11 October, 2024

Blog

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ මූලාරම්භය

මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්‍

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් පිළිබඳව උණුසුම් සාකච්ඡාවක් මේ අවස්ථාවේ  සිදුවෙමින් පවතී. මහ බැංකු වාර්තාව වල සදහන් වන පරිදි, මා ජනාධිපති ධූරය හෙබවූ අවුරුදු නවය තුළ 2006 සිට 2009 දක්වා යුද්ධය පැවති වර්ෂ හතර තුළ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික ආර්ථික වර්ධනය  6% ක් විය. 2010 සිට 2014 දක්වා වූ පශ්චාත් යුද වර්ෂ පහ තුළ එය 6.8% ක් දක්වා වැඩි විය. මේ අඛණ්ඩ ආර්ථික වර්ධනය නිසා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2005 අවසානයේ ඇ.ඩො.1,242 සිට 2014 අවසන් වන විට ඇ.ඩො. 3,819 දක්වා තුන් ගුණයකින් වැඩි විය. ඒ අනුව මගේ රජය මේ රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමට ලබා දුන් දායකත්වය 1948 සිට 2005 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ අනෙකුත් සියලුම ආණ්ඩු කළ දායකත්වය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. කෝවිඩ් – 19  වසංගතය නිසා ඇති වූ ආර්ථික සංකෝචනය හේතුවෙන් 2022 දී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො. 3,474 ක් දක්වා පහත වැටුණද, මම ඉහත කළ ප්‍රකාශය අදටත් වලංගු ය.

2005 අවසානයේ දී 90% ක් වූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය 2014 අවසානය වන විට ඉතා සුබදායක ලෙස 69% ක් දක්වා අඩු වී තිබුණි. සියලු කොටස් මිල දර්ශකය 2005 අවසානයේ 1,922 සිට 2014 අවසන් වන විට 7,299 දක්වා ඉහළ ගොස් තිබුණි. මේ සියලු ආර්ථික ජයග්‍රහණ ලබාගෙන තිබුණේ, දිනිය නොහැකි යැයි කියූ යුද්ධය පැවතෙද්දී, 2007 ඇතිවූ ගෝලීය ආහාර අර්බුදය සහ 2008-2009 කාලයේ ඇතිවූ ගෝලීය මුල්‍ය අර්බුදය මධ්‍යයේ ය. මේ වකවානුව තුළ ඉතිහාසයේ ඉහළම බොරතෙල් මිල ගණන් පැවතීමත් විශේෂත්වයකි. 2006 සිට 2009 දක්වා මුළු කාලය පුරාවටම බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇ.ඩො.74ක් වූ අතර 2010 සිට 2014 දක්වා බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇ.ඩො.103 ක් විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල 2014 සැප්තැම්බර් මාසයේ අංක 14/285 දරන වාර්තාවේ සදහන් කර තිබුණේ පළමුව, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික කාර්ය සාධනය කාගේත්  අපේක්ෂාවන් ඉක්මවා ගොස් තිබුණු බවත්, දෙවනුව ශ්‍රී ලංකාව මෑත වසරවල දී කැපී පෙනෙන ආර්ථීක දියුණුවක් ලබා ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට එක්වීමේ මාවතේ ගමන් කරමින් සිටින බවත්, තුන්වනුව මෑත වසර කිහිපය තුළ ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාව වේගවත්ම වර්ධනයක් පෙන්නුම් කරන ආර්ථිකය බවත්ය.

මේ ආකාරයට, 2015 ජනවාරි මාසයේදී මා රටට දායාද කර ගියේ ඉතාමත්ම ශක්තිමත් ආර්ථිකයක් බව ඉතිහාසයේ මනාව සටහන් වී ඇත. නමුත් මා පරාජය වීමෙන් පසු, 2015 දී ආර්ථික වර්ධන වේගය 4.2% දක්වා පහත වැටී 2019 වන විට සෘණ 0.2% න් අවසන් විය. ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය 2014 අවසානයේ ඇ.ඩො. මිලියන 42,914 සිට 2019 අවසන් වන විට ඇ.ඩො. මිලියන 54,811 දක්වා 28% කින් පමණ වැඩි වී තිබුණි. 2014 අවසන් වන විට 69% දක්වා පහත වැටී තිබුණු දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය, 2019 අවසන් වන විට නැවතත් 82% දක්වා ඉහළ ගොස් තිබුණි. සියලු කොටස් මිල දර්ශකය 2014 අවසානයේ 7,299 සිට 2019 ඔක්තෝබර් අවසන් වන විට 5,990 දක්වා අඩු වී තිබුණි. මේ කාලයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආපස්සට ගමන් කලේ 2015 සිට 2019 දක්වා වසර පහක කාලය තුළ බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල මෑත ඉතිහාසයේ අඩුම අගය වූ  .ඩො. 60 ක් වූ වාතාවරණයක් තුළ ය. 

2015 සහ 2019 අතර ශ්‍රී ලංකාවේ සිදු වූ ආර්ථික පරිහානියට බාහිර හේතු කිසිවක් නොතිබුණි. මෙම කාල සීමාව තුළ අපගේ අසල්වැසි රටවල් සියල්ලම ජවසම්පන්න ආර්ථික වර්ධනයක් අත්විඳින ලදී. එම කාලපරිච්ඡේදය තුළදී, ඉන්දියාව සහ බංගලාදේශය 7% ට වඩා වැඩි සාමාන්‍ය  ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ අතර මාලදිවයින 6% ට වඩා වැඩි සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් සාක්ෂාත්  කරගත්තේ ය. ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය වැනි සංවර්ධිත රටවල් පවා එම කාලය තුළ ප්‍රබල ආර්ථික කාර්ය සාධනයක් අත්විඳින ලදී. කෙසේ වෙතත්, 2015 සහ 2019 අතර ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 3.5%ක් වූ අතර, එය කෝවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාව වූ 2021 වසරේ වාර්තා වූ වර්ධන වේගයට සමාන විය. 2015 සහ 2019 අතර ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා රටට ඔරොත්තු නොදෙන තරමේ විදේශීය වාණිජ ණය තොගයක් එකතු වීම එම කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බරපතලම හානියයි.  

2015 ජනවාරි මාසයේදී මා පරාජයට පත්වන විට තිබුණු ස්වෛරීත්ව බැඳුම්කර තොගය ඇ.ඩො. මිලියන 5,000 ක් වූ අතර එය ඒ අවස්ථාවේ අපට තිබුණු ඇ.ඩො. මිලියන 8,208 ක විදේශ සංචිත වලින් ඉතා මැනවින් ආවරණය විය. කෙසේ වෙතත්, 2015 සහ 2019 අතර ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර තොගය තුන් ගුණයකින් වැඩි විය. 2015 දී ඇ.ඩො මිලියන 2,150 ක්, 2016 දී ඇ.ඩො මිලියන 1,500 ක්, 2017 දී ඇ.ඩො මිලියන 1,500 ක් 2018 දී ඇ.ඩො මිලියන 2,500 ක් හා 2019 දී ඇ.ඩො මිලියන 4,400 ක් වශයෙන් ස්වෛරීත්ව බැඳුම්කර තොගය ඇ.ඩො මිලියන 15,050 දක්වා වැඩි වී  තිබුණි. මින් ඇ.ඩො මිලියන 2,000 ක් මගේ පාලන සමයේදී ලබාගත් ස්වෛරීත්ව බැඳුම්කර නැවත අලුත් කිරීමට යොදවා තිබූ නිසා, 2015 සහ 2019 අතර ලබාගෙන තිබූ නව ස්වෛරීත්ව බැඳුම්කර වල මුලු වටිනාකම වූයේ ඇ.ඩො මිලියන 10,050 කි. මේ ආකාරයට ස්වෛරීත්ව බැඳුම්කර තොගය ඇ.ඩො. මිලියන 15,050 දක්වා වැඩි වූවද, 2019 අවසානයේ ශ්‍රී ලංකාව සතු මුළු විදේශ සංචිත ප්‍රමාණය ඇ.ඩො. මිලියන 7,642ක් පමණක් විය.

මේ අනුව, 2019 නොවැම්බරයේ මම නැවත අගමැති ධූරයට පත් වූ විට, අපේ රජයට උරුම වූයේ සම්පුර්ණයෙන්ම බිද වැටි තිබුණු ආර්ථිකයකි. කෝවිඩ් -19 වසංගතය පැමිණියේ ඒ ආකාරයට දුර්වල වී සිටි රටකට ය. කොවිඩ් වසංගතය නිසා ආර්ථිකයට සිදු වූ බලපෑම වෙනම සාකච්ඡා කළ යුතුය. රටක ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමට භාවිත කරන මූලිකම දර්ශකය වන්නේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය බව ආර්ථිකය ගැන කරන ඕනෑම සාකච්ඡාවකදී අපි මතක තබා ගත යුතුය. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීමට මගේ 2006-2014 ආණ්ඩුවේ දායකත්වය නිදහසින් පසු පැවති අනෙකුත් සියලුම ආණ්ඩු සිදු කල  සාමුහික දායකත්වය මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව මෙහිදී සිහිපත් කිරීම වැදගත් වේ. මේ රටේ ජනතාව තම තීරණ පදනම් කරගත යුත්තේ නිවැරදි දත්ත සහ සත්‍ය කරුණු මත මිස, සෝෂාව හා බොරු ප්‍රචාර මත නොවේ. වර්ථමානයේ මෙරටේ පවතින ආර්ථික තත්ත්වය අනුව 2015 ජනවාරියේ සිදුවූ ආකාරයේ තවත් දේශපාලන වැරැද්දක් ශ්‍රී ලංකාවට දරාගත නොහැකි වනු ඇත.

*මහින්ද රාජපක්ෂ (පා..) – නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Latest comments

  • 1
    0

    1
    අයවැයක් යනු ඉදිරි වසර තුළ රජයේ මුදල් වියදම් කළ යුතු ආකාරය පිළිබඳ යෝජනාවකි. මීට වසරකට පෙර රාජපක්ෂ වංශය විසින් රටේ මහජන මුදල් කොල්ල කෑ බැවින් මෙය පහසු අයවැයක් නොවේ. ටුක් ටුක් ඩ්‍රයිවර්ලා ඇතුළු මා කතා කළ පිරිස ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ තමන් ගෝටා රජය යටතේ බොහෝ දුක් වින්ද බවත් ආර්ඩබ්ලිව් ගේ ජනාධිපතිකම ලැබීමත් සමඟ ඔවුන් සහනයක් ලැබූ බවත්ය. පසුගිය දින 5 තුළ දිවයින පුරා සිටින කැබ්ඩ්‍රයිවර්වරු, කුඩා අවන්හල් හිමියන්, සිල්ලර වෙළඳසැල් හිමියන් මා සමඟ බෙදාගත්තේ මෙයයි.

    ඒකට යන්න නම් පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය අවශ්‍යයි. මම හිතනවා මන්ත්‍රීවරු වැඩේ හරියට කරයි කියලා. එසේ නොවුණහොත් මේ රට සැබෑ අවුලකට ඇද දමනු නිසැකය. යූ ටියුබ්කරුවන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ අවශ්‍යතා සහ ඩොලර් අතිශයෝක්තියට නංවයි, කෙසේ වෙතත්, රට පුරා සිටින මිනිසුන් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටියද, යූ ටියුබ් සහ එන්පීපී තීන්ත ආලේප කරන තරම් යක්ෂයා කළු නොවන බව මට හැඟේ.

    අද දේශපාලන වශයෙන් කලකිරුණු රට තුළ තමන්ගේම අවපාලනය නිසා සියල්ල තක්කඩි රැළක් විසින් කොල්ලකමින් සිටින අතර ඔවුන් බලවත් වුවද ප්‍රාතිහාර්ය පෑම පහසු නොවනු ඇත. මම දේශපාලකයන්ට ඇඟිල්ල දික් කරන්නේ නැහැ මොකද මිනිස්සු ගොඩක් දූෂිතයි කියලා මම දන්නවා. දේශපාලකයන් යනු බහුතර මිනිසුන්ගේ සිතුවිලි වල කැඩපත් ප්‍රතිබිම්බයයි.

    tbc

  • 1
    0

    cont.

    2
    අදහසක් ගන්න සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවයෙන් A සිට B දක්වා කෙටි දුරක් යාමට උත්සාහ කළ අතර එහිදී මට වැටහුණේ බස් කොන්දොස්තරවරුන් සහ රියදුරන් මැරයන් ලෙස හැසිරෙන බවයි. සීබ්‍රා ක්‍රොසින් එක පාවිච්චි කරලා පාර මාරු වෙන්න බැරිව මම කලබල වුණේ ප්‍රධාන පාර හරහා වේගයෙන් යන වාහනවලට අහු නොවුණු නිසා. මේ රටේ ජනතාව බොහෝ දුරට ශිෂ්ට සම්පන්න නොවන බවත් ඔවුන් දැඩි නීතියට හා සාමයට යටත් විය යුතු බවත් මට හැඟුණා. රේල් ගේට්ටු හරස් මාර්ගය අවහිර වී තිබුණද, දුම්රිය ගමන් කරන තෙක් බලා සිටීමට නොහැකිව මිනිසුන් ඒ සිට ආ දක්වා ගමන් කළහ. ඔයාට හිතාගන්න පුලුවන්ද

    කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ NPP වත්මන් ජනාධිපතිවරයාට ඇඟිල්ල දිගු කරන්නේ, ප්‍රතිව්‍යුහගත කිරීම් සහ ප්‍රතිව්‍යුහගත කිරීම් හේතුවෙන් රට වැටී ඇති ආර්ථික පරතරය විසඳීමට ඔවුන්ට (අඬන ළදරුවන්ට) වඩා හොඳින් කළ හැකි වූවාක් මෙනි. වෙනත් පියවර. යම් සිහිකල්පනාවක් ඇති අය මෙවර ලේසියෙන් නොමග යන්නේ නැත.
    රාජපක්ෂ සහෝදරයන් ඒකාධිපතියන් සමඟ කළ වැරදි කළමනාකරණය නිසා ඇති වූ ආර්ථික ව්‍යසනයෙන් ගොඩ ඒමට පළපුරුදු දේශපාලනඥයන්ට පවා නිසි විසඳුම් ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇතැයි ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයන් වන මගේ මිතුරන් විශ්වාස කරති. එසේනම් නොමේරූ නායකයින් LED NPP විස්මයන් නිර්මාණය කරන්නේ කෙසේද?

    tbc

  • 1
    0

    3
    අද කළුතරදී 200ක්වත් ආපු නැති NPP සංවිධායකවරු පැවැත්වූ රැලියක් මමම නිරීක්ෂණය කළා. ශ්‍රී ලංකාවේ යූ ටියුබ් දැන්වීම්කරුවන් ඇදහිය නොහැකි තරම් සහභාගිවන්නන් ප්‍රමාණයක් ප්‍රදර්ශනය කළද අඩු සහභාගීත්වය ගැන මම පුදුමයට පත් විය. පණිවිඩය අනපේක්ෂිත ලෙස ක්‍රියා කළ හැකි වන පරිදි සයිබර් අපරාධකරුවන් එය NPPs සමඟ අප්‍රිය කරයි…. නැවතත් එය මගේ ඇස් හමුවේ වංචාවකි. කෙසේ වෙතත් මම විනයට සහ නීතියට ගරු කරන නමුත් ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායම් බලය ලබා ගැනීම සඳහා සංඛ්‍යා හසුරුවන්නේ නම් එය නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගරු කරන ශ්‍රී ලාංකිකයන්ට තර්ජනයකි.

    ඒ වන විට AKD ඔහුගේ සාම්ප්‍රදායික දේශනය කරමින් සිටි අතර මම නිෂ්ක්‍රීය සහභාගිවන්නෙකු විය. මම මගේම තොරතුරු ලබා ගැනීමට අසල සිටි කිහිප දෙනෙකුට කතා කර මගේ තොරතුරු රැස් කිරීමට උත්සාහ කළෙමි. මා පුදුමයට පත් කරමින්, 50 න් 1 ක් පමණ ඊළඟ මැතිවරණයේදී NPP ට ඡන්දය දීමට එකඟ විය. තවත් බොහෝ දෙනෙක් කට උත්තර නැති වූ අතර ඇතැමුන් කියා සිටියේ එන්පීපීය පත් වුවහොත් බොහෝ දෙනෙකු එල්ලා මරා දමන බවයි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම් ගැන ජනතාවට යම් බියක් තිබෙනවා.

    ටුක් ටුක් ඩ්‍රයිවර් කෙනෙක් මගෙන් ඇහුවා ඊලග පාර කාටවත් ජන්දේ නොදී ඉන්න එක හරිද කියලා. පක්ෂ පාට භේදයකින් තොරව හොඳ දේශපාලනඥයන්ට ඡන්දය දෙන ලෙස මම ඔහුට නිර්දේශ කළා. නමුත් බීමක්, කොන්ඩම් එකක් වැනි සිල්ලර දීමනාවකට නොසැලී සිටීම නිසා ඔහුට මොළය පාවිච්චි කිරීමට සිදු විය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.