26 April, 2024

Blog

රාජපක්ෂ අයවැය ගැන ඔබ දත යුතු කරුණු පහක්

නිරන්ජන් රඹුක්වැල්ල

2015 දී අපේ ආණ්ඩුව ප‍්‍රාථමික හෝ ද්විතීය අධ්‍යාපනය ලබන ශිෂ්‍ය/ශිෂ්‍යාවක් සඳහා මුළු වසරටම දරනු ලබන සාමාන්‍ය වියදම වන්නේ රුපියල් 12,150 කි. එසේ වන්නේ, සියළුම පාසල් ගුරුවරුන්ගේ වැටුප්, පාසල් යටිතල වියදම් (ගොඩනැගිලි ආදිය) සහ වෙනත් වියදම් සඳහා වෙන් කොට ඇති මුදල ඩොලර් මිලියන 364 ක් පමණක් වන හෙයිනි. මේ ප‍්‍රමාණය පිළිබඳ සාමාන්‍ය වැටහීමක් ලබා ගැනීම සඳහා, 2012 වසරේ දී පමණක් ශ‍්‍රී ලංකන් ගුවන් සේවාව ලැබූ පාඩුව ඩොලර් මිලියන 157 ක් වන බවත්, මත්තල ගුවන් තොටුපොල තැනීමට ආණ්ඩුව වියදම් කළ මුදල ඩොලර් මිලියන 209 ක් වන බවත් මතක තබා ගැනීම වටී.
Finance Minister Rajapaksa

2015 සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂාව වෙනුවෙන් වැය කිරීමට බලාපොරොත්තු වන මුදල ඩොලර් බිලියන 2 ක් හෙවත් මිලියන 2000 කි. එයින් ඩොලර් මිලියන 1740 ක් හෙවත් ආණ්ඩුවේ මුළු වියදමෙන් සියයට 12 ක්ම වැය කරනු ඇත්තේ, හමුදාව, නාවුක හමුදාව සහ ගුවන් හමුදාව වෙනුවෙනි. ඉතිරි මුදල් ප‍්‍රමාණයෙන් වැඩි හරියක්, වෙරළාරක්ෂාව, සිවිල් ආරක්ෂාව, පුද්ගලයන් ලියාපදිංචිය ආදිය සඳහා වැය කෙරෙනු ඇත. ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවර්ධනයත් කරනු ලබතැ යි ජනප‍්‍රිය විශ්වාසයක් තිබේ. එහෙත්, ආරක්ෂක වැය ශීර්ෂයෙන් සංවර්ධන කටයුතු සඳහා යෙදවෙනු ඇත්තේ, සියයට 9 ක් හෙවත් ඩොලර් මිලියන 200 ක් පමණි.

අනිත් අතට, 2015 සඳහා අපේ විදේශ අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කෙරෙන මුදල ඩොලර් මිලියන 74 ක් පමණි. ශ‍්‍රී ලංකාවේ විදේශ දූත සේවා (තානාපති කාර්යාල) 51 ක් තිබේ. එනම්, අවුරුද්දකට එක තානාපති කාර්යාලයක් සඳහා වසරටම වැය කෙරෙනු ඇත්තේ ඩොලර් මිලියන 1.5 කටත් අඩු ප‍්‍රමාණයක් වන බවයි. කොළඹ විදේශ ආමාත්‍යාංශයේ වැය කොටසත් සැලකිල්ලට ගතහොත් මේ ප‍්‍රමාණය තවත් අඩු අගයක් ගනු ඇත.

ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් ලංකාව සිටින්නේ නපුරු අඩියකයි. බටහිර රටවල් සමග, ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ රටවල් සමග, දකුණු කලාපයේ රටවල් සමග සහ සමහර විට ඉන්දියාව සමගත්, අපේ සම්බන්ධතා එන්න එන්නම නරක් වෙමින් පවතී. එසේ තිබියදීත්, විදේශ අමාත්‍යාංශය සඳහා වන වැය ශීර්ෂය 2015 සඳහා වැඩි වී ඇත්තේ සියයට 0.5 කින් පමණි. ඒත්, ආණ්ඩුවේ සමස්ත වැය ශීර්ෂය සියයට 18 කින් ඉහළ ගොස් ඇති බව දත යුතුය.

අපේ මුළු අයවැය ඩොලර් බිලියන 14 කි. එම ප‍්‍රමාණයෙන් සියයට 40 ක්ම පාලනය කරන්නේ, නීතිය හා සාමය, මහාමාර්ග, වරාය සහ නැව් කටයුතු, ආරක්ෂක හා නගර සංවර්ධන පමණක් නොව, මුදල් සහ සැලසුම් සම්පාදන ඇමති ද වන, ජනාධිපතිවරයාමයි. එපමණක් නොව, තවත් සියයට 6 ක් පාලනය කරන්නේ ඔහුගේ සොහොයුරු බැසිල් රාජපක්ෂයි. ඉතිං, ඉතිරි කැබිනට් ඇමතිවරුන් 65 දෙනාටම ලැබෙන සාමාන්‍ය වියදම වන්නේ ඩොලර් මිලියන 115 ක් පමණි.

වෙනත් අමාත්‍යාංශවලදී මෙන් නොව, මහාමාර්ග, වරාය සහ නැව් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වියදම, විසර්ජන පනත් කෙටුම්පතේ වෙනම ඇතුළත් කොට නැත. සමස්ත ආණ්ඩුවේ වියදමින් සියයට 11 ක්ම වැය කරන්නේ එම අමාත්‍යාංශයයි. එහෙත් ඉතා කුඩා අමාත්‍යාංශයක් වන ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයට කරන වියදමේ ගණන්හිලව් තිබේ. එය, මුළු අයවැයෙන් සියයට 0.04 ක් පමණි.

*2014 ඔක්තෝබර් 15 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Five Facts You Should Know About The Rajapaksa Budget නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.