31 July, 2021

Blog

ව්‍යාපාරික ප‍්‍රජාවේ ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් පොහොසතා තවත් පොහොසත් වීම සහ දුප්පතා තවත් විඳවීම

ආචාර්ය මහේෂ් රාජසූරිය –

‘‘ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, සාමාන්‍ය ඇමරිකානුවාට ලැබෙන්නේ පෙරට වඩා අඩු අධ්‍යාපනයක් වන අතර, ඔහුගේ සශ‍්‍රීකත්වය ද ඔවුන්ගේ දෙමාපියන්ට තිබුණාට වඩා අඩු ය.’’ මේ කියමන මා උපුටා ගත්තේ 2010 දී නිපදවූ ‘ඉන්සයිඞ් ජොබ්’ නැමැති චිත‍්‍රපටියෙනි. චාර්ල්ස් ෆර්ගියුසන් අධ්‍යක්ෂණය කළ, ලෝකයේ මූල්‍ය කඩාවැටීම මත පදනම් වූ මේ වාර්තාමය චිත‍්‍රපටය, ‘හොඳම වාර්තාමය ඇකඩම් සම්මානය’ ඇතුළු සම්මාන ගණනාවක් දිනා ගත්තේය. ලෝකය අවුරුදු පතා ඉදිරියට ගමන් කළ යුතුව ඇතැ යි විශ්වාස කෙරෙන මොහොතක, ලෝකයේ සුපිරි බලවතා වන ඇමරිකාව ආපස්සට යති යි ඔබ පිළිගන්නේ ද? ඇත්තෙන්ම සිදුවන්නේ එයයි. ඇමරිකාව, ඒ ප‍්‍රවණතාවයේ මුලින්ම සිටින රටයි.

6 copyජේම්ස් ට‍්‍රස්ලෝ ඇඩම්ස් 1931 දී ලියූ ‘ඇමරිකානු වීර කාව්‍ය’ නැමැති වැදගත් කෘතියෙන් ඇමරිකානු සිහිනය ගැන විස්තර කොට තිබුණි: ‘‘ජීවිතය වඩාත් යහපත් වන, වඩාත් පොහොසත් වන සහ වඩාත් පරිපූර්ණ වන්නා වූ ද, එකිනෙකාගේ හැකියාවේ සහ ඉෂ්ටසිද්ධියේ තරමට සෑම කෙනෙකුටම අවස්ථා සැලසෙන්නා වූ ද දේශයක්’ එම සිහිනයෙන් අදහස් කෙරුණි. 1989 හෝලි ජොන්සන් ලියා ගායන කළ ගීයක, ‘‘සතේ අතේ නැති කොල්ලෙකුට රටේ ජනාධිපති විය හැකි රට’’ වශයෙන් ඇමරිකාව හඳුන්වා තිබුණි. අදත් සතේ අතේ නැති කොල්ලෙකුට එය කළ හැකිය. එහෙත්, ඒ ගමන පටන් ගැනීමට මත්තෙන්, ව්‍යාපාරික සමාගම් ලෝකයේ අභිප‍්‍රායන් සමග තමන් අනුගත වන බව ඔහු ඔප්පු කොට පෙන්විය යුතුය. ඔබ බලපුලූවන්කාර පවුලකින් පැවත එන්නෙකු වුවත්, වාණිජ යෝධයන් සමග ඔබ එදිරිවාදී වුණොත්, ජනාධිපතිවරණයෙන් ඔබ විසී වී යා හැක. අල් ගෝර්ට එය සිද්ධ වුණි.

ඇමරිකාව නායකත්වය සපයන ලෝකය තුළ, එක පැත්තකින් සුපිරි ධනකුවේරයන් අතලොස්සකගේ ජීවිත ඉස්සරටත් වඩා සමෘද්ධිමත් කොට ඇති අතර, අනිත් පැත්තෙන්, ප‍්‍රකෝටි ගණනක් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත ඉස්සරට වඩා දුකට හෙලා ඇත. උදාහරණයක් වශයෙන් ගතහොත්, ඇමරිකාව තුළ ජාතික ධනයේ බෙදී යාම, දශක ගණනාවක් තිස්සේ, ක‍්‍රම ක‍්‍රමයෙන් අතලොස්සකට වාසිය සැලසෙන පරිද්දෙන් මානනය කොට ඇත. මීට දශකයකට ඉහතදී පවා, ඇමරිකාව තුළ ධනය බෙදී යාමේ විෂමතාව උග‍්‍ර කෙරී ඇති බව, ‘ඇමරිකානු කොන්ග‍්‍රස් අයවැය කාර්යාලය’ වාර්තා කෙළේය. 1979 සහ 1997 දක්වා කාලය තුළ, ’’බදු අයකිරීමට පෙර සාමාන්‍ය ගෘහ ආදායම, තුනෙන් එකකට ආසන්න මූර්ත වටිනාකමකින් ඉහළ ගොස් ඇතත්, එම වර්ධනය ආදායම් බෙදී යාම තුළ ව්‍යාප්තව ඇත්තේ අසමාන ආකාරයකින්’’ බව එය කියා සිටියේය.

ආදායම් බෙදී යාමේ ඉහළම පහෙන් එකේ ස්ථරය තුළ ගෘහ ආදායම් වර්ධනයේ සාමාන්‍යය, අඩකට වැඩි ප‍්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. ඊට ප‍්‍රතිපක්ෂව, මධ්‍යම පහෙන් එකේ ස්ථරයේ ආදායම් වර්ධනය සිදුව ඇත්තේ සියයට 10 කින් පමණි. ඒ අතර, පහළම පහෙන් එකේ ස්ථරයේ ආදායම යාන්තමින් පහළ ගොස් තිබේ. ‘‘එහෙත් නරකම තත්වය වන්නේ, 1979 දී ඩොලර් 420,000 ක් වූ ඉහළම සියයට 1 ස්ථරයේ සාමාන්‍ය ආදායම, 1997 වන විට, ඩොලර් මිලියනයකටත් වඩා ඉහළ ගොස් තිබීමයි’’. නැවතත් ‘‘ඉන්සයිඞ් ජොබ්’’ චිත‍්‍රපටයෙන් උපුටා දක්වන්නේ නම්, ‘‘ඇමරිකාව තුළ ධනය බෙදී යාමේ විෂමතාව, වෙනත් ඕනෑම සංවර්ධිත රටකට වඩා වැඩි ය.’’

ප‍්‍රධාන මාධ්‍ය මේ කරුණු අපෙන් වසංගන්නේ ඇයි?
ලෝකය, සංවර්ධනයෙන් ආපස්සට යන්නේ ඇයි?
අප ඒ ගැන නොදැන සිටින්නේ ඇයි?

ඒ තත්වය තුළ, දේශපාලඥයන්ගේ, පරිපාලකයන්ගේ, විද්‍යාර්ථීන්ගේ (විශේෂයෙන් ආර්ථික විද්‍යාඥයන්ගේ), නඩුකාරයන්ගේ, නීතිඥයන්ගේ, වෛද්‍යවරුන්ගේ සහ වෙනත් වෘත්තිකයන්ගේ තත්වය කුමක් ද?
ඔවුන් සියල්ලන්, බිහිරන් සහ අන්ධයන් ද?

‘ඉන්සයිඞ් ජොබ්’ චිත‍්‍රපටය ඊටත් පිළිතුරක් සපයයි. ‘‘1998 සහ 2008 අතර කාලය තුළ, (ව්‍යාපාරික සමාගම් ලෝකය තුළ වඩාත් දූෂිත සහ වඩාත් බලවත්) මූල්‍ය ක්ෂේත‍්‍රය, බලපෑම් ප‍්‍රචාරණය සහ තෑගි/සම්මාදම් මුදල් වශයෙන් ඩොලර් බිලියන 5 කට අධික මුදලක් වැය කොට ඇත. මූල්‍ය කඩාවැටීමේ සිට එම වියදම තවත් වැඩි කොට තිබේ.’’

ඔවුන් බලපෑම් කරන්නේ සහ ප‍්‍රචාරණ කටයුතු කරන්නේ කා අතරේ ද? ඒ අංශ දෙකේ දීම, දේශපාලඥයන්, විද්‍යාර්ථීන්, නීතිඥයන්, නඩුකාරයන්, ප‍්‍රතිපත්ති සම්පාදකයන්, මාධ්‍යකරුවන් සහ තවත් බොහෝ අය ඉලක්ක කෙරෙත්. ඉහත කී ආකාරයේ තත්වයක් ඇති බව ඔවුන් ලවා විශ්වාස නොකැරවීමට, මේ බලපෑම් සහ ප‍්‍රචාරණ ව්‍යාපෘතිය තුළ උත්සාහ කෙරේ. ඒ වෙනුවට ඔවුන්ට හැෙඟන්නේ, තමන්ට මෙතරම් තෑගිබෝග ලැබෙන්නේ සහ මිල අධික නිවාඩු සංචාර නොමිලේ ලැබෙන්නේ, තමන් සතුව ඇති යම් සාමර්ථයක්/නිපුණතාවක් නිසා බවයි.

දුම්කොළ කර්මාන්තය, මේ කියන මූල්‍ය ක්ෂේත‍්‍රයට දෙවැනි නැත. සමහර විට, මේ ගුරුහරුකම් මූල්‍ය ක්ෂේත‍්‍රයට සපයන්ට ඇත්තේ ද ඔවුන් විට හැකිය. උදාහරණයක් වශයෙන්, ‘ලිබර්ටාඞ් ඉන්කෝපරේෂන්’ යනු ලාබ අපේක්ෂාවක් නැති සංවිධානයකි. ඒ සඳහා වන මුළු වියදම දරන්නේ, ඇමරිකාවේ දුම්කොළ කර්මාන්තය මගිනි.

මේ සංවිධානය, නීති සම්පාදකයන්, උසස් නිලධාරීන් සහ නඩුකාරවරුන් සඳහා ලෝකය පුරා සැපවත් තැන්වල උත්සව සහ සම්මන්ත‍්‍රණ සංවිධානය කරයි. මේ සම්මන්ත‍්‍රණවලට සහභාගී වු නඩුකාරවරුන් ඇතැම් දුම්කොළ සමාගම්වලට වාසි සහගත තීන්දු දී ඇති බව හෙළිදරව් වී තිබේ. අපේ නායකයන්ව දූෂ්‍ය කරන තවත් අංශයක් වන්නේ, ඖෂධ ව්‍යාපායයි. මේ සමාගම්වලට අවශ්‍ය කරන්නේ, වැඩි වැඩියෙන් ලාභ ලැබීමයි. එසේ එකතු කරගන්නා ලාභ පෙරලා යෙදවෙන්නේ, වැඩි වැඩියෙන් ජීවිත ආරක්ෂා කිරීමට නොවේ. මේ චිත‍්‍රයට, සාමාන්‍ය පොදු මිනිසා පෑහෙන්නේ කෙසේද? තව තවත් දුප්පත් වීමෙනි.

අධික රුධිර පීඩනය සඳහා ප‍්‍රතිකාරයට ගැනෙන ප‍්‍රජාණීය ඖෂධයක් රැුගෙන ඉන්දියාවෙන් පිටත් වූ ගුවන් යානයක් 2009 දී අතරමැද නැවතුමක් වශයෙන් ඇම්ස්ටර්ඩෑම් ගුවන් තොටුපොළට බැස්සුවේය. එම මුළු ඖෂධ තොගයම, ඕලන්ද රේගු නිලධාරීන් විසින් රාජසන්තක කරන ලදි. එම ඖෂධය යවමින් තිබුණේ, බ‍්‍රසීලයේ දිළිඳු පළාත්වල වෙසෙන ඒඞ්ස් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා ය. එම ලෙඞ්ඩු තවමත් ඒ ඖෂධය එන තෙක් බලා සිටිති.

මෙවැනි චර්යාවන්ගෙන් විඳවන්නේ බ‍්‍රසීලයේ දිළින්දන් පමණක් නොවේ. සාමාන්‍ය ඇමරිකානුවා පවා එයා විඳවති. උපතේ දී වැඩිම ස්ත‍්‍රී පරමායුෂ සම්බන්ධයෙන්, ප‍්‍රධාන පෙළේ කාර්මික රටවල් අතරින් 1950 දී පස් වැනි තැන ගත්තේ ඇමරිකාවයි. අද ඒ ස්ත‍්‍රී පරමායුෂ තිබෙන්නේ, 46 වැනි ස්ථානයේ ය. ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම පැත්තෙන් ගත්තොත් එය තිබෙන්නේ 49 වැනි ස්ථානයේ ය.

මූලික සත්තාවන් කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය පැමිණ තිබේ. පරමායුෂ, ළදරු මරණ අනුපාතිකය, පිරිසුදු ජලය පැවතීම සහ වෙනත් එවැනි ප‍්‍රමිතිගත දර්ශකයන් තුළින් යම් රටක් සාර්ථක ද නැද්ද යන්න තීරණය කළ හැකිය. එසේ තිබියදී, නෙස්ලේ සමාගමේ සභාපති පීටර් බ‍්‍රාබෙක් – ලෙට්මේත් කියන්නේ, ජලය පෞද්ගලීකරණ කළ යුතු බවයි. තවත් බහුජාතික යෝධ ආහාර නිෂ්පාදන සමාගමක අධිපතිවරයෙක් ද මෑතක දී එම අදහසම ඉදිරිපත් කෙළේය. මේ ප‍්‍රවණතාව ආපස්සට හැරවිය හැක්කේ කෙසේද?

මූලික කරුණු වෙතට අපේ අවධානය ආපසු යොමු කළ යුතුය. ෆෝබ්ස් සංගණන වාර්තාවේ සඳහන් ලෝකයේ ඉහළම ධනපතියන් 500 අතර ඉන්දියානුවන් කී දෙනෙක් සිටිත් ද? එම සංඛ්‍යාව, සාමාන්‍ය ඉන්දියානුවන්ගේ ජීවිත කවරාකාරදැ යි දැන ගැනීමට උපකාරයක් නොවේ. මිලියන 25 ක් ඉන්දියානු දරුවන් සෑම ?කම නිරාහාරව නින්දට යාම සහ නිරාහාරව පසු දා අවදි වීම යන කාරණය, ඊට වඩා කතාන්තරයක් –  ජුගුප්සා ජනක කතාන්තරයක් – කියාපාන්නේය.

*2010 මැයි 10 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “Toeing the Line of the Corporate World the Rich Grow Richer While the Poor Suffer” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    This is Capitalism.

    Rich get richer. Poor work for the rich. Everybody works.

    In Socialism, Rich gets to be poorer, poor gets much poorer. The party leaders, The Proletariat gets richer. Hardly anybody works.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.