23 April, 2024

Blog

ආණ්ඩුව විහිළුවක්වීම හා මහජනතාව විනෝදවීම

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ජනවාරී හතරවනදා රාත්‍රීයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකව අත්අඩංගුවට ගැනීම දේශපාලන ප්‍රහසනයක් බවට පත්විය. රන්ජන් විසින් එල්ල වූ අභියෝගය විනෝදාත්මකව සලකමින් ඊට මුහුණ දුන් අන්දම ආණ්ඩුවේ ක්‍රියාව හාස්‍යයට ලක්වීමට ප්‍රබල හේතුවක් විය. දේශපාලන දෘෂ්ටිය, ප්‍රතිපත්තිය හා ක්‍රියා පිළිවෙල සමාජය හමුවේ හාස්‍යයට ලක්වීම ආණ්ඩුවක ස්ථාවරත්වයට ප්‍රබල බාධාවකි. ඒ නිසාමදෝ රන්ජන්ව අත්අඩංගුවට පත්වූ සැනෙන් ආණ්ඩුවේ දෘෂ්ටිවාදී ආරක්ෂකයන් යැයි සිතා සිටින පිරිස් වහා ක්‍රියාත්මක විය.

ඒ අතරින් පෙරමුනට ආවේ තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකරයි. ඔහු ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් කීවේ ජනාධිපතිවරයා එක් මගකත් පොලීසිය තවත් මගකත් ගමන් ගන්නා බවත් පොලීසියේ ක්‍රියාව තමන් අනුමත නොකරන බවත් ය. සබරගමුව විශ්ව විද්‍යාලයයේ ජර්මන් භාෂාව පිළිබද කථිකාචාර්ය හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සමීපතමයකු වන මහින්ද පතිරණ ද දිගින් දිගටම පොලීසියේ ක්‍රියාව ප්‍රශ්න කරමින් තම ෆේස්බුක් ගිණුමේ සටහන් තබන්නට විය. මීට අමතරව රාජපක්ෂවාදී ෆේස්බුක්කරුවන් ද විවිධ අන්දමින් උත්සාහ කළේ රන්ජන්ව අත්අඩංගුවට ගැනීම පොලීසියේ අවශ්‍යතාවක් මිස ආණ්ඩුවේ අවශ්‍යතාවක් නොවන බව ඔප්පු කරන්නට ය. එහෙත් මේ සියළුදෙනා විහිළුකරුවන් බවට පත්වූයේ ජනප්‍රිය ප්‍රහසන නළු බන්දු සමරසිංහ විශාල අගාධයකට ඇද දමමිනි. 

ආණ්ඩුවේ කේවට්ටයන් උත්සාහ ගන්නේ රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම් වැනි විහිළු සහගත ක්‍රියා ආණ්ඩුවේ වුවමනාවන් නොව පොලිස් කොමිසමේ හා පොලීසියේ අවශ්‍යතාවන් බව හගවා මහජනතාවගෙන් එල්ල වන විරෝධය සමහන් කර ගන්නට ය. එහෙත් ගිලෙන්නට යන මිනිසා පිදුරු ගහෙත් එල්ලෙන්නා සේ ආණ්ඩුවේ කේවට්ටයන් ද මේ දුර්වල තර්ක වලින් ආණ්ඩුව බේරා ගැනීමට මහන්සි වුවද සිදුවන්නේ ආණ්ඩුව තව තවත් හාස්‍යයට ලක්වීමයි. ඊට හේතුව අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් වගකිවයුතු වන්නේ පොලිස්පතිවරයාත් නීතිපතිවරයාත් හා විෂයභාර අමාත්‍යවරයාත් මිස පොලිස් කොමිසම නොවීමයි. පොලිස් කොමිසම සතු වගකීම පැහැදිලිවම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සදහන් වේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 ඒ පරිච්ඡේදයේ සදහන් වන පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය හා නිලධාරීන්ගේ ස්ථාන මාරු, උසස්වීම් හා විනය සම්බන්ධයෙන් වන කාරණා හැරුන කොට පොලිස් පනත හා අපරාධ නීතියට අයත් අනපනත් වලින් ලැබී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට පොලිස් කොමිෂන් සභාවට බලයක් පවරා නොමැත. එවැනි අපරාධ නීතිය මගින් පැවැරී ඇති වගකීම ක්‍රියාත්මක වන්නේ පොලිස්පති විසින් වන අතර ඊට අවශ්‍ය උපදෙස් නීතිපති විසින් ලබා දේ. අනෙක් සෑම රාජ්‍ය ආයතනයකම මෙන්ම විෂය භාර අමාත්‍යවරයා මගින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාත් විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයාත් බැදී සිටී. 

කෙටියෙන් පවසනවා නම් යම් පුරවැසියකු කුමන හෝ චෝදනාවක් යටතේ අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වගකීම පැවරෙන්නේ පොලිස්පතිට හා නීතිපතිට ය. ඒ අනුව අදාළ විෂය භාර අමාත්‍යවරයාත් , අමාත්‍ය මණ්ඩලයත් හා ජනාධිපතිවරයාත් එවැනි ක්‍රියාවකට වගකීම භාර ගත යුතු ය. අපරාධ නීතිය යටතේ පොලීසිය ක්‍රියාත්මකවන විට ඊට පොලිස් කොමිසම වගකිව යුතු යැයි කීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තම නූගත්කම කියාපෑමකි. 

එහෙත් ආණ්ඩුවේ කේවට්ටටයන්ට අවශ්‍යව ඇත්තේ තමන් විහිළුකරුවන් බවට පත්වෙමින් හෝ ආණ්ඩුවේත් ජනාධිපතිවරයාගේත් හොදනම රැක ගන්නට ය. ඒ සදහා මේ කේවට්ටයන් දරන මහන්සියෙන් නැවතත් වටයකින් අමාරුවේ වැටෙන්නේ තමන් විසින් ආරක්ෂා කරන්නට යන ආණ්ඩුවම ය. ඊට හේතුව වන්නේ පුද්ගලයකු අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකීමක් නැතැයි කීමත් සමග රට තුළ අරාජිකත්වයක් ඇතැයි වක්‍රව පිළිගැනීම ය. 

පොලීස්පතිවරයා හෝ නීතිපතිවරයා හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට පටහැනිව රාජකාරී කරයි නම් ආණ්ඩුවක් විසින් කළ යුත්තේ විධිමත් පරිදි ක්‍රියා කර ඔවුන්ව ඒ තනතුරු වලින් ඉවත් කිරීම ය. එවැන්නකට යම් කාලයක් ගත වන්නේ නම් සිදුවන ක්‍රියාකාරකම් වලට තමන්ට වගකිව නොහැකි බවට ආණ්ඩුවක් වශයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම ය. එහෙත් එවැනි කිසිම ප්‍රකාශයක් නොකරන ආණ්ඩුව තම අපුල්ලන්නන් ලවා ආණ්ඩුව ගලවා ගැනීමට ප්‍රයත්න දැරීම විහිළුවකි.

පොලීසිය හා නීතිපතිවරයාගේ කටයුතු වලට ආණ්ඩුවට වගකිව නොහැකි නම් හෝ එම ආයතන හිතුමනාපේ කටයුතු කරන්නේ නම් හෝ රට තුළ මතුව ඇත්තේ අරාජික තත්ත්වයකි. මේ ආණ්ඩුව බලයට ආවේම එවැනි අරාජිකත්වයකට ඇගිල්ල දිගු කරමිනි. මෛත්‍රී/රනිල් යහපාලනයේ බෙලහීනකම නිසා රටම අරාජික වන්නේ යැයි කිවූ දේශපාලන ව්‍යාපාරයක් බලයට ආ පසුවත් රටතුළ ඇත්තේ අරාජිකත්වයක් නම් එය පැහැදිලිවම ඔවුන්ගේ අසමත්කමකි. ඒ අසමත්කම ඉක්මවා යන්නට ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට හෝ නොහැකිවීම ඔවුන්ගේ පෞර්ෂය පිළිබද ප්‍රශ්නයකි.

ඔවුන් විසින්ම කොන්ද පණ නැති පෙන්දෙකු යැයි අපහාස කරමින් බලයෙන් පහ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට වඩා ශක්තිමත්ව කටයුතු කළේ ය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී වගකීම් පැහැර හැරියා යැයි චෝදනා එල්ල කිරීමට සමාන්තරව හිටපු පොලිස්පතිවරයාව අනිවාර්ය නිවාඩු යවා පොලිස්පති ධූරයට වැඩ බලන පදනමෙන් නිලධාරියකු පත් කිරීමට ඔහු බිය නොවීය. එහෙත් වර්තමානයේ රාජකාරී කරන්නේ වැඩ බලන පොලිස්පති කෙනෙකු වුවත් ඔහුව ඉවත් කර ගන්නට වත්මන් ආණ්ඩුවට නොහැකිවීම ආණ්ඩුවේ පෞර්ෂ දුර්වලතාවකි.  එම දුර්වලතාව වසා ගැනීම සදහා පොලිස් කොමිසමට චෝදනා කිරීම හෝ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට බැන අඩ ගැසීම හෝ බොළදකමකි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට එරෙහිව යන්නේ යැයි චෝදනා කළ ද   වැඩ බලන පදනමෙන් සිටින පොලිස්පතිවරයා හෝ ඉවත් කරන්නට ආණ්ඩුවට ශක්තියක් නොමැත. එපමණක් නොව පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට එරෙහිව යන්නේ නම් එය බරපතල ප්‍රශ්නයක් බැවින් තමන් පත්ව ඇති අපහසුතාව තමන්ට ජනවරමක් දුන් මහ ජනතාවට ප්‍රසිද්ධියේ පවසන්නට හෝ ආණ්ඩුවට නොහැකිය. සියළු කරුණු වලින් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ කේවට්ටයන් නටන්නට හදන තොවිලය සම්බන්ධ තොරතුරු ය. කේවට්ටයන්ගේ කාර්ය වී ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මත සියළු වැරදි පටවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්නට පොටක් පාදා ගැනීම ය. එහෙත් මෛත්‍රී/රනිල් ආණ්ඩුවට 19 වන සංශෝධනය සම්මත කර ගන්නට අවශ්‍ය 2/3 බලය ලබා දුන්නේ රාජපක්ෂවරුන් බව කේවට්ටයෝ අමතක කරති. 

රටක නීතිය ක්‍රියාත්මක කරවීමේ දී පොලිස් කොමිසම අතිශය වැදගත් ය. එහෙත් පොලිස් කොමිසමට උත්තරීතර භාවයක් හා ස්වාධීනත්වයක් ඇති වෙන්නේ මැතිවරණයකින් තෝරා පත් කර ගන්නා දේශපාලන ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී වූ විට ය. නමුත් මැතිවරණයක දී ප්‍රජාතන්ත්‍රවාදය නොපිළිගන්නා  ගෝත්‍රික දේශපාලන ව්‍යාපාරයක්  බලයට පත්වූ විට සමස්ත සංදර්භයම වෙනස් වේ. මේ වනවිට රට තුළ උදා වී ඇත්තේ එවැනි තත්ත්වයකි. යහපාලනයක් සදහා අවශ්‍යම ස්වාධීන කොමිසම් සභා බලාත්මකව ඇතත් මහජන වරම ලැබී ඇති ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ශේප කරන්නකි. ගෝත්‍රික සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය කර පින්නා ගත්තකි. එවිට සමස්ත රාජ්‍යකරණය තුළින් නිර්මාණය විය යුතු යහපාලනය සිදු නොවේ. ඊට හේතුව ස්වාධීන කොමිසම් සභාවන් නොව මහජනතාව විසින් වැරදි දේශපාලන ව්‍යාපාරයක් තෝරා ගැනීම ය.

රාජපක්ෂවරුන් ජනාධිපතිවරණයේ දී කිව්වේ යහපාලන ආණ්ඩුවට පෞර්ෂයක් නැති බව ය. ජාතික ආරක්ෂාව අනතුරේ බව ය. ජාතික සම්පත් විදේශිකයන්ට විකුණන බව ය. සංහිදියාව නම් කොන්ද පණ නැති කමෙන් උතුරේ කොටි යළි නැගිටින බව ය. ඉන්ධන මිල සූත්‍රය නිසා දේශීය පාරිභෝගිකයා ගසා කන බව ය. එහෙව් රාජපක්ෂවරුන් බලයට ආ පසුව ද ගමන් කරන්නේ යහපාලකයන් ගමන් ගත් මගෙහිම ය. ගුවන් යානාවක් කඩා වැටී තරුණ නිලධාරීන් හතරදෙනෙක් මිය යන අතර සෙබලකුගේ ගෙලට පිහිය තබා ගිහි අවිය පැහැර ගනී.  පුරුදු පරිදි උතුරේ මළවුන් සැමරූ අතර ඉන්ධන මිල සූත්‍රය ද යළි ක්‍රියාත්මක වේ. කොටුවේ ආණ්ඩුවට අයිති අක්කර තුනක් සිංගප්පුරුවට විකුණන අතර විදේශ ආයෝජන වල ගුණ වැයෙමින් පවතී. 

ගිය ආණ්ඩුව විසින් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා විට නිරුවත් බවට පත්වූයේ වරද කළවුන් ය. මේ ආණ්ඩුව විසින් පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා විට නිරුවත් වන්නේ ආණ්ඩුවම ය. ආණ්ඩුවේ දේශපාලන හැසිරීම විහිළුවක් වී මහ ජනතාව විනෝද වීමට පටන් ගෙන ඇත. ඒ විනෝදය දේශපාලන වෙනසක පළමු අඩිතාලම බව විපක්ෂය තේරුම් ගත යුතු ය.  අවාසනාවට හේතුව තවමත් සියළුදෙනා ආණ්ඩු පක්ෂය සමග සමාන්තරව සිටීම ය.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    1

    ඔවුන් නායකයින් බවට පත් කළ ප්‍රේක්ෂකයින් සහ ඡන්දදායකයින් තවත් වාර ගණනක් වංචා කරනු ඇත. අද වන විට ඉහළ අපරාධ චෝදනා ඇති අය වීරයන් බවට පත්ව ඇති අතර පසුපෙළ ක්‍රීඩකයින් පෙරමුණ ගෙන සිටිති.
    අපේ වැරන්කුලර් භාෂාවේ උගත් ප්‍රකාශ තිබේ, එනම්, දිවියන් කිසි විටෙකත් ඔවුන්ගේ ලප වෙනස් නොකරනු ඇත, ඒ හා සමානව, ඉහළ අපරාධකරුවන් ඔවුන්ගේ අපයෝජන ස්වභාවය වෙනස් නොකරනු ඇත. මෙය රාජපක්ෂ පවුලට ඉතා වලංගු වේ.ඔවුන් නායකයින් බවට පත් කළ ප්‍රේක්ෂකයින් සහ ඡන්දදායකයින් තවත් වාර ගණනක් වංචා කරනු ඇත. අද වන විට ඉහළ අපරාධ චෝදනා ඇති අය වීරයන් බවට පත්ව ඇති අතර පසුපෙළ ක්‍රීඩකයින් පෙරමුණ ගෙන සිටිති.
    අපේ වැරන්කුලර් භාෂාවේ උගත් ප්‍රකාශ තිබේ, එනම්, දිවියන් කිසි විටෙකත් ඔවුන්ගේ ලප වෙනස් නොකරනු ඇත, ඒ හා සමානව, ඉහළ අපරාධකරුවන් ඔවුන්ගේ අපයෝජන ස්වභාවය වෙනස් නොකරනු ඇත. මෙය රාජපක්ෂ පවුලට ඉතා වලංගු වේ.ඔවුන් නායකයින් බවට පත් කළ ප්‍රේක්ෂකයින් සහ ඡන්දදායකයින් තවත් වාර ගණනක් වංචා කරනු ඇත. අද වන විට ඉහළ අපරාධ චෝදනා ඇති අය වීරයන් බවට පත්ව ඇති අතර පසුපෙළ ක්‍රීඩකයින් පෙරමුණ ගෙන සිටිති.
    අපේ වැරන්කුලර් භාෂාවේ උගත් ප්‍රකාශ තිබේ, එනම්, දිවියන් කිසි විටෙකත් ඔවුන්ගේ ලප වෙනස් නොකරනු ඇත, ඒ හා සමානව, ඉහළ අපරාධකරුවන් ඔවුන්ගේ අපයෝජන ස්වභාවය වෙනස් නොකරනු ඇත. මෙය රාජපක්ෂ පවුලට ඉතා වලංගු වේ.ඔවුන් නායකයින් බවට පත් කළ ප්‍රේක්ෂකයින් සහ ඡන්දදායකයින් තවත් වාර ගණනක් වංචා කරනු ඇත. අද වන විට ඉහළ අපරාධ චෝදනා ඇති අය වීරයන් බවට පත්ව ඇති අතර පසුපෙළ ක්‍රීඩකයින් පෙරමුණ ගෙන සිටිති.
    අපේ වැරන්කුලර් භාෂාවේ උගත් ප්‍රකාශ තිබේ, එනම්, දිවියන් කිසි විටෙකත් ඔවුන්ගේ ලප වෙනස් නොකරනු ඇත, ඒ හා සමානව, ඉහළ අපරාධකරුවන් ඔවුන්ගේ අපයෝජන ස්වභාවය වෙනස් නොකරනු ඇත. මෙය රාජපක්ෂ පවුලට ඉතා වලංගු වේ.

  • 5
    1

    ශ්‍රී ලංකාව ඉතා දූෂිත රටකි. සියල්ල පැහැදිලිය, නමුත් මිනිසුන් එය බැරෑරුම් ලෙස නොසලකයි. වෙනත් රටවල, දර්ශකයන් එතරම්ම නරකම නම්, ඒ අනුව ප්‍රතික්‍රියා කරයි. නමුත් සමහර හේතු නිසා, මිනිසුන් මෝඩයන් ලෙස හංවඩු ගැසුවද, මිනිසුන් එය බැරෑරුම් ලෙස නොසලකයි. අද සන්දර්භය තුළ මේ රටේ රටේ සංස්කෘතිය එයයි. කොල්ලකරුවන් නායකයින් බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ අපචාර ක්‍රියාවන් මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුව අභ්‍යන්තරය කඩා බිඳ දැමුවද ය. ඔවුන් මිරිස් කුඩු සහ අනෙකුත් සියලුම භෞතික විරෝධතා කථිකයා වෙත විසි කළහ. මෙතරම් දීර් for කාලයක් තිස්සේ අප ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පවත්වා ගෙන ගිය ප්‍රතිරූපයට ඔවුන් අයුතු ලෙස හානි කළේය.
    පුදුම සහගතයි.,. ජනතාවට ශාප කරන්න, ඔවුන් කොල්ලකරුවන්ට සහ ඉහළ අපරාධකරුවන්ට ඡන්දය දී තිබේ. එයින් කියැවෙන්නේ මේ රටේ සමාජය පිළිබඳ සෑම දෙයක්ම පාහේ සහ මිනිසුන් දේවල් බැරෑරුම් ලෙස සලකන ආකාරය, මිනිසුන් කෙතරම් අශිෂ්ට හා පහත් අය බවට පත්වී ඇත්ද යන්නයි.

    • 6
      0

      නොවැම්බර් 16 වෙනිදායින් පසු ලෝක ප්‍රජාව අප රටට “ඉන්දියන් සාගරයේ මුතු ඇටය නොව ඉන්දියන් සාගරයේ හරක් පට්ටිය ලෙස හඳුන්වනු ඇත” යනු මගේ අනාවැකිය සනාථ වී ඇති බවක් ඔබගේ සටහනෙන් පැහැදිළි වේ. –
      දශක අටක් පසුකළ පුරවැසියෙක්-

      • 3
        0

        විනිශ්චයකාරවරියක මරණ දඬුවමට ලක් කර සිටින පුද්ගලයකු හමුවීමට යාම සිය වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමය පවසයි.

        එහි සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ ඒ බව කියා සිටියේ විනිසුරුවරියක මරණ දඬුවමට ලක් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සුව දුක් විමසීමට බන්ධනාගාරයට යාම පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.

        නඩු විභාගයක් සඳහා බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ විනිසුරුවරියක දුමින්ද සිල්වා හමු වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය බීබීසී සංදේශය කළ විමසීමකදී තහවුරු කළේය.

        දුමින්ද සිල්වාට මරණ දඬුවම
        දුමින්ද සිල්වා ගේ බැංකු ගිණුම් ‘පරීක්ෂා කරන්න’
        විනිසුරු දුරකථන ‘ටැප් කිරීම’ ප්‍රබන්ධයක්ද?

        කෙසේ නමුත් සිරකරුවන් බැලීමට නියමිත වේලාවෙන් පසුව විනිසුරුවරිය දුමින්ද සිල්වා හමු වූ බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බවත් තුෂාර උපුල්දෙණිය පැවසීය.

        මාධ්‍යවල පළ වන ආකාරයට විනිසුරුවරිය රාත්‍රී කාලයේ සිරකරු හමු වී නොමැති බව සඳහන් කළ ඔහු, ඇය දුමින්ද සිල්වා හමු වී තිබෙන්නේ සවස දෙකට පමණ බවත් වැඩිදුරටත් පැවසීය.

        ඒ පිළිබඳව අදහස් දක්වන නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ පවසන්නේ “අධිකරණ නිලධාරියෙක් මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයකු මුණගැසීමට යාම විනිශ්චයකාරවරුන්ගේ ආචාර ධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැනි,” බවයි.

        විශේෂයෙන්ම දුමින්ද සිල්වා සිය දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බැවින් විනිසුරුවරිය ඔහු හමුවීමට යාම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔහු පැවසීය.

        නියමිත වේලාවෙන් පරිබාහිරව සිරකරුවන් හමුවීමට කිසියම් ලෙසකින් බන්ධනාගාර බලධාරීන් අවසර දී තිබෙන්නේ නම් එහිදී බන්ධනාගාර නිලධාරීන් මෙන්ම එසේ සිරකරු හමු වූ පුද්ගලයාත් නීතිය උල්ලංඝනය කර තිබෙන බවත් මානව හිමිකම් නීතිවේදියා වැඩිදුරටත් පැවසීය.

  • 5
    1

    සමහර විට මිනිසුන් එය උඩු යටිකුරු කිරීමක් ලෙස දකිනු ඇත. ඔවුන් අද කිසිවක් බැරෑරුම් ලෙස සලකන්නේ නැත. දිවා කාලයේ දී ඔවුන්ගේ මව්වරුන්ට රිදවීමට ඉඩ තිබුණත්, ඔවුන් එය එතරම් ගණන් ගන්නේ නැත. ඔවුන්ගේ ආදරණීයයන් පැහැරගෙන ගොස් වෙඩි තබා have ාතනය කරනු ලැබුවද, ඔවුන් එය බැරෑරුම් ලෙස නොසලකයි. හොඳම උදාහරණ වන්නේ රුගරයිට් තඩ්ජුඩීන් ක්‍රීඩකයා සහ ඔහුගේ murder ාතනයයි. දූපත් ජාතියේ කී දෙනෙක් එය බැරෑරුම් ලෙස සලකන අතර කුරිරු ක්‍රියාව විවේචනය කළහ? බොහෝ දෙනෙක් නොවේ … එය සත්‍යයයි. ඔවුන්ගේ චේතනාන්විත ක්‍රියාවන් සඳහා මළවුන්ගේ ශරීර කොටස් සොරකම් කර වෙනම විද්‍යාගාරවල ශීත කළද, බලවත් නැගිටීමක් සාමූහිකව මේ රටේ ජනතාවගෙන් මතු නොවීය. අනුකම්පා විරහිතව, ඔවුන් දේශපාලන politicians යන් තමන්ගේම පුරවැසියන් killed ාතනය කර වෙනත් කිසිදු නායකයෙකු නොකරන පරිදි ඔවුන්ට හානි කළහ. මිනිසුන් කිසිවක් බැරෑරුම් ලෙස නොසලකන අතර ඔවුන්ගේ පක්ෂග්‍රාහී මාධ්‍ය මාෆියා මිනිසුන් විසින් විකාශනය කරන ලද සහ විකාශනය කරන ලද ව්‍යාජ හා පක්ෂග්‍රාහී ප්‍රවෘත්ති වලට සවන් දුන්හ. නපුරු දේශපාලන අභිමතාර්ථය සමඟ කටයුතු කරන ඊනියා දේශපාලන politicians යන් සහ බෞද්ධ පූජ්‍ය පක්ෂය යටතේ මෙය අද සිදුවී ඇත.
    අද දින විපක්ෂයේ සිටින උගත් අය, කිසියම් සංවර්ධිත සමාජයක් එකවරම වෙනත් ආකාරයකින් තෝරා ගත්තද මිනිසුන් අපරාධකරුවන්ට සහයෝගය දක්වන්නේ මන්දැයි ප්‍රශ්න කරයි. මන්ද අපරාධකරුවන්ට වඩා ගෞරවනීය හා ගෞරවනීය පුද්ගලයන්ට ගරු කිරීමට මිනිසුන් පෙළඹෙන බැවිනි.
    අද අපේ දූපතේ සොබාදහම උඩු යටිකුරු කර ඇත්තේ ඇයි?

  • 5
    0

    රටක මාධ්‍ය උදව් කළ යුත්තේ දේශපාලන .යන් නොව රටක ජනතාවට ය. අපේ කුණු වූ රට තුළ මාධ්‍ය දේශපාලන politicians යන් හා ඔවුන්ගේ න්‍යාය පත්‍රයන් සමඟ බැඳී සිටී. ඔවුන් අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ ගාස්තු කෙරෙහි පමණි. ඒ අනුව ඒවා පාලනය කිරීම සඳහා ආචාර ධර්ම හා ආචාර ධර්ම සම්බන්ධ නීති නොමැත. මෙය බලවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයෙන් පැමිණිය යුතුය. ඒවා මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික් හෝ වෙනත් ඒවා වේවා, ප්‍රබල දිශාව ඔස්සේ පණිවිඩය සම්ප්‍රේෂණය කිරීම සඳහා ඔවුන් තවත් හොඳ වැඩ කළ යුතුය. සංවර්ධිත ලෝකය ඔවුන්ගේ මහජනතාව දැනුවත් කර ඔවුන් ඉහළ සාක්ෂරතාව ඇති කළේ එලෙසිනි. අපේ ජනතාව තුළ දේශපාලන සාක්ෂරතාවය සෑම මට්ටමකින්ම ඔබ්බට ය. සම්මුඛ සාකච්ඡාවක් කළහොත් රටේ දේශපාලනයේ යථාර්ථය බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැත. එසේ වුවද ඔවුන් අනෙකා අනුගමනය කරන්නේ ඔවුන් එසේ කිරීමට බැඳී සිටින බවක් හැඟෙන ආකාරයට ය. මේ රටේ වර්තමාන තත්ත්වය සහ අනාගතය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුය. මිනිසුන්ගේ නැගීම නිසා ඔවුන්ගේ සංඛ්‍යාත අනිසි ලෙස භාවිතා කිරීමට මාධ්‍යයට අයිතියක් නැත. අද එය HIRU රූපවාහිනී නාලිකාව හෝ වෙනත් වේවා, ඔවුන් එය සියලු අනපේක්ෂිත මට්ටම්වලට අපයෝජනය කරයි.

  • 5
    0

    මාධ්‍ය ආයතන සඳහා නිසි මාර්ගෝපදේශ ඇති රටකට තම ජාතිය සංස්කරණය කළ හැකිය. මෙය අසීරු කාර්යයක් නොවන නමුත් මාධ්‍ය මාධ්‍යවේදීන් මූලිකත්වය ගත යුතුය. ඔවුන් බොහෝ විට තත්වය අනිසි ලෙස භාවිතා කිරීමට උත්සාහ කරන දේශපාලන politicians යන් ඉදිරියේ දණ ගසා නොගත යුතුය. සමාජයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ මාධ්‍යය, මාධ්‍යය බොරු පතුරුවන්නේ නම්, මිනිසුන් නොමඟ යවා අනපේක්ෂිත ව්‍යසනයන්හි කෙළවර වේ. අද වන විට තත්වය අපරාධ අපරාධකරුවන් යැයි කියනු ලබන මාධ්‍ය මාෆියාවේ ප්‍රති result ලයකි. එම දේශපාලන politicians යන් අධිකරණ පරීක්ෂණවලින් බේරීමට මාර්ගයක් සෙවූහ. සෑම ආකාරයකින්ම දුප්පත් වන අපේ රටේ ජනතාව, මහජනතාවට පක්ෂව කටයුතු නොකරයි.
    . සමහර හේතූන් මත, මාධ්‍ය ආයතන ජාතියට ලබා දෙන පුළුල් විකාශන, විකාශන හෝ ලිපි කුමක් වුවත් ඒවා කිසිදු ප්‍රමිතියකට යටත් නොවේ. මෙය මෙතරම් දීර් for කාලයක් තිස්සේ ජාතිය නොමඟ යවා ඇත. ව්‍යාජ ප්‍රවෘත්ති වලින් මිනිසුන්ට තෘප්තියක් දැනෙන්නට තිබුනේ නම්, රටේ අභිවෘද්ධිය සඳහා ජනතාවගේ අවබෝධය වැඩිදියුණු නොවනු ඇත.

  • 6
    0

    To whom it may concern

    මම උපතින්ම පුරවැසියෙක් නමුත් දැනට යුරෝපයේ ජීවත් වෙමි. මගේ අධ්‍යාපනයෙන් පසු මම මගේ වෘත්තීය ජීවිතය සඳහා නැවත යුරෝපයේ රැඳී සිටියෙමි. මගේ රාජකාරි සඳහා මම සතිපතා යුරෝපය පුරා සංචාරය කරමි. එබැවින් මට වඩා හොඳ පද්ධති පිළිබඳ සමබර දැනුමක් සහ දැක්මක් තිබේ. මගේ සිතුවිලි සහ අත්දැකීම් අපේ රටේ මිනිසුන් සමඟ මේ ආකාරයෙන් බෙදා ගැනීමට මම කැමතියි. සංවර්ධිත රටක් බවට පත්වීමට නම් ශ්‍රී ලංකාවන් අපගේ පද්ධති වෙනස් කළ යුතු යැයි මට හැඟෙන්නේ එබැවිනි. පළමුව අපගේ චින්තනය පරමාදර්ශී මාරුවකට භාජනය විය යුතුය. සමාජ විද්‍යා ologist යින් සහ මනෝ විද්‍යා ologists යින් සහ විශ්ව විද්‍යාල විශේෂ experts යින් මෙම ප්‍රයත්නය සඳහා සාමූහිකව මූලික කාලය සඳහා කටයුතු කළ යුතුය. බලධාරීන් පියවර ගනු ඇතැයි මා අපේක්ෂා කරන අංක එකේ කාරණය වන්නේ, ඔවුන්ගේ ආත්මාර්ථකාමී වාසි වෙනුවෙන් ජනතාවගේ විකාශන සංඛ්‍යාතයන් නිරන්තරයෙන් අනිසි ලෙස භාවිතා කරන, පවතින ව්‍යාජ මාධ්‍ය ආයතනවලට අනුකූල වීමයි. අද නොවේ නම් මහජනතාව වන අපි ඔවුන්ට එරෙහිව නැගී සිටිය යුතුය. ඔවුන් උදේ සිට සවස් වන තුරුම ප්‍රවෘත්ති ග්‍රහණය කරගනිමින් ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කරයි. අපේ දුප්පත් ජනතාව නිරන්තරයෙන් නොමඟ යවන මාධ්‍ය ආයතන සෑම විටම රට තුළ පවතින නීතිය හා සාමය පද්ධතියෙන් ගැලවී යන්නේ මන්දැයි මම කල්පනා කරමි. ඔවුන්ට විරුද්ධව නීතිය කොහිද? අපගේ ජාතිය ආරක්ෂා කිරීම සඳහා අපට කිසිසේත් නීතිය හා සාමය තිබේද? අප ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ ආරක්ෂාව ගැන ඉහළින් කතා කරන අතර අපයෝජන මාධ්‍ය ආයතනවලට ඔවුන්ගේ සුපුරුදු කාර්යය කිරීමට තවදුරටත් ඉඩ සලසයි. එසේ නොවේ නම්, මේ රටේ ගින්න ඇවිස්සෙන මෙම අපරාධකරුවන්ට එරෙහිව නැගී සිටිය යුතු මහජන නියෝජිතයින්. ඔවුන් හිතාමතාම ප්‍රජාවන් අතර නව බෙදීම් හා ගැටුම් ඇති කරයි. විවිධ කණ්ඩායම් සහ සිතුවිලි දරන්නන් සමාජයක කොටසක් වීම සාමාන්‍ය දෙයකි. දශක 3 ක් තිස්සේ සිවිල් යුද්ධයක් කළ මේ රටේ කොල්ලකරුවන් සහ අන්තවාදීන් ප්‍රවර්ධනය නොකළ යුතුය. ජාතිවාදයට, අන්තවාදයට, භීතිකාවට හා අනෙකුත් සියලුම මානව විරෝධී ක්‍රියාවන්ට එරෙහිව නැගී සිටිය යුතු නව නීති තිබිය යුතුය. ඒවා ආගමික නායකයන් හෝ ගිහි ජනතාව විසින් ප්‍රශංසා කරනු ලැබේ. වඩා හොඳ නිරීක්ෂණ යාන්ත්‍රණයන්ට යුරෝපයේ ද ඒවා පාලනය කළ හැකි බැවින් දේශපාලන කැමැත්ත මගේ මව් රටෙහි ප්‍රමාණවත් තරම් තිබේ නම් බාධාවක් ඇති නොවේ.

  • 5
    0

    ඔවුන්ගේ මාධ්‍ය සංදර්ශන මගින් අප ජනතාව ඉදිරියට ගෙන එන්නේ නැත. ඔවුන්ගේ පළිගැනීමේ පහත් මට්ටමේ ක්‍රියාවන් අප ඉදිරියට ගෙන එන්නේ නැත. ජනතාවගේ බලාපොරොත්තු ක්‍රමයෙන් පහව යනු ඇත. අධි තක්සේරු කිරීම් තවදුරටත් පවතින්නේ නැත. ස්වයං ප්‍රකාශනයන් මගින් නොමඟ යවන සුළු ජනතාව නොමඟ යවනු ඇත. මෙම සියලු කුරිරු ක්‍රියා 2015 ට පෙර දිනවලට අපව නැවත ගෙන එනු ඇත. එම කාලය තුළ ඔවුන් සියලු ඉහළ අපරාධ සිදු කළහ. එම අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට විවිධ චෝදනා ඇති අතර ඔවුන්ගෙන් බේරීමට ඔවුන් සෑම උත්සාහයක්ම දරයි. ඡන්දදායකයින් ඉදිරියේ දුන් පොරොන්දු සම්බන්ධයෙන් ඔවුන් පසුගාමී වීම දිනෙන් දින ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙමින් තිබේ. වරෙක කොල්ලකරුවන් සහ ඉහළ අපරාධකරුවන් ඔවුන්ගේ සුපුරුදු ඔපෙරන්ඩි ක්‍රමයට වැටී ඇති බව ඡන්දදායකයින් සිතට ගත යුතුය. දිවියන් කිසි විටෙකත් ඔවුන්ගේ ලප වැටෙන්නේ නැත, අත්තම්මා නිතරම අපට ඒත්තු ගැන්වීමට භාවිතා කරන ලදී. ඒ හා සමානව, එක් වරක් ඉහළ අපරාධකරුවන්, ඔවුන්ගේ ස්වභාවය පහසුවෙන් වෙනස් නොකරනු ඇත. ඔවුන් වෙනත් ආකාරයකින් හැසිරෙනු ඇත්ද යන්න ලෝක පුදුමයක් වනු ඇත.

  • 5
    0

    ඡන්දදායකයින් යනු දේශපාලන ic යින්ගේ මැණික් ය. ඡන්දදායකයින් නොමැතිව දේශපාලන politicians යන් සිටිය නොහැක. සංවර්ධනය වෙමින් පවතින රටවල ඡන්ද දායකයින් සහ ඔවුන්ගේ ඡන්ද බලය විකිණීමට ඇත. අපේ ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණයට පමණක් සීමා වේ. මැතිවරණ දිනවලදී දේශපාලන politicians යන් පමණක් අසරණයන්ගේ දුක්ගැනවිලි ඉලක්ක කරයි. ඔවුන් දොරකඩට ගොස් ඡන්දය ඉල්ලන නමුත් ඔවුන් තේරී පත්වූ පසු ඔවුන් නොසලකා හරිනුයේ අද අපේ රටේ රාජපක්ෂ පොකුරක් මෙන් ය. අපේ මිනිස්සු ඔවුන්ගේ වැරදි නැවත කියනවා. ඔවුන්ගේ සම්පූර්ණ නොදැනුවත්කම සහ දැනුවත්භාවය නොමැතිකම හෝ කොල්ලකාරී දේශපාලන උපක්‍රම වලට හසු වීම යන සියල්ලම එකට ක්‍රියාත්මක වේ. මෙය දේශපාලන politicians යන්ට ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව ඇති අතර මහජනයා ඔවුන්ගේ ගොදුරු බවට පත්වේ. ඔවුන්ගේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් වක්‍රය මත ගමන් කරන බවක් මහජනතාවට හැඟේ. විසඳුමක් ද නැත. දේශීය මාධ්‍ය මාෆියෝස් හිඟන්නෙකුගේ තුවාලයකට ප්‍රතිකාර කරයි.
    ජනමාධ්‍ය අපැහැදිලි බොරු හෝ ව්‍යාජ ප්‍රවෘත්ති ව්‍යාප්ත කරයි. දේශපාලන .යන්ගේ නොමඟ යවන තාක්‍ෂණික ක්‍රමෝපායන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම භාර ගැනීමෙන් ඔවුන් බේරීමට සෑම උත්සාහයක්ම දරයි. දේශපාලන icians යන් මෙය දිගටම කරගෙන යන්නේ අස්වැන්න නෙළා ගත හැකි යැයි ඔවුන් විශ්වාස කරන නිසා මිනිසුන් මෝඩ හා අක්‍රියව සිටින බැවිනි.
    විශ්ව විද්‍යාලයේ දොන් ඉදිරියට පැමිණිය යුත්තේ ස්වභාවධර්මයේ මෙම තීරණාත්මක සන්ධිස්ථානය වන බැවින් රටේ පහසු ඉලක්ක නිසි ලෙස මෙහෙයවීමට ඔවුන් කටයුතු කරන බැවිනි. ඔවුන් සමාජයේ කරුණු සහ සත්‍යයන් සහ මේ රටේ අනාගතය පිළිබඳව ජනතාවට උදව් කළ යුතුය.

  • 5
    0

    අපි අද්විතීය ජාතියක්. අපේ ජනතාවගේ ක්‍රියාවන් ගැන අපි බොහෝ සෙයින් ලැජ්ජා විය යුතුයි. එවැනි අපරාධ වාර්තා නොමැති අපරාධකරුවන්ට වඩා ඔවුන් අපරාධකරුවන්ට සහාය දක්වයි. මෙය සැඟවුණු හේතු කිහිපයක් නිසා ජනතාවට ආසාදනය වී ඇත. විශාල වශයෙන් මිනිසුන් බුද්ධිමත් නම්, එය කවදා හෝ සිදුවේද? සමාජය විවිධ කණ්ඩායම් වලින් සමන්විත වේ. අපරාධකරුවන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ගමනක් සඳහා ප්‍රමුඛ පෙළේ නම්, දෙවිවරුන්ට පවා පෙරමුණ ගැනීමට නොහැකි වනු ඇත. ජනතාව විශ්වාස කළ යුතු නිසි හා අපක්ෂපාතී පද්ධති තිබිය යුතුය. ආත්මාර්ථකාමී කණ්ඩායම් විසින් මෙහෙයවනු ලබන වෙනත් මිථ්‍යාවන්ට වඩා මිනිසුන් ඔවුන් පසුපස යා යුතුය. එම කාර්යයේදී ගිහි ජනතාවට ආගමික නායකයින් සහාය දිය යුතුය. ආගමික නායකයන් අතර දැනුමක් නොමැතිකම, එය වඩාත් නරක අතට හැරවිය හැකි නමුත් ඔවුන් සමාජයට වඩා ඉහළින් තබා ඇත. මන්දයත්, මිනිසුන් විසින් ආගමට ලබා දී ඇති ස්ථානය අවුරුදු ගණනාවක් තිස්සේ පැවතුනද, එම ගෞරවනීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ සමීප වීමට පවා ඉඩ නොදේ. ඉහළ පිළිගැනීමක් ඇති භික්ෂූන් පිළිබඳව පර්යේෂණ කිරීමට කාලයයි.
    ඔවුන්ගේ දැනුම අවම වශයෙන් අද දින පරීක්ෂාවට භාජනය කළ යුතුය.

    ඒවා වැඩිදියුණු කිරීමට ප්‍රමාණවත් දැනුමක් ඔවුන්ට නොලැබේ. යමෙකු තමන්ව දැනුවත් කරන්නේ කෙසේද යන්න දේශීය මාධ්‍යයේ විවෘතභාවය හා නිවැරදිභාවය සමඟ සම්බන්ධ වේ. එය යුරෝපය, උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව හෝ ආසියාව වේවා, මෙය අප සැමට පොදු ය. දිගු කාලීන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සමහර වැටුප් ස්වාමිවරුන්ට පක්ෂග්‍රාහීව ක්‍රියා කරනු ඇත, රටක හෝ සමාජයක ඕනෑම දෙයක් පිළිබඳ සත්‍ය තොරතුරු වලින් මිනිසුන් ස්වයංක්‍රීයව දුරස් වනු ඇත. විශේෂ experts යන් සහ වගකිවයුතු බලධාරීන් මහජනයා නැවත ධාවන පථයට ගෙන ඒම සඳහා එම කාර්යය නිසි ලෙස කළ යුතුය. මිථ්‍යාවන් සහ දිගු කාලීනව හිතාමතාම කරන ලද අදහස් මිනිසුන්ගේ හැඟීම් බවට පත්වේ. මිනිස්සු පහසුවෙන් අහුවෙනවා.

  • 5
    0

    වසර 30 ක කාලයක් තුළ සමාජය සියලු පිරිහෙන මට්ටම්වලින් අවසන් වූ රටක මානව සංවර්ධනය අන් සියල්ලටම වඩා ඉහළින් තැබිය යුතුය. සංවර්ධිත යුරෝපීයයන් ඒ වන විටත් ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා ඇති හෙයින් මානව සංවර්ධනය සඳහා වැඩි මුදලක් ආයෝජනය කිරීමට අවශ්‍ය නොවීය. නමුත් මෙය අප වැනි රටවලට අදාළ නොවේ. අපේ සමාජවල, ආගමික විශ්වාසයන් මත පදනම්ව මිනිසුන් අන් අයට වෛර කරයි. යුධ සමයේදී, මෙය ඊටත් වඩා වැඩි වූ අතර, සැලසුම් වැඩි විය. එම කාලය තුළ මිනිසුන් ජීවත් වූයේ බියෙන්. සොල්දාදුවන් සහ සිවිල් වැසියන් නොකඩවා මරුමුවට පත් විය. ත‍්‍රස්තවාදීන් සිවිල් ප‍්‍රදේශවලට ඇතුළු වී සිවිල් වැසියන්ගේ ජීවනෝපාය විනාශ කළහ. අද රටේ අලි-මිනිස් ගැටුම් ප්‍රදේශවල තත්වය මෙන් මිනිසුන්ගේ තත්වය අඩු හෝ වැඩි ය. වින්දිතයින්ගෙන් බහුතරය ත්‍රස්තවාදීන් නොව එසේ පෙනේ. වින්දිතයින්ගෙන් බහුතරයකට ඔවුන්ගේ වර්තමාන ජීවිතයේ අරගලය සඳහා කිසිදු මුහුණුපොතකට එකඟ වීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි. මට යුරෝපයේ දෙමළ සංක්‍රමණිකයන් මුණ ගැසුණි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ආර්ථික සරණාගතයින් ය. මම දැන් විශ්වාස කරන්නේ, ඔවුන්ගේ ගමන් බිමන් සඳහා ප්‍රමාණවත් අරමුදල් නොතිබුණද, ඔවුන් යුරෝපයට පැමිණෙන්නේ කෙසේද යන්නයි. අවාසනාවට යුද්ධයේ සැබෑ සරණාගතයින්ට කිසිදු ගැලවීමක් සඳහා යුද ප්‍රදේශවලින් පිටවීමට අවස්ථාවක් නොතිබුණි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.