28 March, 2024

Blog

විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ ජිනීවා කතාවේ සිංහල පරිවර්තනය

සභාපතිතුමනි,
මානව හිමිකම් මහ කොමසාරිස්තුමනි,
නියෝජ්‍ය මහ කොමසාරිස් මැතිණියනි,
ආරාධිත අමුත්තනි,
නෝනාවරුනි, මහත්වරුනි,

2015 ජනවාරි 8 වැනි දින පැවැත්වුණු ඓතිහාසික ජනාධිපතිවරණයට දින 48 කට පසු, ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින්, අද දින මෙහි පැමිණීම මහත් අභිමානයකි.

මේ රැුස්වීමේදී, දැනගත යුතු කරුණක් නම්, ශ‍්‍රී ලංකාවේ මුළු දිවයින පුරා සටන් පැවැතුණු ප‍්‍රදේශයන් හිද, උතුරු සහ නැගෙනහිර පළාත් වලද ලියාපදිංචි ඡන්ද දායකයින් මෙම මැතිවරණයේදී තම ඡන්ද අයිතිය පාවිච්චි කළ බවයි. මෙම සංඛ්‍යාව මුළුමනින්ම 81.52‍ % ක් විය. මෙය මේ රටේ ඉතිහාසයේ කිසිදා නොවූ විරූ කරුණක් විය. ඡන්දය නොදා වැළකී සිටින්නයි කියා මෙරටින් හා විදේශිකයින් ගෙන් ඇමතුම් ලැබුණි. ඒවාද නොසලකා ශ‍්‍රී ලාංකික ජනතාව තම ඡන්ද අයිතිය හරිහැටි පාවිච්චි කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටය. වන්නි දිස්ත‍්‍රික්කයේ ප‍්‍රකාශිත මුළු ඡන්ද ප‍්‍රතිශතය වන 72.57‍%න් 78.47‍% ක් ද එතුමාට ඡන්දය දුන්නේය. නැගෙනහිර මුස්ලිම් පළාතෙන් ජනාධිපිත මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා 71.84‍%ක ප‍්‍රතිශතයක් ලබා දුන්නේය. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රිත්කයෙන් 65.22 ක්ද, දිගාමක්‍ෂුල්ල දිස්ත‍්‍රික්කයෙන් 81.62 ක්ද මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් 84.26 ක්ද ඡන්ද අයිතිය ලබා ගත්තේය. උතුරු නැගෙනහිර පළාත් වලින් 84.26 ක ඡන්ද සංඛ්‍යාවක් එතුමා ලබා ගත්තේය. මෙයින් හොඳ හැටි පිළිබිඹු වන්නේ, මෙකී පළාත්වල ජනතාවද රජයක වෙනසක් බලාපොරොත්තු වූ බවයි. එම නිසා නිගමනයකට ආ යුත්තේ, අප රටේ ඉතිහාසයේ ජාති, ආගම්, භාෂා පසෙකට දමා, ශ‍්‍රී ලාංකිකයන්ගේ ඡන්දයෙන් සැබෑ ශ‍්‍රී ලාංකික නායකයෙක් තේරී පත්වී ඇති බවයි. සියළු ජනවර්ගයන් එකමුතුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා තෝරා පත්කර ගැනීමට මුල් වූයේ, එතුමා ඔවුන්ට වාර්ගික, සංස්කෘතික සහ භාෂාමය විවිධත්වයෙන් යුතු එයට ගරු කරන ඒකීය ශ‍්‍රී ලංකාවක් බලාපොරොත්තු වූ නිසයි.

Mangala UNHRC-2015 Marchතවද එතුමා නායකත්වයට තෝරාගැනීමේ ඔවුන්ගේ අභිලාෂය වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින නිදහස් චින්තනය, කථා කිරීමේ අයිතිය, නීති ගරුක යහපත් ආණ්ඩු ක‍්‍රමයක් සහ මානව අයිතීන් ආරක්ෂා කිරීමය. එසේ කිරීමෙන් ඔව්හු පුද්ගලයාගේ අයිතිවාසිකම් නොසලකා, බැහැර කර, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන පාලන තන්ත‍්‍රයක් මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කළෝය.

ශ‍්‍රී ලාංකික ජනතාව ඡන්ද බලයෙන් දිනාගත් සාමකාමී වෙනස ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා ප‍්‍රජාතාන්ත‍්‍රික ජයග‍්‍රහණයක් ලෙස සලකන ලදී. එය ජයග‍්‍රහණයක් පමණක් නොව, එය මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් ජාතීන් විසින් උරදෙන වටිනාකම් සහ ප‍්‍රතිපත්තිවලින් සමන්විත ජයග‍්‍රහනයක් විය. තවද, එය ශ‍්‍රී ලාංකික ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය, නිදහස, කැපවීම යනාදිය රැුකගෙන බහුවිධත්වය ආරක්ෂා කර ගැනීමක් විය.

ඡන්ද බලය ජයග‍්‍රහණය කර කිප දිනකින්, රජය විසින් තම පොරොන්දු ඉටු කරමින් සිටී. මාධ්‍ය නිදහස තහවුරු කිරීමට, තහන් කරන ලද වෙබ් අඩවි නිදහස් කිරීමට, විදේශ මාධ්‍යවේදීන්ට මෙරටට පැමිණීම සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කිරීමට, නිදහසේ රට තුළ සැරි සැරීමට ඉඩ දීමට රට හැර ගිය මාධ්‍යකරුවන් නැවත ගෙන්වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනු ලැබ තිබේ.

මානුෂීය ක‍්‍රියාකරුවන් සහ සිවිල් සමාජ කණ්ඩායම්වලට නැවතත් තම වැඩ කටයුතු කරගෙන යාමට නිදහස ලැබී ඇති අතර, තාඩන පීඩන වලින් තොරව සිත් සේ වැඩ කටයුතු කිරීමට නිදහස තිබේ.

රජයේ නොවන සංවිධාන ලේකම් කාර්යාලය ඉහත දී ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවතිණ. දැන් එය ක‍්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ පවතී. රජය සිවිල් සමාජ කණ්ඩායම් සමඟ කටයුතු කරගෙන යන අතර, වැදගත් කරුණු කාරණා සම්බන්ධයෙන් ඔවුනගේ අදහස් වෙත අවධානය යොමු කරනු ලැබේ.
ඡුන්දයට පසු පැවතුණු පළමුවෙනි නිදහස් උත්සවයේදී ජනාධිපතිතුමා අතීත ව්‍යසනයන් යථාර්තයක් බවට පිළිගෙන එක්සත්වීම හා කටුක අතීතයේ සුවපත් වීම ඉක්මණින් උවමනාවක් බව සඳහන් කළේය. ඔහුගේ ජාතිය ඇමතීමේ කථාවේදී ඔහු ප‍්‍රකාශ කළේ සිදුවූ අතීත වැරදි දෙස උපේක්‍ෂාවෙන් බලා එකිනෙක වෙත දොස් පැවරීම නවතා දමන ලෙසය. සෑම ජන කොටසකටම අයත් විවිධ අදහස් දරන අය එකමුතු කොට ප‍්‍රතිසංධානය ලඟා කර ගැනීමට කටයුතු කරන බවට ජනපති සිරිසේන ප‍්‍රතිඥා දුන්නේය. තවද, අවුරුදු තිහක කුරිරු යුද්ධයෙන් පීඩාවට පත් ජීවිත අහිමි වූ සෑම සියළු දෙනාටම ගරු කිරීමේ ඬසාම ප‍්‍රකාශණයඬ රජය විසින් ඉදිරිපත් කරන ලදි.

රාජකාරි බාරගෙන කිහිප දිනකින් ජනාධිපතිතුමා උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට පත් කර සිටි හමුදා ආණ්ඩුකාරවරු ඉවත් කර හිටපු සිවිල් සේවකයන් දෙදෙනෙකු ඒ සඳහා පත් කළේය. මෙහි අදහස වූයේ එහි සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් අධි ආරක්ෂක කලාප නැවත විමසා බැලිම හා අවතැන් වූ අය නැවත පදිංචි කිරීම සහ සිවිල් කටයුතු සඳහා සිදුකෙරෙන හමුදා මැදිහත්වීම අවම කර ගැනීමයි. කැබිනට් මණ්ඩලය විසින් දැනටමත් අධි ආරක්‍ෂිත කළාප වලට අයත් ඉඩම් අක්කර 1000 ක ප‍්‍රමාණයක් ජනතාවට මුදාහැරීම අනුමත කර තිබේ. මෙම ඉඩම් පළමුවෙන් අක්කර 220 පටන් ගෙන අදියර කිහිපයකින් බෙදා දෙනු ඇත. එක්සත් ජාතීන්ගේ අවතැන් වූවන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු එක්සත් ජාතීන්ගේ මෙරට කණ්ඩායම සමඟ ක‍්‍රියාකාරී සාකච්ඡුාවකට නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය සමඟ එළඹී ඇත. තවද, මේ ප‍්‍රශ්ණයට මුහුණ පා ඇති අයට ඉක්මනින් සහන සැලසීමට කටයුතු කරගෙන යනු ලැබේ. මේ වැදගත් කාර්යයට සහාය වන ලෙස අප ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටිමු.

යම් අයෙක් අඛණ්ඩව විධායක ජනාධිපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් පනවා තිබූ සීමාවන් ඉවත් කර, තවද කොමිෂන් සභා සඳහා ස්වාධීනව සාමාජිකයින් පත් කිරීමට තිබූ අවස්ථාවන් ඉවත් විමට හේතු වූ, මත භේදයන්ට තුඩු දී ඇති ශී‍්‍ර ලංකා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කරගෙන යනු ලැබේ. රජය විසින් නැවතත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය හඳුන්වාදීමට බලාපොරොත්තු වන අතර, එමඟින් ස්වාධීන අධිකරණ සේවා, පොලිස්, රාජ්‍ය සේවා, මැතිවරණ, අල්ලස් හා දූෂණ හා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවන්ට ඉඩ සැලසෙනු ඇත.

වසර 05 ක් තිස්සේ ප‍්‍රමාද වී තිබූ වින්දිතයන් සහ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත 2015 පෙබරවාරි 19 දින ඒකඡන්දයෙන් සම්මත විය. පනතේ විධිවිධාන ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ආයතනික රාමුව පිහිටුවිම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනිමට අපේක්‍ෂා කෙරේ. මෙමගින් චූදිතයන්ගේ අයිතිවාසිකම් හා අපරාධවල වින්දිතයින්ගේ හිමිකම් හා අයිතිවාසිකම් ද සාක්‍ෂිකරුවන්ගේ හිමිකම් ද තුලනාත්මකව සලකා සාධාරණ නඩු විභාග පැවැත්වීමට මඟ පෑදෙනු ඇත.
සභෘපතිතුමනි,

විශාල ජීවිත හා දේපල හානි ප‍්‍රමාණයක් කැප කරමින් වුවත් පසුගිය රජයේ පාලන කාල සීමාව තුල එනම් 2009 වසරේ මැයි මාසයේදී ත‍්‍රස්තවාදය අවසන් කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබුනේ ත‍්‍රස්තවාදය අවසන් කිරීමකින් තොරව මානව හිමිකම් ආරක්ෂා කිරීම සාධාරණ හා ධරණීය සංවර්ධනයක් ජාතියට ලඟා කර ගැනීමට නොහැකි බැවිනි. කෙසේ වෙතත් එවකට පැවති රජය යුධ ජයග‍්‍රහණයෙන් පසුව නීතියට අවනත නොවී උද්දාමයෙන් කටයුතු කිරීම නිසා මානව හිමිකම් හා ප‍්‍රතිසංධානය සඳහා වූ අනගි අවස්ථාව ගිලිහුණි.

පසුගිය පාලනය බිඳ දමමින්, ජනවාරි 8 වන දා සිදුවූ ජයග‍්‍රාහික ෙඓතිහාසික ඡන්දයෙන් ශී‍්‍ර ලංකාවට මානව හිමිකම් සපුරාලීම සඳහා වූ පෙර නොවූ විරූ අවස්ථාවක් උදාකර දී ඇත. එහි පරමාර්ථය ලබා ගැනීමට සහ ඉෂ්ඨ කර දීමට අවස්ථාවක් උදාකර දී ඇත. රජය මේ අවස්ථාවේ එහි වැදගත්කම වටහාගෙන, ඒ ගැන අවංක භාවයෙන් ක‍්‍රියා කිරීමට ප‍්‍රතිඥා දී ඇත.

රජය දැනටමත් ප‍්‍රතිඥා දී ඇත්තේ රැුඳවුම් භාරයේ ඇති පුද්ගලයින්ගේ නඩු නැවත විමර්ෂනය කිරීම ආරම්භ කර ඇති බවයි. තවද අතුරුදන් වූ පුද්ගලයින්ගේ ලැයිස්තු හා පුද්ගලයින් අතුරුදන්ව ඇති පවුල්වල ගැටළුද ඇතුලත්ව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්‍ෂේත‍්‍රයක් පිළිබඳව සාකච්ඡුා මේ වන විටත් පැවැත්වෙමින් තිබේ. තවද යුද්ධයෙන් ඇතිවූ මානසික විශාධීන් සඳහා උදව් ලබාදීමට කටයුතු සිදුකෙරේ.

ජාතීන් අතර සුහදත්වය හා සමාදානය නැවත ගෙැඩනැගීමේ අවශ්‍යතාවය වටහාගෙන ඇති ජනාධිපතිතුමා එතුමා යටතේ ක‍්‍රියාත්මක වන ප‍්‍රතිසංධානය සඳහා වන විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවා ඇත. මෙම යාන්ත‍්‍රණය තුලින් අනෙකුත් කාරනා වලට අමතරව වහාම අවධානය යොමු කළ යුතු ගැටළු හඳුනාගෙන ප‍්‍රතිසංධානය සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම මගින් සුහදත්වය ගොඩනැගීමට අපේක්ෂා කරනු ලැබේ.

ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතීන්වලට අනුකූලව මානව හිමිකම් ක්‍ෂේත‍්‍රය පුළුල් කිරීම සම්බන්ධයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව දැනටමත් සාකච්ඡුා ආරම්භ කර ඇත. උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිෂන් සභාවේ නිර්දේශද ඇතුළුව කොමිෂන් සභා විසින් යෝජනා කරන ලද සියළු නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට හිටපු රජය අපොහොසත් වූ බව වටහා ගනිමින්, අපරාධ නඩු විභාගද ඇතුළත්ව ක‍්‍රියාත්මක කළ හැකි කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. මින් අදහස් කෙරෙන්නේ දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝනය වීම සිදුවී ඇති බවට එම කොමිසම විසින් හඳුනාගෙන ඇති සිදුවීම සම්බන්ධත්‍යන් වැඩිපුර විමර්ශනයක් හා අපරාධ නීතියට අනුකූලව ඉදිරි ක‍්‍රියාමාර්ග ගත යුතු බවත්ය. මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය මගින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පවත්වනු ලැබූ විමර්ශනයන්ට අදාලව නිකුත් කළ වාර්තාවේ අන්තර්ගතය කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලබන දේශීය විමර්ශනය හා අධිකරණ ක‍්‍රියාමාර්ග වලදි සැලකිල්ලට ගත හැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් පිහිටුවිය යුතු දේශීය යාන්ත‍්‍රනය කෙසේ සකස් විය යුතුද යන්න හා ඒ සඳහා අවශ්‍ය වන නීතිමය සංශෝධනයන් පිළිබඳව දැනටමත් සාකච්ඡුා ආරම්භ කර ඇත.

සභාපතිතුමනි,

අපට පෙනි යන පරිදි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන සාධකය වී ඇත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සබඳතාව ශක්තිමත් කිරීමයි. ඉන්දීය සාගරය පිහිටා ඇති දිවයිනක් ලෙස බටහිරටත් නැගෙනහිරටත් මැදිවී දස දහස් ගණන් වර්ෂයන් පාසා ශ‍්‍රී ලංකාව, පිටස්තර ලෝකය සමඟ සම්බන්ධකම් ගොඩ නඟා ගෙන ඇති බව පැහැදිලිව පෙනී යන කරුණකි. පසුගිය අවුරුදු කීපය තුල මෙය ගිලිහී ගියේය. එය අපේ ජාතික පෞරෂත්වය සමඟ එකඟ වූයේ නැත. අප තරයේ විශ්වාස කරනුයේ අපගේ රටේ ජනයා තමන් ගැන විශ්වාසය තබා ක‍්‍රියා කළ යුතු බවයි. මේ සඳහා අවශ්‍ය දක්ෂතා හා මානුෂීය කුසලතා සහ ප‍්‍රමාණවත් මානව සම්පත් අප සතුව ඇත. නමුත් අපගේ මේ ගමනේදී, අපට ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අත්දැකීම් තුළින් ගත හැකි දේ බොහෝ ය, අපට ඔවුන්ගේ අවවාද. තාක්ෂණික සහයෝගය තුළින් බොහෝ දේ ලබා ගත හැකිවනු ඇත. මෙම හිතවත් කම ගොඩනඟා ගෙන තමයි මම මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට පිවිසියේ ගිය මාසයේ හැකි අවස්ථාවක ශ‍්‍රී ලංකාවට එන මෙන් ආරාධනය කිරීමටයි. හැකි තරම් ඉක්මණින් නම් වඩාත් හොඳයි.

තවද, මම ශ‍්‍රී ලංකාවේ තත්ත්වය එහි 28 වෙනි සැසිවාරයේදී සාකච්ඡුා නොකරන ලෙසද ඉල්ලූවෙමි. ඉහත ඉල්ලීමට එකඟවීම සම්බන්ධයෙන් මම මහ කොමසාරිස්තුමාට, සභාපතිතුමාට සහ අනිකුත් සාමාජිකයින්ට ස්තුතිවන්ත හා කෘතඥවෙමි.

සභාපතිතුමනි,

රජය බොහෝ ජාත්‍යන්තර සංවිධාන – ලෝකය පුරාම පිහිටා ඇති සංවිධාන සහ රටවල් සමඟ සම්බන්ධ වී ක‍්‍රියා කරනවා ඇත. අපගේ පරමාර්ථය වී ඇත්තේ ගැැටුම ඇතිකර ගැනීමෙන් තොරව සාකච්ඡුාවෙන් සබඳතාවයෙන්, ඉගෙනීමෙන්, ඉදිරියට යෑමයි. මේ අරමුණ පෙරදැරිව රජය දකුණු අප‍්‍රිකාවේ සත්‍ය සෙවීමේ අත්දැකීම් වලින් උගෙනීමේ අපේක්ෂාවෙන් එම රජය සමඟ සාකච්ඡුාවක් පසුගිය සතියේ ආරම්භ කර ඇත. මීට අදාලව දකුණු අප‍්‍රිකාවේ නියෝජ්‍ය ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ඇමිතවරයා ප‍්‍රමුඛ නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණි අතර එහිදි අදාල පාර්ශවකරුවන් හමුවීමට අමතරව පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින් රජයේ හා දකුණු අප‍්‍රිකානු නියෝජිත පිරිස සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා එතුමා මේ කරුණු සම්බන්ධයෙන් පවත්වනු ලැබූ වැඩමුළුවකට සහභාගිවීම සඳහා සිවිල් සමාජ නියෝජිතයින්ට ආරාධනා කළේය.

ශී‍්‍ර ලංකාවට උපදෙස් ලබා ගැනීමේ අරමුණින් සංචාරය කිරීම සඳහා රජය විසින් සත්‍ය, සාධාරණත්වය, ප‍්‍රකෘතිමත්භාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඞී ග‍්‍රීෆ් මහතාට විශේෂ ආරාධනාවක් කර ඇත. ඔහු මේ මාසය අන්තිමේදි මෙහි ඒමට යෝජනා කර ඇත. තවද, අපි බලා සිටිනුයේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සම්බන්ධව කටයුතු කරන ක‍්‍රියාකාරී කණ්ඩායම් පිළිගැනීමටයි. තවද, අපි බලාපොරොත්තු වන්නේ මහ කොමසාරිස්තුමාට අප රටට ඒමට ඉක්මනින් අවස්ථාවක් ලැබේවායි යන්නයි. මෙම ක‍්‍රියාන්විතයේදී සහයෝගීතාව හා සාකච්ඡුාව මත අවශ්‍යතාවය අනුව විශේෂ බලධාරීන් සඳහාද ආරාධනා කිරීමට අප බලාපොරොත්තු වෙමු.

ගරු සභාපතිතුමනි, ඔබතුමාද දන්නා පරිදි ශ‍්‍රී ලංකාව සියලූ මූලික මානව හිමිකම් ප‍්‍රඥප්තින් සඳහා අත්සන් කර ඇති අතර සම්මුතීන් මත පදනම් වූ යාන්ත‍්‍රණයක් අනුව නැවත වරක් ඉහත ආයතනවලින් ලබා දී ඇති නිර්දේශනයන් පිළිබඳව සලකා බැලීමට අපේක්ෂා කරමු.

රජයේ ක‍්‍රියාදාමය දින 48 පසුකර මුත්, තවත් බොහෝ බාධකයන්ට මුහුණ දී ජයග‍්‍රහණය කරන්නට සිදුවී ඇත. පසුගිය රජයෙන් සිදුවී ඇති අක‍්‍රමිකතා යනාදිය සහ විශේෂයෙන් අන්තවාදීන්, එළඹෙන මැතිවරණයේදී රජයේ ක‍්‍රියාමාර්ග කඩා කප්පල් කිරීමට මාන බලන කොටස් සමහරුන්ට අපේ ක‍්‍රියාදාමය කඩිනම් නැතිවන්නට පුළුවන.

මම විශ්වාසයෙන් මේ අයට පවසන්නේ අපේ දේශපාලන ස්ථාවරත්වය සහ කැපවීම, කිසි විටෙකින්වත් අල්ප මාත‍්‍රයකින්වත් අඩුවී නැති බවයි.

සභාපතිතුමනි,

රජය මේ ඓතිහාසික දිගු ගමනට, එළඹී ඇත්තේ රටේ මිනිසුන්ගේ සිතුම් පැතුම් දැන හඳුනාගෙනය. මම මේ සභාවට කියනුයේ මහ කොමසාරිස් අපගේ ද්වි පාක්ෂික කොටස්කරුවන්, ජාත්‍යන්තර සංවිධාන සහ ශ‍්‍රී ලාංකික ඩයස්පෝරාව සහ අපේ රටේ උන්නතිය බලාපොරොත්තු වන අප තුල විශ්වාසය ඇති, විශ්වාසය තබන, අපට ධෛර්යය ගෙන දෙන අපව ශක්තිමත් කරන අයගේ ආශිර්වාදය පතන බවයි

ස්තූතියි !
*ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීරගේ ප‍්‍රකාශය – 2015 මාර්තු 02 වන දින ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ 28 වැනි සැසි වාරය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    1

    මන්ගල් කියවන බොරු බයිලා ගැන කතා කරන එක කාලය කා දැමීමක්. විධායක බලය ටිකක් හෝ අතහැරීම කල් දමන ක්‍රම වේදයක් සොයා ගැනීමට කැස කවන සිරිසේන ජනාධිපති ගැනයි අපි කතා කරන්න ඔිනෑ.

    තමන් දැන් ශ්‍රිලනිප සභාපති නිසාත් සිරිපාල වැන්නන් තමන්ගෙ මතය සමග සිටින නිසාත් විධායක ජනාධිපති හැන්ද තමන් අත නිසාත් සිරිසේන හිතන්නේ මහින්දට ලැබුන චන්ද ලක්‍ෂ 57.6 ම දැන් ඔහුගේ ගිනුමේ කියාය. සිරිසේන රැවටිලා අැත්තේ විධායක බලයෙන් මත් වී නිසා විය හැක. සිරිසේන කෙසේ වෙතත් සිරිපාල නම් කුඩාකල සිටම රටේ වෙදෙක් බව මම දන්නා නිසා ජාතික අාණ්ඩු මතින් හෝ චන්දය කල් දැමීම ඔවුන්ගේ අැඟට ගුන බව ඔහු නොදන්නා නොවිය හැකි බව මට නම් සැකයක් නැත.

    අය වැයෙන් භාන්ඩාගාරය දන්සැලක් කර අැති නිසා අැම්ඩන් කෙනෙක් වන රනිල් හිතන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපෙට පහසු ජයක් අත්කර ගත හැකි බවය. අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගැනීමට හැක්කේ මනාප ක්‍රමයට තබන ඉක්මන් චන්දයකින් බවත් ඔහු දනී. එ් අනුව මහ මැතිවරණයට ප්‍රථම ජනාධිපති සතු විධායක බලය කොල්ල කා ගැනීම අගමැති රනිල්ගේ වැඩ සටහනේම කොටසක් බව ජයම්පතිලාගේ ව්‍යවස්ථා සංශෝධන ලැයිස්තුවෙන් පැහැදිලිය.

    ජනතාව සිටින්නේ මහින්ද වටාද සිරිසේන වටාද යන්න ශ්‍රිලනිප මංත්‍රිවරු දනී. අප්පච්චි මලා දැන් වල දාන්න ඔිනෑ යයි කිවූ අයත් මහින්ද මහත්තයා සමාවෙන්න යයි ලඟදී කීවේ එනිසා විය යුතුය. නමුත් දින 60 ට විධායක ජනාධිපති බලයෙන් මොලේ කොලොප්පන් කර ගන අැති සිරිසේන චන්ද්‍රිකා සමග එක්වී මහින්දට කැපීම නම් ශ්‍රිලනිප ට භයානක ප්‍රතිඵල අත් කර දී තමන්ද නිකම්ම ජානාධිපති වීමට මග පාදා ගැනිමක් යන්නයි මගෙ අදහස.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.