27 April, 2024

Blog

ප‍්‍රශ්න විසඳීමට​ බලපෑම් කරන්නැයි මෝඩිගෙන් අපි ඉල්ලා සිටිමු: ග්ලොබල් ටැමිල් ෆෝරම්

අවුරුදු 25 කටත් වැඩි කාලයකින් පසු ඉන්දියානු අගමැතිවරයෙකුගේ ද්වි-පාර්ශ්වීය ලංකා සංචාරයක් වශයෙන් සැළකිය හැකි නරේන්ද්‍ර මෝඩි ශ‍්‍රී ලංකාවට පැමිණීම ඉතා වැදගත් අවස්ථාවකි. එම ගමන තුළ ඉන්දියානු අගමැතිවරයා යාපනයේ සංචාරය කිරීමට නියමිතව තිබීමත් ඓතිහාසිකයි. ‘ග්ලොබල් ටැමිල් ෆෝරම්’ සංවිධානය මේ නවතම දිසානතීන් සාදරයෙන් පිළිගනී.

ඉන්දියාවේත්, ලංකාවේත් මෑතකදී සිදුවූ වෙනස්කම් මේ කලාපයේ භූ-දේශපාලනික ගතිකයන් බරපතල වෙනසකට ලක්කොට තිබේ. ඒ අතර, මේ වෙනස්කම් නිසා, දෙමළ ජාතික ගැටළුව සාර්ථකව නිරාකරණය කර ගැනීමේ අවස්ථාවන්ද නිර්මාණය වී තිබේ. එය සාර්ථක වෙතොත්, ඉන්දු-ලංකා ආර්ථික සහ දේශපාලනික සම්බන්ධතා නව යුගයකට සම්ප‍්‍රාප්ත වනු ඇත. ඒ අනුව බලන විට, මෙවැනි තීරණාත්මක මොහොතක ඉන්දීය අගමැති මෝඩිගේ ලංකා සංචාරය, මහා වෙනසක් ඇති කිරීමේ ශක්‍යතාවෙන් අනූනයි.

Maithri Modiදෙමළ ජනතාවගේ ගෞරවය, සමානාත්මතාව සහ සුභසිද්ධිය කෙරෙහි ඉන්දියාව දක්වන බලවත් කැපවීම, ශ‍්‍රී ලංකාවේ සහ ඩයස්පෝරාවේ වෙසෙන සියලූ දමිළයන්ට සැපයෙන යෝධ ශක්තියක උල්පතක් වන්නේය. අවතැන්ව සිටින දෙමළ ජනයා නැවත පදිංචි කැරැුවීම ඉලක්ක කොට ඉන්දියානු රජයේ සහයෝගයෙන් උතුරේ ගොඩනැගෙන නිවාස 50,000 ක් හරහා මූර්තිමත් කෙරෙන ඉන්දීය ක‍්‍රියාකාරී සහභාගීත්වය ගැන අපි ඉන්දියාව කෙරෙහි කෘතඥතා පූර්වක වෙමු. දේශපාලන විසඳුමක් සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව රඟපාන භූමිකාව ද, ‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ හි නොමද ප‍්‍රශංසාවට ලක්වෙයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යටතේ ලංකාවේ නවතමයෙන් බලයට පත්ව සිටින සන්ධාන ආණ්ඩුව සුවිශේෂී එකකි. සියලූ ජන ප‍්‍රජාවන් නියෝජනය කරන සියලූ ප‍්‍රධාන දේශපාලන පක්ෂවල සහයෝගය ඊට හිමිව තිබේ. එම ආණ්ඩුව මේ අවස්ථාවේ සිටින්නේ, සුවිශිෂ්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයකට උරදෙමිනි. අප අදහස් කරන පරිදි, ලංකාවේ දෙමළ ජාතික ප‍්‍රශ්නයට තිරසාර විසඳුමක් ඇති කර ගැනීමට, මෙතරම් අගනා වෙනත් මොහොතක් තිබිය නොහැක. එසේම, එය යථාර්ථයක් කර ගැනීම උදෙසා තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කිරීමට ඉන්දියාව තරම් සමත් විය හැකි තවත් රටක් ඇත්තේද නැත. කෙසේ වෙතත්, කාලය ඉතා වටනේය. මානුෂීය වේවා, දේශපාලනික වේවා, දෙමළ ප‍්‍රශ්න කෙරෙහි නියුක්ත වීම පමාවෙන තරමට පාර කැපෙන්නේ, දැඩි මතධාරී ආකල්ප සෑම අංශයකින්ම ශක්තිමත් වීමටයි. එය, අර්ථවත් ප‍්‍රගතියක් අනාගතයේ ඇති කර ගැනීම තවත් දුෂ්කර කරවනු ඇත.

එම සන්දර්භය තුළ, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව අර්ථවත් පියවර කිහිපයක් වහා ගැනීම අත්‍යාවශ්‍ය වන්නේය. ඒ අතර, උතුරු සහ නැගෙනහිර පළාත්වල පවතින අධිකතර හමුදා මැදිහත්වීම අඩු කිරීම, එම පෙදෙස්වල වෙසෙන ජනතාවගෙන් පැහැර ගන්නා ලද ඉඩකඩම් ආපසු නිසි අයිතිකරුවන්ට ලබාදීම සහ අධිකරණයක් ඉදිරියේ කිසි දවසක චෝදනාවක් ගොනු නොකොට අවුරුදු ගණන් හිරභාරයේ තබාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ප‍්‍රමුඛස්ථානයක් ගනී. ඒ අතරේම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන සමග ක‍්‍රියාකාරී සහයෝගයෙන් යුතුව, යුද අපරාධ, වගවීම සහ සංහිඳියාව පිළිබඳ ප‍්‍රශ්න කෙරෙහි යොමුවන ගමන්, ඡුන්දයෙන් තේරී පත්ව සිටින දෙමළ නියෝජිතයන් සමග සාකච්ඡුා මාර්ගයෙන් ඇති කරගන්නා දේශපාලනික විසඳුමක් පිළිබඳ සැලසුම් පිටපතක් ප‍්‍රකාශයට පත්කිරීමත් වැදගත් වන්නේය. එසේම, යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින උතුරු නැගෙනහිර ජනතාවගේ සහ උඩරට දෙමළ ජනතාවගේ මානුෂික, සමාජ සහ ආර්ථික අවශ්‍යතා කෙරෙහි, විධිමත් ආකාරයකින් සහ කාර්යක්ෂම ආකාරයකින් නිමග්න වීමත් අත්‍යාවශ්‍ය වන්නේය.

ඉහත දක්වන ලද ප‍්‍රශ්න කෙරෙහි නියුක්ත වන ලෙස ශ‍්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි බලපෑම් කරන්නැයි ඉන්දීය අගමැති මෝඩිගෙන් අපි නිහතමානීව ඉල්ලා සිටිමු. මන්ද යත්, ඒ හරහා සාධනීය වටපිටාවක් ගොඩනැගීමටත්, ශ‍්‍රී ලංකාවේ මෙන්ම ඩයස්පෝරාවේ වෙසෙන දෙමළ ජනතාව තුළ විශ්වාසය ගොඩනැගීමටත් හැකි වන බැවිනි. මේ සියල්ල යථාර්ථයක් කර ගැනීම සඳහා, ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ආණ්ඩුව ඇතුළු සියලූ පාර්ශ්වකරුවන් සමග සහයෝගයෙන් යුතුව, හිතකර කාර්ය භාරයකට උරදීමට ‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ මුළුමණින් කැප වන බව මෙයින් දන්වා සිටිනු කැමැත්තෙමු.

*2015 මාර්තු 12 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ, ‘ග්ලොබල් ටැමිල් ෆෝරම්’ සංවිධානය නිකුත් කළ Sirisena Has All Party Support; Modi Should Build Confidence Among Tamils: GTF නැමැති ප‍්‍රකාශනයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    සිරිසේන ජනාධිපති වූ විගස ව්‍යවස්ථා විරෝදීව බලහත්කාරය යොදවල මංත්‍රි සුලුතරය ලවා ‘යහපාලන’ රෙජිමයක් පිහිටෙව්වා. අපි දැක්ක එ් සුලුතර රෙජිමයෙ විදේශ අැමති (අව-මංගල) ඉන්දියාවට ගිහිල්ල කියල කියනවා නව රජයට දේශපාලන ‘විල්’ එකක් (අධිෂ්ඨානයක්) තියනව කියල. උතුරෙන් හමුදාව අයින් කරගන්න ලැහැස්තියි, යුද්ධය අවසාන කාලෙ වෙච්ච සිදූවීම් පරීක්‍ෂා කරන්න එ.ජාතින්ගෙ සහය ගන්න ලැහැස්තියි කියල කිව්ව. එපමනක් නොවෙයි ටිඑන්එ් සමග විසදුමකට ලැහැස්තිය කියලත් කිව්ව. ඊලඟට රනිල් පාර්ලිමේන්තුවෙදි කියනවා ‘එ්කීය ලංකාවක් යටතෙ 13A සංශෝධනයෙ සියලු බලතල දෙනව’ කියල.

    දැන් මොඩි අගමැති තුමා ශ්‍රි ලංකාවට අැවිල්ල අපේ පාර්ලිමේන්තුවෙදි කියනවා එයා අවුරුදු 13ක් ගුජරාටයෙ මහ අැමති වෙලා හිටිය ගුජරාටය දියුනු කලා එනිසා එයා දන්නවා උපරිම බලය බෙදා හැරිම ඉන්දියාවෙ ප්‍රාන්ත වලට අවශ්‍යයයි කියල. මිලියන 1350 ක් ජනගහනය ඉන්න සහ බොහෝ ප්‍රාන්ත ලංකාව මෙන් කිහිප ගුනයක් විශාල සහ සුලු නගරයක් උවත් ලංකාවෙ උතුරු පලාත් සභාවට වඩා විශාල ඉන්දියාවෙ ක්‍රමයට ලංකාවෙත් උපරිම බලය පලාත් සභා වලට බෙදුවහම එ් කියන්නෙ 13A ත් දීල ‘ඊට එහා ගිය විසඳුමක්’ දුන්නහම රට එක්සත් වෙනව කියල මොඩි ලවා අපට උපදෙස් දෙනව.

    මෝඩි කියන “ඊට එහා ගිය විසඳුම” මොකක්ද? ටිඑන්එ් එක එල්ටීටීඊ එකේ ප්‍රොක්සිය ව සිටි බව තහවුරු කරන්න ඔිනැ නැහැනෙ. අද ඩයිඅෑස්පෝරාව එල්ටීටීඊ එකේ දේශපාලන න්‍යාය පත්‍රය එල්ටීටීඊ ක්‍රමයටම ටීඑන්එ් එක ලවා ඉදිරියට ගෙන යන බව පැහැදිලියි. ඩයිඅෑස්පෝරාවෙ දේශපාලන ‘විල්’ එකේ කෙලවර නම් රනිල් කියන 13A නෙවෙයි. ජනවාරි 23 වනදා පල කල ටැමිල් නෙට් එකේ “Investigating ‘root cause’ of injustice to Eezham Tamils” ලිපියෙන් කියන්නේ ලංකාවේ සහ ඩයිඅෑස්පෝරාවෙ ‘විල්’ එක ‘ස්වයන් තීරනය’ ගැනීම සඳහා ජනමතවිචාරණයක් තැබිය යුතුය යන්න බව පැහැදිලියි. ‘ස්වයන් තීරනයෙ’ අවසානය ඊලම බවත් පැහැදිලියි.

    මහ ජාතියට නැති කිසිම ප්‍රශ්නයක් ශ්‍රි ලංකාවෙ සුළු ජාතිකයින්ට සුළු ජාතිකයින් වීම නිසා නැහැ කියල දැන් වසර ගනනාවක ඉඳල නලින් ද සිල්ව ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කරනවා. එ් ගැන ඔනෑම කෙනෙක් සමග ප්‍රසිද්ධ විවාදයකට ලැහැස්ති බවත් එතුමා දිගින් දිගටම ප්‍රසිද්ධියෙ කියනවා. නමුත් අද වන තෙක් කවුරුවත් එ් අභියෝගය බාර අරගෙන නැහැ. රටේ නැති ප්‍රශ්නයක් මොඩි කියන විදියට 13A +++ දීල විසඳන්න ගිහිල්ල රනිල්/සිරිසේන ‘යහපාලනය’ අපට මොන මොන ප්‍රශ්න ඉදිරිහේදි අැති කරයි ද කියන එක ගැනයි අපිට තියන ප්‍රශ්ණය. පැහැදිලිවම ඔය එන්නෙ බටහිරයන් ඉන්දියාවත් එක්ක එකතුවෙලා ජනාධිපතිවරනයට දියත් කරපු කුමන්ත්‍රණයෙ ප්‍රතිඵල වල අරම්භයයි. හැකි ඉක්මනින් රනිල්/චන්ද්‍රිකා/සිරිසේන විජාතික ගැති සුළුතර රෙජිමය පලවා හැරිය යුතුයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.