතත් මහජන මුදල් වැයකොට සාදා ඇති ඒවා ප‍්‍රයෝජනයට ගත හැකි ආකාරද පෙන්වා දෙයි. නිදර්ශනයක් ලෙස හම්බන්තොට අංග සම්පූර්ණ ගුවන්තොටක් වෙනුවට සෑදිය යුතුව තිබුණේ ගුවන් බඩු කේන්ද්‍රයක් යැයි ඔහු කියයි. දැනට කොහොමටත් එය පවතිනු ඇත්තේ එවැනි වැඩකටය.

අද පුවත්පතට ලියන ලේඛිකාව මෙසේ කියයි: හම්බන්තොට ජාත්‍යන්තර වරාය පෙනෙන මානයේ ගම්වල මිනිසුන්ගේ ජීවිතවල සංවර්ධනයක් නැත. ”අහසේ ගුවන් යානයක් දකින විට තවමත් කුඩාවුන් විඳින ෂතුට ඔවුන්ටද දැනෙනවා ඇත්තේ හම්බන්තොටට ඉහළින් ඉඳහිට හෝ ගුවන්යානයක් පියාසර කරන නිසා වන්නට ඇත.”

ඉඳහිට හෝ ගුවන්යානයක් එන ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ඉඳි කිරීම වීර ක‍්‍රියාවක් නොවේද? එදා එය විවෘත කරන දවසේ අපේ කලාකාරයන් නටනටා ගය ගයා වැනුවේ මේ වීරක‍්‍රියාව නොවේද?

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Dear Mr. Amarakeerthi,

    When Eng. Navin Goonaratne, was heading the Southern Development Authority, several mega projects of national scale were in the planning stage and a new city named Ruhunupura was thought of to accommodate a 3-million population that was forecast as a result of those projects. Prez CBK’s Cabinet approved developing this Ruhunupura New City in 1997 (?) and the UDA followed it up by declaring an area of 113,000 Ha bounded by Walawe Ganga, Kirindi Oya, Uda Walawe Road and the sea for the city.

    Among the mega projects were the Harbour and the Airport. Former Port Commission Chief Engineer Eng. Lakshman Jayawardena offered his services free of charge to prepare a conceptual layout for the harbour and Mr. Dayantha Athulathmudali, then Director General of Civil Aviation, selected the site for the airport. These locations were used by the UDA to prepare a conceptual layout of Ruhunupura New City. Eng. Gemunu Silva and a group of top professionals suggested to develop the harbour by dredging Karagan Lewaya instead of constructing breakwaters as suggested by Eng LJ. Mr. DA’s advice was to have a landing strip initially for refueling cargo planes originating from far east and for emergency landing for planes in the event of a closure of BIA. The harbour also was to be with facilities for bunkering and for fuel tankers intended for Oil Refinery, which was one of the mega projects.

    In August (?) 2000 Dr. PBJ directed preparation of three Pre-feasibility reports on a) Availability of water in Hambantota b)Potential for developing the Harbour c)Potential for developing Ruhunupura for a population of 3-million. In January 2002, Mr. R Paskaralingam, former strongman of Prez RP’s government, during a meeting held at the BOI, advised the Civil Aviation Authority to have the land identified for the Airport surveyed and by end of 2002, PM RW had advised to shift the location of the Airport towards Wellawaya.

    After 2005, development of Harbour and Airport was fast tracked and now they are in operation. The Harbour is meant for handling 100% cargo comprising trans-shipments and reprocessed products. The Airport is meant for handling 40% passenger planes and 60% cargo planes. For both the Airport and the Harbour to function efficiently a large industrial estate and an oil tank farm are essential. Both these facilities are not developed yet.

    As for the issue raised in your article, I can only say that our country cannot abandon development because of social concerns. Had it been so Mahaweli Programme, which resulted in eviction of families in a massive scale, would never have been a reality.

    • 0
      0

      වන්ද්‍රිකා අවුරුදු 11ක් ශ්‍රි ලංකාවේ ඡනාධිපති පුටුවේ වැඡබුනා. එම කාල වකවානුව අතර රනිල් වසර දෙකකට මදක් වැඩියෙන් අගමැතිවී සිටියා. එකත් වන්ද්‍රිකාගේ නෙහැකියාව. 2000 මහ මැතිවරණයෙන් වසරක් යන විට එස්බී ඡිඑල් බන්දුල සමග අට දෙනෙක් වන්ද්‍රිකාගේ පක්ෂය අතහැර ගියා. එ් සමගම SLMC එකත් CWC එකත් වන්ද්‍රිකාගේ පක්ෂය සමග සම්බන්දකම් අතහැරියා. මූලික හේතුව වන්ද්‍රිකාගේ නිමක් නැති බොරු කීම, හොරකම සහ නොහැකියාව.

      චන්ද්‍රිකා බලයට අාපු මුල් කාලයේම තමයි අපි දැක්කෙ ඩේලිනිවුස් එකේ දමල තියනවා හම්බන්තොට ඉමැඡිනරි එයාර් පෝට් එකක අාටිස් ඉම්ප්‍රෙෂන් එකක්. ප්‍රයිවෙට් ප්ලේන් වල රූප අැඳල දැන්වීමි දමල රුහුන දියුනුකරන වැඩේ පටන්ගන්න ලැහැස්තියි කියල මුලු රටේම මිනිස්සු රැවැට්ටුවා. එ් පලාත්වල මිනිස්සු හිතුව වැඩේ හරි තමන්ගෙ පලාත් දියුනු වෙයි කියල. අැත්ත කතාව කටින් බතල කොල හිටෙව්ව එක තමයි. පින්තූර අැඳපු එක අැරෙන්න කොරපු මගුලක් නැහැ.

      එයාර්පොර්ට් හැදිල්ල කොහොම උනත් රටේ අාර්තිකය නම් සෘන උනා. හැබැයි චන්ද්‍රිකා හිතුවෙ බොරු කිය කිය එයාට හැමදාම රඡ වෙලා ඉන්න පුලුවන් කියල. එ්කනෙ තියෙන ඡනපති මන්දීරය මදිවෙලා පාර්ලිමේනතුව කිටිටුවෙන්ම ඡනාධිපති මාලිගාවක් හදන්න පටන් ගත්තෙ. අාර්කිටෙක් කොම්පැනියට පමනක් කෝටි ගනනක් ගෙවූවා. මාදිවෙල අැවිදින්න ගියොත් තවත් කෝටි ගනනක් වියදම් කරල බස්සවපු පයිල් කනු අදටත් බලන්න පුළුවන්. ඔික මංගල මූලික වෙලා කොරපු වැඩක්.

      හම්බන්තොටට වතුර සපයන උමා ඔය බහුකාර්ය ක්‍රියාවලිය චන්ද්‍රිකා පටන්ගත් එකක් නොවෙයි. මුල්ම අධ්‍යනය කර අැත්තේ 1959 තරම් අෑතදීය. පසුව 1968/69 දී පූර්ණ මහවැලි සාක්‍යතා අධ්‍යනයට සම්බන්ද කර අැත. 1989 දී ඡර්මානු විශේෂඥයන් විසින් කොටස් දෙකකදි ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන ලදී. SNC Lavalin Inc.(Canada) විසින් 2000 දී මුලු වියදම ගැන විශේෂ වාර්තාවක් සකසා අැත. නමුත් චන්ද්‍රිකා වැඩේ පටන්ගන්නට මුදල් වෙන්කලේවත් මුදල් සොයාගන්නට හැකිවූයේවත් නැත. සෑම රඡයක් යටතේම අැදි අැදී ගිය උමා ඔය ප්‍රොඡෙක්ට් එක පටන් ගත්තේ ඡනාධිපති රාඡපක්ෂගේ උත්සාහය නිසා ඉරාන රඡයේ අාධාර මත බව කිව යුතුය.

      මම ප්‍රොෆෙෂනල්ට කියනව චන්ද්‍රිකාගේ බොරු ප්ලැන් ගැන කියල මනඃකල්පිත පින්තූර මවාපාන්නෙ නැතුව අැත්තටම වන්ද්‍රිකාගේ කාලේ අැත්තටම පටන් ගත්ත සහ අැත්තටම ඉවර කරපු වැඩ එකින් එක සටහන් කරන්න කියල. මම කියන්නෙ පැලවෙන මුල්ගල් තියපුවා නොවෙයි. ලිස්ට් කොරන්න තරම් දේ හොයාගන්න අමාරුනේද? වෙලාවට මීටිං එකකට එන්න බැරි කෙනෙක් එක්ක කොහොමද වෙලාවට වැඩ කරන අය කොහොමද වැඩකරන්නෙ. හැමෝගෙම වැඩ කොට උඩනෙ. එකයි ලංකාවට අවුරුදු 11හක්ම උනේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.