එක්සත් ජාතික පක්ෂයේ නව විපක්ෂ නායකවරයාත්, එ.ජා.ප මන්ත්‍රීවරුනුත් දැන් නිතරම එම්.සී.සී ගිවිසුම ගැන කථාකරති. එම්.සී.සී ගිවිසුම ඉරා දැමිය යුතු බවත්, එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බවත්, නව විපක්‍ෂ නායකවරයා ප්‍රසිද්ධ වේදිකාවේ කියයි. පසුගිය සතියේ එක්සත් ජාතික පක්‍ෂ, විපක්‍ෂ නායකවරයා අතිපූජනීය මහා නාහිමිවරුන් ඉදිරියේද එම්.සී.සී ගිවිසුම ඉරා දැමිය යුතු බව කියා සිටියේය. එ.ජා.පයේ සෙසු මන්ත්‍රීවරුන්ද ඊට සමාන ප්‍රකාශ කරමින් සිටී. මේ ප්‍රකාශ අසා මම මවිතයට පත් වුණෙමි. වර්තමාන විපක්‍ෂ නායකවරයා මීට සති කිහිපයකට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් එ.ජා.ප කැබිනට් මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයෙකු විය. ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී එම එ.ජා.ප කැබිනට් මණ්ඩලය එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීමට නිල වශයෙන්ම තීන්දු කළේය. එම ගිවිසුම ජනාධිපතිවරණයට කළින් අත්සන් කරන බවත් එ.ජා.ප අග්‍රාමාත්‍යවරයා මාධ්‍යට පවසා සිටියේ ය.
එම අවස්ථාවේදී විපක්‍ෂ නායකවරයාව සිටි මම, ලිඛිත නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට තරයේ පවසා සිටියේ පාර්ලිමේන්තුවට නොදන්වා, ජනතාවටත් මේ ගිවිසුමේ අන්තර්ගතය හෙළි නොකර, කිසිසේත්ම මෙය අත්සන් නොකළ යුතු බවයි. තවද ජනාධිපතිවරණයට දින ගණනක් තිබියදී මේ ආකාරයට විදේශීය රටක් සමඟ ගිවිසුමක් කඩිමුඩියේ අත්සන් කිරිම සදාචාර සම්පන්න නොවන බවද මම ඔවුන්ට පෙන්වා දුන්නෙමි. එම්.සී.සී ගිවිසුම ගැන තීන්දුවක් ගැනීම ජනාධිපතිවරණයෙන් පසුව, ජනවරම ලැබු පාර්ශවය සිදුකල යුතු බවද මම අවධාරණය කලෙමි. ඒ අවස්ථාවේදී එ.ජා.ප.යේ නියෝජ්‍ය නායකයා හා ප්‍රධාන කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු වූ වත්මන් විපක්ෂ නායකවරයා සිටියේ සම්පුර්ණයෙන්ම නිහඩවය. එ.ජා.ප.යේ ජනාධිපති අපේක්‍ෂකයා වූ ඔහු අඩුම වශයෙන් ජනාධිපතිවරණ වේදිකාවේදී වත් එම්.සී.සී ගිවිසුම ගැන වචනයක්වත් කියනු අපි අසා නැත.
තමන්ගේ ආණ්ඩුව එම්.සී.සී ගිවිසුම පාර්ලිමේන්තුවටත්, ජනතාවටත්, වසන් කර කඩිමුඩියේ අත්සන් කිරීමට සැරසෙද්දි වචනයකින්වත් එම ක්‍රියාදාමයට එරෙහි නොවි සිටි වත්මන් විපක්ෂ නායකවරයා, අලුතින් පත්වූ ආණ්ඩුවට එම්.සී.සී ගිවිසුම ගැන දැනමුතුකම් කියමින් රට වටේම යයි. දේශපාලනයේදී අවම සදාචාරයක්වත් තිබිය යුතුය. එ.ජා.ප ආණ්ඩුව ජනාධිපතිවරණයට දවස් ගණනක් තිබියදී අත්තනෝමතික ආකරයට මේ ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ, එය වැලැක්වීමට උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේට උපවාස කිරීමට සිදුවූ හැටි අපට මතකය. එ.ජා.පය තුළ සිටින වත්මන් විපක්ෂ නායකවරයාගේ පාර්ශවයේ ප්‍රබලම නායකයෙකු වන මංගල සමරවීර හිටපු මුදල් ඇමතිවරයාත් මේ ගිවිසුම පාර්ලිමේන්තුවටත්, ජනතාවටත්, වසන් කර කඩිමුඩියේ අත්සන් කිරීමට පක්‍ෂ විය. එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් එ.ජා.ප.යේ කල්ලි දෙකම හිටියේ එකම ස්ථාවරයකය.
ඒ සියල්ල ජනතාවට අමතක වී ඇතැයි සිතා එම්.සී.සී ගිවිසුම ගැන එ.ජා.ප විපක්ෂ නායකවරයා දැන් කරන කථා වලින් ඔවුන්ගේ දේශපාලන සදාචාරය කෙබදුදැයි ජනතාවට පැහැදිලි විය යුතුය. එ.ජා.ප කැබිනට් මණ්ඩලය විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේ අනුමත කරපු එම්.සී.සී ගිවිසුමේ අන්තර්ගතය හදාරා බලා වාර්තා කිරීම පිණිස ජනාධිපතිතුමා විද්වත් කමිටුවක් පත්කොට ඇත. එම කමිටුවේ වාර්තාව සලකා බලා මේ සම්බන්ධයෙන් ගන්න පියවර කුමක් දැයි, කැබිනට් මණ්ඩලය ඉදිරියේදී පාර්ලිමේන්තුවත් මහජනතාවත් දැනුවත් කිරීමට පියවර ගනු ඇත. අපේ ආණ්ඩුව මොනම හේතුවකටවත් මේ වගේ ගිවිසුම් පාර්ලිමේන්තුවටත්, ජනතාවටත්, හොරෙන් අත්සන් කරන්නේ නැත. අපේ ආණ්ඩුව රටට අහිතකර කිසිඳු ගිවිසුමකට අත්සන් කරන්නේත් නැත. එ.ජා.පය ප්‍රමුඛ පාර්ශවයත්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවත් අතර ඇති වෙනස එයයි.
*මහින්ද රාජපක්‍ෂ – අග්‍රාමාත්‍ය
babalawathie mudunkotuwa / January 19, 2020
මහින්ද රාජකෂේ කවදා හෝ එම්.සී.සී. ගිවිසුම පිළිබඳ ප්‍රති තර්ක ඉදිරිපත් කරන්නේ කෙසේද? ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. එයින් ඔවුහු බලය අල්ලා ගත්හ. දැන් ජනවරම අනිසි ලෙස භාවිතා කිරීම සියලු ආචාර ධර්ම හා සදාචාරයන්ගෙන් ඔබ්බට ය. ඔවුන් මැතිවරණ ව්‍යාපාරයේ දී, අමූලික බොරු වැපිරීමෙන් ජනතාව නොමඟ යවා තිබේ. තේරී පත් වූ රජය පවත්වාගෙන යාමට දැන් මුදල් නොමැති නිසා ඔවුන් සිටින්නේ අවුල් ජාලයක ය. රාජාක්ෂයන් සදාචාර විරෝධී, සංස්කෘතික නොවන අවජාතකයන් බව ජනාධිපති කුමාරතුංග පැහැදිලි කළේය. රාජක්ෂේගේ යූ-හැරවුම් ප්‍රතික්‍රියා වල ස්වභාවය, පොදුවේ රාජපක්ෂ ගැන කුමාරතුංග මැඩම්ගේ අනාවැකි සනාථ කරයි.
/
Leelawathie Jayasinghe / January 19, 2020
ජපානයේ සිට පැමිණි එක් මහාචාර්යවරයෙක් මෑතකදී ප්‍රසිද්ධ ප්‍ර stat ප්තියක් එක් කරමින් කියා සිටියේ අපේ ජනතාව ආඩම්බරකම පිළිබඳ අධි තක්සේරු කිරීම් අතහැර දැමුවහොත් ආර්ථිකය සමඟ නැගී සිටිනු ඇති බවයි. ඔහුට අනුව, අපේ ජනතාව අනවශ්‍ය ලෙස අපේ ජාතික අභිමානය අධිතක්සේරු කර ඇත. මෙය ඔහුට අනුව ශ්‍රී ලංකාවේ වත්මන් සමාජයේ මානසික ගැටලුවක්.
අපේ රටේ දරිද්‍රතාවයේ මට්ටම වෙනත් රටවලට වඩා වෙනස් නොවන බව අප පැහැදිලි විය යුතුය. කොළඹ කිලෝමීටර 200 ක් හෝ වෙනත් ඉහළ නැගීමක් පවා නොතකා, අපගේ ජාතික අභිමානය අධිතක්සේරු නොකළ යුතුය. අද, හිටපු දුප්පත්ම රට වන එතියෝපියාව තම ප්‍රාග්ධන ජනතාවට පොදු ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා ට්‍රෑම් රථ සේවාවක් හඳුන්වා දී තිබේ. යුරෝපීය අපනයන සඳහා ඔවුන්ගේ දායකත්වය වේගයෙන් ඉහළ ගොස් තිබේ. අපි අද යුරෝපයේ ඉතියෝපියාවෙන් ආනයනය කරන එළවළු, පලතුරු සහ මල් මිලදී ගන්නෙමු. ශ්‍රී ලංකාවෙන් මිල දී ගෙන ඇති දේ- අද වන විට සිලෝන් තේ ප්‍රමාණවත් තරම් නැත. කෙන්යානු තේ දැනටමත් අපගේ වෙළඳ තේ අපනයනය අභිබවා ගොස් ඇති අතර අපගේ සංඛ්‍යාව අඩු වී ඇත. දේශපාලන icians යින් ඔවුන්ගේ බලය ලබා ගැනීමේ උපක්‍රම සඳහා ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් වෙනුවෙන් අරගල කරමින් සිටින අතර මහජනතාව තවදුරටත් අවධානයට ලක් වේ. අද අප ශ්‍රීලංකාවේ දකින්නේ එයයි.
/
Desperate Sinhalaya / January 25, 2020
වත්මන් රජය බලයට පත්වූයේ සාමාන්‍ය ජනතාව නොමඟ යවමිනි. අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයාට මේ වන විටත් මාස 2 ක් ගතවී ඇතත්, මැතිවරණ ව්‍යාපාරයේ දී ලබා දී ඇති එක් පොරොන්දුවක් පවා ඔවුන් විසින් තවමත් පුරවා නොමැත. ඔවුන් අංක එකේ වංචාකාරයින් බව ඔප්පු වී ඇත: මාස 2 සිට. ඒවා ඉටු කිරීමට නොහැකි වීම ගැන ඔවුන්ට ලැජ්ජාවක් ද නැත. මම ඉතා ලැජ්ජා වෙමි, මේ රටේම පිළිකුල් සහගත මෝඩයෝ කිසිවක් ගැන ප්‍රශ්න නොකරන බවක් පෙනෙන්නට තිබේ. ඇයි ඒ ? ඔවුන් වැට් 15% සිට 7% දක්වා අඩු කර ඇති අතර ජීවන වියදම පහත වැටෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තු තබා ඇත, නමුත් එහි බලපෑම දැන් අනෙක් පැත්තෙන් ක්‍රියාත්මක වන බව පෙනේ. එය තවමත් ජාතියට පැහැදිලි නැති ඇයි? බලයට පත්ව සිටින ෆැසිස්ට් සොහොයුරන්ට එරෙහිව මිනිසුන් එක වචනයක්වත් නොකියන්නේ 2015 ට පෙර සිදු වූවාක් මෙන් එම විරුද්ධවාදීන් dered ාතනය කිරීමට අකමැති බැවිනි. සතුන් පවා ඔවුන්ගේ ජීවිතවලට ආදරය කරයි.
.
ඔවුන් විසින් මහින්ද රාජකෂේ මහජනයා විසින් තෝරා පත් කර ගැනීමට පෙර එම්.සී.සී. ගිවිසුමට එරෙහිව දැඩි ලෙස පෙනී සිටියේය. අශෝභන පාර්ලිමේන්තුවේදී එය සම්මත කිරීමට කිසි විටෙකත් ඉඩ නොදෙන බවට ජනතාව තුළ බලාපොරොත්තුවක් ඇති විය. නමුත් අද වන විට මහින්ද රාජකෂේ එකම මුඛය භාවිතා කරමින් විපක්ෂයට එඩිතර බවක් පෙනෙන්නට තිබේ. මහින්ද රාජකෂේ සහ ඔහුගේ දේශපාලනය කිසිසේත්ම අනුකූල නොවේ. ඔහු මේ රටේ රැවටිලිකාර ජනතාව නොමඟ යවයි.
/