20 April, 2024

Blog

ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කරමු 

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ – අග්‍රාමාත්‍ය

1970 දී මේ රටේ බලයට ආවේ සමාජවාදී ආණ්ඩුවක් වුණාට කවුරුවත් කිව්වේ නැහැ ඒක රුසියාව,  චීනය, මැදිහත්වෙලා හදපු ආණ්ඩුවක් කියලා. ඒ වගේම 1977 දී බලය ගත්තෙ ධනවාදී ආණ්ඩුවක් වුණාට අපි කිවුවෙ නෑ ඒක ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය මැදිහත්වෙලා හදපු ආණ්ඩුවක් කියලා. නමුත් 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ කවදාවත් අපි අත්දැකපු නැති තරමට විදේශීය අතපෙවීම් තිබුණා. මේ රටේ දේශපාලනයට බරපතල විදියට විදේශීය රටවල් අතපොවන්න පටන් ගත්තේ 2009 අපි යුද්ධය දිනුවයින්  පස්සේ. අපේ රටට එරෙහි විදේශීය බලවේග කවදාවත් හිතුවේ නෑ ඒ යුද්ධය අපි දිනයි කියලා. 

මුලින්ම මේ මැදිහත්වීම වුණේ 2010 ජනාධිපතිවරණයේදී. නමුත් මේ රටේ ජනතාව ඒ උත්සාහය තීරණාත්මක විදියට පරාජය කළා. නමුත්  2015 දක්වා දිගටම ඒ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. 2015 දී එක්සත් ජාතික පක්ෂයේ නායකයා තරඟයෙන් ඉවත් වෙලා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුයි කියලා තීරණය කළේත් කවුද කියලා ඔබ දන්නවා.  

2015 දී යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සේ හතුරු හමුදාවක් විසින් ලංකාව ආක්‍රමණය කරලා බලය අල්ලගත්ත වගේ තත්ත්වයක් තමයි ඇතිවුණේ. රට බෙදීමට විරුද්ධ මුළු ජාතිකවාදී කඳවුරටම ඒගොල්ලෝ පහර දුන්නා. මේ රටත් ජාතියත් සුරකින මහා සංඝරත්නය යටත් කර ගන්න ප්‍රධාන භික්ෂූන් වහන්සේලා බොරු චෝදනා මත හිරේ දැම්මා. වැඩියෙන්ම පැන්නුවේ පන්සල්වල ඉන්න අලි ඇතුන් පස්සෙ. ඒ බෞද්ධයන්ගේ පෙරහැර සංස්කෘතිය ඉවර කරන්න. 

ත්‍රස්තවාදය පරාජය කරලා රට රැකපු සන්නද්ධ හමුදා අකර්මණ්‍ය කරන්න පහලම සොල්දාදුවාගේ ඉඳලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා දක්වා තෝරාගත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා මත සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් බන්ධනාගාර ගත කරලා බොරු නඩුත් පැවරුවා. එහෙම කලේ, මේ රණවිරුවෝ නොවෙයි, හොරු සහ මිනීමරුවො කියන අදහස ලංකාවේ මිනිසුන්ගේ ඔළුවලට දමලා ලෝකය පුරාත් ප්‍රචාරය කරන්න.

ජාතිකවාදී කඳවුරේ දේශපාලනඥයන්ටත් දෙන්න පුළුවන් සියලුම දඬුවම් දුන්නා. විමර්ශන කොමිසම් පත් කළා, පොලීසියට ගෙන්නුවා, මාස ගණන් රිමාන්ඩ් කළා,  බොරු නඩු පැවරුවා. මේ සේරම කළේ මේ රටේ ජාතිකවාදී කඳවුර සහමුලින්ම විනාශ කරල අලුත්  ව්‍යවස්ථාවක් සම්මත කරලා රට බෙදලා ඉවරයක් කරන්න. යුද්ධයෙන් කරන්න බැරි වුණ දේ, මේ විදියේ දේශපාලන මෙහෙයුම් වලින් කරන්න හැදුවා.  

2019 නොවැම්බර් මාසේ, අපි ජනාධිපතිවරණයෙන් දිනපු නිසා ඒ සැලසුම අවසානය දක්වා ක්‍රියාත්මක කරන්න බැරි වුණා.  නමුත් ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්‍රණකාරයෝ තවම වැඩේ අතෑරලා නැහැ. අලුත් ජනාධිපතිවරයා පත් වෙලා දවස් කිහිපයක් ඇතුළත බටහිර තානාපති කාර්යාලයක සේවිකාවක් පැහැරගෙන ගිහින් ප්‍රශ්න කළාය කියලා රඟ දක්වපු බොරු නාඩගම අපි කවුරුත් දැක්කා. අලුත් ආණ්ඩුවට හුස්මක් ගන්නවත් ඉඩ දෙන්න මේ කුමන්ත්‍රණකාරයෝ සූදානම් නැති බව ඒකෙන් පෙනුනා. 

2015 මේ රටේ බලය අල්ල ගත්ත යහපාලන  කුමන්ත්‍රණකාරයෝ ඒගොල්ලන්ගෙ විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දු පත්‍රය තමයි 2015 ඔක්තෝම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කරගත්ත 30/1 යෝජනාව. ඒකෙන් ඉස්සෙල්ලාම කළේ, ලංකාවේ හමුදාව යුද අපරාධ කරයි කියලා පිළිගන්න එක. ඊට පස්සේ ඒ යුද අපරාධ චෝදනා විභාග කරන්න  විදේශීය විනිශ්චයකාරවරුන් හා පරිචෝදකයන් සහිත විශේෂ අධිකරණයක් පිහිටුවන්න එකඟ වුණා. උසාවියේ නඩුවක් ගොනු කරන්න තරම් සාක්‍ෂි නැති වුනත්, මානව හිමිකම් උල්ලංඝනය කළාය කියල සැකයක් හරි තියෙන  සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලන ක්‍රියාදාමයකින්  සේවයෙන් ඉවත් කරන්නත් ඒගොල්ලෝ බාරගත්තා.  මේකෙ අරමුණ වුණේ, ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ජීවගුණය බිඳලා අකර්මණ්‍ය කරලා දාන්න. 

30/1 යෝජනාවේ ප්‍රධානම පොරොන්දු කියපු ආකාරයටම ක්‍රියාත්මක කරන්න බැරි වුණත්, ඒවා වෙනත් ආකාරයට ක්‍රියාත්මක කරන්න යහපාලන ආණ්ඩුව අලුත් නීති සම්මත කරලා තියෙනවා. 2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විවාදයකටවත් ඉඩ නොදී යහපාලකයෝ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මත කරගත්ත. ‘කාර්යාලයක්’ කිවුවට ඒක ඇත්තටම සිතාසි නිකුත් කරන්න, සාක්ෂි කරුවන් කැඳවන්න, විභාග පවත්වන්න බලය තියෙන විනිශ්චය සභාවක්. ඒකෙ නිලධාරීන්ට ඕනෑම හමුදා කඳවුරක්, පොලිස් ස්ථානයක්, බන්ධනාගාරයක් වරෙන්තු නැතුව සෝදිසි කරලා ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගන්න පුලුවන්. රාජ්‍ය රහස් පනතේ විධිවිධාන වලට පටහැනිව වුවත්,  බුද්ධි අංශ, සන්නද්ධ හමුදා  ඇතුළු සියලුම රජයේ ආයතන මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය දක්වන්න නීතියෙන් බැඳිලා ඉන්නවා. 

2018 මාර්තු මාසයේ මහා සංඝරත්නයේ  දැඩි විරෝධයත් නොතකා අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කරන්න 2018 අංක 05 දරණ පනත යහපාලකයෝ සම්මත කරගත්ත. මේකෙන් ඇත්තටම කෙරෙන්නෙ අතුරුදහන් වූවන් හොයන එක නොවෙයි, ලංකාවේ හමුදා සාමාජිකයන් දඩයම් කරන එක. මේ නීතිය යටතේ ලංකාව තුළ අතුරුදහන් කරවීමක් සිදු කළාය කියා සැක කරන පුද්ගලයෙකු විදේශීය රටකට උදර්පණය කරගෙන ඔහුට විරුද්ධව එම රටේදී නඩු පවරන්න නැතිනම්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බාරදීම කරන්න පුලුවන්.  

2018 අගෝස්තු මාසයේදී, අපරාධ කටයුතුවලදී අන්‍යෝන්‍ය උපකාර සැලසීම් පනතට යහපාලන ආණ්ඩුව ගෙනාපු අංක 24 දරණ සංශෝධන පනතෙන් කෙරෙන්නෙ, විදේශීය රටකට නැතිනම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ලංකාව තුළ ඒගොල්ලන්ට අවශ්‍ය සැකකරුවන් නැතිනම් සාක්‍ෂිකරුවන් සොයා ගන්න, ඒ නඩුවලට අවශ්‍ය සාක්‍ෂි ලංකාවෙන් ගෙන්වාගන්න යාන්ත්‍රණයක් හදන එකයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ කළ බවට සැක කරන සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විරුද්ධව තම තමන්ගේ රටවල “යුනිවර්සල් ජූරිස්ඩික්ශන්” සංකල්පය යටතේ  නඩු පවරන්න කියලා බටහිර රටවල් වලින් දැනටමත් ඉල්ලීමක් කරලයි තියෙන්නෙ. 

2019, ජනාධිපතිවරණයෙන් යහපාලකයෝ දිනුව නම් මේ ඔක්කොම ක්‍රියාත්මක කරලා ලංකාව ඉවරම කරලා දානවා. මේ දෙස් විදෙස් කුමන්ත්‍රණය තීරණාත්මක විදිහට පරාජය කරන්න අපිට ඉතාමත්ම ප්‍රබල ජනවරමක් ඕන වෙනවා. ඔබට මතක ඇති 2018 අවසානයේදී යහපාලන ආණ්ඩුව දෙකට බෙදිලා බිඳවැටෙමින් තිබුණ අවස්ථාවෙදිත් තමන් ඇති කරපු ඒ ආණ්ඩුව රැකගන්න බටහිර තානාපති කාර්යාල වල නිලධාරීන් පාර්ලිමේන්තුවේ අමුත්තන්ගෙ ගැලරියේ ඉඳගෙන යහපාලන කතානායකවරයා ගත්තු ක්‍රියාමාර්ගවලට අත්පුඩි ගසමින්, ඔල්වරසන් දෙමින් සහයෝගය දක්වපු ආකාරය. ජනාධිපතිවරණයෙන් පැරදුනාට කුමන්ත්‍රණකාරයෝ වැඩේ අත්හැරලා නැති බව අපි හොඳින් තේරුම් ගන්න ඕනේ.

මම මහජනතාවගෙන් කරන ඉල්ලීම තමයි දේශපාලන කාරණාවලදී  හැම වෙලාවෙම ලොකු චිත්‍රය  සිහියේ තබා ගන්න කියලයි. අපි රටක් හැටියට මුහුණ දීලා තියෙන තර්ජනයේ හැටියට දේශපාලනික වශයෙන් වැදගත් කාරණා මොනවද, නොවැදගත් කාරණා මොනවද කියලා තේරුම් බේරුම් කරගන්න බැරි වුණොත්, අපි විනාශ වෙනවා.  ආරුමුගම් තොන්ඩමන් මහතාගේ  මළගෙදර සමාජ දුරස්ථභාවය හරියටම රැකුණාද, 2011 දී  කවුරුහරි ක්‍රිකට් තරඟයක් පාවලා දුන්නද වගේ දේවල් ගැන විවිධ අයට නොයෙක් කාරණා කියන්න පුලුවන්. නමුත් ඕවා දේශපාලන වශයෙන් වැදගත් කාරණා නොවෙයි. 

2019 නොවැම්බර් මාසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ අපට මුහුණ දෙන්න වුණ ලොකුම ප්‍රශ්නය තමයි කොවිඩ් – 19 වසංගතය. අන්න ඒ ලොකු ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දුන්නද කියන එකයි මෙතන වැදගත් වෙන්නේ. මම පැහැදිලිවම කියනවා කොවිඩ්-19 පාලනය අතින් ලෝකයේ  ඉදිරියෙන්ම ඉන්න රටක් අපි.  නවසීලන්තය පවා ඉන්නෙ අපිට වඩා පිටිපස්සෙන්. වියට්නාමය, හොංකොං හා තායිවානය වගේ රටවල් කොවිඩ්-19 වගේ රෝග පාලනය කරන හැටි ඉගෙන ගත්තෙ 2003 සාර්ස් වසංගතයෙන් බැටකාලා. 

අපිට ඒ වගේ රෝග ගැන ලොකු අත්දැකීමක් නැතුව තමයි කොවිඩ්-19 මේ මට්ටමට පාලනය කරලා තියෙන්නෙ. පිටරටින් එන ආසාධිතයෙක් සමාජයට ගියොත් විතරයි ආයෙමත් කොවිඩ් – 19 ව්‍යාප්තියක් මෙහේ ඇති වෙන්නෙ. යහපාලන කල්ලිය බලයේ හිටියනම් ඒගොල්ලන්ට පුලුවන්ද කොවිඩ්-19 මේ විදියට පාලනය කරන්න? අපි වැදගත් දේවල් මොනවද, නොවැදගත් දේවල් මොනවද කියලා හොදින් තේරුම් අරගෙන, හැම වෙලාවෙම ලොකු චිත්‍රය ගැන හිතුවොත් අපේ ජනතාව දිනුම්. 

කරුණා අම්මාන් කොටි සංවිධානයේ ඉන්නකොට හමුදා කඳවුරුවලට ගහලා සෙබළුන් දහස් ගණනක් මරපු බව කිවුවයි කියලා යහපාලන විපක්‍ෂය උඩ පනින හැටි අපි පහුගියදා දැක්කා. ලොකු චිත්‍රය යටපත් කරලා, වෙන වෙන කාරණා ඉස්සරහට දාන්න කොයි තරම් ලේසිද කියලා ඒකෙන් පේනවා. 2005 නොවැම්බර් මාසයේ මම ජනාධිපති වුණාට පස්සෙ, අපි කොටි සංවි‍ධානය සහමුලින්ම විනාශ කරලා දැම්මා. කරුණා ඒ කාලේ ත්‍රස්තවාදයත්, බෙදුම්වාදයත් දෙකම අත්හැරලා කොටි සංවිධානයෙන් ඉවත් වෙලා යුද හමුදා බුද්ධි අංශයට යටත් වෙච්ච නිසා ඔහු කොටි සංවිධානයත් එක්ක විනාශ වුණේ නෑ. ප්‍රභාකරන්ගේ මෘත දේහය හඳුනාගන්න අපි යැවුවෙත් කරුණාව.  

කරුණා මෙන්න මෙහෙම කිවුවා, ඒ නිසා ඔබේ වටිනා ඡන්දය යහපාලන පාර්ශවයට දෙන්න කියලා ඉල්ලන කට්ටියගේ කෙරුවාව ගැනත් හොයලා බලන්න වටිනවා. මේ අය 1989 දී ත්‍රස්තවාදීන්ගේ හිත දිනාගන්න කියලා  මෝඩ විදියට  ආයුධ ලොරි ගණන්, මුදල් ගෝනි ගණන් කොටි සංවිධානයට දුන්නා.  ඊට පස්සෙ කොටි අපිට ගැහුවේ ඒ ආයුධ වලින්මයි. 2002 දී ඒගොල්ලෝ සටන් විරාම ගිවිසුමෙන් උතුරු නැගෙනහිර පළාත් දෙකම ප්‍රභාකරන්ට ලියල දුන්නා. යහපාලන ආණ්ඩුව කාලේ රට බෙදන්න අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළා. ඊට පස්සෙ, ඒ බෙදුම්වාදී ව්‍යවස්ථාවේ මූලධර්ම සියල්ල 2019 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් ඇතුළත් කළා. 

කරුණා මිනීමරපු කාලයෙත්, ඊට පසුවත්, අද දක්වාම යහපාලන පාර්ශවයේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ මේ රට බෙදන එක. කරුණා මිනීමරන එක අත්හැරියත්, යහපාලකයෝ රට බෙදන එක නම් අත්හැරලා නෑ. ඒකයි අපි මෙතන තේරුම් ගන්න ඕන. කරුණා කිවුව දේවල් ගැන දැන් කොහොමත් විමර්ෂණයක් පැවැත්වෙනවා සී.අයි.ඩී එකෙන්. ඉතිං පොඩි චිත්‍රය දිහා බලලා ලොකු චිත්‍රය මොහොතකට හරි අමතක කළොත් සිද්ධ වෙන්නේ විනාශයක්. ඒකයි මම හැම වෙලාවෙම අවධාරණය කරන්නේ, පොඩි චිත්‍රය නොවෙයි, ලොකු චිත්‍රය ගැනම අවධානය යොමු කරන්න ඕන කියලා.  

පොඩි පොඩි සිල්ලර කාරණා මත ඡන්දය දෙන්න ගියොත් අපේ රටත්, ජාතියත්, ආගමත්, සංස්කෘතියත්, මතු පරම්පරාවේ අනාගතයත්, සියල්ලම ඉවර වෙලයි නවතතින්නෙ. ජනතාව හැම විටම මෙනෙහි කරන්න ඕනි මේ රට සාර්ථකව පාලනය කරන්න, ආර්ථික දියුණුව ඇති කරන්න, ත්‍රස්තවාදය තුරන් කරලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කාටද? මැතිවරණ කලට වේලාවට පවත්වල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න පුළුවන් කාටද? මතු පරම්පරාවට නිදහසේ ජීවත් විය හැකි, ආඩම්බර විය හැකි ලංකාවක් ගොඩනගන්න පුලුවන් කාටද? කියන ප්‍රශ්නයයි. ඒකට උත්තරය මොකක්ද කියලා මම කියන්න ඕන නැහැ, හැම ශ්‍රී ලාංකිකයකුම දන්නවා.

ස්තුතියි. 

ඔබ සැමට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.

*අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2020 ජුනි 28 වෙනි ඉරිදාශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කරමුයන මැයෙන් පැවැත්වූ දේශනයේ පිටපත

Print Friendly, PDF & Email

Latest comments

  • 6
    0

    එම ගීතයම 2015 දී ඔබේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට නායකත්වය දුන්නේය. එහෙත් එය බලය ලබා ගැනීම සඳහා දුප්පතුන්ගේ ඡන්දය අරමුණු කරගත් සුරංගනා කතාවේ පිටත කවරයේ මාතෘකාව පමණි. කෙසේ වෙතත්, ඒකාබද්ධ විපක්ෂ බලවේග ඇතුළු සමාජයේ විවිධ තරාතිරම්වලට පැමිණෙන විවිධ බලවේගයන් දිවංගත පූජ්‍ය සොබිතා තෙරෝ ඔබව පරාජය කර ඔබේ නිවසේ ජනේලය මත එල්ලා තැබුවා මතකද?
    පරතරය ඇති පිරිස හැසිරවීම ඔබ නතර නොකරන්නේ නම්, මේ වතාවේ එය ඔබේ බෙල්ලෙන් එල්ලා තැබිය හැකිය. අහිංසක මෝඩ සාමාන්‍ය ජනයා රූපවාහිනී තිරවල ඇසෙන හෝ නරඹන දේ අනුගමනය කිරීම හැර වෙන කිසිවක් නොදනිති. ඔවුන් ඔවුන්ගේ ආහාර වේල් තුන සඳහා අරගලයක යෙදී ඇත. COVID වසංගතයට පෙර වාර්තා වූවාට වඩා දරිද්‍රතා මට්ටමේ ජීවත්වන පුද්ගලයින් රට තුළ සිටින බව දැන් පැහැදිලි වෙමින් තිබේ.
    බලයට ඇති කෑදරකම නිසා ඔබ හිරිහැරයට හා බලයට ඇබ්බැහි වී ඇත. මන්දයත් ඔබත් අධික දූෂිත සොරුන් සමූහයක් සමඟ ප්‍රගුණ කළ අධි අපරාධ සම්බන්ධයෙන් වරදකරුවෙකු නොවී ඔබේ ජීවිතයේ ඉතිරි කාලය ගත කළ හැකි එකම මාර්ගය එයයි. ඔබේ දේ සිම්බාබ්වේ ප්‍රාන්තයේ මුගාබේට සමාන ය. ඔහු සිය අවසන් හුස්ම හෙළුවේ, ජනතාවගේ සියලු වෛරයට හසු වූ බැවිනි. රට දැන් කැබලිවලට කැඩී ඇත. යහපාලන දිනවලට වඩා අද රට තුළ බෙදීම් ඇති වේ. රට පුරා 30% හෝ ඊට වැඩි ආදායමක් ලබන යහපත් අනාගතයක් සඳහා අසරණ ජනතාවට බලාපොරොත්තුවක් නොමැත. ඔවුන්ගේ සිහින කරා යන දුප්පත් ජනතාව මෙන් ඔවුන්ද බලාපොරොත්තු රහිතව සිටිය යුතුය. ඔබ ඔබට අවංක නම්, ඔබ මුලින්ම ඔබේ පවුල සහ රාජ්‍යය කොල්ල කෑ ඔබේ සහෝදරයන්ගේ පවුල් පිරිසිදු කිරීම ආරම්භ කළ යුතුය. ඔවුන්ගේ ආදරණීයයන් සඳහා වඩා හොඳ රටක් ගැන සිහින දැකීම හැර වෙනත් විකල්පයක් නොමැති එකම මිනිස් පලිහ නොමඟ යැවීමට උත්සාහ කිරීමට පෙර පැයේ අවශ්‍යතාවය මෙයයි. අපේ පරම්පරාවන් ඕනෑම සංවර්ධනය වෙමින් පවතින රටක ඔවුන්ගේ දෙවන පරම්පරාවන්ට බොහෝ පැතිවලින් යහපත් ජීවිතයක් අපේක්ෂා කරයි.
    ඔබේ හෘදය සාක්ෂිය නිවැරදිව ක්‍රියාත්මක නොවන්නේ නම්, දිව්‍ය බලවේග විසින් එම කාර්යය කරනු ඇත්තේ ජනතාවගේ දුක්ගැනවිලි හා දුක් වේදනා නිසාය. ඔබට නැවත වරක් එකම පුද්ගලයින් රැවටීමට නොහැකිය. එය ඉතා අසාධාරණ ය. මෙම රට නම් කර ඇත්තේ බෞද්ධ රටවල නමිනි, නමුත් ඔබේ ප්‍රතික්‍රියා වංක හා නොමඟ යවන සුළුය. ඔබට ද .ුවම් ලැබෙනු ඇති බවට සැකයක් නැත.

    • 5
      0

      බල අන්ධභාවය අනපේක්ෂිත ප්‍රතිවිපාකවල ප්‍රති color ලයක් ලෙස වර්ණ අන්ධභාවයට වඩා භයානක වේ. එය ඔබගේ මහින්ද රාජපක්ෂ චරිතයේ ඔබ කළ විශාලතම වැරැද්දයි. මෙය ඔබගේ අධ්‍යාපනය, හැදී වැඩීම සහ ඔබේ පවුල තුළ ඇති විවිධ හේතු සමඟ සම්බන්ධ වී ඇතැයි මම විශ්වාස කරමි. ඔබ ව්‍යාජ බෞද්ධයෙක්. ඔබ බෞද්ධයෙකු ලෙස දැකීමට කැමතියි. නමුත් බුදුන් වහන්සේ ඉගැන්වූ පරිදි ඔබ සැබෑ බුද්ධාගමට ගරු නොකරයි.

      ඔබ වැඩිපුරම හැසිරෙන්නේ ඔබට ඇස් සහ කන් නොමැති ආකාරයට ය. මිනිසුන්ගේ වේදනාව ඔබේ අපරාධ හිතකාමී දේශපාලන සංස්කෘතිය වෙන කිසිවෙකු නොවේ.

      මිනිසෙකු සියලු දොඩම් අත් දෙකකින් අල්ලා ගැනීමට උත්සාහ කරනවා සේ, අවම වශයෙන්වත් නොකරනු ඇත. ඔබේ දේශපාලනයේ අප දකින්නේ එයයි. ඔබේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඔබ දිගටම අපරාධකරුවන් සතුටු කරයි. ඔබේ නීතිය යටතේ නිසි නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමක් නොමැත. මෙයට හේතුව වන්නේ ඔබ නීතිය හා සාමය ගැන සැලකිල්ලක් නොදක්වන නමුත් පළිගැනීමේදී ඔබේ විරුද්ධවාදිකම්වලට ද ished ුවම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කිරීමයි.

      විදේශයන්හි වෙසෙන ශ්‍රී ලංකාවන්ගේ ඇස්වලට අනුව අපේ මව්බිම පහසුවෙන් සංවර්ධනය කළ හැකිය. සිංගප්පූරුව හැදී වැඩෙන්නේ ස්වාභාවික සම්පත් නොමැති නමුත් බදු මත පදනම්වය. එහෙත් නීත්‍යානුකූල රජයක් යටතේ වඩා හොඳ පද්ධති හා ක්‍රමවේදයන් හඳුන්වා දෙන්නේ නම්, මිලියන 22 ක් සහිත අපගේ කුඩා දූපත බොහෝ ආකාරවලින් සංවර්ධනය කළ හැකිය.

      • 6
        0

        Part II
        මෙතරම් දීර් for කාලයක් තිස්සේ සුළු ජාතීන් මර්දනය කිරීම නිසා ඇති වූ සිවිල් යුද්ධයක් අපි සටන් කළෙමු. එහෙත් සාමය අත් කරගත නොහැකි තරම්ය. සාමය හා සමගිය පිළිබඳව උමග අවසානයේ ඇති විදුලි පහන් වල සුළු සලකුණු තවමත් අනාවරණය වී නොමැත. දෙපාර්ශ්වයම ජීවිත හානිවලට මුහුණ දුන් නමුත් සුළු ජාතීන්ට තවත් අහිමි විය. ධනවත් ජාතීන්ට ස්තූතිවන්ත වන්න, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සාදරයෙන් පිළිගත් අතර, සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව එම ජාතීන්ට කෘත ful විය යුතුය. කෙසේ වෙතත් රාජක්ෂේ දේශපාලනය, ඒ වෙනුවට ඔවුන්ට වෛර කරමින් රට ආක්‍රමණය කිරීමට උත්සාහ කරන බව හංවඩු ගසන බවක් පෙනේ. යුරෝපය සහ ඇමරිකාව අපව ආක්‍රමණය කළ යුත්තේ ඇයි? අපට තෙල් හා දියමන්ති තිබේද? වෙළඳාම ආශ්‍රිත ඇසිටිවයිට සඳහා යම් ආකාරයක බලපෑම් තිබිය හැකිය. ධනවත් රටක සිට දුප්පතුන්ට ලබා දෙන ආකාරයේ බලපෑම් වලින් මිදීම අපේ ආර්ථිකයෙන් ශක්තිමත් වන තුරු අපේක්ෂා කළ හැකිය. දේශපාලන විද්‍යා scientists යින් සහ විශ්ලේෂකයින් මෑතකදී එකතු කළ පරිදි, අපගේ දෑත් ශක්තිමත් කර ගැනීම සඳහා එම ධනවත් හා බලවත් ජාතීන් සමඟ සමීපව සම්බන්ධ විය යුතුය.

        අද වන විට කිසිම ආකාරයක මර්ධනයක්, වාද විවාද කිරීම සුළුතරය වෙනස් කොට සැලකීම තේරුම් ගැනීමට ඔවුන්ට වෘත්තීය සහාය අවශ්‍ය විය හැකිය. සුළු ජාතීන්ට පමණක් නොව ඔබේ දේශපාලනයට විරුද්ධ ඕනෑම කෙනෙකුට අද පීඩා කරනු ලැබේ.

        • 6
          0

          Part III
          සම්පත් හිඟකම හේතුවෙන් අනුප්‍රාප්තික රජයන් භූමි තත්ත්වය වචනානුසාරයෙන් වටහා නොගන්නේ නම්, ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ආධාර ලබා ගත යුතුය. යුරෝපයේ සිටින ශ්‍රී ලංකාවන්ට කොන්දේසි විරහිතව උදව් කරන මිත්‍රශීලී ජාතීන් ඇත. යුරෝපයේ වෙසෙන මෙම සංක්‍රමණික සංක්‍රමණිකයින්ට රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල හරහා අනුප්‍රාප්තික රජයන් විසින් ආමන්ත්‍රණය කළ යුතු අතර එමඟින් විවිධ ආධාර අපේ රටේ අනාගතය සඳහා ප්‍රයෝජනවත් වනු ඇත.

          දිගුකාලීන සිවිල් යුද්ධයකින් පසු සුව කිරීම බොහෝ කාලයක් ගතවනු ඇත. මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් පමණක් නොව රටේ මානව සම්පත් සංවර්ධනය ද අවශ්‍ය වේ. මේ දෙකම සමාන්තරව ක්‍රියා කළ යුතුය. කෙසේ වෙතත්, පවත්නා නීතිවලට නිසි නීති හා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙන් සමාජය නැවත ගොඩනැංවීමට රාජ්‍ය ආයතන දක්ෂ විය යුතු අතර එමඟින් ජාතිය, ආගම හෝ වෙනත් ඕනෑම බාධක නොසලකා පුරවැසියන්ගේ යහපත සඳහා ඒවා ක්‍රියාත්මක කළ හැකිය. අපට කරුණු හා සංඛ්‍යා වලට එරෙහිව නැගී සිටිය නොහැක.

    • 6
      1

      mahinda rajapakshe you ඔබ කවුදැයි සිතන්නේද? ඔබ 2020 ආශ්චර්යමත් මැජික් ශිල්පියෙක්ද?
      දැන් ජීවන සහ ජීවන වියදමෙන් හසු වී සිටින ජාතිය නොමඟ යැවීමට හා රැවටීමට ඔබට අයිතියක් ඇතැයි ඔබට හැඟෙන්නේ ඇයි? ඔබ ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක පොරොන්දුවක්වත් ඉටු කර නැත. විදුලිය හා ජල බිල් ගෙවීමට නොහැකි වීම නිසා දැන් මිනිසුන් විවිධ ගැටලුවලට ගොදුරු වී සිටිති. දුක් විඳින ජනතාව සහන සැලසීමේ අවම අදහසක් ඔබගේ රජයට නොමැති බව පෙනේ.

      පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් අහිංසක මිනිසුන් were ාතනය වීම හැරුණු විට, ඔබ පසුගිය මාස 8 තුළ කර ඇති දේට වඩා විවිධ ගැටළු විසඳීමට හිටපු රජයට හැකියාවක් තිබුණි. Covid 19 සම්බන්ධ ගැටළු ඔබ සහ රජය විසින් නිසි ලෙස කළමනාකරණය කර නොතිබූ අතර වැඩි පරීක්ෂණ සිදු කිරීමට ඔබට ඉඩ දී නැත.

      කරුණාකර සර්වබලධාරි දෙවියන්ගේ නම, කරුණාකර ඔබ ඡන්දය දිය යුත්තේ කාටද යන්න තීරණය කිරීමට මිනිසුන්ට ඉඩ දෙන්න, ඔවුන්ගේ අවදානමට ලක්වන මානසිකත්වය හසුරුවා නොගෙන, ඔබගේ ජීවිතය බේරා ගත හැකි යමක් තිබේ නම්, නිසැකවම ඔබගේ ආත්මය බේරා ගත හැකිය. ඔබ මෙතෙක් කොල්ලකෑවා .. ඇති තරම් ඇති. “ඔබ සෑහීමකට පත්වේ” යැයි ඔබට හැඟෙන්නේ නැත්තේ ඇයි? කර්මය ඔබගේ පව් ගැන බලා ගනීවි, ඔබේ පාප දුරු කිරීම මේ ජීවිතයේ සිදු නොවේ. එකම ඡන්දදායකයින් නොමඟ යැවූ පළමු අවස්ථාව මෙය නොවේ – 2015 දී පවා ඔබ එය කළා. නමුත් මම හිතන්නේ නැහැ මිනිස්සු පෙනුමට වඩා මෝඩයි කියලා.

    • 2
      0

      Srilanka is booming under RAJAPAKSHE CRIMINAL Brothers.

      https://www.youtube.com/watch?v=oZpT7G176KA

      A buddhist monk has been beaten to all abusive levels, by one single family of a village where over 70 families live.
      Just one single family is reported to be against the the monk, while 69/70 are on the side of the monk.
      :
      Lawless is governing this part of the srilanka, with POLICE being mum not having done anything against the culprits. This is SRILANKA under RAJAPAKSHE brothers as the leadership:
      :
      Nothing like this was heard during the previous govt even if they were attacked by the media.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.