26 April, 2024

Blog

බැඳුම්කර මගඩියෙන් සැඟවෙන සැබෑ දුෂිතයන්

මහේෂ් සේනානායක

මහේෂ් සේනානායක

මහ බැංකු බැඳුම්කර සිදුවීම පදනම් කොට ගෙන ආණ්ඩුව තුල අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරිමටත්, එමගින් යහපාලන රජය පෙරලාදැමීමටත් ඇතමුන් උත්සහ කරමින් සිටින බව පසුගිය කාලයක සිට පෙනෙන්ට ඇත. පසුගිය​ පාලන කාලයේ දනගසා තිබු රටේ ආර්ථිකය යලි නගා සිටුවීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගන්නා උපායමාර්ගික ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාවන්ට පන පොවන පුද්ගලයන් ඉලක්ක කොටගෙන, බොහෝ විට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම සිදුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද දේශපාලකයෙකු මහා බැංකු අධිපතිවරයා ලෙස පත්කරන තුරුම, දශක හයකට අධික අතීතයදී ශ්‍රී ලංකා මහා බැංකුවට අධිපතිවරුන් ලෙස පත්කරනු ලැබුවේ ආර්ථික කළමනාකරණය පිළිබද උසස් පරිචයක් ලැබූ පිලිගත්, ප්‍රවීන, විද්වත් දේශපාලකයෙකු නොවන අයෙකි. 2015 දී බලයට පත්වූ යහපාලන රජය සිය මහ බැංකු අධිපතිවරයා ලෙස, මුල්‍ය කළමනාකරුවකු ලෙස ආසියාකරයේ නම රැන්දු, මහ බ්‍රිතානයේ කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිදරයෙකු වන අර්ජුන මහේන්ද්‍රන් තෝරාගත්තේ මහා බැංකුව අතිශය ලෙස දේශපාලනීකරණය වී තිබු යුගයක් නිමාකරමිනි. ඔහු මහ බැංකුවේ රාජකාරි භාරගන්නේ ඩුබායිහි එමිරේට්ස් එන්ඩිබි (Emirates NDB) බැංකුවේ ප්‍රධාන ආයෝජන නිලධාරි ලෙස රැකියාවට ආයුබෝවන් කියමිනි. එවැනි රැකියාවකට සාමාන්‍යයෙන් ඇමෙරිකාණු ඩොලර් මිලියනයක් (කෝටි 15 ක්) පමණ වාර්ෂික වැටුපක් හිමිවන බව සාමාන්‍ය ජනතාව නොදන්නවා විය හැකියි.

අර්ජුන මහේන්ද්‍රන් ගේ බෑනා සතුව ප්‍රථමික තැරව්කාර සමාගමක හිමිකාරත්වය පැවතීම, ඔහු එම තනතුරට නුසුදුසු වීම ට හේතුවක් ලෙස දක්වන සමහර සමාජ ක්‍රියාකාරීන් තර්කකරනේ, හිටපු මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නැගණිය එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ව සිටිය බවත්, ඇයගේ කාලයේදී එම සමාගමට මහ බැංකුව විසින් අදාළ බලපත්‍රය ලබාදුන් බවත් නොදැන විය යුතුයි. එම නිසා ඥාති සම්බන්ධය මත අර්ජුන මහේන්ද්‍රන් නුසුදුසු වූයේ නම් අජිත් නිවාඩ් කබ්රාල් සුදුසු වුයේ කෙසේදැයි පෙරලා ප්‍රශ්න කල යුතුයි. සිය බෑණනුවන්ට බැඳුම්කර හරහා අනිසි උදව්වක් කිරීමට අර්ජුන මහේන්ද්‍රන්ට අවශයවුයේ නම් විනිවිද නොවන පුද්ගලික නිකුතු ක්‍රමය හරහා යහමින් එවැනි දෙයක් සිදු කරන්නට ඔහුට හොඳින් ඉඩකඩ තිබුණු බව ද මෙහි සඳහන් කල යුතුයි.
ශ්‍රී ලාංකීය සමාජය තුල දේශපාලනය සහ ව්‍යාපාරික අංශය යන අංශ දෙකම පාසල සහ පවුල පදනම් කරගත් මිතුරු සමාජයකි. හොදට හෝ නරකට දේශපාලනය සහ ව්‍යාපාරික අංශ දෙකටම මෙය පොදු කාරණයකි. ලංකාවේ බොහෝ ව්‍යාපාරික සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල වල සාමාජිකයන් පත්වන්නේ මෙම පදනමින් බව ප්‍රසිද්ධ රහසකි. එම නිසා යමෙකුට මහා බැංකුවෙන් රහස්‍ය තොරතුරු අවශ්‍යනම් ඒකට තම මාමණ්ඩිය මහ බංකු අධිපති වනතුරු බලාසිටීමට අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකා බැදුම්කර වෙලදපොලද මෙලෙස ගජමිතුරු සමාජයක් බව නොදන්නෙක් නැත.

හිටපු මහ බංකු අධිපතිවරයාට චෝදනා නගන පිරිස නොකියන කතාවක් තිබේ. එනම් අතීතයදී යහපාලන රජයට පෙර මහ බැංකුව අතිශය දේශපාලනීකරණය වී ආයතනික හා මුල්‍ය පදධතියම දුෂ්‍යව තිබූබවයි. අසුචි වලක් බදුවූ එවැනි අතීතයක් අමතකකර අදෝගන්ධයක් පිළිබද පැමිණිලි කිරීමම පුදුමයට කාරණයක් නොවන්නේද?

හිටපු මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පාලන කාලය තුලදී කල කි දේ ගැන පොත් ගණන් ලිවිය හැකියි. 2011දී ශ්‍රී ලංකා මහ බංකුව ග්‍රීක බැදුම්කර වල රටේ සංචිත මුදල් ආයෝජනය කළේය. ග්‍රීක ආර්ථිකය කඩා වැටෙමින් තිබියදී යුරෝ මිලියන 33 ක මුහුණත වටිනාක ඇති ග්‍රීක බැදුම්කර යුරෝ මිලියන 22.16 කට මිලදී ගන්න ලදී. එම වසරේම විවිධ අවස්ථාවලදී විකුණා දැමීමෙන් සහ යුරෝපා මහා බැංකුව විසින් එම බැදුම්කර සදහා හුවම්මරු ලෙස දෙන ලද අනිකුත් පැවරුම් ලබා ගනිමින් ඉතා අමාරුවෙන් ග්‍රීක බැදුම්කර වලින් ඉවත්වන ලදී. මෙමගින් ශ්‍රී ලංකාවට සිදුවූ අසන්න වශයෙන් රුපියල් මිලියන 2,100 පමණ වෙයි. මේවා නිකම්ම උපකල්පිත අගයන් නොව සත්‍ය වටිනාකම් මත ගණනය කරන ලද වටිනාකම් වේ. සරල බසින් කියන්නේ නම් මහ බැංකුවට සිදුවුයේ වක්කඩේ හකුරු හැංගු අයට සිදුවූ දෙයමය. මේ නයින්, කබ්රාල් මහ බැංකු අධිපතිවරයා සක්විති සමාගමේ මුදල් ආයෝජනය නොකිරීම ගැන අප පුදුම විය යුතුයි.

සේවක අර්ථසාධක අරමුදලට අයත්වූ, අපේ රටේ ප්‍රධාන සමුහ ආයතනයක කොටස් මැලේසියානු අර්ථසාධක අරමුදලේ (KHAZANAH NATIONAL BERHARD) ආයතනය වෙත විකුණා දැමීම ගැන ඔහුට චෝදනා එල්ලවිය. ඊට අමතරව මුල්‍ය, ගෑස් ,හෝටල් වැනි බොහෝ සමාගම් වල කොටස් මිල, කෘතීම ලෙස ඉහලදමා, එම ඉහල මිලට සේවක අර්ථසාධක අරමුදලට විකුණු බව ට චෝදනා එල්ල විය. මෙම කාර්ය ව්‍යාපාර වස්තු වෙලදපොලේ pump and dump ලෙස හදුන්වයි. ඔහු සිය ගජ මිතුරු සමාජය සමග මෙම pump and dump කිරීම නිසිසේ කරගෙන යන ලදී. මෙලෙස කෘතීම ලෙස කොටස් (ව්‍යාපාරික වස්තු) මිල ගණන් ඉහල දමා සේවක අර්ථසාධක අරමුදල ට විකුණු විට සරුවුයේ කගේ මල්ලදැයි සොයා බැලිය යුතු නොවේද?
හයට් හෝටල් සමාගම, සේවක අර්ථසාධක අරමුදල හා රක්ෂණ සංස්ථාව මැදිහත්ව මිලට ගන්නා ලදී. මෙම ආයෝජනයෙන් කිසිදාක ලැබ ලැබිය නොහැකි බව වෙළදපොල තතු දත්තෝ පවසති. කුප්‍රකට හෙජින් ගනුදෙනුව මගින් රටට කොටි ගණනක් පාඩුකිරිම පිටුපස සිටින මහා මොලකරු අන් කවරෙකු නොව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා බව දන්නෝ දනිති. හෙජින් ගැන අයන්න වත් නොදන්නා එකල ඛනිජ තෙල් සංගමේ සභාපති වරයාට ඒ සදහා උපදෙස් ලබා දුන්නනේ එවකට මහ බැංකු අධිපතිවරයා බවට චෝදනා එල්ල විය.

එමෙන්ම, ඔහුට එල්ල වූ චෝදනා අතර ශ්‍රී ලංකා රන් සංචිතවලින් ටොන් 40 ක් පමණ ජපන් සමාගමක් වන ජඩුවා හෝල්ඩින්ස් හරහා ජපානයේ SUISSE SECURITIES සමාගමට විකිනිමත්, විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදලේ මුදල් පෞද්ගලික සමාගමක් හරහා බැදුම්කර වල ආයෝජනය කර පාඩු සිදුකිරීම ප්‍රමුක වේ. පසුගිය කාලයේ දී ශ්‍රී ලංකා මුල්‍ය පද්ධතියේ විශේෂයෙන්ම බැංකු නොවන මුල්‍ය ආයතන අංශය කඩාවැටීමට හේතුවූ කාරණා සොයා බැලීම අත්‍යවශ්‍ය වෙයි. අනෙක් අතට මහ බැංකුවට අයත් නොවන විවිධ කාරණා සදහා මහ බැංකුවේ මුදල් විවිධ උපදෙස් සේවා සපයන විදේශීය ආයතන වලට ගෙවා ඇති බවට ද චෝදනා එල්ල විය. මේලෙස දිග හැරියේ හිටපු මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පාලන සමයේ සිදුවූ සිදුවීම් අළලා ඇති චෝදනා අතුරින් අතලොස්සක් පමණක් බව කිව යුතුයි.

දේශපාලඥයන්, දුෂිත නිලධාරින් සහ කූට ව්‍යාපාරිකයන් විසින් බැඳුම්කර සිදුවීම දඩමීමා කරගනිමින් දේශපාලන පෙරලියක් කිරීමටත් ,පෙර පරිදී දුෂිත අන්දමින් ධනය ඉපයීමට උත්සහ දරන බව මහජනතාව මෙන්ම මෙරටේ වගකිවයුතු ජනතා නායකයින් දෙදෙනකු වන ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් අවබෝධ කරගත යුතුව ඇත. මෙරටේ පැවතුනු සදාචාරවිරෝධි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ඔවුන් වෙර දරනවා සේම ඊට අකුල් හෙලමින් පෙර වතාවරණයම නැවත ගෙන ඒමට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ සිටින අය උත්සහ දරන බව රටේ නායකයාත් ඔහුගේ දෙවෙනියාත් හඳුනාගත යුතුව ඇත. මෙහිලා ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතාට, පෙර පැවති දුෂිත තත්වයන් පිලිබඳ මනා අවබෝධයක් ඇතිබව විස්වාස කිරීමට ජනතාව මැලි නොවන්නේ පැවති පාලනයේ ප්‍රධාන භූමිකාවක් ඔහු විසින් පන පොවන ලද බැවිනි. එසේම ඔහු ජනතාවගේ මුදල් සොර නොකැ දුෂිතයෙක් නොවන බවට සහතිකයක් ජනතාව විසින්ම ලබාදී ඇත . අවශ්‍යවී ඇත්තේ සැබෑ සොරුන් සොයා දඩුවම් පැමිණවීමත්, ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමත්ය. ජනතාව නොමග යවන පාර්ලිමේතුවේ ඇතැම් ක්‍රියා පටිපාටියන් සහ දේශපාලන ප්‍රකාශයන් පිලිබඳ නායක දේපල අවදානයෙන් සිටිය යුතු බව මතක් කරදීමට කාලය එළඹ වී ඇත. එක් කාරණයක් ඉස්මතුකොට පෙර පව් වසා ගැනීමට වෙර දරන පුද්ගලයන් හට නිසි පිළිතුර ලබාදීමට ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් කඩිනමින් ක්‍රියාමාර්ගයන් ගනු ඇති බවට, යම් ප්‍රමාණයකට අඩුවී තිබුනද, තවමත් මහජනතාව විශ්වසකරන බව පෙනෙන්නට තිබේ. එය පලුදු වූ විට ඊට මුහුණ දෙන්නට සිදුවන්නේ ඉහත සඳහන් කල නායකයින්ට බවද සටහන් කොට තැබිය යුතුවේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    GDP වර්ධන වේගය රින අගයකට (-2%) වැටුනේත්, යුද්ධය වවාගෙන කෑවේත්, බොරැ සාම ගිවිසුම් ගැහුවේත්, රට හැම තැනම බෝම්ඹ පත්තු උනේත්, රටේ ණය බර 101% ක් දක්වා වැඩි උනේත්, විදුලිය දිනකට පැය ගනන් කපා දැමුනේත් චෞරී/බටලන්දේ ලංකාව පාලනය කල 1994-2004 සමයේදීය.

    අාර්තිකය දන ගසා තිබුනේ යය් මහේෂ් කියන මහින්දගේ කාලයේ යුද්ධයට සහ මරාගෙන මැරෙන බෝම්ඹ වලට තිත තැබින. රටේ අධි වේගී මාර්ග පමනක් නොව ගමේ පාර, තොට, අැල, වේලි හැදින. GDP වර්ධන වේගය 7% ක් දක්වා වැඩි විය. ණය බර 70% දක්වා අඩු විය. ඒනිසාම රටට විදේස අායෝජකයන් සහ සංචාරකයන් ගලා ගෙන අාවේය. විදේස සංචිතය US$ බිලියන 8.5 කට වැඩි විය. යහපාලනයට රට බාර දෙන විට රටේ උද්ධමනය 2% දක්වා අඩු විය.

    බලයට පත් වී දින කිහිපයක් තුල රනිල්/සිරා අාණ්ඩුව අරලියගහ මැදුරේ තාප්පයේ මල් පෝච්චි ඉවත් කලේ, පෝට්සිටිය නවත්තුවේ, මත්තල වී ගබඩාවක් කලේ මහින්ද කල නාස්තිය අවම කර ජනතාවට සහන දෙන්නට බව පවසමිනි. ණය අඩු කර අාර්තිකය නිසි ලෙස කලමනාකරනය කරන්නට බලය ගත් යහපාලනය අද වන විට රටේ ණය බර 80% දක්වාද, උද්ධමනය 7% දක්වා වැඩි කර ගෙන අැත.

    බටහිර ගැති රනිල් පරයින් සමග පච කෙලා බොරැ පොරෙන්දු දී ලාංකික ජනතාවම ගොනට අැන්දුවේය. රැජින නූගත් සිරිසේනට මේස් නැතුව අතට අත දී චුන් කලේය. සෝරස් අැවිත් දෙසන තබා යන්න ගියේය. නමුත් ලංකාවට පැමිණි අායෝජකයෙක් නැත. බටහිරයන්ගෙන් ලැබුන සහන ණයක් නැත. වසරක් තුල රනිල්ගෙ බටහිර ගැති නඩේට චීන වන්දනාවේ යන්නට සිදු විය. වන්දි ගෙවා පෝට් සිටිය නැවත පටන් ගන්නට සිදුවිය. වී අයින් කර මත්තල නැවත ගුවන් තොටු පලක් කරන්නට සිදු විය. චීන්නු හම්බන්තොට වරාය හදන්නේ උන්ගේ “The String of pearls” කර ගන්න යයි කතා හැදු රනිල්ට එය චීනුන්ටම විකුනන්නට සිදු විය.

    Oxford ගිය අර්ජුනලා වසර දෙකකට අඩු කාලයකදී කබරාල් අත්කර ගත් සියලු දර්ෂක කනපිට පෙරලා දැමීය. අැත්ත වශයෙන්ම යහපාලන නඩය ජනතාවට සහන දුන්නේ තමන්ගේ හොර මගඩි වසා ගන්නට බව දැන් පැහැදිලිය. බලයට පත්වී දින 50ක් තුල රනිල්/අරජුන/රවී කල්ලිය බැඳුන්කර මගඩියෙන් මහ බැංකුව කොල්ල කෑවේය. බැඳුන්කර මගඩියට ‘Oxford’ අර්ජුන කෙලින්ම අන දුන් බව මහබැංකුවේ මුදල් මංඩලයේ නිලධාරීන් මේ වන විට ජනාධිපති කොමිසමට සාක්ෂි දී අැත. 2015 පෙබරවාරි 29 දින හා 2016 මාර්තු 27 දින වෙන්දේසියෙන් රජයට රුපියල් මිලියන ගනනක සෘජු පාඩුවක් සිදු වී අැති බව විගනකාධිපති වාර්තාව කියය්. මහේෂ්ලා රනිල්ට රෙදි නැතුව කඩේ යන බව නොකියා බැරිය.

    • 0
      0

      Bando,
      Langadi gam palathe ehema giye nedda? Den sehena kalayak wenawane Colombo avilla.

      • 0
        0

        ගමේ කොහොමත් ‘ලේ කොල පාට’ මෝඩයෝ අඩුය්. මොලේ නැති ටොය්යන්ගෙ අැස් පාදන්න මම දැන් ගමේ යන්නෙ නැහැ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.